ලංකාවේ බෞද්ධයන් පූජනීයත්වයේලා සළකන පූජනීය වස්තූන්, පූජනිය ස්ථාන රාශියක් ලංකාව පුරාම තිබෙනවා. මේ අතරින් බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ අවස්ථාවේ වැඩ සිටිය ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වෙන අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපිත ශ්‍රී මහා බෝධියටත්, තුන්වෙනි වරට ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ බුදුන් වහන්සේ සමනළ කන්දේ පිහිටවපු සිරිපා සළකුණටත්, ලෝකය පුරා ඇති බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කරලා තියෙන රුවන්මැලි මහා සෑයටත් බෞද්ධයන්ගේ විශාල ගෞරව සත්කාර හිමිවෙනවා.
මේ අතරිනුත් ලංකාවාසීන් බෞද්ධයන් ප්‍රමුඛත්වයේලා සළකන පූජනීය වස්තුව වෙන්නේ මහනුවර දළදා මාළිගාවේ තැන්පත් කර තිබෙන බුදුන් වහන්සේගේ වම් යටි දළදාව. එයට කෙතරම් ගෞරවාදරයක් ලාංකිකයන් දක්වනවාද කියනවා නම් දළදා හාමුදුරුවෝ, දළදා වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ කියන ගරු නම් එයට යොදා තිබෙනවා. ඒ හැරෙන්නට වර්තමානයේ ලංකාවේ රජෙක් නැති වුණත් ජීවමානව සිටින රජෙක්ට හා සමානව ගරු බුහුමන් ලබන්නේත් දළදා වහන්සේ.
අනුරාධපුර රාජධානි සමයේදී කළිඟු රටින් හේමමාලා සහ දන්ත යුවළ මෙරටට වැඩම කරවපු දළදා වහන්සේ ක්‍රමයෙන් වන්දනීය තත්වයකටත් වඩා බලවත් තත්වයකට පත්වුණා. ඒ ලක් සිහසුන හිමි තැනැත්තා සතුව අනිවාර්යෙන්ම දළදාව තිබිය යුතුයි කියන මහජන පිළිගැනීමත් එක්ක.
මේ හේතුව නිසා තමන්ගේ රාජ්‍ය බලය උපදින්නේ දළදා හාමුදුරුවෝ නිසා කියලා පිළිගත්තු රජ දරුවෝ කීප වරක්ම ලංකාද්වීපය දළදා වහන්සේට පූජා කෙරුණා ඒ වගේමයි දළදා වහන්සේට රජුන්ගේත් රජු විදිහට සළකලා පුද සත්කාර කරන්න නියම කළා. මේ නිසා දළදාව වැඩ වසන ගොඩනැගිල්ල "දළදා මාළිගාව" විදිහටත් රජතුමාගේ පුද්ගලික නිලධාරී මණ්ඩලය හා සමානව දළදා වහන්සේටත් පුද්ගලික නිලධාරීන් මණ්ඩලයක් පත් කෙරුණේ. දළදා වහන්සේට කළ යුතු වත් පිළිවෙත් සම්බන්ධව දළදා සිරිත නමින් පොත් පත් වගේම දාඨාවංසය, දළදා පූජාවලිය ආදී පොත් පත් එහෙමත් රචනා වුණා.
අනුරාධපුරයේ ඉදන් රාජධානි සංක්‍රමණය වීමත් දළදා වහන්සේත් නොයෙක් තැන්වලට වැඩම කරවලා අවසාන වශයෙන් මහනුවර දළදා මාළිගාවේ ස්ථීරවම තැන්පත් කෙරුණා. මේ කරුණු කාරණා තවත් දීර්ඝව විස්තර කරන්න පුලුවන් වුණත් එහෙම නොකරන්නේ මේ විදිහට පඳුරු තලාගෙන ආවේ අද කරන හෙළිදරව්වට ප්‍රවේශය ගන්න ඕනේ නිසා. .
ඒ තමා දළදා වහන්සේට කරන පුද සිරිත් කරන්නේ කොහොමද කියලා කියන එක. මේකෙදී වර්තමානයේ මහනුවර දළදා මාළිගාවේදී දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සිරිත් සම්බන්ධව තමා අද කතාවෙන් හෙළි කරන්න යන්නේ.
ඒ තමා දළදා වහන්සේට කරන පුද සිරිත් කරන්නේ කොහොමද කියලා කියන එක. මේකෙදී වර්තමානයේ මහනුවර දළදා මාළිගාවේදී දළදා වහන්සේ වෙනුවෙන් කරන පුද සිරිත් සම්බන්ධව තමා අද කතාවෙන් හෙළි කරන්න යන්නේ.
මේ මේ වේලාවන්වලදී ආහාර ගිලන්පස ආදිය පූජා කරලා දළදා පූජාව පවත්වනවා කියලා කියනවා ඇරෙන්න ඒ තොරතුරු සවිස්තරාත්මකව දක්වලා තියෙනවා මම දැකලා නැහැ. ඒ වගේමයි මේ පුද සිරිත් රහසිගතව ඒවාට සම්බන්ධ වෙන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කිරීම නිසා ඒවා සම්බන්ධ දන්නා පිරිස බොහොම සීමිත වෙලා තිබෙනවා.
ඒ කෙසේ වෙතත් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් විදිහට 1922 සිට 1927 දක්වා සේවය කරපු ඉංග්‍රීසි ජාතික ඒ.එම්. හෝකාර්ට් මහතාට මේ සියලු පුද සිරිත් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය හිමිවෙනවා විතරක් නෙමේ ඒ සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධව විමසීමටත් අවස්ථාව උදා වෙනවා.
ඒ.එම්. හෝකාර්ට්
ඒ කෙසේ වෙතත් ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් විදිහට 1922 සිට 1927 දක්වා සේවය කරපු ඉංග්‍රීසි ජාතික ඒ.එම්. හෝකාර්ට් මහතාට මේ සියලු පුද සිරිත් නිරීක්ෂණය කිරීමේ භාග්‍යය හිමිවෙනවා විතරක් නෙමේ ඒ සම්බන්ධව කටයුතු කරපු පුද්ගලයන්ගෙන් ඒ සම්බන්ධව විමසීමටත් අවස්ථාව උදා වෙනවා.
දළදාව උදෙසා සිදු කරන පුද සිරිත් සඳහා "තේවාව" කියන වචනය භාවිතා කෙරෙනවා. මේ වචනය සැකසුණාය කියන්නේ "තේවෛයි" කියන දමිළ වදනින් කියලා තමා පිළිගැනෙන්නේ. රජතුමෙක්ට කරන පුද සත්කාර සහ ආවතේව සඳහා තමා තේවෛයි කියන වදන භාවිතා වෙලා තියෙන්නේ. ලංකාවේදී දළදාවටත් රජෙක් හා සමානව පුද සත්කාර කිරීමත් එක්ක "තේවාව" කියන යෙදුම භාවිතා වෙලා තියෙනවා. මේ හැරෙන්නට බුදුන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරද්දී උන්වහන්සේට අග්‍ර උපස්ථායක ආනනද හාමුදුරුවෝ කරපු පුද සත්කාරත් මේ තේවාවේදී ගුරු කොට ගන්නවා.
මහනුවර දළදා මාළිගාවේ සිදු කෙරෙන දළදා තේවාව ගත්තාම ඒක භික්ෂූන් වහන්සේලාගේ වගේම ගිහි නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් තමා සිදුවෙන්නේ. මේ සඳහා සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලා සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව දෙකට තමා අයිති වෙන්නේ.
වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව ද්විත්වය අතර මේ තේවාව හුවමාරු වීම ඇසළ පොහොය දවසට සිදුවෙන වස් සමාදන් වීමත් එක්ක සිදු වෙනවා. තේවාව සඳහා භික්ෂූන් වහන්සේලාව තෝරාගද්දි උන්වහන්සේලාගේ කැපවීම වගේම වගකීම් දැරීම ආදිය සම්බන්ධවත් සොයලා බලන බවයි කියවෙන්නේ.
වාර්ෂිකව මල්වතු හා අස්ගිරි පාර්ශව ද්විත්වය අතර මේ තේවාව හුවමාරු වීම ඇසළ පොහොය දවසට සිදුවෙන වස් සමාදන් වීමත් එක්ක සිදු වෙනවා. තේවාව සඳහා භික්ෂූන් වහන්සේලාව තෝරාගද්දි උන්වහන්සේලාගේ කැපවීම වගේම වගකීම් දැරීම ආදිය සම්බන්ධවත් සොයලා බලන බවයි කියවෙන්නේ.
ඒ වගේමයි එක් වරම දළදා තේවාව සඳහාත් තෝරාගත් භික්ෂූන් වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ නැහැ. මුලින්ම දළදා මාළිගාවේ පත්තිරිප්පුවට පිවිසෙන දොරටුව අසළ තිබෙන පල්ලේමාලේ විහාරයේ තේවාව සඳහා තමා උන්වහන්සේලාට අවස්ථාව හිමිවෙන්නේ. පල්ලේමාලේ විහාරයේ කටයුතු හොඳින් සිදු කිරීම මත වැඩ සිටින මාළිගාවේ එහෙමත් නැත්නම් ඉහළ මාලයේ වැඩ වසන දළදා වහන්සේ උදෙසා තේවාව සිදු කිරීමේ භාග්‍යය උන්වහන්සේලාට හිමිවෙනවා.
ගිහි නිලධාරීන්ව ඒ ඒ අවස්ථාවලදී හඳුන්වා දෙන එක කරන්නම්. එක දෙයක් පමණක් මේ අවස්ථාවේ කියන්නම් ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න එක.
ගිහි නිලධාරීන්ව ඒ ඒ අවස්ථාවලදී හඳුන්වා දෙන එක කරන්නම්. එක දෙයක් පමණක් මේ අවස්ථාවේ කියන්නම් ඒ තමා දළදා වහන්සේට සමීපවම රාජකාරි කරන නිලධාරීන් කීප දෙනෙක් ඉහළ කුලවලින් තෝරා ගන්න එක.
දළදා තේවාව සිදු කරන්නේ දළදා වහන්සේ වෙනුවෙන්නේ. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයිනේ. ඒත් දළදා වහන්සේ වැඩ සිටින තැන ගැන හරියටම කියන්න එපැයි. දළදා මාළිගාවේ මධ්‍යයේ තියෙන පැරණි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ තමා දළදාව තැන්පත් කරලා තිබෙන්නේ.
මේ නිසා ඒ ගොඩනැගිල්ල වැඩසිටින මාළිගය විදිහට හඳුන්වනවා. මේ ගොඩනැගිල්ලට පහළ තට්ටුවෙන් වගේම ඉහළ තට්ටුවෙනුත් පිවිසීමේ හැකියාව තිබෙනවා. [දළදාව වැඩ සිටින මාළිගය සම්බන්ධව ඉදිරියේදී වෙනමම සටහනක් ලියන්න අදහසක් තියෙන නිසා වැඩි විස්තරයක් මෙතනදී කරන්න බලාපොරොත්තුවක් නැහැ]
දළදා තේවාව සුපුරුදු පරිදි දිනපතා කුමන වාතාවරණයකදී වුවත් පැවැත්වෙනවා. මේ දළදා තේවාවේ ආරම්භය සිදුවෙන්නේ උදෑසන 5.15 ට පමණ ආරම්භ වෙන "අලුයම් පූජාවෙන්". දළදා මාළිගාවේ හේවිසි වාදනය භාර වෙලා ඉන්න පිරිස වැඩසිටින මාළිගාවේ ඉදිරියේ තිබෙන හේවිසි මණ්ඩපයේ ඉදන් හේවිසි වාදනය ආරම්භ කිරීමත් එක්ක තමා අලුයම් පූජාව ආරම්භ වෙන්නේ.
මුලින්ම ගිහි නිලධාරීන් තමන්ට නියමිත නිල ඇඳුමින් සැරසිලා තේවාව භාර භික්ෂූන් වහන්සේලා වැඩම කරවාගෙන එන්න පිටත් වෙනවා. දළදා මාළිගාවේම කොටසක තේවාව භාරව සිටින මල්වතු පාර්ශවයේ හෝ අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරනවා. උන්වහන්සේලාත් ඒ අවස්ථාව වෙද්දී තුන් සිවුරින් සැරසිලා සිවුරු එහා මෙහා යන එක වළක්වන්න පටියකුත් ඉණ වටා බැඳගෙන සූදානම් වෙලා ඉන්නේ.
උන්වහන්සේලා තේවාවට එකතු වුණාට පස්සේ සිවුරු සකස් කිරීම දළදා වහන්සේට කරන අගෞරවයක් විදිහටයි සැලකෙන්නේ. ඒ වගේමයි ඒ ආකාරයෙන් සැරසී නොසිටින භික්ෂූන් වහන්සේලාට දළදා තේවාවට සම්බන්ධ වීමත් තහනම්. උදාහරණයක් විදිහට කිව්වොත් එක අවස්ථාවක දළදා තේවාවට අස්ගිරි මහානායක හාමුදුරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා මම දැක්කා. උන්වහන්සේ පවා මේ ආකාරයෙන් තමා සැරසිලා හිටියේ.
ගිහි නිලධාරීන් තේවාව භාර භික්ෂූන් වහන්සේලාට නමස්කර කළාට පස්සේ වට්ටෝරු රාළ [වැඩ සිටින මාළිගාවේ යතුරු ඒ වගේම තේවාව සඳහා භාවිතා කරන භාණ්ඩවල වගකීම භාරව ඉන්න නිලධාරියා] තේවාව භාර ප්‍රධාන භික්ෂූන් වහන්සේගෙන් වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල භාර ගන්නවා. මේ යතුරු කැරැල්ල මිටියක් විදිහට තමා පේන්න තියෙන්නේ ලේන්සුවලින් ඔතලා තියෙන නිසා.
මේ යතුරු කැරලි මිටියේ උඩින්ම තියෙන ලේන්සුව ඉවත් කළාම පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල තියෙන මිටිය තිබෙනවා. ඒකට පස්සේ තියෙන ලේන්සුව ඉවත් කළාම තමා වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල තියෙන්නේ. වට්ටෝරු රාළ යතුරු මිටියේ උරහිසේ රඳවා ගැනීමත් එක්ක පැරණි සම්ප්‍රදායට පන්දම්කරුවෙක් පෙරටු කරගෙන තමා තේවාව භාර භික්ෂූන් වහන්සේලාව වැඩ සිටින මාළිගාව ඉදිරිපිටට ගිහි නිලධාරීන් විසින් වැඩම කරවා ගෙන එන්නේ.
තේවාව භාර භික්ෂූන් වහන්සේලා සහ දියවඩන නිළමේතුමා ප්‍රමුඛ ප්‍රධාන ගිහි නිලධාරීන්
[මෙහි දකුණු පස පොදියක් කරේ තබාගෙන සිටිනේ වට්ටෝරු රාළ]
මේ යතුරු කැරලි මිටියේ උඩින්ම තියෙන ලේන්සුව ඉවත් කළාම පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල තියෙන මිටිය තිබෙනවා. ඒකට පස්සේ තියෙන ලේන්සුව ඉවත් කළාම තමා වැඩ සිටින මාළිගාවේ යතුරු කැරැල්ල තියෙන්නේ. වට්ටෝරු රාළ යතුරු මිටියේ උරහිසේ රඳවා ගැනීමත් එක්ක පැරණි සම්ප්‍රදායට පන්දම්කරුවෙක් පෙරටු කරගෙන තමා තේවාව භාර භික්ෂූන් වහන්සේලාව වැඩ සිටින මාළිගාව ඉදිරිපිටට ගිහි නිලධාරීන් විසින් වැඩම කරවා ගෙන එන්නේ.
වැඩ සිටින මාළිගාව ඉදිරියට පැමිණියාම තේවාව භාර භික්ෂූන් වහන්සේලාගේ පා ධෝවනය කිරීම සිදු කෙරෙනවා. ඊට පස්සේ වැඩ සිටින මාළිගාව ඉදිරියේදී යතුරු මිටිය ලෙහන වට්ටෝරු රාළ පල්ලේමාලේ විහාරයේ යතුරු කැරැල්ල සහ භික්ෂූන් වහන්සේලාව පල්ලේමාලේ විහාරයේ කටයුතුවලට සම්බන්ධ පල්ලේමාලේ රාළ ඇතුළු නිලධාරීන් එක්ක පිටත් කරනවා.
වැඩසිටින මාළිගයට පහත මාලයෙන් පිවිසෙන දොරටුව. [දොරටුව අසළ සිටින්නේ දොරකඩ ආරච්චි]
පස්සේ වට්ටෝරු රාළ වැඩ සිටින මාළිගාවේ පහළ මාලයේ දොරටුව විවෘත කරනවා.පහත මාලයට පිවිසෙන තේවාව භාර භික්ෂූන් වහන්සේලා අභ්‍යන්තරයේ තියෙන සෝපානයෙන් දළදාව තැන්පත් කර තිබෙන ඉහළ මාලයට පිවිසෙනවා.
වට්ටෝරු රාළ පිළිවෙලින් ඉහළ මාලයේ රිදී දොරත් ඊට පසුව දළදාව වැඩ සිටින ගන්ධ කුටියේ රන් දොරත් විවෘත කරනවා. මේ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙන්න ඝණ්ඨාරය නාද කෙරෙනවා. තේවාව ආරම්භ කරන්න කලින් පත්කඩේ එළලා භික්ෂූන් වහන්සේලා වගේම ගිහි නිලධාරීනුත් පසඟ පිහිටවලා දළදා වහන්සේට නමස්කාර කරනවා.
ඉහළ මාලයේ රිදී දොර සහ රන් දොර පිළිවෙලින්
ඉහළ මාලයේ වසා ඇති රිදී දොරටුව
වට්ටෝරු රාළ පිළිවෙලින් ඉහළ මාලයේ රිදී දොරත් ඊට පසුව දළදාව වැඩ සිටින ගන්ධ කුටියේ රන් දොරත් විවෘත කරනවා. මේ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙන්න ඝණ්ඨාරය නාද කෙරෙනවා. තේවාව ආරම්භ කරන්න කලින් පත්කඩේ එළලා භික්ෂූන් වහන්සේලා වගේම ගිහි නිලධාරීනුත් පසඟ පිහිටවලා දළදා වහන්සේට නමස්කාර කරනවා.
ඊට පස්සේ දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට තේවාව භාර භික්ෂූන් වහන්සේලා පිවිසෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේලා දළදාව ඉදිරියේ තිබෙන පූජාසනය ඉදිරියට වෙලා නමස්කාර කරමින් මේ ගාථා තුන සජ්ඣායනා කරනවා.
යේ ධම්මා හේතුප්පභවා - තේසං හේතු තථාගතෝ ආහ
තේසං ච යෝ නිරෝධෝ - ඒවං වාදි මහාසමණෝ
තිට්ඨංතෙ නිබ්බුතෙ වාපි - සමචිත්තේ සමං ඵලං
චේතෝපණි දිට්ඨේහි - සත්ථා ගච්ඡන්ති සුග්ගතිං
යාවතා භගවා ලෝකේ - තිට්ඨ්‍යෙය තව සාසනං
තාව තත්වාන ගණ්හාතු - පූජං ලෝකානුකම්පයා
මේ ගාථා සජ්ඣායනාව නිමාවීමත් එක්ක නැවත වරක් භිෂූන් වහන්සේලා දළදාවට නමස්කාර කිරීමත් එක්කම කත්තියන රාළ [වැඩ සිටින මාළිගාවට බුද්ධ පූජාව හේම කඳෙන් රැගෙන ඒම, පාත්‍රවලට දානය බෙදීම වගේ කාර්යය ඉටු කරන නිලධාරියා] විසින් දළදා වහන්සේ වෙනුවෙන් රන් කෙණ්ඩි දෙකකට ජලය පුරවලා භික්ෂූන් වහන්සේලාගේ අතට පත් කරනවා.
මහනුවර මහ දේවාලයේ ඇති රිදී පැන් කෙණ්ඩියක්.
දළදා මාළිගාවේද ඇත්තේ මේ ආකාරයේම එකක් විය හැකිය.
දළදා මාළිගාවේද ඇත්තේ මේ ආකාරයේම එකක් විය හැකිය.
මේ එක් කෙණ්ඩියක ජලය පානීය ජලය විදිහටත් තමා සැලකෙන්නේ. ඒ නිසා ඒ කෙණ්ඩිය මදක් ඉහළට ඔසවලා දළදා වහන්සේට පැන් පූජාවක් විදිහට පූජා කරලා භික්ෂූන් වහන්සේලා මේ ගාථාව සජ්ඣායනා කරනවා.
මධූ ච තලූනේ නාථ - ජාල චිත්තේ සුලක්ඛණේ
සභාවා පරිසුද්ධෙන - සෝධෙතු කර පල්ලවේ
මේ පැන් පූජාවෙන් පස්සේ භික්ෂූන් වහන්සේ නමක් රන් මිටකට දැහැටි කූරක් සවි කරලා තුන් වරක් ඉහළට පහළට දැහැටි කූරගෙන අරගෙන ගිහින් දත් මදින ආකාරය දක්වලා දැහැටි කූර දළදාවට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා.
නාගලතා දන්ත කට්ඨං - අනෝතත්තෝදකං යථා
පතිගණ්හාතු භගවා - දන්ත පෝනෝදකං ඉමං
ඊට පස්සේ රන් මිටෙන් දැහැටි කූර ඉවත් කරලා රන් මිට නැවත වතාවක් පූජාසනයෙන් තියලා දැහැටි භාවිතා කිරීමෙන් පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය සේදීම සංකේවත් කරමින් අනික් රන් කෙණ්ඩියේ තිබෙන ධෝවනය සඳහා තියෙන ජලය තෙවරක් කලාන්සියට [පඩික්කමට] වත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථාව සජ්ඣායනා කරනවා.
භදන්තානන්ද ථෙරෝ ව - සුද්ධ කප්පෙන චාරිනා
නහාපයං අහං සාක්‍ය - පුංගචං ලෝක සොත්ථියා
ඊට පස්සේ තෙත මාත්තුව සඳහා භාවිතා කෙරෙන සළුව තෙවරක් ඉහළට පහළට අරගෙන ගිහින් බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛය පිස දැමීන සංකේතවත් කරනවා. ඒ අවස්ථාවේදී මේ ගාථා සජ්ඣායනා කරනවා.
ධාවන්ත සර්දබ්බේවා - උපරුපා පාරින්දනා
විසුද්ධවාසසා තුය්හං - කරොමි මුඛ පුංචනම්
තනුසෙට්ඨ දුකුලේන - පාටවාස සුගන්ධිනා
කරොමි මුනිනෝ භන්තෙ - නහනෝදක පුංගවම්
ඊට පස්සේ රන් හුයෙන් කරපු තුන් සිවුර දළදා වහන්සේට පූජා කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා.
කොස්‍යෙය කාසි ජාතෙන - කුංකුමාරට්ඨ කන්තිනා
තිචීවරෙන භගවන්තං - අච්ඡාදෙමි තථාගත
ඊට පස්සේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ධෝවනය කිරීම සංකේතවත් කරමින් තෙවරක් කාලාන්සියට ජලය වත් කරලා මේ ගාථාව සජ්ඣායනා කරනවා.
සබ්බකාර චරෝපේත - චක්ක ලක්ඛණ මණ්ඩිතම්
නාථ ධෝවාමි පාදේථ - දේවා බ්‍රහ්මාහි වන්දතේ
ඊට පස්සේ දළදා වහන්සේ තැන්පත් කරලා තිබෙන කරඬුව තබා තිබෙන මුතු මැණික් සහ රනින් සරසපු ආසනය පූජා කිරීම මේ ගාථාව සජ්ඣායනා කිරීමෙන් සිදු කරනවා.
නානා මණි සුවණ්ණේසි - කාසිතම් චාරු භාසුරං
මහාරහාමි ඉධං සාධු - ආසනං දෙමි සත්ථුනෝ
රන් අවාන හෙවත් වටාපත
මේ අවස්ථාවේදීම රනින් කරපු අවානෙන් දළදා වහන්සේට තෙවරක් පවන් සැලීමත් සිදු කරනවා. අවානෙන් පවන් සැලීමෙන් පස්සේ අවාන පසෙකින් තියෙලා චාමරය අරගෙන මේ ගාථාව සජ්ඣායනා කරමින් චාමර සලනවා.
තිලෝක නාථං බුද්ධං - සිද්ධම් සුද්ධ ගුණාකරම්
මහාරහේන සුගතං - පූජකේ චාමරේනහං
ඊළඟට සිද්ධ වෙනේ බුදුන් වහන්සේගේ මධුර වුණු ධර්ම දේශනා ස්වරයට පූජෝපහාරයක් විදිහට රන් මිණි ගෙඩියක් නාද කරමින් මිණි පූජාව සිදු කිරීම. එය සිදුවෙද්දි මේ ගාථාව සජ්ඣායනා කරනවා.
ඝංටාර චානුකාරෙන - සරෙන මධුරේනවා
යං ධම්ම දේසයි සත්ථා - තස්සා ඝංටාය පූජයේ
දළදා මාළිගයේ ඇති රිදී පහනක්
මේ පූජාවෙන් පස්සේ මෙතෙක් පූජා කටයුතු සඳහා භාවිතා කරපු පූජා උපකරණ සියල්ලම ගන්ධ කුටියෙන් බැහැරට ගෙනියනවා. ඊට පස්සේ කපුරු ආධාරයෙන් පහන් දල්වලා වර්තමානයේදී පවා පහන් පූජාවේදී සජ්ඣායනා කරන ගාථාව සජ්ඣායනා කරනවා.
ඝනසාරප්ප දිත්තේන - දීපෙන තමදංසිනා
තිලෝක දීපං සම්බුද්ධං - පූජයාමි තථාගතං
පහන් පූජාවෙන් පස්සේ තේවාව භාර භික්ෂූන් වහන්සේලා කලින් දවසේ සන්ධ්‍යාවේදී පූජා කරපු මල් ඉවත් කරලා සඳුන් කපුරාළ [දළදා වහන්සේට පූජා කරන මල්වලට පැන් ඉසීම, පූජා කටයුතු සඳහා යොදාගන්න සඳුන් ගලගා සකස් කිරීම භාර නිලධාරියා] සකස් කරලා තියෙන සඳුන් දමා ඇති බඳුනෙන් සඳුන් අරගෙන ගන්ධ කුටියේ ඉසීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීත් මේ ගාථාව සජ්ඣායනා කරනවා.
සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා අහං ගන්ධෙන - පූජයාමි තථාගතං
ඊට පස්සේ දළදා මාළිගාවට මල් සපයන්නා විසින් සපයපු මල් රන්තැටියේ තැන්පත් කරනවා. මෙහිදී මල් විදිහට බොහෝ විට පූජා කෙරෙන්නේ පිච්ච, සමන් පිච්ච කියන මල්. මල් පූජාව සිදු කරද්දී මේ ගාථාව සජ්ඣායනා කරනවා.
වණ්ණ ගන්ධ ගුණෝපේතං - ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස - සිරිපාද සරෝරුහේ
මල් පූජාවෙන් පස්සේ අලුයම් පූජාවේ මුල් කොටස අවසන් වෙනවා. ඒ සමඟම ඝණ්ඨාරය තෙවරක් නාද කරනවා වගේම හේවිසි වාදනය නවත්වනවා. ඊට පස්සේ දළදා තේවාවට සම්බන්ධ වුණු භික්ෂූන් වහන්සේලා පත්කඩේ එළලා පසඟ පිහිටුවලා දළදා වහන්සේට නමස්කාර කරනවා. ඒ සමඟම
වැඩ සිටින මාළිගයේ ඉහළ මාළයට පිවිසිය හැකි දොරටුව විවෘත කරලා වන්දනාකරුවන්ට දළදා වහන්සේ තැන්පත් කොට තිබෙන කරඬුව දැක බලා වන්දනා කිරීමට, මල් පූජා කිරීමට අවස්ථාව ලබාදෙනවා. මේ අවස්ථාවේදී දොරටුව අසළ සිටින ගිහි නිලධාරියෙක්ට දළදා වහන්සේට පූජා කිරීම සඳහා මල් ලබාදෙන්නත් වන්දනාකරුවන්ට පුලුවන්.
මේ අවස්ථාවේදී තමා අලුයම් පූජාවේ මීළඟ කොටස ආරම්භ කරන්න කත්තියනරාළ බුද්ධ පූජාව රැගෙන එන්න මුළුතැගෙයට පිටත් වෙන්නේ.
ඊළඟට සිදුවන කටයුතු සහ අනෙකුත් තේවාවන් ගැන මීළඟ සටහනෙන් කියන්නම්. මේ විදිහට කොටස් කරන්නේ එකක් ගොඩක් කරුණු එක පාරම කිව්වාම වෙන ගැටළු අවම කරවන්න. ඒ වගේමයි නොතේරෙන දෙයක් තියෙනවා නම් තවත් සවිස්තරාත්මකව මීළඟ සටහනට ඇතුළත් කරන්න.
සටහන ලියන්න උපයෝගී කරගත්තේ ඒ.ඇම්. හෝකාර්ට්ගේ වාර්තාවත් ඇතුළත් කරමින් සරත්චන්ද්‍ර ජයකොඩි විසින් රචනා කළ සිරි දළදා පවත කෘතිය, බුදුසරණ, සිළුමිණ හා දිවයින පුවත්පත්වල පළවූ ලිපි කීපයක් සහ මගේ අත්දැකීම් කීපයක්.
ඡායාරූප බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් සොයා ගත්තේ. පූජා භාණ්ඩවල ඡායාරූප ලබාගත්තේ ආනන්ද කුමාරස්වාමි මහතා විසින් රචනා කළ ලද Medieval Sinhalese Art කෘතියේ සිංහල පරිවර්තනය වූ මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙන්.