Thursday, December 23, 2010

ටොයිලට් එකක්


අපේ කතන්දර සූරීන්ගේ මූලිකත්වයෙන් කාලෙකට කලින් සිංහල සයිබර් අවකාශයේ ටොයිලට් කතා series එකක් ගියා මතක ඇති. මාත් කතාවක් ලියලා දැම්මා නොවැ. මේත් ඒ විදිහේම ටොයිලට් කතාවක් මට මේ ලඟදී අහන්න ලැබුණු.

විශේෂයෙන් කියන්න තියෙන්නේ මේක "ලු" කතාවක්. ඒ කියන්නේ මාත් අහපු කතාවක් නිසා. මේකේ හුඟාක් තැන්වල "ලු" යෙදිලා ඇති :)) මේ කතාව ගැන පොඩි දෙයක් කියන්න ඕනේ මේ කතාවේ තියෙන්නේ ටොයිලට් එකකට නමක් වැටුණු හැටි ගැන :))

ලංකාවේ ප්‍රසිද්ධ පාසලකට දවසක් දා අධ්‍යාපන අමාත්‍යංශයෙන් උසස් නිලධාරියෙක් ආවාලු ඒ පාසලේ විදුහල්පතිතුමාව හම්බවෙන්න. ඒ නිලධාරී මහත්මයාත් ආපු රාජකාරි වැඩේ ඉවරවෙලා Principal ගේ office එකෙන් එළියට ආපුවාම අංක 1 වැඩේ එහෙමත් නැත්නම් හාවෙක් අල්ලන්න තේරෙන්නේම නැති අයට තවත් තේරෙන්න කිව්වොත් සුළු දිය පහ කරන්න උවමනාවක් ආවාලු.

ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු හරිම ලැජ්ජයිනේ ඔහොම අවශ්‍යතාවක් ආපුවාම ටොයිලට් එකක් තියෙන්නේ කොහෙද කියලා අහන්න. එතකොට හුඟාක් වෙලාවට වෙන්නේ හොයලා හොයලා හති වැටිලා අර මම කලින් දවසක් කිව්ව රජතුමාට වුණු වැඩේ සිද්ධ වෙන එක :)

අපි කතාවට එමුකෝ ඉතින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී මහත්තයාත් Principal ගේ office එක ගාව ඉදන් කොරිඩෝ එක දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියත් ටොයිලට් එකක හෝඩුවාවක්වත් අඩුම ගාණේ smell එකවත් එන්නේ නැති නිසා බැරිම තැන එයාට ඉස්සරහාට හම්බවුණු ශිෂ්‍ය නායක පුතෙක්ගෙන් ඇහුවාලු.

"පුතා, ටොයිලට් එකක් කොහෙද තියෙන්නේ ?" කියලා

ඒ ශිෂ්‍ය නායක දරුවත් අපේ මේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරී මහත්මයා හිටගෙන හිටපු තැනම තිබුණු කාමරේට අත දික් කරලා කිව්වාලු .

"සර් මේ තියෙන්නේ ටොයිලට් එක" කියලා.

පුදුමෙන් වගේ ඒක දිහා බලපු අපේ මේ ලොකු මහත්තයා ඔළුවේ අත තියාගෙන කිව්වාලු.

"අම්මට හුඩු මේ ටොයිලට් එකක් නේද?" කියලා :))

සර් එහෙම කිව්වේ මේ ටොයිලට් එකේ තියෙන posh look එක වගේම facilities නිසා පුදුම වෙලා

අර ශිෂ්‍ය නායක පුතාගෙන් මේ කතාව ඉස්කෝලේ පුරා ගිහින් ඉස්කෝලේ කොල්ලෝ ටික අර අධ්‍යාපන අමාත්‍යංශයේ ලොකු මහත්තයාට ගෞරවයක් විදිහට ඒ ටොයිලට් එක නම් කළාලු " අම්මට හුඩු ටොයිලට් එක" කියලා :))

ඊට ඉස්සෙල්ලා ඉදන් කොල්ලෝ ඒ ටොයිලට් එක නම් කරලා තිබ්බා කියන්නේ Cinnamon Grand කියලාලු :))

ප.ලි.: මේ ටොයිලට් එක දැක්කාම මටත් පුදුම හිතුණා. මොකද ඇත්තටම එහෙම ටොයිලට් එකක් ඉස්කෝලෙක තියෙනවා කියලා හිතන්න අමාරුයි............

කට්ටියගේ ඉල්ලීම නිසා මටත් හිතුණා photo එකක් දැම්මේ නැත්නම් කිසි ගතියක් නැහැ කියලා. මෙන්න එකම එක photo එකක්. මේකෙන් හිතාගන්නකෝ අනිත් ඒවා කොහොම ඇද්ද කියලා :)

55 comments:

  1. අම්මට හුඩු ගාන්න තරම ටොයිලට් එකක් රජයෙ පාසලක ?? පින්තූරෙක්ත් දැම්මනම්

    ReplyDelete
  2. කලිසම්වලටත් නම් තියෙන එකේ ටොයිලට් එකකට නමක් නොදා කෙහොමද, නේද?

    දැන් එතකොට ඉස්කෝලේ අනිත් ටොයිලට්වල නම් මොනවාද කියල කිව්ව නං!

    ReplyDelete
  3. අපේ පැත්තේ නම් ඕකට ටොයිලට් කියන්නේ නෑ ..!

    අපි පොඩිකාලේ ඉඳන් කියන්නේ "කක්කුස්සිය " ඒ උනාට මම බයියෙක් කියලා කස්ටිය හිතයි තියන බය නිසා මම මෙතැනදී ටොයිලට් කියන්නම්

    අපේ පැත්තේ ඉස්කෝල වල නම් ටොයිලට් තිබ්බේ ගුරුවරුන්ට හා ගෑනු ලමයිට විතරයි පිරිමි ලමයි ගියේ ඉස්කෝලෙන් පිට තිබ්බ ලොකූ ගලක් උඩට ..ඉතින් ඒ ගලට නමකුත් තිබ්බා ."චූ ගල "

    අන්න ඒ වගේ දුශ්කරතා මැද අපි ඉගන ගත්තේ අපිටත් තිබ්බනම් ඔය වගේ ඉස්කෝලේ ඇතුලේම වැසිකිලියක් අපිත් අද කැම්පස් ..

    වැසිකිලි යන්න පිට ගියපු නිසා තමයි මම අද බාහිර උපාධි කාරයෙක් උනේ ..ෂි:හ්

    එල කතාව ..

    ජයවේවා !!

    ReplyDelete
  4. මෙන්න පාසැල් ටොයිලට් ගැන මගෙනුත් කතාවක්....
    http://tikakhinawenna.blogspot.com/2010/08/blog-post_13.html

    ReplyDelete
  5. අම්මට හුඩු මරු ටොයිලට් එක.............. :D

    ReplyDelete
  6. කට්ටියගේ ඉල්ලීම නිසා මටත් හිතුණා photo එකක් දැම්මේ නැත්නම් කිසි ගතියක් නැහැ කියලා. මෙන්න එකම එක photo එකක්. මේකෙන් හිතාගන්නකෝ අනිත් ඒවා කොහොම ඇද්ද කියලා

    ReplyDelete
  7. අ.. හ් ඔකට ටොයිලට් කියන්න එපා, අලුත් තාලෙට බාත් රෑම් හරි වොශ් රෑම් හරි කියමු බං..

    ReplyDelete
  8. අරකේ බත් උනත් දාගෙන කන්න පුළුවන්

    ...ජයවේවා !!

    ReplyDelete
  9. මුන්ට පිස්සු

    ReplyDelete
  10. නියම ටොයිලැට් එකක් නේ !!! බිම බත් එකක් උනත් ලිහන් කන්න ඇහැකි නේ !!!! ලංකාවේ එහෙම ටොයිලැට් තියෙන පාසල් තියෙනවද කියලත් සැකයි.

    ඉස්සර අපි ඉකෝලේ යන දවස්වල නම් ඔය ටොයිලැට් හොය හොයා හිටියේ නෑ හාවෙක් හින්දා කැලෑවට අල්ලලා දැම්මා. හිකි හිකි

    ReplyDelete
  11. @සඳරු :
    ආහ් පොඩි දෙයක් කියන්න ඕනේ. සදරු (හිස් අහස ) අයියා. ඔය කක්කුස්සි කියලා කියන්නෙත් දෙමල බාසාවෙන් වැසිකිලිය කියන එකටමයි. මටත් ඔය වචනේ අහන්න ලැබුනේ අපේ කැම්පස් එකේ දෙමල සහෝදරවරුන්ගෙන්

    ReplyDelete
  12. සිරාවටම ඉස්කෝලෙක ඔය වගේ ටොයිලට් එකක් තියෙනවා දැක්කම අම්මට හුඩු නොකියවුනානම් තමයි පුදුමේ... මේකට ටොයිලට් කියන එක මදිකමක් වගේ වොෂ් රූම් වගේ නමක් තමයි ගැලපෙන්නේ... :)

    ReplyDelete
  13. @පිස්සා පලාමල්ල

    ඔන්න අයියා ඔයා කියපු නිසාම අන්තිමට "අම්මට හුඩු ටොයිලට්" එකේ ෆොටෝ එකක් එක්කහු කළා. අම්මට හුඩු කියවෙනවා නේ :))

    ReplyDelete
  14. @Kathandara

    කසූගේ කලිසමකට "ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා" කියලා නම දාපු කතාව මට මතක් වුණා :) මේ ටොයිලට් එකට විතරයි නමක් දාලා තියෙන්නේ. ඒ මේක විශේෂ නිසා.

    අනිත් ඒවා එක වගේම නම් දාලා අමුතුවෙන් වර්ග කරලා නැහැ. තියෙන තැන අනුව හඳුන්වනවා ඇරෙන්න...............

    ReplyDelete
  15. @සඳරු

    චූ කරන්න යන එක හඳුන්වන්නේ කැසිකිලිය කියලානේ. දෙවෙනි වැඩේට යන එකනේ වැසිකිලිය කියන්නේ. ඈත පැතිවල තියෙන ඉස්කෝලවල සඳරු කියන ප්‍රශ්නේ තියෙනවා තමයි :(

    ඒ වගේම බත් දාගෙන කන්න පුලුවන් තරමට මේක ක්ලීන් තමා :)

    ReplyDelete
  16. @අභීත

    නියම කතාව අයියා. මම ඒ කාලේම ඒක ගැන මගේ අදහසත් දාලා නොවැ :)

    ReplyDelete
  17. @chinti

    නැතුව නැතුව. ස්තුතියි සහෝ :)

    ReplyDelete
  18. @Google Bot

    කාටද පිස්සු ? පොඩ්ඩක් කියමුකෝ බලන්න

    ReplyDelete
  19. @මධුරංග

    සැක හිත හිත ඉන්න දෙයක් නැහැ අයියා. එහෙම එකක් තියෙනවා මේ කතාව ඇත්ත කතාවක්.........

    කැළෑවට අල්ලලා දාන එකට කොල්ලෝ "පරිසරයට විනාඩියක්" කරලා එන්නම් කියලත් කියනවනේ :))

    ReplyDelete
  20. @පුතා

    ඒකනේ අයියා. අයියාට තේරුණා :)

    ReplyDelete
  21. හික්ස්! අර කිව්වත් වගේ උඹට කියන්න තිබුනෙ වොෂ් රූම් කියලා නොවැ! ඇත්තටම ඕක 2006න් පස්සෙ හදපු එකක් නේද මලේ?

    ReplyDelete
  22. රාජකීය වැසිකිලියක් නොවැ මේක :D :D

    හසිත අයිය අවුරුද්දෙ අන්තිම ටොයිලට් කතා සීරීස් එක පටන් අරන් වගේ ;) එල.. එල..

    ReplyDelete
  23. මටත් හිතෙන්නෙ රාජකීය වැසිකිළියක් වගේ,,,,,,

    ReplyDelete
  24. @blog gadol

    ඇත්ත ඇත්ත අයියා, මේක මේ අවුරුද්දේ තමා හදලා තියෙන්නේ :)

    ReplyDelete
  25. @Hasitha ජයසූරිය

    සීරියස් එකක් නම නෙමෙයි මලේ කොයිකටත් කිව්වොත් හොඳයි කියලා හිතුණා. තව ටොයිලට් කතා නම් මේ දක්වා නැහැ. බලමුකෝ :)

    ReplyDelete
  26. එල ටොයිලට් එකක්නෙ මේක...

    ReplyDelete
  27. අහ් මේක හැදුවට පස්සේ ඉස්කොලේ වහලා...එහෙම නේද...
    ඒකනේ ඕක ඔච්චර හොදට කියෙන්නේ...

    අහ් උඹ ඒපාර ටොයිලට් කතා පටන් ගත්තද...එල එල...උඹ ටොයිලට් කතා...මම මඩ කතා‍‍...අනිත් දෙන්නා‍ ඥාන කතා‍....
    ලෝල්ස්....

    ReplyDelete
  28. hari pudumai eewage honda toilet1k rajaye pasalaka thiyenawa keewahama... niyama toilet1... :)
    sashi

    ReplyDelete
  29. රාජකීය ඉස්කොලේ තියෙන එකක්ද මළේ මේක

    ReplyDelete
  30. අපේ ඒවගෙනම් ආදරය, වෛරය, සෝකය, කේන්තිය තව සිංහල ඔය ඕක්කෝම තියනව

    ReplyDelete
  31. බ්ලොග් අවකාශෙ පුරාවට මේ දවස් වල බේබදු කතා. ඒ අස්සෙ මෙහෙම කතාවක් හරි පටන් ගත්ත එක හොඳයි. හී හී..

    ReplyDelete
  32. @Praසන්ன

    එළටත් වඩා මේක අම්මට හුඩු ජාතියේ එකක් :))

    ReplyDelete
  33. @෴ හසියා ෴

    අප්පෝ නැහැ අයියා ඉස්කෝලේ හොඳට තියෙනවා.

    මම මේ ඉදලා හිටලා මේ වගේ කතාවක් කිව්වොත් ඇරෙන්න සීරියස් එකක් කරන්න තරම් කතා නැහැ :)

    ReplyDelete
  34. @Sashi

    ඒක තමා දියුණුව කියන්නේ :))

    ReplyDelete
  35. @චානු

    මේකෙත් ඒවා තියෙන්න ඇති. ඒත් දැන් ලියවිලි බොරු බිත්තියේ උඩටම වෙනකම් ටයිල් අල්ලලානේ තියෙන්නේ :))

    ReplyDelete
  36. @පිණිබිඳු...

    සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත්

    නිසා වෙන්න ඇති :))

    ReplyDelete
  37. http://www.facebook.com/pages/Travel-Srilanka-by-Manoj-Bogoda/108681379525?ref=ts#!/album.php?aid=255995&id=108681379525
    සුද්දන් ගෙ ටොයිලට් වගෙද සින්හල අපේ කැසිකිලි

    ReplyDelete
  38. @Anonymous

    ඒක තමා සුද්දා ගස් උඩ හෙළුවෙන් ඉදිද්දී අපේ මුතුන්මිත්තෝ අහස උසට දාගැබ් හැදුවා. ඒත් අද අපිට වෙලා තියෙන තත්වය ගැන නම් හිතන්න වෙනවා........

    ReplyDelete
  39. අම්මට හුඩු...අයියා මේක blog 1ත් දැම්මද.

    ReplyDelete
  40. @Turcy

    කෝකටත් කියලා ලියලා දැම්මා මලේ :))

    ReplyDelete
  41. කාලෙකට පස්සෙ අද ඉස්කෝල පැත්තෙ ගියා.... ඇත්තටම ටොයිලට් එකේ දොරටුව ගාවට ගියාම ඇතුලට යන්න බයයි... විශ්වාස නෑ ටොයිලට් එකක්ද කියලා...

    ReplyDelete
  42. මම හිතන්නේ නෑ මට වඩා ඔය වැසිකිලිය ගැන දන්න කෙනෙක් මෙතන comment කරලා ඇති කියලා :) මොකද දන්නවද මම හැමදාම interval එකේ මගෙ නම්බර් 1 වැඩේ :D කරන්න යන්නේ ඔතනට තමයි :D ඔය දාලා තියෙන ටැප් දෙක ඉස්සරහ මම හැඩ වැඩ බලපු වෙලාවල්, මූණ හෝදපු වෙලාවල්, අනන්තවත් ඇති ;)කොහොම උනත් ඔය ගොඩක් අය දන්නවා ඇති මගේ ඉස්කෝලේ (ඔය lat එක හිමි ඉස්කෝලේ :D ) මොකක්ද කියලා, නොදන්න අයට ඕන්නම් ඉගියක් දෙන්නම්. ;) මේ ඉස්කෝලේ ලංකාවේ හොදම ඉස්කෝලේ කියලා මම බය නැතුව ආඩම්බරෙන් කියනවා. මේක බොරු පුරාජේරුවක් නම් නෙමෙයි, මේ ඉස්කෝලේ මොකක්ද කියලා ඉතින් තව අටුවා ටීකා ඕන නෑ නේ :D

    ReplyDelete
  43. @Danuka Kolla

    අපිට නම් ඕක පාවිච්චි කරන්න ලක් එකක් තිබුණේ නැහැ. අපි ගියාට පස්සේ තමා ඕවා හැදුණේ. කොහොම නමුත් සතුටු අපේ ඉස්කෝලේ කෙනෙක් අදහස දක්වන්න එකතු වුණු එක ගැන :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................