Sunday, October 14, 2012

ක්‍රම ක්‍රමයෙන් වැඩි කාර්ය බහුලත්වයකට


පහුගිය දවස් ටිකේ වගේම තවමත් මම කාර්ය බහුල වෙලා ඉන්නේ. ඒ ඇයි කියලා මම කලිනුත් කිව්වා. ආයි පාරක් කිව්වොත් මට A/L Logic උගන්වපු ගුරුතුමිය බහුවරණ ප්‍රශ්නෝත්තර පොතක් හදලා තියෙන්නේ. බහුවරණ ප්‍රශ්නෝත්තර 1000 ක් තියෙන මේ පොත ටයිප් කිරිල්ලේ තමා මේ දවස්වල සැරේටම යෙදිලා ඉන්නේ. 

ඒ වගේමයි මේ පොතේ දොරට වැඩුම කරන දවසට අපේ Logic Class එකේ 2002 ඉදන් මේ දක්වා උසස් ප්‍රතිඵල ලබාගෙන සරසවි වරම් හිමි කරගත්තු අයව ඇගයුමකට ලක් කරන්නත් අපි කටයුතු සංවිධානය කරගෙන යන්නේ. ඉතින් මේ වැඩේ බර පැන හොයාගන්න souvenir එකක් කරන නිසා ඒ කොන්ත්‍රාත් එකත් සෙට් වෙලා තියෙන්නේ.

ඉතින් වැඩ සියල්ලම අවසන් කරලා මේ උත්සවය ඔක්තෝබර් මාසය ඉවර වෙන්න කලින් සිද්ධ කරන්න තමා අපේ අදහස.

ලබන සතියේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා අපේ scout troop එකේ Inter Patrol Competition Camp එක තියෙන නිසා ඒකටත් යන්න තියෙනවා. ඒ කියන්නේ එතැනත් වැඩ

ඒ වගේමයි අපේ Logic Class එකෙන් මහනුවර බඹරැල්ලේ පිහිටලා තියෙන සුමේධ භාවනා මධ්‍යස්ථානයේ වප් පොහොය දවසට සිල් සමාදන් වෙන සිල් ඇත්තන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනැමෙන හීල් දානය සහ දහවල් දානය මේ මාසේ 29 වෙනිදාට යෙදිලා තියෙනවා. ඒක නිසා ඒ කටයුත්තත් සාර්ථකව කරගන්න අවශ්‍ය වැඩ කටයුතු කරමින් ඉන්නේ. 

අපේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ජාතික කඳවුරත් මේ මාසේ 26, 27, 28, 29 කියන දවස්වල ත්‍රිකුණාමලයේ පැවැත්වෙනවා. ඒත් අර කලින් කිව්ව  දානමය පිංකම සංවිධානය කිරීමේ ලොකු බරක් මගේ කරට වැටිලා තියෙන නිසා මේ කඳවුරට නොයා ඉන්න තමා හිතුවේ. 

මේ ඔක්කොම ජාති සිද්ධ වෙමින් තියෙද්දී තමා සරසවි ඇඳුරන් මාස තුනක් විතර සිද්ධ කරපු වැඩ වර්ජනය බ්‍රහස්පතින්දා අවසන් වුණේ. ඒක නිසා ලබන සඳුදා ඉදන් ආයි කැම්පස් යන්නත් වෙනවා. 

මේ අධ්‍යයන වාරය අවසන් වෙන්න කලින් ඉතිහාස අධ්‍යනාංශයේ සඟරාව වෙන "ඓතිහාසික ලේඛන සංග්‍රහය" නිකුත් කරන්න අපේ ඉතිහාස ශිෂ්‍ය සංගමය තීරණය කරලා තියෙන නිසා සභාපති විදිහට ඒක සාර්ථක කරගන්නත් ලොකු බරක් අදින්න තියෙනවා. සඟරාව එළි දක්වන දවසට තවත් වැඩක් කරන්න අපේ හිතේ තියෙන නිසා අදින්න තියෙන බර වැඩිවේවි. 

මේ වැඩත් එක්කම field work එකකට මහනුවර යන්නත් තියෙනවා. ගිහින් ආවට පස්සේ ඒකේ reports එහෙමත් හදන්න වෙනවා. මේවත් එක්කම අපේ special 3rd year batch එක වෙනුවෙන් කරන Farewell party එක සංවිධානය කරන්නත් තියෙනවා. මේ ඔක්කොම ඉවර වෙද්දී exam එකත් කිට්ටු වෙලා තියේවි

කැම්පස් එකේ වැඩ එහෙම වෙද්දී වප් පෝයේ ඉදන් කඨින පෙරහැරවල් පැවැත්වෙන නිසා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අපේ අයත් එක්ක ඒ පෙරහැරවල්වල ප්‍රථමාධාර සේවාවලට යන්නත් වෙනවා. ඉල් පෝය වෙනකම්ම ඒක එහෙම්ම තමා.

ලබන මාසේ අපේ යෞවන සමාජය සංවත්සරේ තියෙන නිසා ඒ වෙනුවෙන් කරන උත්සවේ වගේම වාර්ෂික චාරිකාවත් යෙදිලා තියෙනවා. ඒකටත් මහන්සි වෙන්න වෙනවා.

ඉතින් මේ විදිහට බලාගෙන යද්දී ඉස්සරහට බොහොම කාර්ය බහුල කාලයක් එන්න තියෙනවා. මෙච්චර කල් තිබුණු වර්ජනවල ස්තුති වෙන්න බ්ලොග් කෙරුවාව කලින්ට වඩා හොඳින් කෙරුවා. 

ඒත් ඉදිරි තත්වත් එක්ක බ්ලොග් කෙරුවාවට නැවතීමේ තිතක් නෙමේ පොඩි කොමාවක් දාන්න වෙන පාටක් තියෙන්නේ. වෙලාවක් ලැබුණු සැණින් කපිලවස්තුපුර ධාතු ප්‍රදර්ශනය ගැන සටහනට වගේම මීමන ප්‍රේමතිලකගේ කතාවට මගේ අදහස් එකතු කරනවා. කෝකටත් ආයි පාරක් මීමන ප්‍රේමතිලකගේ කතාව කියවලා බලන්න පුලුවන් නම් හොඳයි කියලයි මගේ යෝජනාව. 

පුංචි සරුංගලේ හුළං පාරක පාවෙලා යනවා කියලා හිතුවට ඒක එහෙමමත් නෙමෙයිද මන්දා කියලා පුංචි සරුංගලේට හිතෙනවා.

ඔච්චර තමා කියන්න ඕනේ කියලා මගේ ඔළුවට ආවේ. 

සමුගන්නා බව කිසිදා නොකියමි. නැවත හමුවෙමු.


ප.ලි.: මේ ඔක්කොම වැඩත් එක්ක තමා ඔක්තෝබර් 6 වෙනිදා මගේ උපන් දිනෙත් තිබුණේ. අවුරුදු 23 ක් කියන්නේ සෙල්ලම් වයසක්ද ? අපිත් දැන් නාකි මිනිස්සු තමා :D

ඒකටත් සුභ පැතුම් එක් කරපු හැමෝටම බොහොමත්ම ස්තුතියි

53 comments:

  1. මලයා සෑහෙන්න බිසී වගේ නේද! උපන්දිනේ ට නම් ඔන්න Late Wishes තමයි :) ආයෙත් ඉක්මනට පෝස්ට් එකක් අරන් එන්නකෝ!

    ReplyDelete
  2. හැම දේම හොඳින් කර ගන්න ලැබේවි. ඉඩක් ලැබෙන වෙලාවට මේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න..

    අවුරුදු 23 ක් කියන්නේ සෙල්ලම් වයසක්ද ?
    ඒක ඉතින් තමුන්නැහැගෙ කැමැත්තක්.. කැමතිනම් දැන්ම සෙල්ලම් කරන්න. නැත්තන් පස්සේ.. එහෙමත් නැතිනම් දැනට කරගෙන යන සෙල්ලම් දිගටම කරගෙන යන්න.. :)

    ReplyDelete
  3. උපන්දිනයට late wishes හසිතයියේ..

    ගොඩගැහුණු වැඩ කටයුතු ඔක්කොම හොඳට කරලා ආයෙම මේ පැත්තේ ඇවිත් ලියන්න පටන්ගන්නකෝ. :)

    ජයවේවා!

    ReplyDelete
  4. අප්පටසිරි දැනගෙන හිටියේ නෑ විශ් කරන්නවත්... ඔන්න එහෙනම් මම පනුච්චිගෙනුත් අනාගතේ වෙනුවෙන් සුභ පැතුම්..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  5. ජීවිතේ හිටිගමන් බිසි වෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා.... ඒ ගතිය විඳින්න...

    ReplyDelete
  6. සුභ උපන්දිනයක් මචෝ !!!!!! ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  7. මගෙනුත් සුබ පැතුම් උපන්දිනේට. වැඩටික කරන ගමන් පුළුවන් ඉඩකඩ ලැබෙන හැම වෙලාවකම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  8. ඉක්මනින් වැඩ අහවර කරගෙන එන්නකෝ ආයෙත්.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  9. සුබ උපන් දිනයක් වේවා කියනවා මමත් පහුවෙලා වුනත්!! පුළුවන් වෙලාවක පොස්ට් එකක් දාන්නකෝ..

    ReplyDelete
  10. මෙතෙක් කල් වටිනා බ්ලොග් ලියා අපේ නුවණස පෑදුවාට තුති..! විරාමයෙන් පසුව හමුවෙමු..! ජය!

    ReplyDelete
  11. වැඩ ටික ඔක්කොම සාර්ථකව කරගන්න ලැබේවා අයියා. වැඩ ඉවර උනාම ඉක්මනින් ලියන්න. අපි කියවන්න බලන් ඉන්නවා

    ReplyDelete
  12. ඔබ නැති බ්ලොග් ලෝකේ නිකං ලුණු නැති ලුණුමිරිස වගේ වේවි. හැකි ඉක්මනින් ඔය ලොජික් මිස්ගේ පොත ඉවර කර ගනින්. දාන්නම දෙයක් නැත්නම් ඒ ලොජික් මිස්ගේ පොත හරි කොපි පේස්ට් කරපං. අපි ඕව ප්‍රින්ට් කරලා විකුනන්න යන්නෑ.:)

    ReplyDelete
  13. කාර්ය බහුල වන තරමට මම නම් කැමතියි...එතකොට කාලය ගෙවෙනවා දැනෙන්නෙ නෑ.. සියලු කටයුතු සාර්ථක වේවා කියා පතනවා.... බ්ලොග් ලෝකයේ ඔබ වෙනුවට ආදේශකයක් නොමැති නිසාවෙන් හැකි ඉක්මනින් නැවතත් වාර්තා කලොත් හොදා....

    ReplyDelete
  14. ඔය ඇවිල්ලා එක වාක්‍යයක් හරි කොටලා යමන් බං :)

    හැම වැඩකටම - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. අඩේ මටත් ඔය වගේමයි අප්පා....මාත් මේ සතියකින් විතර බ්ලොග් පැත්තේ ආවේ....

    ReplyDelete
  16. අප්පා..සෑහෙන බිසි වගේ.....

    ReplyDelete
  17. ඔන්න එහෙනම් හසිත, පමාවී සුබ පතනවා උපන් දිනයට.
    ඉතින් මල්ටි ටාස්කර් නේ?
    අනේ හසිත මේ දවස් වල අපේ තත්වයත් ඔය වගේ තමයි. හැබැයි, වැඩ කරන එකා කරනවා, නැති එකා කට්ටි පනිනවා, අනිත් උන්ට උගේ වැඩත් කරන්න ඇරලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  18. අම්මෝ මෙච්චර වැඩ ගොඩක්...!
    දැන් නම් සෙකට්‍රි කෙනෙක් ගන්න කාලෙ හරි වගේ..!! :D

    ReplyDelete
  19. අය්යෝ!! මග අරුණ නේ මලයාගේ උපන් දිනේ... යකඩෝ, උඹලා නාකි කියනවා නම් අපි දැන් වල දාපු තැන්වල ගසුත් පැලවෙලා.
    කාරියක් නෑ... සුබ උපන්දිනයක් වේවා. ආයේ නම් අමතක වෙන්නේ නෑ. මගේ උපන්දිනෙත් ඔක්තෝම්බර් 12 නේ... කොලොම්බස් "ඇමරිකාව හොයාගත්තු" දවස. මම නම් උපන්දිනේ සමරුවේ කොලොම්බස් අයියව කම්බස් කරලා... (මගේ බ්ලොග් එකේ)
    ඔච්චර රාජකාරි මැද්දේ අපි ලියන එව්වා බලනවාට බොහොම පින්!!!

    ReplyDelete
    Replies
    1. එහෙම නම් උබටත් සුබ උපන්දිනයක් පහුවෙලා හරි.

      Delete
    2. සුභ උපන්දිනක් චමීර.. Late is better than never.. :)

      Delete
    3. බ්ලොග් ඒක පැත්තේ ගියාට ඒක දන්නේ නෑනේ. සුබ උපන් දිනයක් ඔබටත් චාමර..!! (පහුවෙලා නම් තමයි)

      Delete
    4. තැනක් යූ වේවා!!! ඔන්න ඇලෙක්සැන්ඩර් අයියට නම් මගේ නම වැරදිලා. :-)
      එන්න බ්ලොග් එක පැත්තේ, ආයේ මොනවා හරි ලිව්වම...

      Delete
    5. සුභ [පහුවුනු] උපන්දිනයක් වේවා... ;) Happy Belated Birthday.. :D hihi...

      Delete
  20. කාර්ය බහුලත්වයෙන් මිදී රසවත් පොස්ට් දෙක තුනක් ලියන්නට ලැබේවා

    ReplyDelete
  21. අපට දැනුණත් නොදැනුණත් කාලය බොහොම වේගයෙන් ගෙවිලා යනවා... මල්ලීගේ වැඩ කටයුතු හැම එකක්ම සාර්ථකව කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා... ඒ වගේම උපන්දිනයට පහුවෙලා වුණත් මුළුහිතින්ම සුබ පතනවා... 23 මහ වයසක් නොවුණත් මේ යන විදිහට නම් 23 කියන්නේ ජීවිතෙන් භාගයක් ගෙවුණා වගේ තමා... එහෙනම් ඉතින් අපි ගැන කුමන කතා ද ??? :D (එන්න එන්නම මිනිසුන්ගේ ආයුෂ අඩුවේගෙන යන ප්‍රවණතාවයක් තියෙන හින්දයි එහෙම කිව්වේ)

    විරාමයෙන් පසුව හමුවෙමු...

    ReplyDelete
  22. සැලසුම් කරපු වැඩ ඔක්කෝම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා.. ඒ වගේම පරක්කු වුනත් සුභම සුභ උපන්දිනක් පතනවා මල්ලි... ටිකක් හරි කාර්යබහුලත්වයෙන් මිදුනම ආයෙත් පෝස්ටුවක් දකින්න අපිත් බලාපොරොත්තුව ඉන්නවා.....

    ReplyDelete
  23. මලයට සුභ උපන්දිනයක් වේවා..(පහු වෙලා හරි)
    23ත් වයසක්ද....තව ඉදිරියටනේ ජීවිතය තියෙන්නෙ..
    සියලු කටයුතු සාර්ථක වේවා..!

    ReplyDelete
  24. නැති අඩුවනං තදිං දැනේවි...
    උපන් දිනේටනං කලිං සුභ පැතුවනේ..
    ඉදිරි වැඩකටයුතු සාර්ථක කරගෙන නැවත ඉක්මනිං බ්ලොග ලියන්න ලැබේවා!!!!!!!!!!!!

    ReplyDelete
  25. සුබ උපන් දිනයක් වේවා. ඔහොම තමයි ජීවිතේ හැටි.. හැමදාම නිදහස තියෙන්නේ නැහැ. පුළුවන් වෙලාවට ලියන්න.. අපි බලනවා. හොඳේ ?

    ReplyDelete
  26. ඉස්සෙල්ලම පහු වූ උපන්දිනයට සුබපැතුම් !!! විසි තුන කොහෙද නාකි වෙන්නෙ ? මොන්ටිසෝරි යන අයට සාපේක්ශවනම් නාකි තමයි :-) ඔය අත්දැකීම් සම්බාරය ඉදිරි ජීවිතේට ලොකු රුකුලක් හසිත. හැමදේම සාර්තකව කරගන යන්න ශක්තිය, ධෛර්යය හා වේලාව පතමි !!!

    ReplyDelete
  27. හප්පා සෑහෙන දිග වැඩ ලයිස්තුවක්නෙ. ඒව සාර්ථකව කරල ලියන්න පටන් ගන්න. ප්‍රමාද වෙලා හරි මගෙනුත් උපන් දිනේට සුබ පැතුම්!

    ReplyDelete
  28. හසිතට තියන වැඩ ගොඩ...

    මෙහේ ඉඳන් කල හැකි උදව්වක් තියනවද?:)

    වැඩ ඉවර උනු හැටියේ සුපුරුදු විදියට මෙහි එයි කියලා බලාපොරොත්තු වෙනවා...

    ඒ වගේම සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්ට කියලා පතනවා...

    උපන්දිනයකුත් තිබුනද? මම සුබ පැතුවද? මට මතක නෑනේ. කමක් නෑ ඔන්න ආයම සුබ පතනවා. වැඩ අඩු, නිදහස වැඩි, වාසනාවන්ත වසරක්!!!

    ReplyDelete
  29. Late is better than never!!! ඒ හින්දා මගෙනුත් සුභ උපන්දිනයකට ආසිරි. හසිතත් දැන් අපි වගේ වෙලා. 23 කියන්නේ වයසක් ද?

    පරක්කුයි නේ මමත්. වැඩ රාජකාරි වැඩියි. ඒ හින්දා කියවනවා විතරයි. මාසෙට පෝස්ට් එකයි දාන්න වෙන්නේ මටත්. ඒත් තව මාසෙකින් ඒ නිදහසත් ඉවරයි. අලුත් ශාඛාව විවෘත කරන්න හදනවා අපිත්. ඉතින් දෙයියන්නේ පිහිටයි මටත්..

    ReplyDelete
  30. මාත් මේදවස්වල හසිත වගේම වැඩ ගොඩක පැටලිලා.කොහෙන් ඉවර කරන්නද කියලා හිතාගන්න බෑ.
    ඒත් හසිතගේ වැඩ කෝටියත් අතරේ පිං අතේ වැඩ ගොඩයි ඒම ඇති. ඉතිරිවන දේකට එපමණයි.

    ReplyDelete
  31. උපන්දිනයට පරක්කුවෙලා හරි සුභ පැතුවා ඔන්න!
    කැම්පසුත් පටන්ගන්න නිසා තවත් වැඩ වැඩි වෙයි:)

    ReplyDelete
  32. උපන් දිනේටත් සුභ පැතුවා එහෙනම් ඈ! ලෙසටම වැඩ ටික එලටම වේවා!

    චිරං ජයතු!

    ReplyDelete
  33. //අවුරුදු 23 ක් කියන්නේ සෙල්ලම් වයසක්ද ?//
    23 කියන්නෙ වයසක්දැ,එහෙනම් අපිට ඕක වෙලා දැන් අවු 10ක් විතර වෙන්නෙ, ඒත් මේ යස අගේට තාම සෙල්ලම් කරන්නෙ.
    දැන් බලන්න තෙන්ඩුල්කාර් මන් දැක්ක අදත් සෙල්ලම්කරනවා.
    වැඩ වැඩිනම් ඔය සරුන්ගලේට වදින හුලගින් වත් ප්‍රයෝජනයක් ගත්තොත් නරකද..... සුභපැතුම්..

    ReplyDelete
  34. වැඩ ටික සාර්ථකව කරගන්න ලැබේවා....

    උපන්දිනේටත් සුභ පැතුම් සිත්තමීගෙන්....

    ReplyDelete
  35. වැඩ ටික හොඳට කරගන්න එහෙනම්.. අපොයි ඔයාට තමා 23ද.. පෙනුමෙන් නම් මම හිතුවේ දැන් හතලිඇඳිරියත් හැදිලා ඇති කියලා.. හිහිහි..
    ජය වේවා... :D

    ReplyDelete
    Replies
    1. හසිත මලයට හතලිස් නම් නෑ ඇඳිරිය තියේද දන් නෑ :-P

      Delete
  36. උපන් දිනයට සුභ පතන්න උනේ නැහැනේ..ඔන්න එහෙනම් සුභම සුභ උපන් දිනක් වේවා!
    අපිත් දැන් බිසී තමා අප්පා :)

    ReplyDelete
  37. තවත් ඔක්තොබර් එක්කෙනෙක්.. හි හි... සුභ උපන් දිනයක් වේවා....

    23 නාකිලු.. මෙන්න මෙයාට පිස්සු හැදීගෙන එනවා වැඩ වැඩි නිසාද කොහෙද.. ඉක්මණට බේතකුත් ගන්න... හි හි......

    ඔය වැඩ ගොඩ සාර්ථකව ඉවර කරගන්නකෝ......

    ReplyDelete
  38. parisamata, ikmanta aphu Blog ekata enakan Api balagena inwa.
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
  39. ඉතින් බන් උඹ මාර කතාවක්නෙ කියන්නෙ. උඹට ඔය තරම් වැඩ කරන්න පුළුවන් නම් සතියකට පෝස්ට් එකක් ලියන එකත් වැඩක් කරගනින්කො.. අර ලෑස්තුවට දාගනින්කො... එතකොට ඉවරනෙ..

    හා හොඳයි කියපන් බලන්න මේක ලියන එක අවතක්සේරු කරන්නෙ මොකෝ ආ?.. අනිත් වැඩ පුළුවන් නම් මේක බැරි මොකෝ.. :|

    ReplyDelete
  40. වැඩ ටික ඉවර කරගන ඉක්මනට අැවිත් අපිට ෙමානවාහරි කියලා දියං මෙල්

    ReplyDelete
  41. කාර්ය බහුල වෙන එක හොඳ වෙන වෙලාවල් වගේම එපා වෙන වෙලාවලුත් තියෙනවා මචං.මොනවා උනත් තමුංගේ අනාගතේ සුරක්ෂිත කරගෙන ඕනෙ මගුලක්.හැකි වෙලාවට බ්ලොගෙත් මොනා හරි කොටන්ඩ බලන්ඩ.උපන් දිනේටත් ජය වේවා!!!

    ReplyDelete
  42. අඩේ බාල දක්ෂයෙක් ද. මමත් ඉස්කෝලෙ යන කාලෙ හිස් මුදුනින්ම කරා.

    පහු උනත් කමක් නෑ. සුභ උපන්දිනයක් වේවා.

    අවු 23 යි කියන්නෙ මගේ වයසෙම නෙ ඈ.....

    ReplyDelete
  43. අහ්. මම හිතුව අයියා පට්ට නාකියි කියල.වැඩිය නෑ... හිහ් හිහ් හිහ් හිහ්..

    ReplyDelete
  44. අදහසක් දක්වන්න තමන්ගේ වටිනා කාලය වෙන් කරපු හැමෝටම ස්තුතියි :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................