Saturday, July 24, 2010

සිංදුවක් ගැන කතාවක්

හැමදාම කියන ආගිය කතා වෙනුවට වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතාවක් කියන්න තමා හිතුවේ. මුලින්ම සිංදුව. ඊට පස්සේ කතාව කියන්නම්. මේ ගීතය මීට කලින් අහලා ඇති මම හිතන විදිහට........


අපි වෙමු එක මවකගේ දරුවෝ
එක නිවසෙහි වෙසෙනා
එක පාටැති එක රුධිරය වේ
අප කය තුළ දුවනා

එබැවිනි අපි වෙමු සොයුරු සොයුරියෝ
එක ලෙස එහි වැඩෙනා
ජීවත් වන අප මෙම නිවසේ
සොඳින සිටිය යුතු වේ

සැමට ම මෙත් කරුණා ගුණෙනි
වෙළී සමගි දමිනි
රන් මිණි මුතු නො ව එය ම ය සැපතා
කිසි කල නොම දිරනා


මේ ගීතය මම මුලින්ම ඇහුවේ බාලදක්ෂ නායක පුහුණු පාඨමාලා අදියර I දී. දවස් 2 ක් තිබුණු පාඨමාලාවේ අවසන් රැළියෙන් පස්සේ පාඨමාලාවට සහභාගි වුණු බාලදක්ෂ නායක නායිකාවන් එකිනෙකාගේ අත් අල්ලාගෙන [ඒ මදිවට දෙපැත්තට පැද්දී පැද්දී] මේ ගීතය ගායනා කළා. මට හරියට කියන්න බැරි වුණත් අමාරුවෙන් හරි වචන ගැට ගගහා මමත් මේ ගීතය ගායනා කළා.

මේ ලඟදී දවසක් මම නංගිගේ ඉස්කෝලේ අච්චු පොතක් පෙරලද්දී පොතේ මුල් හරියේ මේ ගීතය තිබ්බා. බැලින්නම් සිංහල මාධ්‍යයෙන් තියෙන හැම ශ්‍රේණියකම හැම පොතකම මේ ගීතය මුද්‍රණය කරලා තියෙන්නේ.


වර්තමානයේ සමාජයේ අනිවාර්යයෙන් ඇතිවිය යුතු තත්වයක් තමා මේ ගීතයෙන් මීට වසර 40 කට විතර කලින් ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයාත් වෙන ආනන්ද සමරකෝන් මහත්මයා කතා කරලා තියෙන්නේ. වර්ගවාදී, ආගම්වාදී අදහස් අත හැරලා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම ජන වර්ගයක්ම එකට එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් විදිහට කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන කදිම ගීතයක් තමා මේ.

ඒක පොඩි ළමයින්ගේ හිත්වලට කියන්න වෙන්න ඇති පාසල් පෙළ පොත්වලට ඇතුළත් කරලා තියෙන්නේ. ඒත් හුඟක් අය කරන්නේ පොත අතට ගත්ත ගමන් පාඩම පෙරලනවා මිසක් මුල ඉදන් පොතේ තියෙන්නේ මොනවාද කියලා කියවන එකක්යැ. කෝකටත් මේ ගීතය නැවත වරක් කියවලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න....................

ප.ලි.: මේ ගීතය මුලින්ම මම ගායනා කරපු බාලදක්ෂ නායක පුහුණු පාඨමාලා අදියර අවසන් රැළිය වෙලේ මාරම හැඟීමක් ආවේ. ඒක වචනයෙන් කියන්න අමාරු එකක්. ඔයාලත් මේ ගීතය ගායනා කරලා හිතෙන්නේ මොකක්ද කියලා කියන්නකෝ.......

19 comments:

  1. මේ අපේ පෙළපොත් වල මුලත් ඕක තිබුන මට මතක හැටියට...........

    ReplyDelete
  2. අමුතුම හැගීමක් තමා එන්නෙ

    ReplyDelete
  3. ඕක පොත් වලට දැම්මට කීයෙන් කීදෙනාද ඕක කියවලා බලන්නේ.සිංදුවේ අදහස නං උපරිමයි :)

    ReplyDelete
  4. අපිත් ඕක බාලදක්ෂ කරද්දි ගිණි මැල සංදර්ශනයේදී කිව්ව....ඇත්තටම එතකොට මාර හැගීමක් තමයි දැනුනේ.....හේතුවනම් දන්නෑ...

    බෙදා හදා ගත්තාට බොහෝමත්ම ස්තූතියි....

    ReplyDelete
  5. සිංදුව අහන්න link එකක් දැම්මනම් අපුරැයි...

    ReplyDelete
  6. අපි ඉස්කොලේ යන දවස්වල පොත්වල තිබුනෙ "රජයෙන් නොමිලේ දෙන මේ පොත.... " කියල නිසදැසක් වගෙ සීන් එකක්නේ..
    මමත් අදම තමා ඔය සිංදුව දැක්කේ.... අහන්ට ලින්ක් එකත් දැම්මොත් නියමයි..

    ReplyDelete
  7. වටිනා ලිපියක්. මට නම් ඇත්තටම මතක නැහ. අපි ස්කෝලෙ යද්දි පොත් වල තිබ්බෙ නැද්ද මන්ද මේක

    ReplyDelete
  8. @හා පැටික්කි (MS)

    ඔව් හුඟක් කල් ඉදන් පෙළ පොත්වල මේ ගීතය ඇතුළත් කරලා තියෙනවා කට්ටිය දැක්කේ නැතිවුණාට

    ReplyDelete
  9. @ජංජාල චාමර

    ඒක ඇත්ත මචන්. පොත අතට ගත්ත ගමන් පාඩම පෙරල ගන්නවා මිසක් මුල් හරියේ තියෙන්නේ මොනවාද කියලා පෙරලලා බලන අය හරිම අඩුයි.

    කතා පොතක වුනත් පෙරවදන, හැඳින්වීම ඔය මොකවත් කියවන්නේ නැතිව කෙලින්ම කතාව කියවන පොරවල් තමා හුඟක් ඉන්නේ

    ReplyDelete
  10. @෴ හසියා ෴

    අඩේ අප්පා අපේ හසීත් බාලදක්ෂයෙක්නේ. සන්තෝෂයි සන්තෝෂයයි අයියා ඒක දැනගන්න ලැබුණු එක ගැන :)

    ReplyDelete
  11. @අච්‍චා

    සිංදුව මම ජංජාලේ හොයලා බැලුවාට හම්බුණේ නැහැනේ මිත්‍රයා

    ReplyDelete
  12. @පුතා

    "ගුණවත් නැණවත් දරුවන් පිරිසක් සිරිලක බිහිකරන" ආදී විදිහට නේද අයියා ඔය නිසදැස තිබ්බේ. මම මේ කියන එකත් ඒ හරියේම තියෙන්න ඇති මම හිතන විදිහට.

    සිංදුව නම් ජංජාලේ හෙව්වා හම්බුණේ නැහැ

    ReplyDelete
  13. කතාවට මාත් එකඟයි. පාසලේ තූර්්‍ය වාදන කණ්ඩායම අපේ ජාතික ගීය වාදනය කරද්දි අපි ගායනා කරද්දි ඇත්තටම පුදුම ගැම්මක් හිතට එනවා. කොහේදි ගායනා කලත් ඒ හැඟීම ඒ විදිහටම දැනෙනවා. සමහර ජාතිකා‌භිමානි ගීත අහනකොටත් ඒ හැඟීම ඒ විදිහටම මට දැනිලා තියනවා.

    ReplyDelete
  14. ගිණිමැලයකදි අත් මාරුවෙන් මාරුවට අල්ලගෙන දෙපැත්තට පැද්දි පැද්දි මේ සින්දුව ගායනා කරද්දි වැටෙන හෙවණැලි වල රටාව දැකල තියෙනවද?

    ReplyDelete
  15. @Naදී

    ඔය එන්නේ සැඟවුණු ජාතිකාභිමාන එළියට. අද නේද මුල් වතාවට මේ පැත්තේ ගොඩවුණේ අක්කේ.... එහෙම නම් ආගිය කතාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා :)

    ReplyDelete
  16. @Chanaka Aruna Munasinghe

    කියන්න දෙයක් නැහැ ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා තමා. අපේ මකරයියාත් බාලදක්ෂයෙක් වෙලා හිටියද ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................