Friday, May 21, 2010

ටයිටස් තොටවත්ත > හඳයා < අශෝක හඳගම

මිනිස්සුන්ට සමහර දේවල් පැටලෙනවා හරි අමුතු විදිවලට. මීට කලින් දවසකත් මම එහෙම කතාවක් කිව්වා ඇරැව්වල නන්දිමිත්‍රයන්ට මුහුණ දීපු. මේ කතාවත් ඒ වගේ එකක්.


මේ ළඟදී දවසක blogs කියවන් යද්දී මම දැක්කා සුපුන් සුදාරක මල්ලී අශෝක හඳගමගේ අළුත්ම film එක විදූ බලන්න ගිහින් ලියපු post එකක්. ඉතින් අශෝක හඳගමගේ අළුත්ම වැඩේ ගැන මම ඒ විදිහට දැනුවත් වුණා.

ඊට පස්සේ දවසක අපේ ගෙදර කට්ටිය නැදෑ ගෙදරක ගියා රාත්‍රී භෝජන සංග්‍රහයකට. ඉතින් කට්ටිය කාලා බීලා [සාමාන්‍යයෙන් වෙන්නේ අනිත් පැත්තටනේ] ඉවරවෙලා ආගිය කතා කියෝ කියෝ හිටියා.

මේ වෙලාවේ අපේ එක නෑයෙක් කිව්වා "කාලෙකින් හොඳ film එකක් බලන්න ගියෙත් නැහැ. කොහොද ඉතින් ලංකාවේ හොඳ films ලේසියකට හැදෙන එකක්යැ" කියලා.

ඉතින් ඒ වෙලාවේ මම කිව්වා "අශෝක හඳගම අළුත් film එකක් හදලා තියෙන්නේ විදූ කියලා. ජූලි මාසේ ඉදන් ඒක පෙන්නන්න ගන්නවා. ඕනේ නම් ඒක බලන්න යමු" කියල.

පස්සේ මම කතන්දරසූරීන් කරනවා වගේ පසුව ලියමි කෑල්ලකුත් එකතු කලා

"මෙච්චර කාලයක් එයා හදපු films එක්කෝ වැඩිහිටියන්ට පමණයි වුණා. ඒ නැත්නම් ආණ්ඩුවෙන් තහනම් කළා. මේ film එකේ එහෙම අවුලක් නැහැලු. මේ film එක සම්පූර්ණයෙන්ම ළමා චිත්‍රපටියක් කියලා තමා කියන්නේ" කියලා.



අශෝක හඳගමගේ විදූ film එකෙන්


ඒක අහපුවාම නෑදෑයා කිව්වා "ඔයා එහෙම කියන්න එපා අශෝක හඳගම හදපු හඳයා කියන film එකත් ළමා චිත්‍රපටියක්නේ. ඒක කොච්චර හොඳද ? සම්මාන කොච්චර හම්බුණාද ?" කියලා.

වටපිටාවේ කතාව ගැන මීටරෙන් හිටපු හැමෝටම හිනා :))

මම ඇහුවා "එතකොට ටයිටස් තොටවත්ත හැදුව ළමා චිත්‍රපටිය මොකක්ද ?" කියලා



ටයිටස් තොටවත්තයන්ගේ හඳයා film එකෙන්

එතකොටයි එයාගෙත් මීටරේට ආවේ වැරදි channel එකක් තමා මෙච්චර වෙලා අල්ලන් හිටියේ කියලා.

පස්සේ මම කිව්වා "අශෝක හඳගමට සමහරු ආදරේට හඳයා කියලා කියනවලු. ඒක නිසා වෙන්නැති මෙහෙම වුණේ" කියලා.

මේ තියෙන්නේ විදූ film එකේ Official web site එක

ඕන් ඕකයි කතාව. ඇත්තද ටයිටස් තොටවත්තයන්ගේ හඳයා එක මේ ලඟදී දවසක ජාතික රූපවාහිනියේ ගියා කියන්නේ ?

9 comments:

  1. හඳයා චිත්‍රපටයයි අධ්‍යක්ෂක හඳයයි ටැපලිලා :P

    ReplyDelete
  2. තර්ඩ් මෑන් (SIDATH)ට
    ඒකනේ බන් scene එක කියන්නේ. ලංකාවෙනේ ඔහොම තමා

    ReplyDelete
  3. චිත්‍රපටි සංසංදනය කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඒත් හඳයා වගේ 'නොමියෙන' චිත්‍රපටියක් නම් ආයෙ දකින්න වෙයි කියල කියන්න අමාරුයි.

    ReplyDelete
  4. තමීර | Thameera ට
    අපෝ නැහැ යාළුවා. මම මේ කරලා තියෙන්නේ ඒ චිත්‍රපටි දෙක සංසන්දනය කිරීමක් නම් නෙමෙයි. මේක චිත්‍රපටියේ අධ්‍යක්ෂතුමා මාරු කරගෙන වුණු හුට පටයක් ගැන කතාවක්.

    "ඒත් හඳයා වගේ 'නොමියෙන' චිත්‍රපටියක් නම් ආයෙ දකින්න වෙයි කියල කියන්න අමාරුයි. "
    ඒක ගැන කිසිම විවාදයක් නැහැ. මමත් සම්පූර්ණයෙන්ම ඒකට එකඟයි.

    ReplyDelete
  5. හැම කඩන්න බැරි ලොක් එකක්ම හොඳ, ඒක හොරෙන් අරින්න යතුරක් හදන කං විතරයි.

    Any "safe" is safe until it is broken into.

    හොඳම විත්‍රපටිය හොඳම එක වෙන්නේ ඊට වඩා හොඳ එකක් හදලා පෙන්නන දවස වෙනං විතරයි.

    කතන්දරකාරයා

    ReplyDelete
  6. කතන්දරකාරයා ට
    කතන්දරසූරීන්ගේ විග්‍රහයෙත් ඇත්තක් තියෙනවා. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට කසූ

    ReplyDelete
  7. This story reminded me the story of Toomy and Hindemarsh. Bother to share that story?

    ReplyDelete
  8. ටයිටස් තොටවත්ත කියන නමත් අපේ ළමා කාලයත් යනු කොතරම් එකිනෙකට බැඳුණු දෙයක් දැයි කීමට වචන නැත. ටයි මාමා අපගේ රසවින්දනය මොට කළේ නැත. අපේ බස මස් කළේ නැත. ටයි මහත්තයා "මම නාසරතයේ ජේසු වෙමි" යි හඬ කැවුවේ ව්‍යාකරණ රීති නොබිඳෙන්නටය.සෝරෝ ත් දොස්තර හොඳහිත ත් අපේ කියමන් කිව්වේ ඔහුට පින් සිදුවන්නටය.අප ජීවත් වනතුරු ටයි මාමාත් අපේ මතකයේම කොටසකි.අපේ ටයි මාමා නිරෝගී වේවා. දිගාසිරි ලැබේවා!

    ReplyDelete
  9. @ Isuru Nanayakkara
    ටොම් සහ හයින්ඩ්මාර්ෂ් නෙමෙයි බන්. ටොම් සහ කිම්. හරි ආ අළුත්ම කතාව හැටියට ඒක ගන්න පුලුවන් :)

    ලකී වික්‍රමසිංහ ට
    ඒක ඇත්ත යාළුවා. දැන් කාලේ අතුල රන්සිරිලාල්ගේ අප්‍රභංසවලට වැඩියේ ටයි මාමා කරපු දොස්තර හොඳ හිත, සෝරෝ, ගලිවර් වගේම හුඟක් සම්භව්‍ය ඉංග්‍රීසී චිත්‍රපටි තාමත් ආසාවෙන් බලන්නේ අන්න ඒක නිසා තමා :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................