Tuesday, December 14, 2010

ආගිය කතා කොහොමද ?


ආගිය කතා blog එක පටන් ගත්තේ මේ අවුරුද්දේ මාර්තු මාසේ 27 වෙනිදා. ඉතින් මේ වෙනකොට මම posts 85 ක් ලියලා තියෙනවා. ඒවා විනෝදාත්මක,අධ්‍යාපනික,අනම් මනම්, ඕපාදූප, කවි, සිංදු ආදී විදිහට ප්‍රභේද කරන්නත් බැරිකමක් නැහැ.

මාර්තු ඉදන් මේ දක්වා තව තවත් දේවල් ලියන්න හයියක් වුණේම මේවා කියවන්න ආපු ඔයාලයි.

ඊයේ පෙරේදා දවසක මට හම්බුණු යාළුවෙක් කිව්වා "උඹේ blog එක මම ආසාවෙන් කියෙව්වා. ඉස්සර නම් සිරා බන්. දැන් එච්චර හොඳ කතා යන්නේ නෑනේ. හෙණම චාටර් බන්" කියලා.

පස්සේ මම "ආහ් ඇත්තද" කියලා ඔළුවා වැනුවා විතරයි.

මේකෙන් මට කල්පනා වුණේ මේ දවස්වල මම හෙණම චාටර් කතා ටිකක්ද ලිව්වේ කියලා.කෝකටත් ආගිය කතාවේ ඉදිරි ගමනට ඔයාලගේ වටිනා කියන අදහස් ටිකකුත් එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතුණා.

ආගිය කතාවේ අඩු පාඩු
ඉදිරියේදී එකතු කරන්න ඕනේ දේවල්
ඉදිරියේදී අඩු කරගන්න ඕනේ දේවල් ගැන උපදෙස් යනාදී විදිහට එකී මෙකී නොකී නමුත් කෙසේ හෝ ආගිය කතා ගැන ඔයාලගේ අදහස් මට දෙන්න. ඒක ආගිය කතාවේ ඉදිරියට ලොකු දායකත්වයක් වේවි

මම
හසිත ගුණසිංහ

21 comments:

  1. ඔව්වා ගනන් ගන්න එපා හසිත. හැම දාම අවුරුදු නෑ කියල කවුරුත් දන්නවා..

    දිගටම කරගෙන යන්න, ඔබට කැමති සහ හොඳයි කියලා හිතෙන හැමදේම ලියන්න

    ReplyDelete
  2. තමන්ගෙ බ්ලොග් එකේ අනුන් කියන විදියට ලියන්න ඕන නැහැනෙ.
    මේ ආපු විදියට දිගටම යමු.

    ReplyDelete
  3. අයියෙ ඔයාට හිතෙන දේවල් ඔයාගෙ විදියට ලියන්න....

    මට නන් තියෙන එකම අවුල සමහර ඒව කියවන්න දිග වැඩි එක :D:D:D

    ReplyDelete
  4. හසිත මල්ලි, උඹේ බ්ලොග් එක මම ආසාවෙන් කියවන බ්ලොග් අතරින් එකක්. කියවන අය එක එක විවේචන කරන එක සාමාන්‍යයයි. ඒවයින් ගත යුත්ත විතරක් අරගත්තහම ඉවරයි. මම බ්ලොග් ලියන කොට අනුගමනය කරන සැලකිලිමත් වෙන පොයින්ට්ස් ටිකක් මම කියන්නම්.

    1) මොකක් හරි අදහසක් අවහම ඒක ලියන්න ඉක්කම්න් වෙන්න එපා. තව තව කරුණු එකතු කරගන්න. මම කරන්නෙ ගුගුල් ඩොක් එකක් ඇරලා එන අදහස් කෙටියෙන් එකට දානවා. ඒවගෙ එකතු වෙච්ච අදහස් ගොඩක් තියෙනවා. බ්ලොග් පෝස්ට් එකක් ලියන්න කරුණු ඇති කියලා හිතුනොත් ලියන්න පටන් ගන්නවා ඒ එකතු කරපු පොයින්ට්ස් වලින්. එහෙම පොයින්ට්ස් සේව් කරල තියෙන නිසා ලියන වෙලාවට ඒවා අමතක වෙන්නෙ නැහැ.

    2) තමන් ලියපු දේ ඉස්සෙල්ල තමන්ට විඳින්න පුළුවං වෙන්න ඕනෙ. දෙතුන් පාරක් කියවලා බලලා සෑහීමකට පත්වෙනවනං තමයි මම ඒක පබ්ලිෂ් කරන්නෙ. මම බ්ලොගර් එකේ පේස්ට් කරන්න කලින් පෝස්ට් එක ලියන්නෙ ගූග්ල් ඩොකුමන්ට් එකක. විනෝදාත්මක කතාවක් ලියනවනම්, ඒකෙන් ඉස්සෙල්ලම තමන්ට විනෝදයක් ලබන්න පුළුවං වෙන්න ඕනෙ.

    ReplyDelete
  5. නෑ මල්ලී !!!! අනුන් කැමති දේ නෙමෙයි තමන් හරියි කියලා හිතෙන දේ කරන්න. අපිට කවදාවත් හැමෝම සන්තෝශ කරන්න බැහැනේ. මට නම් මේ කතා වල කිසිම අඩුපාඩුවක් පේන්නේ නෑ. ලස්සනට ලියලා තියෙනවා !!!! දිගටම කරගෙන යන්න මල්ලි !!!!

    ReplyDelete
  6. ම්..එක එක් කෙනාගෙ අදහස් විවිධයි.එයා අරොහොම කියන්න හේතුව අහල බලලන්න.
    මටනම් ගැටලුවක් නැ කොල්ලො

    ReplyDelete
  7. හසිත මල්ලී...

    කාට හරි හිතෙනවනං උඹ ලියන ඒවා චාටර් කියලා..අන්න ඒ යාළුවට කියන්න චාටර් නැති බ්ලොග් එකක් පටන් අරං හොඳ කතා ලියන්න කියලා..චාටර් හරි වෙන මොන මගුල හරි කමක් නැහැ..උඹට ඔන මගුලක් උඹ මෙකේ ලියපන්... මෙක උඹෙ මිසක් වෙන කාගෙවත්යෑ..
    අපිට ඔනනං අපි බලන්නං..හරි මගුලක්නේ යකෝ මෙක...
    මටනං තාම මෙක හොඳට අල්ලලා යන බ්ලොග් එකක්...

    ReplyDelete
  8. Hasitha malli ,awankawama methek liyapu katha serama wage kiyawnna bari unath kiyawapu hama katahwenma harawtah deyak magenam mathakaye raduna.a nisa methek karan apu me karyata isthuthi karana athara thawa thawath mitath wada uparimayema me blog ake wda katayuthu karanna shakthiya leewa kiyala suba patahanawa.anagathayedi rasawath katah godak liyanna labewa kiyalatah hadawathinma suba pathanwa

    ReplyDelete
  9. මම ගොඩාක් ආසාවෙන් කියවන බ්ලොග් එකක් මේක... ඔයා ලියන විදියට දිගටම ලියන්න මල්ලියෝ.... ජය වේවා!

    ReplyDelete
  10. අය්යෝ සහෝදරයා අපි එහෙම සැලෙන්න හොඳ නැහැනේ.. බ්ලොග් කියන්නෙත් කෑම කඩ වගේ...තමුන්ට ඕන කෑම කඩේටනෙ තමුන් යන්නේ.. දැන් ගොඩක් මිනිස්සු යන හොඳ කෑම කඩ වලට සමහරු යන්නැහැනේ කඩේ අයිතිකාරයා එක්ක තියෙන ඊරිසියාවට එහෙම... ඒ නිසා ඕව ගනන් ගන්නෙපා...කෑම පිඟානක උනත් රස තිත්ත කෑම දෙකම තිබ්බමනේ ඒක සමබර වෙන්නේ... ඒ නිසා ඕවා ගනන් ගන්නෙපා..අපි ඉන්නවනේ ඔයා එක්ක...

    ReplyDelete
  11. mannam aasawen kiyawana blog1k meka....mehemai Hasitha, 1kenek kiyapu paliyatama eke echchara ganan ganna epa mokada oya wage honda wadak patan gathathahama samaharu eke adakma hoyanna balan inna nisa...oya hondata meka karan awa. eka man nokeewath meke katha aththatama kiyawapu tawa ayagen ahala baluwoth eeyala unath kiyai.anika mata meka keyaweemen man nodanna karunu godak danaganna labuna eewagema yam vinodhayakuth labagaththa. eenisa oyage me blog1 danumata vinodayata thawath margayak kiyala kiyanna puluwan. oonama kenekuta meka kiyawala yam rasayak labaganna puluwan kiyala mata 100ta 100k vishvaai.mee mage aththama adahasa tama leewe...obata me blog1 digatama karan yanna awashya shakthiya dairya labeewa kiya man hitha sithin prarthana karanawa....

    sashi

    ReplyDelete
  12. මම නම් බ්ලොග් ලියන්න ගත්තෙ හිතේ දුක යන්න... පස්සෙ ඔය පරන කතා ලියන්න.. ඊටත් පස්සෙ ඔය මොන මොනා හරි.. උබල කට්ටිය හැමදාම මොනා හරි ලියල යනවා අලුතින් යමක් ලිව්ව්ම... අමුතුවෙන් හිතලා ලියන්නේ නැහ මලේ මම නම්. මගේ සන්තෝසෙට නොවැ මම ලියන්නේ. මේ ටිකේ නොලිව්වෙ එහෙම යමක් නැති නිසා. මට නම් එහෙම වරදක් වෙනසක් දැනුනෙ නැහ.

    ReplyDelete
  13. උඹ ඕවට සැලෙන්න එපා....අපේ හසී නඟාගෙන් අහල බලන්න උඹ කොච්චර ප්‍රසිද්ධද කියලා.එයා දැන් ඉගෙන ගන්න ආයතනයේ පරිෂනකයක ෆෝල්ඩර් එකක් තිබිලා "ආගිය කතා" කියලා.ඉතිං එයා බලපුවහම ෆෝල්ඩර් එකේ තියෙන්නේ මො‍කක්ද කියලා...ඒකේ ති‍බුණේ උඹේ ඩවුන්ලෝඩ් කරපු කතා ටිකක්...ඉතිං බලපං උඹ කොච්චර ප්‍රසිද්ධද කියලා...
    උඹ දිගටම ලියපන්...අපි ඉන්නවා උඹේ ලගින් හැමදාමත්....

    ReplyDelete
  14. mama nam jeewitheta blog kywna kenek newei.digatama hasitha aiya msg karanakota mulin nam dakka gaman delete kala.dawasak wadak nathuwa hitiya welawaka kammalikamata net eke raum gagaha innakota meka mathak wela kiyewwa.kochchara hithata alluwada kiyanawa nam meke thiyana ekak naara mama dan kiyawala thiyanawa.mama nam wadiyama aasa oyalage pawle wistara tiyana ewata ;) keep it up.mama nam aththatama aaaaaaasawen dan hamadama balanawa

    ReplyDelete
  15. චාටර් බ්ලොවල මම මීට කලින් කමෙන්ට් කරල නෑ ! කරන්නෙත් නෑ ..උඹට තේරෙන්නේ නැද්ද ! ඉරිසියාවට කියපු කතාවක් කියලා ඕක ..

    මටනම් මේ බ්ලොග් එක මුලින් ආපු දවසේ වගේම අදත් බොක්කටම වදින්න එලටම තියනවා ..කාගෙවත් කතා අහලා මේක වෙනස් කරන්න එපා මචං ...

    ජයවේවා !!

    ReplyDelete
  16. Enough is enough guys.

    I have read all the posts in this blog. But this will be my third or fourth comment, although Hasitha insists that I should leave one on every post I read.

    Firstly, The person Hasitha refers to will be me and secondly I didn't use the word "
    chater", but I did say it is less interesting recently.

    It seems that it gave a good platform for you (Hasitha) to know a little bit more about the popularity of the blog. And also to get some tips.

    And Finally,and most importantly, to everyone who says I am jealous what i have to say is "what for?". I know how good a story teller Hasitha is and how bad a linguist, in Sinhala, I am.

    So everybody, who's comment are not on how to improve this blog, appologies if I hurt your feelings.

    @ Hasitha: Seriously you have a potential to do this far better than this. And you have proved that by introducing photoblogs and poems.

    Why I do not comment,when I have nothing special to say, is that not all our achievements and works get acknowledged, that is life.

    regards
    KIUN

    ReplyDelete
  17. sameerausa,
    Praසන්ன,
    Hasitha ජයසූරිය,
    දුමී,
    මධුරංග,
    රත්නේ,
    මාරයා,
    Anonymous,
    හසී,
    Yasas,
    Sashi,
    පිස්සා ,
    ෴ හසියා ෴,
    Chandima Dharmawansa,
    හිස් අහස,
    KIUN

    මේ විදිහට ප්‍රතිචාර දක්වන්න එකතු වුණු අයගෙන් කීප දෙනෙක් ඇරෙන්නේ අනිත් අය මට තාමත් ඇත්තට හම්බවුණු අය නෙමෙයි. ඒත් මේ සිංහල බ්ලොග් අවකාශේ කරක් ගහද්දී ලෙංගතුකමින් බැදුණු සහෝදර සහෝදරියෝ.

    ඉතින් ඔයාලගේ අවංක අදහස් දක්වලා ඉදිරි ගමනට හොඳ අදහස් දීලා සුභ පැතුම් එක් කරන්න ආපු එක ගැන ස්තුතියි. තවත් කතා මල්ලකින් හමුවෙමු.

    නැවත් වතාවක් ඔයාලා ඔක්කොටම ස්තුතියි :)

    ReplyDelete
  18. මේ පෝස්ට් එකට කමෙන්ට් දාන එකත් අපරාදෙ. දැන්වත් ඔයාට තේරෙනවද ඔයාගේ බ්ලොග් එක ගැන? මේක චාටර් නම් උදේ පාන්දර නැඟිට්ට ගමන් පාඩම් කරන්න පටන් ගන්නත් කලින් මේ බ්ලොග් එකට එනවද?

    ReplyDelete
  19. කතන්දර ආතා ආපු දුරක්!
    Seems I've missed some good comments on top but after what KIUN said I think I get the picture!
    Good work Hachagu, keep up the good work & Wish you a very happy new year!

    ReplyDelete
  20. @Anonymous

    තැන්කු වේවා රාමු සහෝ හැමදාම වගේ දෙන හයියට.

    පපූමා ෆිට් එක එහෙම තමා :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................