Thursday, May 20, 2010

බස් [Bus] කතා බස්

මේ කතාවට අදාල සිද්ධීන් වුණේ සඳුදා. ඒත් ඊට පස්සේ internet පැත්තේ එන්න බැරිවුණා modem එක පිච්චිලා. ඉතින් මේක අද තමයි දාන්න වුණේ.

සඳුදා උදේ ඉදන් හොඳටම වැස්ස. ඒක නිසා පෙළක් towns එහෙම වතුරෙන් යටවෙලා කියලා ආරංචි ආවා. කොහොමින් කොහොම හරි හැන්දෑවේ lectures එහෙමත් තිබ්බේ නැහැ.


ඉතින් මම Gym Canteen එක පැත්තේ ගිහින් කට්ටිය එක්ක කියෝ කියෝ ඉදලා ගෙදර යන්න බස් හෝල්ට් එකට එද්දී 5 ට විතර ඇති. පාරේ දිග වාහන පෝලිමක් කිරිබත්ගොඩ පැත්තට. කිරිබත්ගොඩත් වතුරෙන් යටවෙලා කියලා තමා කට්ටිය කතා කරනවා ඇහුණේ. ඉතින් මාත් අපේ ගෙවල් පැත්තට යන 234 දෙල්ගොඩ-පිටකොටුව අපේ ආදරණීය bus එකක් [වෙන නැත්නම්] එනකම් ඇස් දල්වා ගෙන බලන් හිටියා :))

මම කලින් කිව්වේ වාහන පෝලිමක් තිබ්බා කියලා. වාහන යන්නේ නැහැ ඇවිදිනවා වගේ මාර හිමින් තමා ඉස්සරහට යන්නේ. ඔයින් මෙයින් 5.45 විතර වගේ 234 අපේ ආදරණීය bus එකක් ඈත එනවා දැක්කහම මට දුවලා ගිහින් bus එක බදාගන්න හිතුණා.[මොකද 234 bus නැත්නම් මට කිලෝ මීටර 3 ක් විතර පයින් යෑමක් තියෙන නිසා]

ඉතින් bus එකේ කට මට්ටම් වෙන්න සෙනඟ. අර කතාවට කියන්නේ ඇඟිල්ලක් ගහන්න තරම්වත් ඉඩක් නැහැ කියලා. ආන් ඒ වගේ. එහෙම කියලා ඒ bus එකට යන්න ඇරලා හිටියොත් වෙන bus ආවේ නැත්නම් මට කිලෝ මීටර 3 ක් විතර සාම පා ගමන් යන්න බැහැනේ. මමත් දන්න ශිල්ප දාලා bus එකේ ඉස්සරහා දොරෙන් එල්ලුණා.

මෙතැන ඉදන් තමා bus එකේ විනෝද සමය පටන් ගන්නේ. ඉතින් මම ටිකක් වෙලා bus එකේ foot board එකේ ගිහින් අමාරුවෙන් bus එකේ ඇතුළට රිංග ගෙන engine එක හරියට හේත්තු වුණා. මොකද වාහන පෝලිම නිසා bus එක ඉබ්බෙක් ඇවිදිනවාටත් වඩා හිමින් යන්නේ. bus එක ඇතුලේ හදිසි පාන් ඕඩරයක් දාන්න ඉක්මණට රත් කරන පාන් පෝරණුවක් වගෙයි. හුළං ටිකක් වැදෙන්නත් එක්ක තමා මම එතැනට වුණේ.

bus එක හිමින් හිමින් ගාට ගාට යද්දී campus හෝල්ට් එකට පස්සේ හෝල්ට් එකෙන් girl කෙනෙක් bus එකට නැග්ගා. මට එයාව දැකලා පුරුදුයි. ඉතින් මම මගේ history එක search කරන් යද්දී එක පාරටම click වුණා අද උදේ මම Gym canteen එකට යද්දී මම අඳුරන girl කෙනෙක් එක්ක මෙයත් table එකක වාඩිවෙලා හිටියා නේද කියලා. එයත් එක්ක chat එකක් දාන්න හිතුණත් මේ රස්නෙත් එක්ක ඕවා බැහැ කියලා පස්සේ මම හිතුවා. ඒ වෙලාවේ මූණෙන් අතින් පයින් දිය ඇල්ලකින් ගලනවාටත් වඩා වැඩියෙන් දාඩිය ගලනවා.

අන්තිමට ඉතින් හිමින් හිමින් ඇවිත් bus එක කිරිබත්ගොඩ ඊරියවැටිය හෝල්ට් එකට ආවා.

කොන්දොස්තර [මින් ඉදිරියට එම පදයේ වචන කීපයක් ලොප් කර කොන්දා ලෙස දක්වන බව කරුණාවෙන් දන්වමි.] කෑ ගහනවා "කිරිබත්ගොඩ බහින්න කිරිබත්ගොඩ බහින්න" කියලා.

ඉතින් කට්ටිය බහින්න එද්දී කාගෙදෝ කකුලක් පෑගිලා එතැන ගෝරියක්. පස්සේ බහින්න හිටපු කට්ටිය බැස්සට පස්සේ බිම හිටපු කට්ටියට ඇතුළට යන්න බැහැ තව කට්ටියක් දොර ගාව නතරවෙලා.

කොන්දා කෑ ගහන්න ගත්තා "මේ ගොල්ලෝ මොන්ටිසෝරි බබාලා වගේනේ. කවුරු හරි ඇවිත් කියන්න ඕනේද ඇතුළට යන්න" කියලා කට්ටිය ඇතුලට ඔබන්න ගත්තා.

"ඔය bag එකේ අතේ තියන් ඉන්න මල්ලී bag එක කාට හරි දෙන්න. ඔය කොළ පාට T Shirt එක දාන් ඉන්න මල්ලී තව ටිකක් ඇතුළට යන්න. ඔය නිල් පාට සාරිය ඇඳන් ඉන්න මැඩම්ට පස්සට යන්න බැරි නම් යන අයට යන්න දෙන්න" ආදී වශයෙන් කියලා කොහොම හරි කට්ටියව pack කරගත්තා.

ඊට පස්සේ ඉතින් bus එක stand එකට දාන්න හරවන්න ඉන්න වුණා ටික වෙලාවක්. ඉස්සරහින් තිබ්බ car එක drive කරපු man හරවන්නේ නැතිව බලන් ඉන්නවා.

bus එකේ driverට මල පැනල බනිනවා "බූරුවහන්සේලා වාහනයක් හරවගන්න දන්නේ නැහැ. වාහන 3 ක් විතර හරවන වෙලාව මේ" කියලා.

පස්සේ bus එකේ දකුණු පැත්තේ පාර [ stand එකට යන පාර] හිස්වුණු ගමන් driver bus එක හැරෙව්වා. එතකොට තමා ඉස්සරහ හිටිය car එකේ මහත්තයාත් :) car එක හැරෙව්වේ. bus එක stand එකට ඇවිත් එතන හිටිය අයත් දාගෙන ආයි පාරට දාගත්තා.


දැන් තමයි හොඳම හරිය. කිරිබත්ගොඩ පොලිසිය, Udeshi City එක හරියේ ඇළක් ගලනවා ඒක උතුරලා අඩි 3 ක් විතර උසට වතුර. Car වලටත් යන්න අමාරුයි. Motor Bikes එහෙම තල්ලු කරන් යන්නේ. බස් සහ ලොරිවලට විතරයි අවුලක් නැත්තේ.

bus එක හිමින් හිමින් යද්දී ඉස්සරහ car එකක් නවත්තගෙන ඉන්නවා. පස්සේ වතුර මට්ට්ම වැඩි නිසාද කොහෙදෝ car එකේ driver car එක හරවන්න යනවා. ඒකත් ඉතින් හිමින් හිමින් වෙන්නේ.

bus එකේ driver ට මල පැනලා car එකේ driver ට බණිනවා "මුන්ගේ අම්මලාට හැ....." ආදී වශයෙන්.

ඒ අස්සේ bus එකේ මැද හරියේ ඉන්න පොරක් bell එක ගහනවා.

ඒකට බස් එකේ driver ට තව මළ පැනලා "ඕන් මහත්තයෝ මම seat එකෙන් අයින් වුණා. bell එක ගහන හදිස්සිකාරයා ඇවිත් bus එක අරන් යන්න" කියලා seat එකෙන් නැගිටලා පිටිපස්ස බලලා වාඩිවුණා. ඒකෙන් bell එක ගහපු man cool වුණා.

ඒ අස්සේම bus එකේ කොන්දා ඉස්සරහට ඇවිත් සල්ලි ගන්න පේන්නේ නැතිව driverට කිව්වා "අයියේ, ඉස්සරහ light එක දාන්න" කියලා.

එතකොට driver කිව්වා " ආ උඹට මතක් වෙනකම් තමා මාත් හිටියේ. පිටකොටුවේදී කට කැඩෙනකම් මම කිව්වා මේකට light එකක් ගෙනත් දාපන් කියලා. ඒක ගාණකට ගත්තේ නැහැ. දැන් ඔහොම හිටහන්" කියලා. අපිට ඉතින් හිනා :)

අන්තිමට වතුර හොඳටම පිරිලා තියෙන හරියට ආපුවාම එකපාරටම bus එක slow වුණා. ටිකක් වෙලා ගිහින් driver කියනවා "ක්ලච් එකට වතුර ගිහින්ද කොහොදො පෑගුවාට වැඩ නැහැ" කියලා.

මලා මම හිතුවා දැන් වැඩේ හරි අඩි 3 ක් විතර වතුරේ බැහැගෙන bus එකක් තල්ලු කිරීමක් වෙයි කියලා. වාසනාවට එහෙම එකක් වුණේ නැහැ.

මේ වෙලාවේ bus එකේ හිටිය හාමුදුරුවෝ බණ කියන්න පටන් ගත්තා. "මේ driverට බස් එලවන්න තේරෙන්නේ නැහැ. පුලුවන් නම් මෙච්චර වෙලා ඉන්නවායැ" ආදී විදිහට.

හාමුදුරුවෝ නාකි කෙනෙක්. එයාට පේන්නේ පැත්තටනේ වීදුරුවෙන්. මම හිටියේ engine එක හරියේ ඉතින් මටත් ඉස්සරහ පේනවනේ. පුළුවන් තරම් පරිස්සමින් තමා driver bus එක drive කළේ. එතැන අඩි 3 ක් විතර වතුර තියෙන තැන motor bikes එහෙමත් තල්ලු කරනවා ඉතින් කඩන් බිඳන් යන්න පුලුවනැ.


ඒ ටික පහුකරලා ඉස්සරහට ගියා විතරයි ඉස්සරහින් ගියා van එකක් පාර මැද හිටලා. පස්සේ කොන්දයි තව set එකකුයි ගිහින් ඒක තල්ලු කරලා එද්දී driver කෑ ගහනවා " ඈ බන් උඹ මේ bus එකේ කොන්දොස්තර නේද පොඩ්ඩක් බලපන් bus එක ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා".

ඒ වෙලාව් පාරේ ඉස්සරහට වාහන එක පෝලිමකුත් අනිත් පැත්තට වාහන පෝලිම් 2 කුත් ගියා. පාර ඉඩ මදි නිසයි පොඩ්ඩක් බලන්න කිව්වේ.

මේ වෙලාවේම අර මම කිව්වේ අපේ campus එකේ girl මගෙන් ඇහුවා "අයියේ,[බස් හෝල්ට් එකක නමක් කියලා] තව දුරද ?" කියලා.

පස්සේ මම ඒකටත් උත්තර දීලා ඇහුවා "ඔයා කැලණි campus එකේ first year ද ?" කියලා. එයත් ඔව් කිව්වා. පස්සේ ඉතින් එයා බහිනකම් එයත් එක්කත් පොඩි chat එකක් දාගෙන ආවා.

අන්තිමට bus එකේ ආතල් වැඩ රස විඳ විඳ ඇවිත් මාත් අපේ හෝල්ට් එකෙන් bus එකෙන් බහිද්දී වෙලාව 7.45 ට විතර ඇති. පැය 2 ක් තිස්සේ bus එකේ ආවා. අනිත් දවස්වලට නම් උපරිම විනාඩි 30-45 අතර වෙලාවකින් ගෙදර එන ගමන.

අන්තිමට ඉතින් ගෙදර එද්දී පාවෙනවා වගේ සැහැල්ලුයි.

23 comments:

  1. මේ වෙද්දී නම් කිරිබත්ගොඩ පිරිලා තියෙන වතුර ඔක්කොම බැහැලා ගිහින් තියෙන්නේ.

    ඉතින් ඕක දැකලා අපේ එකෙක් කියනවා එකත් එකටම මර්වින් සිල්වයි බැසිල් රාජපක්ෂයි ඇවිත් ඔය වතුර ටික බීලා යන්න ඇති කියලා. මොකද ඊයේ උදෙත් අඩි 3 ක් වගේ විතර තිබ්බ වතුර ටික හැන්දෑවේ වෙද්දී සම්පූර්ණයෙන්ම බැහැලා තිබ්බ නිසා

    ReplyDelete
  2. Ha ha hasitha matanag penne uba kathawe hodama hariya kapala dala thama mekata liyala thiyenne!!!
    mokada kiyanne ee tika demma kiyanawada.. neththang passe Magee prema kathawe arambaya gang wathuren kiyala liyanawada??
    (G.W)

    ReplyDelete
  3. Anonymous ට
    හරි හරි බලමුකෝ ඒක ගැන ඉස්සරහට. මේ දවස්වල කැම්පස් එකත් වහලනේ. කෝකටත් අපි දැනට කියමුකෝ මතු සම්බන්ධයි කියලා.

    ඒක නෙමෙයි බන් උඹ මාව දන්න කියන කෙනෙක්ද ? මම කල්පනා කලා කවුද G.W. කියලා. ඒත් මතක් නම් වුණේ නැහැ

    ReplyDelete
  4. mona wunat 234 bus eka gana nam katha karala wadak na......wena bus ekak nathi kamata 234 yana aya tamai wadipura inne....et samahara karana waladi 234 wage gatana bus walata pin dena ayat innawa.....

    ReplyDelete
  5. හැබැයි මල්ලී,
    "බස් එකේ සෙට්ඨං
    ලව් නං අනිච්චං "
    කියලා තමයි "ප්‍රේමාලංකාරයේ" නං තියෙන්නේ.....
    හිකිz හිකිz......

    ReplyDelete
  6. පට්ට ආතල්නෙ අයියටත් හම්බවෙන්නෙ :D

    ReplyDelete
  7. අපොයි බාලදක්ෂයෙක් නේද? කිලෝමීටර් තුනක් පාගමනේ යන්න බෑ කියන්නෙ චිකේ

    ReplyDelete
  8. පස්සේ ආපු Anonymous ට
    ඔයත් 234 බස් එකේ යන කෙනෙක්ද ? එහෙම නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ 234 බස් එකේ කතා ගැන.

    හසිත ජයසූරිය ට
    ඒකනේ මලයා මේ මාත් කල්පනා කරේ. මටමනේ වෙන්නේ :)

    Theekshana Weerasinghe ට
    නියම ශ්ලෝකේ. ඒකේ තේරුම bus එකේදී set වෙන ලව් අනිත්‍යයි කියල නේද ?

    මේකට එහෙම අවුලක් නැහැනේ අයියා මේකට bus එක විතරක් නෙමෙයි campus එකත් සෙට් වෙලානේ තියෙන්නේ.

    Chanaka Aruna Munasinghe ට
    අයියගේ කතාව අමූලික ඇත්ත. කාරණේ පයින් හරි යන්න තිබ්බා. එදා මොර සූරන වැස්සනේ. ඒකයි ගැටළුව.....

    ReplyDelete
  9. උබත් මාර කොල්ලෙක්... අච්චර ලස්සන කතාව අර කෙල්ලෙක් එක්ක චැට් එකක් දාන්න අරන නැවත්තුවනේ හික් හික්...

    මට මැවිල පෙනුනා සීන් ටික. හැබයි ඔය ඩ්‍රයිවර් ලට එහෙම මොන තරම් අමාරුවක් ඇද්ද කියල අපිට තෙරෙනේනේ නැහ. නිකන් ඔය හවස ඔෆිස් වෙලාවට එහෙම කොල්බ ඉදන් කොඉ පැත්තට ඩ්‍රයිව් කරත් මොන තරම් අමාරුද ?? ඉතින් ඕක දවසම කරන ඒ මිනිස්සු.

    ඇත්ත අනික ඔය කාර් එලවන ටයි අන්කල්ලට වාහනනයක් එලවගන්න බැහ හරියට. යනව නෙමෙයි තටම නවා.

    ReplyDelete
  10. 234 නම් මතක් කරන්න එපා...

    ReplyDelete
  11. පිස්සා පලාමල්ල ට
    කතාවත් ලස්සනයි ඒ girl ලුත් ලස්සනයි අයියේ. ඒකයි ලස්සන කතාව නතරවුණේ.

    බස් drivers ලා ලොකු කට්ටක් කනවා තමා traffic අස්සේ පරිස්සමෙන් bus එක drive කරන් එන්න. ටයි අන්කල්ලා ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඒත් හොඳ drivers ලත් නැතුවා නොවෙයි

    නිශාචරයා Nishacharaya ට
    අයියා ඔයා ඕස්ට්‍රේලියාවේ හිටියට කලින් 234 බස් පාරේ හිටපු සහ ගමන් ගිය කොල්ලෙක් වගේ :)

    ReplyDelete
  12. මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන් ඔච්චර ගහ ගන්නේ. හැමදාම කැම්පස් වහල. උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ කියල දීල නැද්ද.

    අර අහිංසක අම්මල තාත්තල කොච්චර දුක් වෙනවද උඹල ගැන. ඊටත් වඩා උඹල ඩිග්රිය ඉවර වෙනකොට කැම්පස් එකටම නාකි වෙයි. බැදල ලමයි හදල උන් ඉස්කෝලෙ යන කාලෙ උඹලට හැරමිටියෙන් තමයි උන්ව ඉස්කෝලෙ එක්ක යන්න වෙන්නේ.

    ReplyDelete
  13. මේ ලිපියට අදාල නොවුනත් අහන්නේ. මොකද බං උඹලගෙ එවුන් ඔච්චර ගහ ගන්නේ. හැමදාම කැම්පස් වහල. උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ කියල දීල නැද්ද.

    අර අහිංසක අම්මල තාත්තල කොච්චර දුක් වෙනවද උඹල ගැන. ඊටත් වඩා උඹල ඩිග්රිය ඉවර වෙනකොට කැම්පස් එකටම නාකි වෙයි. බැදල ලමයි හදල උන් ඉස්කෝලෙ යන කාලෙ උඹලට හැරමිටියෙන් තමයි උන්ව ඉස්කෝලෙ එක්ක යන්න වෙන්නේ.

    ReplyDelete
  14. hi...hi... eekanam maruwadeee eekane api wage getherata wela hitiyanam oya akarathabba wennaneee

    ReplyDelete
  15. KAS ට
    ඔයාගේ කතාවට මාත් එකඟයි අයියා. කීප දෙනෙක්ගේ පුද්ගලික අරමුණුවලට කැම්පස් එකේ ඉන්න ඔක්කොම ළමයින්ගේ කාලය නාස්ති කිරීමක් තමා මෙතන සිද්ධ වෙන්නේ. දවස් කීපයක් මේ විදිහට ගැටුම් ගියා. අන්තිමට කරන්නම දෙයක් නැති තැන තම කැම්පස් එක වහලා දැම්මේ. හැමකෙනා ගාවම අනිත් කෙනාට ගරු කරන්න ඕන කියන හැඟීම තියෙනවානම් ගැටළුවක් නැහැනේ.

    "උඹලට ඉස්කෝලෙදිවත් ගුටි කෙලගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න විදිහ කියල දීල නැද්ද." ඉස්කෝලෙදී Maths, Science, Commerce, Arts කියන හැම Section එකේම අයත් එක්ක හොඳින් හිටපු අය තමා කැම්පස් ඇවිත් එක එක්කෙනාට කඩේ ගිහින් තමන් එක්ක එකට හිටිය එකාගෙත් ඔළුව පලන මට්ටමට පත්වෙලා තියෙන්නේ.

    මේකට අවශ්‍ය කරන චින්තන පෙරළියක් ඉස්සරහට කැම්පස් එකෙදී වෙයි කියලා අපි සුභවාදීව බලන් ඉන්නවා ඒ වගේම ඒක ඇති කරන්නත් පුළුවන් දායකත්වයක් දෙනවා. බොහොම ස්තුතියි මේ ගැන ඇහුවාට.

    Anonymous ට
    ගෙදරට වෙලා හිටිය නම් මොකුත් නැහැනේ කියන එක නෙමෙයිනේ මේකට විසඳුම එහෙම නේද ?

    ReplyDelete
  16. මේ Post එකේ link එක මම FB එකෙන් යාළුවෝ කීප දෙනෙක්ට යැව්වා. එතකොට එක්කෙනෙක් කියලා තිබ්බා.

    අපරාදේ රස්තියාදු වුණේ ගෙදරට වෙලා හිටියා නම් කිසි කරදරයක් නැහැනේ කියලා.

    මම ඒකට උත්තර බැන්දා මේ විදිහට

    "ජීවීතේ කියන්නේ ගෙදරට වෙලා ඉදන් කන බොන, TV බලන, FB යන එක නෙමෙයි සමාජෙත් එක්ක ගැටෙමින් ජීවත් වෙන එකයි. අනික ඉතින් මමත් ගෙදරට වෙලා හිටියා නම් ඔයාලට කියන්න කතාවක් මටත් නැහැනේ" කියලා

    ReplyDelete
  17. Aiye monava unath scouting amathaka karanda be ne ahema neda?? Ona thenaka jeevath wenda igennuwe scouting valin ne. :D . Poddak aiyage log aka ariyoth hoda agiya katha tikak hoyaganda puluvan

    ReplyDelete
  18. මේ අපේ රන් කණ්ඩායමේ විනුර මල්ලී නේද ?
    බොහොම ස්තුතියි මල්ලි ප්‍රතිචාරයට.

    එක්වරක් බාලදක්ෂයෙක් වුණු කෙනෙක් හැමදාමත් බාලදක්ෂයෙක් කියන්නේ ඒකනේ. බාලදක්ෂයෙක් විදිහට ගන්න අත්දැකීම් පස්සේ කාලේදී හුඟක් ප්‍රයෝජනවත් වෙනවා කියන එක මම කියන්නේ අත්දැකීමෙන් [ඒකත් රන් කණ්ඩායෙමේ බාල්දක්ෂයෙක් විදිහට නම් ගත්තේ සුපිරිම සුපිරියි]

    ලොග් එක කියවලාත් කතා කීපයක් දාන්න තමා හිතන් ඉන්නේ. තාම හරියට වෙලාවක් ලැබුණේ නැහැ. ලැබුන ගමන් කරන්න තමා හිතන් ඉන්නේ.

    සූදානම්ව සිටිනු !!!

    ReplyDelete
  19. Totally agree with Vinura. Now ,as there are too many requests, why not right about some scouting mishaps.

    KIUN

    ReplyDelete
  20. Isuru Nanayakkara [KIUN]ට
    එහෙමනම් කට්ටියම කියන එකේ scouting ගැනත් මොනවා හරි ලියන්න පටන් ගන්නම්කෝ. කැම්පස් එහෙමත් නිවාඩු එකේ නිස්කලන්කෙනේ මාත් ඉන්නේ.

    ReplyDelete
  21. ෆට්ට සීන් තමා උබටත් වෙන්නෙ...අර උබට හදිස්සියෙ click උන කෙල්ල ආයි Set උනොත් මම මතක්කලා කියපන්.....

    ReplyDelete
  22. අච්‍චා ට
    කොහොමත් කැම්පස් පටන් ගත්තහම ආයි එයාව හම්බවෙයි. අපේ පැත්තෙ නේ ඉන්නෙත්.

    හරි හරි මතක් කරන්නම් ඒත් එයා උඹව දන්නවාද කියන එක තම ගැටළුව

    ReplyDelete
  23. මරු ආතල්........ ඩ්‍රයිවර් මරු ඩයල් එකක් නේ...
    අපිටත් ඔය ආතල් කන්න වෙයි වගේ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................