Sunday, March 24, 2013

එකම කාලේ පාප්වරු තුන් දෙනෙක් ???

 පාප්වරු තුන් දෙනෙක්

මේ දවස්වල XVI වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් සමුගැනීම වගේම ෆ්‍රැන්සිස් පාප්තුමා ධූරයට පත්වීම වගේ කරුණු කාරණා කතාවෙන නිසා ඒ ගමන්ම මේ කතාවත් කියලා දාන්න තමා හිතුවේ. XVI වෙනි බෙනඩික් පාප්තුමා තවමත් ජීවමාන සිටින නිසා මේ කාලේ පාප්වරු දෙන්නෙක් ඉන්නවා කියලා ඕන්නම් කියන්න පුලුවන්.

ඒත් බෙනඩික් පාප්තුමා නිල වශයෙන්ම ඉල්ලා අස්වෙලා තියෙන නිසා එහෙම එකකුත් කියන්න බැහැ. ඒත් නිල වශයෙන්ම පත් කෙරුණු පාප්වරු තුන් දෙනෙක් එකම කාලෙක හිටියා කියන කතාව නම් ඇත්ත. වැඩි කතා ඕනේ නැහැ අපි කතාවට බහිමුකෝ.

VIII වෙනි බොනිෆස් පාප්තුමා

කතාව පටන් ගන්නේ 1294 දී පාප් ධූරයට පත්වුණු VIII වෙනි බොනිෆස් පාප්තුමාගෙන්. මේ වෙද්දී ක්‍රමයෙන් කතෝලික පල්ලියට දේශපාලනික වගේම ආගමික අතිනුත් විවිධාකාරයේ ගැටලු මතුවෙමින් තිබුණු කාලයක්. මේක නිසා පල්ලියේ බලය තහවුරු කරගන්න ලෞකික අධිකාරයට වඩා ආගමික අධිකාරය උතුම් කියපු බොනිෆස් පාප්තුමා ඒක සනාථ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා. 

ඒ යටතේ 1298 දී පාප්තුමාගේ අවසරයක් නැතුව පූජකවරුන්ගෙන් බදු අය කරන්න රජවරුන්ට අවසරයක් නැහැ කියලා නියෝගයක් නිකුත් කරන්න එතුමා කටයුතු කරනවා. ඒත් ඒ වෙද්දී ජාතික රාජ්‍ය වශයෙන් නැගී ගෙන ආපු ප්‍රංශය වගේම එංගලන්තය නම් ඒකට කැමති වුණේ නැහැ. 

විශේෂයෙන්ම එංගලන්තයේ I වෙනි එඩව්ඩ් ප්‍රංශයේ IVවෙනි පිලිප් වගේ රජවරු මේ නියෝගයට එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැතිව පල්ලි ඉඩම්වලින් බදු අය කරන්න පටන් ගත්තා. මේ නිසා පාප්තුමාට සිද්ධ වෙනවා ජාතික හදිසි අවස්ථාවන්වලදී පූජකවරුන්ගෙන් බදු අය කරගන්න රජතුමාට පුලුවන් කියලා තමන්ගේ නියෝගය සංශෝධනය කරගන්න. 

ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා

මේ විදිහට පාප්තුමායි රජවරුයි අතරේ ගැටුමකට මුල පිරෙද්දී තමා ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශයේ හිටිය බිෂොප්වරයෙක්ව අත් අඩංගුවට ගන්නේ. මේ වැඩේට විරුද්ධ වුණු පාප්තුමා රජතුමාව කතෝලික ආගමෙන් නෙරපනවා කියලා තර්ජනය කරනවා. 

රජතුමා ඒ තීරණය ගැන කෝපවෙලා VIII බොනිෆස් පාප්තුමාව ඉවත් කරලා වෙන අයෙක්ව පාප් ධූරයට පත් කරන්න තීරණය කරලා 1303 සැප්තැම්බර් මාසයේදී ඉතාලි රදළ පිරිසකගේත් උදව් ඇතුව පාප් මාළිගාවට පහරදීලා පාප්තුමාව සිරභාරයට ගන්නවා. කොහොම නමුත් පස්සේ මේ සිද්ධිය සමථයකට පත්වුණත් සිද්ධිය නිසා ඇතිවුණු කම්පනයෙන් VIII බොනිෆස් පාප්තුමා මාසයකට පමණ පස්සේ ස්වර්ගස්ථ වෙනවා. 

V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා

මේක තමන්ගේ අවස්ථාව කරගන්න ප්‍රංශයේ IV වෙනි පිලිප් රජතුමා ප්‍රංශ ජාතික පාප්තුමෙක්ව පත් කරගන්න කටයුතු කරනවා. ඒ යටතේ පත්වුණු V වෙනි ක්ලෙමන්ට් පාප්තුමා රෝමයේ පාප් මාළිගාවට යන්නේ නැතුව අග්නිදිග ප්‍රංශ සීමාවේ රොන් ගඟ ගාව තියෙන ඇවිග්නොන් කියන නගරයේ වාසය කරනවා. 1309 ඉදන් 1377 වෙනකම් බැබිලෝනියන් අත් අඩංගුව කියලා හඳුන්වන මේ කාලයේ පත්වුණු හැම පාප්තුමෙක්ම වාසය කරන්නේ මේ නගරයේ.

මේ කාල සීමාවේදී හැම පාප්තුමෙක්ම ප්‍රංශ ජාතිකයන් කාඩිනල්වරුන් විදිහට වැඩි වශයෙන් පත් කරගත්තා වගේම ඒක නිසා හැම විටම වගේ පාප් ධූරය ප්‍රංශ ජාතික කාඩිනල්වරයෙක්ටම හිමිවුණා. මේ නිසාම ප්‍රංශයට හිතැති සහ වාසිදායක වෙන තීරණ පාප්වරු ගත්තා වගේම ක්‍රමයෙන් කතෝලික පල්ලියේ විවිධාකාරයේ ගැටලු ඇතිවෙන්න පටන් ගත්තා. 

  XI වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ කාලයේදීම පාප්තුමාට අයිති වෙලා තිබුණු ඉතාලි ප්‍රදේශ අහිමි වීමේ තර්ජනයක් එහෙමත් ආපු නිසා රෝම වැසියන්ගේ ඉල්ලීමට XI වෙනි ග්‍රෙගරි පාප්තුමා 1377 දී නැවත වරක් රෝමයේ වාසයට ආවා. 1378 දී XI වෙනි ග්‍රෙගරි පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක රෝම හෝ ඉතාලි කාඩිනල්වරයෙක් පාප් ධූරයට පත් කරන්න කියලා මහජන මතයක් ගොඩනැගුණු නිසා කාඩිනල්වරු ඉතාලි ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ VI වන අර්බන් පාප්තුමා. 

 VI වන අර්බන් පාප්තුමා

එතුමා උත්සහ කරන්නේ ප්‍රංශ ආදිපත්‍යට නතු වෙලා තිබුණු පාප් ධූරය නැවත වරක් ස්වාධීන කරන්න. ඒ යටතේ එතුමා අලුතෙන් කාඩිනල්වරු 28 ක් පත් කරලා කාඩිනල් මණ්ඩලයේ ප්‍රංශ බලය අවම කරන්න කටයුතු කරනවා. ඒත් ඒ කටයුත්තට එරෙහිව නැගී සිටිය ප්‍රංශ කාඩිනල්වරු VI වන අර්බන් පාප්තුමාගේ පත්වීම වලංගු නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරලා VII වන ක්ලෙමන්ට් නමින් නව පාප්තුමෙක් පත් කරගන්නවා. 

VII වන ක්ලෙමන්ට් පාප්තුමා

පාප් ධූරය අත් හරින්න අකමැති වුණු VI වෙනි අර්බන් පාප්තුමා VII වන ක්ලෙමන්ට් පාප්තුමා කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමාත් දැන් නිත්‍යානුකූල පාප්තුමා තමන් කියලා ප්‍රකාශ කරලා VI වෙනි අර්බන් පාප්තුමාව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. 

මේ නිසා එකම කාලේ පාප්වරු දෙන්නෙක් කතෝලික ජනතාව පාලනය කරනවා. VI වෙනි අර්බන් පාප්තුමා රෝමයේ කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයනවා. ඉතාලිය, ජර්මනිය, එංගලන්තය වගේ රටවල් එතුමාට පක්ෂපාතී වෙනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමා ඇවිග්නොන් නගරය කේන්ද්‍ර කරගෙන තමන්ගේ පාලනය ගෙනයවා. ප්‍රංශය, ස්කොට්ලන්තය, නේපල්ස්, ස්පාඤ්ඤය එතුමාට පක්ෂපාතී වෙනවා. 

1389 දී VI වෙනි අර්බන් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකා විදිහට IX වෙනි බොනිෆස් පාප්තුමා පත්වෙනවා.

1394 දී VII වන ක්ලෙමන්ට් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XIII වෙනි බෙනඩික් පාප්තුමා පත් වෙනවා.

1404 ඔක්තෝබර් මාසයේදී IX වෙනි බොනිෆස් පාප්තුමා ස්වර්ගස්ථවීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට VII වෙනි ඉනසන්ට් පාප්තුමා පත් වෙනවා. 1406 දී එතුමා ස්වර්ගස්ථ වීමත් එක්ක XII වෙනි ග්‍රෙගරි පාප්තුමා පත් වෙනවා.

XII වෙනි ග්‍රෙගරි පාප්තුමා

මේ තත්වයත් එක්ක කතෝලික සභාව බිඳ වැටීමේ තර්ජනයක් එල්ල වෙන්න පුලුවන් නිසා කතෝලික සභාව බේරා ගැනීමේ අරමුණෙන් සංහිදියා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. පැරිස් විශ්වවිද්‍යාලයේ බුද්ධිමතුන් වගේම ආච් බිෂොප්වරු, බිෂොප්වරු, ඇබට්වරු, එංගලන්ත, ප්‍රංශ, ජර්මන්, පෝලන්ත, සිසිලි රජවරුන්ගේ නියෝජිතයන් කියන මේ සියලු දෙනාම 1409 දී ඉතාලියේ පීසාවලට රැස් වෙනවා. මේ එකතුව Council of Pisa නමින් හැඳින්වෙනවා.

මේ සමුළුවේදී XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් කියන පාප්තුමන්ලා දෙන්නාම ධූරවලින් පහ කරලා ග්‍රීක ජාතික පාප්තුමෙක් පත් කරගන්නවා. ඒ V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා. ඒත් ගැටලුව වෙන්නේ පීසා සමුළුවේ තීරණය පිළිගන්න XII වෙනි ග්‍රෙගරි සහ XIII වෙනි බෙනඩික් පාප්තුමන්ලා අකමැති වීම 

 V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා

මේ නිසා එකම කාල සීමාවේ XII වෙනි ග්‍රෙගරි, XIII වෙනි බෙනඩික්, V වෙනි ඇලෙක්සැන්ඩර් නමින් පාප්තුමන්ලා තුන් දෙනෙක් ඉන්නවා. 1410 දී V වෙනි ඇලෙක්සැන්ඩර් පාප්තුමා ස්වර්ගස්ථ වීමත් එක්ක එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට XXIII වෙනි ජෝන් පාප්තුමා පත් වෙනවා. 

Council of Constance

තත්වය තව දුරටත් අවුල් ජාලාවක් වෙන නිසා 1414 ඉදන් 1418 වෙනකම් මීටත් වඩා පුළුල් නියෝජනයක් ඇතුව ශුද්ධ රෝමානු අධිරාජයා වුණු සිගිස්මන්ඩ්ගේ මූලිකත්වයෙන් කොන්ස්ටන්ස් නගරයේදී සම්මේලනයක් පවත්වන්න පිරිස කටයුතු කරනවා. මේ එකතුව Council of Constance නමින් හැඳින්වෙනවා.

 XXIII වෙනි ජෝන් පාප්තුමා

ඒ යටතේ XXIII වෙනි  ජෝන් සහ XIII වෙනි බෙනඩික් කියන පාප්වරුන් Anti Popes විදිහට නම් කරලා ඔවුන්ව ධූරයෙන් පහ කරනවා. ඒ වගේමයි XII වෙනි ග්‍රෙගරි පාප්තුමාවත් ධූරයෙන් පහ කරලා එතුමාට Cardinal Bishop of Porto and Santa Ruffina කියන ගෞරව තනතුර ප්‍රදානය කරනවා. එතුමා මේ සම්මේලනය අතරවාරයේදී ස්වර්ගස්ථ වෙන නිසා අවසානයේදී සම්මේලනයේ එකඟත්වයත් මත එතුමාගේ අනුප්‍රාප්තිකයා විදිහට V වෙනි මාර්ටින් පාප්තුමා 1417 දී තෝරා පත් කර ගන්නවා.  

XIII වෙනි බෙනඩික් පාප්තුමා

XXIII වෙනි ජෝන් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න කැමති වුණත් XIII වෙනි බෙනඩික් පාප්තුමා ධූරයෙන් ඉවත් වෙන්න අකමැති වෙන නිසා එතුමාව කතෝලික සභාවෙන් නෙරපන්න සම්මේලනය තීරණය කරනවා. ඊට පසුව Perpignan ප්‍රදේශයේ වාසය කරපු XIII වෙනි බෙනඩික් 1423 දී ස්වර්ගස්ථ වෙනකම්ම ප්‍රකාශ කරන්නේ නියම පාප්තුමා තමන් කියලා. 

XXIII වන ජෝන්ගේ සොහොන

පසුව පත්වුණු V වෙනි මාර්ටින් පාප්තුමා යටතේ XXIII වෙනි ජෝන් Tusculum ප්‍රදේශයේ කාඩිනල් බිෂොප් වශයෙන් කටයුතු කරලා 1418 දෙසැම්බර් ස්වර්ගස්ථ වෙනවා. 

 V වෙනි මාර්ටින් පාප්තුමා

සම්මේලනයේදී XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් වගේම VII වෙනි ක්ලෙමන්ට්, V වෙනි ඇලෙක්සැන්ඩර් කියන පාප්වරුත් Anti Popes ලා විදිහට නම් කෙරෙනවා. ඒ විදිහට තමා පාප්වරුන් තුන් දෙනෙක් එකම කාලේ හිටිය ප්‍රශ්නේ නිරාකරණය වුනේ.

 Council of Constance

ඔක්කොම නම් ගම් පැටලෙනවා වගේ නම් පහළින් තියෙන රූප සටහන බලන්නකෝ.


මේ සටහන ගැන අමාරු ප්‍රශ්න තියෙනවා නම් ගිහාන් සහෝදරතුමාට සහ හරී අයියාට යොමු කරනු ලැබේ :D

ප.ලි.: වැස්ස වෙලාවට කරන්න දෙයක් නැති නිසා පරණ ඉතිහාසය පොත් ටිකක් කියවන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තමා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ යුරෝපයේ ඉතිහාසය පොතේ තිබිලා මේ කතාව හම්බුණේ. පලිප්පු දාන්න විස්තර ගත්තේ විකිපීඩියාවෙන්

ප.ප.ලි.: මුල්ම ෆොටෝ එක ඉස්සුවේ හරී අයියාගෙන් :)

74 comments:

  1. ඇමරිකාවේ මේ දිනවල (හිටපු සහ වත්මන්) ජනාධිපතිලා පස් දෙනෙක් ඉන්නවා. ඔබාමා, ලෙකු බුෂ්, පොඩි බුෂ්, ක්ලින්ටන් සහ ෆෝඩ්.

    ලංකාවේත් දෙන්නෙක් ඉන්නවා, මහේන්ද්‍ර සහ චන්ද්‍රිකා.

    කාළෙකට ඉස්සර (2008) විජේතුංගත් එක්ක තුන් දෙනෙක් වැඩ හිටියා.

    චන්ද්‍රිකා ගේ කාලේ නම් හිටියේ එකෝම එක්කෙනයි.

    තුන් දෙනෙක් ඉන්න කාලයක් ලඟදීම ඒවිද?

    ReplyDelete
    Replies
    1. @ කතන්දර කාරයා

      තුන් දෙනෙක් ඉන්න කාලයක් ආයේ මේ කපේට නම් එන්නේ නැතිවෙයි :D

      Delete
  2. තව කාලයක් බල ඉන්න වෙයි කකා...

    ReplyDelete
    Replies
    1. :D :D :D

      උදේ පාන්දර මේක දැක්කම දාන්න ආව කමෙන්ට් එකත් අමතක උනා ඕයි...

      Delete
    2. @ මාරයාගේ හෝරාව

      කමෙන්ට්ස් අමතක වෙන්නේ නැද්ද ඉතින් මේවා දැක්කාම :P

      Delete
  3. මේක ගැන හසිත මල්ලි ලිව්වා වගේම හරී මල්ලිත් ලිව්වොත් හොදයිනං තමා...

    කොහොම උනත් පාප් කෙනෙක් කියන්නේ දෙවියන් වහන්සේගේ නියෝජිතයා හැටියට සැලකෙන නිසා ඔය කියන කාලයේ එකවර නියෝජිතවරු තිදෙනෙක්ම හිටියම ඒක දෙවියන් වහන්සේව අදහන අයට ලොකු ශක්තියක් වෙන්න ඇති. දෙවියන් වහන්සේගේම කැමැත්ත අනුව නෙව පාප් කෙනෙක් පත් වෙනවා කියන්නෙත්... ඇයිද මංදා ආයේම වතාවක් තුන් දෙනා එක්කෙනෙකුට අඩු කරන්න කට්ටිය ඔයාකාර මහන්සි උනේ...

    ReplyDelete
    Replies
    1. @ මාරයාගේ හෝරාව

      දෙවියන්ගේ නියෝජිතයෝ එක් කෙනෙක් වෙනුවට තුන් දෙනෙක් ඉන්න එක ආගමික අතින් පහසුවක් වුණා කියලා හිතුවත් පාප් තනතුරත් එක්ක බැඳිලා තියෙන ලෞකික බලයත් එක්ක බලද්දී නම් ඒක හොඳම නැති තත්වයක්

      Delete
    2. ඇයි මල්ලියේ දැන් ලෝකෙම කියන්නේ බලය බෙදන්න කියලනේ.. ඒක හොදයි කියලනේ.. ඉතිං ආයේ ඔහොම බලතල තියෙන අයගෙත් බලතල බෙදුනාම ඒ තියරියම ආදේස කොරන්න බැරි නැහැ නෙව...

      මල්ලි බලලා තියේද ටොම් හෑන්ක් උන්නැහේගේ Angels & Demons (2009) කියන චිත්තරපටිය... ආන්න මල්ලියේ බලන්න වටින චිත්තරපටි... ෂෙහ්...

      Delete
    3. @ මාරයාගේ හෝරාව

      පාප්තුමාට තියෙන්නේ බෙදිය නොහැකි, පැවරිය නොහැකි බලයක්නේ :) Angels & Demons විතරක් නෙමේ ඩාවින්සි කෝඩ් චිත්තරපටියත් බලලා තියෙන්නේ. උපරිමයි (Y)

      Delete
  4. හසිත යුරෝපා ඉතිහාසෙත් කලාද?

    උඩ තියෙන පින්තූරේ ඉස්සුවේ හරීගෙන් කීවේ එයත් පින්තූරේ ඉන්නවද? කොයි එක්කෙනාද අනේ ?:D

    පාප්තුමන්ලා ගැන ආයෙම කියවලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ඉතිහාසය විශේෂවේදී පාඨමාලාව ඉවර වෙද්දී උතුරු ඇමරිකානු, දකුණු ඇමරිකානු, අප්‍රිකා, යුරෝපා, රුසියන්, ඉන්දියා, ලංකා, අග්නිදිග ආසියා, ජපන්, චීන ඉතිහාසය කියන හැම අංශයක් ගැනම සාමාන්‍යයෙන් ඉගැන්විලා තියෙන්නේ. ඒකෙනුත් වැඩි බරක් දාලා උගන්වන්නේ ලංකාව, ඉන්දියාව සහ යුරෝපයේ ඉතිහාසය

      හරී තමා පාප්තුමන්ලා තුන් දෙනාම ඉන්න ෆොටෝ එක ෆේස්බුක් ෂෙයාර් කරලා තිබුණේ :)

      Delete
  5. පාප්වරු දෙන්නෙක්ව තනතුරෙන් පහ කරන්ට කියලා ගිහිල්ලා අන්තිමේදී පාප්වරු තුන් දෙනෙක් පත් වීම මරු වැඩේ නේද.?? :D

    ReplyDelete
    Replies
    1. @ Buratheno

      බල තණ්හාව නැති ඇත්තෝ හරීරීරී අඩුයිනේ :)

      Delete
  6. මම ස්ත්‍රීවාදය බ්ලොග්කරු.දැන් ලියවරුන කියල වැටෙන්නෙ.ඒක අවුලක් කරගන්න එපා.

    මමත් ඔය කතා අහල තිබෙනවා.පාප් වහන්සේ පත් කිරීම ගැන අර්බුදයක් ආ විට පාප් වරු තුන් දෙනෙක් පත් වූ බවත් පසුව වික්ටර් නම් පාප් කෙනෙක් පත් වූ බවත් එතුමන්ට කාගේත් සහාය හිමිවූ බවත්.එහෙම දේකුත් වුනාද?එක වගේම බලවත් ඒ වගේම උතුම් පාප් වහන්සේලා තුන් දෙනෙක් පත් වීමට යනවිට එම තත්වය අද්භූත ලෙස මගහැරී පසෙක සිටි වික්ටර් පාප් තුමා පත් වීමත් හැමෝගේම සහාය එතුමන්ට ලැබීමත් පුදුමයි.මම මේක කියෙව්වෙ පුස්තකාලෙදි යුරෝපා ඉතිහාස සාරය කියල පොතක

    ReplyDelete
    Replies
    1. @ liya varuna

      වික්ටර් කියන නමිනුත් Anti popes ලා හිටිය බව තමයි විකියේ තිබුණේ. ඒ අවස්ථාවේදීත් මේ වගේම ක්‍රියාමාර්ගය අනුගමනය කෙරෙන්න ඇති

      Delete
  7. හසිත කියන්නෙත් මම කියන එකම වෙන්න ඇති මට නම පැටලෙන්න ඇති.වික්ටර් නොවෙයි එතුමා පස්වැනි මාර්ටින් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. @ liya varuna

      ඔබේ කතාවත් හරි වෙන්න ඕනේ. මොකද Anti popes ලා හිටිය එකම අවස්ථාව මේක නෙමෙයි. ඒ වගේමයි මම කලින් කිව්වත් වගේ වික්ටර් කියන නමිනුත් Anti popes ලා හිටිය නිසා ඒ දවස්වලත් මේ වගේම දේවල් වෙන්න ඇති

      Delete
  8. මේක නිකන් මණ්ඩලේ කචල් වැඩක්නේ. ඇත්තටම මම හිතන්නෙ අනිත් ආගම්වලට සාපේක්‍ෂව බලද්දි පාප් ධූරය ආගමික පැත්තට වඩා දේශපාලනික පැත්තට බරයි වගේ අතීතයෙ ඉඳලම. ඔය අවුල් වලට මූලික හේතුව ඒක වෙන්න ඕන පේන හැටියට.

    ReplyDelete
    Replies
    1. @ DDT

      මාරයාටත් කිව්වා වගේම පාප් ධූරයට ආගමික බලතල පමණක් තියෙනවා නම් මේක ලොකුම ගැටලුවක් වෙන්නේ නැතිවෙයි. ඒත් ඒ කාලේ හැටියට පාප් ධූරයත් එක්ක තිබුණු අසිමීත ලෞකික බලයත් එක්ක මේක අර්බුදකාරී තත්වයක් වුණා. වර්තමානේ වුණත් පාප් තනතුරත් එක්ක විශාල ලෞකික බලයක් තියෙනවා නොවැ. හරියට ටිබෙටයේ දලයි ලාමා වගේ තමා

      Delete
  9. ඒකාලෙ ඒක රජකමක් ලෙස සලකපු බව තමා සලකන්න වෙන්නෙ.. අනේ ඒ අතින් දැන් හරි හොඳයිනෙ... කවුද කියන්නෙ එන්න එන්න ලෝකෙ පිරෙහෙනවා කියලා.. ?

    ප.ලි. මම ඒත් බැලුවා හරියා ආගිය කතා බ්ලොග් එක හැක් කරලවත්දෝ කියලා.. ;D

    ReplyDelete
    Replies
    1. මටත් ඒකම උනා කියහන්කෝ සෙන්නො, නම දකිද්දිම මමත් හිතුවෙ මේක හරීගෙ ලිපියක් කියල. ක්ලික් කරනකොටම තමා දැක්කෙ හසිත ලියල කියල. අවුලක් නෑ ඉතිං, දෙන්නම ආගම දහමට බර භක්තිමත් තැන්පත් ඉලංදාරි දෙන්නෙක් නොවැ. :)

      Delete
    2. @DDT,
      ආගමට දහමට බර කතාව නම් හරි කියලා පිළිගන්න පුළුවන්..
      ඒත් “තැන්පත්“?????!!!

      Delete
    3. "ආගම දහමට බර භක්තිමත් තැන්පත්" දැන් හරී කියලා ඒ වගේ එකෙකුත් බ්ලොග් ලියනවද? මම දැනන් හිටියෙ නෑනෙ..

      Delete

    4. "ආගම දහමට බර භක්තිමත් තැන්පත්"???

      හරිම දෙන්නෙක් තමා තෝරගෙන ඉන්නේ? :D:D:D

      Delete
    5. හෙහ් හෙහ්... මට ඒ වෙලාවෙ තව විශේෂණ පද ටිකක් මතක් වුනේ නෑනේ.

      Delete
    6. @ සෙන්නා

      පාප්තුමා කියන්නේත් ආගමික සහ ලෞකික දෙයාකාරයේම බලතල තියෙන රජතුමෙක් තමා. යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවෙන්න පටන් ගැනීමත් එක්ක ලෞකික බලතල යම් තරමකට කප්පාදු වුණත් දැනුත් නැත්තේම නැහැ. කලින් ලිපි කීපයකින්ම කතා කරපු සීක්වරුන්ගේත් ගුරු තනතුර දරපු අය සීක්වරුන්ගේ ආගමික වගෙම ලෞකික නායකයෝ. ටිබෙටයේ දලයි ලාමාත් එහෙම තමා.

      බ්ලොග් හැක් කිරීමක් නැහැ ඕන්. මීට කලිනුත් ක්‍රිස්තියානි ආගම ගැනත් මම ලිපි ලියලා තියෙනවා. ඒවාත් කතාන්දර නොවැ අයියා :D

      Delete
    7. @ DDT

      //....දෙන්නම ආගම දහමට බර භක්තිමත් තැන්පත් ඉලංදාරි දෙන්නෙක් නොවැ. :)...//

      ඔන්න රෙකමදාරු :D

      Delete
    8. @ රූ....

      හෙලවෙන්නේවත් නැහැ අක්කේ තැන්පත් වෙලාමයි ඉන්නේ :P

      Delete
    9. @ හරී

      ෆේක් බ්ලොග් එකක් පටන් අරගෙන වගේ :P

      Delete
    10. @ Podi Kumarihami

      තෝරාගනු ලැබූ අය වුණාම එහෙම තමා :D

      Delete
    11. @ DDT

      මතක් වුණු විශේෂණ ටික ඉහටත් උඩින් :D

      Delete
  10. හසිත ඔය කාල වකවානු වල හරිම කචල් කාලයක් තමා තිබිලා තියෙන්නේ,,බලේට කෑදරකමින් මනුස්සකමක් නැති කාලයක් ඔය කාලේ,,,ඒ හෙනේ වතිකානුවටත් තිබිලා තියනවා මොනා කරන්නද ඉතින්

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      මේ කාලේ කචල් තමා. එහෙන් රජවරු දේවවරම්වාදයෙන් තමන්ගේ බලය වැඩි කරගන්න යනවා. අනිත් පැත්තෙන් පාප්තුමා දේවවරම්වාදයෙන් තමන්ගේ බලය රැකගන්න යනවා.

      Delete
  11. වතිකානුවේ තරම් හඳුනානොගත් අපරාද සිදුවු වෙන තැනක් නැති තරම්. ඔය කියන කාලේ පාප් තුමන්ලා විස ශරීරගත වෙලා මිය ගිය බවක් තමයි කතාවේ එන්නේ. ඒ විතරක් නෙමෙයි බොහෝ පාප් තුමන්ලා මිය ගියේ විස ශරීර ගත වෙලා කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 24, 2013 at 5:51 PM

      ලෞකික වගේම ආගමික බලයත් මුදුන් පැමිණෙන ස්ථානයක් හොබවන පුද්ගලයන් සමඟ කුමන්ත්‍රණ, ඝාතන වගේ දේවල් රැඳී පැවතීම අරුමයක් නෙමේ. හදිසියේ ස්වර්ගස්ථ වුණු පාප්තුමන්ලාගේ මරණ සැක සහිත වුණත් මම දන්නා විදිහට වතිකානුවේ නීතිවලට අනුව පාප්තුමන්ලාගේ මරණයන් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම තහනම් නිසා ඒක හෙළිකරගන්න ඉඩක් නැහැ

      Delete
  12. පොඩි අවුලක් තියනවා වගේ... අර කොන්ස්ටන්ට් සමුළුව අස්සේ ඉඳල එද්දී. පාප්වරුන්ගේ නම් ටිකක් පැටලෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      පහළින්ම තියෙන රූප සටහන අධ්‍යයනය කරලා බලන්න අයියේ. ඒකෙන් අවුල ලෙහෙයි මම හිතන්නේ

      Delete
  13. දැනට ඔක්කම පාප් තුමන්ලා කීදෙනෙක් ඉඳල තියේද?.

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න ෆ්‍රැන්සිස් පාප්තුමා 266 වෙනියා.

      Delete
    2. @ අසරණයා

      දැක්කනේ අපි නැතත් ප්‍රශ්නවල පිළිතුරු දෙන්න දැනුවත් අය ඉන්නවා :)

      Delete
    3. @ Gihan (ගිහාන්)

      ස්තුතියි සහෝදරතුමා

      Delete
  14. පාප් තුමා ‍තෝරන්න චන්දය තියන බරපතල ආකාරයෙන්ම තේරෙනවනෙ..ඕය තනතුරට කොයි තරම් දේශපාලන බලපෑම් තිබෙන්න ඇතිද කියල( ඉස්සර)

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      පාප් ධූරයත් එක්ක රැඳිලා තියෙන බලය අතිශයින්ම බරපතල නිසා තමා තෝරාගැනීමත් බරපතල වෙන්නේ. ඒ වගේමයි ඉස්සර විතරක් නෙමේ තාමත් මේ තනතුරට තිබෙන දේශපාලන බලපෑම් නැත්තේම නැහැ

      Delete
  15. මිනිස් සංතානයන් සුවපත් කරන්න හැදිලා තියන ආගම් වල ප්‍රධානීන් අතරේ කොච්චර දේවල් සිදුවෙලා තියනවද?

    මොනවා වුනත් බලයට කෑදර කම අත් හරින්න බැරි දෙයක් මම හිතන්නේ..!!

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ආගම් එක්ක ආගමේ ප්‍රධානීන්ට ලැබෙන සිවිල් බලය තමා මේකට හේතුව. ලංකාවේ වුණත් හාමුදුරුවරුන් ගැන හිතලා බලන්නකෝ අක්කේ

      Delete
  16. මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලානම් ඇහුවේ අද තමයි හසිත මලයෝ.. කොහොම නමුත් මේ දවස් වල මෙහෙත් වැඩියෙන් කියවෙන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමා ( අපිට නම් පාපා ෆ්‍රැන්චෙස්කෝ ) ගැන නේ..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      තැටි රත්වුණු වෙලාවට අපි රොටි පුච්චන්නේ මෙහෙම තමා අයියා. මේක එක කතාවක් විතරයි පාප් ධූරයත් එක්ක බැදුණු තවත් කතා රාශියක් තියෙනවා. අපි ඒවා හරීටම භාර කරමු

      Delete
  17. අන්න අන්න .. හසිත හරිගෙ සබ්ජෙක්ට් එකත් ලියන්න ගත්ත. කෝ හසිත තාම මගෙ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑනෙ අර අනිත් බ්ලොග් එකේ..

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      ඊ අටුවාවේ අයියා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා වගේ නම් මතකයි අයියේ. හැබැයි මට ඒකේ තිබුණු ප්‍රශ්නෙත් හරියට තේරුණේ නැහැ. තේරුණු විදිහට තමා උත්තර බැන්දේ

      Delete
  18. බලන ගියාම මේ වැඩෙත් යන්නේ ෆුල් කචල් අස්සේ වගේ.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      ලෞකික වේවා ආගමික වේවා මොකක් හරි වේවා බලයක් තියෙන හැම තැනම කචල් තියෙනවානේ අයියා

      Delete
  19. //ඒ යටතේ XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික් කියන පාප්වරුන් Anti Popes විදිහට නම් කරලා ඔවුන්ව ධූරයෙන් පහ කරනවා. ඒ වගේමයි XII වෙනි ග්‍රෙගරි පාප්තුමාවත් ධූරයෙන් පහ කරලා//

    මෙතන පොඩි වෙනසක් වෙන්න ඕනා. කොන්ස්ටන්ස් මන්ත්‍රණ සභාව XII වෙනි ග්‍රෙගරි, XXIII වෙනි ජෝන් සහ XIII වෙනි බෙනඩික්ට්‍ පාප් වරුන්ට ඉල්ල අස්වෙන්න යෝජනා කරනවා මේ ප්‍රශ්නයට අවසානයක් දෙන්න. XII වෙනි ග්‍රෙගරි සහ XXIII වෙනි ජෝන් යන පාප් වරුන් අස්වෙන්න කැමැත්ත පළකළත්, XIII වෙනි බෙනඩික්ට්‍ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව ඔහුව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා (Excommunication).

    මෙවැනි බොහෝ ප්‍රශ්න ඇති වූ නිසයි අද වනවිට සුදොතුම් පිය වරණ දැහැන සඳහා පවත්වන රහස් සම්මුති සභාව (Conclave) මෙතරම් නීති රීති සහ ක්‍රියා පටිපාටියක් ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. "සුදොතුම් පිය වරණ දැහැන සඳහා පවත්වන රහස් සම්මුති සභාව" අදමයි සිංහල වචනටික ඇහෙව්වෙ..

      Delete
    2. @ Gihan (ගිහාන්)

      බොහොම ස්තුතියි සහෝදරතුමා නිවැරදි කළාට. පාප් ධූරය ගැන ඔබතුමා ලියන ලිපියත් දැන් ලියවිලා අවසන් ඇති කියලා හිතනවා

      Delete
    3. @ හරී

      දැක්කනේ විෂයේ ප්‍රවීණයෝ සංවාදවලට එකතු වීමෙන් තියෙන වාසිය :)

      Delete
  20. "පාප් ධූරය අත් හරින්න අකමැති වුණු VI වෙනි අර්බන් පාප්තුමා VII වන ක්ලෙමන්ට් පාප්තුමා කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. VII වන ක්ලෙමන්ට් පාප්තුමාත් දැන් නිත්‍යානුකූල පාප්තුමා තමන් කියලා ප්‍රකාශ කරලා VI වෙනි අර්බන් පාප්තුමාව කතෝලික සභාවෙන් නෙරපා හරිනවා. " හි.. හි..

    අද නම් ප්‍රශ්න නැත..

    හසිත පාප්තුමාලා ගැන කියපු නිසා මම පොඩ්ඩක් අන්තර්ජාලෙ ඒ ගැන හොයාබැලුවා.. එතකොට තමයි පහළින් දාපු ලිපි දැක්කේ.. කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා ඔන්න ඒ ටික දානවා..

    1. පාප්ධූරයේ ඉතිහාසය
    2. නව පාප්තුමෙකු පත්වීමේ නිලවරණය
    3. පාප්ධූරයෙන් ඉල්ලා අස්වීම්, කාදිනල් නොවන පත්වීම් හා පාප්තුමෙකුගේ ජීවිත කතාව
    4. පාප්තුමාගේ නිල ඇඳුම් ආයිත්තම්
    5. නිල ලාංඡන
    6. දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය
    7. පාප්තුමාගේ නික්මයෑම.....
    8. අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!)

    කතෝලික සභාවේ අතීතයේ තිබුණ අරගලවලට ගොඩාක්ම හේතුවෙලා තියෙන්නෙ යුරෝපීය රජවරුන්ගේ ක්‍රියාකලාපයන්.. ඔවුන් තමුන්ගෙ හිතුමනාපයට කතෝලික සභාව හසුරුවන්න උත්සාහ ගන්නවා.. ආගම ඉස්සරහට දාලා ජනතාව මුලා කිරීම එදා ඉඳන්ම පාලකයන්ගේ සිරිතක්නෙ.. ඒකට සමහර පාප්වරුත් උල්පන්දම් දී ඇති බව පේනවා..

    විස්තරවලට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. @ හරී

      අර්බන් පාප්තුමා සහ ක්ලෙමන්ට් පාප්තුමා දෙන්නා දෙන්නාට කරගත්තු වැඩේට සිංහලෙන් ඕනේ නම් කියන්න පුලුවන් තකට තක කියලා :)

      අන්තර්ජාලෙන් හොයාගෙන දාපු ලිපි ලියලා තියෙන්නේ "ආගම දහමට බර භක්තිමත් තැන්පත් හරීද" :D

      එහෙන් රජවරු දේවවරම්වාදයෙන් තමන්ගේ බලය වැඩි කරගන්න යනවා. අනිත් පැත්තෙන් පාප්තුමා දේවවරම්වාදයෙන් තමන්ගේ බලය රැකගන්න යනවා. එතකොට ඉතින් මේවා සිද්ධ වෙන එක සාමාන්‍යයි

      Delete
  21. බලාගෙන ගියා ම ඒකත් අපේ රජතුමා සහ අගවිනිසුරු වගේ නේද? බලය කේන්ද්‍ර කරගෙන තමයි හැමදේම තියෙන්නෙ ඒ කාලේ වගේ ම අදත්! වතිකාණුවේ නේද තියෙන්නෙ ලෝකේ කුඩා ම හමුදාව තියෙන්නෙ. ඒ ගැනත් හරි අපූරු කථා මම කියවලා තියෙනව කොහෙන්හරි... වෙලාවක් තිබ්බොත් ඒ ගැනත් හොයලා ලියන්න!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      ඇරිස්ටෝටල් හරි ප්ලේටො හරි කියපු විදිහට මිනිසාගේ ප්‍රධාන ආසාවන් තුනක් තියෙනවා. ඒකෙන් එකක් තමා බලය හසුරුවන්න තියෙන කැමැත්ත. ඉතින් ඒක නිසා මේක මිනිස් සොබාවය තමා.

      වතිකානුවේ තියෙන ස්විස් හමුදාව ගැන නම් මම ලියන්න අවශ්‍ය නැහැ අයියා. ඒක ගැන හොඳ විස්තරයක් අපේ සහෘද බ්ලොග්කරුවෙක් වෙන හරී අයියා හොඳ සටහනක් ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ ලින්ක් එක

      http://dreamsofharee.blogspot.com/2013/02/blog-post_23.html

      Delete
  22. හසිතගේ කරුණුවලට හරීත් යම් යම් දේවල් එකතු කරල තියෙන නිසා බොහොම දිග ඉතිහාසයක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ඒක ඇත්ත අයියා. පෝස්ට් එකෙන් 80% යි. කමෙන්ට්වලින් 20% යි :)

      Delete
  23. ඔන්න මමත් කියෙව්වා, මට නම් ටිකක් සංකීර්ණයි වගේ. රෝම ඉලක්කන් තියන ඉතිහාස කතා කියවන්න ටිකක් කම්මැලි.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      නම් ගොඩක් වගේම තුන් දෙනෙක්ගේ අනුප්‍රාප්තිකයෝ ඉන්න නිසා පැටලෙන එක අරුමයක් නෙමේ තමා

      Delete
  24. හරී ගෙ කොමෙන්ට් එකෙත් කියවිලා තියෙනවා වගේ ආගමික නායකත්වයට දේශපාලන ඇඟිලි ගැසීම් අපේ රටෙත් ඉතිහාසයෙ සිද්ද වෙලා තියෙනවා. ඒ වගේම දේශපාලනයට ආගමික නායකත්වයෙ බලපෑමත් අමතක කරන්න බෑ. කොහොම හරි එක පාර්ශ්වයකින් සිද්ද වෙන වැරදි අනිත් පාර්ශ්වය විසින් නිවැරදි කරනවානම් තමයි මහජනතාවට යහපතක් සිද්ද වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ආගමික අධිකාරියට අනවශ්‍ය සිවිල් බලයක් ආරෝපණය කිරීමේ ඵලවිපාක ලංකාව විතරක් නෙමේ ලෝකේ හැම තැනම දැකගන්න පුලුවන් අයියා. මේ දවස්වල නම් ලංකාවේ ඒකට හොඳම උදාහරණ දැකගන්න පුලුවන්

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................