අන්තර්ජාලයේ හෝ වේවා වෙන මාධ්‍යයක හෝ වේවා 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු රදළ ප්‍රධානීන්ගේ ඡායාරූපය කියලා මේ ඡායාරූපය කවුරු කවුරුත් දැකලා ඇති කියලා හිතනවා.
ඒත් මේ ඡායාරූපය දැක්කාම ගැටළු ආපු අයත් ඇති. මොකද මේ ඡායාරූපය දැක්කාම මටත් ගැටළු කීපයක්ම ආපු නිසා. ඒවා එකින් එක කිව්වොත් උඩරට ගිවිසුමේ රදළ ප්‍රධානීන් 11 දෙනෙකුගේ අත්සන් තිබුණත් මේ ඡායාරූපයේ අපිට දැකගන්න පුලුවන් වෙන්නේ 7 දෙනෙක් විතරයි.
උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්
කාට හරි ඕනේ නම් මේකට ප්‍රති තර්කයක් විදිහට කියන්න පුලුවන් රදළ ප්‍රධානීන් 11 දෙනාම එකම දවසේ නෙමෙයිනේ ගිවිසුම අත්සන් කළේ කියලා. ඒ කාරණාවත් ඇත්ත තමයි.
උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම
ඒ ගැන සවිස්තරව කිව්වොත් 1815 මාර්තු 2
වෙනිදා සිද්ධ වුණේ ඉංග්‍රීසීන් විසින් උඩරට රදළ ප්‍රධානීන් හමුවේ යෝජිත
ගිවිසුම ප්‍රකාශයට පත් කරපු එක. එදා කිසිම රදළ ප්‍රධානියෙක් ගිවිසුමට
අත්සන් තැබුවේ නැහැ.
යෝජිත ගිවිසුමේ වගන්ති ගැන මාර්තු 10 වෙනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වගේම රදළ නායකයන්වත් දැනුවත් කරලා එදාම ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගිවිසුමට අත්සන් තබනවා. ඒ අවස්ථාවට සහභාගි වෙලා හිටිය මොල්ලිගොඩ මහාදිකාරම් සහ පිළිමතලව්වේ, කැප්පෙටිපොළ, රත්වත්තේ, මොල්ලිගොඩ, දුල්ලෑව, මිල්ලෑව, ගලගම කියන දිසාවේවරු විතරයි එදා ගිවිසුමට අත්සන් තියන්නේ. මාර්තු 18 තමා ඇහැලේපොළ මහ නිළමේ සහ ගලගොඩ සහ පිළිමතලව්වේ කියන දිසාවේවරු ගිවිසුමට අත්සන් තියෙන්නේ. ඊට පස්සේ තමා ජෝන් ඩොයිලි සහ ජේම්ස් සදර්ලන්ඩ් ගිවිසුම අත්සන් කරලා ගිවිසුමේ අත්සන් තැබීම කටයුතු නිමා කරන්නේ.
මුල් අවස්ථාවේ ගිවිසුමට අත්සන් තබපු රදළ ප්‍රධානීන් 7 දෙනා තමා මේ ඡායාරූපේ ඉන්නේ කියලා කාට හරි හිතුණත් ඒකත් එක්ක ගැටලු කීපයක් ඇතිවෙනවා.
ප්‍රධානම ගැටලුව තමා 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණය විධිමත් අන්දමින් තිබුණාද කියන එක. ඡායාරූප ශිල්පයේ ඉතිහාසයට අනුව ලොව පළමු ඡායාරූපය විදිහට පිළිගැනෙන්නේ 1826 දී ගත්ත ඡායාරූපයක්. [මේ සම්බන්ධව මාව නිවැරදි කරපු හැමෝටම ස්තුතියි.]
ලොව ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන 1826 දී ගනු ලැබූ ඡායාරූපය
මෙන්න මේ විදිහට කරුණු කාරණා යෙදිලා තියෙද්දී තමා දවසක් මට බ්‍රිතාන්‍ය පුස්තකාල වෙබ් අඩවියේ තිබිලා මෙන්න මේ ඡායාරූපය හම්බෙන්නේ.
උඩින්ම තියෙන අපැහැදිලි ඡායාරූපයේ හොඳ මට්ටමේ තියෙන ඡායාරූපය මේක කියලා පැහැදිලියිනේ. වෙබ් අඩවියේ තියෙන විස්තරේට අනුව ඒ ඡායාරූපය 1870-1880 අතර කාලයේ ගත්තු එකක් කියලා තමා කියන්නේ.
දැන් එකින් එකට අපේ කතාවට ආවොත් මේ ඡායාරූපයෙන් අපට පේනවා මේ රදළ ප්‍රධානීන් වාඩිවෙලා ඉන්නේ දළදා මාළිගාවේ වැඩසිටින මාළිගාව ගාව කියලා. ඒ වගේමයි වැඩ සිටින මාළිගාව වටා සකස් කරලා තියෙන පොල් තොරණ් කීපයකුත් පේන්න තියෙනවානේ.
උඩරට ගිවිසුම අත්සන් කිරීම සිද්ධ වුණේ දළදා මාළිගාව අසළ තියෙන මඟුල් මඩුවේ. ඒත් ඒ වෙනුවෙන් දළදා මාළිගාවේ වැඩ සිටින මාළිගාව වටේ පොල් තොරණ් ඉදිකළා වෙන්න බැහැ. ඒ වගේමයි මඟුල් මඩුවේ තිබුණු උත්සවයකට සම්බන්ධ වුණු රදළ ප්‍රධානීන් දළදා මාළිගාව අභ්‍යන්තරයට ඇවිත් ඡායාරූපයකට පෙනී හිටියා වෙන්නත් බැහැ.
ඒ වගේමයි කලින් මතු කරපු ප්‍රධානම සාධකය වෙන 1815 වෙද්දී ඡායාරූප තාක්ෂණයක් තිබුණේ නැහැ කියන කාරණේත් එක්ක මේ ඡායාරූපය 1815 උඩරට ගිවිසුම අත්සන් කරන්න ආපු උඩරට රදළ ප්‍රධානීන්ගේ සමූහ ඡායාරූපය කියන මතය පහසුවෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.
දැන් ඊළඟ එන ප්‍රශ්නය තමා එහෙනම් මේ ඡායාරූපය මොකක්ද කියන එක. මම අනුමාන කරන විදිහට මේ ඡායාරූපයේ ඉන්නේ 1870-1880 කාලයේ දියවඩන නිළමේවරයා, සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු වගේම දළදා මාළිගාවේ නිළධාරීන් කීප දෙනෙක් වෙන්න ඕනේ. ඒ දළදා මාළිගාවේ නිලධාරීන් දෙන්නා කාරියකරවන රාළ සහ ගජනායක නිළමේ වෙන්න ඕනේ.
මේ කාලවකවානුවේ දියවඩන නිළමේ ධූරය හොබවපු කුඩාබණ්ඩා දුනුවිල නිළමේතුමා තමා මැදින් වාඩිවෙලා ඉන්න උපැස් යුවළක් පැළැඳි පුද්ගලයා කියලයි මම අනුමාන කරන්නේ. කණගාටුවට කාරණය තමා එතුමාගේ ඡායාරූපයක් දළදා මාළිගාවේ වෙබ් අඩවියේ පවා දැකගන්න නැති එක.
මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං
කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ 1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි.
මේ ලිපිය ලිව්වාට පස්සේ අපේ හිතවත් මල්වතු විහාරවාසී වත්තේගම ධම්මානන්ද හාමුදුරුවන්ගෙන් කුඩාබණ්ඩා දුනුවිල දියවඩන නිළමේතුමාගේ ඡායාරූපයක් ලැබුණා. උන්වහන්සේට බොහොම පිං
කොහොම වෙතත් මේ ඡායාරූපයේ ඉන්නේ 1815 උඩරට ගිවිසුම අත්සන් කළ රදළ ප්‍රධානීන් නෙමේ කියන එක පැහැදිලියි.
කවුරුන් හරි ඉදිරියට මේ වරද දකිනවා නම් ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙයි කියලා හිතනවා.
ප.ලි.: ගිය අවුරුද්දේ මැයි ඉදන් blog එක ලියන එක අතෑරිලා තිබුණේ කැම්පස් එකේ තිබුණු වැඩ රාජකාරිත් එක්ක. අපේ අන්තිම අවුරුද්දේ විභාග වගේම උපාධි නිබන්ධිකාවේ වැඩත් එක්ක හුඟක් කාර්යබහුල වෙලා හිටියේ. අපේ department එකෙන් organize කරපු හද බැඳි ගී ප්‍රසංගය නිසා වගේම තාත්තා අසනීප වෙලා සති 2 කට කිට්ටු කාලයක් රෝහල් ගතවෙලා හිටිය නිසා ඒ කාර්යබහුලත්වය තවත් වැඩිවුණා.
විභාග කටයුතු ජනවාරි 7 ඉවර වුණත් කලින් අවුරුද්දක ගිය සූරියගොඩ නරේන්ද්‍රාරාම රාජ මහා විහාර ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාව හදන එක සමුගැනීමේ සාද සංවිධානය කරන එක වගේම සංස්කෘත සහිතක පත්‍ර පාඨමාලාවක් නිසා වැඩ ගොඩ වෙලා තිබුණේ.
ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)
ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සේ නම් තිබ්බේ කම්මැලිකම. බොහෝ දෙනෙක් ලියන්නේ නැද්ද කියලා ඇහුවත් කම්මැලිකම ඉහවහා ගිහින් තිබ්බේ. අන්තිමට මේ ළඟදී දවසක ජනක අයියා, දනුල මල්ලී වගේම සංදේශා නංගීත් මේ ගැන මතක් කරපු නිසා කම්මැලිකම අතෑරලා ලියන්න පටන් ගත්තේ. එහෙනම් ඉදිරියේ පරණ දේවල් වගේම අලුත් දේවල් රාශියකින්ම නැවත හම්බෙමු :)
විශේෂ කාරණා දෙකක් කියන්න ඕනේ. පළවෙනි එක තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව සාර්ථක කරගන්න බ්ලොග් අවකාශයේ වගේම මුහුණු පොතේදී හිතවත් වුණු බොහෝ දෙනා උපකාර කළා. විශේෂයෙන්ම පොත් පත් කීපයක් හොයලා දෙන්න ඒ වගේමයි වැදගත් ඡායාරූප වගේම කරුණු හොයලා දෙන්නත් හුඟක් දෙනාගේ උදව් හම්බුණා.
නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...
නම් වශයෙන් කීප දෙනෙක්ව සිහිපත් කළොත් කතන්දර, ලිෂාන්, සපතේරුවා, මාරයා, ඉරන්ත, මනුරි, වත්සලා, සෙව්වන්දි කියන අයියලා අක්කලා ඒ වගේමයි දිලීප එදිරිසිංහ පියතුමා,මහ වෙදනා වගේ අයව විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ හැරෙන්න තව ගොඩක් අය උදව් කළා ඒ හැමෝටමත් බොහොම ස්තුතියි...
අන්තිමට මට කියන්න තියෙන්නේ මමිත්‍රස්‍ය කුතඃ සුඛම් (මිත්‍රයන් නැත්තා හට කවර නම් සැපතක්ද ?)
මේ පොටෝ එක ගැන එච්චර දුරට හිතන්න තරම් ඔබ දක්ෂයෙක්.. :)
ReplyDeleteඉතිහාසය විශය ගැන මගෙ දැනුම අල්ප වුනේ ඒකට තිබ්බ අකැමැත්ත නිසා. බලමු අනිත් අය දක්වන අදහස්..
@ sAm (සෑම්)
Deleteපේන හැම දේම ඇත්ත නොවේ :P
උඹ නං මගේ වචනෙන් කියනවන්ං මාර ඩෑල් එකක් අපි ඕවා ගැන ඕම හිතන්නේ නෑනේ..බලං යද්දි අපි ගොං වගේ ඕනෙම දෙයක් පිලිගන්නවා හොයන්නෙ බලන්නෙ නැතුව
Deleteහසිතගේ ඉතිහාසය ගැන ආගිය කතා ආසවේන් කියවපු බ්ලොග් ඒකක්.ආපහු ලියන්න පටන් ගැනීම ගැන සතුට!
ReplyDelete@ My life as a Gaijin!
Deleteඑවන් පාඨකයන් සිටිනු බව ඇසීමත් සතුටකි :)
Me serama piligannawaa. Mata thiyena prashnaya thamai nibandikaawa kiyala sthree linga padayak yeduwe ai kiyala (nibandhanaya kiyana වචනයට )
Deleteහසිත මල්ලි ආයෙ ආව කියන්නෙ ලොකු හිඩැසක් පිරවෙනව කියන එකයි. සන්තෝෂයි ඒ ගැන.. තාත්තට ඉක්මන් සුවය පතනව..
ReplyDeleteඇත්තටම මේ පින්තූර මාත් දැක්කට ඔච්චර දෙයක් දන්නෙ නෑ නෙව. ඔන්න මගෙ පලවෙනි වාක්‍යය ආඑත් මෙතනට ගැලපෙනව. පින්තූර ටික නම් සේව් කරල පරිස්සමට තියා ගත්ත. දලදා මාලිගාවෙ වෙබ් අඩවිය කිව්වෙ මේකද ? http://daladamaligawa.org/
එහෙනම්........ ලියමු :)
මං මේ ලියවිල්ල දිහා බලාගෙන ඉඳිද්දි කල්පනා වුනේ, සිංහල නායකයො වෙලත් ඒ අයගෙ අත්සන්, ලිවීමඅ නුහුරු අයගෙ වාගෙ නෙ කියල. ඒ කාලෙ සිංහල අය ලියන්න පාවිච්චි කලේ පන්හිඳ වෙන්න ඇති නේද ? බ්‍රිතාන්‍ය ජාතිකයින් ලියන්න පාවිච්චි කරපු ක්‍රමය (පිහාටු පෑන් ද ???) අපේ අයට නුහුරු වෙලා ද.. ?
DeleteDuring the last period of Kandy kingdom, Tamil was the fashionable language (since the last kings were of Nayakkar origin) Many aristocrats were fluent in it. If you look carefully, you can see some of them have signed in Tamil.May be they were more used to Tamil writing than Sinhala.
Deleteස්තුතියි ඇනෝ. මට මුලදි කල්පනාවට ආවෙ නැති දෙයක්. ආයෙත් වරක් ඒ පින්තූරය බැලුවා ඔබ කිව්ව දේත් එක්ක.
DeleteThis comment has been removed by the author.
Delete@ Chandana
Deleteආහ් ඔයාලට සතුටු නම් ඉතින් මටත් සතුටුයි :) තාත්තා අසනීප වුණේ ගිය අවුරුද්දේ නොවැම්බර්වල අයියා. දැන් හොඳටම හොඳයි :)
දළදා මාළිගාවේ වෙබ් අඩවිය කිව්වේ මෙන්න මේක. මේක තමා නිල වෙබ් අඩවිය
http://sridaladamaligawa.lk
//...ඒ කාලෙ සිංහල අය ලියන්න පාවිච්චි කලේ පන්හිඳ වෙන්න ඇති නේද ? බ්‍රිතාන්‍ය ජාතිකයින් ලියන්න පාවිච්චි කරපු ක්‍රමය (පිහාටු පෑන් ද ???) අපේ අයට නුහුරු වෙලා ද.. ?...//
පන්හිඳ යොදාගෙන ලියන්නේ තල්පත්වල. උඩරට ගිවිසුම කඩදාසියේ ලියූවක්. ඒක නිසා පිහාටු පෑන භාවිතා කරලා තමා අත්සන් කරලා තියෙන්නේ. ඒකට තියෙන නුහුරු බව තමා ප්‍රධාන හේතුව. අනෙක් කාරණේ තමා අත්සනක් කියන්නේ ලස්සනට තියෙන එකක් නෙමෙයිනේ :P
@ Anonymous Sunday, February 16, 2014 at 1:21:00 PM GMT+5:30
Deleteඔබ දක්වන කාරණය නිවැරදියි. කන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා.
දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
//අනෙක් කාරණේ තමා අත්සනක් කියන්නේ ලස්සනට තියෙන එකක් නෙමෙයිනේ :P// ඒකත් හැබෑව.. :D :D
Deleteආයෙම ලියන්ට පටන් ගත්තු එක ගැන සතුටුයි. :)
ReplyDeleteඅර අත්සන් කරපු ලියවිල්ලේ මොල්ලිගොඩගේ අත්සන දෙපාරකුත්, පිලිම තලව්වගේ අත්සන දෙපාරකුත් තියෙනවා කවුරු හරි දැක්කද? ඒ කියන්නේ අත්සන් කරලා තියෙන්නේ නම දෙනෙක් කියන එකද? ෆොටෝ එක දිහා ආයෙම හොඳට බලනකල් මේ කමෙන්ට් එක දාන්නේ...
මට අත්සන් 14 ක් පේනව නෙ පොඩ්ඩි. සමහර ඒව මුලින් එක වගේ වුනාට අත්සනේ අග කොටස වෙනස් නැද්ද ?
Delete@ Podi Kumarihami
Deleteස්තුතියි ස්තුතියි :)
අත්සන් දෙවර බැගින් තියෙන්න හේතුව මේකයි. උඩින්ම තියෙන්නේ මහාදිකාරම් හෙවත් පළමු අදිකාරම් ධූරය සහ සත් කෝරළේ දිසාවේ ධූරය දරපු මොල්ලිගොඩගේ අත්සන. අනික් මොල්ලිගොඩ තමා තුන් කෝරළේ දිසාවේ.
මුලින්ම තියෙන පිළිමතලව්වේ අත්සන තමා දෙවෙනි අදිකාරම් සහ සබරගමුවේ දිසාවේ ධූරය දරපු පිළිමතලව්වේගේ අත්සන. කපුවත්තේ කියලාත් එයාව හඳුන්වලා තියෙනවා. අනික් පිළිමතලව්වේ තමා සතර කෝරළේ දිසාවේ වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ අණින් මරා දාපු පිළිමතලව්වේ මහාදිකාරම්ගේ පුතා පිළිමතලව්වේ.
@ Chandana
Deleteමෙතන අත්සන් තියෙන්නේ ඔක්කොම 11 යි අයියේ. 14 කියලා ඔයාට ඇවිත් තියෙන්නේ සමහර අයගේ අත්සන පේළි දෙකකට තියෙන නිසා
පිළිමතලව්වේ දෙන්නා මටත් ටැපලුනා..
Delete@ හරී
Deleteදැන් හරිනේ :)
කෝ අනේ ඇහැලේපොලගේ අත්සන?
ReplyDelete@ Podi Kumarihami
Deleteදකුණු පැත්තේ මුලින්ම පේළි දෙකකට තියෙන්නේ ඇහැලේපොළගේ අත්සන
ආයෙ ලියන්න පටංගත්ත එක සතුටුයි.
ReplyDeleteමගේ ඉතිහාසය ගැන දැනීමනං එච්චර හොඳ මට්ටමක නෑ. බලමුකො.
@ Praසන්ன
Deleteස්තුතියි අයියා.
දැනීම හොඳ නැති නිසා තමා අපි මේවා ලියන්නේ :P
Welcome back Hasitha!
ReplyDelete@ raigam
Deleteජය හෝ :D
ඉතිහාසය ගැන හොදට කරුනු හොයලා ඉදිරිපත් කරලා තියෙනවා
ReplyDeleteමම අදයි හරියටම දැනගත්තේ
අපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com
@ suneth dananjaya
Deleteදැනුවත් කරන්න හැකිවීම ගැන සතුටුයි :D
නියමයි හසිත. ඇත්තටම ලොකු දෙයක් ආයි ලියන්න ගත්තු එක. ඔහොම යං...ජය!
ReplyDelete@ ඉන්දික උපශාන්ත
Deleteතැන්කු අයියණ්ඩි :D
කාලයක් තිබුණු පුරස්නයක් ඔබ නිසා නිරාකරණය වුනා.
ReplyDeleteඉංග්‍රීසින් ඇහැලේපොලව සැක කරන්න ඔය ගිවිසුම අත්සන් නොකර සිටීමත් එක හේතුවක් වුනා නේද?
ඒකාලේ තිබුණු ද්‍රවිඩ බලපෑමත් අත්සන් ටිකෙන් පේනවා
@ නිකං
Deleteඇහැලේපොළ ගිවිසුම අත්සන් කරන්න ප්‍රමාද වෙන්නේ එයාට සතුටු වෙන්න පුලුවන් ආකාරයේ තනතුරක් නොලැබුණු නිසා. තමන් මහාදිකාරම් විදිහට කටයුතු කරපු නිසා ඊටත් වඩා ලොකු නිළයක් ඉංග්‍රීසින් යටතේ උඩරට ප්‍රධානියා වගේ තනතුරක් තමා එයා බලාපොරොත්තු වුණේ. ඒත් ඉංග්‍රීසින් එහෙම එකක් කරන්නේ නැහැ. අන්තිමට සාමාන්‍ය තනතුරක් සහ ගම්බිම් කීපයක් දීලා තමා එයාගේ ගැටලුව ඉංග්‍රීසින් සමථයකට පත් කරගෙන අත්සන් කරන්න එකඟ කරගන්නේ.
කන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා. දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
ඇත්තටම ඔය ඡායාරූපය දැක්කම මටත් කල්පනා වුනා ඒ කාලේත් ඡායාරූප ශිල්පය තිබ්බද කියල.එත් ඒ ගැන හොයන්න පෙළබුණේ නෑ.ගොඩක් වටින ලිපියක් ! ජය පතමි!
ReplyDeleteපුලුවන් වෙලාවක් ඇවිත් යන්න අමතක කරන්න එපා:- දුලාගේ අඩවිය | Dula's Place
@ Sandun Dulanjana
Deleteමේකත් අර ලෝකයේ මුල්ම කැමරාව හදන අවස්ථාවේ ගත්තු ඡායාරූපය කියලා කියන කතාව වගේ එකක් :P
හරි හරි ඇවිත් යන්න එන්නම්. බිස්කට් කේක් එහෙම ගෙනත් තියන්න :D
මේකත් අර ලෝකයේ මුල්ම කැමරාව හදන අවස්ථාවේ ගත්තු ඡායාරූපය කියලා කියන කතාව වගේ එකක්
Deleteමටත් හිතුනා ඒක.. :D
බොහොම හොඳ ගවේෂනාත්මකලිපියක්. මෙය පුළුල්ව සංවාදයට භාජනය වියයුතුයි. මම හිතන්නෙත් පසු කාලීන පින්තූරයක් උඩරට ගිවිසුමට ඈඳලා කියලයි.
ReplyDelete@ Wicharaka Asami Dakimi Soyami
Deleteඒ සඳහා වේදිකාව සකස් කළා කියලා හිතනවා :)
බොහොම වටින සොයාගැනීමක්නෙ. මේක විකිපීඩියාවෙත් තියන්නේ උඩරට ගිවිසුම අත්සන් කල අවස්ථාව කියලා. හසිත ඔබට පුළුවන් නේද එය නිවැරදි කිරීමට?
ReplyDelete@ තිසර
Deleteඔව් ඔව් විකිය වගේ තොරතුරු බෙදන ප්‍රධාන අන්තර්ජාල මූලාශ්‍රයක මේක තියෙන එක ලොකු වැරැද්දක්. ඒත් විකියේ වැඩ කටයුතු කරන එක ගැන මගේ අවබෝධය හරිම පොඩ්ඩයිනේ
හසිත ඔබේ නැවත පැමිණීම සතුටක්! ඔබව කාර්ය බහුල කල සියලු කටයුතු යහපත් ලෙස නිමා වේවා කියා පතනවා.
ReplyDeleteමගේ ඉතිහාස දැනුමත්, ඒ ගැන ඇති ඇල්මත් බොහොම දුර්වලයි, ඔබේ ලිවීම් නිසා ඉතිහාසය ගැන දැනුම සහ ඇල්ම වැඩි දියුණු වෙනවා. දිගටම ලියන්න :)
@ එක් මානවිකාවක්
Deleteස්තුතියි ඔයාගේ ප්‍රාර්ථනාවට :)
කාගේ කාගේත් ඉතිහාස දැණුම පුලුවන් විදිහට පොලිෂ් කරලා දෙන්නම්කෝ :D
මෙන්න කොල්ලෙක් ආපහු ඇවිත්. ඇති යන්තම් දැන් නියම ඉතිහාස කතා ටිකක් කියවන්න ඇහැකි.
ReplyDeleteමේ වගේ ලිපි ගැන තමයි මම කියුවේ.
එල එල... ඔහොම යමු ආ!
@ Chamara Sumanapala
Deleteආවොත් යන්නට බැරිය නිසා ඇවිත් යන්න ආයි ආවා. පුලු පුලුවන් විදිහට තව මේ වගේ ජාති ලියන්නම්කො :D
අපේ අප්පෝ දැක්ක කල්.මට හිතාගන්ඩ බැරි කවුරු හරි වෙන ඡායාරූපයක් මේ විදිහට අඳුන්වලා දෙන්ඩ කවුරුහරි පෙළඹුනේ ඇයි කියලා
ReplyDelete@ දිනුක
Deleteමම නම් හිතන්නේ මූලික කාරණේ නොදැනුවත්කම. මොකක් හරි සමූහ ඡායාරූපයක් හම්බුණු ගමන් කවුරු හරි හිතලා තියෙනවා මේක තමා උඩරට ගිවිසුමට ආපු රදළ නායකයන්ගේ සමූහ ඡායාරූපය කියලා. ඒත් ඒ වෙද්දී ඡායාරූප තාක්ෂණය තිබුණද ? ගිවිසුම අත්සන් කරන්න කී දෙනෙක් ආවද කියන කාරණේ අමතක කරලා තියෙනවා
ගොඩක් ස්තූතියි හසිත මල්ලී! ඔබේ වටිනා ලිපියෙන් අපේ ඉතිහාසයේ වැඳගත් තොරතුරැ කිහිපයක් දැන ගත්තා. දිඟටම මෙවැනි ඉතිහාසය හා සම්බන්ධ ලිපි ගෙන එන මෙන් ඉල්ලා සිටිනවා. ඔබය ජය!!
ReplyDelete@ Chandana Gunasekera
Deleteස්තුතියි අගය කිරීම සම්බන්ධව අයියා. ඉස්සරහටත් පුලුවන් විදිහට ලියන්නම්කෝ :)
හසිත මල්ලී, ආයි ලියන්න ආපු එක වටිනවා .. මෙන්න මේ වගේ තමන්ගෙ දැනුම , සහ හැකියාවන් පාවිච්චි කරල අපේ ඉතිහාසෙත් එක්ක පැටලිලා තියෙන බොරු ටික අහක් කරගන්න පුලුවන් සේවයක් කරන්න ..
ReplyDelete....
මුල්ම ඡායාරූපය ගැන තියෙන සඳහන නැවත පොඩ්ඩක් සොයා බලන්න 1826 පමණ ගත් ඡායාරූපයක් තවමත් තිබෙන බවත් එහි කොපියකුත් අපි " ප්‍රභාලේඛ " කරන දවස් වල දැනගත්තා .. එය ඔබ දක්වා තියෙන චායාරූපය නොවෙයි .
@ සපතේරු උන්නැහේ
Deleteස්තුතියි අයියා අගය කළාට.
මුල්ම ඡායාරූපේ විදිහට මම මුලින දාලා තිබුණු එක වැරදියි අයියා. ඒක තමා මිනිස් රූප තිබුණු පළමු ඡායාරූපය. ඔයාගේ මතකය නිවැරදියි :)
සිතන්නට අපව යොමු කරනවා ඔබට ගොඩක් ස්තුතියි
ReplyDelete@ MPP Gunasinghe
Deleteතව තවත් මෙවැනි දේ ලියන්න ඔබ කරන දිරිමත් කිරීමටත් ස්තුතියි :D
අපිනම් වැරදිලාවත් හිතන්නැති දෙයක් හසිත හිතලා. මේ ඡායා රූපයේ සැබෑ තතු පෙන්වා දීම ගැන ඔබට බොහොම තුති.ඒ වගේම ඒ වරද නිවැරදි කරන්න වගකියන පුද්ගලයිනුත් යොමු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteමේ පින්තූරය මේ ලෙස ඉදිරිපත් කරන්න ඇත්තේ බොහෝ දුරට නොදැනුවත්කම නිසා (රදල පැලැන්තියේ අයෙකුගේ නිවසින් හමුවූ, එමෙන්ම මෙම ගිවිසුමට අදාළ යැයි සිතා ඉදිරිපත් කරන ලද) හෝ නොසැලකිල්ල (කරුණු සෙවීමේ සැබෑ නොඋවමනාව) නිසා හෝ විය හැකියි.
නැවතත් ඔබට තුති!
@ AKM
Deleteඔව් ඔව්. මම නම් හිතන්නේ මූලික කාරණේ නොදැනුවත්කම. මොකක් හරි සමූහ ඡායාරූපයක් හම්බුණු ගමන් කවුරු හරි හිතලා තියෙනවා මේක තමා උඩරට ගිවිසුමට ආපු රදළ නායකයන්ගේ සමූහ ඡායාරූපය කියලා. ඒත් ඒ වෙද්දී ඡායාරූප තාක්ෂණය තිබුණද ? ගිවිසුම අත්සන් කරන්න කී දෙනෙක් ආවද කියන කාරණේ අමතක කරලා තියෙනවා
මා දන්නා තරමින් මෙහි ලෝකයේ මුල්ම ඡායාරෑපය ලෙස සදහන් කර ඇති ඡායාරෑපය වැරදි ඡායාරෑපයක්
ReplyDeleteඑයට හේතුව වන්නේ ලෝකය පළමු ඡායාරෑපය ලෙස පිළිගන්නේ ජෝසප් නිසපෝර් නිස්පේ විසින් 1826 දී ගත් ඡායාරෑපයක් එම ඡායාරෑපයෙන් දැක්වෙන්නේ ලෝකයේ මුල්ම ඡායාරෑපය ගත්තා යැයි පිළිගැනෙන ජෝසප් නිසපෝර් නිස්පේගේ නිවසේ ගේට්ටුවේ ඡායාරෑපයක්
ලෝකයේ මුල්ම ඡායාරෑපය ලෙස මෙහි සදහන් කර ඇති ඡායාරෑපය පිළිගැනෙන්නේ මිනිසෙකු ඡායාරෑපයට නැගුනු පළමු ඡායාරෑපය ලෙසයි
මෙහි ජෝසප් නිසපෝර් නිස්පේගේ නිවසේ ගේට්ටුවේ ඡායාරෑපයක් යන්න වැරදීමක්
Deleteඑය ඔහුගේ නිවසේ ඉදිරිපස ලෙස නිවැරදි වියයුතුයි
මෙම ඡායාරෑපය ඇතුලු තවත් තොරතුරැ http://en.wikipedia.org/wiki/History_of_photography යන ලිපිනයෙන් බලාගත හැකියි
මෙම ලිපියේ සදහන් ඡායාරෑපය ගෙන ඇත්තේ ප්‍රංශ ජාතික ලුවී ඩ්‍රැගියුරේ විසිනුයි
@ අමිල ප්‍රියංකර
Deleteස්තුතියි කරුණු නිවැරදි කරන්න උදව් වුණාට. මම ඒක නිවැරදි කළා. මම දාපු ඡායාරූපය මිනිසුන් සිටින පළමු ඡායාරූපය. නැවත වරක් ස්තුතියි කරුණු කාරණා සම්බන්ධව කරපු විස්තරයට :)
ඉතාමත් රසවත්, ගවේෂණාත්මකව සොයාගත් වැදගත් තොරතුරු!!!
ReplyDelete@ SamwiseGamgee
Deleteස්තුතියි අගය කළාට. මීට කලින් අප්‍රකට කතා නමින් ලිපි මාලාවක් මේ බ්ලොග් එකේ ලිව්වා. පුලුවන්කමක් තියෙනවා නම් කියවලා බලන්න
ෂා...ගොඩක් දුර හිතපු,තර්කානුකූල වැදගත් ලිපියක්.....
ReplyDelete@ රන්දු
Deleteස්තුතියි :)
Great work Hasitha.
ReplyDelete@ ejournalists
Deleteතැන්කු වේවා :)
This comment has been removed by the author.
ReplyDeleteවැඩිදුර සාක්ෂි නැතත්, ඡායාරූප ඉතිහාසය ගැන සැලකුවාම ඔය ඡායාරූපය බොරු එකක් කියලා තේරුම් ගන්න පුලුවන්. මේ ගැන මීට කලින් වෙන කවුරුවත් කියලා තියෙනවද හසිත?
ReplyDeleteබලාපංකෝ අපේ සමහර ප්‍රභූවරු දෙමලෙන් අත්සන් කරලා තියෙන ලස්සන!
@ Henry Blogwalker
Deleteමීට කලින් නම් කවුරුත් මේ ගැන කියපු සටහනක් හම්බුණේ නැහැ අයියා.
කන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා. දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
සුභ පැතුම් හසිත. දිනක අපිට එකට වැඩ කරන්න ලැබේවා කියා පතනවා. බ්ලොග් අවකාශය ආශ්‍රය කරන අයගෙන් ඔබ ගැන මගේ බොහෝ බලාපොරොත්තු තිබෙනවා.
ReplyDeleteඔබට මතක ඇති මමත් ලිව්වා මේ ගැන. මට හිතෙන්නේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ පර්යේෂණ විය යුතුයි. මොකද මේ අපේ ඉතිහාසයේ සැඟවුණු යුගයක්. තව අභිරහස් බොහෝමයි. ඔබට ජය!!!!!!!
@ Rohana Ranasinghe
Deleteඅනිවාර්යෙන්ම අපිට එකට වැඩ කරන්න පුලුවන් වෙයි කියලා මමත් විශ්වාස කරනවා.
ඔබතුමා මේ ගැන ලියපු ලිපිය හරි වටිනවා. උඩරට රාජධානි සමය අපිට ආසන්නතම කාලය වුණත් ඒ කාලය සම්බන්ධව ගොඩක් අවිනිශ්චිත තැන තියෙනවා ඒ ගැන තව තවත් සොයා බැලිය යුතුමයි
ඉතිහාසය මට පෙන්නන්න බැරි විශයක්, හසිත මල්ලි ලියන ඒවා සරලව කරුණු පැහැදිලි කරලා තියෙන නිසා කියවන්න ආසයි.
ReplyDeleteඔබට ජය
@ හරී - පිණිපළස
Deleteඅපි මේ ඉතිහාසය ජනගත කිරීමේ කාර්යය සිද්ධ කරන්නේ :)
හසිත, මේ ඡායාරූපය ගැන හිතන්න ඔබ ගතකළ කාලයත් අපරාදයක් කියලයි මම හිතන්නේ. මොකද ලෝකයම පිළිගත් ඉතිහාසය අනුව ප්‍රංශ ජාතික ජෝසප් නිසපොර් නීප්සේ තමයි 1826 දී ලොව පළමු ඡායාරූපය සටහන් කරගන්න සමත් වුනේ. දුර්වල රසායනික අත්හදා බැලීම් තුලින් ඵලකයක් මත රූපය අනාවරනය කරන්නට නීප්සේට පැය 18 ක කාලයක් ගත වුනු බව සදහන්.
ReplyDeleteලොව පළමු ඡායාරූපය ලෙස ඔබ දක්වන 1938 රූපයත් වැරදියි. නීප්සේ ගෙ කවුලුවෙන් පිටත භූමි දර්ශනයක දුර්වල පිටපතක් තමයි අද ඉතිරිව තිබෙන්නේ.
1815 ගිවිසුම වෙලාවේ සේයාරුවක් කොහෙත්ම තිබෙන්නට විදියක් නෑ.
(කොහොම උනත් මේ ලිපිය ඔබ පළ කල එක වැදගත්. ගිවිසුමේ ඉතිහාසය ගැන හොයන්න - පොඩි කථිකාවක් ගොඩ නැගෙන්න එය හේතු වෙලා. සතුටුයි.)
This comment has been removed by the author.
Delete@ Savithri Vithanage
Deleteඔබතුමී ඡායාරූප විෂය සම්බන්ධව විශේෂවේදී උපාධියක් හදාරද්දී මේ ගැන හොඳටෝම දන්නවානේ. ඒත් අපේ විෂය පථයට මේ කතාව එකතු වුණේ මේ ෆොටෝ එක ගැන තිබුණු ගැටලුවත් එක්ක.
මේ ෆොටෝ එක දැකපු කෙනෙක් හිතලා තියෙනවා මේක තමා උඩරට ගිවිසුමට ආපු රදළ නායකයන්ගේ සමූහ ඡායාරූපය කියලා. ඒත් ඒ වෙද්දී ඡායාරූප තාක්ෂණය තිබුණද ? ගිවිසුම අත්සන් කරන්න කී දෙනෙක් ආවද කියන කාරණේ අමතක කරලා තියෙනවා.
ඉතින් ඒ වගේ දෙයක් ජනගත වුණාම කොහොමට තියෙනවද පේනවනේ ඉතින් :P
කාලෙකින් ඔබේ ලිපියක් කියවන්න ලැබීම ගැන බොහොම සන්තෝෂයි හසිත මලයා...ඔය රාජකාරි ටික බොහොම හොදින් අවසන් කරගෙන ආයෙත් සුපුරුදු පරිදි ඉතිහාසයේ අපි නොදන්නා ඉසව් පිළිබද බ්ලොග් අඩවියෙන් අප දැනුවත් කරවි කියලා හිතනවා...ඔබට ජය !
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteඅනිවාර්යෙන්ම අයියා. පුලුවන් විදිහට ආයි ලියනවා. මේක ඉතින් තනියම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ. අයියාලත් ඉතින් අපිට සප් එක දෙන්න ඕනේ :)
Ha Ha welcome back, it's good to see you again bro ...
ReplyDelete@ zeeker
Deleteඑසේමැයි :)
ඔය උඩරට ගිවිසුම එක්ක රහස් ගොඩක් හැන්ගගෙන තියනවා කියන එක ඇත්තක්,,ඕවා හොයන්න බැරි කමක් නෑ හසිත මල්ලි,,ආපහු ලියන එක නම් ලොකු දෙයක්,,,ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ නිබන්ධනේ අපිට කියවන්න බැරි වෙයිද?පුලුවන් උනොත් ලොකු දෙයක්
ReplyDelete@ ItalyDilan
Deleteඇත්ත ඇත්ත. උඩරට රාජධානි සමය අපිට ආසන්නතම කාලය වුණත් ඒ කාලය සම්බන්ධව ගොඩක් අවිනිශ්චිත තැන තියෙනවා ඒ ගැන තව තවත් සොයා බැලිය යුතුමයි
නිබන්ධනේ නම් තව ටික කාලයක් යාවි හැමෝටම කියවන්න පුලුවන් වෙන්න :)
මගේ ඉතිහාස දැනුමට තිත වැටිලා වගෙයි තිබුනේ කොහොම නමුත් ආයෙම ආව එක ගැන ගොඩක් සන්තෝස වෙනවා
ReplyDelete@ කෝරලේ මහත්තයා
Deleteඑහෙනම් කොමාවක් දාලා ආයේ පටන් ගමු :D
ඉතිහාසය හොයාගෙන යනවා කියන්නේ හරිම අපූරු වැඩක්. උඩරට ගිවිසුම ගැන අහලා තිබ්බට මෙච්චර දේවල් දන ගත්තේ මේකෙන්
ReplyDelete@ නාඩියා නාඩිරත්න
Deleteඅපේම දේ ගැනනේ ඉතින් මේ හොයාගෙන යන්නේ :)
ඒ කාලෙත් ප්‍රභූවරු රජාල සතුටු කරන්න තමයි වැඩ කලේ.රජා ඉන්දියන් ජාතිකයෙක් නිසාත් රජාගෙ බිරින්දන් ඉන්දියානු නිසාත් රජා සතුටු කරන්න සමහරු දෙමලෙන් අස්සන් කලා වෙන්න පුළුවන්. මේ ජාතිවාදෙ මොනතරං විහිළුවක්ද ? නායක්කර් වංශිකයින්ට රජකම දීල දනගහන්න පුළුවන් නිලමෙලා හිටි රටේ සුළුජාතිකයෙකුට පුළුවන් වෙයිද රජවෙන්න අද ?
ReplyDeleteහසිත දකින්න සතුටුයි..
@ සරත් ලංකාප්‍රිය
Deleteකන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා. දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
//...නායක්කර් වංශිකයින්ට රජකම දීල දනගහන්න පුළුවන් නිලමෙලා හිටි රටේ සුළුජාතිකයෙකුට පුළුවන් වෙයිද රජවෙන්න අද ?...//
මේකේ නම් මූලික පදනම කුල භේදය. සූර්යවංශික නම් වෙන ජාතියක වුණත් කමක් නැහැ කියන ආකල්පය ඒ කාලේ විතරක් නෙමේ මේ කාලෙත් තිබිලා තියෙනවා. මුලින්ම ව්‍යවස්ථාදායකට උගත් ලාංකිකයා පත් කරද්දී ඉදිරිපත් වුණු මාකස් ප්‍රනාන්දු කරාවේ නිසා වෙල්ලාල පොන්නම්බලම් රාමනාදන් පත් කරන්න සිංහල ගොවිගම \ඇත්තෝ කටයුතු කළානේ :)
//මේකේ නම් මූලික පදනම කුල භේදය
Deleteඅඳුරේ උපන් අය අඳුරේම තියන්න කියලා තමා ජන්ද සටන මෙහෙයවා ඇත්තේ ඒ කාලේ මලේ
@ නිකං
Deleteගොවිගම ආදිපත්‍ය බිඳ වැටෙනවාට තිබ්බ බය තමා හේතුව. වික්ටර් අයිවන් මේ සම්බන්ධව ලියපු පොත් කීපයක්ම තියෙනවා කියවලා බලන්න පුලුවන් නම් :)
මගෙන් උදව්වක් වුණාය කියා ඇසීම සතුටක්.
ReplyDeleteප්‍රති උපකාරයක් බලාපොරොත්තු විය හැකිද?
@ කතන්දර කාරයා
Deleteශ්‍රී වික්‍රම රාජසිංහ ගැන තව දුරටත් සොයා බලන්න වගේම ඒක නිබන්ධිකාවක් දක්වා ගෙනියන්න බීජය රෝපණය කිරීමේ ගෞරවය ඔබට හිමියි :)
මොකක්ද ඉතින් ප්‍රති උපකාරය ???
වෙන දෙයක් නොවේ බ්ලොග් එක දිගටම ලියන්න කියන එකයි මගේ ඉල්ලීම.
Deleteනිබන්දිකාව කියන්නේ ඇයි. නිවරදි වචනය නිබන්ධනය.
හැබැයි ඒ අපේ කලේ. දැන් ලිංගික විපර්‍යාසයක් වෙලාද මන්දා නිබන්දිකාව වුනේ?
@ කතන්දර කාරයා
Deleteආහ් කරන්න බැරි දෙයක් නෙමෙයිනේ :)
අපිට කියපු විදිහට නම් පශ්චාද් උපාධිය, ආචාර්ය උපාධිය සඳහා ලියන්නේ නිබන්ධනය. පළමු උපාධියට නිබන්ධිකාව. ස්වාධීනව හොයපු කරුණු බොහෝමයක් අඩු නිසා තමාලු මේ නිබන්ධිකාව කියන වචනේ පාවිච්චි වෙන්නේ
මේ අත්සන් කරපු නිලමෙලා කොහොමද දෙමළෙන් අත්සන් කලේ කියන ගැටළුව මටත් තියේ.මේ නිලමෙලාට දෙමළ භාෂාව ගැන නිපුණත්වයක් තිබුණාවත්ද...?
ReplyDelete@ Manoj Fernando
Deleteකන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා. දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
"In 1835, a photographic camera was brought to Ceylon by the American Missionaries who served in Jaffna. Photography was introduced into South Sri Lanka only in 1838. The American Missionaries could not operate the camera, which had come from their homeland. Henry Martyn seems to have read the literature that came with this camera for one hour and took a photograph of the Missionaries. This was the first photograph taken in Sri Lanka. The Seminary gave the necessary atmosphere and inspiration for the achievements of Henry Martyn:"
ReplyDeleteBishop S. Jebanesan, 2013, "The American Mission and Modern Education in Jaffna", Kumaran Book House, p154
@ Anonymous Monday, February 17, 2014 at 11:28:00 AM GMT+5:30
Deleteබොහොම ස්තුතියි ඔබේ වටිනාකියන තොරතුරු කීපයට :) දැන් ගැටලුව තව දුරටත් විසඳෙනවා
ගොඩක් වටිනා තොරතුරු සොයාගැනීමක්.. අර අත්සම්වල සමහර අයට සිංහලට වඩා දෙමල පුළුවන් පාටක් පෙනෙනවා.. ඒ කාලේ නයාක්කර වංශික ආක්‍රමණය නිසා ද්‍රවිඩ භාෂාවට විශේෂ තැනක් තියෙන්න ඇති මගේ හිතේ..
ReplyDelete(පහුගිය ටිකේ හසිත බ්ලොග් නොලියපු එකනම් ලොකු අඩුවක්,)
@ චමී4යූ~chami4u
Deleteකන්ද උඩරට අවසාන කාල සීමාව තුළ නායක්කර් වංශික රජවරුන් සිහසුනේ හිටිය නිසා වගේම එයාලගේ බොහෝ ඥාතීන් රාජ සභාවේ නිලතල දැරීමත් එක්ක දෙමළ භාෂාවටත් වැදගත් තැනක් හිමිවුණා. දැන් කාලේ බොහෝ දෙනා ඉංග්‍රීසියෙන් අත්සන් කරනවා වගේ ඒ කාලෙත් දෙමළෙන් අත්සන් කරන එකට පිළිගැනීමක් තිබුණු බව තමා මේකෙන් පැහැදිලි වෙන්නේ.
//..(පහුගිය ටිකේ හසිත බ්ලොග් නොලියපු එකනම් ලොකු අඩුවක්,)...//
දැන් ඒ පාඩුව පුලුවන් ආකාරයට පිරිමහන්න යන්නේ :)
සෑහෙන දුරට හිතලා තියෙනවා.
ReplyDeleteකොහොමහරි කමන් නෑ ආයෙම ලියන්න ආපු එකත් මදෑ.
@ මධුරංග
Deleteපේන දේට වඩා දෙයක් තියෙනවා නොවැ අයියා :)
Tamil (Telegu or Andra Pradesh dialect- "Andara demala" I think ) was the "court language" because of the dominance of Nayakkars in court. Many Sinhala officials too used the court language.
ReplyDeleteSame thing happened in England after the Norman invasion in 1066. Norman- French was the court language although the vast majority of the people spoke English (the old version).
@ Pra Jay
Deleteඔව් ඔබේ කතාව නිවැරදියි :)
හසිත ගොඩ දවසකට පස්සේ ඇවිල්ලා වගේ මමත් මාස දෙකකට විතර පස්සේ බ්ලොග් පැත්තේ ආවේ අදයි.
ReplyDeleteපොඩ්ඩක් වත් හිතපු නැති දෙයක් ගැන හසිත කතා කරලා තියෙන්නේ. ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.
තාත්තා ට හොඳයි කියලා දැනගත්ත එක වගේම ඉගෙනීම් කටයුතු සාර්ථකව අවසන් කරපු එක ගැන සතුටුයි.
@ Gihan (ගිහාන්)
Deleteබොහොම ස්තුතියි සහෝදරතුමාට :)
බොහොම වැදගත් ලිපියක් හසිත...
ReplyDelete@ Ayilas A
Deleteස්තුතියි අගය කිරීමට :)
බොහොම සවිස්තරාත්මකව කරපු අගනා හෙළි කිරිමක් ඇත්තටම ඡායාරූප කලාව පටන්ගත්ත කාලයත් එක්ක සසදා බලද්දි එබේ නිගමන සියල්ල හරි. අදටත් ෆේස් බුක් හරහා මෙවැනි පිංතූර ඕල්ඩ් සිලෝන් කියලා දානවා. සමහර සිදුවීම්වල තොරතුරුත් එක්ක සසඳා බලද්දි ඡායාරූප කලාව ගැන අලුතින් හිතන්න වෙනවා.
ReplyDelete@ දයානන්ද රත්නායක
Deleteඇත්ත අයියා. හුඟක් වෙලාවට කරුණු ගැන අවබෝධයක් නැතුව ඡායාරූප හුවමාරු වෙන එක සුලභ වෙලා තියෙන්නේ. මට අපේ කැම්පස් එකේ හාමුදුරු කෙනෙක් කිව්වේ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ කියලා ෆොටෝ එකකුත් කාලයක් අන්තර්ජාලේ තිබුණා කියලා :P
හැබැටම මොකද්ද ඔය නිබන්දිකාවේ කේස් එක?
ReplyDelete@ Sandun Dulanjana
Deleteවිශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධියක් හදාරනවා නම් විශේෂවේදි තුන්වෙනි අවුරුද්දේදී තමන් හදාරන විෂයට සම්බන්ධ මාතෘකාවක් යටතේ නිබන්ධිකාවක් රචනා කරන්න ඕනේ. ඒක අනිවාර්ය අවශ්‍යතාවක්. එතකොට පරීක්ෂකවරයෙක් යටතේ එයාගේ උපදෙස් ආදිය ලබාගෙන තමා ඒක ලිවීම සිද්ධ කරන්නේ
ෂාහ් මමත් මේ පින්තුරේට රැවටිලා හිටියා නෙව.. මං ඉතිං ඔය කාලේ වෙද්දී පින්තුරු ගන්න බැරි බව හිතුවේ නෑ. කොහොම වුනත් දැන් ඉතිං ඒ වැඩෙත් හරි. කාලෙකින් හරි ආපහු ලියන එක වටිනවා හසිත මලයා .. ඔයා නැතුව මේක පාළු වෙලා තිබ්බේ.
ReplyDelete@ Alexander Cage
Deleteදැන් පටලැවිල්ලක් නැහැනේ :)
ඉස්සරටහත් ඉඩ ලැබෙන විදිහට ලියනවා. අයියත් ආයේ ලියන්න පටන් ගත්තා නම් හොඳයි නේද ?
කම්මැලි කම්න් මිදී නැවත පැමිණීම ගැන සතුටුයි..අපිට ගොඩක් දේවල් තියනව ඉගෙන ගන්න..
ReplyDeleteමල්ලි මම ඒ කාලේ කොහෙං හරි පොතකින් කියවපු කෑල්ලක් මෙතනට ඈඳන්න හිතුනා..
මල්ලි උඩරට රාජධානියේ දිසාවනි 12 කි තිබ්බ නේ ද..? ඒත් මෙතන අත්සන් 11 තියෙන්නේ..
මට කොහෙන් දෝ කියෙව්ව වගේ මතකයි නුවර වැව දිසාව ගැන කතාවක්..නුවර කලාවිය භාරව හිටපු..ඔහු ගිවිසුමට අත්සන් කරන එක ප්‍රතික්ෂේප කළා නේ ද..?
ඒ කතාව මෙතනට සම්බන්ධ වෙනව ද..?
@ Janaka Thennakoon
Deleteරජ කාලේ දිසාවනි 12 ක් තිබුණු බව හැබෑව අයියා. ඒත් රජ කාලේ පටන්ම සමහර අවස්ථාවලදී එක නිළමේවරයෙක්ටම දිසාවනි දෙකක් හිමිවෙලා තිබිලාත් තියෙනවා.
මෙතන අත්සන් 11 සහ දිසාවනි 12 ගැටලුවට ආවොත් මෙතන දිසාවනි භාර නිලධාරීන්ගේ අත්සන් තියෙන්නේ 10. මොකද ඇහැලේපොළට දිසාවක් හිමිවුණේ නැහැනේ.
ඒ ඒ දිසාවන් භාර දිසාවේවරු පිළිවෙලින් දැක්වුවොත්
සත් කෝරළේ දිසාව - මොල්ලිගොඩ මහාදිකාරම්
සපරගමු දිසාව - පිළිමතලව්වේ [කපුවත්තේ] මහාදිකාරම්
සතර කෝරළේ දිසාව - පිළිමතලව්වේ [කණිෂ්ඨ]
ඌවේ දිසාව - මොනරවිල කැප්පෙටිපොළ
මාතලේ දිසාව - රත්වත්තේ
තුන් කෝරළේ දිසාව - මොල්ලිගොඩ
වලපනේ දිසාව - දුල්ලෑවේ
වෙල්ලස්සේ සහ බින්තැන්නේ දිසාව - මිල්ලව
තමන්කඩුව දිසාව - ගලගම
නුවර කලාවියේ දිසාව - ගලගොඩ
මෙතන අත්සනක් නැත්තේ උඩ පළාත කියන දිසාව භාරව හිටියේ දිසාවේගේ අත්සන විතරයි. ඒ අත්සන නැතිවීමට හේතුව මොකක්ද කියලා මම දන්නෙත් නැහැ. හැබැයි උඩරට මහ කැරැල්ල පොතේ දක්වන විදිහට 1818 නොවැම්බර් 21 උඩ පළාතේ දිසාවේ විදිහට උනම්බුවේ රාජකරුණා රාජපක්ෂ තෙන්නකෝන් මුදියන්සේ පත් කරලා තියෙනවා ඉංග්‍රීසින් විසින්. ඒත් ඊට කලින් ඒ ධූරය දැරූවෙක් ගැන සඳහනක් නැහැ.
මේ සම්බන්ධව හොයලා බලන්න ඕනේ කියලයි මටත් හිතෙන්නේ. සමහර විට අයියා කියන විදිහට ප්‍රතික්ෂේප කළ කෙනා එයා වෙන්නත් බැරි නැහැ
ela kollek ne
ReplyDelete@ chavin
Deleteස්තුතියි ඔබට :)
හසිත ආයෙ ඇවිත්නෙ.. හරිම සන්තෝසයි. මට තිබ්බ ප්‍රශ්න වලට උත්තර මඟින්ම ලැබුනා..
ReplyDeleteඉස්සරහට මොකද කරන්න ඉන්නේ..
@ හරී
Deleteප්‍රශ්න වැල නැති අඩුව මටත් තේරුණා :D
මේ දවස්වල පොඩ්ඩක් නිස්කලන්කේ ඉන්නවා අයියා :)
අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org...ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක
ReplyDeleteekathuwa.org
එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..
//ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධව ලියවුණු මගේ උපාධි නිබන්ධිකාව//
ReplyDeleteමල්ලී
මම ඇත්තෙන්ම හරිම කුතුහලයක් තියෙන්නේ එතුමා සහ එතුමාගේ කාලේ ගැන. ඒ නිබන්ධනය අපිට බලන්න පුලුවන් කමක් නැද්ද?
මේ මම රජස් බ්ලොග් එකට දාපු කොමෙන්ට් එකක් ශ්‍රී වික්‍රම රාජසින්හ රජතුමා ගැන විස්තර ලියන්න කියලා ඉල්ලලා
//ලක්දීපයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගැන ඔබ ලියූ ලිපි තිබෙනවාද?
මතුපිට ස්පර්ශකරන ඉතිහාඥයන් සහ කලාකාරයන් එතුමා දුෂ්ඨයෙකු ලෙස කෙතරම් හඳුන්වාදෙන්න උත්සාහ කලත් බොහෝ කලෙකට පෙර කියවූ ලිපියක එතුමා ඉතා කලාකාමී සංවේදී පුද්ගලයෙක් ලෙස හැඟවෙන අයුරින් ලියා තිබුනා.
ඒ ලිපියේ කරුනු බොහොමයක් අමතකයි නමුත් රළු මතකයට අනුව එතුමා ඇහැලේපොල කුමාරිහාමි කෙරේ ඇතිවූ පිලිබඳ සිතත් සඳුළුතලයේ සිට පොඩ්ඩක් බලාසිටීමෙන් පමනක් සංසිඳුවා ගත්තෙක් ලෙස එහි තිබුනා මතකයි.
රදළ නිළධාරීන්ගේ බලය වෙනුවෙන් කුළල් කාගැනීම් සහ කරදර ඉවසන්න බැරිම තැන ඉංග්‍රීසීන් විසින් තෑගි කල මත්පැන් පානයට හුරු වූ බවයි එහි ලියා තිබුනේ.
මත්වී අසිහියෙන් සිටිනා වෙලාවක රදළයින්ගේ උවමානවටම රජවාසල කැඳවා ඔවුන් විසින්ම ඇහැලේපොල පවුලට එරෙහිව ලියා දුන් දඬුවම් පත්‍රිකාවකට රජුගේ අත්සන ලබාගෙන මත බහින්න පෙර කඩිමුඩියේ ඇහැලේපොල පවුල ඝාතනය කලේ එමඟින් ඔවුන්ගේ පසමිතුරු ඇහැලේපොළට දඬුවම් කරන්නත් රජතුමාව මිනිසුන් අතර අප්‍රසන්න කරන්නත් යන එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක් කියා තිබුනු බවත් මතකයි.
රජතුමා පහුවදා මතෙන් මිදී ඇහැලේපොළ පවුලේ කෲර ඝාතනය අසා ඉතාමත් කම්පා වූ බවත් එහි තිබූ බව මතකයි//
අන්තර්ජාලයට තොරතුරු ඇතුලත් කරන ආකාරය කියා දෙන්නේ නම් මැනවි 0712627687 බලංගොඩ සරණ හිමි
ReplyDeleteමම ඔබට ස්තුතිවන්ත වෙනවා ඉතිහාසය එලියට ගන්නවාට ...මට ඔබගෙන් උදවුවක් ඔිිනා ඉතිහාසය පිලිබදව....
ReplyDelete