Saturday, March 1, 2014

රුපියල් 140 කට පාඩු නැහැ

ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා. කැම්පස් එකේ විභාග කාරියත් ඉවර නිසා ජොබ් එකකට යද්දී වුණත් චරිත සහතිකේටත් වටිනාකමක් තියෙන නිසා ඒකට ඉස්කෝලෙට දවස් කීපයක්ම යන්න වුණා. එක දවසක් ඒ වැඩ භාරව ඉන්න මිස්ට රැස්වීමක් නිසා උදේම ඉස්කෝලට ආපු මට දවල් 1 විතර වෙනකම් කරන්න වැඩක් තිබ්බෙත් නැති නිසා මම ගියා ජාතික පුස්තකාලෙට.

ජාතික පුස්තකාලේ කියන්නේ බොහොම වටින කියන තැනක්. 1978 ඉදන් [???] මේ දක්වා ලංකාවේ පළවෙන හැම පත්තරයක්ම සඟරාවක්ම එයාලා ගාව තියෙනවා. ඒ වගේමයි හුඟා...ක් පොත් එහෙමත් එතන තියෙනවා. ඒ ගැන විස්තර වෙන දවසක කියන්නම්කෝ. 

ඉතින් හවස 1 විතර වෙනකම් කරන්න වැඩකුත් නැති නිසා ජාතික පුස්තකාලෙන් පොත් දෙක තුනක් බලලා මම ගියා ඒකේ තියෙන පොත් වෙළෙඳසැලට. 


ඒකෙදී හම්බුණු වටිනා කියන පොතක් ගැන තමා මේ කියන්න සූදානම. පොතේ නම පාඨශාලීය සද්ධර්ම කෝෂය. ඒක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමා ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ගිහි පැවිදි උගතුන් රාශියකගේ දායකත්වයෙන් රචනා කරලා තියෙන මේ කෘතිය හැමෝටම බොහොම වටිනවා කියලයි මට හිතුණේ. 

"අ" අකුරේ ඉදන් "හේ" අකුර වෙනකම් බුදු දහම, ශාසන ඉතිහාසය එක්ක සම්බන්ධ වෙන විවිධ කරුණු ගැන කෙටියෙන් අවබෝධයක් ගන්න මේ පොතෙන් පුලුවන්. උදාහරණයක් කිව්වොත් මේ පොත ආරම්භ කරන්නේ "අ" අකුරෙන් එන අක්කෝසකභාරද්වාජ ගැන කෙටි විස්තරයකින්. තව මැද්දෙන් මැද්දෙන් කිව්වොත් දසබල, වජ්‍රාසනය, සමාපත්ති වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් ගැන සාමාන්‍ය සරල විස්තරයක් මේ පොතේ පිටු 272 ක් පුරාවට තියෙනවා. 

නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙන එක තමා හොඳම දේ මේ පොතෙන් සිද්ධ වෙන. 

උදාහරණයක් ගත්තොත් මේකේ තිබිලා මට වචනයක් අහුවුණා "අනුග්‍රහ බුද්ධිය" කියලා. දුගී මගී යාචකයන්ගේ දුක දැකලා අනුග්‍රහයක් විදිහට ආහාර, වස්ත්‍ර දෙන එකට තමා අනුග්‍රහ බුද්ධිය කියන්නේ. ඒකේ අනික් එක "පූජා බුද්ධිය". බුදුන්ට. සඟුන්ට. සසුනට හරි පිදිය යුත්තෙක්ට හරි යම් වස්තුවක් පූජා වේවා කියන සිතුවිල්ලෙන් කරන පූජාව පූජා බුද්ධිය. 

ඒ වගේමයි සමහර වෙලාවට අපිට පොත් කීපයක් පෙරලලා හොයාගන්න වෙන දෙතිස් කතා, දස බල, අසුභානුස්සති 10, ධූතාංග 13 වගේ කාරණා ගොඩකුත් මේ පොතේ තියෙන නිසා එක තැනකින් ඔක්කොම හොයාගන්න පුලුවන් වෙන එකත් ලොකු පහසුවක්

ඉතින් දහම් පාසල් යන දරුවන්ට වගේමයි අනික් ලොකු කුඩා බාල මහළු හැමෝටම වටිනා කියන මේ පොත අරගෙන බලන්න. මිළ රුපියල් 140 යි. මට ඩිස්කවුන්ට් එකකුත් එක්ක රුපියල් 126 කට. කරන සමහර වියදම් එක්ක බලද්දී මේ ගාණ නම් මහ ගාණකුත් නෙමෙයි. අනික මේ පොත ගන්න එක නාස්තියකුත් නෙමෙයි කියලා තමා මගේ හැඟීම

46 comments:

  1. බලමු පොත් කඩේකට ගිය වෙලාවක. එතෙක්... මොකක්ද "හේ" ??

    ReplyDelete
    Replies
    1. මෙන්න පොත් ටිකක් හම්බ වුනා.
      http://www.thiryak.org/dahampasal-e-books.html

      Delete
    2. චන්දන ලින්ක් එකට බොහොම ස්තුතියි... මට මේක ගොඩක් වටිනවා...

      Delete
    3. @ Chandana

      පොත් කඩවල්වල බලන්න දෙයක් නැහැනේ දැන් ඩවුන්ලෝඩ් කරගන්නම ලින්ක් එකක් හම්බෙලා තියෙන්නේ :D ආහ් ඔයා දාලා තියෙන link එකත් බොහොම වැදගත්. වටින කියන පොත් ගොඩක් එතනත් තියෙනවානේ :) බොහොම ස්තුතියි

      මොකක්ද මේ හේ කතාව අයියේ ??

      Delete
  2. අක්කෝසකභාරද්වාජ කියනකොට මට මතක් උනේ ගෙදර ඉන්න කාලෙ ලොකු නංගි මට කතා කළ හැටි ඒ නම කියලා... අක්කා කියනව වෙනුවට... :D
    මේක නම් හොඳ පොතක් වගේ නිවී සැනසිල්ලෙ කියවන්න...

    ReplyDelete
    Replies
    1. හා හා..
      අපේ නන්ගි මට කිවේ සුධෝධන කියලා.. සුදූ කියන එක වෙනුවට.:D :D

      Delete
    2. @ Miyuru, boo pale

      බුද්ධ කාලීන භාරතේ වගේ තියෙන්න ඇති මේ ගෙවල් :P අමිතෝදනලා, කසී භාරද්වාජලා එහෙම හිටියේ නැහැ නේද :D

      Delete
  3. පොත ගැන ඔත්තුව දුන්න හසිතටත්, පාර කිව්ව චන්දනටත් ස්තුතියි

    ReplyDelete
  4. මතකද ඉස්සර දහම්පාසලේ පාලියෙන් කතා කරනවා

    ReplyDelete
    Replies
    1. @ අටම්පහුර

      ඇත්තටම කිව්වොත් පාලි කියන විෂයය හරියට මගේ ඔළුවට වැටුණෙම නැති විෂයයක් අයියා. මොකද හරියට උගන්වන්න ගුරුවරයෙක් අපිට හිටියෙම නැහැ. අතරින් පතර පාඩම් කෙරුණා විතරයි. හැබැයි අවසාන විභාගෙට D එකක් තියෙනවා :D

      Delete
  5. හොඳයි. 'හේ' කියල අකුරකින් ඉවරවෙන හෝඩියක් ගැන ඇහුවමයි. :D
    චන්දනටත් ස්තුතියි ලිංක් එකට.

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      හෝඩිය නෙමේ අයියා අකුරු සෙට් එක :P

      Delete
  6. පොතක් අරන් එවන්ටකෝ තෑග්ගක් විදියට. සල්ලි ආපු වෙලාවක දෙන්නම්... :D

    ReplyDelete
    Replies
    1. තැගි විදිහට දෙන දෙවල් වල බැලන්ස් එක පොඩ්ඩි ආපහු දෙනවද?

      Delete
    2. @ Podi Kumarihami

      ඔන්න දැන් තෑගි එවන්න කරදරයක් නැහැ. ඊ පොතක් විදිහට ගන්න පුලුවන් :D

      Delete
    3. @ දේවා ගේ අඩවිය

      හොඳ පොයින්ට් එකක් අයියා මතු කළේ :D

      Delete
  7. පාඨශාලීය සද්ධර්ම කෝෂය. බුදුදහම, බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ කලා ශිල්ප ආදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි සිංහල අක්ෂරයන් හි අකාරාදී අනුපිළිවෙලින් මෙ ම ග්‍රන්ථය සකස් කර ඇත. මෙය පිරිවෙන් අධ්‍යාපනය සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් වන අතර දහම් පාසල් ධර්මාචාර්යවරුන් සහ දහම් අධ්‍යාපනය ලබන දුවාදරුවන් ට ද, අතිරේක ග්‍රන්ථයක් වශයෙන් පරිශීලනය කිරීමේ හැකියාව ඇත. පරිගණකය ඔස්සේ පහසුවෙන් පරිශීලනය කළ හැකි අයුරින් අකාරාදී අනුපිළිවෙළින් සියලු ම අනුමාතෘකා විභේදනය කර ඇත. මෙය 328MB ප්‍රමාණයේ ගොනුවක් වන අතර කොටස් දෙකකින් පහත යොමු ඔස්සේ ලබාගත හැකි ය. කොටස් දෙක ම සම්පූර්ණයෙන් බාගත කළ පසු ස්ථාපනය කළ හැකි ය.
    http://www.thiryak.org/
    http://www.thiryak.org/uploads/1/0/8/5/10852458/saddharma_koshaya.part1.exe http://www.thiryak.org/uploads/1/0/8/5/10852458/saddharma_koshaya.part2.rar

    ReplyDelete
    Replies
    1. @ Thilina Wickramasinghe

      බොහොම ස්තුතියි වගේම බොහොම පිං මේ ගැන දැනුවත් කළාට :)

      Delete
  8. බුද්ධිය යන වචනය අවතක්සේරු කර ඇති බව පෙනේ.

    ඔවැනි සුළු දේවල් වලට බුද්ධිය කියනවා නම් බුද්ධිමතෙක් වෙන එක ටොයිස් වැඩක් නේ!

    ReplyDelete
    Replies
    1. ඔන්න ආවා විපරීත බුද්ධියා.

      Delete
    2. බුද්ධාගමේ චතුරාර්‍ය සත්‍යය වැටහෙන සහ අවබෝධ කරගැනීමේ හැකියාවට බුද්ධිය කියල කියනවා.
      මෙහි අනුග්‍රහ බුද්ධිය , පුජා බුද්ධිය කියා කියන්නේ දීමේ ක්‍රියාව නෙමේ. ඒ දීම සඳහා සකස් සකස් වූ සිතෙහි ආකාරයට. ඒ ආකාර දෙකටම දෙන්න සෑහෙන බුද්ධියක් අවශ්‍යයි තමයි.

      ඉංග්‍රීසියෙන් කියන්නේ
      the quality of having experience, knowledge, and good judgement; the quality of being wise.

      ලොකු වගකීමක් තියෙන , ලොකු බුද්ධියක් අවශ්‍ය , අසීරු , උසස් රසාවල් කියල හිතන් ඉන්න සමහර රස්සාවල් වඳුරන්ට උනත් කරන්න පුළුවන්
      www.forbes.com/sites/rickferri/2012/12/20/any-monkey-can-beat-the-market/


      Im not stalking you. Just saw this by accident. :D

      Delete
    3. හැබැයි හොස්පිටල් එකක වැඩ කරන්න වඳුරෝ දැම්මොත් හොඳට තියෙයි!

      Delete
    4. @ කතන්දර කාරයා

      කතන්දරට පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇතිනේ :)

      Delete
    5. @ මහසොහොන් පිල්ලිය

      බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි කිරීමට :)

      Delete
  9. අරගෙනම කියවල බලමුකෝ.

    ReplyDelete
    Replies
    1. @ sandaru LN

      ඩවුන්ලෝඩ් කරලාම කියවලා බලන්න :D

      Delete
  10. හ්ම්ම්ම් ලංකාවට එන්න නේ ඉන්නේ කොහොමත් ආව වෙලාවක ගන්නවා

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඩවුන්ලෝඩ් කරලාම කියවලා බලන්න :D

      Delete
  11. පොත් ගැන ඔත්තු හම්බුනාට මේවා අර ගන්න විදිහක් නැති එකනේ මලයෝ වැඩේ..

    ReplyDelete
    Replies
    1. http://www.thiryak.org/uploads/1/0/8/5/10852458/saddharma_koshaya.part1.exe http://www.thiryak.org/uploads/1/0/8/5/10852458/saddharma_koshaya.part2.rar

      Delete
    2. @ Dinesh

      දැන් ගැටලුවක් නැහැනේ අයියා :D

      Delete
  12. Replies
    1. @ මධුරංග

      ඩවුන්ලෝඩ් කරලාම කියවලා බලන්න අයියා :D

      Delete
  13. බොරු මොකද මෙව්වා සිංදුවා කියවනවා හොරයි නොව.අම්මලට අරන් දෙන්ට බැරියෑ

    ReplyDelete
    Replies
    1. @ සිංදුවා

      ඒවාත් බොහොම හොඳ වැඩ (Y)

      Delete
  14. හසිත මලේ, මේ සක්ක කෑලි නොගහ රසට යමක් ලියහන් ගෙදරනං ඉන්නෙ. මොකද කනයින්ගෙ පන්ඩිතකං දැකල ඇතිවෙලා ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත

      අයියගේ කමෙන්ට් එක දැකලා මට ලැජ්ජ හිතුණා මොනවද මං මේ කරන්නේ කියලා :D ඔන්න ඒක නිසා මේ සතියේ යමක් ලිව්වා. රස ඇති මයේ හිතේ :)

      Delete
  15. ජාතික පුස්තකාලෙන් තොතුරු ගන්නෙ සුළු පිරිසත් විශේසයෙන්ම පර්යේෂණ නිබන්දන කරන පිරිස් සහ ආචාර්ය මහාචාර්යවරු නිතර ගැවසෙන තැනක්. පුස්තකාලෙ පරිශීලනය කරන්න දවසකට රුපියල් විස්සයි. ඉතාම වටිනා නිස'කලංක තැනක්. ඒවගේම එතන සේවය කරන අයත් හරිම කාරුනිකයි.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ඒක ඇත්ත අයියා. ජනතාව අතරට ඒ තැන ගැන ගිහින් තියෙනවා හොඳටෝම මදි. ජාතික පුස්තකාලයෙන් අවුරුද්දක් පාරක් සැප්තැම්බර් මාසේ නොමිලේ සාමාජිකත්වය දෙනවා. ඒක ගත්තා නම් හුඟක් වටිනවා. නැත්නම් දවසකට රුපියල් 20 ක් වගේ ගාණක් ගෙවන්න ඕනේ ඒකේ යමක් කියවන්න යන්නේ. ඒ හැරෙන්න සාමාන්‍ය සාමජිකත්වයක් ගන්නත් ගාණක් යනවා

      Delete
    2. ජාතික පුස්තකාලේ ගැන මගේ ලොකු පැහැදීමක් නැහැ. විමර්ශන අංශයට ගිහින් නැතත් බැහැරදෙන පොත් අංශයේ සේවාව නම් තවත් වැඩි දියුණු විය යුතුයි..

      Delete
    3. @ රූ....

      අක්කා කියන්නේ ජාතික පුස්තකාලයද ? එහෙමත් නැත්නම් කොළඹ මහජන පුස්තකාලයද ? මොකද මම දන්න තරමින් ජාතික පුස්තකාලයේ බැහැර දෙන අංශයක් නැහැනේ.

      Delete
  16. ඉස්කෝලේ යන කාලේ මේ වගේ බුද්ධාගමේ මතක තියාගන්න ඕන කරුණු එකතු කරලා මමත් පොතක් ලියලා තිබුනා.ඒ දවස්වල ඒවා කට පාඩමෙන් කියන්න පුළුවන් වුනාට දැන් නම් හීනයක් වගේ..ඒත් ඒවගේ සාරය තාමත් හිතේ නොමැකී තියන එන නම් වාසනාවක්..

    ReplyDelete
    Replies
    1. @ රූ....

      මම පොත හදලා තිබුණේ 2 ඉදන් 3,4,5 ආදි වශයෙන් ඒ ඒ ඉලක්කම්වලින් තියෙන දේවල් ත්‍රිලක්ෂනය, ත්‍රිවිද්‍යා වගේ දේවල් ගැන ලියලා. ඒත් ඉතින් දැන් කාලේ අයට එහෙම කරන්න වෙලාවක් නැති නිසා වගේම එක එක දේවල් ගැන පහසුවෙන් හොයාගන්න වෙන්න ඇති මේ වගේ පොතක් හදලා තියෙන්නේ අක්කේ :)

      Delete
  17. //ඉස්කෝලෙන් අස්වීමේ සහතිකේ අරගෙන තිබුණාට චරිත සහතිකේ අරගෙන නොතිබුණු නිසා ඒක ගන්න යන්න ඕනේ කියලා මට හිතුණා.// ඉස්කෝලෙ ඇරුනාම චරිත සහතිකයක් ගන්න පුළුවන් වෙනත් තැන් තියෙනවාද? මම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ දවස් කිහිපයකට කලින් කෙනෙක් මගෙන් එහෙම ඇහුවා. මම කිව්වෙ ඊටපස්සෙ ඉතින් පොලිස් රිපෝර්ට් එක තමයි කියලා.

    ReplyDelete
    Replies
    1. @ හරී

      චරිත සහතිකයක්ම කියලා කියන්න බැරිවුණත් ග්‍රාමසේවා සහතිකය ගන්න පුලුවන්. ඒ හැරෙන්න ගමේ ඉන්න ප්‍රභූවරුන් වෙන ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ, ගමේ පල්ලියේ පියතුමා, ඒ හැරෙන්න ග්‍රාමෝදය සමිති හරි ග්‍රාම සංවර්ධන සමිතියේ හරි සභාපති වගේ අයගෙන් වුණත් චරිත සහතිකයක් ගන්න පුලුවන්

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................