Friday, June 3, 2011

මතක් වෙනවද මාව ඉදහිට


ඔබ ගිහින් බොහෝ දුර
මතක පොත මා අත
අඳුරු සෙවණැලි මා වට
සුසුම් උණුසුම් කළ හද
මතක් වෙනවද මාව ඉදහිට


Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............


ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි.

19 comments:

  1. ඉන්නවට වඩා නැති උනාම තියෙන අගේ වැඩියි.

    "ඔබ යන්න යන්න ඔබේ සුවද විදිමි තනිවෙලා"
    ඔහොම සිංදුවෙන් උනත් කියන්නේ ඒකම හින්දා වෙන්න ඇති. ඔය වෙස්ට්ලයිෆ් කට්ටියගේ සිංදුවත් අහලම බලන්න ඕනේ. මල්ලි කියන හන්දා ඒක ලස්සන ඇති.

    ReplyDelete
  2. හ්ම් Westlife සංගීත කණ්‍ඩායමේ ලස්සන සිංදු වලින් එකක්....ඒ වගේම පද පේලි කීපයත් නියමයි....

    ReplyDelete
  3. දුර ගියපු අය ආයිමත් එනවා නම් කියල අනන්තවත් හිතෙනවා මටත්.ලස්සනයි සහෝ.විරහව ආදරයට වඩා කවි සිතුවිලි මවනවලු නෙ.

    ReplyDelete
  4. වෙස්ට් ලයිෆ්ලගෙ සින්දු නම් පට්ට.

    ප.ලි. අම්මෝ ඒකෙ කොල්ලො ටිකත් පට්ට.

    ReplyDelete
  5. ඒ පාර මොකද මල්ලි උනේ...

    ReplyDelete
  6. හ්ම්ම්ම් ආ‍යෙමත් ආගිය කවියක්.
    කා‍ලෙකින් ‍මේ පැත් ‍තේ ආ‍වේ.....

    ReplyDelete
  7. @පිණිබිඳු...:
    අනේ බොල. එවුන්ටවත් නිදහසේ ඉන්න් දුන්නා නම්

    ReplyDelete
  8. මතක් කරකර හඬයි නෙතු කඳුල
    පරවුණා රතු රෝස මල් සිහින..

    ReplyDelete
  9. Westlife lage lassana.. song 1k.. & oyage nisadasath bohoma ageiiii

    ReplyDelete
  10. sorry kalin comment1 name1 type karanna bari una i'm sashi

    ReplyDelete
  11. මොකෝ බන් මේ ?

    ReplyDelete
  12. හදේ කොතනක හෝ හිදී ඔබ...නිදා නොනිදා මෙන්...බලා අවසර සොයා කල් දැන ..වෙලා හසරැහැනෙන්...පෙළයි මා මුදා සුව දැහැනෙන්...
    කියලා සිංදුවකුත් තියනවනේ මල්ලී...

    ReplyDelete
  13. අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.

    වසන්තය ආයිත් ආවා වගේ කියලා හිතෙනවා :)

    මේ කවිය මම ලියපු එකක් නෙමෙයි සරෝජිනි දැරණියගල ලියපු වෙන්දේසි වූ ප්‍රේමය කියන කවි පොතේ තියෙන එකක්.

    ReplyDelete
  14. වඩා ලස්සන විරහවට ලියවුනු කවි ගී තමයි. පොත් කියවනයට මාව දැම්මට ස්තුතියි මල්ලි

    ReplyDelete
  15. මොනා නැතත් මතකය ජිවත් වෙනවනේ...මතකය මරන්නේ කොහොමද..කවුරු ආව ගියත් මතකයේ පුංචි සටහනක් හරි තියෙනවා..

    ReplyDelete
  16. @Bindi

    විරහ වේදනාව හුඟක් දැනෙනවා අක්කේ. ඒක නිසා ඒ ගැන තියෙන කවි සිංදු වුණත් හුඟාක් ජනප්‍රියයි තමා

    ReplyDelete
  17. @නිම්ශා

    මේක පාවෝ කොයියෝ කියන ලේඛකයා කියන කතාවක් කවුරු හරි අපේ හිතේ ඉඩක් නිර්මාණය කරනවා නම් ඒ පුද්ගලයා සමුගත්තත් ඒ ඉඩ ඒ විදිහටම අපේ හිතේ තියෙනවා. ඒ අඩුව පුරවන්න කාටවත් බැහැ

    ReplyDelete
  18. වෙස්ට්ලයිෆ් කියන්නේ එදා මෙදා තුර හිටපු හොඳම බෑන්ඩ් එකක්. එත ඔවුන් දැන් යන්න ගිහින්. මේ මාසේ 23 වෙනිදා ඔවුන්ගේ සමුගැනීමේ ප්‍රසංගය පවත වුනා....... අයියෝ! ගොඩක් දුකයි.....

    ReplyDelete
    Replies
    1. @ Binakadara Jayasanka

      මොකද මේ හදිසියේම එයාලා සමුගත්තේ ???

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................