Thursday, July 1, 2010

තවත් අනුවේදනීය ආගිය කතාවක්


මේ දවස් ටිකේම මට අහන්න ලැබුණේ අනුවේදනීය, ශෝචනීය කතා. කලිනුත් එක අනුවේදනීය කතාවක් කිව්වානේ. මෙන්න තවත් මට අහන්න ලැබුණු අනුවේදනීය කතාවක්. රවා අයියා ලියලා තිබ්බ කතාවකින් තමා මේකත් කියන්න ඕනේ කියලා මට හිතුණේ.

මීට සති කීපෙකට කලින් අපේ මිත්‍රයෙක් වැඩ ගොඩක හිරවෙලා හිටියා. වැඩේ තමා උන්ගේ අල්ලපු ගෙදර අයියාගේ wedding එක. ඉතින් ඒ අයියත් එක්ක හැම වැඩකටම වගේ යන්න වුණා අපේ මිත්‍රයාට. අන්තිමට ඉතින් Home Coming එක දවසෙත් අම්බානකත් තව පොඩ්ඩක් වැඩ කරලා තමා අපේ මිත්‍රයාගේ duty off වෙලා තියෙන්නේ.

ඉතින් ඊයේ හැන්දෑවේ අපේ කට්ටිය set වුණු වෙලාවේ අපේ මිත්‍රයා කිව්වා "උඹලාට මතකද මම පහුගිය දවස් ටිකේ අල්ලපු ගෙදර අයියගේ wedding එකට මහන්සි වුණා. ඒ අයියාගේ wife වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් නේ" කියලා.

"බැඳලා දවස් කීයද බන් ?" කියලා එකෙක් ඇහුවා.

"Home Coming එක කරලා දවස් 12 යි ගෙදර ඉදලා තියෙන්නේ පොසොන් පෝයට කලින් දවසේ තමා පැනලා ගිහින් තියෙන්නේ" කියලා අපේ මිත්‍රයා කිව්වා.

පස්සේ ඉතින් අපේ මිත්‍රයා කියන විදිහට කතාව මෙහෙමයි.

ඒ අයියයි අක්කයි බියගම වෙළෙඳ කලාපේ එක garment එකේ තමා job එක කරලා තියෙන්නේ. ඒකෙදී තමා දෙන්නා set වෙලා තියෙන්නේ. අවුරුදු 5 ක් දෙන්නා love කරලා engagement එක අරගෙන තියෙනවා. ඊටත් පස්සේ තව අවුරුදු 2 ක් ඉදලා තමා wedding එක මේ අවුරුද්දේ අරගත්තේ. සම්පූර්ණයෙන්ම අවුරුදු 7 ක් දෙන්නා love කරලත් තියෙනවා.

අනික ඒ අයියා අක්කාට මාර ආදරෙයිලු. කොටින්ම ඒ අක්කා ටිකක් දුප්පත්ලු. ඒක නිසා අක්කාගේ පැත්තෙන් wedding එක කරන්නත් අයියා එයා වැඩ කරන garment එකෙන් රුපියල් 100, 000 loan එකකුත් අක්කාට අරන් දීලා තියෙනවා. පස්සේ අයියාගේ පැත්තෙන් home coming එක කරන්න සල්ලි නැතුව සල්ලි පොලියට අරන් තමා කරලා තියෙන්නේ.

ඒ වගේම ඒ අක්කා දෑවැද්දට අරගෙන ආපු බඩු මුට්ටු, රත්තරන් බඩු ඔක්කොම ටික අයියාගේ සල්ලිවලින් තමා හදලා දීලා තියෙන්නේ. ඒ වගේම Wedding එකෙන් පස්සේ අක්කා වැඩට යන්න කලින් දවසේ shopping එක්කන් ගිහින් අළුතෙන්ම ඇඳුම් අරන් දීලා. ඒ වෙලේ අයියා කිව්වාලු " එකෙන් පස්සේ වැඩට යද්දී පරණ ඇඳුම් ඇදන් යන එක හරි නැහැනේ" කියලා.

ඒ වගේම දැන් අක්කා පැනලා ගිහින් ඉන්න කොල්ලත් එක්කත් affair එකක් පටන් අරන් තියෙන්නේ engagement එකත් ගත්තාට පස්සේ. ඒක ගැන අයියාට වටින් පිටින් ආරංචි වුණාම අක්කා අයියාගේ ඔළුවේ අත තියා දිවුරලා කියලා තියෙනවා දැන් එහෙම එකක් නැහැ කියලා.

අන්තිමට ඉතින් පොසොන් පෝයට කලින් දවසේ අයියා උදෙන්ම වැඩට ගියාට පස්සේ තමා අක්කා වැඩට ගිහින් තියෙන්නේ. අක්කා වැඩට යද්දී සාරියකුයි, රත්තරන් බඩු වගේකුයි අරන් ගිහින් තියෙනවා. ඒක ගැන අයියාගේ අම්මා අහපුවාම කියලා තියෙනවා වැඩපළේ යාළුවෙක්ට wedding එකකට යන්න ඕනේ වෙලා ඒකටයි ගෙනියන්නේ කියලා.

එදා රෑ වෙනකනුත් wife ගෙදර ආපු නැති නිසා අයියා call කරද්දී අක්කා කියලා තියෙනවා "මම ආයි එන්නේ නැහැ. මට පාඩුවේ ඉන්න දෙන්න. ආයි call කරලා මට කරදර කරන්න එපා" කියලා.

පස්සේ ඒ අක්කාගේ යාළුවෙක්ගෙන් විස්තර අහද්දී තමා දැන්ගන්න ලැබිලා තියෙන්නේ අර කලින් affair එක තිබ්බ කොල්ලා එක්ක තමා අක්කා පැනලා ගියේ කියලා. අයියාගේ අම්මා ඇතුළු නෑදෑයෝ ඒ අක්කාට කරපු ජරා වැඩේට බනිද්දී අයියා කියන්නේම "එයාට බනින්න එපා. ඒක එයාගේ සතුට නම් මට ප්‍රශ්නයක් නැහැ" කියලා. ඒ වගේම ඒ අයියා කිව්වා එයා ආපහු ආවොත් ඒත් එයාට සමාව දීලා බාරගන්න ලෑස්තියි කියලා. මේක අහපු කට්ටිය දැන් අයියටත් බැන්නා "උඹට ඔල්මාදෙද ?" කියලා.

අපේ යාළුවාට අයියා කියලා තියෙනවා "මචං මම අවුරුදු 7 ක් එයාව ආශ්‍රය කළා. මට එයාත් එක්ක ඕන එකක් කරන්න තිබ්බා. ඒත් මම එහෙම කළේ නැහැ. මම එහෙමයි බන් එයාත් එක්ක හිටියේ" කියලා.

අපේ යාළුවා කියන විදිහට ඒ අයියා අරක්කු, සිගරට් බොන්නේ නැති, කාත් එක්කවත් රණ්ඩු දාගන්නේ නැති හැමෝමත් එක්කම හිනාවෙලා කතා කරලා ඉන්න හොඳ මනුස්සයෙක්. ඉතින් ඒ වගේ මනුස්සයෙක්ට වුණු දේ ගැන හැමෝම කණගාටු වෙනවාලු.


අන්තිමට අපිටත් හිතුණේ මේ කෙල්ලව තියන්න වටින්නේ නැහැනේ මේ කරපු අපරාදෙට කියලා. ඕන් ඕකයි අද කතාව.

මේ කතාව අහපු අපේ එකෙන් කිව්වා කවියක් හෙණ ප්‍රසිද්ධ කවියක්

"ගැහැණු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහලා
මරා දාපිය"

" පිරිමි ජාතිය
උතුම් ජාතිය
දණ නමාපිය
මල් පුදාපිය"

මම කිව්වා "ඔයිටත් වඩා සිරා එකක් මම ගාව තියෙනවා. ඒක ශ්ලෝකයක් ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණයෝ තමා කියලා තියෙන්නේ" කියලා.

"දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ශනං ධන නාශනං
ශයනං මරණං තුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී"

ස්ත්‍රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්‍රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.


මේ කතාව ඒ අයියාගේ පැත්තෙන් නේ කතා කළේ. ඒ අක්කාටත් මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන් නේ කියලයි මට හිතුණේ. ඒත් එයාගේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියලා නම් මට අදහසක් නැහැ.

ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ඒ අක්කාගේ පැත්තෙනුත් සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්ද ?

ප.ලි.: එක මකුණෙක් කාපුවාම ඔක්කොම මකුණන්ට සබ්බුව හම්බෙනවා වගේ ඒක ගැහැණු කෙනෙක් නිසා සමස්තයක් විදිහට හැම ගෑණු කෙනෙක්ටම බනින එක නම් වැරදියි. පිරිමින්ගෙත් මෙහෙම වැඩ කරන අය නැතුවාම නොවෙයි....

57 comments:

  1. ජීවිතය සංකීරණද?....නැත්නම් අපි ඒක සංකීර්ණ කරගෙනද?...කසාද බඳින්න කලින් දවසේ පැනලගියත් එකට නම් ස්මාව දෙන්න පුලුවන්...නමුත් මේක නම් හිත ගන්න බෑ....කෙල්ලගෙ පැත්තෙන් මොන හේතු තිබ්බත් අර කොල්ලට විඳින්න වෙන අවමනය සාධරනීකරනය කෙරන්න පුලුවන්ඳ?..ආදරේ කොලා හරි නොකලා හරි...

    ReplyDelete
  2. මට නම් මේ තරම් හොඳ වෙන්න අමාරුයි!

    ReplyDelete
  3. පව්‍ අසරණ කොල්ලා. බොක්කෙන්ම ලව් කරල ඉතිරි වෙන්නේ දුක විතරයි....
    මේ කතාවේ හැටියට නම් කෙල්ල සම්පුර්ණයෙන් වැරදීයි.

    ReplyDelete
  4. කෙල්ල හරි!
    මනමාලයා බඳින්න කලින් හිටිය විදිය ගැණ කියන කතාව බලන්න. කෙල්ල බැන්දට පස්සෙත් එහෙම ඉඳීද? කලින්ම ගිය එක හොඳයි.
    මනමාලයත් හරි. එයා දන්නවනේ ඇත්ත!
    ඔය කවි ලියපු මිනිහයි, ශ්ලෝකය ලියපු බමුණයි තමයි වැරදි.

    ReplyDelete
  5. කතන්දර හරි...
    ඒත් වෙඩින් එක ගන්න කලින් හරි ඇත්ත එළි කරන්න තිබ්බ.. අපි නොදන්න සත්‍යටක් සැගවිලා ඇති.
    සමහරැන්ට ආදරේ විතරක්ම මදි...
    පෘතග්ජන මිනිස්සු නේ...

    ReplyDelete
  6. මට නම් හිතෙන්නේ අර අයිය‍‍ට මොකක් හරි ලිංගික ගැටලුවක් තිබුණා වෙන්න බැරිද? අවුරුදු 7ක් ආශ්‍රය කරලා (ලියාපදිංචි කරලා අවුරුදු 2ක්???) කිසිම දෙයක් කළේ නැහැ කියලා කියනවා නම් එතන ලොකු අවුලක් තියනවා. පෘතග්ජන මිනිහෙකුට එහෙම ඉන්න පුළුවන්ද අප්පා... අක්කා කොහොම හරි බඳිනකන්ම ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත්, බැඳලා සති දෙකක් යන්නත් කලින් ගැටළුව ගැන තේරුම් ගන්න ඇති. මට නම් හිතෙන්නේ ඕක තමයි වෙන්න ඇත්තේ. අක්කාත් ගොඩක් ආසාවන් තියෙන කෙනෙක් වෙන්නත් ඇති. engage උනු කෙනාගෙන් සතුටක් නොලැබෙන නිසා තමයි එයා අවුරුදු 5 ක් බලාගෙන ඉඳලා අනියම් සම්බන්ධතාවක් පටන් ගන්න ඇත්තේ. අක්කාට වැරැද්දක් කියන්න බැහැ. ප්‍රශ්නය තියෙන්න ඇත්තේ අයියා ළඟ. තවත් දෙයක්... 98%කටත් වඩා කෙල්ලෝ බෝධිසත්වයෝ වගේ පිරිමින්ට කැමති නැහැ. අයියාට ගැලපෙන කෙනෙක් නෙමෙයි මේ අක්කා.

    ReplyDelete
  7. මෙවා අනුවෙදනිය කතා නෙවෙයි..බය හිතෙන කතා .............

    මට හිතෙන්නේ අයියා සන්සාරේ ලොකු නයක් තිබිලා එකෙන් නිදහස් උනා කියලා...දරු මල්ලො හදාගන්න කලින් පැනලා ගිය එක හොදයි....ඒත් අයියා පැවු..මැන්ගේ නිකැලැල් ප්‍රෙමය.....මොනතරම් නම් කැප කිරීම් අක්‍රන්න ඇතිද...?... දැන් ණය ගෙවන්නත් එ පැයි.........

    ReplyDelete
  8. හසිත මල්ලි.. උඹ මගෙ කතාවද මන්දන්නෙ නැහැ ලියලා තියන්නෙ. වාසනාවද ආවාසනාවද කියලා කියන්න බැහැ. ගැහැණිය තෙරුම් ගන්න අමාරු දෙයක්. හැම ගැහැනු කෙනාවම එකම රාමුවකට දාලා එයාලට එහෙම සලකන එක වැරදි..? මම නම් කියන්නෙ ඉන්න බැරිනම් යනවා කියලා යන්න ," ඔයාගෙන් මට මෙ දෙ හම්බවෙන්නෙ නැහැ.." ලිංගික ගැටලුවක් නම්, සෙනෙහස පිළිබද ගැටලුවක් නම්, රැකවරණය පිළිබද ගැටලුවක් නම්.. දෙදෙනා අතර සාකච්චාවක් විය යුතුයි.

    මෙ පිරිමිකෙනා ගැනයි ගැහැනුකෙනා ගැනයි අපිට බැහැ එලියෙ ඉදන් තිර්ණය කරන්න, මිනිස්සුන්ගෙ මනස හරිම විවිධත්වයක් හැමතිස්සෙම හොයනවා. එකම දෙ පැය විසිහතරෙදිම දකිද්දි එක එපා වෙනවා, නමුත් බැදලා දරුවො ඉද්දි දරුවන් කෙරෙහි බලපවත්වන ආදරය කරුනාව නිසා එකතුවෙලා ඉන්නවා, සමහර අයට වෙන බැදීම් කෙරෙහි සිත ගියත් එ අය ආයසයෙන් අතිතය මෙනෙහි කරමින්, තමාගෙ පුරුෂයාගෙ හො ගැහැනියගෙ ගුණයන් මෙනෙහි කරමින් වරදෙහි නොබැඳි ඉන්නවා.

    මගෙත් ජිවිතෙ අවුරුදු 9 යක් විතර නාස්තියක් වුණා. එ අවුරුදු 9 ආපහු මට ගන්න බැහැ, එ මිතුරියට එක ආපහු දෙන්නත් බැහැ. එයා වෙනුවෙන් කරපු කැපකිරිම් එ කෙනාටත් අමතකයි. ඉතින් මම එවා මතක් කරලා දුන්නොත් මම රොඩියා වෙනවානෙ. මගෙ හදවත හැදිලා තියන හැටියට මෙ දෙවල් ටිකක් දරා ගන්න අමාරුයි. නමුත් ආයාසයෙන් හරි දරාගෙන හිමිට හිමිට ඉස්සරහාට යනවා. එ මිතුරියව මම හැමදාම දකිනවා. මැරි මැරි ඉපදෙන්නෙ එ වෙලාවට. හිතට දැනෙන දෙ බ්ලොග් එක හරහා පිට කරන නිසාත්, ධර්මයත්, ගණිතයත්, සාහිත්‍යත් මෙ තුනම නිසා හිත ගොඩාක් සැහැල්ලුවෙන් ගෙවනවා.

    හැමොම සාධාරණයි, මෙවාට වැරදි කියන්න කාටවත් බැහැ, නමුත් මනුස්සයින්ගෙ තියන අවංකකම, රැක ගන්න ඔනා.

    ReplyDelete
  9. අම්මප කතන්දර ! සහතික ඇත්ත!

    කෙල්ල හරි මල්ලි!

    ReplyDelete
  10. කතාව ඇහුවහම කියන්න තියෙන්නේ "අන්‍යෝන්‍ය අවබෝධය ?????" කියල තමයි

    @AMIB

    "98%කටත් වඩා කෙල්ලෝ බෝධිසත්වයෝ වගේ පිරිමින්ට කැමති නැහැ"

    ඒක නං ඉතින් කෙල්ලන්ගේ අවාසනාව තමා

    @ රවා
    කණගාටුයි සහෝදරයා. ඇත්තටම කණගාටුයි

    ReplyDelete
  11. මෙවැනි සිද්ධියකදී එක් පාර්ශවයක පමණක් කතාව දැනගෙන නිගමන වලට බැසීම අසාධාරණ සේම ප්‍රඥාගෝචරද නොවේ. ඔබ අනෙක් පාර්ශවයෙන් විමසුවේ නම් මීට ඉඳුරා වෙනස් කතාවක් අසනු ඇත.

    ප්‍රකට ජපන් සිනමාකරුවකු වූ අකිරා කුරසෝවාගේ 'රෂෝමාන්' එකම සිද්ධිය සඳහා පුද්ගලයින් සිව් දෙනකු සපයන වෙනස් අර්ථකතන හතරක් මත ගොඩ නැඟී ඇත. මින් කවරක් හරිද යන්න ප්‍රේක්ෂකයා විසින් විසඳිය යුතු ප්‍රශ්නයකි.

    මානවයන් පිළිබඳ ගැටළු අප සිතන තරම් සරල නොවේ. මේ කතාවෙන් උගත හැකි එකම පාඩම එයයි.

    ReplyDelete
  12. අනේ ඉතින් අපි නම් පොඩි එවුන් , අපිට නම් ඔය අත්දැකිම් නෑ නොවැ , නමුත් මට නම් කියන්න තියන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා තිබ්බ මොලයත් දියවෙලා යනවා ,ඔය කෙල්ලෝ නිසා !!

    ReplyDelete
  13. තීරණයක් ගන්න තරම් ප්‍රමාණවත් තොරතුරු නොමැත..

    ReplyDelete
  14. eee akkage paththenuth sadarana hethuwak thiyenna puluwan eth eya kala wade waradi... eyata thibba kalin affair eka gana badinna kalinma kiyala wenenna ehema nokara ayya echchara dewal karata passe eyata boru karapu eka hari waradiiii
    (eeth ehema kiyala samastha ganu jathiyatama bannina ekanam waradi mokada oita wada antha dewal karana pirimith mee loke inna nisa)

    shashi

    ReplyDelete
  15. අම්මෝ ඉපදිච්ච දවසෙ ඉදල පටන් ගත්තත් කවදාවත් ඉවර කරන්න බැරි කෝස් ඒකක් තමයි කෙල්ලො කියන්නේ

    ReplyDelete
  16. ඇත්තටම ඔය ප්‍රශ්නෙ අපි නොදන්න පැත්තකුත් ඇති බන්. අවුරුදු 7 ක් ලව් කරල බැඳල සති 2 න් පැනල යන්න නම් ඉතින්.. අනේ මන්ද...

    ලෝකේ ගෝලාකාරයි... මිනිස්සු විවිදාකරයි කියල අර නාට්ටියක කොල්ලෙක් කියන්නේ...

    මට හිතා ගන්න අමාරුයි හේතුව ඉතින්... සමහර විට කට්ටිය කියනව වගේ ලිංගික කරුනක් වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  17. හිතට එන හැඟීම කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. කෙල්ලො බලාපොරොත්තු වෙන දේවල් නොලැබුනොත් උන් ඒවා හොයාගෙන යනවා.පුරාණ ඉසිවරු සමහර දේවල් කියල තියෙන්නෙත් කට කහනවට නෙවෙයි කියලත් මතක තියා ගන්න ඕන. ‍ඔය වගේ දේවල් එදත් වුනා හෙටත් වෙන‍වා. (ඔය වගේම කතාවක් මටත් යාලුවෙක් කිව්වා ඕකමද මන්දා. හැබැයි එයා (එයත් කෙල්ලෙක්) නම් කිව්වේ කෙල්ල වැරදියි කියලා.)

    ReplyDelete
  18. ඔය කතාව ඇතුළෙ අපි නොදන්නපිට නොපෙනෙන මොකක් හරි දෙයක් තියෙන්න පුලුවන්. සමහර විට කෙල්ල හරි වෙන්නත් පුලුවන්.
    දැනට නම් මට හිතෙන්නෙ කෙල්ල කරපු දේ හරිම වැරදියි කියන එකයි.

    ReplyDelete
  19. @Shadow/හේමලයා

    එකඟයි මිත්‍රයා.... හුඟක් අය මිනිහාටත් වඩා අපහාස කරන්නේ කෙල්ලට. හුඟක් අය කෙල්ලට බනිද්දිත් මිනිහා කියනවාලු කෙල්ලට බනින්න එපා කියලා....

    ReplyDelete
  20. @CD Athuraliya

    ඔයාට විතරක් නෙමෙයි කොටින්ම මට වුණත් මෙච්චර හොඳ වෙන්න බැහැ. මෙච්චර හොඳ වෙන්න පුලුවන් අය හොයා ගන්න හරිම අමාරුයි මම හිතන විදිහට....

    ReplyDelete
  21. @෴ හසියා ෴

    ඒක තමා අයියා කොල්ලා මෙච්චර දේවල් කරලාත් ඉතුරු වුණේ දුක විතරයි. කෙල්ලගේ පැත්තෙන් කිසිම සාධාරණ හේතුවක් තියෙන්න විදිහක් නැද්ද අයියා ?

    ReplyDelete
  22. @කතන්දරකාරයා

    එකඟ වෙන්න අමාරුයි කසූ.

    බැන්දට පස්සෙත් එහෙමද කියලා බලලා තියෙන්නේ දවස් 12 යි නේ. ඒ දවස් ටිකෙත් කොල්ලා කෙල්ලට හුඟක් ආදරෙන් ඉදලා තියෙනවානේ.

    කලින්ම ගිය එක හොඳයි කියන්නේ "කලින්ම යනවා නම් යන්න තිබ්බේ කසාද බදින්නත් කලින් නේ"

    ReplyDelete
  23. @wath

    නොදන්නා කතාවක් අනිවා ඇති අක්කා. කොහොම වෙතත් ඔයා කියන විදිහට බදින්න කලින් කෙල්ලට් ඇත්ත කීයලා නම්බු පිටින් යන්න තිබ්බා.....

    ReplyDelete
  24. @AMIB

    අපේ කොල්ලෙකුත් ඕක කියපුවාම ඔය කතාවම කිව්වා පොරට මොකක් හරි අවුලක් තිබ්බාද දන්නේ නැහැ කියලා. ඒත් අපේ යාළුවා කිව්වේ අයියාගේ තියෙන වැදගත් කමටයි අයියා එහෙම ඉදලා තියෙන්නේ කියලා....

    අනික එහෙම ගැටළුවක් අයියාට තිබ්බා නම් අක්කට කරන්න තිබ්බේ අයියාව ඒකට ප්‍රතිකාරයක් ගන්න යොමු කරන එක. ඒ නැතුව අයියාව දාල යන එක නෙමෙයි. ඒකෙන් පේන්නේ අක්කාගේ හිතේ කිසි ආදරයක් තිබ්බේ නැහැ කියන එකයි.

    අනික මම හිතන විදිහට විවාහය කියන්නේ ලිංගික සතුට විතරක් නෙමෙයි......

    "98%කටත් වඩා කෙල්ලෝ බෝධිසත්වයෝ වගේ පිරිමින්ට කැමති නැහැ."

    මලා මටත් එහෙම නම් හුළං තමා :)

    ReplyDelete
  25. @ඉලංදාරියා

    ඒකත් ඇත්ත සහෝ. මෙහෙම කතා අහපුවාම love කරන්න, කසාද බදින්න බය හිතෙන බව නම් ඇත්ත.

    අයියාට ගෙවන්න ණයක් තිබිලා ගෙව්වා වෙන්නත් පුලුවන් ඔයා කීයන විදිහට....

    ReplyDelete
  26. @රවා

    ඔයාගේ කතාවෙත් ලොකු දෙයක් තියෙනවා අයියා.... කොහොම වුණත් ගැටළුවක් තියෙනවා නම් එක ගැන සාකච්ඡා කරලා, කියලා යනවා මිසක් හොර රහසේ පැනලා යන එක නම් මහ සවුත්තු වැඩක් තමා...........

    ReplyDelete
  27. @වැම්පයර්

    කෙල්ල හරි කියලා කියන්නේ මොකද කියලා කියන්න අයියා...... ඒක හුඟක් වැදගත් වෙයි මේ සංවාදය ඉස්සරහට ගෙනියන්න..........

    ReplyDelete
  28. @තීර්ථ යාත්‍රිකයා

    ඒක ඇත්ත අයියා. එකිනෙකා ගැන නිසි අවබෝධයක් තියෙනවා නම් ගැටළුවක් නැහැ තමා. ඒ අයියා අක්කාව අසීමිතව විශ්වාස කරලා තියෙනවා ඒක ගැන ඔයාගේ අදහස මොකක්ද අයියා ?

    ReplyDelete
  29. @Taboo Subjects

    ටැබූ කතාවට 100% එකඟයි. ඒක නිසා තමා මම

    "මේ කතාව ඒ අයියාගේ පැත්තෙන් නේ කතා කළේ. ඒ අක්කාටත් මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන් නේ කියලයි මට හිතුණේ. ඒත් එයාගේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියලා නම් මට අදහසක් නැහැ. ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ඒ අක්කාගේ පැත්තෙනුත් සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්ද ? "

    කියලා කොටසකුත් මේකට එකතු කළේ.....

    ඒ වගේම රෂෝමාන් ගැන කිව්වාටත් ස්තුතියි. මම ඒක දැන් තමයි දැනගත්තේ....

    "මානවයන් පිළිබඳ ගැටළු අප සිතන තරම් සරල නොවේ. මේ කතාවෙන් උගත හැකි එකම පාඩම එයයි."

    අතිශය එකඟයි ඒ කතාවට

    ReplyDelete
  30. @හිඟන්නා

    පොඩි එවුන් නිසා තමා හුඟක් හොඳ. මේ වගේ දේවල්වලින් දැනුවත් වෙලා වලේ වැටෙන්නේ නැතිව හොඳ ඉදිරි ගමනක් එතකොට යන්න පුලුවන් නේ

    ReplyDelete
  31. @සෝරෝ

    තීරණයක් ගන්න තරම් ප්‍රමාණවත් වෙන්න ඕන කරන තොරතුරු ටික කියන්න මිත්‍රයා. මම ඒවා ටික අපේ යාළුවාගෙන් අහලා කියන්නම්... ඊට පස්සේ මේක ගැන ඔයාගේ අදහස කියන්න.....

    ReplyDelete
  32. @Anonymous

    ඔව් ඔව්. කියන එකක් කලින් කියලා අයියාට කරදරය්ක් නොදී යන්න තිබුණා තමා.

    ඒ වගේම එක ගෑණු කෙනෙක්ගේ වැඩක් නිසා ඔක්කොටම බනින එක වැරදි තමා. ඒක නිසානේ මෙහෙම කෑල්ලකුත් මම එකතු කළේ.....

    "එක මකුණෙක් කාපුවාම ඔක්කොම මකුණන්ට සබ්බුව හම්බෙනවා වගේ ඒක ගැහැණු කෙනෙක් නිසා සමස්තයක් විදිහට හැම ගෑණු කෙනෙක්ටම බනින එක නම් වැරදියි. පිරිමින්ගෙත් මෙහෙම වැඩ කරන අය නැතුවාම නොවෙයි.... "

    ReplyDelete
  33. @Hasitha ජයසූරිය

    ඒක තමා මල්ලී දැන් ඉදන්ම මේවා ගැන ඔයාලට අවබෝධයක් දෙන්නේ වලේ වැටෙන්නේ නැතුව යන්න............

    ReplyDelete
  34. @පිස්සා පලාමල්ල

    නොදන්නා පැත්ත ගැන තාම මොකුත් දන්නේ නැති නිසා වගේම මටත් හිතාගන්න බැරි නිසා තමා ඔයාලගේත් අදහස් ඇහුවේ අයියේ......

    අපේ කොල්ලෝ ටිකගේ මතයත් අයියාගේ ලිංගික ගැටළුවක් නිසා තමයි මෙහෙම වෙන්නේ ඇත්තේ කියලා.

    කොහොම වුණත් මේ මනුසතා කියන සතාව නම් තේරුම් ගන්න හරිම අමාරුයි.......

    ReplyDelete
  35. @කාංචන දිනූක

    තමන් බලාපොරොත්තු වෙන දේ නොලැබුනාම ඒ දේ හොයන්න යන එක හරියි කියමුකෝ. ඒත් ඒ යන්නේ තවත් කෙනෙක්ගේ බලාපොරොත්තුවක් සුණු විසුණු කරලා දාලා නේද ? ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න ඕනේ නේද ? කොහොම වුණත් මේ මනුසතාව තේරුම් ගන්න නම් හරිම අමාරුයි තමා....

    ReplyDelete
  36. @Ansh Lucky Sri Jay

    මේක ගැන අපි නොදකින පැත්ත වගේම නොදන්නා දේ ගැන තේරුම් ගන්න තමා මගේත් උවමනාව අක්කේ. කොහොම වුණත් ඉස්සරහට මේක ගැන තවත් මොනවා හරි දැනගන්න හමුබුණොත් කියන්නම්කෝ අක්කේ.........

    ReplyDelete
  37. මං හිතන්නේ ඔය කතාවේ topic එකේ පොඩි අවුලක් තියෙනවා. ඔය සිද්ධියට මුහුන දුන්නු මනුස්සයා හිත හදාගෙන ඉවරයිනේ. ඉතින් ඕක තවදුරටත් අනුවේදනීය සීන් එකක් නෙවෙයි. අනිත් එක ආදරෙ කරපු අවුරුදු 7 ටම කිසිම දෙයක් කලෙ නැති මනුස්සයා බැඳලා දවස් 12 ක් යනකලුත් මොකුත්ම නොකලා වෙන්න බැරිද? ඉවසලා බැරිම තැන ඔය කියන ගැහුණු ලමයා ගියාද කියලා කවුද දන්නේ? ඇත්තම සිද්ධිය ඒක නම් කවුද වැරදිකාරයා? ඔය කියන අක්කද? අයියද? නැත්නම් වෙන කවුරු හරිද?

    ReplyDelete
  38. @පුතා

    මේක ඒ අයියාට දැන් අනුවේදනීය සිද්ධියක් නොවුණාට එයාගේ නෑදෑ හිත මිතුරන්ට වගේම ඒ කතාව අහපු මටත් තාමත් අනුවේදනීය සිද්ධියක්. ඒකයි ඒක අනුවේදනීය සිද්ධියක් කියලා මම සඳහන් කරලා තියෙන්නේ.......

    ඒ වගේම අපේ යාළුවා කියන විදිහට අවුරුදු 7 ආශ්‍රය කරලත් මොකුත් කරලා නැත්තේ ඒ අයියාගේ වැදගත්කමට කියලා තමා ඒ අයියාම කියලා තියෙන්නේ.

    ඒ වගේම බැඳලා දවස් 12 ඇතුළෙත් මොකුත්ම වුණේ නැහැ කියමුකෝ ඒක නිසා නම් අක්කා පැනලා ගියේ ඒ අක්කාගේ හිතේ අයියා ගැන කිසිම ආදරයක් තිබිලා නැහැ...

    ඒ වගේම ඒ අක්කාට තිබිලා තියෙන්නේ ලිංගික අවශ්‍යතාවක් මිසක් ආදරයක් නෙමෙයි.

    අක්කාගේ හිතේ අයියා ගැන ආදරයක් තිබ්බා නම් ගැටළුවට ප්‍රතිකාරයක් හරි ලබාදෙන්න කටයුතු කරන්න ඕනෙ නේ.

    ඒ වගේම මම හිතන විදිහට විවාහය කියන්නේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම විතරක්ම නෙමෙයි.....

    ReplyDelete
  39. @ අයියී..
    සිරාවට ඒ අයිය්යා පව්..
    මම එහෙම ඒ අයියා උනානම් අර ගෑනිව් හොයාගෙන ගිහින්
    කරන්න තියෙන උපරිම දෙයක් කරල යනවා හිරේ!

    ඔය කතාවකුත් තියෙන්නෙ
    අරිනවා **....
    යනවා හිරේ කියලා!!

    ReplyDelete
  40. @Anuradhax3

    ඒක නම් භයානකයි මල්ලී. ඉක්මන් කොටයි කියනවානේ. ඒක නිසා මේ වගේ අවස්ථාවල ඉක්මන් වෙලා තීරණ අරන් පස්සේ විඳවන්න වෙන්නේ තමන්ටම තමයි.........

    ReplyDelete
  41. අනේ මන්ද ඇබුල් දොඩම්ද? පැණි දොඩම්ද?

    ReplyDelete
  42. හසිත මල්ලී,

    ඒ අක්කගේ පැත්තෙන් කතාව දැනගන්නේ නැතුව මුකුත් කියන්න අමාරුයි. ඒත් එක දෙයක් කියන්නම්. ලිංගික ජීවිතය විවාහය නෙමේ කියන කතාව බාල බොලඳ රොමැන්ටික් සිහින නවකතාවක වාක්‍යයක් වගේ. දෙන්නෙක් ලිංගිකව නොගැලපෙනවා නම් අපේ වගේ කුහක සමාජයක ඒක ඉවසගෙන සමාජයට බයේ විවාහ ජිවිතයේ ඉඳීවි. මුලු ජීවිතේම අසතුටෙන් පිරිල තියෙයි. වෙන ගෑණු මිනිස්සු පස්සෙ යයි. ලිංගික අවශ්‍යතා විවාහයකට කොච්චර බලපානවද කියන එක කවදා හරි දවසක මල්ලිටම තේරෙයි.

    ReplyDelete
  43. @ත‍රිඳු

    ඒකත් එහෙමද අයියා ?

    ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට. මේ කතාවට සම්බන්ධ අළුත් විස්තරයක් හම්බුණා. ඒක ගැන ඉස්සරහට ලියන්නම්කෝ

    ReplyDelete
  44. මෙන්න මෙහෙමයි මචන් මම හිතන්නෙ... හසිත උඹට මේකෙ අනුවේදනීය වෙන්න දෙයක් නෑ.. මේකෙ කොල්ලත් දන්න මොකක් හරි සීන් එකක් තියෙන්න ඕන... ඉස්සර වගේ යෝජනා වලින් බදිනව වගේ නෙමෙයි දැන් කාලෙ අවුරුදු 7ක් ලව් කරල බදිනව කියන එක.. උන් දෙන්නට කතා කරල විසදගන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්න විදිහක් නෑ... අවුරුදු 7ක් මොකුත් කලේ නෑ කියන වචනෙ අපිට පිලිගන්න පුලුවන් වෙයි කියලා ඔයා හිතනවද මල්ලි... ෆිල්ම් එකක් බලන්න එහෙම නැත්නම් කොහෙහරි තැනක දෙන්න තනිවෙච්ච වෙලාවල් අවුරුදු 7 පුරා නොතිබෙන්න ඇත්ද? එහෙම වෙලාවලදිටු අය්යා මොකුත් නොකලනම් කෙල්ල මීට කලින්ම පැනල යන්න ඕන... සිද්දියක් අහපු ගමන් පැත්තක් ගන්න එපා... බැන්දට පස්සෙත් තමන් බලාපොරොත්තු වෙන දේ ඒ විදිහටම හම්බ වෙන්නෙ නැත්නම් වෙන කරන්න දේකුත් නෑ... වලත්තකමට පැනලා ගියා වෙන්නත් පුලුවන්... එත් අවුරුදු 7ක් ලව් කරලා බෙන්දටත් පස්සෙ එහෙම යයි කියලා හිතන්න ගොඩාක් අමාරුයි.... මම හිතන විදිහට කෙල්ල හරි වෙන්න තියෙන ඉඩකඩ මේ සිද්දියේ බොහොම වැඩියි...

    ReplyDelete
  45. @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

    මේ කතාවෙන් මාත් මතු කරන්න උත්සාහ කළේ මේ කතාවම තමයි අයියේ. මේ කතාව අහන හුඟක් අය කොල්ලාගේ පැත්ත ගත්තත් කෙල්ලගේ පැත්ත ගැනත් කතා කරන්න මට උවමනා කරලා තිබ්බා.

    "මේ කතාව ඒ අයියාගේ පැත්තෙන් නේ කතා කළේ. ඒ අක්කාටත් මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන් නේ කියලයි මට හිතුණේ. ඒත් එයාගේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියලා නම් මට අදහසක් නැහැ.

    ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ඒ අක්කාගේ පැත්තෙනුත් සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්ද ?"

    මේ ගැන අළුත් විස්තර වගයක් හම්බුණා. ඒක ගැනත් ඉස්සරහට කීයන්නම්කෝ

    ReplyDelete
  46. පිටින් බෝධිසත්ත්වයෝ ඉන්නවා සමහර විට ලිංගික පරපීඩනය වගේ සැඟවුනු දේවල් තියෙන....ගෑනි තමයි රඟේ දන්නෙ....

    ReplyDelete
  47. kauru harida kauru weradida kiyanna tharam karunu nam madi..ethwenath affair ekak thibuna eka kalin keewa nam me kathawa wenas wenna thibuna....
    kohoma unath mage kathawa meke anith patta..awurudu 5k jeewithe naasthi una..e kaalaya ayema ganna beha..kaatawathma dennath beha..karanna oni mokakdda ..kiyanna oni monaada kiyala hitha ganna beriwa inne..eth e daala yana ayata ehema prashna neha man hithanne..man hithana widiyata,gahanuda pirimida kiyana eka nevi methana prashne..minissunge manussakama...vishwaasaneeyathwaya wage dewal gana prashnayak...

    ReplyDelete
  48. me loke wiswasa nokala yuthu ekama satwa prabedaya STRIYAI.......

    ReplyDelete
  49. @Sithumini Rathnamalala

    ඔව් අයියා. එහෙම මිනිහෙක් හම්බුණොත් ඉතින් මුළු ජීවිතේම කාලකණ්ණි වෙනවා තමා.

    ස්තුතියි අදහස් දැක්වීමට :)

    ReplyDelete
  50. @Anonymous

    ඒක ඇත්ත. ඕනෑම සම්බන්ධතාවයක පදනම වෙන්නේ විශ්වාසය කියලා මාත් පිළිගන්නවා.

    ඒත් "me loke wiswasa nokala yuthu ekama satwa prabedaya STRIYAI......." එකට නම් මම එකඟ නැහැ. ඒක පොදුවේ ගත්තාම මිනිසුන් ගාව තියෙන ලක්ෂණයක්. ඒක ගෑණුන්ට විතරක් තියෙන එකක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  51. මේ කියන විදිහ කැත ඇති.
    මිනිහෙක් ගෑණියෙකුයි, ගෑණියෙක් මිනිහෙකුයි එක්ක එකතු වෙන්නෙ ආදරය කරන්නනේ ආදරේ කියන්නෙ කැප කිරීමක් උණත් එතන ලිoගිකත්වය නැත්තම් කවුරු උනත් පිට යනවා. පණ්ඩිතයො මොනව කිව්වත් කාටත් තියෙනව ආසාවල්.

    මට හිතෙන්නෙ මේ කතන්දරේ ඇතුලෙ අනිවාර්යයෙන්ම තියෙන්නෙ ලිoගිකත්වය පිලිබඳ අඩුපාඩුවක්

    ReplyDelete
  52. අපි නොදන්න මොකක් හරි ගැටලුවක් තියෙන්නෙ ඇති.එහෙම දාලා යන්න.මතුපිටින් බලනවට වඩා.

    ReplyDelete
  53. අවුරුදු 7ක් ආදරය කරලත් "මම ආයි එන්නේ නැහැ. මට පාඩුවේ ඉන්න දෙන්න. ආයි call කරලා මට කරදර කරන්න එපා" කියන්න පුලුවන් වෙන්න ගොඩක් ප්‍රභල හේතුවක් ඇති...

    ReplyDelete
  54. නදී...,
    තාරක Dilsh@n

    ඒක ඇත්ත. ඒක නිසාමයි මේ ගැන ඔයාලගේ අදහසුත් දැනගන්න මේ ගැන ලිව්වේ............

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................