Sunday, April 15, 2012

හොරු අරන් ගිය අපේ අලුත් අවුරුද්ද. දුක තමා හසිත :(


ලංකාවේ ඉන්න සිංහල, දෙමළ හැමෝම අලුත් අවුරුද්ද සමරනවා. පිටරට ඉන්න සිංහල, දෙමළ අයත් අලුත් අවුරුද්ද සමරනවා. දුප්පත් වේවා පොහොසත් වේවා හැමෝම තමන්ට පුලු පුලුවන් හැටියට අලුත් අවුරුද්ද සමරනවා.

ඒත්...... අහිංසක අපිට මේ පාර අලුත් අවුරුද්දක් සමරනවා තියා කොටින්ම අලුත් අවුරුද්දක් නැති තරම්.....

කවුද මේ අපි කියන්නේ ? අපි කියන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්න අහිංසක අපි.

ඇයි අපිට මොකද වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නේ කාට හරි මතුවෙන්න පුලුවන්. ඔන්න ඒකටත් උත්තරයක් දෙන්නම්.

කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු අධ්‍යයන වාර්ෂිකයේ විභාග කටයුතු තියෙන්නේ අප්‍රේල් 19 ඉදන්.


අප්‍රේල් 19 ඉදන් මැයි 16 විතර වෙනකම් විභාගේ තියෙනවා කියලා තමා ආරංචිය. ඉතිහාසය විශේෂවේදී කරන අපිටත් "පුදපි ගමන් කාපි යකා" කියලා අප්‍රේල් 20 ඉදන්ම විභාගේ තියෙනවා.

කොහොම නමුත් හැම නරක දේකම හොඳක් තියෙනවා වගේ අපිට විභාගේ තියෙන්නේ අප්‍රේල් 20, 24, 27. ඊට පස්සේ විභාගේ ඉවරයි. ආරංචි විදිහට නම් දෙවන අධ්‍යයන වාර්ෂිකය පටන් ගන්නේ මැයි 28. එහෙම් පිටින්ම මාසයක හොඳ නිවාඩුවක් තියෙනවා. කියන්න බැහැ ඒකටත් මොනවා වෙයිද කියලා.

ඉතින් ඔන්න ඔහොමයි අපේ අලුත් අවුරුද්ද කාබාසිනියා වුණේ :(

ඒ මොනවා වුණත් උදාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලංකාවාසී, ලෝකවාසී සිංහල සහ හින්දු අයට සුභ අලුත් අවුරුද්දක් වේවා.... සාමය සතුට සෞභාග්‍යය දසත පැතිරේවා, කිරි පැණි ඉතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා....

ප.ලි.: ඔය ඉතිරෙන කිරි පැණි ඉතුරු වුණොත් ටිකක් මටත් දෙන්න අරන් තියාගන්න :))

ප.ප.ලි.: දැන් කාට හරි හිතෙනවා නම් "මුට විභාගේ 20. ඒත් මූ ෆේස්බුක් අස්සෙයි, බ්ලොග් එක අස්සෙයි කැරකී කැරකී ඉන්නවා පාඩම් කරන්නේ නැතුව" කියලා. ඒකට උත්තරේ තමා මේක මම type කරලා publish වෙන්න දාලා තිබ්බ එකක්. මේක type කළේ අප්‍රේල් 8 ඉරිදා :))

ඒ වගේමයි ලබන සතියේ සෙනසුරාදාටත් ඒ කියන්නේ අප්‍රේල් 21 ටත් publish වෙන්න post එකක් set කරලයි තියෙන්නේ

19 comments:

  1. විභාගෙ හොඳින් කරපන් මචෝ!

    ReplyDelete
  2. අවුරුදු වගේද බං විභාගේ... ඒක් කරගත්තම හැමදාම අවුරුදු​නේ...

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා.
    විභාග කටයුතු සාර්ථක වේවා !

    ReplyDelete
  4. විබාගෙට ජය වේවා !! නිවාඩු මාසෙ අවුරුදු සමරන්ට :)

    ReplyDelete
  5. සුභ විභාගයක් වේවා!!!!!!!!!!! ඔන්න නව තාලෙට පැතුවා :D

    ReplyDelete
  6. විභාගෙන් පස්සේ නිවාඩු තියෙන්නේ යාළුවා ඕන හැටියේ අවුරුදු එක්ක වෙසක් සමරන්නත්.. විභාගේ හොදින් කරගන්න..

    ReplyDelete
  7. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    ReplyDelete
  8. විභාගෙට මගෙන් සුබපැතුම්!! ලියපන් මචන් ලොවෙත් නැති වෙන්න

    ReplyDelete
  9. විභාගයට සුභ පැතුම් කලින්ම..
    හසිත දක්ෂයා නිසා මොන ලෝකෙ කරක් ගැහුවත් විභාගෙ හොඳට කරගනියි..

    ReplyDelete
  10. ඔන්න මගෙනුත් විභාගෙට සුභ පැතුම්! :)

    ReplyDelete
  11. මොනා නැතත් විභාගේ ගොඩ දාගන්නඩ එතකොට හැමදාම අවුරුදු තමා ..

    ReplyDelete
  12. විභාගේ ගොඩම ගොඩ වේවා!!! අවුරුදුත් ජයම ජය වේවා!!!!

    ReplyDelete
  13. නැකතටම වැඩ අල්ලුවහැකි

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක් වේවා අයියා

    ReplyDelete
  15. විභාග ප්‍රශ්න පත්‍රං නිර්ණයේ වයං ප්‍රමාණම්. ශේෂේ තු ආචාරියා...............

    විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම පිළිබඳ අප ප්‍රමාණවත්. ඉතිරිය ආචාර්යවරයාට භාරය. [ලකුණු දීම හෝ නොදීම] :D

    හෙට සිට නැවත සුපුරුදු පරිදි වැඩ කටයුතු සිදුවෙනු ඇත. සුභ පැතූ සුභ නොපැතූ සැමට ස්තුතියි :D

    @ බින්දි අක්කා

    නැකතට වැඩ අල්ලන්න නම් වැඩ අත් අරින්න එපැයි. එහෙම එකක්වත් කළේ නැහැ නොනගතය වෙලාවෙත් පාඩම් වැඩ කළා

    ReplyDelete
  16. අපට වෙසක් එකත් අහිමිකරානෙ ථ)

    ReplyDelete
    Replies
    1. @ රත්නේ

      දුක තමා ලොක්කා. දැන් ස්ට්‍රයික් නිසා විවේක සුවයෙන් පසුවෙනවා ඇති නේද ???

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................