මගේ දිවියේ මේ දක්වා ඇසූ, කියවපු කතා සහ දුටු, අත්විඳි සිදුවීම් ආගිය කතා ලෙස ඔබ වෙතට............
Saturday, July 31, 2010
කවුරුන් හෝ මෙසේ ලියා තිබුණි.
මම මේ ලඟදී Campus Library එකෙන් "යුරෝපා ඉතිහාස සාරය" කියලා පොතක් ගත්තා. පොත නම් හුඟක් පරණයි. පොතේ ප්‍රථම මුද්‍රණය 1964 දී. පොත් ඒ කාලේ ඉදන්ම library එකේ තියෙන්න ඇති. මොකද විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පුස්තකාලය කියලා seal එකකුත් පොතේ වැදිලා තියෙනවා.
මේ පොතේ අන්තිම පිටුවේ කවුදෝ කවියක් ලියලා තිබ්බා මේ විදිහට.
සරසවිය ඉකි ගසයි
කිරි එරී පියවුරෙහි
සසල විය හද මඬල
සාර කළ විට ඒ ගත
දහදියෙන් රුධිරයෙන්
සුපිපි රත් හිරු පියුම
අවරගිර නොවේ පරවී ගියේ
විසුල ඒ පෙති දහර
නව පණක් ජීවයක්
ලබා දේ නවක දහසක් අයට
කෙසේ අප කරන්නද
ඔබට තුති උපහාර
Subscribe to:
Post Comments (Atom)
සරසවිය
ReplyDeleteබියකරුය
මාරයා
නිරතුරුව
සැරිසරන :)
දැන් මචන් සරසවිය හරියට නළපාන ජාතකයෙ විල වගේ.....
ReplyDeleteයන්නත් ආසයි බයයි :D
ReplyDeleteඔය කියන තරම් යකා කලු නෑ. එක්කෙනෙක් දෙන්නෙක්ගේ විකාර නිසා මුළු විශ්වවිද්යාල පද්ධතියම එක තැනට දාලා හිතන්න එපා.
ReplyDeleteහසිත :- පට්ට කවිය සහෝ. ඔය වගේ නිර්මානවලට මං මාර කැමතියි. හදිස්සියේ ලියවෙන නියම නිර්මාණ
@හෙළයා: 'සාපේක්ෂතාව'
ReplyDeleteමොනා වුනත් පුස්තකාල පොත් වල ලියන එක නම් අනුමත කරන්ඩ බැහැ. අපේ අය්යාලත් හිටිය පොදු දෙපලට හානිකරන, උන් හැමෝටම හොඳ පාඩමක් ඉගැන්වුවා.
ReplyDeleteඔය කවිය ජපුර හරි කැලණිය හරි ගහල විකුණපු book mark එකක තිබුන, දැන් ටිකක් කලකට ඉස්සර...
ReplyDeleteඋඔත් මාර ඒවා තමා හොයා ගන්නේ..පට්ට කවිය
ReplyDeleteපට්ට කවිය
ReplyDeleteමොනවා උනත් කවිය නම් අගෙයි,.
ReplyDeleteekeneke dennekge pissu wada kalata manussa gathi thiyena huga denek innawa ..ekame kawiyen unath pahadili wenawa......
ReplyDeletesashi
නියම කවිය..
ReplyDelete@SACHIRA
ReplyDeleteඑනමුත්
නුවණති දනා
සරසවියේ
සැරි සරා
තමා ආ වැඩේ කර
යහතින්ම තම ගෙදර
ගෙදර යන බව පෙනේ
@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
ReplyDeleteමේ කතාව එක පැත්තකට හරි අයියා. නලපාන ජාතකයේ විලට බැස්ස කවුරුත් ආපහු එන්නේ නැහැනේ.
ඒත් කැම්පස් විලට බැස්ස අයගෙන් බහුතරයක් යකාට අහු නොවී ආපහු එනවා. තම තම නැණ පමණින් මේවා තේරුම් අරගෙන කටයුතු කරන එක තම කෝකටත් හොඳ :)
@Hasitha ජයසූරිය
ReplyDeleteලංකාවේ නිදහස් අධ්‍යාපනේ ලැබෙන ප්‍රතිලාභයේ අන්තිම ටිකත් ලබාගන්න ඕනේ. ඒ වගේම ජීවිතයට හොඳ අත්දැකීමක් ගන්න. රටේ මිනිස්සු අඳුනගන්න කැම්පස් එකට යන්න මල්ලී.
ඒත් තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චී කරලා තමන්ට හානියක් නොවෙන විදිහට ඉන්න උත්සහ කරන්න.
මේ දක්වා මම නම් හිටියේ එහෙමයි. ඉදිරියටත් එහෙමයි
@හෙළයා
ReplyDeleteස්තුතියි අයියා අදහස් දැක්වීමට.
ඔයාගේ කියපු කතා දෙකටම එකඟයි.
සමස්ත් සරසවි පද්ධතිය ගැනම වැරදි විදිහකට හිතන එක නම් හොඳ මදි.
ඒ වගේම පොතක ලියලා තිබ්බ මේ කවිය නිසා මම දැන් පොතක් ගත්තොත් අනිවා හැම තැනම පෙරලලා බලනවා කවි එහෙම තියෙනවාද කියලා...........
@Anonymous
ReplyDeleteඒක නම් ඇත්ත තමා. එක්කෙනෙක් ඔහොම ලියපුවාම අනිත් හැමෝමත් ලියන්න ගන්නවා. අන්තිමට පොතේ ගන්න දෙයක් නැතිවෙනවා.
ඒ වුණත් ඉතින් මේ වගේ කවි ඉදිරියේදී කැම්පස් එන අයට කියවන්න සලස්වන්න මේ ක්‍රමය යොදාගන්න එකත් නියම වැඩක්.
@චේජනා
ReplyDeleteඅක්කාගේ මීටරේ හොඳයි වගේ.
ඒ bookmark එකේ තිබ්බ කවිය අපි දැනගත්තේ මේ විදිහට පොතේ ලියපු නිසානේ. සමහර විට මේ පොතේ ලියලා තිබ්බ කවිය bookmark එකට දැම්මාද දන්නෙත් නැහැ :)
@අච්‍චා
ReplyDeleteඋඹලත් පොඩ්ඩක් පොත් බලද්දී හොයලා බලපන් කවි තියෙන්න පුලුවන්. සොයන්නාට සම්භ වේ :))
@Unknown_User/හිඟන්නා
ReplyDeleteස්තුතියි සහෝ :)
@NUWAN"s lane
ReplyDeleteස්තුතියි අපේ කෘෂිකර්ම මහත්තයෝ :)
@Anonymous
ReplyDeleteජයවේවා අපේ සශී සහෝදරීට ජය වේවා :))
@Ansh Lucky Sri Jay
ReplyDeleteස්තුති වේවා අක්කේ :)
@Free Adds Org
ReplyDeleteබොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන
@Hasitha
ReplyDeleteඑවන් නුවනැත්තන්ගෙන් පමණක් සරසවි පිරේවා යනු මගේ ප්‍රාර්ථනයයි :)
එන්නට ආසයි...
ReplyDeleteනියම කවියක්
මට හැබෙයි හරියටම කියන දේ තෙරෙන්නේ නෑ...
@රහස් පරික්ෂකයා
ReplyDeleteමටත් තේරුණු විදිහට නම් කැම්පස් එකට ස්තුති කරන කවියක් මේක.
අනේ මන්දා රසාස්වාදය බිංදුවයි :))