Sunday, July 4, 2010

Cook අන්කල්ව දාලා ගිය Annual Outstation Camp එක


කාලෙකින් මගේ Scouting Life එක ගැන කතාවක් කිව්වේ නැති නිසා ඒ කාලේ ගැන කතාවක් කියන්න තමා හිතුවේ. මාත් එක්ක එකට Scouting කරපු set එකේ කට්ටියගෙන් වගේම දැන් scouting කරන මල්ලිලාගෙනුත් ඉල්ලීමක් තිබ්බා ඒ කතා කීපෙකුත් කියන්න කියලා. ඔන්න ඒක අද ඉටු කරන්නයි යන්නේ.

මේ සිද්ධිය වුණේ 2006 අවුරුද්දේ. අපේ බාලදක්ෂ කණ්ඩායමේ සිරිත තමා හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ ලංකාවේ කොහේ හරි පැත්තක අපේ කණ්ඩායමේ Annual Outstation Camp එක කරන එක. ඉතින් Scouting වලට හොඳට set වෙන පැතිවල තමා සාමාන්‍යයෙන් Annual Outstation Camp එක කරන්නේ.

උදාහරණ විදිහට කිව්වොත් මම Scouting වලට ආපු 2002 අවුරුද්දේ Annual Outstation Camp එක කළේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2003 තිස්සමහාරාමයේ දෙබරවැව ජාතික විද්‍යාලයේ, 2004 ආයි පාරක් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ තියෙන Lake View International Scout Centre එකේ, 2005 පොළොන්නරුවේ රාජකිය විද්‍යාලයේ.

අපි උපදේශක බාලදක්ෂයෝ විදිහට කටයුතු කරපු 2006 අවුරුද්දේ අපි කල්පනා කළා Annual Outstation Camp එක කොහෙද තියන්නේ කියලා. අන්තිමට අපි තීරණය කළා මීරිගම පිහිටලා තියෙන Lee Dasanayaka Scout Training Centre එකේ අපේ Annual Outstation Camp එක කරන්න. ඉතින් ඒකට අවශ්‍ය කරුණු කාරණා ඔක්කොම අපි සිද්ධ කළා. අවසර ගන්න ඒවා. එක කරන එක. ළමයින්ට, දෙමාපියන්ට කියන කරුණු ආදී ඒවා.

Annual Outstation Camp එකට පිටත් වෙන දවසට කලින් දවසේ රෑ අපේ set එක හිටියේ ඉස්කෝලේ. ඒ නත්තල් දවස. ඒකෙත් කතාවක් තියෙනවා. ඒක ගැන ඉස්සරහට කියන්නම්කෝ. මට කලින් කියන්න අමතක වුණා Annual Outstation Camp එකට යද්දී අපි කෑම උයන්න Cook කෙනෙක්ව එක්කන් යනවා. අවුරුද්ද පුරාම තියෙන Camporee හරි Jamboree, Training Camps, Competition Camps ඔක්කෝගෙම අපි අපේ කෑම සකසා ගත්තත් Annual Outstation Camp එක යද්දී cook කෙනෙක්ව ගෙනියන්නේ scouts ලාට පුලුවන් තරම් activities කරන්න ඉඩ හදාගන්න. කොහොම වුණත් Duty Patrol එක cook ට උදව් කරනවා කෑම සකස් කරන්න.


ඉතින් මීරිගම Annual Outstation Camp එකටත් cook කෙනෙක්ව හොයන වැඩේ අපි දුන්නේ කසුන්ට. Man ඉස්කෝලේ කැන්ටිමේ ඉන්න cook කෙනෙක්ව වැඩේට set කරගත්තා. අපි Camp එකට යන්න කලින් දවසේ ඉස්කෝලේ හිටියා කිව්වේ ඉතින් අපි ඔක්කොම වැඩ ටික හරිද කියලා ආයි පාරක් check කරලා බලලා කැන්ටිමටත් ගිහින් cook අන්කල්ටත් මතක් කළා හෙට උදේ 7.30 ට විතර අපි පිටත් වෙනවා එයාට ලෑස්ති වෙලා ඉන්නත් කියලා.

පහුවෙනිදා උදේ අපි යන බස් එක ආවට පස්සේ ඒකට ආම්පන්න ටිකත් පටෝලා අපේ bags එහෙමත් පටෝලා Open Rally එකත් කරලා අපි කට්ටිය පිටත් වුණා. ඔහොම යද්දී කිරිබත්ගොඩ හරියෙදී විතර අපේ Camp Organizing Committee එකේ Foods බාරව හිටිය කසුන්ගෙන් ASL අයියලා ඇහුවා "මල්ලී රෑට මොනවද කන්න දෙන්නේ ?" කියලා.

Man කිව්වා "පානුයි පරිප්පුයි තමා දෙන්න ඉන්නේ අයියේ. අපි මීරිගම තැනක් set කරගෙන තියෙන්නේ පාන් ගන්න" කියලා.

ඒ වෙලේ තමා කසුන්ට මතක් වුණේ රෑට පරිප්පු උයන්න ඕනේ කියන එකත් එක්කම cook අන්කල්ව අපි ඉස්කෝලේ දාලා ආවා කියන එකත්. පස්සේ man ඒක ASL අයියලාට කිව්වා. ආපහු bus එක හරෝගෙන ඉස්කෝලෙට යන්න බැහැනේ. අපි ඒ වෙලේ හිටියේ කිරිබත්ගොඩ හරියේ කියලා මම කලින් කිව්වේ.

ASL අයියලා කිව්වා "මේ හසිත මල්ලිගේ පැත්තනේ. ඔයානේ දන්නේ මේ පැත්තේ bus ගැන එහෙම. ඔයා ඉස්කෝලෙට ගිහින් cook එක්කන් මීරිගමට එන්න. අපි ඔයාලව මීරිගමින් bus එකට ගන්නම්" කියලා.

මාත් ඉතින් ඕකට හා කියලා කිරිබත්ගොඩින් 154 bus එකේ ඉස්කෝලට ඇවිත් කැන්ටිමට ගියා. ගිහින් cook අන්කල්ව හොයාගත්තා. එයාත් උදේ අපි එයාව එක්කන් යන්න ආපු නැති නිසා 7.45 ට විතර Scout Room එක පැත්තට ඇවිත්. කවුරුත් පේන්න නැති නිසා එයාටත් මොකුත් හිතාගන්න බැරිවෙලා. පස්සේ එයා ආයි කැන්ටිමට ඇවිත්. ඉතින් ආයි පාරක් එයාව ලෑස්ති කරගෙන අපි කොටුවට ආවා කෝච්චියෙන් මීරිගමට යන්න.

කෝච්චියේ මීරිගමට යන අතරතුරේ මට මාර නිදිමතයි. පාන්දර වෙනකම් අපි කට්ටිය ඇහැරගෙන හිටියේ. ඊට හපන් කෝච්චිය පැද්දෙන විදිහට කොහොමත් නිදිමතයි. බැරිවෙලාවත් නින්ද ගියොත් අලි මදිවට කොටි කියලා මීරිගම station එක පහුවුණොත්. ඒක නිසා අමාරුවෙන් ඇහැරගෙන ඉදලා මීරිගමින් බැහැ ගත්තා. ඒ වෙද්දී අපේ කට්ටියත් bus එකේ එතනට වෙලා හිටියා. පස්සේ ඉතින් අපි කට්ටියම මීරිගම camp එකට ගියා. ඒකේ කතා වගේකුත් තියෙනවා. ඒවත් ඉස්සරහට කියන්නම්කෝ.


මේ Camp එකේ තවත් photos බලන්න ඕනේ නම් මෙතන කොටලා බලන්න. මේ ගැන අදහස දුන්න අපේ බාලදක්ෂ කණ්ඩායමේ මේ වෙනකොට සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කටයුතු කරන ටර්සි මල්ලීට ස්තුතියි :)

ප.ලි.: Annual Outstation Camp එකට මීරිගමට යද්දී හම්බෙන පිළිකුත්තුව රාජ මහා විහාරෙයි, වාරණ රාජ මහා විහාරෙටයි යන්න තමා අපි සැලසුම් කරලා තිබ්බේ. මමත් ඒ පන්සල්වලට ගිහින් නැති නිසා ඒවා බලන්න පුලුවන් වෙයි කියලා තමා හිතාගෙන හිටියේ. අන්තිමට කඩන් වැටුණු කොන්ත්‍රාත් එක නිසා ඒවා බලන්න වුණෙත් නැහැ. තාමත් මට ඔය පන්සල් දෙකට යන්න වුණේ නැහැ. ඉස්සරහටවත් යන්න ඕනෙයි කියලා තමා හිතාගෙන ඉන්නේ......

27 comments:

  1. මෑන් හොල්මන් වෙන්න ඇති කොල්ල නෑ කියල දැක්කහම :D

    ReplyDelete
  2. මට හොදට මතකයි. මොබව උනත් මගේ පලවෙනි camp එකනේ. සිරා camp එක . අයියත් මාර බාල්දියක්නේ දාගෙන තියෙන්නෙ.
    ඕකට තමයි scouting වල අදර්ශ පාටය තියෙන්නේ.............................................

    ReplyDelete
  3. මමත් scouting කරා,ප්‍රධාන කොමසාරිස් ප්‍රසාදනය වෙනකම්ම Batch කරා.අපිත් සෑහෙන්න camp ගිහින් තියනවා,එත් කවදාවත් cook ලව ගෙනිච්චෙ නෑ අපේ කෑම හදාගත්තෙ අපිමයි..

    සිංහරාජේ දවස් 3ක camp එකක් කලා,කිසිම භාජනයක් නැතුව අපි උයාගෙන කෑවා මතකයි..ඒ වගේ කාලයක් නම් ආයි එන ඒකක් නෑ කවදාවත්ම....

    ReplyDelete
  4. ඒකෙත් ආතල් එකක් තියෙනවා... උබ බස් එකේ කූක්වත් දාගෙන ගියානම් කතාවක් නැහනේ අද... හික් හික්.

    ඒක නෙමෙයි බන්... මොකක්ද ඔය අන්තිමට තියෙන පින්තූරෙ... වෙස් මූනු සීන් එක ???

    ReplyDelete
  5. @Hasitha ජයසූරිය

    ඇත්තටම Scout Room එක ගාවට ආපුවාම කට්ටිය කවුරුත් නැති වුණාම man බලන්න ඇති මොකද වුණේ කියලා...........

    ReplyDelete
  6. @Vinura Thivin (විනුර තිවින්)

    මම දාගත්ත බාල්දියක් නෙමෙයි නේ මල්ලී. ඒක කට්ටිය එකතු වෙලා දාගත්ත බාල්දියක් නේ.

    බාලදක්ෂ ආදර්ශ පාඨය "සූදානම්ව සිටිනු" නේ. ඉතින් cook අන්කල් නැහැ කියලා දැනගත්ත ගමන් අපි එයාව එක්කන් යන්න සූදානම් වෙලානේ හිටියේ.. :))

    ReplyDelete
  7. @අච්‍චා

    තවත් බාලදක්ෂයෙක් හඳුනාගන්න ලැබීම සතුටුයි සහෝදරයා.....

    අපිත් ජම්බෝරි හෝ කැම්පෝරිය, Training Camps, Competition Camps හැම එකකම අපේ කෑම අපිම උයාගන්නවා.

    අවුරුද්දේ අන්තිමට යන Annual Outsation Camp එක යන්න අවුරුද්ද පුරාම මහන්සි වෙලා වැඩ කරලා ඉන්න කට්ටියට fun එකක් ගන්න. ඒකේදී විතරයි cook කෙනෙක්ව අරන් යන්න.

    ඒකට හේතුව තමා ඒකේදිත් අපේ කෑම අපිම උයන්න ගත්තොත් Duty Patrol එකට camp එකේ තියෙන activities වලට සෙට් වෙන්න බැරිවෙන නිසායි....

    ReplyDelete
  8. @පිස්සා පලාමල්ල

    ඒක ඇත්ත අයියා cook අන්කල්ව අමතක වුණු නිසානේ මෙහෙම කතාවක් තියෙන්නේ....

    මීරිගම camp එකට ඇතුල්වෙන තැන තමා ඕක හදලා තියෙන්නේ... ටෝටම් කුළුණ කියලා තමා කියන්නේ.

    ඕවා රතු ඉන්දියානු ගෝත්‍ර හදනවාලු එයාලගේ කඳවුරුවල. එක එක සත්ව රූප දාලා තමයි ඕක ලීයෙන් හදන්නේ. ඒ සත්ව රූපවලින් යම් යම් අදහස් නිරූපණය කරනවා.

    මීරීගම තියෙන ටෝටම් කුළුණේ අලියෙක්, දඬු ලේනෙක්, හාවෙක් වගේ සත්තුත් උඩින්ම සිංහයාත් ඉන්නවා....

    ReplyDelete
  9. ඔය ජිවිතේ කොචර ලස්සනද..කියලා වැඩක් නැහැ.....සුන්දර මතකයන්.....

    ReplyDelete
  10. අඩෙ ඔයා කිරිබත්ගොඩ කොහෙද ???; මොනා උනත් කුක් අන්කලුත් මරු එකා !!!!

    ReplyDelete
  11. අයියා මතකද, ඹය කුකා රෑට මදුරුවො ඉන්න නිසා නිදියගත්තේ ගෝනියක බැහැලා :-)
    කොහොමද මිනිහගෙ බටු මොජුව, මතක්වෙද්දිත් ක‍ටට කෙළ උනනවා.

    මම ගිය සිරාම කෑම්ප් එකක්.

    අනෙත් අය‍ටත් PHOTOS බලන්න මේ ලින්ක් එක post එකට දාන්න.....
    http://royalscouts.com/photogalleries/2006_annual_camp/

    ReplyDelete
  12. ඔයාගේ අත්දෑකීම් බෙදා ගෑනිම ගොඩාක් වටිනවා..

    ReplyDelete
  13. @ඉලංදාරියා

    ඒක නම් ඇත්ත සහෝ. ඔයත් scouting කලාද ?

    ReplyDelete
  14. @හිඟන්නා

    මම කිරිබත්ගොඩ කිව්වාට කිරිබත්ගොඩ නෙමෙයි. කිරිබත්ගොඩින් මාකොළ පාරේ ගිහින් උඩුපිල පැත්තට යද්දී හම්බවෙන මාවරමංඩියේ තමා මම ඉන්නේ. ලේසියට තමා කිරිබත්ගොඩ කියන්නේ.

    කුක් අන්කල් මාර බුවා කියන්නේ මීරිගම camp එකේදී එහේ තිබ්බ කොස් ගහකින් කොස් කඩලා කොස් තැම්බුවා, මැල්ලුම් හැදුවා, පැණි දාලා කෑමක් හැදුවා වගේ එක එක ජාතියේ වැඩ කලා.

    අන්කල් සුපිරි පොරක් නිසා ඊට පස්සේ Annual camps කීපෙකටම එක දිගට කුක් අන්කල්ව එක්ක ගෙන ගියා.

    ReplyDelete
  15. @Turcy

    මතකයි මතකයි මල්ලී. මෑන්ගේ බටු මෝජු විතරක් නෙමෙයි හුඟක් කෑම සුපිරියට තියෙනවා. තැනේ හැටියට ඇණේ ගහගෙන කෑමවලට යන ගාණ හුඟක් ඉතුරු කරගන්න පුලුවන් මේ වගේ කෙනෙක් නිසා.

    ඕන් ටර්සි මල්ලී කියපු නිසා බොහෝ දෙනාගේ හිත සුව පිණිස 2006 මීරීගම තිබුණු Annual Camp එකේ 4tos බලන්න link එකක් දැම්මා

    ReplyDelete
  16. @NUWAN"s lane

    ස්තුතියි අයියා අදහස් එක් කළාට

    ReplyDelete
  17. amathakaena ledenam echchara honda naaa
    sashi

    ReplyDelete
  18. @Anonymous

    දැන් එහෙම නැහැ. මම කිරිත් එක්ක සමහන් බොනවානේ :))

    ReplyDelete
  19. ඔය කසුන් කියන්නෙ අපෙ මල්ලි එහෙම නෙමේ නේද?
    හාති ගැනත් කතාවක් කියන්න.

    ReplyDelete
  20. @wedisha

    ඔයා හරි අයියේ මේ කතාවේ කසුන් කියන්නේ ඔයාලගේ මල්ලී නෙමෙයි අපේ batch එකේ හිටිය කසුන් තරංග පෙරේරා [PKT] ට.

    හාති ගැනත් කතාවක් කියන්න කිව්වේ 2002 ඔයාලා නුවර ධර්මරාජේ කරපු Annual Camp එකේ වෙච්ච වැඩේ ගැනද ?

    ReplyDelete
  21. මරු වැඩේ....

    ඔය කැම්ප් ජිවිතේ නම් මරු, කියල වැඩක් නෑ....
    මන් අයියව මුලින්ම දැක්කෙත් කැම්ප් එකෙන්නේ....

    ReplyDelete
  22. @රහස් පරික්ෂකයා

    අනිවා මල්ලී ඔයාගේ කතාවට අත් දෙකම උස්සලා කැමැත්ත පළ කරනවා. කෑම්ප් එකේදී කට්ට කියලා හිතුණට පස්සේ මතක් කරද්දී මාරම ෆන් :)

    ReplyDelete
  23. we share ur some pics on hear...https://www.facebook.com/pages/Lee-Dasanayaka-Scout-Camp/332291620169247

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................