Wednesday, March 21, 2012

කැලණි විස්සවිජ්ජාලේ කෑම මඟුල


ඊයේ මූණුපොතේ කරක් ගහද්දී දැක්කා හසිත කියලා කැලණි විස්සවිජ්ජාලේ ඉන්දාරියෙක් විස්සවිජ්ජාලේ නූතන බාසා අංසෙන් කොරන ආහාර මඟුලක් ගැන මොකක්දෝ විස්තරයක් දාලා තිබුණා. මාත් ඉතින් හරිබරි ගැහිලා උදේම විස්සවිජ්ජාලෙට ගෑටුවා ආහාර මඟුලට.

මම මේ ගොඩයා නිසා ආහාර මඟුල කිව්වාට ඒකේ තැන් තැන්වල ගහලා තිබුණේ නම් "International Food Festival - 2012" කියලා ඕන්. මම යද්දී තමා විස්සවිජ්ජාලේ VC සීයයි අනික් ලොකු ලොකු ඇත්තෝ ටිකයි මේකට සම්ප්‍රාප්ත වුණේ.

තෝරු මෝරු අස්සේ මොකට හාල් මැස්සෝ රිංගනවද කියලා හිතපු මම විස්සවිජ්ජාලේ කැන්ටිමට හොයාගෙන ගොහින් කහට කෝප්පයක් බීවා ගල් බනිස් ගෙඩියකුත් හපන ගමන් :)

පස්සේ මම ආහාර මඟුල තිබුණු තැනට සේන්දු වෙද්දී 11 ටත් කිට්ටුයි නොවැ. ඒ වෙලාවේම දැකලා පුරුදු රූප කායක් මට පෙනුණා. බැලින්නම් ඒ හසිත කොලුවයි හසිත කොලුවත් එක්ක ඉතිහාස විසය හදාරන අනිත් ඉලන්දාරි ටිකයි. මාත් ඒ කාණ්ඩෙටම එකතු වුණා නොදන්න තැනකට යද්දී දන්න කියන ඇත්තෙක් එක්ක යන එක හොඳ නිසා.

මුලින්ම අපි ගොඩවැදුණේ ජපන් කට්ටිය කොරන කුටියට.මාර වැඩේ කියන්න අයියෝ අපි යද්දී කෑම අහවරයි කියන්නේ. ඉර මුදුන් වෙන්නත් තව හෝරාවක් විතර තියෙද්දීත් මේ කෑම මඟුල පටන් අරන් හෝරාවෙන් කෑම අහවරයි.

කකෙගොරි හදන ළමිස්සියෝ

ඉතින් හසිත කොලුවත් ටිකක් ගෝරනාඩු කරන්න පටන් ගත්තාම ඒ කොලුවගේ යාලුවෙක් වුණු සුගම කොලුවා අපේ නඩේට "කකෙගොරි" කියලා මොකක්ද බීමක් හදලා දුන්නා.

බොමු බොමුද කකෙගොරි

මේ ඇත්තන්ට කියන්න මට ඔය නම මතකේ හිටියේ විස්සවිජ්ජාලේ හැම තාප්පෙකම ගහලා තිබුණා නොවැ "බොමු බොමුද කකෙගොරි" කියලා. ආන් ඒක හන්දා

ජපන් කුටියට අල්ලපු වැටේ තිබුණේ චීන කුටිය. චීනොයි චීනියොයි එහෙමත් මේ කුටියේ හිටියා කියන්නකෝ. මේ කුටියෙත් හුඟාක් ජාති අහවර වෙලා තිබුණු නිසා නූඩ්ල්ස් කියන ජාතිය තමා ඉලන්දාරි නඩේ ගත්තේ. පස්සේ මේ ඉලන්දාරින්ට උවමනා වුණා චීන විදිහටමට නූඩ්ල්ස් කන්න පස්සේ මේ ගැටව් ටික බැරිමරගාතෙම "හෂි" කියන කූරු දෙකෙන් නූඩ්ල්ස් ටිකත් කොටාබෑවා.

හෂි කූරුවලින් අමාරුවෙන් කොටාබාන නූඩ්ල්ස්

මේ අස්සේ හසිත කොලුවගේ යාලු දැරිවියක් ඇවිත් අහනවා "මේ නූඩ්ල්ස් චීන රහද?" කියලා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු. චීන රහ කියලා එකකුත් තියෙනවැයි :)) හැබැයි හොඳ හැටි ගම්මිරිස් නම් පතබාලා තිබුණා ඕන්

හසිත කොලුවාට කියූ සාස්තරය

චීන බාසාව කරන ළමිස්සියෝ ටික සාස්තරත් කියනවා. හසිත කොලුවත් සාස්තරයක් අහන්න ගියා රුපියල් 10 කට උපන් දිනයට, ලග්නයට, අත බලලා සාස්තර තුනක් කිව්වා නොවැ. හසිත කොලුවා පණ ඇරගෙන අහගෙන හිටියා අනාගතේ ගැන කියපු ඒවා ටික.

අනිත් ස්වීටා කියන කොලුවත් හොර රහසේම වගේ සාස්තරේ අහලා කෑ ගහනවා "මට ළමයි දෙන්නෙක් ඉන්නවා" කියලා :))

නෝබට් කොලුවා කරපු ටීක් බෝල සෙල්ලම

පස්සේ ඉතින් අපි ගෑටුවා ස්පාඤ්ඤ කුටියට. ඒකෙත් ජාති අහවර වෙලා . ඒත් ඒකේ හිටපු නෝනා කෙනෙක් අමුතු බැල්මක් දාපු නිසා හසිත කොලුවා photo කෑල්ලක් ගත්තා.

අමුතු බැල්මක් දාපු ස්පාඤ්ඤ එක්කෙනා

ඊට පස්සේ කොරියන් කුටියට තමා ගෑටුවේ. කිව්වට හොරයක් බොරුවක් නැහැ ආයිබොවන් ඒකේ කෑම නම් දැක්කා ගමන් මට අප්පිරියා වුණා. අපේ කොල්ලෝ ටිකත් ඒකෙන් මොකුත් කොටාබෑවා නැහැ. ඒත් ඉතින් ඒකේ හිටපු සීදේවි ළමයි ටිකේ photo එකක් නම් ගත්තා

පස්සේ ඒ දිසාවේ තිබුණු අන්තිම කුටිය වුණු පුරන්ස [French] කුටියට අපි ගොඩ වැදුණා. ඒකේ ජාතිත් අහවර වෙලා. ගමේ වෙල් අස්සේ බඩුවලට වඩා සුපර් ජාති වගයක් බෝතල්වල දාලා තිබුණත් ඒවා තිබුණේ විකුණන්න නෙමෙයිලු ආයිබොවන් :)

පුරන්සෙන් දුන්නු ක්‍රිස්කෝ විස්කෝතු

පස්සේ අපේ ලංකාවේ තියෙන ක්‍රිස්කෝ විස්කෝතුවලට මොනවදෝ මන්දා දාල තිබුණු කෑමක් අපි කොටාබාලා ගියේ අල්ලපු පැත්තේ තිබුණු රුසියන් කුටියට.

ඒකෙත් කෑම අහවරයි. ඒත් සා පිපාසාව උහුලන්න බැරි නිසා අපි එතනින් පැණි බීම වගයක් බිව්වා. පුදුමේ කියන්නේ රුසියාවේ ඇත්තෝ බොන්නෙත් අපේ රටේ කෝඩියල් වගේ.

අල්ලපු වැටේ තිබුණු ජර්මන් කුටියෙත් අමුතු බෝල හැඩේ කෑමක් බඩට දා ගත්තු අපේ නඩේ කොල්ලෝ ටික අයිස්ක්‍රීම් කන්නත් පොරේ. මගේ ගාණ මම අයිස්ක්‍රීම් උන්ට අරන් දුන්නා. පුදුමේ කියන්නේ ජර්මනියේ ඇත්තොත් කොටා බාන්නේ අපේ "අලියගේ ගෙදර අයිස්ක්‍රීම්" [Elephant House]නොවැ :))

ජර්මනියේ විකුණන අලියා ගෙදර අයිස්ක්‍රීම්

ඕන් ඔය විදිහටයි කැලණි ආහාර මඟුලේ චාරිකාව මං නිමා කොලේ. මේ photos කෑලි ඉස්සුවේ හසිත කොලුවගෙන්. ඔක්කොම photos ටික බලන්න මේ ඇත්තෝ කැමති නම් මෙතන කොටන්න.

හසිත කොලුවයි යාලුවෝ කාණ්ඩෙයි අසමෝදගම් කඩයක් කොරන්න හිතාගෙන හිටියත් ඒක සංවිධානය කොරගන්න බැරිවෙලා කරලා නැහැ :)) ඒත් මේ වගේ තැනකට අසමෝදගම් කඩේකින් තියෙන්නේ සුවල්ප ප්‍රයෝජනයක්ද ??

සූ ගාන්න ඇවිත් හිටිය සෙනඟ කන්දරාව

හෙට හවසට ඒ කියන්නේ මාර්තු 21 වෙනිදා ධර්මාලෝක සාලවේ මේ නූතන බාසා කොරන ඉලන්දාරින්ගෙන්යි ළමිස්සියන්ගෙන් සංදර්සනයක් තියෙනවා කියලත් කිව්වා. මොන ජවුසම් නටයිද දන්නේ නැහැ. පුලුවන්කමක් තිබ්බොත් ඒ පැත්තෙත් ගාටන්න තමයි හිතාගත්තේ.

ඔය උන්දැලත් පුලුවන්කමක් තියේ නම් මාර්තු 21 හවස 4.30 ට කැලණි විස්සවිජ්ජාලේ ධරුමාලෝක සාලාවට ගොහින් බාසා සංදර්සනේ බලන්න......

ප.ලි.: අප විශ්විද්‍යාලයේ පැවති International Food Festival සඳහා සහභාගි වුණු ග්‍රාමීය අයෙක් ලියූ මේ සටහන යම් යම් සංශෝධන සහිතව මා විසින් පළකරන්නට යෙදුණු අතර මෙහි අදහස් පිළිබඳ වගකීම ඒ නාඳුනන පුද්ගලයා සතුය.

කෙසේ නමුත් මා විසින් International Food Festival පිළිබඳ ලියන්නට ගිය සටහන මෙනිසා වැළකුණු බවද කණගාටුවෙන් දන්වා සිටිමි :(

එසේම අද හවස මාර්තු 21 නූතන භාෂා අධ්‍යයනාංශය මඟින් පවත්වන සංස්කෘතික සංදර්ශනය සවස 4.30 සිට ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙන බැවින් ඒ සඳහා ඔබ සැමට ආරාධනා කර සිටිමි :)

32 comments:

  1. අපරාදෙ කොරියන් කෑමත් ඩිංගක් හරි කාල එන්න තිබුනෙ

    ReplyDelete
    Replies
    1. @කිරිපුතා

      කොරියන් කෑම කාලා ආවා නම් මේක ලියන්න වෙන්නේ නැහැ :)

      Delete
  2. බලාගෙන යනකොට අන්තර්ජාතික කෑම බීම මුකුත්ම කාලා, බීලා නෑ වගේ.:D

    ReplyDelete
    Replies
    1. @Praveena Palipana

      කෑම හදන ගන්න දේ නම් වෙනසක් නැහැ. හදන විදිහ තමයි අන්තර්ජාතික. හදන මනුස්සයාවත් බලපානවා කෑමක් අන්තර්ජාතික වෙන්න :))

      Delete
  3. කෑම ඔක්කොම ඉවර වෙලානෙ කලින්ම...........

    ඒ කට්ටියට කිව්වෙ නැද්ද එනකොට ඇතිවෙන්න ගේන්න කියලා...

    ඔව්වා දුන්නෙ නොමිලේ ද?

    ReplyDelete
    Replies
    1. @හරී

      එයාලගේ ටාගට් එක වෙලා තියෙන්නේ කෑම ප්ලේට් 50 යි. අපි ගියේ 11 ට විතර. විනාඩි 45 ට කෑම ඉවර වෙලා.

      මේවා නිකම් දුන්නේ නැහැ සල්ලිවලට දුන්නේ. කොහොම නමුත් සහනශීලී මිල ගණන් තිබුණා ජපාන කකෙගොරිවල ඇරෙන්න

      Delete
  4. හැම ස්ටෝල් එකකම ඔයාල යද්දි කෑම ඉවර වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. @පිණිබිඳු...

      හැම ස්ටෝල් එකේම නෙමේ අක්කේ කීපයක විතරයි ඉවර වෙලා තිබුණේ.

      අපි යද්දිත් කොරියන් ස්ටෝල් එකේ තව කෑම ජාති හදනවා. කෝකටත් බොහෝ දෙනාගේ වගේම බඩේ හිතසුව පිණිස ඒවා නම් කන්න ගියේ නැහැ :)

      Delete
  5. අනේ අම්මේ.. එය කෑම වල නම් කොහොමද බන් මතක තියාගන්නේ... ඕවා කාලා බැරිවෙලාවත් බඩේ අමාරුවක් හැදුනොත් දොස්තරට කෑවේ මොනාද කියලා කියන්නවත් මතක තියෙන්න එපැයි.. කකෙගොරි කියලා කිව්වම නිකං දොස්තරලාට මොනවා හිතෙනවා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. සබ්ජෙක්ට් එක කරන එවුන්ට නම් ගැටළුවක් නැහැ නම් මතකයි අහිංසක අපිට තමා අවුල.

      ජපාන බීම "කකෙගොරි" කියලා මතක තිබුනේ කැම්පස් එකේ හැමතැනම "බොමු බොමුද කකෙගොරි" කියලා තිබුණු නිසා. නැත්නම් ඒකත් සුම්මා :)

      බහුජන හිතාය බහුජන සුඛාය කියලා අපි අසමෝදගම් දෙන්න ගියත් වැඩේ හරි ගියේ නැහැනේ :))

      Delete
  6. පුදුමේ කියන්නේ රුසියාවේ ඇත්තෝ බොන්නෙත් අපේ රටේ කෝඩියල් වගේ.
    hak hak me kathaawanam supiri :D

    ReplyDelete
    Replies
    1. ඇයි ජර්මනියේ ඇත්තෝ කන අලියාගෙදර අයිස්ක්‍රීම් :D

      Delete
  7. වැඩේ කියන්නේ කන්න කිසිම දෙයක් ඉතුරු නොවෙන්නම කට්ටිය ඉස්සෙල්ලා කාපු හැටිනේ.. අර තෝරු මෝරු අස්සේ හල්මැස්සත් රිංගුවනම් ඕක වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා අපායට ගියත් කලින් යන්නලුනේ :)

      Delete
  8. කෑම නැති කෑම මගුලක්...

    බලන් යද්දි අපේ රටේ තියෙන කෑම අපේම නෙවෙයි නේද???
    හික්ස්....

    ReplyDelete
    Replies
    1. @නිසුපා

      මෙතන කෑම තිබුණේ කන්නම නෙමෙයි අක්කේ. ප්‍රදර්ශනයට.

      කොහොමත් කෑම හදන විදිහයි අපේ වෙන්නේ. හදන්න ගන්න ටික කොහෙත් එකයි....

      Delete
  9. අපේ කාලේ තිබුනේ නෑ නොවැ ඕවා!

    ReplyDelete
    Replies
    1. ඒ කෝපි කාලනෙ.......මේ නෙස්කැෆේ කාලෙ.....!!

      Delete
    2. @කතන්දර Kathandara

      කකා ගිය නුවර පැත්තේ තිප්පොළේ නූතන භාෂා අධ්‍යයනාංශයක් ඒ කාලේ තිබ්බේ නැහැනේ. මම දන්න විදිහට දැනුත් නැහැ. ඒක තමයි අවුල.......

      Delete
    3. @වින්චැට්කිරිල්ලි

      ඒක තමයි. මේ කාලෙනේ ඉන්න තිබුණේ අයි ඩෝන්ට් නෝ වයි :))

      Delete
  10. කලින් කිව්වා නම් එන්ඩවත් තිබ්බා. ආයේ ඉතින් පයින් හරි ආවෑකිනේ. මොකෝ කිරිබත්ගොඩ ඉදලා කැම්පස් එක ගාවට මහ දුරක් යෑ.

    ReplyDelete
    Replies
    1. @මධුරංග

      අයියා දැන් කිරිබත්ගොඩද ජොබ් එක කරන්නේ. දන්නේ නැහැනේ අප්පා. කොහෙද තැන ?

      Delete
  11. කොල්ලා සෑහෙන්න කාලා වගේ :))

    ReplyDelete
    Replies
    1. @ජංජාල චාමර

      සෑහෙන්න කෑවා විතරක් නෙමෙයි සෑහෙන්න බිව්වත් එක්ක :)

      Delete
  12. අපේ කාලේ නෑ නේ ඕවා...(කැම්පස් එකකට වැස්සකටවත් ගිහිල්ලා නෑ)

    ReplyDelete
    Replies
    1. @ඔබ නොදු‍ටු ලොවක්

      මේ කාලෙනේ ඔක්කොම ජාති තියෙන්නේ අයියා. වැස්සකට කැම්පස් යන්න එපා කරදරයිනේ. හොඳට පායපු දවසකට කැම්පස් එක පැත්තේ එන්න අපිටත් ලේසියිනේ එතකොට :)

      Delete
  13. අනේ ආහාර මගුලක් මරු මරු නේ !!

    ReplyDelete
    Replies
    1. @mary field land reporter

      දැන් මරේ මරු කිව්වට වැඩක් නැහැ. කාලා බීලා ඒවා පිට කරලත් අහවරයි

      Delete
  14. Replies
    1. @පිස්සා පලාමල්ල

      සුපිරි කෑමක්දත් කියලා අහනවා අයියා කනවට වඩා නම් ටික කියවන්න විතරක් ගියාම සුපිරිම සුපිරි උපරිමයි :)

      Delete
  15. නියමයි . උත්සාහයට සුබ පැතුම් . නිතරම ඔය ජාත්‍යන්තර කෑම ලැබෙනවා . හැබැයි රැට ගෙදර සම්බෝලයක් හදනවමයි දවාලට ඕව කාපු දාට . අසමෝදගම් DD

    ReplyDelete
    Replies
    1. @Bindi

      ආහ් අක්කලාට කොහොමත් ඒවා කන්න හම්බෙනවානේ. මට මතකයි අක්කත් කියලා තිබුණා ළමයින්ගේ ඉස්කෝලේ තිබුණු පාටියකදී හොඳට පිටරටවල කෑම කාපු හැටි :)

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................