Saturday, March 31, 2012

අපේ අප්‍රකට ඉතිහාසය ගැන දැනගමුද ???


රටක ඉතිහාසය නිසා ඒ රටේ අයට අභිමානයක් ඇතිකරගන්න පුලුවන් වෙනවා වගේම ඒ ඉතිහාසය නිවැරදිව ඉගෙන ගන්න එකෙන් වර්තමානයට වගේම අනාගතයටත් සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙනවා කියන එක අපි දන්න දෙයක්.

ඉස්සරට වඩා අපේ රටේ ඉතිහාසය ගැන දැන් කාලේ නම් හුඟක් කතා වෙනවා. ඓතිහාසික බඩු බාහිරාදිය සොරකම් කිරීමත් එක්ක ඉතිහාසය ගැන කරළියට එනවා. ඒත් දවස් 14 කට විතරයි :)) ඊට පස්සේ අමතකයි.

ඒ වගේමයි නව ඓතිහාසික කරුණු සොයාගැනීමත් එක්කත් ඉතිහාසය කියන එක අපේ කතා බහට ලක්වෙනවා. එකේ පවා ඉතිහාසය සම්බන්ධව කතා කරන්න සමූහය කීපයක්ම පවතිනවා නොවැ :)

ඉතින් අද කතාවට ආවොත් සාහිත්‍ය මූලාශ්‍රය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මත ගොඩනගන ඉතිහාසයේ තවත් අප්‍රකට කතාත් රැසක් සැඟවිලා තියෙනවා... ඉතින් මේ කතා මාලාවේ බලාපොරොත්තුව ඒ වගේ අප්‍රකට පවතින කෝට්ටේ සහ මහනුවර රාජධානි සමයේ කතා කීපයක් කියන්නයි.

කතා ගොඩක් තියෙන නිසා පාඨක ඡන්දය යටතේ තමයි කතා කියන්න කියලා හිතුවේ. මෙන්න මේ වෙනකොට තියෙන කතා ලැයිස්තුව

1. රාජද්‍රෝහියෙකු වී මරණ දඬුවමින් ගැලවුණු සරණංකර සංඝරාජ හාමුදුරුවෝ
2. II රාජසිංහ රජුට රූපයෙන් සමාන වූ අළුවිහාරේ නිලමේ
3. තම පුතුට වස නොදුන් II රාජසිංහ රජතුමා
4. අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා
5. සෙනරත් රජු දමා පෘතුගීසීන් වෙත පලා ගිය දෝන කතිරිනා
6. පිතෲ ඝාතක නොවූ සීතාවක රාජසිංහ රජතුමා
7. අතේ පිච්චිය නැතිව මියගිය ධර්මපාල රජතුමා
8. සෙනරත් මරා දැමූ I විමලධර්මසූරියගේ පුත් කුමරා

මේ කතා ලැයිස්තුවට තවත් කතා එකතු වෙන්න පුලුවන්. ඒත් දැනට සිහියට එන්නේ මේ ටික විතරයි. ඉතින් මේ කතාවලින් මුලින්ම කියන්න ඕනේ කතා මුල සිට අනුපිළිවෙලට පෙළ ගස්වන්න ඔයාලට පුලුවන්. ඒ අනුව වැඩිම පාඨක මනාපය තියෙන කතා මුලින්ම කියන්නයි බලාපොරොත්තුව

ඉතිහාසයේ අප්‍රකට සිදුවීම දැනගන්න එකෙන් ඉතිහාසය ගැන ලාංකිකයන්ගේ උනන්දුව වැඩිවෙයි කියලා හිතෙනවා. මේ ඒ සඳහා කෙරෙන සුළු ව්‍යායාමයක් :)

ඡායාරූපය : සෙනරත් රජතුමා මරාදැමූ විමලධර්මසූරියගේ පුත් කුමරුගේ ආදාහන උත්සවය

19 comments:

  1. Comment By හදවතින්ම ශ්‍රී ලංකිකයි මේවාගේ දේවල් බෙදා හදා ගන්න එක ලොකු සේවයක්

    ReplyDelete
  2. පින්තූරෙ දැම්ම එකේ 8 ඉස්සෙල්ලාම ලියන්න..මම කැමති පිළිවෙල මේකයි..8,3,2,6 ඊට පස්සෙ අනිත් ටික..
    සංඝරාජ හාමුදුරුවන් ගැන කතාව මම දන්නෙ දහම් පාසල් පොතෙන්..දෝන කතිරිනා ගැනත් පොතක් තිවුනනෙ නේද ලියුවෙ කවුද කියලා නම් මතක නෑ..

    ReplyDelete
  3. සංඝරාජ හාමුදුරැවො මරනින් බේරැන එක ගැන ප්‍රසිද්ධ කථාවට වඩා වෙනස් මතයක් තියෙනව. ලියන්නෙකො.මම එතෙකොට ඒක කියනන්.

    ReplyDelete
  4. නියමයි...ඔය තියෙන පිළිවෙලටම ලියමු...මමත් හරිම ආසයි මේවගේ ඉතිහාස කථා දැනගන්න...සයුරි ඇන්ටිනේ දැනට මේවගේ කථා ලියන්නේ...මේ ටිකත් ආසයි දැනගන්න....

    ReplyDelete
  5. ඕන එකක් ලියන්ඩෝ... මම එනවා කියවන්ඩ..

    ReplyDelete
  6. රසවත් මාතෘකා ටිකක්.

    කරුණු එකතු වෙන විදියකට ලියන්ට. අපි කියවන්නම්.:)

    ReplyDelete
  7. අපි දන්න බොහෝ ඉතිහාස කතා බල අරගල දිනපු අයගේ පට්ටන්දර විතරයි.

    මොකද ඒ කාලේ අද වගේ ඩිජිටල් කැමරා, වීඩියෝ, ඉන්ටර්නෙට් තිබුනේ නෑනේ.

    ඔය ඓතිහාසික යුගවලත් "අපි සුදනෝ දේශප්‍රේමය" තිබුණාද මන්දා?

    ReplyDelete
  8. රටක නියම අභිමානයේ කොටසක් රටේ ඉතිහාසය. ලියන්න, ඇත්තටම වටිනවා.
    අපි කියවන්නම් ඔයා ලියන්න.
    මම මංජුල, හගුරන්කෙත පැත්තේ.

    ReplyDelete
  9. කැමති විදිහකට ලියමු යාළුවා.. අපි කියවනවා කොහොමත්..

    ReplyDelete
  10. අන්න හසිත නියම ව්‍යාපෘතියක්. මට අනුපිලිවෙලක් දෙන්න අමාරුයි නමුත් 3යි 7යි දැනගන්න මාර කුතුහලයක් ඇතිවුනා.

    henryblogwalker the Dude

    ReplyDelete
  11. ඕනා එකක් ලියන්න... කතා සෙට් එකටම ආසයි

    ReplyDelete
  12. "අවසන් සිංහල රජුට සිටි සිංහල පුත් කුමරා" කතාව මුලින්ම දාන්න.. ඒමොකද කිවොත් මම ලගදි සයිබරයේ දැක්කා ආර්ය චක්‍රවර්ති රජුට නෑකම් කියන සූර්ය වංශික ටික්කම මහින්ද කුමරු (ටික්කම උග‍්‍රසිංහ මහරජුගේ 44 වන මුණුබුරු)කියල කෙනෙක් ගැන.. ඕන මම ඒකෙ ලින්ක් එකත් දැම්මා කැමති කෙනෙකුට බලන්න
    http://www.gossip9.com/2012/03/blog-post_9166.html

    ReplyDelete
  13. මට නම් ඕනෙ එකක්. :D
    ඒක නිසා හැම කතාවකටම එක චන්දයක් ගානෙ දාන්න.නැත්නම් ගනන් නොගෙනම ඉන්න

    ReplyDelete
  14. ආසම මාතෘකා ටිකක් ඕනෙම පිළිවෙලකට කියවන්න රෙඩි වෙලා ඉන්නේ.

    ReplyDelete
  15. ගොඩක් ස්තූතියි අය්යේ..දිගටම ලියන්න.

    ReplyDelete
  16. පිළිවෙලක් නම් හිතා ගන්න බැහැ . ඉතිහාස කතාවලට මන් කොහොමත් කැමතියි .ලියන්න මල්ලි ඉඩ ඇති විදිහට

    ReplyDelete
  17. මේ සමහර කතා මම අහල තියෙනවා. සමහර එව්වා මතක නෑ සමහර එව්වා දන්නේ නෑ. පිලිවලකට පටන් ගනිමු one by one....

    ReplyDelete
  18. II රාජසිංහ රජතුමාට රූපයෙන් සමාන වුණු අලුවිහාරේ වනිගසේකර මුදලි සහ 1664 II රාජසිංහ රජතුමාට එරෙහිව සිදුවුණු කැරැල්ල ගැන ඓතිහාසික කතාවක්...........

    "කැරලිකාරයෝ උදේ රජතුමාගේ සිරි යහන් ගබඩාවට කඩා පැනලා රජතුමා වගේ නිදාගෙන හිටපු අලුවිහාරේ මුදලිව මරා දාලා රජතුමාව මැරුවා කියලා සතුටු වෙද්දී ඇරැව්වාවල දිසාවට සිහිපත් වෙනවා රජතුමා හා සමාන රූපයක් තියෙන අලුවිහාරේ වනිගසේකර මුදලි මාළිගාව ඇතුළේ හිටියේ නැහැ නේද කියලා.

    http://​aagiyakatha.blogspot.com/2012/​04/blog-post_29.html

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................