Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියලා කිව්වා.මුල්ම category එකෙන් මම හුඟක් කැමති History ත් දෙවෙනි category එකෙන් කලු කපුටෝ සුදු කරන Logic ඒ වගේම අන්තිම category එකෙන් මටත් දේශපාලනේ කරන්න පොඩියට වගේ idea එකක් තියෙන නිසා Political Science ත් තෝරගත්තා.
Political Science එහෙමත් නැත්නම් දේශපාලන විද්යාව period එක වෙලාවට අනිත් periods එහෙම කට් කරන අපේ අයියලා ටිකත් ඔක්කොම වගෙ පංතියේ හිටියා. මට තේරුණා සර් නම් පොරක් බව. Period එක වෙලාවට කට්ට කලු හැබැයි පට්ට සුදු දත් ටිකක් තියෙන වානගුරු සර් පංතියට ආවා.
පාඩම් කියල දෙන විදිහත් සර්ගේ නියමයි. මගෙන් ප්රශ්න දෙක තුනක් අහලා මට ලියාගන්න බැරිවුණු notes එහෙමත් සම්පූර්ණ කරගන්න කියලා සර් කිව්වා. පංතියේ set එකෙන් දැනගන්න ලැබුනු විදිහට සර් NCC Captain කෙනෙක්. අලුතින් ඉස්කෝලෙට ඇවිත් තියෙන්නේ. ශිෂ්ය භටයන් භාරව ඉන්නෙත් සර්ම තමා.
ඉතින් A/L කරපු අවුරුදු දෙකේ රසවත් සිද්ධි බොහොමයි. කොල්ලෝ සර්ට දාලා තිබුණු කාඩ් එක තමයි ඩැඩී. මොකද සර්ගේ නමේ මුල් අකුරු තුන තමයි D.A.D . ඒ වගේම ආදරේට වගේ "වානේ" කියලා නම කෙටි කරලත් කිව්වා.
සර් හැමෝටම එකම හැන්දෙන් තමා බෙදුවේ. පංතියේ ඉන්න කොච්චර දක්ෂ ළමයෙක් වුණත් වැරැද්දක් කළොත් දඬුවම් දෙන එක සර් කළා. මට ඒක හොඳටම මතක පංතියේ Political Science වලට හෙණම මීටරෙන් හිටිය ඕෂධිටත් මොකක් හරි සීන් එකකට දඬුවම විදිහට ඩෙස්ක් එක යටට රිංගන්න කියපු එක.
පංතියේ සර්ත් එක්ක කිසි ගේමක් නැතුව හොඳට ඉන්න නම් කරන්න තිබුණේ එකම එක දෙයක් "සර් පාඩම ඉගැන්වුවාම හොඳට ප්රශ්න අහන්න ඕනේ" ඒ method එක දැනගෙන හිටිය අපි කීප දෙනෙක්ම සර් එක්ක හොඳට හිටිය කිසි අවුලක් නැතුව.
එක පාරක් term test එකේ political science paper එක වෙලාවේ සර් පංතියේ ඉද්දිම මම මගේ එහා පැත්තේ හිටිය එකාට MCQ උත්තර ටික පෙන්නුවා.
පහුවෙනිදා උදේම සර් ඇවිත් අපි දෙන්නට කතා කරලා කියනවා "හසිතගෙත් MCQ paper එකේ 38 ක් හරි, අකලංකගෙත් MCQ 38 ක් හරි. හසිතගේ 14, 25 ප්රශ්න වැරදියි, අකලංකගෙත් ඒ ප්රශ්නම වැරදියි. මෙතන වුණේ මොකක්ද කියලා මම අනිවාර්යයෙන් හොයලා බලනවා" කියලා.
පස්සේ ඉතින් ඇත්තටම වුණු සිද්ධිය අකලංක සර්ට කිව්වා. පස්සේ සර් කියනවා "මට කේන්ති උඹලා දෙන්නා කොපි කරපු එකට නෙමෙයි. මෙතන මම පංතියේ ඉද්දිම උඹලා දෙන්නා මගේ කනෙන් රිංගලා මේ වැඩේ කරපු එකට" කියලා :))
කොහොම හරි අන්තිම දවස්වල අපි ඉස්කෝලේ යන්නෙත් නැහැනේ. සර් ගෙදරත් අපේ ළමයින්ව තියාගෙන ඉගැන්නුවා. මට නම් ඒවාට යන්න වුණේ නැහැ. මොකද මම කියලත් ඇති අපේ Logic මිස්ගේ නේවාසික පාඨමාලාවත් මට සෙට්වෙලා තිබුණනේ.
අපේ අන්තිම parents meeting එකේදී සර් අපේ තාත්තත් එක්ක මට පලු යන්න බැන්නා මම ඒ classes වලට ආවේ නැහැ කියලා. කොහොම හරි A/L Political Paper එක ලියලා ඉවරවෙලත් මම මුලින්ම සර්ට කතා කරලා paper එක ගැන විස්තරේ කිව්වා.
සර් ගැන මට තියෙන සොඳුරුම මතකය ගැන තමයි මේ කියන්න යන්නේ. මට උගන්වපු හැම ගුරුවරයෙක්ටම මම පොඩි තෑග්ගක් දුන්නා. තෑග්ග තමයි E.R. බ්රේත්වෙට් ලියපු To Sir with Love පොතෙන් මුදිත ගුණතිලක සිංහලයට පරිවර්තනය කරපු "ගුරු තරුව ඔබයි" පොත. මේ පොත ගැන මම මීට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. කැමති නම් කියවලා බලන්න.
ඒ වගේම මම පොතේ මුල් පිටුවේ පොඩි නිසඳැසකුත් ලියලා තිබුණේ.
පිපෙන්නට ළං වූ
මල් කැකුළකට
උපකාරයක් වූ
හිරු කිරණක් මෙන්
ජීවිතයේ බාධක මැද
අභියෝග මැද
ජයග්රහණය කර යන්නට
ඔබෙන් ලද මඟ පෙන්වීමට
ඔබට පිදෙන ප්රණාමයි
දයාබර ගුරු පියාණෙනි
මල් කැකුළකට
උපකාරයක් වූ
හිරු කිරණක් මෙන්
ජීවිතයේ බාධක මැද
අභියෝග මැද
ජයග්රහණය කර යන්නට
ඔබෙන් ලද මඟ පෙන්වීමට
ඔබට පිදෙන ප්රණාමයි
දයාබර ගුරු පියාණෙනි
ඒ දවස්වල ඒ කියන්නේ After A/L කාලේ අපි Senior Prefectsලා විදිහට ඉස්කෝලේ ඉන්න කාලේ. පොත දීලා දවස් දෙක තුනකට පස්සේ මට වානගුරු සර්ව හම්බුණා.
සර් කිව්වා "හසිත මෙච්චර කාලෙකට මගේ ගෝලයෙක්ගෙන් මට හම්බුණු අමතක නොවෙන තෑග්ගක් තමයි ඒ පොත. මම ඒක එක හුස්මට කියෙව්වා. ඇත්තටම වටින කියන පොතක්. මම ඒක Principalටත් ගිහින් දුන්නා කියවන්න. මගේ ගෝලයක් මට දීපු තෑග්ගක් කියලා"
පස්සේ A/L Results ඇවිත් මට Law Faculty යන්න පුලුවන්කම තියෙද්දිත් කැලණි Campus එකේ History කරන්න යන්න හදන එක ගැන සර් හුඟාක් දුක් වුණා වගේම දවසක් සර් පංතියක උගන්වන වෙලාවක මට එන්න කියලා පංතියේ ළමයින්ටත් මගේ කතාව කියලා මාව හුඟාක් වර්ණනා කළා.
අර කලින් කතාවේ ඉතුරු ටික වගේම හොඳම ටික තමයි මේ.
දවසක් ඕෂධී [අර ඩෙස්ක් එක යට රිංගලා හිටිය පොර] කතා කරලා කිව්වා. වානගුරු සර්ව දෙහිවල දෙහිවල මධ්ය මහා විද්යාලයට transfer කරලා. සර් තමයි දැන් ඒ ඉස්කෝලේ අලුත් Principal කියලා.
මම සර්ට wish කරන්න call එක ගත්තාම සර් කිව්වා "මම හසිතට කතා කරන්න හිටියේ. අලුත් ඉස්කෝලෙට ගිහින් තමා දවස් තුනයි. ඉස්කෝලට ගිය මුල්ම දවසේ මම Staff meeting එකක් ගත්තා.
ඒකෙදී ඔයා මට දීපු පොත පෙන්නලා, ඒ පොත මට දීපු ගෝලයා ගැනත් කියලා හැම ගුරුවරයෙක්ටම ඒ පොත අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න කියලා මම කිව්වා" කියලා......
ගෝලයෙක් විදිහට මට ඇත්තටම ඒ කතාව අහපුවාම හරිම සතුටුයි :)
ඉතින් තව තවත් දැයේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්න සර්ට හැකිවෙන්න කියලා හදවතින්ම මම ප්රාර්ථනා කරනවා
සර් අලුත් ඉස්කෝලේ කරන වැඩ ගැන මේ එකෙන් දැනගන්න පුලුවන්
http://www.dehiwalacentral.edu.lk/
ප.ලි.: හදිසියේම මේ කතාව කියන්න මතක් වුණේ මගේ අම්මත් ගුරුවරියක්. අම්මලාගේ ඉස්කෝලේ ළමයි ගිය අවුරුද්දක් ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්මලාටත් දීලා තිබුණේ ඒ පොත. ඒක මේ ළඟදී කියෙව්වා. ඒකත් එක්කම ඒ පොතත් එක්ක බැඳුණු මගේ සුන්දර මතකයත් සිහිය ආවා.................
ප.ප.ලි.: ලියන්නම් කියලා කිව්ව කතා list එකෙන් පිට කතාවක් තමයි මේක. මහින්දාගමනය film එක ගැන post එක ලියලා ඉවරයී. ඒකේ තියෙන අඩුපාඩු ටික හරියටම නිවැරදි කරගත්තාට පස්සේ ඒක publish කරන්නම්.
තෙසැත්තෑ බුද්ධ ඤාණ පූජා පිංකම ගැන විස්තර ඔක්කොම හොයාගෙන තියෙන්නේ. post එක ලියන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ඔක්කෝම comming soon :))
මුට මොකද වුනේ කියලා කීප දෙනෙක් හොයලත් තිබ්බා. ඒ හැමෝටමත් පින් :)











