Monday, July 26, 2010

කුමුදු ලාල් පින්තු නම් වූ ඔහු

[ඡායාරූපය ලබාගත්තේ දුමීගේ කට කහන කතා blog අඩවියෙන්]

ඊයේ රෑ සින්ඩියට ගොඩ වැදුණු ගමන් ඇහැ ගැටුණේ අපේ blog සහෘදයෙක් වන පූසන්ගේ බ්ලොග් ගඩොල් blog එකේ "නිවන් සුව අත්වේවා!" නමින් දාලා තිබ්බ post එක. ඒකේ සඳහන් වුණේ "තම තම නැණ පමණින්" බ්ලොග් අඩවිය පවත්වාගෙන කුමුදු පින්තු මහතා අභාවප්‍රාප්ත වුණා කියන එක.

Openarc ආයතනයේ අළුත් අවුරුදු උළෙලට සහභාගි වුණු කුමුදු පින්තු මහතා [ඡායාරූපය ලබාගත්තේ රජින්ද්‍ර ඩයස් සොයුරාගේ Facebook Account එකේ තිබුණු Photo Album එකකින්]

ඒක අහපු ගමන් මට මුලින්ම මොකුත් හිතාගන්න බැරිවුණා. එතුමා අන්තිමට තමන්ගේ blog එකට post එකක් ලියලා තිබ්බේ ජූලි 21. ඊට පස්සේ මොකුත් ලියලා තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් පින්තු මහත්මයා දවස් දෙක තුනකට සැරයක් අළුත් post එකක් දාන නිසා මටත් ගැටළුවක් තිබුණා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් ඒකට උත්තරේ මෙහෙම එකක් වෙයි කියලා නම් මට හිතුනේ නැහැ.

අන්තිමටම ඒ කියන්නේ ජූලි 21 වෙනිදා "මිනීමල් හා මරණයට ඇති බිය" නමින් දාපු psot එකෙන් පින්තු මහත්මයා හුඟක් කතා කරලා තිබුණේ මරණය ගැන. ඒ වගේම තමන්ගේ මරණයත් ආසන්න බව.

එතුමා තමන්ගේ ගුරුතුමා වුණු උත්තම සාදු ගැන කියපු කතාවේදී උත්තම සාදු අපවත් වෙන්න කලින් උත්තම සාදුව ළඟින් ඇසුරු කරපු හැමෝටම ඒක කියලා ගියා වගේ තමන් ජීවිතයෙන් සමුගන්න කලින් ව්‍යංගයෙන් ඒක ගැන තමන්ගේ බ්ලොග් සහෘදයන්ට කිව්වා කියලයි මට නම් හිතෙන්නේ.

ඒ post එකේ තිබුණු එක් කොටසක මෙහෙම තිබුණා.

"අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?"

කුමුදු පින්තු මහත්මයා මගේ සැබෑ ජීවිතයේදී ගුරුවරයෙක් නොවුණාට සිංහල බ්ලොග් අවකාශය තුළදී ගුරුවරයෙක් වුණු බව කියන්න ඕනේ. බුදු දහම, පරිගණක තාක්ෂණය, ගණිතය, ජීවිතය ගැන එතුමා අපි හැමෝටම පාඩම් කියාදුන්නා කියන එක සිංහල බ්ලොග් අවකාශේ ඉන්න සෑම අයෙක්ම අවිවාදයෙන් පිළිගන්නවා කියන එක මට විශ්වාසයි.

එතුමා ගැන කතා කරද්දී මට විශේෂයෙන් මතක් වෙන සිද්ධියක් තමයි මේ.

අපේ Campus එකේ Computer Studies Subject එක කරන ළමයිට මේ දවස්වල උගන්වන්නේ C Language එක. ඒක තේරුම් ගන්න අමාරුයි කියලා තමා හුඟක් අය කිව්වේ. ඒ වෙලාවේ මට මතක් වුණේ කුමුදු පින්තු සර්ව. එතුමා C Language එක ගැන posts කීපයක් ලියලා තිබුණු බව මට මතක් වුණා. පස්සේ මම ඒ ටික මගේ යාළුවන්ට print කරලා දෙන්න කලින් ඒ ගැන කුමුදු සර්ගෙන් විමසීමක් කළා.

"අපේ කැම්පස් එකේ [කැලණිය විශ්වවිද්‍යාලයේ] Computer Studies එහෙමත් නැත්නම් COST එක කරන කට්ටියට මේ දවස්වල උගන්වන්නේ C language එක. ඉතින් ඊයේ ඒ subject එක කරන කෙනෙක් එක්ක කතා කර කර ඉද්දී එයා කිව්වේ හරි අමාරුයි C language එක තේරුම් ගන්න. කිසි පොතක් සිංහලෙන් නැහැ කරගන්න අමාරුයි කියලා.

මට ඒ වෙලේ මතක් වුණේ ඔබතුමා C language එක ගැන blog එකේ posts කීපයක් ලිව්වා නේද කියලා. මම ඒ ටික ඔක්කොම print කරලා එයාට දෙන්න තමා හිතුවේ. ඒ ගැන ඔබතුමා දැනුවත් කරලා අවසර ගන්න තමා හිතුවේ. ඒ වගේම තව ඉදිරියටත් ඒ ලිපි පෙළ ලිව්වොත් ඒ අයගේ යහපතට හේතු වෙයි කියලා විශ්වාස කරනවා."


ඒකට කුමුදු සර් දීපු පිළිතුර තමා මේ.

"කෙනෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කිසිම දෙයකට අවසර ගන්න ඕනෑ නැහැ කාගෙන් වත්. මම ඒ ලිපි පෙළ ඉදිරියට ගෙන යන්න උත්සාහ ගන්නම්. දිරි ගැන්වීමට ස්තුතියි."

එහෙම කියලා නොනැවතුණු කුමුදු සර් මම එහෙම කියපු දවසට පස්සේ දවසේ ඒ කියන්නේ ජූනි 18 වෙනිදා C language එක ගැන posts 3 ක් එකවර පළකලා. මම ඒ වෙලේ එතුමාගෙන් ඇහුවා මේ වගේ තවත් ලිපි කීයක් විතර ලියන්න බලාපොරොත්තු වෙනවාද ? කියලා. ඒ වෙලේ කුමුදු සර්ගේ පිළිතුර වුණේ "සීයක් හමාරක්" කියන එක.

ඒත් අන්තිමට අපි කවුරුත් නොසිතූ වෙලාවක එතුමා අපෙන් සමුගත්තා.

මම අද Campus එකේදී කුමුදු සර්ගේ note එක මම බෙදලා දීපු යාළුවන්ටත් මේ සංවේගදායක ආරංචිය කිව්වා. එයාලත් දුක් වුණා මේ වගේ වටිනා ගුරුවරයෙක්ගේ අහිමි වීම ගැන.

මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි "රූපං ජීරති මච්චානං - නාම ගොත්තං න ජීරතී" ඒ කියන්නේ රූපය දිරයි, නාමය නොදිරයි. කුමුදු සර් සිංහල බ්ලොග් අවකාශයට කළ මෙහෙය සිංහල බ්ලොග් අවකාශය පවතින තුරා අපේ මතකයේ රැදිලා තියේවි.

ගුරු පියාණෙනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා....


යහපත් දේ කරන,
නොමගටම යන දරුවන් විවේචනය කිරීම,
ඔවුන්ට ගැරහීම ඉතා පහසුය.

අවිද්‍යාවේ ගිලී අන්ධව,
තම දිවි මග අඳුරු කරගන්නා දරුවන්,
නිසි මගට යොමු කිරීම ඉතා අපහසුය.

පෙන්වා මග,
නොමග නොවැටී යන සැටි කියා දෙන්නේ,
සැබෑම ගුරු උතුමෙකි,
උත්තම මනුෂ්‍යයෙකි,
හෙතෙම ගුරු තරුවකි.


-ගුරු තරුව ඔබයි-

ප.ලි.: මට තියෙන එකම ගැටළුව හොඳ වැඩ කරන මිනිස්සු ඇයි ඉක්මනට මේ ලෝකය හැරයන්නේ කියලා. ඒකට උත්තරයක් මට හිතාගන්න බැහැ.


කුමුදු පින්තු මහත්මයාගේ ගෙදරට යන විදිහ දක්වන සිතියම උපුටා ගත්තේ "සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත" බ්ලොග් අඩවියෙන්. ඒක අවමංගල්‍යයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අයට ප්‍රයෝජනයක් වෙයි.

Sunday, July 25, 2010

සේයා රූ කියන කතාව - ඔබාමා වත

ඇමරිකා එක්සත් ජනපදයේ 44 වෙනි ජනාධිපතිවරයා ලෙස පත්ව මේ දක්වා කටයුතු කරන බරැක් හුසේන් ඔබාමාගේ ජීවන ගමන පිළිබඳව සේයා රූ වලින් ඔබ වෙතට තිළිණ කරනා "සේයා රූ කියන කතාව"...........

මං කොල්ලා පැටියා සන්දියේ







මං කොල්ලා ගැටයා සන්දියේ









මම හිරේ ගිය දවස :))





මං හොඳ ක්‍රීඩකයෙක් පේනවානේ.........












මාර හයියයි නේ භාණ්ඩේ




වේගය පිනවයි මරුවා කැඳවයි



ගනු කඩුව එනු සටනට





"බුහ් හාහ් හාහ්" බය වුණා නේද ?



උලත් එකයි පිලත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා........



කෝ නංගිලා මල්ලිලා අත් උස්සලා අත්පුඩියක් දෙන්නකෝ.........



>මේන් මෙහෙමයි කඩුළු පනින්නේ. දන්නේ නැත්නම් දැන්වත් ඉගෙන ගන්න.



"අප්පච්චී කොහොමද මං අල්ලන්නේ" ද නැත්නම් "හැංගිමුත්තෝ හැංගියෝ" ද ?




යමන් දුවේ ගෙදර යන්න




තව පොඩ්ඩක් පාත් කරා නම් තමා හොඳ. හදිසියේ වීදුරුවක්වත් බිඳුනොත් කනක් ඇහිලා ඉන්න නැහැ



මතු සම්බන්ධයි...............

Saturday, July 24, 2010

සිංදුවක් ගැන කතාවක්

හැමදාම කියන ආගිය කතා වෙනුවට වෙනසකටත් එක්ක සිංදුවක් ගැන කතාවක් කියන්න තමා හිතුවේ. මුලින්ම සිංදුව. ඊට පස්සේ කතාව කියන්නම්. මේ ගීතය මීට කලින් අහලා ඇති මම හිතන විදිහට........


අපි වෙමු එක මවකගේ දරුවෝ
එක නිවසෙහි වෙසෙනා
එක පාටැති එක රුධිරය වේ
අප කය තුළ දුවනා

එබැවිනි අපි වෙමු සොයුරු සොයුරියෝ
එක ලෙස එහි වැඩෙනා
ජීවත් වන අප මෙම නිවසේ
සොඳින සිටිය යුතු වේ

සැමට ම මෙත් කරුණා ගුණෙනි
වෙළී සමගි දමිනි
රන් මිණි මුතු නො ව එය ම ය සැපතා
කිසි කල නොම දිරනා


මේ ගීතය මම මුලින්ම ඇහුවේ බාලදක්ෂ නායක පුහුණු පාඨමාලා අදියර I දී. දවස් 2 ක් තිබුණු පාඨමාලාවේ අවසන් රැළියෙන් පස්සේ පාඨමාලාවට සහභාගි වුණු බාලදක්ෂ නායක නායිකාවන් එකිනෙකාගේ අත් අල්ලාගෙන [ඒ මදිවට දෙපැත්තට පැද්දී පැද්දී] මේ ගීතය ගායනා කළා. මට හරියට කියන්න බැරි වුණත් අමාරුවෙන් හරි වචන ගැට ගගහා මමත් මේ ගීතය ගායනා කළා.

මේ ලඟදී දවසක් මම නංගිගේ ඉස්කෝලේ අච්චු පොතක් පෙරලද්දී පොතේ මුල් හරියේ මේ ගීතය තිබ්බා. බැලින්නම් සිංහල මාධ්‍යයෙන් තියෙන හැම ශ්‍රේණියකම හැම පොතකම මේ ගීතය මුද්‍රණය කරලා තියෙන්නේ.


වර්තමානයේ සමාජයේ අනිවාර්යයෙන් ඇතිවිය යුතු තත්වයක් තමා මේ ගීතයෙන් මීට වසර 40 කට විතර කලින් ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයාත් වෙන ආනන්ද සමරකෝන් මහත්මයා කතා කරලා තියෙන්නේ. වර්ගවාදී, ආගම්වාදී අදහස් අත හැරලා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන හැම ජන වර්ගයක්ම එකට එකතු වෙලා ශ්‍රී ලාංකිකයන් විදිහට කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන කදිම ගීතයක් තමා මේ.

ඒක පොඩි ළමයින්ගේ හිත්වලට කියන්න වෙන්න ඇති පාසල් පෙළ පොත්වලට ඇතුළත් කරලා තියෙන්නේ. ඒත් හුඟක් අය කරන්නේ පොත අතට ගත්ත ගමන් පාඩම පෙරලනවා මිසක් මුල ඉදන් පොතේ තියෙන්නේ මොනවාද කියලා කියවන එකක්යැ. කෝකටත් මේ ගීතය නැවත වරක් කියවලා බලන්න. පොඩ්ඩක් හිතලා බලන්න....................

ප.ලි.: මේ ගීතය මුලින්ම මම ගායනා කරපු බාලදක්ෂ නායක පුහුණු පාඨමාලා අදියර අවසන් රැළිය වෙලේ මාරම හැඟීමක් ආවේ. ඒක වචනයෙන් කියන්න අමාරු එකක්. ඔයාලත් මේ ගීතය ගායනා කරලා හිතෙන්නේ මොකක්ද කියලා කියන්නකෝ.......

Saturday, July 17, 2010

කප සිටුවීම

මේ දවස් ටිකේම වැඩ ගොඩාක් තිබ්බ නිසා නිවාඩුවක් හමුබුණේ අද තමා. ගිය සතියේ සෙනසුරාදා අනුරාධපුරේ පිච්ච මල් පූජාවට ගියා නිසා මේ පැත්තේ එන්න වුණේ නැහැ. ඒකේ කතාවත් ඉස්සරහට ලියන්න තමා ඉන්නේ.......

මුලින්ම කියන්නේ නැත්නම් පස්සේ කවුරුහරි බැන්නොත් කියලා. මේක ටිකක් විතර කුණුහරුප කතාවක්. [දැන් නම් කට්ටිය අනිවා මේක බලනවා :))]


අපිට Campus එකේ Applied Sociology උගන්වන අපේ ළමයින්ගේ ආදරණීය ගුරුතුමා ගැන මම කලින් දවසක කිව්වා මතක ඇතිනේ. මේ සතියේ සිකුරාදා සර් කියපු නියම කතාවක් තමා අද කියන්න හිතුවේ.

සර් මොකක් හරි දෙයක් ගැන විස්තර කරන්න යද්දී අන්තෙටම ගිහින් ඒකෙත් අන්තෙටම යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මීට කලින් දවසක් අඹ ගැන මොකක් හරි කියන්න සෙට් වෙලා අඹ හිටෝන හැටි, අඹ කඩන හැටි, අඹ විකුණන හැටි, එකේ අඹවල ගාණ ආදී වශයෙන් අල ගිය තැන් වැල ගිය තැන් මුල ගිය තැන් හුඟක් කතා කළා.

ඉතින් මේ සතියේ සිකුරාදා දේශනයේ මාතෘකාව වුණේ "සංවර්ධන සැලසුම්කරණය"

සර් පටන් ගත්තා "ඉස්සර කාලේ ගමේ මිනිස්සුත් වැඩ කටයුතු කළේ කිසියම් සැලසුමකට. අපි ගමු උදාහරණයක් විවාහ මංගල්‍යයක්. ඒකෙදී හැම කටයුත්තක්ම වුණේ ගමේ හිටිය දෛවඥයා හදලා දීපු නැකත්වලට අනුව. මේ කටයුතු පටන් ගන්තේ නැකතට අනුව වී තම්බන එකෙන්. දැන් කාලේ වගේ Catering Service වලට කෑම උයන්න දුන්නේ නැහැනේ

ඊළඟට සිද්ධ කළේ මඟුල් මඩුව හදන්න කප හිටෝන එක. දැන් මොකක්ද මේ කප කියන්නේ. කප සකස් කරන්නේ කිරි සහිත ගහක කොටසක් හිටෝලා ඒක දෙපැත්තෙන් පොල් ගෙඩි දෙකක් එල්ලලා එතනින්ම පොල් මලකුත් සවි කරනවා. ඕන් ඕකට තමා කප කියන්නේ.

ඔය කප කියන එක දැක්කාම සුපුරුදු බවක් පේන්නැද්ද ඔයාලට. ලොකු පොල්ලකුයි දෙපැත්තේ ගෙඩි දෙකකුයි තියෙද්දී [සභාවේ සිනා :)) ටියුබ් ලයිට් කට්ටියට තාම තේරුණේ නැහැ] මට පේන්නේ සමහරුන්ට මේක තාම තේරුණේ නැහැ වගේ. තේරෙන්නේම නැත්නම් ලාවට රූප සටහනක් ඇඳලා බලන්න

එක්කෝ වෙන මොකුත් ඕනේ නැහැ කප කියන එක අනිත් පැත්ත හැරෙව්වා නම් හරිනේ [සභාවේ තදින්ම සිනා :))] ඇත්තටම ඉතින් මඟුලක් කියපුවාම ඕකට කොච්චර වැදගත් තැනක්ද හිමිවෙන්නේ [සර්ටත් හිනා :))] මට ඕක හිතුණු වෙලේ සැකයක් ආවා ගැමි මිනිස්සු ව්‍යංගයෙන් කියන්න හැදුවේ මේකවත්ද කියලා.

ඒ වගේම මට මුලින් යමක් කියන්න අතපසු වුණා. විවාහයකදී හැම කටයුත්තකටම නැකැත් තිබුණා කිව්වාට අත්‍යාවශ්‍යම කටයුත්තට නැකතක් තිබුණේ නැහැ [සභාවේ සිනා :))] ඉතින් මගේ අදහස නම් ඕකටත් නැකතක් හදන්න තිබ්බේ. එතකොට සාර්ථකව ඒ වැඩේ කරන්න පුලුවන්නේ.

අපිට ඕනේ නම් research එකක් කරන්නත් පුලුවන් නැකතට ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වයයි නැකතක් නැතිව ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වය ගැන...............

ඔය විදිහේ කතාවලින් අන්තිමට lecture එක ඉවර වුණා. ඉතින් එදා lecture එකේ කියාදුන්නේ මොකක්ද කියලා එදා ආපු නැති එකෙක් ඇහුවොත් උත්තරේ විදිහට ලැබෙන්නේ "කප් සිටුවීම" කියලා මට sure

Wednesday, July 7, 2010

බලා සිටිමි


සරසවිය සිහිනයකි
ඒ සිහිනය සැබෑ කරගත් මම
බලා සිටිමි දැන්
මගේ ප්‍රියාදරිය හමුවෙනතුරා...........



කියවන්න තවත් මේ ජාතියේ වැඩ

මගේ අසනීපය සහ මිතුරුගුණාලංකාරය
ආගිය කවි ඉවරා.....යි
ඉවර නැතෝ - ආගිය කවි 2
ආගිය කතා වෙනුවට ආගිය කවි

Sunday, July 4, 2010

Cook අන්කල්ව දාලා ගිය Annual Outstation Camp එක


කාලෙකින් මගේ Scouting Life එක ගැන කතාවක් කිව්වේ නැති නිසා ඒ කාලේ ගැන කතාවක් කියන්න තමා හිතුවේ. මාත් එක්ක එකට Scouting කරපු set එකේ කට්ටියගෙන් වගේම දැන් scouting කරන මල්ලිලාගෙනුත් ඉල්ලීමක් තිබ්බා ඒ කතා කීපෙකුත් කියන්න කියලා. ඔන්න ඒක අද ඉටු කරන්නයි යන්නේ.

මේ සිද්ධිය වුණේ 2006 අවුරුද්දේ. අපේ බාලදක්ෂ කණ්ඩායමේ සිරිත තමා හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ ලංකාවේ කොහේ හරි පැත්තක අපේ කණ්ඩායමේ Annual Outstation Camp එක කරන එක. ඉතින් Scouting වලට හොඳට set වෙන පැතිවල තමා සාමාන්‍යයෙන් Annual Outstation Camp එක කරන්නේ.

උදාහරණ විදිහට කිව්වොත් මම Scouting වලට ආපු 2002 අවුරුද්දේ Annual Outstation Camp එක කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2003 තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික විද්‍යාලයේ, 2004 ආයි පාරක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2005 පොළොන්නරුවේ රාජකිය විද්‍යාලයේ.

අපි උපදේශක බාලදක්ෂයෝ විදිහට කටයුතු කරපු 2006 අවුරුද්දේ අපි කල්පනා කළා Annual Outstation Camp එක කොහෙද තියන්නේ කියලා. අන්තිමට අපි තීරණය කළා මීරිගම පිහිටලා තියෙන Lee Dasanayaka Scout Training Centre එකේ අපේ Annual Outstation Camp එක කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරුණු කාරණා ඔක්කොම අපි සිද්ධ කළා. අවසර ගන්න ඒවා. එක කරන එක. ළමයින්ට, දෙමාපියන්ට කියන කරුණු ආදී ඒවා.

Annual Outstation Camp එකට පිටත් වෙන දවසට කලින් දවසේ රෑ අපේ set එක හිටියේ ඉස්කෝලේ. ඒ නත්තල් දවස. ඒකෙත් කතාවක් තියෙනවා. ඒක ගැන ඉස්සරහට කියන්නම්කෝ. මට කලින් කියන්න අමතක වුණා Annual Outstation Camp එකට යද්දී අපි කෑම උයන්න Cook කෙනෙක්ව එක්කන් යනවා. අවුරුද්ද පුරාම තියෙන Camporee හරි Jamboree, Training Camps, Competition Camps ඔක්කෝගෙම අපි අපේ කෑම සකසා ගත්තත් Annual Outstation Camp එක යද්දී cook කෙනෙක්ව ගෙනියන්නේ scouts ලාට පුලුවන් තරම් activities කරන්න ඉඩ හදාගන්න. කොහොම වුණත් Duty Patrol එක cook ට උදව් කරනවා කෑම සකස් කරන්න.


ඉතින් මීරිගම Annual Outstation Camp එකටත් cook කෙනෙක්ව හොයන වැඩේ අපි දුන්නේ කසුන්ට. Man ඉස්කෝලේ කැන්ටිමේ ඉන්න cook කෙනෙක්ව වැඩේට set කරගත්තා. අපි Camp එකට යන්න කලින් දවසේ ඉස්කෝලේ හිටියා කිව්වේ ඉතින් අපි ඔක්කොම වැඩ ටික හරිද කියලා ආයි පාරක් check කරලා බලලා කැන්ටිමටත් ගිහින් cook අන්කල්ටත් මතක් කළා හෙට උදේ 7.30 ට විතර අපි පිටත් වෙනවා එයාට ලෑස්ති වෙලා ඉන්නත් කියලා.

පහුවෙනිදා උදේ අපි යන බස් එක ආවට පස්සේ ඒකට ආම්පන්න ටිකත් පටෝලා අපේ bags එහෙමත් පටෝලා Open Rally එකත් කරලා අපි කට්ටිය පිටත් වුණා. ඔහොම යද්දී කිරිබත්ගොඩ හරියෙදී විතර අපේ Camp Organizing Committee එකේ Foods බාරව හිටිය කසුන්ගෙන් ASL අයියලා ඇහුවා "මල්ලී රෑට මොනවද කන්න දෙන්නේ ?" කියලා.

Man කිව්වා "පානුයි පරිප්පුයි තමා දෙන්න ඉන්නේ අයියේ. අපි මීරිගම තැනක් set කරගෙන තියෙන්නේ පාන් ගන්න" කියලා.

ඒ වෙලේ තමා කසුන්ට මතක් වුණේ රෑට පරිප්පු උයන්න ඕනේ කියන එකත් එක්කම cook අන්කල්ව අපි ඉස්කෝලේ දාලා ආවා කියන එකත්. පස්සේ man ඒක ASL අයියලාට කිව්වා. ආපහු bus එක හරෝගෙන ඉස්කෝලෙට යන්න බැහැනේ. අපි ඒ වෙලේ හිටියේ කිරිබත්ගොඩ හරියේ කියලා මම කලින් කිව්වේ.

ASL අයියලා කිව්වා "මේ හසිත මල්ලිගේ පැත්තනේ. ඔයානේ දන්නේ මේ පැත්තේ bus ගැන එහෙම. ඔයා ඉස්කෝලෙට ගිහින් cook එක්කන් මීරිගමට එන්න. අපි ඔයාලව මීරිගමින් bus එකට ගන්නම්" කියලා.

මාත් ඉතින් ඕකට හා කියලා කිරිබත්ගොඩින් 154 bus එකේ ඉස්කෝලට ඇවිත් කැන්ටිමට ගියා. ගිහින් cook අන්කල්ව හොයාගත්තා. එයාත් උදේ අපි එයාව එක්කන් යන්න ආපු නැති නිසා 7.45 ට විතර Scout Room එක පැත්තට ඇවිත්. කවුරුත් පේන්න නැති නිසා එයාටත් මොකුත් හිතාගන්න බැරිවෙලා. පස්සේ එයා ආයි කැන්ටිමට ඇවිත්. ඉතින් ආයි පාරක් එයාව ලෑස්ති කරගෙන අපි කොටුවට ආවා කෝච්චියෙන් මීරිගමට යන්න.

කෝච්චියේ මීරිගමට යන අතරතුරේ මට මාර නිදිමතයි. පාන්දර වෙනකම් අපි කට්ටිය ඇහැරගෙන හිටියේ. ඊට හපන් කෝච්චිය පැද්දෙන විදිහට කොහොමත් නිදිමතයි. බැරිවෙලාවත් නින්ද ගියොත් අලි මදිවට කොටි කියලා මීරිගම station එක පහුවුණොත්. ඒක නිසා අමාරුවෙන් ඇහැරගෙන ඉදලා මීරිගමින් බැහැ ගත්තා. ඒ වෙද්දී අපේ කට්ටියත් bus එකේ එතනට වෙලා හිටියා. පස්සේ ඉතින් අපි කට්ටියම මීරිගම camp එකට ගියා. ඒකේ කතා වගේකුත් තියෙනවා. ඒවත් ඉස්සරහට කියන්නම්කෝ.


මේ Camp එකේ තවත් photos බලන්න ඕනේ නම් මෙතන කොටලා බලන්න. මේ ගැන අදහස දුන්න අපේ බාලදක්ෂ කණ්ඩායමේ මේ වෙනකොට සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරන ටර්සි මල්ලීට ස්තුතියි :)

ප.ලි.: Annual Outstation Camp එකට මීරිගමට යද්දී හම්බෙන පිළිකුත්තුව රාජ මහා විහාරෙයි, වාරණ රාජ මහා විහාරෙටයි යන්න තමා අපි සැලසුම් කරලා තිබ්බේ. මමත් ඒ පන්සල්වලට ගිහින් නැති නිසා ඒවා බලන්න පුලුවන් වෙයි කියලා තමා හිතාගෙන හිටියේ. අන්තිමට කඩන් වැටුණු කොන්ත්‍රාත් එක නිසා ඒවා බලන්න වුණෙත් නැහැ. තාමත් මට ඔය පන්සල් දෙකට යන්න වුණේ නැහැ. ඉස්සරහටවත් යන්න ඕනෙයි කියලා තමා හිතාගෙන ඉන්නේ......

Thursday, July 1, 2010

තවත් අනුවේදනීය ආගිය කතාවක්


මේ දවස් ටිකේම මට අහන්න ලැබුණේ අනුවේදනීය, ශෝචනීය කතා. කලිනුත් එක අනුවේදනීය කතාවක් කිව්වානේ. මෙන්න තවත් මට අහන්න ලැබුණු අනුවේදනීය කතාවක්. රවා අයියා ලියලා තිබ්බ කතාවකින් තමා මේකත් කියන්න ඕනේ කියලා මට හිතුණේ.

මීට සති කීපෙකට කලින් අපේ මිත්‍රයෙක් වැඩ ගොඩක හිරවෙලා හිටියා. වැඩේ තමා උන්ගේ අල්ලපු ගෙදර අයියාගේ wedding එක. ඉතින් ඒ අයියත් එක්ක හැම වැඩකටම වගේ යන්න වුණා අපේ මිත්‍රයාට. අන්තිමට ඉතින් Home Coming එක දවසෙත් අම්බානකත් තව පොඩ්ඩක් වැඩ කරලා තමා අපේ මිත්‍රයාගේ duty off වෙලා තියෙන්නේ.

ඉතින් ඊයේ හැන්දෑවේ අපේ කට්ටිය set වුණු වෙලාවේ අපේ මිත්‍රයා කිව්වා "උඹලාට මතකද මම පහුගිය දවස් ටිකේ අල්ලපු ගෙදර අයියගේ wedding එකට මහන්සි වුණා. ඒ අයියාගේ wife වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහින් නේ" කියලා.

"බැඳලා දවස් කීයද බන් ?" කියලා එකෙක් ඇහුවා.

"Home Coming එක කරලා දවස් 12 යි ගෙදර ඉදලා තියෙන්නේ පොසොන් පෝයට කලින් දවසේ තමා පැනලා ගිහින් තියෙන්නේ" කියලා අපේ මිත්‍රයා කිව්වා.

පස්සේ ඉතින් අපේ මිත්‍රයා කියන විදිහට කතාව මෙහෙමයි.

ඒ අයියයි අක්කයි බියගම වෙළෙඳ කලාපේ එක garment එකේ තමා job එක කරලා තියෙන්නේ. ඒකෙදී තමා දෙන්නා set වෙලා තියෙන්නේ. අවුරුදු 5 ක් දෙන්නා love කරලා engagement එක අරගෙන තියෙනවා. ඊටත් පස්සේ තව අවුරුදු 2 ක් ඉදලා තමා wedding එක මේ අවුරුද්දේ අරගත්තේ. සම්පූර්ණයෙන්ම අවුරුදු 7 ක් දෙන්නා love කරලත් තියෙනවා.

අනික ඒ අයියා අක්කාට මාර ආදරෙයිලු. කොටින්ම ඒ අක්කා ටිකක් දුප්පත්ලු. ඒක නිසා අක්කාගේ පැත්තෙන් wedding එක කරන්නත් අයියා එයා වැඩ කරන garment එකෙන් රුපියල් 100, 000 loan එකකුත් අක්කාට අරන් දීලා තියෙනවා. පස්සේ අයියාගේ පැත්තෙන් home coming එක කරන්න සල්ලි නැතුව සල්ලි පොලියට අරන් තමා කරලා තියෙන්නේ.

ඒ වගේම ඒ අක්කා දෑවැද්දට අරගෙන ආපු බඩු මුට්ටු, රත්තරන් බඩු ඔක්කොම ටික අයියාගේ සල්ලිවලින් තමා හදලා දීලා තියෙන්නේ. ඒ වගේම Wedding එකෙන් පස්සේ අක්කා වැඩට යන්න කලින් දවසේ shopping එක්කන් ගිහින් අළුතෙන්ම ඇඳුම් අරන් දීලා. ඒ වෙලේ අයියා කිව්වාලු " එකෙන් පස්සේ වැඩට යද්දී පරණ ඇඳුම් ඇදන් යන එක හරි නැහැනේ" කියලා.

ඒ වගේම දැන් අක්කා පැනලා ගිහින් ඉන්න කොල්ලත් එක්කත් affair එකක් පටන් අරන් තියෙන්නේ engagement එකත් ගත්තාට පස්සේ. ඒක ගැන අයියාට වටින් පිටින් ආරංචි වුණාම අක්කා අයියාගේ ඔළුවේ අත තියා දිවුරලා කියලා තියෙනවා දැන් එහෙම එකක් නැහැ කියලා.

අන්තිමට ඉතින් පොසොන් පෝයට කලින් දවසේ අයියා උදෙන්ම වැඩට ගියාට පස්සේ තමා අක්කා වැඩට ගිහින් තියෙන්නේ. අක්කා වැඩට යද්දී සාරියකුයි, රත්තරන් බඩු වගේකුයි අරන් ගිහින් තියෙනවා. ඒක ගැන අයියාගේ අම්මා අහපුවාම කියලා තියෙනවා වැඩපළේ යාළුවෙක්ට wedding එකකට යන්න ඕනේ වෙලා ඒකටයි ගෙනියන්නේ කියලා.

එදා රෑ වෙනකනුත් wife ගෙදර ආපු නැති නිසා අයියා call කරද්දී අක්කා කියලා තියෙනවා "මම ආයි එන්නේ නැහැ. මට පාඩුවේ ඉන්න දෙන්න. ආයි call කරලා මට කරදර කරන්න එපා" කියලා.

පස්සේ ඒ අක්කාගේ යාළුවෙක්ගෙන් විස්තර අහද්දී තමා දැන්ගන්න ලැබිලා තියෙන්නේ අර කලින් affair එක තිබ්බ කොල්ලා එක්ක තමා අක්කා පැනලා ගියේ කියලා. අයියාගේ අම්මා ඇතුළු නෑදෑයෝ ඒ අක්කාට කරපු ජරා වැඩේට බනිද්දී අයියා කියන්නේම "එයාට බනින්න එපා. ඒක එයාගේ සතුට නම් මට ප්‍රශ්නයක් නැහැ" කියලා. ඒ වගේම ඒ අයියා කිව්වා එයා ආපහු ආවොත් ඒත් එයාට සමාව දීලා බාරගන්න ලෑස්තියි කියලා. මේක අහපු කට්ටිය දැන් අයියටත් බැන්නා "උඹට ඔල්මාදෙද ?" කියලා.

අපේ යාළුවාට අයියා කියලා තියෙනවා "මචං මම අවුරුදු 7 ක් එයාව ආශ්‍රය කළා. මට එයාත් එක්ක ඕන එකක් කරන්න තිබ්බා. ඒත් මම එහෙම කළේ නැහැ. මම එහෙමයි බන් එයාත් එක්ක හිටියේ" කියලා.

අපේ යාළුවා කියන විදිහට ඒ අයියා අරක්කු, සිගරට් බොන්නේ නැති, කාත් එක්කවත් රණ්ඩු දාගන්නේ නැති හැමෝමත් එක්කම හිනාවෙලා කතා කරලා ඉන්න හොඳ මනුස්සයෙක්. ඉතින් ඒ වගේ මනුස්සයෙක්ට වුණු දේ ගැන හැමෝම කණගාටු වෙනවාලු.


අන්තිමට අපිටත් හිතුණේ මේ කෙල්ලව තියන්න වටින්නේ නැහැනේ මේ කරපු අපරාදෙට කියලා. ඕන් ඕකයි අද කතාව.

මේ කතාව අහපු අපේ එකෙන් කිව්වා කවියක් හෙණ ප්‍රසිද්ධ කවියක්

"ගැහැණු ජාතිය
ජරා ජාතිය
ගලේ ගහලා
මරා දාපිය"

" පිරිමි ජාතිය
උතුම් ජාතිය
දණ නමාපිය
මල් පුදාපිය"

මම කිව්වා "ඔයිටත් වඩා සිරා එකක් මම ගාව තියෙනවා. ඒක ශ්ලෝකයක් ඉන්දියාවේ හිටපු බ්‍රාහ්මණයෝ තමා කියලා තියෙන්නේ" කියලා.

"දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ශනං ධන නාශනං
ශයනං මරණං තුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී"

ස්ත්‍රියගේ දැක්මෙන් පුරුෂයාගේ සිහිය විකල් වන අතර ස්ත්‍රිය ස්පර්ශයෙන් ධනය විනාශ වෙයි. එක්ව සයනය කිරීමෙන් මරණය පැමිණිය හැකි අතර ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම රාක්ෂණියක් වේ.


මේ කතාව ඒ අයියාගේ පැත්තෙන් නේ කතා කළේ. ඒ අක්කාටත් මොකක් හරි සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන් නේ කියලයි මට හිතුණේ. ඒත් එයාගේ හේතුව මොකක් වෙන්න පුලුවන්ද කියලා නම් මට අදහසක් නැහැ.

ඔයාලා මොකක්ද මේක ගැන හිතන්නේ ඒ අක්කාගේ පැත්තෙනුත් සාධාරණ හේතුවක් තියෙන්න පුලුවන්ද ?

ප.ලි.: එක මකුණෙක් කාපුවාම ඔක්කොම මකුණන්ට සබ්බුව හම්බෙනවා වගේ ඒක ගැහැණු කෙනෙක් නිසා සමස්තයක් විදිහට හැම ගෑණු කෙනෙක්ටම බනින එක නම් වැරදියි. පිරිමින්ගෙත් මෙහෙම වැඩ කරන අය නැතුවාම නොවෙයි....