Saturday, July 17, 2010

කප සිටුවීම

මේ දවස් ටිකේම වැඩ ගොඩාක් තිබ්බ නිසා නිවාඩුවක් හමුබුණේ අද තමා. ගිය සතියේ සෙනසුරාදා අනුරාධපුරේ පිච්ච මල් පූජාවට ගියා නිසා මේ පැත්තේ එන්න වුණේ නැහැ. ඒකේ කතාවත් ඉස්සරහට ලියන්න තමා ඉන්නේ.......

මුලින්ම කියන්නේ නැත්නම් පස්සේ කවුරුහරි බැන්නොත් කියලා. මේක ටිකක් විතර කුණුහරුප කතාවක්. [දැන් නම් කට්ටිය අනිවා මේක බලනවා :))]


අපිට Campus එකේ Applied Sociology උගන්වන අපේ ළමයින්ගේ ආදරණීය ගුරුතුමා ගැන මම කලින් දවසක කිව්වා මතක ඇතිනේ. මේ සතියේ සිකුරාදා සර් කියපු නියම කතාවක් තමා අද කියන්න හිතුවේ.

සර් මොකක් හරි දෙයක් ගැන විස්තර කරන්න යද්දී අන්තෙටම ගිහින් ඒකෙත් අන්තෙටම යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මීට කලින් දවසක් අඹ ගැන මොකක් හරි කියන්න සෙට් වෙලා අඹ හිටෝන හැටි, අඹ කඩන හැටි, අඹ විකුණන හැටි, එකේ අඹවල ගාණ ආදී වශයෙන් අල ගිය තැන් වැල ගිය තැන් මුල ගිය තැන් හුඟක් කතා කළා.

ඉතින් මේ සතියේ සිකුරාදා දේශනයේ මාතෘකාව වුණේ "සංවර්ධන සැලසුම්කරණය"

සර් පටන් ගත්තා "ඉස්සර කාලේ ගමේ මිනිස්සුත් වැඩ කටයුතු කළේ කිසියම් සැලසුමකට. අපි ගමු උදාහරණයක් විවාහ මංගල්‍යයක්. ඒකෙදී හැම කටයුත්තක්ම වුණේ ගමේ හිටිය දෛවඥයා හදලා දීපු නැකත්වලට අනුව. මේ කටයුතු පටන් ගන්තේ නැකතට අනුව වී තම්බන එකෙන්. දැන් කාලේ වගේ Catering Service වලට කෑම උයන්න දුන්නේ නැහැනේ

ඊළඟට සිද්ධ කළේ මඟුල් මඩුව හදන්න කප හිටෝන එක. දැන් මොකක්ද මේ කප කියන්නේ. කප සකස් කරන්නේ කිරි සහිත ගහක කොටසක් හිටෝලා ඒක දෙපැත්තෙන් පොල් ගෙඩි දෙකක් එල්ලලා එතනින්ම පොල් මලකුත් සවි කරනවා. ඕන් ඕකට තමා කප කියන්නේ.

ඔය කප කියන එක දැක්කාම සුපුරුදු බවක් පේන්නැද්ද ඔයාලට. ලොකු පොල්ලකුයි දෙපැත්තේ ගෙඩි දෙකකුයි තියෙද්දී [සභාවේ සිනා :)) ටියුබ් ලයිට් කට්ටියට තාම තේරුණේ නැහැ] මට පේන්නේ සමහරුන්ට මේක තාම තේරුණේ නැහැ වගේ. තේරෙන්නේම නැත්නම් ලාවට රූප සටහනක් ඇඳලා බලන්න

එක්කෝ වෙන මොකුත් ඕනේ නැහැ කප කියන එක අනිත් පැත්ත හැරෙව්වා නම් හරිනේ [සභාවේ තදින්ම සිනා :))] ඇත්තටම ඉතින් මඟුලක් කියපුවාම ඕකට කොච්චර වැදගත් තැනක්ද හිමිවෙන්නේ [සර්ටත් හිනා :))] මට ඕක හිතුණු වෙලේ සැකයක් ආවා ගැමි මිනිස්සු ව්‍යංගයෙන් කියන්න හැදුවේ මේකවත්ද කියලා.

ඒ වගේම මට මුලින් යමක් කියන්න අතපසු වුණා. විවාහයකදී හැම කටයුත්තකටම නැකැත් තිබුණා කිව්වාට අත්‍යාවශ්‍යම කටයුත්තට නැකතක් තිබුණේ නැහැ [සභාවේ සිනා :))] ඉතින් මගේ අදහස නම් ඕකටත් නැකතක් හදන්න තිබ්බේ. එතකොට සාර්ථකව ඒ වැඩේ කරන්න පුලුවන්නේ.

අපිට ඕනේ නම් research එකක් කරන්නත් පුලුවන් නැකතට ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වයයි නැකතක් නැතිව ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වය ගැන...............

ඔය විදිහේ කතාවලින් අන්තිමට lecture එක ඉවර වුණා. ඉතින් එදා lecture එකේ කියාදුන්නේ මොකක්ද කියලා එදා ආපු නැති එකෙක් ඇහුවොත් උත්තරේ විදිහට ලැබෙන්නේ "කප් සිටුවීම" කියලා මට sure

34 comments:

  1. post එක publish කරන්ඩත් කලින්ම කියවුවා ඔං, පට්ට සීන් ඒක..
    (කුණුහරුප කතාවක් කියපු නිසාම තමා බැලුවෙ හි හි..)

    ReplyDelete
  2. මම බැලුවා... කප් සිටුවීම කොහොමද කුනුහර්ප උනේ කියල... බැලින්නම් මේ කප නෙ හිටුවල තියෙන්නේ හික් හික්

    ReplyDelete
  3. ඈති මලයො ඔයින් ගියා

    ReplyDelete
  4. කප හිටෝනව වගේද කප කප හිටෝනකොට ( ඔය අක්කල මල් අතු එහෙමත් එහෙමනෙ හිටවන්නෙ ).
    කප හිටැවිල්ලට නැකතක් නැත්තං සුභ කාලයක් තිබිල තීනව සමහර පැතිවල, මොකද නැත්තං තරහ කාරයන්ගෙ උකුල් බන්ධනයට අහුවෙනවලු. ඒ බධනයත් මාර එකක්. කප හිටෙව්වොත් ආයි කට්ටඩිය එනකල් ගලවනව බොරුලු. බල්ලට වෙන වැඩෙමලු වෙන්නෙ. කොහොමද ආතල් එක.

    ReplyDelete
  5. hi..hi.... mama hithuwa hasitha oka ''agiya katha''walata dai kiyala....
    sashi

    ReplyDelete
  6. අර ඕනම එකට නැකතක් බැලුවොත් කියන්ට වෙන්නේ නැකැත් පත කියලා...

    ReplyDelete
  7. පොච්චියේ මලයෝ මම නං ඔය වැදගත් වැඩෙටත් නැකත් හදලා දීලා තියෙනවා.හැබැයි නැකත් පත්තරෙට දාන්නේ නැතිව මනමාල උන්නැහේට දීලා තියෙනවා.
    තව ඉතින් ඔය දරු පල පරමාද වෙන උදවියටත් ඔකට නැකැත් තියෙනවා නෙව.

    ReplyDelete
  8. අපෝ අනෙක නැකැත් බලනකොට තොවිලේ ගිහිල්ලා ඉවරයි ....

    ReplyDelete
  9. සිරා කතාව!! :)) මේ දවස්වල කැම්පස් එක පටන් අරන් නිසා ටිකක් bc නිසා මේ පැත්තේ එන්න බැරිවුණා. :(( සොරි වෙන්ඩ ඕනි,ඒත් ඉතින් සති අන්තේ ගෙදර ආවම විතරයි ජංජාලේ තියෙන්නේ!පුලු පුලුවන් විදියට ඇවිත් යන්නං :)

    ReplyDelete
  10. හික්ස් :D මරේ මරු

    ReplyDelete
  11. නැකතක් තිබුනා කියමු. ඔය මඟුල් වෙලාව එනකල් ඉවසගෙන ඉන්න පුළුවන්ද බං.

    ReplyDelete
  12. සිරා සිරා. සර් සැහෙන්න ඕවා ගැන හොයල තියෙන්නේ.

    ReplyDelete
  13. පට්ට පට්ට.......අනුරාධපුරේ ගමන ගැනත් ලියල දාන්න අයියෙ

    ReplyDelete
  14. හත් ඉලව්වයි. ඒකටත් නැකත් තියෙනවාද????

    ReplyDelete
  15. @අච්‍චා

    ඒකනේ සහෝ මම මුලින්ම කිව්වේ කුණුහරුප කතාවක් කියලා තියෙනවා නම් කට්ටිය ඕක අනිවා කියවනවා කියලා :))

    ReplyDelete
  16. @NUWAN"s lane

    තව ඉස්සරහට සර් හොඳ හොඳ කතා කිව්වොත් අනිවා කියන්නම්කෝ අයියා

    ReplyDelete
  17. @ඉන්දික උපශාන්ත

    හපුච්චියේ. මිල්ක් ෆාදර්ට ඩෝග් ජම්ප් කිව්වාලු :))

    මෙහෙම සීන් එකක් තියෙනවා කියලා දැනගත්ත එකත් හොඳයි අයියා

    ReplyDelete
  18. @Anonymous

    නැතුව නැතුව මම තනියෙන් හිනාවෙන්නේ නැහැනේ. අනිත් අයත් එක්කාසු කරගෙනම තමා හිනා වෙන්නේ :))

    ReplyDelete
  19. @පුතා

    පුතා අයියාටත් හිතෙන දේවල්. ඒකත් සිරා කතාව :) ඉන්දික අයියා කිව්ව ජාතියේ වැඩක් වෙලා කට්ටාඩියෙක් හොයාගන්න බැරි වුණොත් ඉතින් ඕක වෙන්න බැරිකමකුත් නැහැ :))

    ReplyDelete
  20. @මාරයාගේ හෝරාව

    මෙන්න සාක්කි තියෙනවා. ඉතින් අයියා වැඩේ හරි ගියාද ?

    "අපිට ඕනේ නම් research එකක් කරන්නත් පුලුවන් නැකතට ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වයයි නැකතක් නැතිව ඔය වැඩේ කරපු අයගේ සාර්ථකත්වය ගැන..............."

    සර් අන්තිමට කිව්වානේ එහෙම එකක් ගැන research එකක් වුණත් කරන්න පුලුවන් කියලා :))

    ReplyDelete
  21. @හිඟන්නා

    නැකත බලන්නේ මලයෝ වැඩේ ටිප් ටොප් එකට කෙරෙන්නනේ :))

    ReplyDelete
  22. @ජංජාල චාමර

    කිසි ප්‍රශ්නයක් නැහැ ඉංජිනේරු මහත්තයෝ. පුලු පුලුවන් වෙලාවට ඇවිත් යන්න. දැන් ඉතින් වැඩ රාජකාරි බහුලයි නෙව. සති අන්තේට හරි සිංහල සයිබර් අවකාසේ කරක් ගහද්දී හමුවෙමු......

    ජය වේවා !!!

    ReplyDelete
  23. @Anonymous

    ඒ වුණාට නැකත තියලා වෙලාවට වැඩේ කරලා නියම ප්‍රතිඵල හම්බෙද්දී කොහොමද විලි ලැජ්ජාවේ සන්තෝසයිනේ :))

    ReplyDelete
  24. @කාංචන

    ඔව් සහෝ. සර් filed එකේ අවුරුදු 30 ක් විතර හිටිය කෙනෙක්. filed එකේ කිව්වේ ප්‍රායෝගික සමාජ විද්‍යාව. හුඟක් research එහෙම කරලා දන්න කියන පොරක්.

    තව හොඳ හොඳ කතා ඉදිරියට

    ReplyDelete
  25. @Hasitha ජයසූරිය

    මේ පින්වත් දරුවාත් පිච්ච මල් පූජාවේ කතාව අහන්න ආසයි වගේ. හොඳමයි පින්වත් දරුවා හැකිතාක් ඉක්මණින් මම ඒ කතාව ලියලා හුදී ජන පහන් සංවේගය උදෙසා පළ කරන්නම් :)

    ReplyDelete
  26. @කොඩී

    අමුතුවෙන් නැකතක් හදන්නේ නැහැ. ඒත් නැකත් එහෙම හදනවා කියලා මාරයියා කියන්නේ. සර් කියන්නේ විවාහයක තියෙන වැදගත්ම වැඩේ ඕක නිසා. ඕක හරියට වෙන්න ඕනේ. ඉතින් ඒකටත් නැකතක් බැලුවා නම් හරිනේ කියලා :))

    ReplyDelete
  27. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ReplyDelete
  28. මඟුල් වලට විතරක් නෙවෙයි පෙරහැරවල් වලටත් කප් සිටුවනවා

    ReplyDelete
  29. @දුමී

    ඔයා මේ කරන සත් කාර්යයට අගය කළ යුතුයි අයියා

    ReplyDelete
  30. @Chanaka Aruna Munasinghe

    ඔව් ඔව් අයියා. ඒක ඇත්ත තමා. ඒත් අර විදිහට පොල් ගෙඩි 2 ක් දෙපැත්තෙන් එල්ලලා පොල් මලක් ගහන එකක් පෙරහැරේ කප් සිටුවද්දී වෙන්නේ නැහැ නේද ? කිරි ගහක කොටසක් ඒ අදාළ ස්ථානයේ වළලන එක නේද පෙරහැරක කප් සිටුවද්දී වෙන්නේ ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................