Friday, December 10, 2010

විදිල්ලේ හොඳම විදින්නා


එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක හිටිය [ඒත් ඇත්තටම කිව්වත් මේ කාලේ ලංකාවේ ඉන්න ]පොරක් ගැන තමා මේ කතාව. ඔයාලා අනිවා රොබින් හුඩ් කතාව T.V එකේ බලලා ඇති. රොබින් හුඩ් කිව්වාම මතක් වෙන්නේ දුන්න අතේ තියන් මොකක් හරි ඉලක්කයකට ඊතළෙන් විදින කෙනෙක්වනේ.

පහු පහු වෙද්දී ඔය "විදිනවා, විද්දා" කියන වචනේ හරි හරියට අපේ තරුණ, ළමා පිරිස් අතරට ආවා. කවුරු හරි කෙනෙක් ප්‍රසිද්ධියේ කතාවක් වගේ කරද්දී වචන වැරැද්දුවොත්, ඒ වගේම විකාර වැඩක් වගේ කළොත් කොල්ලො කියන්නේ "ඕන් එයා බරටම විද්දා" කියලා.

හොඳ වෙලාවට රොබින් හුඩ් ඕක දන්නේ නැහැ:))

ඉතින් මම දන්න හොඳ විදින්නෙක් හිටියා. දුන්නෙන් ඊතළවලින් නෙමෙයි වචනවලින් විදින. මේ එයා ගැන කතා කීපයක්.


මේ ළඟදී එයා හම්බුණු වෙලාවක කියව කියව ඉද්දී පොර කියනවා "මචං අළුත් කාඩිනල් මැල්කම් රංජිත්ට මාර guard එකක් තියෙන්නේ. ඉස්සරහින් පොලිස් bike දෙකකුයි, Diffender එකකුයි යනවා බන්. මම හිතන්නේ එයාගේ කාර් එකත් වෙඩි වදින එකක් වෙන්න ඕනේ" :))

--------------------------------------------------------------------------------------

දවසක් අපි බදුලු බණ්ඩාරවෙල trip එකක් යන scene එකක් ගැන කතාවක් දාගෙන ඉද්දී අපි කතාවුණා ඒ පැත්තේ පයින් ඇවිදින්න යනවාට වඩා foot cycle දෙකක් තුනක් හොයාගෙන ඒවායේ ගියා නම් වැඩේ සිරා කියලා.


ඒ වෙලාවේ අපේ විදින්නා කියනවා "ඒත් බන් අවුල තියෙන්නේ කන්දක් බැස්සොත් පල්ලමක් නගින්න තියෙන එක තමා" කියලා :))

--------------------------------------------------------------------------------

තව දවසක අපි set එක තව කොල්ලෙක්ගේ වාහනේක ගමනක් යද්දී අපේ විදින්නා කියනවා Montero එකක් පෙන්නලා "බලාපල්ලා අර Motorola එකේ ලස්සන. ඒකේ යන එවුනුත් ෂපාන් එකේ යනවානේ. හිටපල්ලකෝ අපිත් දවසක් Motorola එකක් ගන්නවා" :))

------------------------------------------------------------------------------

තව දවසක් අපි බස් එකේ ගමනක් යද්දී අපිටත් එක්ක tickets ගත්තේ විදින්නා. කොන්දොස්තර මොකක් හරි පොතක් දාලා ඉතුරු සල්ලි අඩුවෙන් දීලා තියෙන්නේ. ඉතින් විදින්නා අනම් මනම් විද්දාට හෙණ මීටරේ. ඒක නිසා කොන්දාගේ කපටිකම තේරිලා ගාණට ඉතුරු සල්ලි අරගත්තා.


පස්සේ තමා හොඳ කතාව කිව්වේ "කොන්දා හිතන් ඉන්නේ ඇති අපි පැදුරු [ පිදුරු වෙනුවට ] කන එවුන් කියලා" :))

--------------------------------------------------------------------------------

ආයි දවසක අපි කට්ටියකට බීම වගයක් බොන්න හම්බුණා පන්සලේ කරපු අස්පස් කරපු වැඩකට පස්සේ. කෝප්ප මොකවත් හම්බුණේ නැහැ. ඔක්කොම එක එකා ගාණේ බොන්න ගියොත් වෙලාවත් යනවනේ.


අපේ විදින්නා ඉදිරිපත් වෙලා බීම එක ගෙනාපු පන්සලේ ඇබිත්ත කොල්ලාට කිව්වා "මල්ලී අපිට කෝප්ස් [කෝප්ප කියන සිංහල වචනෙයි, Cups කියන English word එකේ එකතුව] ටිකක් ගේන්න බීම බොන්න" කියලා :))

33 comments:

  1. ඉතින් විදින්නා මේක දැක්කොත් මොකක් කියයිද කියලයි මම මේ කල්පනා කරේ

    ReplyDelete
  2. ලොල්.... අර දුමී අයියාට වගේ කන්න වෙයිද දන්නේ නෑ විදින්නා මේක දැක්කොත්..

    ReplyDelete
  3. නරකද මාරයගෙන් ආත්මාරක්ෂක සටන් ඉගෙනගත්තොත්

    ReplyDelete
  4. විදින්නා නියමයිනේ... :)))

    ReplyDelete
  5. විදින්නා මේක දැක්කොත් හැබැයි උඹට ඊතලේකින් විදින්නේ!

    ReplyDelete
  6. පරිස්සමින් මලේ.විදින්නට අහුඋනොත් කොප්ස් එකක දාල පල්ලමක නග්ගවයි.

    ReplyDelete
  7. විදිනවා කියලා මෙහමත් විදිනවද... හිසිය මලේ.. බ්ලාගෙන මේ වැදිල්ලට උඹලත් විදී.........!

    ReplyDelete
  8. ඔය වගේ සීන් වලට "විදිනව" කියන එක මම අදයි ඇහුවෙ. එක අතකට මේ රට ඉඳි ගස් යට නාකි වෙන අපි දැන් අවුට්ස්ටෙෂන් ( අපේ පොරක් අවුට්ඩෙට්ටඩ් වෙනුවට කියපු කතාවක් ) පොරවල්නෙ.

    ReplyDelete
  9. එයා නම් නියම විදින්නෙක් නේ මල්ලි හැමදාම ඔහොම විදිනවද දන්නෙ නෑ නේ ??

    ReplyDelete
  10. පට්ට විදිල්ල, කවුද දන්නෑ ඔය විදිල්ලා, මල් තියන්න වටිනවා.

    ReplyDelete
  11. අති විශිශ්ටයි! ඒත් ඉතින් අපේ සමහරක් වගෙ නෑ නේ? මගෙ විදිල්ල කියවල ටිකක් එකතු කලත් කමක් නෑ. මම එතුමාගෙ හැකියාව අගය කල බවත්, ඒ ගැන ගොඩක් සතුටු වෙන බවත්, ඔය විදින්නට කියන්න.

    ReplyDelete
  12. එල එල මේ විදිල තියෙන්නේ එලටම

    ඔයාට මම අදසිට නම්බු නාමයක් දෙනවා .ඒතමයි "සද්ද විද්ද " විදින්නා මේක දැක්කොත් කන්නාඩිය ඉස්සරහට ගිහිං විදගෙන මැරෙයි නේද ?

    තව විදපල්ලා

    ජයවේවා !!

    ReplyDelete
  13. පොඩි කාලේ මම ඉක්මනට අදහස් ප්‍රකාශ කරන්න ගිහින් මේ වගේම විදගන්නවා. හැබැයි වැඩියෙන්ම ඕක වෙන්නේ අනික් අය කියන්න කලින් වැඩා වෙන්න උත්තර දෙන්න ගිහින් තමයි.
    මට පහේ පන්තියේදී වැදිලා තිබුණු නම්බු නාමය තමයි "ඩිංගි මහත්තයා" (කෝපි කඩේ ඩිංගි මහත්තයාත් මේ වගෙ විදිනවනෙ ) ඉතින් මම ඒක මේ විදින්නාට තෑගි දෙනවා

    ReplyDelete
  14. විදින්නෝ , දිනන්නෝ!!! මාත් මේ බ්ලොග් එකට හැමදාම එන නිසා,දැනුයි මේ පෝස්ට් එක දැක්කේ!! ;))))) :)))

    ReplyDelete
  15. hi...hi... niyama vidinnek tama....
    sashi

    ReplyDelete
  16. @හරී - පිණිපළස

    තාම නම් මොකවත් කිව්වේ නැහැ. සමහර විට දැක්කේ නැද්ද දන්නේ නැහැ :))

    ReplyDelete
  17. @Praසන්ன

    මාරයියා ඒ පාඨමාලාව නවත්තලාද කොහෙදෝ..............

    ReplyDelete
  18. @blog gadol

    මෑන්ට ඔය ඊතල දුනු එහෙම පාවිච්චි කරලා එච්චර පුරුද්දක් නැහැ මයේ හිතේ :))

    ReplyDelete
  19. @දුමී

    අපිත් ඉදලා හිටලා විදිනවා තමා ඒත් මෙච්චර නැහැ

    ReplyDelete
  20. @ඉන්දික උපශාන්ත

    අයියලා ගතින් නාකි වුණාට හිතින් තරුණයි නොවැ. ඔය මදෑ.......... :)

    ReplyDelete
  21. @මධුරංග

    මෑන් හොඳ හොඳ ඒවා තමා විදින්නේ. එතකොටනේ අපිට වුණත් ෆන් එකක් තියෙන්නේ :))

    ReplyDelete
  22. @goldzone-tc

    අප්පෝ ඔහොම කියද්දී පොර තව උඩ යයිද දන්නේ නැහැ :))

    ReplyDelete
  23. @Navaka

    ඔයාගේ විදිල්ල -2 පොතට සම්පූර්ණයෙන් පරිච්ඡේදයක් මේ විදින්නාගෙන ගන්න පුලුවන් වෙයි :))

    ReplyDelete
  24. @ලකී වික්‍රමසිංහ

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ. බොහොම හොඳයි :))

    ReplyDelete
  25. @ජංජාල චාමර

    නවක නවරත්න ලියපු විදින්නෝ පොතේ තේමා පාඨය වුණේ "විදින්නෝ විදිති" කියලා :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................