කාලෙකට පස්සේ ක්ෂණික නූඩ්ල්ස් වගේ පොඩි කතා 2 ක් 3 ක් කියන්න හිතුවේ. කලින් කියපු ටිකකුත් ඇති. ක්ෂණික නූඩ්ල්ස් වගේ කියලා කිව්වේ ඉතාමත් ඉක්මණින් කියවලා ඉවර කරන්න පුලුවන් වෙන කතා නිසා. රස තේරුණොත් හොඳයි නැත්නම් දුක තමා :(
-------------------------------------------------------------------------------------------------
මුල්ම කතාව මෙන්න. මම සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවාවල යන මහජනයෙක් නේ :) මගේ හොඳ හොඳ බස් කතා කීපයක් ගැන කලින් කට්ටිය කියවලා ඇති. මේ ලඟදී දවසක් මම කිරිබත්ගොඩින් ගෙදර යන්න 234 දෙල්ගොඩ පිටකොටුව බස් එකක නැග්ගා.
මම සාමාන්‍යයෙන් බස් එකට නඟින්නේ ඉස්සරහ දොරෙන්. මොකද පිටිපස්සේ දොරෙන් නැග්ගොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ කොන්දා කෑ ගහනවානේ ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියලා. ඒ වගේම බස් එකට හුඟාක් අය නඟින්නේ පිටිපස්සේ දොරෙන් නිසා ඉස්සරහ කොහොමත් ටිකක් ඉඩ තියෙනවා.
ඔන්න ඉතින් කිරිබත්ගොඩින් load එකත් අරන් බස් එක පිටත් වුණා. බස් එකේ එච්චර සෙනඟක් හිටියෙත් නැහැ. ඉස්කෝලේ ඇඳුමකින් හිටිය හෙණම නසරානි පෙනුමක් තියෙන කොල්ලෙක් පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තර කොල්ලා හිටියේ බස් එකේ ඉස්සරහ.
Man ට driver කිව්වා "අර පිටිපස්සේ දොරේ ඉස්කෝලේ යන ළමයෙක් එල්ලිලා යනවා, එයාට උඩට නඟින්න කියන්න" කියලා.
ඉතින් කොන්දොස්තර කිව්වා කෑ ගහලා "ඔය පිටි පස්සේ footboard එකේ ඉන්න ඉස්කෝලේ යන මල්ලී උඩට නඟින්න" කියලා. මේ නසරාණි කොල්ලා කිසිම ගාණක් නැතිව ඔහේ ඉන්නවා බුවාට නෙමෙයි වගේ.
කොන්දොස්තර ටික වෙලාවකින් ආයි පාරක් කිව්වා. මේ නසරාණි කොල්ල නෙමෙයි තඹ සතේකට ඒක මායිම් කළේ. හොඳට පිටිපස්සේ දොරේ එල්ලිලා යනවා. කොන්දොස්තරට මළ උපරිමෙන්ම පැන්නා.
පොර මුළු බස් එකටම ඇහෙන්න කෑ ගහලා කිව්වා " ඔය පිටිපස්සේ දොරේ එල්ලිලා යන චිම්පන්සි මල්ලී උඩට නඟින්න" කියලා.
බස් එකේ ඔක්කොම පිටිපස්ස හැරිලා බලන්න ගත්තා. නසරාණි කොල්ලාටත් වස නෝන්ඩිය. එයා එයාට නෙමෙයි වගේ ෂේප් එකේ උඩට නැග්ගා.

මෙන්න දෙවෙනි කතාව. මම අපේ ඉස්කෝලෙන් කරපු අසෙනිය කුසුම -2010 බලන්න ගියා කියලා කට්ටිය දන්නවා ඇතිනේ. ඒකේ photos එහෙම බලන්න කැමති අය ඉන්නවා නම් මෙතන කොටන්න.
ඉතින් කාලෙකින් හම්බුණු යාලුවොත් එක්ක අනම් මනම් කියෝ කියෝ ඉද්දී අපේ මාතෘකාව වුණේ පොත් පත් ගැන.
එකෙක්ගේ කටින් කියවුණා "මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා පොත් කොහොමද ? ඒකේ ඉන්න නොරිකෝ සං දෙවෙන්දරා සං අන්න අන්න නියම චරිත. නියම කතාවක් බන් " කියලා.
මේක අහගෙන හිටපු තව එකෙක් කියනවා "මචං ඔය පොත ලිව්වේ ගීද මෝපසාං නේද ?" කියලා :))
Man හිතලා තියෙන්නේ පොතේ ඉන්න අයගේ නමුත් සං සං කියලා ඉවර වෙන නිසා පොත ලියන්න ඇත්තේ ගීද මෝපසාං කියලා.

මෙන්න තුන්වෙනි කතාව. මම දවසක් ගමනක් යන්න ඇඳුම් මදින ගමන් අපේ අම්මත් එක්ක පොඩි කතාවකට එකතු වුණා. ඇත්තටම මම හැමතිස්සේම වගේ කොහේ කොහේ හරි යන නිසා ඔය වගේ වෙලාවල්වලට තමා අම්මා මාත් එක්ක කතා කරන්න එන්නේ.
ඉතින් අම්මලාගේ ඉස්කෝලේ Netball team එක චෙන්නායි යනවා එහේ tournament එකකට. ඉතින් නවාතැන් පහසුකම්වල මොකක්ද හුටපටයක්ලු.
ඒක නිසා අම්මා මගෙන් ඇහුවා "පොඩි පුතේ ඔයා දන්න ඉන්දියාවේ ඉන්න යාළුවෝ කවුරුත් නැද්ද ?" කියලා. අම්මා එහෙම කිව්වේ මට ඉතින් මූණුපොතේද අර පොතේද මේ පොතේද ආදී වශයෙන් හුඟා........ක් තැන්වල යාළු මිත්‍රාදීන් ඉන්න නිසා.
ඉතින් මාත් අම්මා ඇහුව එකට උත්තරේ හැටියට කිව්වා "ඔව් ඔව් හොඳ යාළුවෙක් ඉන්නවා" කියලා.
එතකොට අම්මා ඇහුවා "එහෙමනම් එයාගෙන් උදව්වක් කාරියේ ගන්න පුලුවන් වෙයි නේද ?" කියලා.
මම කිව්වා "පුලුවන් වෙයි, බලමුකෝ" කියලා.
අන්තිමට අම්මා ඇහුවා "කවුද ඔය යාළුවා ?" කියලා.
මම හිනාවෙවීම උත්තර දුන්නා "ෂාරුක් ඛාන්" කියලා :))
ඒ පාර අම්මත් හිනාවෙවීම කිව්වා "කෝලම් :))" කියලා

මෙන්න හතරවෙනි කතාව. මට හිතිච්ච එකක් තමා මට ඉන්න සමහර යාළුවෝ ඉංග්‍රීසි සිංහල පටලගෙන ඉන්න පොරවල්. මතකනේ දවසක් මම කිව්වා චීන phone කතාවක්. මේකත් ඒ වගේ කතාවක්.
දවසක් අපි යාළුවෝ set එක කියව කියවා ඉද්දී දැන් කසාදයක් කාරියේ කරගෙන ඉන්න අපේ යාළුවෙක් ගැන කතා කරද්දී මම කිව්වා "ඉතින් man ශිෂ්‍ය භටයා නේ"කියලා.
ඕක අහන් ඉදපු එකෙක් කියනවා මට "උඹට පිස්සුද බන් ඌ කොහෙද ශිෂ්‍ය භට කළේ, ඌ කළේ Cadeting නේ. ඌ Cadet Team එකේ Captain නේ" කියලා.
ටික වෙලාවකින් එයාටම click වුණා ශිෂ්‍ය භට කියන්නේ ඉංග්‍රීසියෙන් cadeting කියලත්, Cadet Team නැති බවත් තියෙන්නේ Cadet Platoon බවත් ඒ වගේම ඒකේ Captain කෙනෙක් නැහැ ඉන්නේ Sergeant කෙනෙක් කියලත් :))
------------------------------------------------------------------------------------------------
මේ පස්වෙනි කතාව හෙවත් අන්තිම කතාව :) අපි කොල්ලෝ set එක අපේ එකෙක්ගේ තාත්තා නැතිවෙලා අවුරුද්දේ දානේ පිංකමට ගියා. ඉතින් ඒකට කලින් ඉදන්ම ගෙවල් දොරවල් අස්පස් කිරීමේ ඉදන් සියළු කටයුතුවලට ශ්‍රම දායකත්වය දුන්නේ අපේ set එක.
අන්තිමට ඉතින් හාමුදුරුවෝ දානේ අරන් පන්සලට වැඩියාට පස්සේ ඉතුරු වුණු දානේ බඩවල්වලට අස්පස් කරන එකත් අපේ කාණ්ඩේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් භාරගත්තා :))
අපිත් එක්ක ඉන්න සිරා කොල්ලෙක් ඉන්නවා පොරට තියෙන අවුල තමා හිටපු ගමන් ඔය එක එක බඩුවලට කියන නම් මාරුවෙනවා. ඉතින් ඔය දානමය පිංකමේදී කරපු සිරාම විඳිල්ල තමා
දානෙට වැඩිය හාමුදුරුවරු බුලත් කෙළ ගහලා තිබ්බ පඩික්කම් වගේකට අත දික්කරලා මහ හයියෙන් හැමෝටම ඇහෙන්න "මතක් කරලා මේ හෙප්පු ටිකත් හෝදලා පන්සලට ගිහින් දෙන්න. නැත්නම් ආයි දානේ ගේකට පන්සලෙන් හෙප්පු ගේන්න නෙමෙයි" කියන එක :))

පඩික්කමක පින්තූරයක් හෙව්වා හෙව්වා හම්බුණේ නැහැ. කට්ටිය පඩික්කම කියන එක දැකලා නේද තියෙන්නේ ?
හි,, හි,, මරු මරු,,,,,
ReplyDeleteInstant කිව්වට බන් අයියෙ මාර දියයි නොවැ :D
ReplyDeleteමෙහ් ඔයාල කට්ටිය සෙට් උනාම පොත් ගැන කතා විතරමද තියෙන්නෙ?oO
hi...hi.... niyama katha tika, MALAUNGE AURUDUDA & MALAGIYA ATHTHO kiyanne mama aasawen kiyawapu poth dekak .
ReplyDeletesashi
එළ කොල්ලෝ එළ...
ReplyDeleteපොඩි උනාට කතා ටික මාර රහයි මල්ලි. සරච්චන්ද්‍ර මහත්තයට දෙවෙනි කතාව ඇහුන නම් අර මැරයො අතින් ගුටි කෑව එක ගැන මුකුත් හිතන එකක් නෑ.
ReplyDeleteඔය කතාව දැක්කම මට මතක් වුනේ මම අහල තියෙන මීට සමාන කතාවක්.
දවසක් යාළුවො දෙන්නෙක් කතා කර කර ඉන්නවලු. එක යාළුවෙක් පදම ඉක්මවා යෑම නිසා තමන්ගෙ වැඩ පෙන්නන්න හිතාගෙන ලංකාවේ චිත්‍ර ගැන මේ විදිහට කියන්න ගත්තලු.
"මචං අර කැළණි විහාරේ චිත්‍ර ඇදපු දුලිප් මෙන්ඩිස් වගේ කලාකරුවො තමයි නියම මිනිස්සු."
onna mama Comment eka methana danna beri hinda msg ekak ewala ethi....
ReplyDeleteDanno danithiiii
liyapang liyapang digatama.....api kiyawanne nag neee...lolzzz
GW
මල්ලි අර සාජන් කියන එකේ ඉංග්‍රීසි වචනෙ දැම්මෙ නැත්තෙ ඇයි.......
ReplyDeleteකතා ටික මැක්සා.....
එළ කතා ටික හසියෝ . . .
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteInstant උනාට Superb... :D
ReplyDeleteෆට්ට ක්ෂනික කතා ටික :D
ReplyDeleteසිරාවටම එළ කතා ටික . . .
ReplyDeleteමේක මම පොඩ්ඩක් වත් කියෙව්වෙ නෑ! මාර බිසි. මම හේක කියවන්න ඉන්නෙ අනිද්දා
ReplyDeleteඑළ කතා ටික...තව instant කතා ටිකක් දාන්න...
ReplyDeleteකතා සෙට් එක මාරම ගති .කියවලා ඉවර වෙනකම්ම මූනේ මගේ හිනාවක් තිබුනු බව මටම තේරුනා ..
ReplyDeleteඅර ෂාරුක්ගේ කතාව නම් සිරා ...මට හිනාවෙන්න තියනවනම් කන්න ඕනෙත් නෑ..මට මෙහේ අල්ලලා ගියා දැං ඉතිං මෙහේ නෑවිත් බැරිවෙයි මට
ජයවේවා !!
මරු කතා ටික.......
ReplyDeleteදිගටම ලියන්න..!!
එළකිරි කතා ටික මචෝ!
ReplyDeleteමල්ලි අර මෝපසාංද කියල ඇහුවෙ වීරවන්ස ( කොන්ඩම්) මැතිතුමා නේ?
ReplyDelete@හරී - පිණිපළස
ReplyDeleteඔන්න ඔන්න ඉතින් හරි අක්කා මරුද කියලත් අහනවා, මරේ මරු :))
@Hasitha ජයසූරිය
ReplyDeleteඒකත් ඇත්ත තමා මලේ. ඒත් මෙතන හිනාව කියන එක එන්නේ ක්ෂණිකව නේ. ඒ විදිහට ගමු එහෙමනම්.
අපේ කොල්ලෝ ටික සෙට් වුණාම ඉතින් රාජ කතා, චෝර කතා, වීර කතා, ප්‍රේම කතා, ගොන් කතා, ෆන් කතා ආදී වශයෙන් එකී මෙකී නොකී කතා ඔක්කොම වගේ කරනවා. මේක එකක් විතරයි :))
@Sashi
ReplyDeleteමාත් ඒ පොත් දෙකට හරි ආසයි. ගීද මෝපසාං නේ ඒක ලිව්වේ ඒක නිසා තවත් කැමතියි :))
මේවා අහන්න සරත්චන්ද්‍ර මහත්තයා නොහිටිය එකමයි හොඳ :))
@මාරයාගේ හෝරාව
ReplyDeleteඅපේ මාර බණකතාකාරයාත් ඇවිත් නොවැ. සන්තෝෂයි සන්තෝෂයි :)
@ලකී වික්‍රමසිංහ
ReplyDeleteතැන්කු වේවා අයියා කමෙන්ට් එකට :) දුලිප් මෙන්ඩිසුත් හරි වැඩකාරයෙක් නේ බලාගෙන ගියාම :)) ඒ කතාවත් නියමයි අයියා.
අහ් මම මේ වාගේ නම් පැටලිලි කතාවත් ඉස්සරම කියලා තියෙනවා. මේ තියෙන්නේ.
http://aagiyakatha.blogspot.com/2010/03/blog-post_5981.html
සරත්චන්ද්‍ර මහත්තයා ගුටි කාපු කතාව මොකක්ද අයියේ ? මම ඒක අහලා නැහැ
@GW
ReplyDeleteමේ මහතාගේ කාරුණික ප්‍රතිචාරයට මම මහතාගේ කාරුණික ප්‍රතිචාරය මැනවින් මුහුණු පොතේදී දැක්වූයෙමි යැයි විශ්වාස කරමි :)
@අභීත
ReplyDeleteහරි අභී අයියා ඒක හැදුවා. තැන්කු වේවා අදහසට.
සාජන් කිව්වාම තමා මතක් වුණේ හින්දියෙන් පෙම්වතාට කියන්නෙත් සාජන් කියලනේ :)
@දුමී
ReplyDeleteතැන්කු වේවා දුමී අයියා :)
@හසී
ReplyDeleteදැන් කාලේ එහෙම තමයි අක්කේ. Instant ඒවා තමා trend එක.
පැය ගණන් කතා කිය කිය ඉන්නවත් අහ අහ ඉන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නැහැනේ. ඒත් ඉතින් වෙලාවක් නැහැ කිව්වාට අනිත් පැත්තට ඇති වැඩකුත් නැහැනේ :))
@පසන් Sid
ReplyDeleteඒක සැබැයි සැබැයි සැබැයි. හරිම ෆට්ටයි :))
@Pasan Buddhika
ReplyDeleteවිශේෂණ පද දෙකයි :)) සිරා, එළ. කමෙන්ට් එකත් සිරාම එළ :)
@බුද්ධි
ReplyDeleteකිසි පුස්නයක් නැහැ චූටි මහත්තයා. හිනායනවා නම් නිස්කලන්කේ එපැයැ හිනාවෙන්න :)) බිසී වුණාම ඕවා පුලුවන්ද ?
@නිර්මල
ReplyDeleteතැන්කු වේවා මිත්‍රයා. තව කතා ටිකක් තියෙනවා. දාන්නම්කෝ ඉස්සරහට :)
@හිස් අහස
ReplyDeleteඑහෙමනම් වැඩේ හරි වගේ. සතුටුයි තවත් සාමාජිකයෙක් සෙට් වුණු එක ගැන.
හැබැයි ඉතින් ඉඳුම් හිටුම් විතරයි කෑම පිට කොහෙන් හරි හොයාගන්න සඳරු ලොක්කා :))
@charmi
ReplyDeleteතැන්කු වේවා අයියා. ලියන්නම් ලියන්නම් තව කතා ටිකක් ලියන්නම් :))
@blog gadol
ReplyDeleteබ්ලොග් ගඩොල්වරුන්ට මාගේ ප්‍රණාමය :)
@ඉන්දික උපශාන්ත
ReplyDelete"වීරවන්ස ( කොන්ඩම්) මැතිතුමා " මේකද මෙයාගේ අළුත් කාඩ් එක අයියා???
වීරවංස මහත්තයාගේ කතාව නම් මම අහලා තියෙන විදිහට මෙහෙමයි. අර්නස්ට් හෙමිංවේ ලියපු මහල්ලා සහ මුහුද පොත ලිව්වේ ගීද මෝපසාං කියලා වීරවංස කිව්වලු දවසක් :))
look at this!
ReplyDeleteHe's holding a banner saying "we condem"
http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=3721:2010-12-03-07-26-07&catid=1:latest-news&Itemid=269
@ඉන්දික උපශාන්ත
ReplyDeleteCondem කියලා word එකක් නැහැ නේද ? තියෙන්නේ condemn කියලා නේද ?
අනේ මන්දා මෙයා ගැන නම මට තියෙන්නේ හරිම අප්‍රසන්න හැඟීමක් :(
කතා ටික රසවත්... හැබැයි හමුවන හැම විටම මළවුන් ගැන කතා ෙනාකර එ්වා දාෙන් ෙගවල්වල කතා කරන්න... අර ෙකාන්ෙදාස්තර හමු වුෙනාත් කාරිය 'වඳුරා' කියන වච ෙන් උගන්වන්න... ජය ෙව්වා !!!
ReplyDeleteවිපුල සුමනෙස්කර
@Vipula Sumanasekara
ReplyDeleteස්තුතියි ඔබට. හැමදාම ප්‍රතිචාර නොදැක්වුවත් මීට කලිනුත් තිබුණු ඔබේ ප්‍රතිචාරයක් නිසා ලොකු දෙයක් මම තේරුම් ගත්තා.
නැවත වරක් ස්තුතියි :)
බැරිද ශාරුක්ට කියල මටත් සීන් එකක් ඉල්ලල දෙන්න.
ReplyDeleteඅපරාදෙ කතා ටික පෝස්ට් කීපයක දාන්න තිබුනා. ඔයාගෙ instant noodles අපේ බත් ඉදෙන්න යන කාලෙ වගේ නේද. :P
ReplyDeletelol
ReplyDelete@Praසන්ன
ReplyDeleteමම ෂාරුක්ව හොඳට අඳුනනවා වුණාට ෂාරුක් මාව අඳුනන්නේ නැහැනේ................ :))
@පිණිබිඳු...
ReplyDeleteමටත් මුලින් එහෙම හිතුණා. ඒත් මේවා ඔක්කොම පොඩි පොඩි කතානේ. එතකොට මේවා පෝස්ට්ස් කීපෙකට දානවා නම් මේ හැම කතාවක්ම ටික ටික දික් කරන්න තාර බර හුඟාක් වැඩි කරන්න වෙනවා. එතකොට වැඩක් නැහැනේ.
කතාව දිග වුණාට ඉතින් හිනාවෙන්නේ ක්ෂණිකවනේ :))
@රත්නේ
ReplyDelete:))
ආර්තල්..
ReplyDelete@Anonymous
ReplyDeleteතැන්කු වේවා :)) නමත් දාලා තිබ්බ නම් තවත් හොඳා නේ
@Hasithaඒ කතාව ඓතිහාසික එකක් නිසා ටිකක් පරණ තොරතුරු මතකය අළුත් කරගෙනම කියන්නම්කෝ. මගේ බ්ලොග් එකට ඇවිත් කියවන්න.
ReplyDeleteප.ලි : මල්ලි මම අයියෙක් නෙවෙයි. මම මේ සයිබර් අවකාශයේදී මගේ මිතුරු මිතුරියන් අතර වඩාත්ම ප්‍රචලිත නම පාවිච්චි කරනවා විතරයි. (සයිබර් අවකාශයේදි මුහුණට මුහුණ හමු වීමක් නැති නිසා මේ නම පසු කාලීනව මං ගැන වැරදි චිත්‍රයක් ඇති වෙනවාට මම කැමති නෑ.මම ඊයේ කියවපු බ්ලොග් සටහනක් නිසා මම ඉන්නේ ගොඩක් සසල වෙලා.)
@ලකී වික්‍රමසිංහ
ReplyDeleteමොකක්ද වුණු ගැටළුව ?? කැමති නම් කියන්න පුලුවන් උදව්වක් දෙන්නම්. මෙතන කියන්න බැරි නම් මට මේල් එකක් දාන්න
hachagu@gmail.com