Thursday, May 2, 2013

වෘකහාමිගේ සාදය - තවත් චීන කතාවක්


දවසක් වෘකහාමිට ලොකු කිකිළියන් දෙන්නෙකු දඩයම් කර ගන්න ලැබිලා මෙහෙම හිතුවා "මම කොච්චර වාසනාවන්තද! මගේ යාලු වලස්හාමිටත් රෑ කෑමට ආරාධනා කරන්න ඕනෑ"


මේ අතරේ ගහකට මුවාවෙල හැංගිලා හිටිය හිවල්හාමිට වෘකහාමි කියාපු එක ඇහුණා. ලොකු කිකිළියන් දෙන්නා දැකපු හිවල්හාමිත් වෘකහාමි පස්සෙන්ම ගියා. 


හිවල්හාමිගේ කටට කෙළ උණන්න පටන් ගත්තා. 


කොහොම හරි ඒ කිකිළියන් දෙන්නා ඩැහැ ගන්න ඕනෑ හිවල්හාමි හිතා ගත්තා.


වෘකහාමි එක කිකිළියක් මරන්න හදන කොටම කිකිළියන් දෙන්නාම එකපාරට ඉගිලුණා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා ආයෙත් අල්ල ගත්තා. හිවල්හාමි තවමත් එතැනම කැරකෙනවා. 


වෘකහාමි කෑම පිළියෙල කරන්න පටන් ගත්තා. 


වෘකහාමි කිකිළියන් දෙන්නා භාජනයකට දමලා ලිප උඩ තිබ්බා. ඉමිහිරි සුවඳක් කුස්සිය පුරාම පැතිරෙනවා. 


වෘකහාමි ප්‍රීතියෙන් සිවුරුහන් බබා යාලු වළස්හාමිට රෑ කෑමට ආරාධනා කරන්න ගියා. 


හිවල්හාමි වෘකහාමිගේ කුස්සියට ඇතුළුවෙලා ලිප උඩ තිබෙන භාජනයේ පියන ඉස්සුවා. ප්‍රණීත සූපයේ සුවඳ හරි මිහිරියි. 


හිවල්හාමි සුප් හැළියෙන් කිකිළියෙකු ඇරන් කන්න පටන් ගත්තා. 


කවුදෝ ජනේලයෙන් පිටත් සිවුරුහන් බානවා ඇහිලා හිවල්හාමි බැලුවා. "හා මෙන්න වෘකහාමි එනවා" තමාටම කියාගත්තා. 


හිවල්හාමිට එතැනින් පැනගන්ට වෙලාවක් නැහැ. ඒ නිසා පෙට්ටිය ඇතුළේ හැංගුණා. 


ලිපේ ගින්දර නිවීගෙන යනවා. වෘකහාමි තවත් දර ටිකක් ලිපට ඇතුළු කරලා ගිනි මෙලෙව්වා. 


දර ටික පිච්චිලා ඉවර වුණාට පස්සේ වෘකහාමි තවත් දර ටිකක් පලන්ට මන්නයක් ගත්තා. ඒත් මන්නය මොට්ටයි. 


වෘකහාමි මන්නය පිළිකන්නට ගෙනිහිල්ලා ගලක අතුල්ලනවා, මුවහත් කරන්ට. 


වෘකහාමි එළියට යනවා හිවල්හාමිට ඇහුණා. ඌ පෙට්ටියෙන් එළියට ඇවිත් හැළියෙන් අනෙක් කිකිළිත් ඩැහැ ගත්තා. 


වළස්හාමි වයින් බෝතලයකුත් අරන් ප්‍රීතියෙන් සිංදු කියමින් ආවා. ඌ වෘකහාමිගේ ගෙදරදී ලැබෙන්ට යන කදිම රෑ කෑම ගැන හිතුවා.


හිවල්හාමි කුකුළුමස් රස බලමින් ගහට මුවාවෙලා ඉද්දී ඌට සිංදුව ඇහුණා. වළස්හාමි එනවත් ඌ දැක්කා. 


දැන් මොකද කරන්නේ ? හිවල්හාමිගේ හිත වේගයෙන් වැඩ කළා.


ඌ තමන්ගේ කනට උඩින් කොළයක් අල්ලාගෙන වළස්හාමි ලඟට ගියා. "අනේ මට පිහිට වෙන්න!" හිවල්හාමි ඇඬුවා. 


හිවල්හාමි තමන්ගේ කන පෙන්නලා මෙහෙම කිව්වා. "වෘකහාමි කුකුළු මස් සංග්‍රහයකට මට ආරාධනා කළා. මම එහේ ගියාම මස් කපන මන්නයෙන් මගේ කන කපන්න හැදුවා. මම යන්තම් බේරිලා දුවගෙන ආ එක හොඳට හිටියා"


"ඔය ඇත්තමද?" වළස්හාමි ඇහුවා. "වෘකහාමි මටත් රෑ කෑමට ආරාධනා කරලයි තියෙන්නේ"


"හෝදිසියෙන් ඉන්න එක කොයිකටත් හොඳයි. සමහර විට ඔයාගේ කනත් කපා ගන්න වෘකහාමිට ඕනෑ ඇති" හිවල්හාමි හෙමින් සීරුවේ ලිස්සලා ගියා. දැන් මොනවා කරන්ඩද කියලා වලස්හාමිට තේරෙන්නේ නැහැ. 

වළස් හාමි වෘකහාමිගේ ගෙයි පිළිකන්නට ගියා. ඇත්ත තමයි වෘකහාමි මන්නය මුවහත් කරනවා. වළස් හාමි හොඳටම බය උණා. ක්ලාන්තය හැදුණා.


ටික වේලාවකට පස්සේ වළස්හාමි නැගිටලා දුවන්න පටන් ගත්තා. ගහට මුවාවෙලා හැංගිලා හිටිය හිවල්හාමිට හරි හිනා. ඌ වළස්හාමි ගෙනා වයින් බෝතලේම බීලා දැම්මා. 


ඒ පාර හිවල්හාමි වෘකහාමි ගාවට ගිහින් කිව්වා. "ඔයාගේ කුකුළුමස් සංග්‍රහය වළස්හාමි එනවා මා දැක්කා". "ඔව්, මම වළස්හාමිට ආරාධනා කළා" වෘකහාමි කියනවා. 


"ඔයාගේ කුකුළුමස් සේරම වළස්හාමි දැනටමත් ගිල දාලා හමාරයි" හිවල්හාමි කියාගෙන ගියා. වෘකහාමි හැළිය ඇරලා බැලුවා. උගේ කදිම ලොකු කිකිළියන් ඇත්තටම අතුරුදහන් වෙලා. වෘකහාමි වළස්හාමිට පාඩමක් උගන්වන්න හිතාගෙන ඌ පස්සේ දුවන්න පටන් ගත්තා. 


වළස්හාමිටත් දුවල දුවලම හති. ඒත් වෘකහාමි එනවා දැක්කාම, කෑගහනවා ඇහුණාම ආයෙත් දුවන්න පටන් ගත්තා. 

වළස්හාමි ලෑල්ලක ආධාරයෙන් ගඟෙන් එගොඩවෙලා වෘකහාමිගේ ගමන වළකන්න ලෑල්ල ඉවත් කරන්න හැදුවා. 

ඒත් වළස්හාමි ලෑල්ල අහක් කරන්න ඉස්සෙල්ලා වෘකහාමි පැන්නා. වළස්හාමි වෘකහාමිගේ බඩට වැරෙන් පහරක් දුන්නා. 


වෘකහාමි කේන්තියෙන් පුපුරමින් වළස්හාමිට පහර දුන්නා. 


වෘකහාමි වළස්හාමිට බැණ වැදුණා. "තෝ මගේ කුකුළුමස් සේරම ගිල දාලා දැන් මට ගහන්ඩත් එනවා. තෝ නම් හරිම අපූරු යාලුවෙක්!"


වළස්හාමිට මේක තේරෙන්නේ නැහැ. ඌ ඇහුවා "කවුද කිව්වේ මම කුකුළුමස් ටික හොරෙන් කෑවා කියලා?"


"හිවල්හාමියි කිව්වේ" වෘකහාමි උත්තර දුන්නා. දැනුයි වළස්හාමිට තේරෙන්නේ සිද්ද වුණු හරිය. "හිවල්හාමි අපි දෙන්නාවම රැවැට්ටුවා" වළස්හාමි වෘකහාමිට කිව්වා.

මේ කතාවේ චිත්‍ර මෙයි යිංගේ. සිංහල අනුවාදනය සවිමන් උරුගොඩවත්ත. මුද්‍රණය කරලා තියෙන්නේ චීනයේ විදේශ භාෂා මුද්‍රණාලයේ. ප්‍රකාශනය චීනයේ විදේශ භාෂා ප්‍රකාශන මන්දිරය. ලංකාවේ බෙදා හැරීම මරදානේ අරුණ ප්‍රකාශකයෝ. 

මේ කතා පොත ලබාදෙන්න කටයුතු කළේ රුක්ෂිලා වෙත්තමුණි අක්කා. අක්කාට බොහොම ස්තුතියි :)

මුහුණු පොතේ තියෙන "ළමා කතා සමූහයේ" මේ කතාව වගේම තවත් චීන වගේම රුසියන් ළමා කතා කීපයක්ම තියෙනවා. ඒ සමූහයට එකතු වුණා නම් ඒ කතා ටිකත් කියවන්න පුලුවන්. 

114 comments:

  1. මේ පොත මගේ ළඟ තිබුනා.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      පරිස්සම් කරලා තියාගන්න අයියා. හරියට වටිනවා මේවා දැන්. හොයාගන්න්ත් නැහැ මං හිතන විදිහට

      Delete
  2. මගේ ලඟත් මේ පොත තිබුණා.. එදා දංඩි පැටව් කතාවට මම කොමෙන්ට් එක දැම්මේ මේ පොත ගැන කියල තමා.. මේක ආයෙත් කියෙව්වම නම් පුදුම ආසාවක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      තාම කතාව හිතේ තියෙනවා ඒ කියන්නේ :D

      Delete
  3. වෘක හාමියි, වළස් හාමියි, හිවල් හාමියි ගැන හසිත හාමි ගෙ කතාව හරිම ශෝක්.

    ReplyDelete
    Replies
    1. @ ඩ්‍රැකී

      …හසිත හාමි වෙන්න තව අවුරුදු 60 ක් විතර යන්න වෙනවා :P

      Delete
  4. ඔයාට ස්තුතියි මල්ලි. අද මගේ දුවට මේ කතාව උගන්වන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      තව කතාවක් තියෙනවා. ඒකත් ඉස්සරහට කියන්නම්කෝ අයියා :D

      Delete
  5. sira machan mata me potha ape thaththa genalla dunne man godak podi kaale. tawmath e poth man gaawa thiyenawa. e dawas wala mila gahala tibbe Rs. 2k widiyata.
    loku deyak me widiyata online content ekak karanawata. mokada man book fair eke e potha dakka sehena milak niyama karala tibbe.
    anika me poth hoyagannath sehenna amarui...

    ReplyDelete
    Replies
    1. @ Dulan Asiri Dalugama

      ඇත්ත තමා මේ පොත් හොයාගන්න නැති එක තමා ලොකුම අවුල. මට නම් කාලෙකින් මේ පොතක් දකින්න හම්බුණේ නැහැ. හැබැයි දැන් තියෙන තත්වේත් එක්ක මේ පොත්වලට ලොකු ගාණක් නියම වෙන එක පුදුමයක් නෙමේ :D

      Delete
  6. මේ පොත මං පොඩි කාලේ කියවල තියෙනවා. ආයෙත් මතකය අළුත් වුනා..... :)

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      ලොකු කාලෙත් ඔන්න කියවන්න් සැලැස්සුවා :P

      Delete
  7. Replies
    1. @ Dulan Asiri Dalugama

      දෙව්ලොව කලබල පොත් නම් මා ගාව නැහැ මිත්‍රයා. ඒත් ඒ කතාව වෙන විදිහකට කියන්න ඉන්නවා. බලාපොරොත්තුවෙන් ඉන්නකෝ :D

      Delete
  8. මරු අහ්..

    ඒ කාලෙ පට්ට සුන්දරයි බං. අර තඩි අකුරු තියෙන කතා පොත් :)

    ReplyDelete
    Replies
    1. @ sAm (සෑම්)

      …මේවා තඩි අකුරු නෙමේ ලොකු මහත්තයා පොඩි අකුරු :)

      Delete
  9. Replies
    1. @ sanjeewa mendis

      තාත්තලාට ලොකු හයියක් නොවැ මෙහෙම කතන්දර කියන එක :D

      Delete
  10. මං හිතන්නේ මේකේ තව වර්ෂන් එකක් තියනවා මටත් එකෙක් දියෝ කියල හිවල් හාමි වලස් හාමි පස්සෙන් යන. වලස් හාමිට කන ඇහෙන්නේ නෑ.. හිතෙන්නේ කණ ඉල්ලනවා කියල.

    ස්තුතියි හසිත හාමි.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      මේ කතා ලංකාවේත් ගම කතාවලට සමාන පාටක් තියෙනවා. අයියට මතක ලංකාවේ වර්ෂන් එකද දන්නේ නැහැ. ආහ් රුසියාවේත් මේ වගේ කතා තියෙනවා :)

      Delete
  11. මාත් මන්නේ මැදලා ගන්න ඕනි දර පලන්න. බලන්නකො අර තඩි කොටේ පාන් කපනවා වගේ පලන හැටි.. :D
    //
    වෘකහාමි එළියට යනවා හිවල්හාමිට ඇහුණා. ඌ පෙට්ටියෙන් එළියට ඇවිත් හැළියෙන් අනෙක් කිකිළිත් ඩැහැ ගත්තා. // මේකේ අහසේ ඉන්න අශ්වයා හසිත දරුවගේ වැඩක් වෙන්ටැ.. :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      අශ්ව රූපේ පොතේම තමා තිබ්බේ අයියා :D ආහ් මන්න මොට්ටවීමේ වගකීම කතාකරුවා භාරගන්නේ නැත :P

      Delete
  12. මේ කතාවේ සිංහල වර්ශන් එකක් තියෙනවා වාගේ මතකයි.

    කොහොම උනත් අපුරු කතන්දරය මිත්‍රයා.....

    ReplyDelete
    Replies
    1. @ Manoj Fernando

      ලංකාවේ වගේම රුසියාවේත් මේ වගේ කතාවක් තියෙනවා වගේ මතකයි

      Delete
  13. මම නං මේ කතාව කියෙව්වේ අදමයි! ලස්සණ කතාව :) සමාවෙන්න, මට අර දංඩි පැටවු කතා පොත තාමත් හොයා ගන්න බැරි වුණෝ.

    ReplyDelete
    Replies
    1. @ ධාරා

      ආහ් එහෙමද ? කමක් නැහැ හොයාගත්තාම කියන්නකෝ. එතකොට ඉතිරි ටික සම්පූර්ණ කරන්න පුලුවන් අපිට :)

      Delete
  14. පුංචි කාලෙ මතක් වෙනව මේව බලද්දි.

    මමත් කියවල තියේ.....

    ReplyDelete
    Replies
    1. @ සසිනි ලක්මිණි

      නියමයි නියමයි :)

      Delete
  15. අනේ ෂෝක් බං.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      …තව ෂෝක් ඒවා තිබේ :D

      Delete
  16. ඉතින් ඊත පත්තෙ වුල්කහාමියි වලත්හාමියි ඉවල්හාමිව ඔයාගෙන ගියාත? වුල්කහාමියි වලත්හාමියි පවූ...

    ReplyDelete
    Replies
    1. @ හරී

      මොකෝ ලොකු මහත්තයා දත් හැලුණද :P

      Delete
  17. හසිත, ඔන්න පුත්‍රයට එයාටම කියවන්න දුන්නා කතාව. මිනිහා මුල සිට අගටම ආසාවෙන් කියෙව්වා. ඔය තමයි එයාගෙ මුල්ම බ්ලොග් අත්දැකීම. ඔන්න හසිතගෙ බ්ලොග් එක තමා පොඩි සෙන්නා ඉස්ඉස්සෙල්ලම කියෙව්වෙ.. :D

    කතාව කියවගෙන යද්දි, අතර මග ප්‍රශ්ණයක් ආවා;

    "තාත්තෙ මොකක්ද රහතන් කියන්නෙ" කියලා.

    උත්තරයක් තිබේද ? :D

    අර මූණු පොතේ තියනවා කියපු කතා ටිකත් හිමීට දාන්න බැරිද ? අපි වගේ අයට ඒක ලොකු උපකාරයක්.

    ReplyDelete
    Replies
    1. ඔන්න හසිතගෙ බ්ලොග් එක තමා පොඩි සෙන්නා ඉස්ඉස්සෙල්ලම කියෙව්වෙ..

      හපෝයි ළමයගෙ අනාගතේ!!!!:D

      Delete
    2. @ සෙන්නා

      …නියමයි නියමයි. දරුවාට නියමෙටම ඉගෙනීම පිහිටයි :) මොකක්ද අයියා මේ රහතන් කතාව ?? මටත් නිච්චියක් නැහැනේ.

      …මූණු පොතේ තියෙන කතා ටිකත් ඉස්සරහට දානවා. බිය නොවනු :D

      Delete
    3. @ වර්ෂා ( Rain_Girl )

      නරක් වෙලා තියෙයි. හ්ම්ම්ම් :P

      Delete
  18. අන්තිම චිත්‍රේ ලඟ ඉඳන් මෙහෙම තිබුනා නම් කතාව තවත් හොඳවෙයි. වයින් බීලා වැඩි වෙච්ච හිවල්හාමි සිංදු කියමින් එතනින් යනවා. එතකොට වෘකහාමියි, වලස් හාමියි එයාව අල්ලගෙන, ' මගේ කලු කිකිලියෝ කෑවා නේද' කියලා උස්සලා පොලවේ ගහනවා.

    ඔය හිවල්ලුන්ට එහෙම තමයි කරන්න ඕනේ.:)

    ReplyDelete
    Replies
    1. @ වර්ෂා ( Rain_Girl )

      නපුරාට බැස්ටිය දීම. ඒකත් නරක නැහැ :D

      Delete
  19. හසිත තාම සුරංගනා ලෝකේ වගේනේ. බහින්ට කල්පනාවක් නෑ වගේ.:)

    මාත් මේ විවේකයක් ලැබුනු වෙලාවේ, කෝපි එකක් බොන ගමන් වෘක හාමි. වලස් හාමි, හිවල් හාමි එක්ක එහේ මෙහේ දුවලා මහන්සිත් එක්ක. ඉතින් වැඩ කරන්නේ කොහොමද?

    කතාව ලස්සනයි. ආපහු ලමා කාලෙට ගියා.

    පේන්නේ නැද්ද හරීට වෙලා තියෙන දේ....:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      සුරංගනා ලෝකේ හිටිය කාලේ වැඩියි. නොලිය හිටිය කාලෙත් වැඩියි. ඔන්න ආයේ වැඩට බැස්ස :D

      Delete
  20. දැක්කද වෘක හාමි, හිවල් හාමි, වළස් හාමි යන චරිත හාමිලා වුනත්, කිකිළියෝ කුකුල් හාමිනේලා නොවී නිකම්ම කිකිළියෝ වුනේ එයාලා කෑමට ගන්න නිසා කියලා.

    අර වයින් බොන එකට කො‍ටු දාන්න වෙයි හසිත.

    ReplyDelete
    Replies
    1. මාවත් පොඩ්ඩක් මෙව්වා වෙලා ගියා එතනදි. කිකිළියන්ව උයාගෙන කන එක ගැන පොඩි උන්ට ප්‍රශ්ණ ඇති වෙනන් පුළුවන්. අපේ මෑන්ටනම් එහෙම ප්‍රශ්ණයක් පැන නැගුනෙ නෑ.. ඒ ගෙදර මස් කන නිසාද දන්නෙත් නෑ.

      Delete
    2. @ Henry Blogwalker

      ඔච්චර ජාති බලලා දැන් කතන්දර කියන්න බෑ වගේ. ලංකාවේ කතා එහෙම. අම්මෝ මතක් කරන්නත් බයයි වගේ :D

      Delete
    3. @ සෙන්නා

      පොඩි ළමයිට කතා කියන එක ලේසි නැහැ. විශේෂයෙන්ම තරුණ අපිට ඉස්සරහට හොඳ පාඩම් මේවා :D

      Delete
  21. හ්ම්ම් අපිත් චීන බසාව ඉගෙන ගත්තොත් හොඳයි වගේ..

    ReplyDelete
    Replies
    1. අපිට නං ඉස්සරහට ඉගනගැනීම අනිවාර්ය වෙනව. (චීන කොලනියක් උනාම)

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      අදහස හොඳයි අයියා. එතකොට කතාව නියම රසයෙන් කියවන්න පුලුවන්

      Delete
    3. @ රාජ්

      මේ දවස්වල වුණත් ඉගෙන ගත්තට වරදක් නැහැ. අපේ චයිනීස් කරපු එවුන් ඔක්කෝටම වගේ හොඳ හොඳ ජොබ් සෙට් වෙලා තියෙන්නේ :D

      Delete
  22. මේ කතාව නම් කියෝලා නැහැ . ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. @ Bindi

      පුදුමයි අක්කා කියවලා නැහැ කිව්වාම :)

      Delete
  23. ෂෝයි යා..
    අපේ ගෙදරත් පොතක් තිබුනා.කතාවේ රූප අපි පාට කරන්න ඕනි.
    "පාට කිරීමට චීන පොතක්" කියල ප්‍රින්ට් කරලා තිබුන මතකයි

    ReplyDelete
    Replies
    1. @ Pramudi

      එහෙම පොතුත් තිබ්බද ?? මම නම් දන්නෙත් නැහැ. හැබැයි දැන් ඉතින් ප්‍රමාද වැඩී :P

      Delete
  24. හිවල් හාමීයි වෘක හාමී අතර වෙනස මොකද්ද..දෙන්නම එකම සිව්පා කුලේ නේද?
    කොහොම වුනත් අප්‍රකට කතාවලට වැඩිය මේවා නැගලා යනවද කොහෙද?..;)

    ReplyDelete
    Replies
    1. හිවලා= කපටිකමේ සංඛේතය
      වෘකයා= පක්ෂපාතිබවේ සංඛේතය

      ලොකු වෙනසක් තියෙනවා

      Delete
    2. @ රූ....

      අක්කා අහන්නේ ජීව විද්‍යාත්මක වෙනසද ??

      අප්‍රකට කතාවලට වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවා මේකට වෙනම වගේ :)

      Delete
    3. @ uwiniran

      හොඳ හඳුනාගැනීමක් (Y)

      Delete
  25. මේ පොත මගේ ගාව තිබේ....

    ReplyDelete
  26. හසිත මලයා දිගටම අපිට කතන්දර කියලා දෙන පාටයි.. ඒක්කො ඒක හොදයි.. අපි තාමත් කැමතීනේ මේවට..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      තමන්ගේ හිතේ ඉන්න පොඩි එකා තමා ඇත්තටම මේවාට කැමති :)

      Delete
  27. අර පොඩ්ඩි අක්ක කියලා තියෙනව වගේ සුරංගනා ලෝකෙ චීන සයිඩ් එකෙන් බහින්න කල්පනාවක් නැද්ද ඈ... අපේ ලංකාද්වීපයෙත් ලස්සන සුරංගනා කතා තියෙනවනේ!!

    ReplyDelete
    Replies
    1. @ වර්ෂා ( Rain_Girl )

      ලංකාවේ ජනකතා බර ගාණක් තියෙන පොතක් තියෙනවා මා ගාව. වෙලාවක ඒවාත් ලියන්නම්කෝ එහෙනම් :)

      Delete
  28. අපේ හිතත් ලමා කාලෙට ගෙනිච්චා හසිත. හරිම ලස්සනයි කතාව. කලින් කියවලා තිබ්බට මතකය අලුත් වුණා ඔන්න.

    ReplyDelete
    Replies
    1. @ Chandi

      නියමයිනේ. නේරුතුමා කියලා තියෙනවා එයාගේ ළමා කාලය ආපහු දෙනවා නම් ඕනේ දෙයක් දෙන්න කැමතියි කියලා. ඉතින් මේ විදිහට හරි ඒ කාලෙට යන එක හොඳා....යිනේ :D

      Delete
  29. ලස්සන සිත් ඇදගන්න කතාවක් හසිත .......චිත්‍ර ටිකත් නියමයි..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      මේඩ් ඉන් චයිනා :D

      Delete
  30. ඉඳල හිටල මෙහෙම වත් සුරංගනා කතා කියවන්න ලැබෙන කොට ආයෙමත් බාල වියට හිත ගෙන යනවා. චින, රුසියානු සහ යුරෝපීය සුරංගනා කතා ලස්සනයි ඇත්තටම

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      මේ කතා කලාප කීපයක වුණාට සමානකමකුත් තියෙනවානේ අයියා. හැබැයි ලංකාවේත් මේ වගේ කතා නැතුවාම නෙමේ :)

      Delete
  31. මම කියවපු හොඳට මතක සුරංගනා කතා පොතක්. මේක අයෙත් මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      හිතේ පොඩි ළමයා තාම හොඳට දඟ කරනවා වගේ :D

      Delete
  32. ජීවිතේට හරි අපූරු පාඩමක් කියලා දෙන කතාවක්...
    මේකට ළමා කතාවක් කියලා කියන්න බැහැ, ජීවිතේ හැම වයසකදීම කියවන්න ඕන කතාවක් වගේ, එතකොට අපවටා තිබෙන සමාජය ගැන යම් වැටහීමක් එනවා.

    ReplyDelete
    Replies
    1. @ uwiniran

      අයියා කතාවෙන් සෑහෙන අවබෝධයක් අරගෙන වගේ

      Delete
  33. ඔය කියන මුද්‍රණද්වාරයෙන් පිට වෙච්ච ළමා පොත් සෑහෙන්න තියෙනවා...ඒ හැම එකකම ලස්සන චිත්‍ර තියෙන බවත් මතකයි. ළමා අවදියෙ අහපු මේ කථාව අද ආයෙමත් මතක් වුනා...කථාව පොඩ් උනාට එයින් ගන්න තියෙන ආදර්ශය සැමදා එකසේ වලංගුයි.

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      චීනගේ මොළේ හොඳයි නේද අයියා :D

      Delete
  34. දැන් "ආගිය කතා" කියන එක "සුරංගනා කතා" කියලා වෙනස් කරන්න වෙයිද? :P

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      නම ආගිය කතානේ සහෝදරතුමා. ඉතින් හැම එකම ටික ටික :D

      Delete
  35. මේ කතාව නම් මම අහල තියනවා හැබැයි ටිකක් වෙනස් විදිහට.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      කියමුකෝ බලන්න අයියා ඒ කතාවත්

      Delete
  36. මම ඔය පොත් කියවල තියෙනවා පොඩි කාලේ හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඔන්න ලොකු කාලෙදිත් කියවන්න ආයේ අරගෙන ආවා :D

      Delete
  37. එල එල නියම කතාව...මං නම් මේක අහලා නැද්ද කොහෙදෝ

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      දැන් දන්නවනේ :)

      Delete
  38. අහම්බෙන් මේ පෝස්ට් එක දැක්කෙ. මේ පොත තවම මාගාව තියනව ලංකාවෙ. පින්තූර දකිනකොට ආයෙමත් පුංචිකාලෙ මතක්වෙනව.

    ReplyDelete
    Replies
    1. @ රෝස කුමාරි

      පරිස්සමට තියාගන්න. බොහොම වටිනවා තවමත් තියෙන එක :)

      Delete
  39. ඕක මං නිකං අහල තියෙනව.. එතෙන්දි වෘක හාමි වලස් හාමි පස්සෙ පන්නන්නෙ,
    "ඔය දෙකෙන් එකක් දීපියෝ" කියල.. වලස් හාමි හිතන්නෙ කන් 2න් එකක් ඉල්ලනව කියල.. වෘකය ඉල්ලන්නෙ කිකිළියෙක් දෙන්න කියල.. :)

    ReplyDelete
    Replies
    1. @ YASITH (dot) NET

      ඒ ශ්‍රී ලංකන් වර්ෂන් එක වෙන්න ඕනේ :)

      Delete
  40. නියමයි . අයියා හෙනට මහන්සිවෙලා තියෙනවා .
    මරු මරු ... :)

    ReplyDelete
    Replies
    1. @ වයලීනෝ

      මේකට නම් එච්චර මහන්සි වුන්නෑ මලේ. රුක්ෂිලා අක්කා මේ ටික ෆේස්බුක් දාලනේ තිබ්බේ. දංඩි පැටවුන්ගේ කතාව දාන්න නම් මම තමා මහන්සි වුණේ පොත ස්කෑන් කරලා

      Delete
  41. හිවල් හාමි කපටියනේ :D :D

    ReplyDelete
    Replies
    1. @ රෙහානි

      හැමදාම එහෙමනේ :D

      Delete
  42. Replies
    1. @ සිංදුවා

      තැංකු තැංකු :)

      Delete
  43. වෘක හාමිනේලත් මට මුණ ගැහිලා තියෙනවා එකෙක් දෙන්නෙක්..:P

    ReplyDelete
    Replies
    1. @ ප්‍රාර්ථනා

      අත්දැකීමෙන් වගේ කියන්නේ :P

      Delete
  44. නියමයි. හසිත මාමගෙ ළමා කතන්දර!

    ReplyDelete
    Replies
    1. @ රාජ්

      තැන්කු රාජ් පුතේ :D

      Delete
  45. මම පොඩිකාලේ කියවල ,ගෙදර තිබුණු පොතක්, දැන් නම් පොත නෑ. ඔය පුස්තකාල පරිත්‍යගයකට දීල. කතාව මතක් කල එක හොදා, එල

    ReplyDelete
    Replies
    1. @ Kasun Charya

      මම නම් මැරෙනකම් මගේ පොත් කාටවත් දෙන්නේ නැහැ. මම ඒ තරමට පොත්වලට පෙරේතයි. පුස්තකාලවලට පොත් දීලා තියෙනවා. ඒ සල්ලිවලට අරගෙන මිසක් මගේ ගාව තියෙන පොත් නම් නෙමේ :P

      Delete
  46. හසිත අයිය දැං ඇයි ලියන්නෙ නැත්තෙ ?

    ReplyDelete
    Replies
    1. @ සමී

      පොඩි පොඩි වැඩ නිසා ටිකක් ලියවිල්ල ඇණ හිටියා. දැන් ආයි ලියනවා සෙනසුරාදා උදේ 7 ට එන්න මල්ලී මේ පැත්තේ :D

      Delete
  47. ඇයි ලියන්නෙ නැත්තෙ

    ReplyDelete
    Replies
    1. @ ranga

      ලියවිල්ල ඇණ හිටියා වැඩ රාජකාරි නිසා. ආයි දැන් ලියන්න පටන් ගත්තා. සෙනසුරාද උදේ 7 ට මේ පැත්තේ එන්න අලුත් පෝස්ට් එක කියවන්න :D

      Delete
  48. උඹගේ බ්ලොගයට අද තමයි මුලින්ම ආවේ. නැවත එන්නම්.ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. @ Chandana Gunasekera

      සාදරයෙන් පිළිගන්නවා :D

      Delete
  49. අන්තිම පෝස්ට් ටික මට මිස් උනේ ඇයි මලේ

    ReplyDelete
    Replies
    1. @ අටම්පහුර

      අනේ මන්දා අයියේ. ඒ කාලේ වෙද්දී අඩුවෙන් ලියවුණු නිසාද දන්නේ නැහැ :)

      Delete
  50. මේ පොත මගේ ලගත් තිබුනා එ් කාලේ චීන පොත් හරි ප්‍රසිද්ධයි ලස්සන්යි.

    ReplyDelete
    Replies
    1. @ ara

      ඇත්ත ඇත්ත. දැන් ඒ උද්‍යෝගය දැන් කාලේ ළමයින්ට ඇත්තේම නැහැ. ටීවි එකට වැඩියෙන් ඇලිලා. අනික ඒ පොත් එහෙමත් දැන් ඉස්සර වගේ නැහැ

      Delete
  51. මේ පොත මගේ ලගත් තිබුනා 1986-87 wage kaleka

    ReplyDelete
  52. ama phalaya pothai dewlowa kalabala pothai dapanko

    ReplyDelete
  53. අනේ තව කතාවක් ලියන්නකෝ....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................