Sunday, March 3, 2013

කෝ සින්දු සංගීතේ විතරද ???

චිත්‍රපටියක් සඳහා හරි එහෙමත් නැත්නම් ටෙලි නාට්‍යයක් සඳහා හරි සකස් කරන තේමා වාදනය කියන්නේ හරිම සිත් ඇදගන්නා සුළු එකක්. සමහර වෙලාවට ඒ චිත්‍රපටියට හරි ටෙලි නාට්‍යයටත් වඩා ජනප්‍රියත්වයක් තේමා වාදනය හිමි කරගන්න අවස්ථා නැත්තේමත් නැහැ. 

කාලෙක ඉදන් මගේ තිබුණු විනෝදාංශයක් තමා මේ වගේ තේමා වාදන රස විඳින එක. ඉතින් මට හිතුණා ඒවා ගැන පොඩි කතාවක් ඇති කරන්න. තව එකක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම තේමා වාදනයක් රස විඳින්න ගත්තාම ඒක මගේ phone එකේ ringing tone එක විදිහට දා ගන්නවා. එතකොට දවසට කීප වාරයක්ම ඒක අහන්නත් පුලුවන්නේ :)

මුලින්ම ගත්තොත් මම මේ දවස්වල රස විඳින තේමා වාදනයෙන්ම පටන් ගන්නම්.

ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටිය සඳහා  Hanz Zimmer කියන ජර්මන් ජාතික සංගීතඥයා නිර්මාණය කරපු තේමා වාදනය තමා මේ දවස්වල මම අහන්නේ. ඒ තේමා වාදනයේ තිබෙන විශේෂත්වය තමා විවිධ ශෛලීන් කීපයකින්ම ඒ තේමා වාදනය චිත්‍රපටිය පුරා යොදා තිබෙන ආකාරය.


මේත් ඒ වාදනයේම තියෙන තවත් වෙනස් ශෛලියක්


පහුගිය දවස්වල නරඹපු අපේ drama කරන set එක හදපු හෙවත් විසේකාරියෝ නාට්‍යය සඳහාත් මේ තේමා වාදනයේ ශෛලීන් කීපයම භාවිතා කරපු බව දැක්කා. තේමා වාදනයේ තියෙන අපූර්වත්වය නිසාම ඒ විදිහට භාවිතා කරන්න පුලුවන් වුණා කියන එක තමා මගේ අදහස.

Hanz Zimmer ගැන කතාවට ආපු නිසා එයා නිර්මාණය කරපු තවත් අපූරු ඒ වගේම මගේ සිත් ගත්තු තේමා වාදන කීපයක් ගැන කියන්නම්. Kung Fu Panda චිත්‍රපටිය අපි කාගේත් සිත් ගත්තු සජීවීකරණ චිත්‍රපටියක්. ඒ සඳහා Hanz Zimmer නිර්මාණය කරපු තේමා වාදනය තමයි මේ.


Mr. Bean නමින් ලෝ ප්‍රකට වුණු චරිතයට පණ දුන් රෝවන් ඇටික්සන් රඟන Johnny English චිත්‍රපටියේ තේමා වාදනය සඳහාත් Hanz Zimmer දායක වෙනවා. රොබී විලියම්ස් කියන සංගීතඥයත් ඒ සඳහා දායක වෙනවා.


Pirates of the Carribbean නමින් තිරගත වුණු චිත්‍රපටි සඳහාත් තේමා වාදනය නිර්මාණය කරන්නේ Hanz Zimmer විසින්ම තමා. මේ තේමා වාදනයත් හුඟක් වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති. 



ඒ හැරෙන්න ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු චිත්‍රපටිය සඳහා නිර්මාණය කළ මේ තේමා ගීතයටත් මම කැමතියි. ලීසා ජෙරාඩ්ද මේ සඳහා දායක වෙලා තියෙනවා. 


ටොම් කෲස් රඟපාන Mission Impossible චිත්‍රපටි මාලාවේ තේමා වාදනය හුඟක් අය ප්‍රිය කරන එකක්. රූපවාහිනියේ 1960 දශකයේදී විකාශය වුණු Mission Impossible ටෙලි නාට්‍යය මාලාව සඳහා Lalo Schifrin නිර්මාණය කරපු මේ තේමා වාදනය Mission Impossible චිත්‍රපටිය සඳහා Adam Clyaton සහ Larry Mullen Jr. සකස් කළා. ඒ තේමා වාදනය විවිධාකාරයෙන් භාවිතා වෙනවා දැකගන්න පුලුවන්.


විවිධ මායාකාරී බලවේග මැඩලන්න, පිසාචයන් මරා දමන්න කටයුතු කරන පුද්ගලයෙක් වටා නිර්මාණය වුණු Van Helsing චිත්‍රපටියත් බොහෝ දෙනාගේ සිත් ඇදගත් එකක්. එහි තේමා වාදනය නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකන් ජාතික සංගීතඥ Alan Silvestri


ස්කෝට්ලන්තයේ සිටි වීරවරයෙක් වුණු විලියම් වොලස්ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කෙරුණු Braveheart චිත්‍රපටිය සමහර විට මතක ඇති. ඔස්කාර් සම්මාන කීපයක්ම දිනාගත්තු මේ චිත්‍රපටියේ තේමා වාදනය නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ James Horner විසින්. මේ තේමා වාදනය නම් බොහෝ වෙලාවට රූපවාහිනියෙන් ඔබ අසා ඇති.


Indiana Jones නම් චිත්‍රපටි මාලාවත් ලෝ ප්‍රකට චිත්‍රපටි මාලාවක්. එහි Indiana Jones and The Temple of Doom චිත්‍රපටියේ බොහෝ දර්ශන රූගත කෙරුණේ ලංකාවේ. ලංකාවේ ප්‍රවීණ නළු නිළියන් කීප දෙනෙකුත් එහි රඟ පානවා. ඉතින් මේ චිත්‍රපටියේ තේමා වාදනය නම් ඉතාමත් සුපුරුදු එකක්. ඇමරිකන් ජාතික සංගීතඥ John Williams විසින් නිර්මාණය කරපු මේක බොහෝ ත්‍යාග හෝ සම්මාන ප්‍රදාන උත්සවයන්හිදී වාදනය කෙරෙනවා.


ජේම්ස් බොන්ඩ් කියපු ගමන් අපේ මතකයට එන රහස් පරීක්ෂකවරයෙක්ගේ ක්‍රියාදාමයන් ඇතුළත් වෙන James Bond චිත්‍රපටි මාලාවේ තේමා වාදනයත් ඔබට මතක ඇති. මේ දක්වා James Bond චිත්‍රපටි 23 සඳහාම මේ තේමා වාදනය භාවිතා වෙලා තිබෙනවා. Monty Norman විසින් මෙය නිර්මාණය කරලා තිබෙනවා. 


මෑත කාලයේ සිරස TV එකේ විකාශනය වුණු Pink Panther Cartoon එක හුඟ දෙනෙක්ට මතක ඇති. ඒ cartoon එකේ වගේම The Pink Panther චිත්‍රපටියේත් තේමා වාදනය වුණු මේක නිර්මාණය කළේ ඇමරිකන් ජාතික සංගීතඥ Henry Mancini විසින්.


හිතාගන්න අමාරු අරුම පුදුම සිදුවීම් ගැන කතා කරපු X-Files කතා මාලාව ගැන හැමෝම වගේ දන්නවනේ. ඒ සඳහා ඇමරිකන් ජාතික සංගීතඥ Mark Snow නිර්මාණය කරපු තේමා වාදනයත් කතාවටම ගැලපෙන විදිහට අද්භූත බවකින් යුක්ත වෙනවා.


මායාකාරී බලවේගයක් තිබුණු මුද්දක් වටා ගෙතුණු Lord of The Rings චිත්‍රපට මාලාවත් හරි ප්‍රසිද්ධ එකක්නේ. නපුරේ ජයග්‍රහණය පරද්දන්න කුරුමිට්ටෝ, අසුරයෝ, සුරයෝ වගේම මිනිස්සු එකතු වෙලා කරන සටන වගේම නපුරට සහයක් ලබාදෙන්න හැකිවෙන බලවත් මුද්ද විනාශ කිරීම ගැන තමා මේ චිත්‍රපට මාලාවේ කොටස් 3 පෙන්වන්නේ.

කැනඩා ජාතික සංගීතඥ Howard Shore තමා මේ චිත්‍රපටිය සඳහා සංගීතය නිර්මාණය කළේ. මේ චිත්‍රපටියේ තියෙන වාදන කීපයකටම මම කැමතියි.



ඊළඟට ජාතික රූපවාහිනියේ විකාශය වුණු ෂර්වුඩ්යේ රොබින්හුඩ් නාට්‍ය මාලාව සඳහා භාවිතා වුණු වාදනයන් ගැන කතා කරන්න ඕනේ. ඒක වෙනමම සටහනක් විදිහට තමා කියන්න ඉන්නේ. මොකද ඒක මට ඒ තරමට රසවත්

ප.ලි.: තර්ක පිට තර්ක, ප්‍රශ්න පිට ප්‍රශ්න යන සටහන් ලියලා හති වගේ :D

119 comments:

  1. තේමා වාදන....

    චිත්‍ර පටියක නැත්නම් ටෙලි නාට්‍යයක ලොකු කාර්‍යයක් කරන පුද්ගලයෙක් තමයි සංගීත අධ්‍යක්‍ෂක. දඬුබස්නාමානය කතාවේ වාදනය මතකද? ඒක බලන කාලේ අපි ඉස්කෝලේ යනවා. අන්තිම කොටස් ටික යද්දී අපේ ගෙදර ටීවී එක කැඩිලා. ළඟ ගෙදරකට ගිහින් බැලුවේ. ඔය තේම් මියුසික් එක රෙකෝර්ඩ් කර ගන්න ඕනි නිසාම අපේ ගෙදර කැසට් එක එහෙ ගෙනිහින් ටීවී එක ගාව තියලා තමයි රෙකෝර්ඩ් කළේ.(එහෙ කැසට් එකක් නෑ.)

    කොහොමද පිස්සුව. තේමා ගීතත් මරු. පිස්සු පූසා කොහොමද?

    පස්සේ දාන්න හිතාගෙන හිටපු ඉංග්‍රීසි වචන ටිකක් මග හැලිලා වගේ......

    ReplyDelete
    Replies
    1. හුටා... මං ලියලා තියෙන්නේ ලෝකල් එව්වා ගැනනේ.... :P
      ඒ අස්සේ එකත් වෙලා තියෙන්නේ.. :D

      Delete
    2. @ AKM

      පස්සේ දාන හිටිය හැලුණු ඉංග්‍රීසි වචන කෑලි ටික ඔන්න එබුවා. මේ ඔක්කොම ෆොරින් ඒවා. ලංකාවේ ඒවාත් ගැන කියන්න ඕනේ කියලා හිතුණා මේවා ටික දැක්කාම. ඒ අතින් බලද්දී භාගෙට භාගයක් කේමදාස මාස්ටර්ගේනේ. නිධානය, අග්නිදාහය, දඩුබස්නාමානය, අකාල සන්ධ්‍යා වගේ හොඳ සෙට් එකම එයාගෙනේ :)

      තරඟ නොකරන්නාට තරඟයක් නැහැනේ. එක වෙන එක ඉතින් හරි ලේසියි එතකොට :D

      Delete
  2. මේ ටික නම් නියමයි. ප්‍රශ්නේ මේකත් කොපි කරයිද ? :P

    ReplyDelete
    Replies
    1. @ රාමා

      ඒක නම් කියන්න බැහැ. කොපි කළත් වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි :D

      Delete
  3. "තව එකක් කියන්න ඕනේ සාමාන්‍යයෙන් මම තේමා වාදනයක් රස විඳින්න ගත්තාම ඒක මගේ එකේ එක විදිහට දා ගන්නවා. එතකොට දවසට කීප වාරයක්ම ඒක අහන්නත් පුලුවන්නේ. " තේරුනේ නෑ..

    ඔව්වා බලන්නේ කොහොමද අප්පා අපේ දුප්පත් ජංජාලෙන්..

    තේමාව හිතෙන් මවන් ලිපිය කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. phone, ring tone කියන වචන හිස් තැන් වලට දාගන්න හරී.

      Delete
    2. @ හරී

      දැන් ප්‍රශ්නය හරි ගැස්සුවා. AKM කිව්වා වගේ වචන කීපයක් මග ඇරිලා තිබ්බේ. තේමා සංගීත හිතෙන් මවාගෙන නම් කියෙව්වාට හරියන්නේ නැහැ. අහලාම බලන්න වෙනවා. සංගීතය කියන්නේ අහන්න ඕනේ එකක් නොවැ :D

      Delete
  4. කාටත් නොහිතෙන අපුර්ව වැඩක්නේ ඔයා කරලා තියෙන්නේ.. මේ පැත්තට අපේ දැස් විවර කළාට තුති.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      සංගීතය කියන්නේ අපේ ඇඟේ තියෙන දෙයක්නේ අයියා

      Delete
  5. මම කැමතිම තේමා ගීතයක් තමයි One tree hill වල තේමා ගීතය

    ReplyDelete
    Replies
    1. @ Charmie Guruge | චාමි ගුරුගේ

      ඒකත් හොඳයිනේ (Y)

      Delete
  6. Replies
    1. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      සන්තෝෂයි සන්තෝෂයි

      Delete
  7. මම මේ සෙට් එකෙන් ආසම ඒවා තමයි ජේමිස් බණ්ඩා ගේ එකයි mission impossible එකයි..පොදාක් බලන්න ජේමිස් බණ්ඩා ගේ එකෙයි මිස්ටර් බින් ගේ එකෙයි පොඩි සමානාත්මතාවයක් තියනවා!

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      අනිවා. ජේමිස් බණ්ඩා ගේ එකයි mission impossible එකයි අහද්දී නිකම් ඇඟ කිලිපොලන ගතියක් වගේ එකක් එනවා. රහස් පරීක්ෂක ගතිය. මිස්ටර් බීන්ගේ ජොනී ඉංග්ලිෂ් ෆිල්ම් එකත් රහස් පරීක්ෂක ටයිප් එකේ නිසා ජේමිස් බණ්ඩා මියුසික්වලට සමාන වෙන්න ඇති

      Delete
  8. ආසම මාතෘකාවක්! ඔය සේරම මාත් හොඳට රස විඳින ඒවා. සමහර ඒවා කොයි තරම් ආයෙ ආයෙ පාවිච්චි වෙලාද කියනවනං ඒව මුලින්ම ඇහුවෙ කොහෙන්ද කියල මතකත් නැති තරම්. රොබින් හුඩ් එකේ ‍සංගීත ඛණ්ඩ ගැන නං වෙනමම ලියන්න තරං දේවල් තියෙනවා තමයි! :-)

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      අයියාගේ ප්‍රතිචාරය මම බලාපොරොත්තු වුණු එකක්. මීට කලිනුත් සංගීතයෙන් ලොව දිනූ කල්ලන් කියන පෝස්ට් එකටත් අයියා හොඳ අදහස් ටිකක් එකතු කරලා තිබුණා මතකයි. රොබින් හුඩ් සංගීත ඛණ්ඩ ගැන ලියන සටහනට අයියාගේ එකතු කිරීම් එහෙම බලාපොරොත්තු වෙනවා.

      Delete
  9. මිශන් ඉම්පොසිබල් තේමා වාදනය නිර්මානය කරන්න අරගෙන තියෙන්නේ විනාඩි කීපයක් බව අහලා තියෙනවා...

    හැන්ස් සිමර් ගේ සංගීතය අග්‍රගණයයි...හෑන්ස් සිමර් යනු රහුමාන් මෙන් ලේ වල සංගූතය දුවන කෙනෙක්

    ReplyDelete
    Replies
    1. @ Mayya

      විනාඩි කීපයෙන් නිර්මානය කළත් ඒකේ තියෙන කික් එක නියමයිනේ. හෑන්ස් සිමර්ගේ කතාවට එකඟයි. මට විශේෂයෙන්ම ඔහුව හිතට ඇල්ලුවේ කුංග්ෆු ෆැන්ඩා සඳහා ඒ රටේ දේශීය සංගීත උපකරණ භාවිතා කරගෙන ඔහු සංගීතය නිර්මාණය කරන්න තරම් දක්ෂයෙක් වුණු නිසයි

      Delete
  10. හසිතගෙ තවත් පැත්තක් මම අද දැක්කා.

    මමත් ආසයි මේ ඔක්කොටම වගේ. අනික X Files, Mission Impossible වගේ තීම් ලේ වලට කාවැදිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ Dude

      අපි ඕල් රවුන්ඩර්ස්ලානේ අයියා :D

      මිෂන් ඉම්පොසිබල් වගේ සංගීත ලේවලට කාවැදුණු තරම කියන්නේ ඉස්සර ෆයිට්වලට යද්දිත් කටින් ඒ මියුසික් එක දාගෙන යන්නේ :P

      Delete
  11. මේවලින් මම වැඩිපුරම කැමති Braveheart සහ x-files තේමා වාදනයන්ට. මේවා නැවත නැවත එක දිගට වුනත් අහගෙන ඉන්න පුලුවන්. ඒත් ඉන්ටර්නෙට් මේ තරම් ජනප්‍රිය නැති කාලේ රොබින්හුඩ් එකේ සියලුම ගීත හා වාදනයන් හොයන්න වෙච්ච මහන්සිය දන්නෙ මම විතරයි. :D

    ReplyDelete
    Replies
    1. සිරාවට බං. කියල වැඩක් නෑ ඒකනං. 2001දි විතර ඕපන් ආක් එකේ ක්ලාස් යද්දි තමයි ඔය ටික මට ආයෙ අහන්න ලැබුණේ. ඒ දවස්වල සීඩී එකකුත් රුපියල් අසූවක් විතර ඇති. අන්තිමේ ඒක රොෂාන් සර්ට කියල ඒක රයිට් කරවගත්ත. පොරත් ඒවයෙ රස දන්න නිසාද කොහෙද හිනා වෙලා දාල දුන්න. මම ඒක ගන්න එක වෙනුවෙන්ම සතියෙ දවසක උදේ නිවාඩුවක් දාල එතනට ගියා. මොකද ලොකු බයක් තිබුණ ඒ සර්වර් එකේ හාඩ් එකවත් ක්‍රෑෂ් වෙලා සින්දු ටික නැති වුණොත් කියලා :-)

      Delete
    2. මොකද ලොකු බයක් තිබුණ ඒ සර්වර් එකේ හාඩ් එකවත් ක්‍රෑෂ් වෙලා සින්දු ටික නැති වුණොත් කියලා :-)// මේ මොනවා කියනවද දැනටත් මම ඔය ටික ෆෝන් එකේ කොම්පියුටරේ විතරක් නෙමේ සිඩී එකකත් නැත්පත් කරලයි තියෙන්නෙ..... :D

      Delete
    3. අප්පා .. කියලා වැඩක් නෑ.. රොබින් හුඩ් එකේ සින්දුව මුලින්ම ‌ෆොන් එකට දාගත්තේ අර පොලිපොනික්ද මොකද්ද කියලා ආපු සිස්ටම් එකට.. ඒක දාගන්න වෙච්ච මහන්සියක්.. හි හි

      Delete
    4. ඒ කාලේ නොකියා 3310 ෆෝන් තිබ්බ අය රජකරගෙන හිටියේ ඔය රිගින් ටෝන් එකයි මිෂන් ඉම්පොසිබල් එකයි දාගෙන නේ

      Delete
    5. @ බුද්ධි

      Braveheart තේමා වාදනය ගැන කිව්වොත් මම ඒ තේමා වාදනය අහලා තිබුණත් ෆිල්ම් එක බැලුවේ මෑතකදී. ඒ තේමා වාදනය පට්ටෙටම හිතට වදින්නේ ෆිල්ම් එක බැලුවාම කියලා තමා මගේ අදහස. x-files ගැන කියන්න දෙයක් නැහැ. ඇහෙද්දිත් නිකම් පිටසක්වලයෝ එනවා කියලා තමා හිතෙන්නේ. රොබින්හුඩ් නම් අසම සමයි. ආයේ කතා දෙකක් නැහැ.

      රොබින්හුඩ්ලාට ඒ සංගීතය වටිනවා තමා :P

      Delete
    6. @ hare :-)

      අයියගේ සංගීත ලෝලීතවය නම් මාරයි ආහ් :P

      Delete
    7. @ හිරු, බුද්ධි

      ඔය දෙකම පොලිපොනික් අහලා නැති නිසා හිතෙන් මවාගන්න ට්‍රයි කළා. මිෂන් ඉම්පොසිබල් තීම් එක නම් අවුලක් නැතුව ඇති. ඒත් රොබින්හුඩ් තීම් එක පොලිපොනික් අහද්දී මෙලෝ රහක් නැතුව ඇති නේද ??

      Delete
  12. අහලා තියනවද bombay theme එක

    ReplyDelete
    Replies
    1. පොඩිකාලේ රේඩියෝ එකේ news යනකොට ගහපු වාදනේ කොහොමද

      Delete
    2. @ සුජියා

      බොම්බේ තීම් එක නම් මොකක්ද කියලා හරියටම මතක් වෙන්නේ නැහැ. නිවුස්වලට කලින් යන මියුසික් එක නම් තාම යනවනේ. නියමම ගතියක් තියෙන්නේ

      Delete
  13. ඩුඩා දැක්ක හසිතගේ තවත් පැත්ත මටත් පෙනුණා. මොකද මමත් රහස් පරීක්ෂණ කතා පිස්සෙක් නිසා. මගේ ඇඟේ ඒ ගතියක් තියෙනවා කියල මට හිතිලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම මේ දවස් වල මගේ රිඟින් ටොන් එකට දාගෙන ඉන්නේ කයි පෝ චේ කියන හින්දි තේමා ගීතය. කයි පෝ චේ කියන්නේ චේතන් භාගත් නැමති නවකතා රචකයාගේ 3 mistakes of my life කියන ක්‍රිකට් උන්මාදය ගැන ලියවිච්ච කතාව පදනම් කරගෙන හදපු චිත්‍රපටිය. චේතන් භාගත් කියන්නේ ඉන්දියාවේ තාගොර්ගෙන් පසු ජනප්‍රියම රචකයා බව ජාත්‍යන්තරව පිළිගෙන තිබනවා. මට මේ පිස්සුව බො කරේ අපේ හිරුවා. මේ දවස් වල මම කියවන්නේ ඔහු ලියපු 2 states නමැති ඔහුගේ විවාහයේ කතාව. හරිම රසවත්.

      Delete
    2. හි හි... පිස්සුව තාම තියෙනවා නේ....

      Delete
    3. @සු දී ක - 2 states චිත්‍රපටිය එනවා මේ අවුරුද්දෙ

      Delete
    4. @ සු දී ක

      අපි එක පාර ඔක්කොම පැති පෙන්නන්නේ නැහැ අයියා :P චේතන් භගත්ගේ පොත්වලින් හදපු ත්‍රී ඉඩියට්ස් විතරයි බලලා තියෙන්නේ. අනික් ෆිල්ම්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්න උවමනාවක් තිබුණත් මේ දවස්වල හාඩ් එක පිරෙන්න ෆිල්ම්ස් තියෙන නිසා. ඉස්සෙල්ලා ඒ ටික ඉවරයක් කරගන්න ඕනේ අයියා.

      Delete
  14. මම ආසම තීම් සෝන්ග් වලට පිනක් පැන්තර් වගේම පොස්ට්මන් පැට් (1980) වර්ෂන් එක තියනවා. අදටත් මම ඔය දෙක අහනවා ඉඳහිට.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      පෝස්ට්මන් පැට් තීම් එකත් නියමයිනේ (Y)

      Delete
  15. මං ආසම Pink Panther එකයි... නයිට් රයිඩර් තීම් සෝංග් එකයි

    ReplyDelete
    Replies
    1. @ YASITH (dot) NET

      නයිට් රයිඩර් තීම් එක මිස් වුණානේ

      Delete
  16. එදා මෙදාතුර මගේ ආසම තේමා වාදන දෙක තමයි එක්ස් ෆයිල්ස් සහ රොබින් හුඩ් වල තිබ්බ මියුසික් දෙක... ෂර්ලොක් හෝම්ස් ඊළඟට ඉනනේ...

    ඒ වගේම අර ඉන්ඩියානා ජෝන්ස් එකේ එකටත් ආසයි... ඒ උනත් ඒක දැක්කම මට හැමතිස්සෙම ෆිල්ම් එක කරපු උන්ගේ හොම්බ තලන්න හිතෙනවා.. එක්කෝ මේ මිනිස්සු තාම හිතං ඉන්නේ ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා... නැත්තම් මොකටද ඉන්දියාවේ මිනිස්සු සිංහල කතා කරන සීන් දාන්නේ... අනේ මන්දා... හැබැයි මං ඒ ෆිල්ම් එක‌‌ට හෙන ආසයි... හි හි..

    සුදීක අයියා කිව්වා වගේ අපේ පරම්පරාවට රහස් පරික්ෂක උණක් තිබුනා.. තාමත් තියනවා වගේ බලද්දී... හි හි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටියේදී වෙලා තියෙන්නේ; ඔය ලංකාවේ තියෙන දර්ශනේ රූ ගත කරන්න ඉඳල තියෙන්නේ ඉන්දියාවේ, නමුත් හින්දු ආගමික බලපෑමක් නිසා එකට ඉඩ දීලා නෑ. නමුත් කොහොම හරි දර්ශණය අවශ්‍ය හින්ද ලංකාවේ රූ ගත කරලා තියෙනවා.
      සිංහල කියන්නේ උතුරු ඉන්දීය(ඉන්දු-ආර්ය) භාෂාවක් නිසාත් ලංකාවේදී සපයාගත හැකිවූ නළු නිළියන්ට 'හින්දි' කතා කරන්ඩ පුහුණු කරන්ඩ කල් ගතවෙන නිසාත් විශේෂයෙන්ම ඉලක්කගත බටහිර ප්‍රේක්ෂකයා(බහුතර) හින්දි සහ සිංහල භාෂාවල වෙනසක් නොදන්නා නිසාත්, චිත්‍රපටියේ එම දර්ශණ වලදී "සිංහල" භාෂාව යොදාගෙන තියෙනවා.
      (ඉන්දියාව සහ ලංකාව අතර වෙනස නොදන්න මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවලු)

      Delete
    3. //ඉන්දියාව සහ ලංකාව අතර වෙනස නොදන්න මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවලු//

      වෙනසක් දැනෙන්න තරම් දෙයක් අපි කරල තියනවායැ , ඔන්න ක්‍රිකට් ගහන රටවල උන් නම් වෙනස දන්නවා . දකුණු ඇමරිකානු මහාද්වීපේ එහෙම ඔය වෙනස දන්න උන් ප්‍රමාණය නොදන්න උන්ට වඩා බොහොම අඩු ඇති

      Delete
    4. ඔන්න ලෝකයා අපි ගැන දන්න තරම.බලන්ඩ මේ .වීඩියෝව

      Delete
    5. @ හිරු

      ස්වදේශික ජනතාව ඉන්න අනික් පිටරට ෆිල්ම්ස් බලද්දී සබ් තිබුණේ නැත්නම් අපි අලි අමාරුවකනේ වැටෙන්නේ. ඒත් ඉන්ඩියානා ජෝන්ස් ටෙම්පල් ඔෆ් ඩූම් බලද්දී අවුලක් නැහැනේ. අපිට තේරෙන සිංහලෙන්නේ කතාව යන්නේ :)

      කාලි මෑණියන්ට අපහාස වෙන සීන් එකක් නිසානේ ඉන්දියාවේ ඒ ෆිල්ම් එක කරන්න බැරිවුණාය කියන්නේ

      රහස් පරීක්ෂන උණ ආයේ බෝවුණේ චන්දන මෙන්ඩිස් මහත්තයා ෂර්ලොක් හෝම්ස් කතා පරිවර්තනය කරන්න පටන් ගත්තු එක නිසා

      Delete
    6. @ Saman Lankathilaka

      මේ තියෙන්නේ හොඳටෝම පැහැදිලි කරලා. ස්තුතියි මේ කරුණු ටික එකතු කළාට.

      Delete
    7. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      අනිවා. ළිං මැඩි මානසිකත්වයෙන් ඉන්නකම් ඕක තේරෙන්නේ නැහැ :(

      Delete
    8. @ අසරණයා

      අප්‍රිකාව ඉතින් අඳුරු මහද්වීපයනේ

      Delete
    9. @ දිනුක

      අයියෝ සල්ලි කිව්වාලු. මේවා දකින්න ඕනේ විශේෂම කට්ටියක් ඉන්නවා :P

      Delete
  17. තේමා වාදනයක් කියන්නේ කවදාවත් අමතක වෙන්නේ නැති එකක්. මම මේ තව අනික් ඒවා කල්පනා කරනවා...:)

    මොකක්ද අනේ මේ 'විසේකාරියෝ' කියන්නේ? :D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      විසේකාරියෝ කියන්නේ අපේ ඩ්‍රාමා set එක හදපු ඩ්‍රාමා එකක්. ඒක ග්‍රීක නාට්‍යයක් මට මතක විදිහට ඇරිස්ටොෆනීස්ගේ. නාට්‍යයේ ඇත්ත නම ලයිසිස්ට්‍රාටා. පිරිමින් යුද්ධය නවත්තනකම් ඔවුන් එක්ක ලිංගිකව එකතු වෙන්නේ නැහැ කියලා කාන්තාවෝ කරන අරගලයක් ගැන තමා ඒකෙන් කියන්නේ :D

      Delete
  18. ඔය ඔක්කොටම මම කැමතියි.

    හපොයි කියන්ට ඕනි උනේ 'James Bond' එකේ තේමා වාදනය ගැන. ඒ ගැන කියලා නෑනේ. :D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      ජේමිස් බණ්ඩා තේමා වාදනය ගැන කියලා තියෙන්නේ. දැක්කේ නැද්දෝ :P

      Delete
  19. මම ආසම පින්ක් පැන්තර්, එක්ස් ෆයිල්ස්, මිෂන් ඉම්පොසිබල්යි අර පයිරේට්ස් එකටයි.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @ අඩවි රජ

      අර පයිරේට්ස් කිව්වේ අලුත් ෆිල්ම් එකක්ද රජෝ :P

      Delete
  20. අපූරු මාතෘකාවක් මලේ...

    මලයා කියල තියෙන ඒවයෙන් මං නං හුඟක්ම ආස කරන්නේ X Files සහ Mission Impossible තේමා වාදනයන්ට.... ඊට අමතරව තවත් මං ගොඩක් ආස කරන තේමා වාදන කිහිපයක් පහළින් සටහන් කරන්නං....

    * Star Wars - http://www.youtube.com/watch?v=EjMNNpIksaI
    * Star Trek - http://www.youtube.com/watch?v=8hvJ9SukDsk
    * Knight Rider - http://www.youtube.com/watch?v=GbfVmzF7N4g
    * Air Wolf - http://www.youtube.com/watch?v=nIoSPevvsds

    Robin Hood ගැන සඳහන් නොකළේ මලයා ඒ ගැන වෙනම ලිපියකින් කියන්න යන හන්දා... ඒ කාලේ ඔය Knight Rider, Air Wolf සහ Robin Hood තේමා වාදන ඇහෙද්දි කොයි ලෝකේ හිටියත් රූපවාහිනිය ගාවට දුවපු හැටි තාමත් මතකයි.... ඒ වගේම Sherlock Holmes චිත්‍රපටියේ අවසානයේදි ගැයෙන "Rocky Road to Dublin" (by The Dubliners - http://www.youtube.com/watch?v=C1W8KKPmlm4)වාදනයත් මම මෑතකදි ඉතා ආසාවෙන් රසවිඳපු එකක්...

    ඒ වගේම හරිම ආසාවෙන් රසවිඳින තවත් තේමා වාදන කිහිපයක් තියෙනවා... හැබැයි මේවා වීඩියෝ ක්‍රීඩා සඳහා නිමැවුණු තේමා වාදන.... හරියටම කියනව නම් මේවා "Epic Theme Songs"...

    * Mass Effect - http://www.youtube.com/watch?v=yVm_ljDSdwA
    * Crysis - http://www.youtube.com/watch?v=fiAyvV1XefY
    * Halo - http://www.youtube.com/watch?v=Z5yVOFokLVY

    තව ඒව මං මේ කල්පනා කරනවා... මතක් වුණොත් සටහන් කරන්නම්...
    ජය !

    ReplyDelete
    Replies
    1. @ sansarasidu

      නියමයි අයියා. මදි නොකියන්න තව ටිකක් එකතු කරලා. රොබින් හුඩ් ගැන ඊළඟ ලියනවා.

      ෂර්ලොක් හෝම්ස් film එකේ නම් පොදුවේ ඔක්කෝම වගේ හොඳයි තමා. වීඩියෝ ගේම්ස් ටිකේ තේමා වාදන ටිකත් මරු ආහ් :)

      Delete
  21. මාත් ආසම තේමා වාදන ටිකක් මෙතන තියෙනවා.... ඕවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      ඇත්ත ඇත්ත. ඒවායේ විශේෂය තමා කොච්චර ඇහුවත් එපා නොවෙන එක

      Delete
  22. Hanz Zimmerගෙ තීම් එකක්නං ඉතිං අහන් දෙයක් නෑ..
    එල තමා.....
    ෆිල්ම් එකක තීම් එකක් නොවුනත් මං ආසයි ඕල්ඩ් ස්පයිස් ආෆ්ටර් ෂේව් එකේ තීම් එකටත්...

    ReplyDelete
    Replies
    1. @ තරියා

      ඕල්ඩ් ස්පයිස් ආෆ්ටර් ෂේව් එකේ තීම් එක හම්බුණේ නැහැනේ මලයා. ලින්ක් කෑල්ලක් දෙන්නකෝ බලන්න

      Delete
  23. අඩේ මාත් ආසම ටිකක් තියනවා

    ReplyDelete
  24. මමත් කැමති වාදන කිහිපයම තිබුනා.

    ස්තුතියි මචං මේ ටික එකම තැනකට එකතු කලාට.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      තව ඒවා එකතු වෙමින් පවතිනවා :)

      Delete
  25. ඔන්න ඔහොම කට්ටියම තමන් කැමති තීම් තියේනං මේකටම එකතු කලානං එක තැකනකිං සේරම!

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      ඇත්ත ඇත්ත අයියා. දැනටමත් කීපයක් එකතු වෙලා තියෙන්නේ

      Delete
  26. කියල වැඩක් නෑ මගෙත් විනෝදාංශෙ මෙවන් අපූරු දේවල් විඳීම.. ලංකාවෙනම් තේමා වාදන සඳහා මාස්ටර් වුනේ කේමදාසයන් සහ සරත් දසනායක. අයේ දෙකක් නෑ මෙන්න තේමා සංගිතය කියලා වැඩ පෙන්නුවා. නාධානය , ගොලු හදවත, බඹරු ඇවිත්, තුන්වැනි යාමය කේමදාස කළා වගේ එක්ටැම්ගේ, දුහුලු මලක්, එයා දැන්ලොකු ලමයෙක්,බිතුසිතුවම්, සරත් දසනායක වැඩ පෙන්නුවා..මොන හේතුවක් නිසා හෝ කේමදාස නම ලෝකයටම ගියා ඒත් සරත් දසනායක ලංකාවටත් ඉන්දියාවටත් සිමා වුනා..

    මම කතා කලේ අපේ දෙන්නෙක් ගැන

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      ඇත්ත තමා සරත් දසනායකට වඩා කේමදාස ඉදිරියට ගිය බව හැබෑව. පස්සේ කාලේ අග්නිදාහය, අකාල සන්ධ්‍යා, දඬුබස්නාමානය වගේ ඒවා හරහාත් කේමදාස ඉදිරියට ආවා.

      Delete
  27. මමත් tone එකට ඔය වගේ එක එක එව්වා දැම්ම.දානවා.මම අසම tone එක තමයි වෙරලියද්ද කියන "නංගිට බැදපු මල වියනයි"

    ReplyDelete
    Replies
    1. @ rnagi kella

      වේරලියැද්දේගේ මල් වියනෙන් සිංදුවත් නියමයිනේ. ඒකේ රැප් එක වගේ කොටසත් නියමෙටම නියමයි

      Delete
  28. ඇයි බං 'කෝපි කඩේ' තේමා වාදනේ කාටවත් අමතක වෙන එකක් නෑ ඕං.රොබි හුඩ් එකේ තේමා වාදනේ සහ අනිත් සංගීත ඛණ්ඩ ඔක්කොම පට්ටයි.හාප් එකක් දමාගෙන ගහනවා ඒකේ වීඩියෝ එකක දැක්කා.පට්ටයි.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      කෝපි කඩේ ගැන නම් කතා දෙකක් නැහැ. කෝපි කඩේටම සෙට් වෙනවා. රොබින් හුඩ් එකේ තේමා වාදන ටික එයාලා මෑත කාලේ කොන්සර්ට් එකකදී ලයිව් ප්ලේ කරන එක වෙන්න ඕනේ oya දකින්න ඇත්තේ. හාප් එකක් ඇත්තට ප්ලේ කරනවා මාත් දැක්කේ ඒකෙන් තමා

      Delete
  29. මටනම් රිගින් ටෝන් ඕ.පු. මල වාතෙ රින්ග් වෙනවා කියලා දැන ගන්න තිබුනොත් ඇති..

    මම ඉස්සර ආස සින්දු දාගන ඉඳලා තියනවා රිගින් ටෝන් වලට.. ටික කාලයක් යද්දි මෙන්න මට ඒ සින්දු ඇහෙද්දිත් අප්පිරියයි.. ඇයි ඉතින් ඔය සද්දෙ ඇහෙන්නෙම මොකක් හරි කරදරයක් ලඟ එනවා කියලා කියන්නනෙ.. ඒක හින්දා මම දැන් ආස සින්දු දාන්නෑ රිගින් ටෝන් එකට..

    ReplyDelete
    Replies
    1. @සෙන්නා,
      රස්සාවක් කරද්දි නම් ෆෝන් එක රින්ග් වෙන්නෙ මරාලයක් කඩා පාත් වෙන්න තමා..ඒක නිසා තමයි ලස්සන සින්දු රිගින් ටොන් වලට දාන්න ඕන..එතකොට කරදරේ ලස්සන සින්දුවකින් අයිසින් වෙලානෙ එන්නෙ!!

      මම නම් දැන් ලස්සන සින්දු තෝරගෙන රින්ග් -ඉන් ටෝන් එකකුත් දාලා තියෙන්නෙ එතකොට සුනාමි එහෙම වෙරළට ආපුවම සැර බාල වෙනවා..මොකද කෝල කරපු ගමන් ඇහෙන්නෙ ලස්සන සින්දුවක්නේ..!!හික්ස්

      Delete
    2. රූ,

      අනේ මංදා මටනම් එහෙම වෙන්නෑ.. ඒවා ඇහෙනකොට දැනුත් මතක් වෙන්නෙ, ඒවයෙ දැවටිලා ආපු අර අටෝරාසියක් ඔළුවෙ කැක්කුම් වල අමිහිරි මතකය විතරයි..

      Delete
    3. රූ සෙන්නා, මේකට මටත් කියන්න දෙයක් තියෙනවා... පස්සෙයි කියන්න වෙන්නෙ....

      Delete
    4. @ සෙන්නා

      මම නම් ඒක අවුලක් කරගන්නේ නැහැ. අවුල් කෝල් එකක් නම් සයිලන්ස් දානවා. නැත්නම් අවුල් කෝල් එකක් වුණත් ලස්සන සිංදුව අහනවා

      Delete
    5. රූ, සෙන්නා,

      මටත් සෙන්නාට හිතුන විදිහට කාලයක් හිතුනා. ඒක නිසා මම කලේ රූ කියන විදිහට ටෝන් එක වෙනස් කරපු එක. මම දැම්මෙ ෆුල් හවුස් එකේ ප්‍රසිද්දම මියුසික් කෑල්ල. අන්තිමේ වුනේ මට ෆුල් හවුසුත් එපා වේගෙන එන්න ගත්තු එක. මම ෆුල් හවුස් නාටකයට කොච්චර කැමති වුනත් ෆෝන් එක නිසා ඒක අවුල් වෙනවා කියලා දැනුන නිසා වෙනම වෙලාවක් අරගෙන නම්බස් ඔක්කොම ගෲප් කලා. ෆුල් හවුස් දැම්මා ෆෙරෙන්ඩ්ස් ගෲප් එකට. ඔෂීන් මියුසික් කෑල්ල ෆැමිලි එකට දැම්මා....... නිකම්ම නිකං මියුසික් කෑල්ලක් දැම්මා ඇණ කෝල් වලට.... දැන් මම නිදහස් ගොවියෙක්. :D

      Delete
    6. @ බුද්ධි

      මමත් කරලා තියෙන්නේ එහෙම තමා ගෙදරින් කතා කරන නම්බර්ස්වලට එක සිංදුවක්. හිතවත් කීප දෙනෙක්ට තව සිංදු දෙක තුනක් දාලා තියෙනවා. ඒ ඇරෙන්න ඒ ඒ කාලෙට කැමති සිංදුව පොදුවේ හැමෝටම. එතකොට ඉතින් ඇණ කෝල්වලටත් ඒවාම තමා :D

      Delete
  30. මම නම් ආසම පයිරට් එකේ අනිත් තේමා වාදනයට.. ඊට පස්සේ පින්ක් පැන්තර් එකට..

    ගොඩක් වෙලාවට හුගක් නිර්මාණ වල මේ තේමා වාදනයක් ඒ නිර්මාණයේ ජනප්‍රියත්වයට මුලික වෙනවා මම හිතන විදිහට.. මොකද ඉස්සෙලාම ඒක නරඹන්නා අතරට යන්නේ මේ තේමාව හරහා නිසා..

    වැදහත් තොරතුරු ටිකක් හසිත මලයා අදත්..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      නිර්මාණයේ ජනප්‍රියතාවට තේමා වාදනය බලපානවා වගේම තේමා වාදනය හිතට වදින්නත් නිර්මාණය බලපානවා. බ්‍රේව්හාර්ට් ෆිල්ම් එක මම බැලුවේ මෑතකදී. film එක බැලුවාට පස්සේ තේමා වාදනය නියමෙටම හිතට වැදුණා අයියා.

      Delete
  31. වෙනස්ම ලිපියක්.

    මම නම් ගොඩක් ම කැමති Dr.Zhivago චිත්‍රපටියේ තේමා වාදනයට. එම තේමා වාදනය මුළු චිත්‍රපටිය පුරාම අවශ්‍ය තැන්වලදී යොදලා තියෙනවා, හරිම සංවේදී ලෙස. මේ ලින්ක් එකෙන් ඒ අපුරු සංගීතය රස විදින්න
    Somewhere My Love - Dr. Zhivago

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      හැමදාම ඉතිහාසය, බෞද්ධ සාහිත්‍ය ලියනවාට වඩා පොඩ්ඩක් ට්‍රැක් එක වෙනස් කරන්න හිතුණා අයියා. ඩොක්ටර් ෂිවාගෝ තේමා වාදනයත් නියමයිනේ. අද තමා ඒක ඇහුවේ :)

      Delete
  32. හොද එකතුවක් !

    ජය වේවා !

    ReplyDelete
  33. ඔය ඔක්කොටම වඩා මම කැමති පිස්සු පූසා එකෙ තේමා වාදනේටයි. අනේ ඒක ආයිත් බලන්න ඇත්නං..

    ReplyDelete
    Replies
    1. අපොයි යු ටියුබ් එකේ තියනවා

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය

      තේමා වාදනේ නැගලා යන්නේ ඒක කියන පූස් වොයිස් එක වගේම වචන set එක නිසා

      Delete
  34. හරිම ලස්සනයි හසිත. තවත් එකක් තියෙනවා හරි ලස්සන legend of the seeker කියන කතා මාලාවේත්

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      legend of the seeker තේමා වාදනයත් නියමයි (Y)

      Delete
  35. මාත් ආසම දෙකක් තමයි පින්ක් පැන්තර් එකයි, මිෂන් ඉම්පොසිබල් එකයි.
    නියමයි මේ වගේ විස්තරයක් දීපු එක.

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      සන්තෝෂයි සන්තෝෂයි

      Delete
  36. මමත් සින්දු අහන එක පස්සට කල් දැම්මා..
    කොහොම වුනත් මේක කියවද්දි මටත් මතක් වුනේ රොබින් හුඩ් ගැනයි නයිට් රයිඩර් ගැනයි..

    විභාගෙ දවස්වල මේ වගේ ලිපියක් ලියන එකේ පොඩි ගතියක් තියනවා.!!

    ReplyDelete
    Replies
    1. @ රූ....

      පස්සටම දාන්න එපා සිංදු අහන එක. හෙමින් සැරේ අහලා බලන්න අක්කේ. විභාගේ දැන් ඉවරයිනේ මේ නිස්කලන්කේ ඉන්න කාලේ

      Delete
  37. සමහර තේමා වාදන තියෙනවා ඒකට ආස වෙලා අන්තිමට මුළු ඩ්‍රාමා එක නැත්තම් ෆිල්ම් එක ම බලන. ඒ කියන්නෙ සංගීත අධ්‍යක්ෂ ගේ දක්ෂතාවය ඵල දරලා කියන එකනේ.... මම නම් තාමත් කැමති රොබින්හුඩ් එකටමයි. ඉඳලා හිටලා හරි මේ වගේ වෙනස් දෙයක් ගැනත් ලියන එකත් හොඳා!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      හැමදාම තර්ක, ප්‍රශ්නවලට උත්තර දීපු එකෙන් පොඩි නිවාඩුවක් ගන්න හිතුවා. සංගීත අධ්‍යක්ෂණය මත තමා නිර්මාණ රඳා පවතින්නේ. මම අහලා තියෙන විදිහට තමන්ගේ නිර්මාණවලට සංගීත අධ්‍යක්ෂකගේ කාර්යය තමන්ට සෑහෙන විදිහට වුණු නැති නිසා සත්‍යජිත් රායි තමන්ම සංගීතේ ඉගෙන ගෙන සංගීත නිර්මාණ එහෙම කළාලු

      Delete
  38. චිත්‍රපට තේමා ගීත අතරින් මට නම් ලස්සනම Mission imposible එකේ එක තමා. චිත්‍රපටි වගේම TV series වල තේමා ගීතත් අපූරුයි. බලලා අවුරුදු තුන-හතරක් පරණ උනත්, තාමත් මගේ රිංටෝන් එක, prison break එකේ ටෝන් එක. :D :D

    ReplyDelete
    Replies
    1. @ de silva

      prison break එකේ ටෝන් එකත් නරකම නැහැ :D

      Delete
  39. මගෙත් සිත ඇද බැඳ ගත් තේමා වාදන කිහිපයක්ම තියෙනවා. එකක් ෆීව් ඩොලර්ස් මෝ චිත්‍රපටයේ තේමා වාදනය. ඒ වගේම ඇන්ටනියෝ බර්නාඩේස් රඟපාන ඩෙස්පරාඩෝ චිත්‍රපටයේ තේමා වාදනය. ඒවගේම නයිට් රයිඩර්, රොබින් හුඩ් ,,එක්ස් ෆයිල්ස් වගේ ටෙලි නාට්‍ය වල තේමා වාදන ත් කවදාවත් අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      ෆිව් ඩොලර්ස් මෝ තේමා වාදනය මම කලින් අහලා තිබුණත් ඒක ඒ ෆිල්ම් එකේ කියලා දැනගත්තේ මේ පෝස්ට් එක නිසාමයි. ඩෙස්පරාඩෝත් ටිකක් ඒ ජාතියේමනේ.

      Delete
  40. මම ආස රොබින්හුඩ් එකේ තේමා වාදනයට.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      හැමෝම ඒකට කැමතියි වගේ :)

      Delete
  41. එක්ස් ෆයිල්ස් එකේ තේමා වාදනේ නම් කවදත් එපා වෙන්නෙ නැති අමුතුම හැඟීමක් දන්වන තාලයක්!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      එක්ස් ෆයිල්ස් තේමා වාදනය අහද්දී නිකම් පිටසක්වල ජීවීන් ආවා වගේ තමා :D

      Delete
  42. කාලෙකින් මේ පැත්තේ ආවේ. ෂාහ් ..මාත් ආසම තේමා වාදන ටිකක් ..අමතක වෙන්නේ නැති ජාතියේ .

    ඕවාට ටිකක් වෙනස් ''පැසිෆික් '' කතා මාලාවේ තේමා වාදනය අහල තියෙනවද .

    නිකන් හදවත හාරාගෙන යන ජාතියේ එකක් . http://www.youtube.com/watch?v=UtmAiNG2Lxk

    ReplyDelete
    Replies
    1. @ Bindi

      පැසිෆික් තේමා වාදනය අහද්දී හරිම හෘදයාංගම බවක් වගේම හුරු පුරුදු බවක් දැනුණා. බැලින් නම් හෑන්ස් සිමර් ඒකෙත් මියුසික් කරන්න ඉදලානේ. ඒ විතරද ටොම් හෑන්ක්ස්, ස්ටීවන් ස්පිල්බර්ග් වගේ දන්න කියන අයත් ඒකේ ඉන්නවානේ :)

      Delete
  43. රොබින් හුඩ් එකේ නම් සංගීතය කවදාවත් අමතක කරන්න බෑ. X-files එකත් හොඳට මතක තියන එකක්. ලස්සන, වෙනස්, ගොඩාක් වෙලාවට හිතන්නෙ නැති පැත්තක්.

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      රොබින් හුඩ් තේමා වාදනය ජන හද බැදගත්තු එකක් බව හොඳටෝම පැහැදිලියි

      Delete
  44. Clannad බැන්ඩ් එක රොබින් හුඩ් කතාවට කරපු සංගීතයත්,ටුවර් ඔෆ් ඩියුටි කතාවට Rolling Stones කරපු Paint it Black සින්දුවත් අමතක වෙන්නෙ නෑ කවදාවත්.

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      රොබින්හුඩ්ට තමා තාමත් පාඨක මනාප වැඩි :D Rolling Stones කරපු Paint it Black සින්දුව කලින් අහලා තිබුණත් හරියටම මෙන්න මේකයි කියලා දැනගත්තේ දැන් තමා

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................