Sunday, January 13, 2013

සැරියුත්, මුගලන් හිමිවරු මතු බුදුවේ යැයි බුදුන් වහන්සේ විවරණ දෙති



බෞද්ධ, හින්දු, කිතුණු පොත් හොය හොය ඉද්දී පහුගිය දවසක මට කියවන්න ලැබුණා මහායාන බුදු දහමේ ප්‍රධානම ග්‍රන්ථයක් විදිහට සැලකෙන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය. ඒ සූත්‍රය කියවද්දී සිත් ඇදගන්නා සුළු වගේම විශේෂයි කියලා හිතුණු කරුණු ටිකක් බෙදා හදාගන්නයි අද මගේ කල්පනාව. 

මේ සූත්‍රයත් පටන් ගන්නේ ථේරවාදී බුදු දහමේ සූත්‍ර පටන් ගන්න ආකාරය වෙන "මා විසින් මෙසේ අසන ලදී" කියන වාක්‍යයෙන්. බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. 

ථේරවාදී බුදු සමයේ නිවන් අවබෝධ කරගන්නා වූ ත්‍රිවිධාකාර මාර්ගයන් දක්වනවා. තුන්තරා බෝධි නමින් හඳුන්වන ලොව්තුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය තමා මේ ත්‍රිවිධාකාර මාර්ග. මේ මාර්ග තුනෙන් එකකට පත්වෙන පුද්ගලයා නිවන් අවබෝධ කරගන්නවා කියලා තමා ථේරවාදී බුදු දහමේ ඉගැන්වෙන්නේ. 

ඒත් මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. ඒක හොඳින්ම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් අවධාරණය කරනවා. ථේරවාදී බුදු සමයේ දැක්වෙන විදිහට නිවන් අවබෝධ කරගනිපු මහ රහතන් වහන්සේලා වුණු සැරියුත්, මුගලන් ආදී වූ ශ්‍රාවකයන් වහන්සේලා අනාගතයේදී බුද්ධත්වයට පත්වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නා ආකාරය මේ සූත්‍රයේදී විස්තර කෙරෙනවා.

ඒකේ දැක්වෙන විදිහට බුදුන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලා හැමෝටම වගේ නියත විවරණ ලබා දෙනවා මතු බුදුවෙනවාය කියලා. 

ඒ අනුව අනාගතයේදී සැරියුත් මහ රහතන් වහන්සේ පද්ම ප්‍රභා නමින්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රශ්මි ප්‍රභාශ්වර නමින්, සුභූති රහතන් වහන්සේ ශෂිකේතු නමින්, මහා කච්චායන මහ රහතන් වහන්සේ ජම්බුනදප්‍රභාස නමින්, මුගලන් මහ රහතන් වහන්සේ තමාලාපත්‍රචන්දන ගන්ධ නමින්, පුණ්ණ මන්තානිපුත්ත මහ රහතන් වහන්සේ ධර්ම ප්‍රභාශ්වර නමින් බුද්ධත්වයට පත් වෙනවා.  

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන බුදුන් වහන්සේ

ඒ වගේමයි බුදුන් වහන්සේ දේශනා කරන පරිදි ඒ අවස්ථාවේ ගිජුකුළු පව්වේ වැඩ සිටිය දොළොස් දහසක් පමණ වුණු මහ රහතන් වහන්සේලා සියලු දෙනාම අනාගතයේදී අනුපිළිවෙළින් බුද්ධත්වයට පත්වෙනවා. උන් වහන්සේලා සියලු දෙනාවම හඳුන්වන්නේ සමන්තප්‍රභාස බුදුන් වහන්සේ කියලා. 

මේ හැරෙන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තිබෙන තවත් සිත් ඇදගන්නා සුළු කතා පුවතක් තමා බුදුන් වහන්සේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරද්දී බුදුන් වහන්සේ ඉදිරියෙන් සත් රුවනින් සෑදුණු මහා ස්ථූපයක් පහළ වුණු සිදුවීම.

යොදුන් 500 ක් උස යොදුන් 250 ක් පළල වුණු මේ මහා ස්ථූපය මහ පොළව පලාගෙන තමා මතු වෙන්නේ. ස්ථූපයේ හතර වටින් සඳුන් සුවඳක් විහිදෙනවා වගේම ධජ පතාකවලින් ස්ථූපය අලංකාර කරලා තියෙන්නේ. මේ ස්ථූපයට දෙව් බඹුන් පුද පූජා පවත්වන්න පටන් ගන්නවා.

ඒ අවස්ථාවේදී ස්ථූපයෙන් හඬක් නිකුත් වෙලා "තථාගත ශාක්‍ය මුනින්ද්‍රයාණෙනි, ඔබවහන්සේ බුදුවරුන්ගේ මනසේ තබා ආරක්ෂා කොටගෙන සිටින්නා වූ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මේ මහා සභාවේ සිටින සියලු දෙනා ඉදිරියේ විශිෂ්ඨ අන්දමින් දේශනා කරන්නෙහිය. ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයකි" කියලා ප්‍රකාශ කරනවා. 

මේ සිද්ධියෙන් සභාවේ සියලු දෙනාම පුදුමයට පත්වෙනවා. ඒ නිසාම මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ මේ ස්ථූපය කුමන හේතුවක් නිසා පැන නැඟුණාද කියලා බුදුන් වහන්සේගෙන් විමසනවා.

ඒකට පිළිතුරු වශයෙන් බුදුන් වහන්සේ වදාරනවා ඉතාම ඈත අතීතයේ ප්‍රමාණ කළ නොහැකි දහස් දස දහස් ලක්ෂ කෝටි ගණන් ලෝක ධාතුවලට නැගෙහිරට වන්නට තිබුණු රත්න විසුද්ධි ලෝක ධාතුවේ වැඩ වාසය කරපු ප්‍රභූතරත්න නම් බුදුන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේදී අධිෂ්ඨාන කරනවා අනාගතයේ දස දිසාවේ කිසියම් තැනක සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරනවාද එයට සවන් දීමටත් එය සත්‍යයි කියලා වර්ණනා කරන්නත් තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා

ඒ අධිෂ්ඨානය පරිද්දෙන්ම එය සිදුවුණු බව බුදුන් වහන්සේ වදාරනවා. මේ විස්තරය අහපු මහා ප්‍රතිභාන බෝසතාණන් වහන්සේ කියනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරය දැකගන්න අපි කැමතියි. ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යය බලයෙන් උන්වහන්සේව අපට පෙන්වන්න කියලා.

ඒකට පිළිතුරු විදිහට බුදුන් වහන්සේ වදාරනවා ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න ස්ථූපය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම සිව් වණක් පිරිසට මගේ දේහය දැකගන්න අභිලාෂයක් ආවොත් එය පෙන්වන්නේ දස දිසාවේ ධර්මය දේශනා කරන බුදුන් වහන්සේගේ නිර්මිත බුදුවරු ආපසු ගෙන්වා එක් රැස් කරලා ඒ බුදුන් වහන්සේගේ වටා සිටීමෙන් පසුවයි කියලා.

මහා ප්‍රතිභාන බෝසතණාන් වහන්සේ ඇතුළු පිරිස බුදුන් වහන්සේගෙන් ප්‍රභවය වුණු දස දිසාවේ සිටින බුදුවරුන් දැකගන්න කැමති වුණු නිසා බුදුන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවෙන් ආලෝක ධාරා විහිදිලා දස දිසාවේම තියෙන ලෝක ධාතුවල ධර්මය දේශනා කරන බුදුන් වහන්සේලාව පෙන්නුම් කෙරෙනවා.

ඒ අවස්ථාවේදී ඒ ඒ බුදුන් වහන්සේලා ශාක්‍යමුනි [ගෞතම] බුදුන් වහන්සේගේ සිතැඟියාව තේරුම් අරගෙන සභා ලෝකයට වැඩම කරවනවා. මේ ආකාරයෙන් දස දිසාවෙන් වැඩම කරවන බුදුන් වහන්සේලාට වැඩ ඉන්න බුද්ධ ක්ෂේත්‍ර ශාක්‍යමුනි බුදුන් වහන්සේ විසින් මවනවා.

අවසානයේදී දස දිසාවේම බුදුන් වහන්සේලා වැඩම කරවීමෙන් පස්සේ ශාක්‍යමුනි බුදුන් වහන්සේ වැඩ සිටි අසුනෙන් අහසට වැඩම කරලා රතන ස්ථූපය දොර විවෘත කරනවා. මහා නගරයක දොරටුවක් විවර වෙන හඬින් මේ ස්ථූපයේ දොරටුව විවර වෙනවා සමඟම සිහසුනක වැඩ ඉන්න ප්‍රභූතරත්න බුදුන් වහන්සේව සියලු දෙනාටම දැකගන්න පුලුවන් වෙනවා.

ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටින ප්‍රභූතරත්න බුදුන් වහන්සේගේ ශරීරයෙන් නැවත වරක් "සාධු සාධු ශාක්‍යමුනි බුදුන් වහන්ස, ඔබ වහන්සේ දේශනා කරන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ශ්‍රවණය කිරීමට මම මෙහි පැමිණියෙමි" කියන හඬ නිකුත් වෙනවා. 

ශාක්‍යමුනි බුදුන් වහන්සේ හා ප්‍රභූතරත්න බුදුන් වහන්සේ දැක්වෙන මූර්තියක්

ඒ අවස්ථාවේදී ප්‍රභූතරත්න බුදුන් වහන්සේ වැඩ සිටින සිහසුනේ අඩක වැඩ ඉන්න ශාක්‍ය මුනි බුදුන්වහන්සේ පහළ සිටින සිව් වණක් පිරිසගේ සිතැඟියවා වටහාගෙන ඔවුන්වත් ඉහළ අහසට ඔසවා තබනවා. පසුව සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර ධර්මයේ වටිනාකම දේශනා කරනවා. 

මේ කතාව ඇතුළෙත් මහායාන බුදු සමයේ දැක්වෙන ප්‍රධාන සංකල්පයක් ඉස්මතු කරලා තිබෙනවා. ඒ තමා සැබෑ බුදුන් වහන්සේ සභා ලෝකයේ වැඩ සිටින බවත් උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය.

මහායානිකයන් පිළිගන්න තවත් මතයක් තමා සැබෑම බුදුන් වහන්සේ දිව්‍ය ලෝකයේ [සමහර විටෙක සුඛාවතී ලෝකයේ] වැඩ සිටින බවත් මිනිස් ලොව වැඩ සිටියේ උන්වහන්සේගේ නිර්මිත බුදුරුවක්ය කියන එක. ඒ බුදුරුව ආහාර ගත්තේ, නිදා ගත්තේ හුදෙක්ම මිනිසාට පෙනෙන්නට විනා ඒ බුදුරුවට ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ කියන අදහසත් ඔවුන් දක්වනවා.

ඉතින් මේවා තමයි මට කියන්න උවමනා කරපු කතා ටික. කෝකටත් වෙලාවක් තිබුණොත් දහම් පොත පතක් කියවන්න. ඒ වගේමයි අනෙක් ආගම්වල ආගමික පතපොතත් කියවලා බලන්න. බොහොම රසවත් කතා ප්‍රවෘත්ති රාශියක්ම කියවන්න ලැබේවි. [කරුණු වටහා ගැනීම කෙසේ වෙතත්] 

මම කියවපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව සිංහලයට පරිවර්තනය කරපු පුද්ගලයා ගැනත් යමක් කියන්න ඕනේ. ඒක සිදු කරලා තියෙන්නේ බොහොම ආන්දෝලනාත්මක නඩු තීන්දු කීපයක්ම දුන්නු පී.බී වරාවැව විනිසුරුතුමා.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන තවත් විස්තර මෙතනින් කියවන්න. 

ප.ලි.: සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය බොහොම හාස්කම්, අනුහස් තියෙන සූත්‍රයක් කියලා කියනවා. මටත් ඒක අත් විඳින්න ලැබුණා. මේ පොත පුස්තකාලයෙන් අතට අරන් පෙරලපු දවසේම මේ පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ  :D

192 comments:

  1. දැන් ලෝකය පිරිහිලා තියෙන තරමට බුදුවරු දහසක් බිහි වුනත් මදි වේ. දැන් ඔය පොත හොයා හොයා කට්ටිය කැලණිය කැම්පස් එකට එන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. @ සු දී ක

      මිනිස් සිත කියන්නේ හරිම පුදුම සහගත දෙයක්නේ අයියා. පොත හොයාගෙන ආවාට වැඩක් නැහැ අයියා. තවම පොත තියෙන්නේ මා ගාව :)

      Delete
    2. මෙවුවා කියෝනකොට එක එක සංකල්පමය විද්‍යාප්‍රභන්ධ මතකෙට එනවා..
      උදාහරණ විදිහට මෙට්‍රික්ස්, ඇවටාර් ලාස්ට් එයාබැන්ඩර් වගේ ඒවා ඉදිරිපත් කරන්න පුළුවං..
      අනේ මංදා මටනං එහෙමයි..

      Delete
    3. @ තරියා

      ඇවටාර් නම් මම බලලා නැහැ මලයා. ලාස්ට් එයාබැන්ඩර් මේකට සෙට් වෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මේට්‍රික්ස් නම් මේකට අදාළ කරගන්න පුලුවන්. මොකද සැබෑ බුදුන් එක් ස්ථානයකත් නිර්මිත බුදුවරුන් තවත් ස්ථානවලත් ඉන්නවා වගේ මේට්‍රික්ස් එකෙත් එහෙම නිර්මිත ශරීර සීන් එකක් මතකයි

      Delete
    4. බුදුවරු කී දෙනෙක් බුදුවෙලා බණ කිව්වත් අපිට අඳුරගන්න පුළුවන් වේවිද මන්දා..

      Delete
    5. @ රූ....

      බුදු බණ හඳුනාගත්තත් වටහා ගැනීම සහ පිළිපැදීම කරන්නේ හරි අඩුවෙන්නේ

      Delete
  2. මරු හාස්කමක් තමයි.....
    ඔයා කියවපු පොත ප්‍රකාශකයට පත් කරල තියෙන්නෙ කවුද?, ගාණ කීයද?

    ReplyDelete
    Replies
    1. @ කේ.යූ.ජී. උදාර

      පොත ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ පරිවර්තකයා වෙන පී.බී. වරාවැව විනිසුරුතුමා. පොතේ ගාන රුපියල් 1000 යි කියලා තමා තියෙන්නේ

      Delete
  3. අඩේ අර පොත මරු පොතක් නේ.මාත් හොද හාස්කම් තියෙන පොතක් තමා හොය හොය උන්නේ

    ReplyDelete
    Replies
    1. @ ධමිමික ස‍‍දරුවන්

      පොත හොයලා විතරක් හරියන්නේ නැහැ. පෙරලලාත් බලන්න ඕනේ :P

      Delete
  4. හාස්කම් සූත්‍රය කෙසේ වෙතත් මට දැනුනේ සුරංගනා කතාවක් කියවගෙන යනවා වගේ.:)

    //අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත්//

    මේ අය බුදු වෙන්ට තව කොයි තරම් කල් නම් බලාගෙන ඉන්ට ඕනේද?

    //ඒත් මහායාන බුදු දහමේ ඉගැන්වෙන්නේ නිවන් අවබෝධ කරගන්න නම් ලොවුතුරා බෝධියටම පත්විය යුතුයි කියලා. //

    හීනයාන බුදු දහමේ සංකල්පයට වඩා මෙය කෙතරම් වෙනස්ද?

    //උන්වහන්සේගෙන් නිර්මිත වුණු නිර්මිත බුදුන් වහන්සේලා දස දිසාවේ ලෝකවල වැඩ සිටින බවත් දැක්වෙන පුවතින් නිර්මිත බුදුන් සංකල්පය…//

    කල්ප විනාශයෙදී ඉතිරිවෙන මිනිසුන් ඉදිරියේ මතුවෙන 'නිර්මිත' බුදු කෙනෙක් ගැන නම් අහලා තියනවා.

    //මේ පොත පුස්තකාලයෙන් අතට අරන් පෙරලපු දවසේම මේ පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ //

    පොත අස්සට දාහේ කොල කීපයක් දාලා මෙහාට තැපැල් කරන්ට. :D

    ReplyDelete
    Replies

    1. හීනයාන කියලත් තියෙනවාද? ම්ම අහලා තිබ්බෙ මහායාන, ථේරවාද, වජ්‍රයාන පමණයි..

      Delete
    2. මම දන්නා විදිහට හිනයාන කියන්නේ ථෙරවාදී දර්ශනයටම තමයි..

      Delete
    3. @ Podi Kumarihami

      //...හාස්කම් සූත්‍රය කෙසේ වෙතත් මට දැනුනේ සුරංගනා කතාවක් කියවගෙන යනවා වගේ.:)...//

      පොඩ්ඩිට මම කියන්න හදපු දේ වැටහිලා වගේ :)

      //...මේ අය බුදු වෙන්ට තව කොයි තරම් කල් නම් බලාගෙන ඉන්ට ඕනේද?..//

      මේ කෘතියේ දක්වන විදිහට නම් බොහෝ කාලයක් ගත වෙනවා. උදාහරණයක් විදිහට සැරියුත් හාමුදුරුවෝ බුදු වෙන්නේ ගණන් කල නොහැකි, සීමාවකින් තොර, නොසිතිය හැකි, කල්ප ලක්ෂ කෝටි ගණන් ගිය තැන නොයෙක් ලක්ෂ කෝටි ගණන් බුදුවරුන්ට උපහාර දැක්වීමෙන් පස්සේ

      //...හීනයාන බුදු දහමේ සංකල්පයට වඩා මෙය කෙතරම් වෙනස්ද?...//

      මහායානිකයන් ස්ථවිරවාදය එහෙමත් නැත්නම් හීනයානය කියලා හඳුන්වන්නේත් නිවන් මඟට පත්වෙන්න ලොවුතුරා බුද්ධත්වය පමණක් නොව පසේ බුදු, රහත් තත්ව පවා ලබාගැනීමෙන් පුලුවන් කියලා පිළිගන්න නිසා

      //..කල්ප විනාශයෙදී ඉතිරිවෙන මිනිසුන් ඉදිරියේ මතුවෙන 'නිර්මිත' බුදු කෙනෙක් ගැන නම් අහලා තියනවා....//

      ඒ නිර්මිත බුදු රුව ඇතිවෙන්නේ ලොව පුරා විහිදී තිබෙන බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේලා එකතු වීමෙන්නේ. ඒ නිර්මිත බුදුරුවත් අවසන් වරට දහම් දේශනාවක් පවත්වන බව තමා ධාතු පරිනිර්වාණය ගැන කියවද්දී දැකගන්න පුලුවන් වෙන්නේ

      //...පොත අස්සට දාහේ කොල කීපයක් දාලා මෙහාට තැපැල් කරන්ට. :D...//

      ඔන්න ඉතින් පොඩ්ඩිත් පොත පෙරලන්න හදනවානේ :P

      Delete
    4. @ හරී

      නාඩියා කිව්වත් වගේම හීනයානය කියන්නේත් ථේරවාදයටම තමා. ස්ථවිරවාදය කියන නමත් ඒකට භාවිතා වෙනවා. ථේරවාදයට හීනයානය කියන නම භාවිතා වෙන්නේ නිවන් සඳහා ලොවුතුරා බුද්ධත්වය පමණක් නොව පසේ බුදු, රහත් තත්ව පවා අනුදත් නිසා

      Delete
    5. @ නාඩියා නාඩිරත්න

      හරියට හරි :)

      Delete
  5. 1. ලොව්තුරා බෝධිය, පසේ බෝධිය, රහත් බෝධිය = බුදු, පසේ බුදු, මහ රහත් ??

    2. මේ බෝධිය වචනය ඇහෙද්දිම බී ගහක් මතක් වෙන්නෙ.. ශ්‍රී මහා බෝධියට ඒ නම් ලැබුනෙ කොහොමද?

    3. ථෙරවාද මහායාන අතර වෙනස්කම් සමහරක් හසිත දක්වලා තියෙනවානෙ.. ඒකට ස්තුතියි.. මහායාන භික්ෂූන් වහන්සේලාට වෙනම ලෞකික ජීවිතයකුත් තිබෙනවාද?

    4. එකම බුදුන් වහන්සේගේ දර්ශනයට මෙවැනි අර්ථ දැක්වීම් කීපයක් ලැබුනේ කොහොමද? පසු කලෙක එක් එක් අය තමන්ට කැමති විදිහට අර්ථගන්වා ගත්තද?

    5. "සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න සූත්‍රය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම" තේරුනේ නෑ

    6. මම බෞද්ධාගමික යාළුවන්ගෙන් දැනගත්ත විදිහට..
    ' අපි එක එක භවයන් වලදී කරන අකුසල් එකතු වෙනවා.. ඊටපස්සෙ ඒවා ඵලදෙනතුරු විවිධ භවයන් වල ඉපදෙමින් ඒවා ගෙවනවා.. ඒවා සියල්ලම ගෙවුනු තැන උදාවෙන්නෙ නිවන.. ඒ කියන්නෙ අපි කොහේවත් ඉපදෙන්නෙ නෑ.. අපි කියලා කෙනෙක් නැතිවෙනවා.. දැන් බුදුන් වහන්සේත් නිවන් දැකලා නිසා බුදුන් වහන්සේගේ භවයක් ලෝකෙ කොහේවත් නෑ..'
    ඉතින් මේ කතාවත් එක්ක ප්‍රභූතිරත්න බුදුන් වහන්සේව ආයෙ දැක්කෙ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.. හැබැයි නිවන පිළිබඳ මහායානයන්ගේ සංකල්පය වෙනස් බව හසිත කියලා තියෙනවාත් මම දැක්කා...

    7. 'පොත ඇතුලේ තිබිලා මට රුපියල් 200 ක් ලැබුණනේ ' හි..හි... සැරෙන් සැරේ පෙරලලා බලපන්.. පෙරලන පෙරලන සැරේට 200 ගානෙ ලැබුනොත් කොහොමද? :)

    ලිපිය හොඳයි වගේ කතා නම් කියන්නෙ නෑ.. එව්වා හැමදාම කියනවනෙ..

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. ඔව්. ඔබ නිවැරදියි. බෝධිය කියන පදයෙන් බුද්ධත්වය කියන අර්ථයත් එනවා

      2. කලිනුත් කිව්වා වගේම බෝධිය කියන පදයෙන් බුද්ධත්වය කියන අදහස ගම්‍ය වෙනවා. බුද්ධත්වය ලබන්න උපකාරී වුණු වෘක්ෂයත් බෝධි කියන නම යෙදිලා තියෙනවා. නමුත් ඒ වෘක්ෂයේ සැබෑ නම ඇසතු එහෙමත් නැත්නම් අශ්වත්ථ.

      ශ්‍රී මහා බෝධියට නම ලැබුණු විදිහ නම් මෙහෙමයි කියලා කියන්න දන්නේ නැහැ. අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරන්න අසෝක රජතුමා ලබා දෙන බෝධි වෘක්ෂයට ගරු කිරීමක් විදිහට ශ්‍රී යන පදය යෙදුණා විය යුතුයි. බුද්ධගයාවේ තිබෙන බෝධියට ජය ශ්‍රී මහා බෝධිය පදය භාවිතා වෙන්නේ මාර සේනාව පරදා බුදු බව ලබා ගත්තේ ඒ වෘක්ෂය යටදී නිසා විය යුතුයි

      3. මහායානය තුළත් විවිධාකාරයේ නිකායන් පවතිනවා. ඒ භික්ෂූන් බොහෝ විට ලෞකික ජීවිතයට නැඹුරු බව මාත් අසා තිබෙනවා.

      4. බුද්ධ කාලයේ පටන්ම විවිධාකාරයේ භික්ෂූන් වහන්සේලා බුදුන් වදාළ දේ පවා නොපිළිගත් අවස්ථා වගේම තමන්ගේ මතයේ රැඳී සිටිය අවස්ථා පෙනෙන්න තිබෙනවා. ඒ තත්ව නැති කරන්න බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3 කට පසුව පළමු ධර්ම සංගායනාව පැවැත්වෙනවා. එය 100% ක්ම සාර්ථම වූ බවක් පේන්නේ නැත්තේ. විවිධාකාර අදහස් දරපු අය ඊට පසුවත් හිටිය බව පේන නිසා.

      පස්සේ දෙවෙනි සංගායනාව වෙන විට බුදුන් අකැපයි කියලා වදාළ කරුණු පවා කැපයි කියලා පිළිගන්න මට්ටමක් දැකගන්න පුලුවන්. එය සිදුකළ භික්ෂූන්ට එරෙහිව නැවත වරක් සංගායනාවක් පැවැත්වෙනවා. නමුත් ඒ නිසාම සිදුවෙන්නේ අකැප දේවල් කැපයි කී භික්ෂූනුත් වෙනත් සංගායනාවක් පැවැත්වීම. ඒ සමඟම බුදු සමය ථේරවාද මහායාන වශයෙන් බෙදීම සිදුවීම ඇරඹුණා කියලා තමා පිළිගැනීම. ඒකත් එක්ක බුදු සමයට විවිධාකාර අර්ථකතන එකතු වෙලා තියෙනවා.

      5. //.."සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අහන්න මගේ රත්න සූත්‍රය කිසියම් බුදු කෙනෙකුන්ගේ ඉදිරියේ පහළ වුණාම" තේරුනේ නෑ...//

      රත්න සූත්‍රය කියන එක රත්න ස්ථූපය කියලා වෙනස් වෙන්න ඕනේ. ඊට පස්සේ අර්ථය පැහැදිලියි නේද අයියා ?

      6. //..ඒවා සියල්ලම ගෙවුනු තැන උදාවෙන්නෙ නිවන...// සියල්ල ගෙවීමක් වෙන්නේ නැහැනේ අයියා. මොකද අපි ඉපදෙන වාරයක් වාරයක් පාසා නැවත නැවතක් කුසල් අකුසල් රැස් කරන නිසා කුසල් අකුසල් ඉවර වීමක් නැහැ. ඒත් කිසියම් භවයක අපි නිවන් අවබෝධ කරගත්තාම නැවත උපතක් නැති නිසා අපි කරපු කුසල් අකුසල් සියල්ලම අහෝසි කර්ම බවට පත්වෙනවා.

      //...දැන් බුදුන් වහන්සේත් නිවන් දැකලා නිසා බුදුන් වහන්සේගේ භවයක් ලෝකෙ කොහේවත් නෑ...//

      බුදු, පසේ බුදු, මහරහතුන් නිවන් අවබෝධ කරගන්නා අවස්ථාවේදිත් පරිනිර්වාණයට පත්වෙනවා. ඒ සෝපදිශේෂ පරිනිර්වාණය. එහිදී සිතේ පැවති කෙලෙස් පරිනිර්වාණයට පත් වෙනවා. නමුත් පංචස්කන්ධය පවතිනවා. [පුද්ගලයා ජීවත් වෙනවා] නිවනට එළඹි පුද්ගලයෙක් මිය යෑම අනුපදිශේෂ පරිනිර්වාණය.

      මේ මහායානික කතාව අනුව සෝපදිශේෂ පරිනිර්වාණයට පත්වුණු ප්‍රභූතරත්න බුදුන් අනුපදිශේෂ පරිනිර්වාණයට පත් වෙනවා. ඒත් උන්වහන්සේගේ ශරීරය සුරක්ෂිතව පවතිනවා. ඒ වගේමයි උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි හඬ නික්මෙනවා.

      7. ඒක නම් ඉතින් හාස්කමක්ම තමා :D

      Delete
    2. 6. සරලව කියන්ඩ බලන්ඩ..

      "නිවන් අවබෝධ කරගත්තාම" ඒ කියන්නෙ.. නිවන කියන්නෙ මේකයි කියා තේරුම්ගත්තු සැනින් නිවන් දකිනවාද? එහෙම නම් ධර්ම විශාරද හාමුදුරුවරු නිවන් දකින්න ඕනා නේද?

      Delete
    3. 3. මම නොකියා ඇහුවෙ ඒ ලිපියයි.. :)

      Delete
    4. @ හරී

      නිවන් දැකීම එහෙමත් නැත්නම් නිවන්පුරයට යාම කියන වදන් පාවිච්චි වුණාට නිවන කියන්නේ ඒ ආකාරයේ දෙයක් නෙමෙයි. නිවන අවබෝධ කරගත යුත්තක්. සිතේ නිවීම තමා නිවන. ඒ කියන්නේ සිතේ තිබෙන කෙලෙස්වල නැතිවීම. එතැන් පටන් නැවත උපතක් සඳහා ඒ පුද්ගලයාගේ කුසල් අකුසල් එක් රැස්වීමක් සිදුවෙන්නේ නැහැ.

      තවත් විදිහකට කිව්වොත් කලින් කිව්ව සෝපදිශේෂ පරිනිර්වාණයට පත්වීම. අවසානයේදී ඒ පුද්ගලයා මියයාම අනුපදිශේෂ පරිනිර්වාණය. ඊට පස්සේ නැවත උපතක් සහ කිසිවක්ම ඇත්තේ නැහැ. හරියට පහනක පහන් සිල නිමිලා ගියා හා සමානයි. ඒක ගිය තැනක් කියන්න බැහැනේ. ඒ වගේ තමා [මේ මගේ වැටහීම පරිද්දෙනුයි කිව්වේ]

      Delete
    5. @ හරී

      //...3. මම නොකියා ඇහුවෙ ඒ ලිපියයි.. :)..//

      තේරුණේ නැත :(

      Delete
    6. මට නිවන තේරෙන්නෙ නෑ.. මම කියන්නෙත් කොහෙවත් යන්නේ නෑ නැතිවීම තමයි නිවන.. මට තියෙන ප්‍රශ්නෙ අකුසල් තියෙද්දිම එහෙම වෙන්නෙ කොහොමද කියන එක.. සිතේ කෙලෙස් නැතිවෙන්නෙ කොහොමද කියන එක.. මැරෙන්න කලින් නිවන් දකින්න පුළුවන් වගේ කතාවක්ද මේ කියන්නෙ..

      3. මම නොකියා ඇහුවෙ ඒ ලිපියයි.. :). ඇයි බොලේ ථේරවාද හා මහායාන වෙනස්කම්..

      Delete
    7. @ හරී

      අකුසල් කියන්නේ සිදුවුණු දේවල්නේ. නිවන් අවබෝධය ලබාගත්තාට පසුවත් අකුසල් පල දෙන්න පුලුවන්. මුගලන් මහ රහතන් වහන්සේගේ වගේම අංගුලිමාල මහ රහතන් වහන්සේගේ කතා පුවත් ඊට නිදසුන්. හැබැයි ඊළඟ භවයට ඒවා ඵලදීමක් නැහැ. මොකද නැවත උපතක නැති නිසා. ඒ නිසා ඒ පුද්ගලයා කරපු කුසල් හෝ අකුසල් අහෝසි කර්ම වෙනවා. නිවන් අවබෝධය කරගැනීමත් එක්ක ඒ පුද්ගලයා කරන ක්‍රියාවල ප්‍රතිඵලයක් ඇත්තේත් නැහැ. ඒවා හුදෙක්ම ක්‍රියා විතරයි.

      හිතේ කෙලෙස් නැතිවෙන්නේ ප්‍රඥාව පහළවීමත් එක්ක ක්‍රම ක්‍රමයෙන්. මැරෙන්න කලින් නිවනේ හැටි අත් විඳින්න පුලුවන්. මොකද බුදු හාමුදුරුවෝම කියනවා නිබ්බාණං පරමං සුඛං කියලා. නිවන පරම සුවය/සැපය කියලා

      ලිපියද :) ලියමු ලියමු ඉඩකඩ ලැබෙන විදිහට :D

      Delete
    8. නිවන කියන්නේ මරණයට පෙර හෝ මැරෙන මොහොතේ ලබාගන්න දෙයක්.මියගිය පසු ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයි.

      අපි ඕනැම කෙනෙකුට මේ භවයෙදි වුණත් නිවන ලබාගන්න පුළුවන්.ඒ සදහා සිත පුහුණු කිරීමයි කළ යුත්තේ.නිවන් ලබාගැනීමට ඉඩ නොදෙන කරුණු පහක් තියෙනවා.ඒවට අපි පංච නීවරණ කියලා කියන්නෙ.ඒවා ක්‍රමක්‍රමයෙන් නැති කිරීමත් සමග සිතේ ප්‍රඥාව පහළ වීම ආරම්භ වෙනවා.ඒ ප්‍රඥා ආලෝකයේ උපරිමයට පැමිණියාම සිතේ තිබෙන සියලු කුසල් අකුසල් අහෝසි වී යනවා.ඉන්පස්සේ සිත නිදහස්.නිවන චිත්ත නිරෝධය කියලා හදුන්වන්නේ එසේ සිත නිදහස් වීම වන නිසයි.

      මං හොයලා බලන්නම් තවදුරටත් සරලව නිවන විස්තර කෙරෙන දෙයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්ද කියලා.

      Delete
    9. @ වර්ෂා ( Rain_Girl )

      //...නිවන් ලබාගැනීමට ඉඩ නොදෙන කරුණු පහක් තියෙනවා.ඒවට අපි පංච නීවරණ කියලා කියන්නෙ.ඒවා ක්‍රමක්‍රමයෙන් නැති කිරීමත් සමග සිතේ ප්‍රඥාව පහළ වීම ආරම්භ වෙනවා...//

      පංච නීවරණ වගේම සසරට බැඳ තබන බැමි වශයෙන් හඳුන්වන දස සංයෝජනත් ක්‍රමයෙන් සිඳ දැමෙනවා

      //...ඒ ප්‍රඥා ආලෝකයේ උපරිමයට පැමිණියාම සිතේ තිබෙන සියලු කුසල් අකුසල් අහෝසි වී යනවා...//

      මෙතන පොඩි ගැටලුවක් තියෙනවා නඟා. සිතේ තිබෙන කෙලෙස් විතරයි නේද අහෝසි වෙන්නේ. අලුතින් කුසල් අකුසල් රැස් කිරීමක් නොවුණත් තිබුණු කුසල් අකුසල් එලෙසම පවතිනවා නේද ?? සීවලී හාමුදුරුවන්ගේ පුණ්‍ය ශක්තිය වගේම මුගලන් හාමුදුරුවන්ගේ පිරිනිවන් පෑම ඒකට උදාහරණ කියලයි මගේ වැටහීම

      Delete
    10. @ Hasitha,

      හරී ගේ 4 වෙනි ප්‍රශ්නෙට දීලා තිබෙන පිළිතුර සම්බන්ධයෙන්. ඔය වගේම හේතු නිසා තමා කතෝලික සභාවෙත් මන්ත්‍රණ සභා පවත්වා තිබෙන්නේ.

      Delete
    11. @ Gihan

      ථේරවාදීන් පිළිගන්නා විදිහට දඹදිව පැවැත්වුණු ධර්ම සංගායනා 3 ක් තියෙනවා. ඒ 3 ම පවත්වන්න හේතුවුණේ භික්ෂු සමාජය තුළම ඇතිවුණු ගැටලු නිසා. දෙවෙනි සංගායනාවේදී තමා දෙකඩ වීමක් දැකගන්න පුලුවන් වෙන්නේ. ථේරවාදීන් පිළිගන්නා සංගායනා තුනෙන්ම පිරිසිදු ධර්මය ස්ථාපනය වුණා.

      Delete
    12. ඔව් නේද අය්යේ,කුසල් අකුසල් සම්බන්ධ කර්ම ශක්තිය අහෝසි වෙන්නෙ නෑ.ඒක වැරදීමක්.සමාවෙන්න ඕනෑ..මට කියාගන්න ඕනැ වුණේ කුසල් අකුසල් පිළිබදව මනසේ තියෙන ඇලීම් ගැටීම් ආදී හිතුවිලි අහෝසි වෙනවා කියලා.ඒක හරියට කියැවිලා නෑ.ස්තූතියි වැරැද්ද හැදුවට!

      Delete
    13. @ වර්ෂා ( Rain_Girl )

      සියලු කෙලෙස් නැති කිරීමත් සමඟ සිදුවන නිවන් අවබෝධයෙන් පසුවත් තමන් නිවන් අවබෝධයට පෙර සිදු කරන ලද කුසල් අකුසල් පවතිනවා. ඒවා හැකි අයුරින් පලදීමද සිදුවෙනවා. නමුත් අලුතෙන් කුසල් හෝ අකුසල් එක් රැස්වීමක් නැහැ.

      උදාහරණයක් විදිහට කිව්වොත් රහතන් වහන්සේලා සිදු කරන ධර්ම දේශනාවන්, අසරණයන්ට පිහිටවීම වගේ කිසිම දේකින් කුසලයක් උන්වහන්සේලාට අත්වන්නේ නැහැ. ඒවා හුදෙක් ක්‍රියා පමණයි. ඒ නිසා බුදු, පසේ බුදු, මහ රහතුනට පහළ වන සිත "කිරිය සිත්" නමින් හඳුන්වනවා.

      උන්වහන්සේලා සිනාසෙන විට පහළ වන සිත පමණක් "සෝමනස්ස සහගටහ හසිතුප්පාද සිත" යනුවෙන් හඳුන්වනවා

      Delete
    14. ලස්සන ධර්ම සාකච්චාවක් නේ ගිහින් තියෙන්නේ කියවන්න ඕනේ ආයේ පාරක්..

      Delete
    15. @ RajithaV

      කියවලා බලන්න අක්කේ. අදහසකුත් එකතු කරන්න

      Delete
  6. 200 කතාවනම් උපහාසයට ලක්වන කතාවක් වගේ..:))

    මේ දේශනාවට හෙතු උන කාරනාව කුමක් ද.?

    දැන්නම් බුදුවරයෙක් පහල උනත් මේ ලෝකෙ/ලංකාව ගොඩගන්න බැරිවෙයි.

    //සමන්තප්‍රභාස ?// සමන්තභද්‍ර නොවේනෙ.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      මේ දේශනාව කරන්න හේතුවක් නම් නිශ්චිත හොයාගන්න අමාරු වුණා. බුදුන් වහන්සේ ඉදිරියේ රැස්ව සිටි පිරිසගේ ඉල්ලීම මත තමා බුදුන් වහන්සේ මේ දේශනාව සිදු කරන්නේ.

      සමන්ත භද්‍ර කියන්නේ මහායනිකයන්ගේ ඉමහත් වන්දනාවට ලක්වෙන ධ්‍යානි/මහාස්ථාමප්‍රාප්ත/ත්‍රෛයිලෝක්‍යවිජයී බෝසත්වරු 8 දෙනාගෙන් එක් අයෙක්නේ. මේ සූත්‍රයේ සමන්තප්‍රභාස කියලා හඳුන්වන්නේ බුදුවරයන් වහන්සේලා බොහෝ පිරිසකට භාවිතා වෙන එකම නාමයක්

      Delete
  7. මේ වගේ මහායාන අයගේ අමුලික බොරු මිත්‍යා කතා මිනිස්සු අතරට අරන් යන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද?

    ReplyDelete
    Replies
    1. මහායාන ථෙරවාද කියල වෙනසක් නෑ. කොයි ආගමෙත් ඔහොම මැජික් තියෙනවා. නැත්තං මිනිස්සු අතරෙ අවුරුදු දාස් ගණන් පැවතෙන්න බෑනෙ. උපන් දා ඉඳන් ථෙරවාදය විශ්වාස කරන මනුස්සයෙක්ට ඒකෙ මැජික් ටික පේන්නෙ නෑ. ඒවට සාදු කියනවා. හැබැයි එයාට වෙන එකක තියෙන මැජික් හොඳට පේනවා.

      මේ කතාවෙන් තේරුම්ගන්න පුළුවන් ලොකුම දේ 'තම තමන් විශ්වාස කරන ආගම්වලත් තියෙන්නෙ මෙහෙම කතා ටිකක් තමයි' කියන එකයි.

      Delete
    2. @AnonymousJanuary 13, 2013 10:20 AM

      හම්බ කුමන්ත්‍රණයක් වෙන්න ඇති නේද? මගේ මතකයේ හැටියට මේ බ්ලොග් එකේ මහායානයේ කතාවක් ලියවෙච්ච පළවෙනි වතාව මේක. හසිත බුදු දහම ගැන හොඳ ලිපි ගොඩක් ලියලා තියෙනවා මේ දක්වා. ඒවා දැක්කෙ නැද්ද?

      මේ ලිපිය ලියලා තියෙන්නෙ මහායානය ප්‍රචලිත කරන්න නෙමෙයි කියන එකවත් තේරෙන්නෙ නැති අය බෞද්ධයන් වීම ගැන අපි කණගාටු විය යුතුයි. ඒ වගේම මගේ කමෙන්ට් එකට කලින් ඇනෝ දීලා තියෙන උත්තරේ හරියටම හරි.

      Delete
    3. මැජික් තියනවනම් ඒක ධර්මයක් වෙන්න බෑ. මේක මහ අමු බොරු කතාවක්. මහායානය බිහි උනේ කොහොමද කියලත් ලිපියක් දැම්මනම් මේවට මිනිස්සු රැවටෙන එක නවතීවි. මේවා ප්‍රචාරය කරන අය මොනව බwලාපොරොත්තු වෙනවද දන් නෑ. මම හිතන්නෙ බුදු දහම විකුනල හරි තමන්ගෙ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න වෙන්න ඇති... මීට කලිනුත් මෙහෙම බුදු දහමෙ නැති බොරු ලිපියක් මම මේ බ්ලොග් එකේම කියවල තියනව.

      Delete
    4. @ Anonymous January 13, 2013 10:20 AM

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      …තම තම නැණ පමණින් විමසා බලලා මේ කැමති එකක් පිළිගන්න ඔබට පුලුවන් :)

      Delete
    5. @ Anonymous January 13, 2013 12:31 PM

      ඔබේ කතාවේ ගත යුත්තක් තිබෙන බව පේනවා. සාපේක්ෂව අනිත් දේවල් දිහා බලන්න පුලුවන් නම් ඒකත් හොඳයි :)

      Delete
    6. @ Anonymous January 13, 2013 1:15 PM

      මේ බ්ලොග් එක ලියන්න ආරම්භ කරපු මුල් කාලයේම මහායානිකයන් අතර භාවිතා වෙන ඕම් මණිපද්මේ හුම් කියන ගාථාව පිළිබඳ ලිපියක් ලීවා. ඒකේ ප්‍රතිචාර හරහා මහායානය ගැන හොඳ කතා බහක් ඇතිවුණා.

      ස්තුතියි ඔබට මා වෙනුවෙන් පෙනී සිටියාට වගේම ලිපියෙන් කියන්න හදපු දේ නිවැරදිව වටහා ගත්තාට. මහායානය ප්‍රචලිත කරන්න ලිපියක් ලියන්න ඕනේ නම් මම පුද්ගලිකව විශ්වාස කරනවා ඒ ලිපිය මට මීටත් වඩා හොඳට ලියන්න පුලුවන් කියලා :D

      Delete
    7. @ Anonymous January 13, 2013 2:55 PM

      මුලින්ම අදහස් පළකල ඇනෝ ඔබ වෙන්න පුලුවන් කියලා හිතනවා. ඒක නිසා //...මේවා ප්‍රචාරය කරන අය මොනව බwලාපොරොත්තු වෙනවද දන් නෑ....// පිළිතුර මෙන්න

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      //..මම හිතන්නෙ බුදු දහම විකුනල හරි තමන්ගෙ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න වෙන්න ඇති...//

      බුදු දහම විකුණලා බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්නවාට වඩා කුණුහරුප ලියලා මේ බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්න මට පුලුවන් :D

      //..මීට කලිනුත් මෙහෙම බුදු දහමෙ නැති බොරු ලිපියක් මම මේ බ්ලොග් එකේම කියවල තියනව...//

      ඒ ලිපිය මොකක්ද කියලා සඳහන් කරන්න පුලුවන් නම් අපිට මීට වඩා හොඳට ඒ ගැනත් කතා කරන්න පුලුවන් වේවි

      Delete
    8. AnonymousJanuary 13, 2013 10:20 AM
      මම මේ ඔබතුමාට අපහාස කරන්න නෙවේ මේක කීවේ,
      "මේ වගේ මහායාන අයගේ අමුලික බොරු මිත්‍යා කතා මිනිස්සු අතරට අරන් යන්නේ මොකක් බලාපොරොත්තුවෙන්ද?",
      අපේ රටේ ගොඩක් මිනිස්සු එන එන ඕන දෙයක් පිළිගන්න කැමති අය.
      එකට හොඳම උදාහරණෙ අපේ රටේ මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියන ෆෙන්ෂුයි පිස්සුව.

      Delete
    9. @ Anonymous January 14, 2013 12:57 PM

      //...අපේ රටේ ගොඩක් මිනිස්සු එන එන ඕන දෙයක් පිළිගන්න කැමති අය.
      එකට හොඳම උදාහරණෙ අපේ රටේ මිනිස්සුන්ට දැන් ඇතිවෙලා තියන ෆෙන්ෂුයි පිස්සුව...//

      ඇත්ත ඔබේ කතාව මම පිළිගන්නවා. පිලිගන්නවා. ඒත් මම විශ්වාස කරනවා මේ සටහන හරහා එහෙම මහායානයට නැඹුරුවක් වෙන තරමට බලපෑමක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද මේ සටහන හරහා ගොඩනැගුණු සංවාදයෙන් බොහොම වටිනා කරුණු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා.

      ෆෙංෂුයි සම්බන්ධව යමක් කිව්වොත් නිකම් ඉදලා හරි එහෙමත් නැත්නම් සුළු මහන්සියක් එහෙමත් නැත්නම් පොඩි පොඩි දේවල් කරලා ලොකු දියුණුවක් ලබන්න කම්මැලි මිනිස්සුන් කැමතියි. ඒක හඳුනාගත්තු ෆෙංෂුයි වෙළෙන්දන් මිනිස්සුන්ගේ හිතේ තියෙන ඒ අවශ්‍යතාව දඩමීමා කරගෙන තමන්ගේ ව්‍යාපාර කරගෙන යනවා.

      තම තම නැණ පමණින් කරුණු වටහා ගැනීමයි විය යුත්තේ

      අනෙක් අතට ලංකාවේ මහායාන අදහස් ප්‍රචාරය කරන එක අමුතුවෙන් කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. අතීතයේ පටන්ම මහායානය ලංකාවේ පැවතිලා තිබෙනවා. කුෂ්ටරාජගල අවලෝකිතේශ්වර ප්‍රතිමාව, දඹේගොඩ බෝසත් ප්‍රතිමා, බුදුරුවගල බෝසත් ප්‍රතිමාව ඒ බවට තවමත් පවතින සාධක.

      එහි වත්මන් විකාශනය තමා ටික කාලයකට කලින් කැලණි රාජ මහා විහාරයේ ඉදි කරන ලද අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාව. කැලණි යන හුඟක් දෙනා ඒ ප්‍රතිමාව මල් පුදනවා වගේම ආහාර, ගිලන් පස පවා පූජා කරමින් තම තමන්ගේ ලෞකික අවශ්‍යතා ඉටු කරවා ගන්න ඉල්ලීම කරන හැටි මම දැකලා තියෙනවා

      Delete
    10. ඔව් මම ඒ දේ දන්නවා,
      මම කියන්නේ මේවා ලියන්න යන වෙලාවත් අපරාදේ මට තේරෙන හැටියට ඔබගාව තියන ධර්ම දැනුම බෙදාදෙන ඒක හොඳයි මේවා ලියනවට වඩා.
      මොනවා කරත් අපේ මිනිස්සුන්ගේ මොකද්දෝ අවාසනාවකට ඔය වගේ හාස්කම් පස්සේ යන මානසිකත්වයක් ඇති වෙලා තියනවා,
      එකට හේතුව හරියට දහම් දැනුම නැති වීම,
      ඔබට පුළුවන් නම් පිරිසිදු දහම් දැනුම බෙදන්න ඒක ලොකු පිනක්.
      ලංකාවේ මහායානයට රාජ්‍ය වරප්‍රසාද අඩු වෙලා අඩු වුනානේ,
      දැනුත් අපේ රටේ ඉන්න බහුතරයක්ම ථේරවාද බෞද්ධයන්නේ,

      Delete
    11. @ Anonymous January 14, 2013 at 4:42 PM

      මගේ ගාව හොඳ ධර්ම දැනුමක් තියෙනවා කියපු එකට ස්තුතියි.

      මම දහම් කරුණු ගැන සටහන් ලියනවා නම් ඒ ලියන කරුණු/කරුණක් ගැන ගැටලුවක් එහෙමත් නැත්නම් වෙනත් පරස්පරතාවක් මතු වුණොත් ඒක නිරාකරණය කිරීමේ හැකියාව මට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ඒවා ලියන එක නිෂ්ඵලයි.

      ඒ වගේමයි කරුණු මනාව පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. මම විශ්වාස කරන විදිහට ඒ ආකාරයේ හොඳ දහම් දැනුමක්වත් ඒ ආකාරයේ හැකියාවක්වත් මට නැහැ. එහෙම තත්වයක් තියෙද්දී මම දහම් කරුණු ගැන සටහන් ලියන එක හරිම අවදානම් වැඩක්.

      ඉදිරියේදී මට ඒ ආකාරයේ හැකියාවක් ආවොත් ඒ ගැනත් යමක් ලියන්න උත්සාහ කරන්නම් :) එතෙක් මගේ දැනුම් මට්ටමත් එක්ක ගැලපෙන දැනුම් ගැන සටහන් ලියනවා

      //..දැනුත් අපේ රටේ ඉන්න බහුතරයක්ම ථේරවාද බෞද්ධයන්නේ...//

      ඒත් සමහර ථේරවාද බෞද්ධයෝ කරන ක්‍රියා දැක්කාම ඔවුන් ථේර්වාදී බෞද්ධයෝද එහෙමත් නැත්නම් මහායන බෞද්ධයෝද කියලා හිතෙනවා. සමහර වෙලාවට හිතෙනවා මෙයාලා බෞද්ධයෝද එහෙමත් නැත්නම් වෙන ආගමක අයද කියලාත් :D

      Delete
    12. ඔබේ අදහසට ගරු කරමි,
      "මම දහම් කරුණු ගැන සටහන් ලියනවා නම් ඒ ලියන කරුණු/කරුණක් ගැන ගැටලුවක් එහෙමත් නැත්නම් වෙනත් පරස්පරතාවක් මතු වුණොත් ඒක නිරාකරණය කිරීමේ හැකියාව මට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මම ඒවා ලියන එක නිෂ්ඵලයි. "
      ඔව් ඒක ඇත්ත,
      මේක තමා වෙන්න ඕන,
      නිවැරදි දැනුම විතරක් ලිවිය යුතුයි,
      නැත්තං එකෙන් අනුන්ට වගේම තමන්ටත් ලොකු හානියක් වෙනවා.
      ඔව් ඉතින් අපේ රටේ සම්මුතියක් ලෙස ඉන්නේ එහෙම බෞද්ධයෝ,
      ඒත් ඉතින් කවදා හරි බුදු දහමේ ඇති ගැඹුරු/ පටිසෝතගාමී සංකල්ප දෙන්න ගියාම අපේ බෞද්ධයෝ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා,
      "ඒත් සමහර ථේරවාද බෞද්ධයෝ කරන ක්‍රියා දැක්කාම ඔවුන් ථේර්වාදී බෞද්ධයෝද එහෙමත් නැත්නම් මහායන බෞද්ධයෝද කියලා හිතෙනවා. සමහර වෙලාවට හිතෙනවා මෙයාලා බෞද්ධයෝද එහෙමත් නැත්නම් වෙන ආගමක අයද කියලාත් :D"
      මේක ඇත්ත.
      ඔබට සුභ පතනවා ඉදිරියටත් වටිනා දේ ලියන්න.
      තව දිගටම ධර්ම කරුණු කියවල හොඳ දහම් දැනුමක් හදාගන්න, එතකොට බයක් නැතුව ඉන්න පුළුවන් අවුල් වෙන්නේ නැතුව.


      Delete
    13. @ Anonymous January 14, 2013 at 5:45 PM

      ස්තුතියි ඔබට :)

      Delete
  8. අපූරුයි හසිත. මට නම් මේ කතා ඇතුළේ තියෙන කතා රසය ඇර අනෙක් කාරණාවන් වැද්ගගත් නෑ. ඔබ මේ කතා අන්තර්ජාලයට එක් කිරීමෙන් කරන්නේ මාහැඟි සේවයක්.

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      මේ ලිපියෙන් ඉදිරිපත් කිරීමෙන් මම අරමුණු කරපු දේවල්වලින් එක දෙයක් අයියාට තේරිලා තියෙනවා. ඒ මදෑ හොඳටෝම.

      සිංහල බ්ලොග් අවකාශයට මේවා කවුරු කවුරු හරි ඉතින් එකතු කරන්න එපැයි :)

      Delete
  9. අහල කියවල තියන දේවල් එක්ක සෑහෙන්න පරස්පරයි.. ඒත් ඉතින් කලින් අහපුවත් 100% හරි කියන්න තරම් දැනුමක් අපිට නෑනේ.. ඒ නිසා ඒවත් බුද්ධ සාහිත්‍ය මේවත් බුද්ධ සාහිත්‍ය කියල හිතට ගන්නවා....

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      මහායානයේ වුණත් විවිධාකාරයේ නිකායන් පවතින නිසා තමා පරස්පරබව වැඩියෙන් දැනෙනවා ඇත්තේ. ඒවත් මේවත් බුද්ධ සාහිත්‍ය කියලා හිතට ගැනීම හොඳයි. ඒත් පිළිපැදීමේදී තම තම නැණ පමණින් කටයුතු කරන එක හොඳයි අයියා

      Delete
  10. /* බුදු හාමුදුරුවෝ රජගහ නුවර ගිජුකුළු පව්වේ දොළොස් දහසක් සංඝයා වහන්සේලා පිරිවරාගෙන වැඩ වාසය කරද්දී ඒ පිරිසත් හයදාහක් පමණ වුණු භික්ෂුණීන් වහන්සේලාත්, අසූ හාරදාහක් පමණ වුණු බෝසත්වරුනුත් ඒ හැරෙන්න දිව්‍ය, බ්‍රහ්ම, කිඳුරු, මකර, ගරුඬ රාජයන් උදෙසා තමා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය දේශනා කරන්නේ. */

    සේරටම එක දේශනය ද, නැත්තම් කාණ්ඩ වශයෙන් අරගෙන දේශනය රිපීට් කරනවාද?

    සමහර විට හොද public addressing සිස්ටම් එකක් තියෙන්න ඇති ගමටම ඇහෙන්න දාන්න.

    මේ කාලේ නං නෙට්-කාස්ට් එකක් වුනත් කරන්න තිබුණා.

    මේ ගිය මාසේ කැලනිය විවියේ කාර්මික කලමනාකරන අංශයේත් (department of industrial management) පිරිත් දේශනාවක් නෙට්-කාස්ට් කළා!

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      සේරටම තමා මේ දේශනය සිදු කරන්නේ.

      බුදුන් වහන්සේගේ කථන ශක්තිය ගැන කසූට ප්‍රශ්නයක් ආපු නිසයි මේ කරුණු දක්වන්නේ. මේවා නම් ථේරවාදයෙයි තියෙන්නේ. මහායානයේත් ඇති. මම කියවලා නැහැ.

      දවසක් බුදුන් වහන්සේගේ කථන හැකියාව ගැන ආන්නද හාමුදුරුවන්ට ඇතිවුණු ප්‍රශ්නයකදී බුදුන් වහන්සේ වදාරන්නේ තමන් වහන්සේට අවශ්‍ය නම් චූලනී ලෝක ධාතුව, මධ්‍යම ලෝක ධාතුව සහ මහා සහශ්‍රී ලෝක ධාතුව දක්වාම වුවත් හඬ විහිදුවා කතා කරන්න පුලුවන් කියලා

      Delete
    2. ඔන්න ඔහොමයි බ්ලොග් ලොව කුප්‍රකට බ්ලොග්කරුවන් (බෞද්ධ)
      අදහස් දක්වන්නේ.
      මම ඔබට දෙයක් කියන්නම්,
      සමහරු අහන ප්‍රශ්න වලට ධර්මය උපුටා දක්වලා අදහස් දක්වන එකත අපරාධයක්,
      ඒක ධර්මයට කරන අගෞරවයක්.

      Delete
    3. බුදු හාමුදුරුවෝ සාමාන්‍ය මනුස්සයෙක් ලෙස උපත ලැබුවේ.

      රහත් වුනාම, බුදු වුනාම කටහඬ උස් වෙනවා කියලා මං නං අහලා නෑ. ප්‍රායෝගිකව හිතන්න. අදහන්න එපා.

      පොඩි කාලේ අපි හයිෙඋන් කෑ ගහන කොට වැඩිහිිටයෝ අහනවා ගිය ආත්මේ ඝාන්ඨාර පූජා කළාද කියලා!

      Delete
    4. @ Anonymous January 14, 2013 at 5:51 PM

      කතන්දරකාරයා සම්බන්ධවද මේ කියන්නේ ??

      Delete
    5. @ Kathandara Karaya

      කටහඬ උස් වෙනවා කියන එකට වඩා මගේ දැනුම මට්ටම අනුව මම ඒ ගැන හිතන්නේ මෙහෙම දෙයක්.

      ටෙලිපති ක්‍රමය වැනි හිතෙන් පණිවුඩ නිකුත් කිරීම් පවා තිබෙනවානේ. ඒ වගේමයි කිසියම් ආකාරයකට ශබ්ද තරංග සම්ප්‍රේෂණය කිරීම වැනි දෙයක් වෙන්නත් පුලුවන්. අනෙක් අතට බුද්ධ විෂය බොහොම සංකීර්ණ නිසා එවැන්නක් සැබවින්ම් සිදුවෙනවා වෙන්නත් පුලුවන්.

      අනෙක් අතට නිවන් අවබෝධය සඳහා ඒ කරුණ ගැන ගැඹුරින් සෙවිමේ අවශ්‍යතාවක් නැති නිසා මම ඒ ගැන වැඩියෙන් හිතන්න යන්නේ නැහැ

      Delete
    6. ඔව් කතන්දර ගැන තමා,
      හසිත මහත්මයා මේක ලියන්නේ ඔබේ දැනුම සහ ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස,
      කියවන්න බුදු රජාණන් වහන්සේගේ බ්‍රහ්මස්වරය කියන්නේ මොකද්ද කියලා,ජනවසභ සුත්‍රය කියවන්න මට මතක විදිහට එකේ තියනවා.
      හම්බුනේ නැත්නම් කියන්න, කියන්නම්.
      කතන්දරතුමා ලෝකේ හැමදේම සමාන කරන්න බෑ,
      ඔබතුමාට පොඩි දෙයක් කියන්නම්,
      මේ කියන්නේ බුදු රජාණන් වහන්සේකෙනෙක්ගේ හැකියාව කාටවත් සමාන කරන්න නෙවේ,
      ඔබට හොයාගන පුළුවන් දෙයක් නිසා කියන්නේ,
      මට කියන්න බලන්න ඔබේ ඔය ප්‍රායෝගික සිතෙන් හිතලා කොහොමද ඔය සමහර මිනිස්සු හිතෙන් හිතලා හැඳි ගෑරුප්පු නවන්නේ?

      Delete
    7. හැක, හැක, මේ ප්‍රශ්නය දැනුයි දැක්කේ.

      කවුද ඔය හි2තන් හැඳි ගෑරුප්පු නවපු පොර? අය යුරි ගෙලර් වගේ මැජික් කාරයෝද? ඔයාගේ දැනුම පෙන්නන්නද ඒ ප්‍රශ්නේ ඇහැව්වේ?

      මං දැකලා තියෙනවා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් මැජික් ෂෝ එකක අයිෆල් ටවර් එක අතුරුදහන් කරනවාත්!

      Delete
    8. මේ කටහඩේ කේස් එක ගැන කියන්න තියෙන්නේ බුදු හාමුදුරුවන්ට අමුතු උස් කටහඬකින් හයදාහකට ඇහෙන්න කතා කරන්න හැකියාවක් තිබුණා කියා අන්ධයෝ වගේ විශ්වාස කරනවා වෙනුවට අප හිතන්න ඕනෑ, මේ කතන්දර ලියපු අය අන්ධ භක්තියක් ඇති කරන්න අතිශයෝක්තිය සහ අමූලික බොරු එකතු කරළා ලිව්වාය කියන එකයි.

      Delete
  11. /* තමන් වහන්සේගේ ශරීර ස්ථූපය පැන නගින්න කියලා */

    මේක කතෝලික / ක්‍රිස්තියානි සංකල්පයක් නේද?

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      කතෝලික හෝ ක්‍රිස්තියානි දහමේ මෙහෙම සංකල්පයක් තියෙනවාද කියලා නම් මම දන්නේ නැහැ. සමහර විට කතෝලික දහමෙන් මේ සූත්‍රයට හරි එහෙමත් නැත්නම් මේ සූත්‍රයෙන් කතෝලික දහමට මේ සංකල්පය ගියා වෙන්න පුලුවන්

      කොහොම නමුත් මේ සූත්‍රයේ ශරීර ස්ථූපය කියලා අදහස් කරන්නේ ප්‍රභූතරත්න බුදුන්ගේ ශ්‍රී දේහය තැන්පත් කෙරුණු රත්න ස්ථූපය

      Delete
  12. ඒ කියණ්නේ මේ ප්‍රභූතරත්න නිවන් දැකලා නැද්ද, නැත්තං ඒ කාලේ නිවං වෙනස් ද?

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      කලින් හරි අයියාට දීපු පිළිතුරම මෙතනට අදාළ කරගන්න පුලුවන්

      "..බුදු, පසේ බුදු, මහරහතුන් නිවන් අවබෝධ කරගන්නා අවස්ථාවේදිත් පරිනිර්වාණයට පත්වෙනවා. ඒ සෝපදිශේෂ පරිනිර්වාණය. එහිදී සිතේ පැවති කෙලෙස් පරිනිර්වාණයට පත් වෙනවා. නමුත් පංචස්කන්ධය පවතිනවා. [පුද්ගලයා ජීවත් වෙනවා] නිවනට එළඹි පුද්ගලයෙක් මිය යෑම අනුපදිශේෂ පරිනිර්වාණය.

      මේ මහායානික කතාව අනුව සෝපදිශේෂ පරිනිර්වාණයට පත්වුණු ප්‍රභූතරත්න බුදුන් අනුපදිශේෂ පරිනිර්වාණයට පත් වෙනවා. ඒත් උන්වහන්සේගේ ශරීරය සුරක්ෂිතව පවතිනවා. ඒ වගේමයි උන්වහන්සේගේ අධිෂ්ඨානය පරිදි හඬ නික්මෙනවා...."

      Delete
    2. Mind your language when commenting about something sacred. You might be the most educated man in this whole Sinhala blog-sphere. But don't try to be too much dick !!

      Delete
    3. @Anonymous January 15, 2013 at 8:26 PM,

      Why don't you practice what you preach about minding the language. If Muslims insult Koran, they are killed. So Koran is right???? What the .... you can do, If your Buddha is insulted. I do it every time because Sidat was never a Budha. Tamils copied Sinhala knowledge to his resume. Learn to speak for yourselves. Go to my blog (http://sinha-ali.blogspot.com.au/) to find about the truth. If you are good at what you claim, try to prove yourselves. You are blindly believing in lies propagated by Tamil scum to send Sinhala to extinction by embracing this filthy Hindu extremism talking about the mirage of extinguishing life.

      Delete
  13. අර හැමෝටම බුදු වෙන්න පුළුවන් ටැම්පල් එකක් සහ නිවන් සර්ටිෆිකේට් දෙන ටැම්පල් එකක් තිබුණා නේද ලිබටර්ටි ප්ලා වලද කොහෙද?

    දැන් ඒවා තියෙනවාද, නැත්තං බොදු බලා සේනව ඒවාට බැෂ්ටිය දුන්නාද?

    ReplyDelete
    Replies
    1. ඔය සෙටිපිකෙට් එක මටත් දෙන්න හැදුවා. අවාසනාව කියන්නේ මගේ පාසල් සමයේ හොඳම යාලුවත් මේකේ ප්‍රදාන චරිතයක්. ලීඩර් ලා ඔක්කොම නීති ක්ෂේත්‍රයේ අයම තමයි. නිවන් යන්න එච්චර දෙයක් කරන්න නැ දර්ම කාය කියන කඩදහි කැල්ල ඉස්සරහා පොඩි පුජා බඩු ටිකක් තියලා "නම්යෝ හෝ රෙන්ගේ ක්‍යෝ " කියලා කියා කියා පොඩි ගන්ටාරයක් ගහන්න තියෙන්නේ. හැබැයි ඔය කඩදහි කෑල්ලට සැහෙන ගානක් ගන්නවා. බය වෙන්න දෙයක් නැ ඕක ගෙනපුවාම සොර බය තුරන් වෙලා කිරියෙන් පැණියෙන් උතුරනවා. එකේ තියන ප්‍රදාන සුත්‍රය ඔය සද්ධර්ම පුන්ඩරික සුත්ත්‍රරය තමයි. හි හි

      Delete
    2. @ Kathandara Karaya

      ලිබර්ටි ප්ලාසා එකේ තමා මේ මධ්‍යස්ථානය පිහිටලා තිබුණේ. ඒක ථේරවාදයට පටහැනියි කියල හාමුදුරුවරුන්ගේ මැදිහත්වීමෙන් [බොදු බල සේනාවද කියලා මතක නැහැ] වසා දැමුවා

      Delete
    3. @ itnishantha

      මේ ලිපියට පින්තූර හොයද්දී මම දැක්කා පෙට්ටියක් ඉදිරියේ පූජා භාණ්ඩ තිබුණු පින්තූරයක්. මම හිතන්නේ ඔයා කියන දේවල් වෙන්න ඕනේ ඒවා ටික :)

      Delete
  14. වරාවැවව පැන්ෂොන් එකෙන් ගෙනැල්ලා අගවිනිසුරු කම දෙන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya


      ඊට වඩා පොරවල් ඉන්නවානේ ඒකට. කොටින්ම වීරවංශ උන්දැත් ඉන්නවාලුනේ :D

      Delete
  15. 1. සත්‍ය බුදුන් දිව්‍යලෝකයක ඉන්නවා.මෙහේ පහල වෙන්නේ නිර්මිත බුදුරුවක්.

    2. නිවන් දකින්න නම් බුදු විය යුතුමයි.

    මේ කරුණු දෙක ගැලපෙන්නෑ නේද? එකම ධර්මය ඉන්දියාවෙන් එහාට යද්දි කොච්චරක්නං වෙනස් වෙලාද නේද ?

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      මේ කරුණු දෙක පරස්පරයි තමා. ඒකට එක හේතුවක් තමා මහායානයේත් තිබෙන විවිධ නිකායන්. සත්‍ය බුදුන් දිව්‍ය ලෝකයේ ඉන්නවා කියන අදහස ඉදිරිපත් කරන්නේ සුඛාවතී ව්‍යුහ නිකායෙන්.

      ඒ වගේමයි මහායානයේ බුදුවරුන් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ බුදුවරුන්ගේත් විවිධාකාරයේ තත්ව තියෙනවා. තථාගත බුදුන් වහන්සේ තමා ප්‍රධානම බුදුන් වහන්සේ. ඒ හැරෙන්න තවත් බුදුවරු ඉන්නවා. අයියා ඒ.පී. ගුණරත්න පරිවර්තනය කරපු වානරයා කියන පොත කියවලා තියෙනවා නම් මතක ඇති නේද ත්‍රිපිටකය හොයාගෙන චීනෙට ආපු හාමුදුරුවන්ව සහ උදව් කරපු වානරයාව තථාගත බුදුන් වහන්සේ විසින් බුද්ධත්වයට පත් කරන කතාව

      Delete
  16. බුද්ධ ධර්මය ගැන අපට නිරවුල් අවබෝධයක් ගන්න ත්‍රිපිටකය තියෙනවනේ. internet එකෙන් සිංහලෙන් down load කර ගන්නත් පුළුවන්. කලාම සුත්‍රය පාදක කර ගෙන සිතමු. ඒකෙ ශාරාංශය කිසිම දෙයක් තමාගේ අවබෝධයෙන් තොරව පිළිගන්න එපා කියල. තව සුත්‍රයක තියෙනවා බික්ෂුන් වහන්සේ නමක් තමන් ධ්‍යානයෙන් යුක්තව භාවනාවේ යෙදී සිටියත් විදර්ශනාව නිසි අන්දමින් නොවැඩිම නිසා තමන් විසින්ම තම ගෙල කපාගෙන දිවි නසා ගැනීමට උත්සහ කරන අවස්ථාව ගැන විස්තරයක්. මෙහිදී එම බික්ෂුන් වහන්සේ තම ගෙල කපා ගන්නා වෙලාවේම විදර්ශනාව වැඩි රහත් වූ බව විස්තර වෙනවා. මෙතැනදී මාරයා පැමිණ එම බික්ෂුන් වහන්සේගේ විඥානය ගමන් කල ස්ථානය සොයා ගැනීමට නොහැකිව බුදුන් වහන්සේගෙන් ඒ ගැන විමසු විට එම බික්ෂුන් වහන්සේ තම ගෙල කපා ගන්නා වෙලාවේම විදර්ශනාව වැඩි රහත්වූ බැවින් විඥානය නිරුද්ධවී ඇති බවත් නැවත භවයක් (විඥානය නැවත ඉපදීමක් ) නොමැති බවත් පැහැදිලිව මාරයාට කියූ බව එම සුත්‍රයේ සඳහන් කර ඇත. එබැවින් සැරියුත් මුගලන් ආදී සියලුම මහා රහතන් වහන්සේලාගේ පිරිනිවන් පැමේදී උන් වහන්සේලාගේ විඥානයන් නිරුද්ධවී ඇති බැවින් නැවත භවයක් (විඥානය නැවත ඉපදීමක් ) නොමැති බව පැහැදිලිය. අනෙක් අතට සද්ධර්ම පුන්දරික සුත්‍රය අපේ ත්‍රිපිටකයේ නැත. එබැවින් අපිව අන්දන්න එන අයගෙන් පරිස්සම් වීම අපේ සිතට ගුණය.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අපේ එක හොඳායි. අනිත් ඒව නරකායි! හැබැයි ඇත්තටම ඔය සේරම එකායි!

      Delete
    2. නොදන්න මගුල් ගැන කතා කරන්න ඉස්සරවෙලා ත්‍රිපිටකය කියවල හිටියොත් හොඳයි.


      සමරසේකර

      Delete
    3. @ wmk

      මෙම ලිපිය ඉදිරිපත් කිරීමෙන් මම බලාපොරොත්තු වුණු අරමුණුවලින් එකක් ඔබත් වටහාගෙන තිබෙනවා. ඒ තමා

      "...ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]..."

      //..අනෙක් අතට සද්ධර්ම පුන්දරික සුත්‍රය අපේ ත්‍රිපිටකයේ නැත...//

      ඒක ථේරවාදී අපේ විශ්වාසයනේ. මහායානිකයන්ගේ විශ්වාසය ඒක නෙමෙයිනේ. ඒක නිසයි මේ ලිපිය ලිවීමෙන් මේ ගැනත් අවදානය යොමු කරන්න අපේක්ෂා කළේ

      "...එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා...."

      …//..එබැවින් අපිව අන්දන්න එන අයගෙන් පරිස්සම් වීම අපේ සිතට ගුණය...//

      ඒක නම් තම තම නැණ පමණින් වටහා ගන්න ඕනේ :)

      Delete
    4. ඔබේ පිළිතුරට ස්තුතියි. මහායානයේ ගුඪ ගැන බව නොවෙයි මගේ තර්කය.සිදුවිමට ඇති සම්භාවිතාවය ගැන. අප දන්නා පරිදි අසංඛ්‍ය කල්ප ලක්‍ෂ 7 ක් තුල පහලවූ බුදුන් වහන්සේලාගේ ගනන 27කි. (බුදුවීමට නියත විවරණ දුන් දීපංකර බුදුන්ගේ පටන් බුදුවරු 24 යි . ථන්නන්කර බුදුන්ගේ නැගණිය ලෙසින් සිට මතු බුදුවීමට ප්‍රර්ථනා කල ථන්නන්කර බුදුන්ගේ සිට බුදුවීමට නියත විවරණ දුන් දීපංකර බුදුන් දක්වා බුදුවරු 3ක්) . මෙයට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ 16 කට පෙර මුහුදේදී තම මව බේරා ගත් අවස්ථාවේදී මව වෙතින් මතු බුදුවීමට වරම් ලද බව මා කියවා ඇත. කල්ප ලක්ෂයක් යනු 10 යේ 39 වන බලය තරම් විශාල ගණනකි. මේ අනුව ගෞතම බුදුන්ගේ බුද්ධත්වයට අදාල පාරමිතා සම්පුර්ණ කිරීමට 20 x 10 යේ 39 වන බලය තරම් විශාල කල පරාසයක් ගතවී ඇත. එබැවින් සියලු දෙනාම බුදුබව පැතීම ඉටු විය හැක්කක් නොවේ. මහායානයේ කියන්නේ බුදු වීමට පෙරුම් පිරීමට අවශ්‍ය නැති බවය. ථෙර වාදයේ කියන්නේ බුදු වීමට පෙරුම් පිරීමට අවශ්‍ය බවත් නිවන් දැකීමට පෙරුම් පිරීමට අවශ්‍ය නැති බවත්ය.

      කුමන හෝ බෞද්ධයෙකු සතු විය යුතු මුලික ගුණාංගය ශ්‍රධාවයි දැනීම නොවේ. දැනීම ලැබීමට මහායානය කියවීම හොඳයි .ඇයි වජ්‍ර යානය ,තන්ත්‍ර යානය, එංගලන්තයේ science පුස්තකාලයේ තියෙන ලංකාවෙන් අරගෙන ගොස් තබාගෙන තියෙන පුස්කොල පොත් , වැඩිය ඕනෑ නැ කැලණිය kampus එකේ පුස්තකාලේ මකුළු දැල් බැඳිලා තියෙන පොත් ටික කියෙව්වමත් දැනීමක් එනවනේ.
      බුදු දහම ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව,චන්ද විරිය විමංසා යන ගුණාංගයි. මම දන්නවා කියල අනික් අය ඉදිරියේ පොරක් වෙන්න ඕන නම් මේ වගේ ලිපි ලිව්වට කමක් නැ.

      Delete
    5. @ wmk

      //... මහායානයේ ගුඪ ගැන බව නොවෙයි මගේ තර්කය.සිදුවිමට ඇති සම්භාවිතාවය ගැන...//

      සිදුවීමට ඇති සම්භාවිතාව ගැන ඔබට ගැටලුවක් ඇත් නම් එතනින්ම තමා මෙහි ගූඪබව ආරම්භ වෙන්නේ.

      //..මේ අනුව ගෞතම බුදුන්ගේ බුද්ධත්වයට අදාල පාරමිතා සම්පුර්ණ කිරීමට 20 x 10 යේ 39 වන බලය තරම් විශාල කල පරාසයක් ගතවී ඇත. එබැවින් සියලු දෙනාම බුදුබව පැතීම ඉටු විය හැක්කක් නොවේ....//

      සියලු දෙනාම බුදුබව පැතීම ඉටුවිය නොහැක්කක් ලෙස ඔබට පෙනෙන්නේ ඇ‍යිද කියලා පැහැදිලි මදි. සංකස්ස පුරයට බුදුන් වහන්සේ තව්තිසාගේ සිට වැඩම කළ අවස්ථාවේ එතැන සිටි බොහෝ දෙනා බුදු බව ප්‍රාර්ථනා කළ බව සඳහන් වෙනවා. එකවර වැඩිම පිරිසක් බුදු බව ප්‍රාර්ථනා කරන්නේ ඒ අවස්ථාවේදී.

      බුදු බව පතනවා වගේම එය සාක්ෂාත් කරගැනීම සඳහා පාරමිතා ධර්ම පිරීම ඊට පසුව සිදුවිය යුතුයි.

      "...මහායානයේ කියන්නේ බුදු වීමට පෙරුම් පිරීමට අවශ්‍ය නැති බවය...//

      ඔබ එහෙම කියන්නේ කුමන පදනමක ඉදන්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මම කියවපු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට විවරණ දෙන අවස්ථාවේ කරන ප්‍රකාශය නිසා ඔබ දක්වපු අදහස සාවද්‍ය බවයි පැහැදිලි වෙන්නේ. ඒ ප්‍රකාශය තමා

      "...සාරිපුත්‍රය, අනාගතයෙහි ඔබ ගණන් කළ නොහැකි, සීමාවකින් තොර, නොසිතිය හැකි, කල්ප ලක්ෂ කෝටි ගණන් ගිය තැන නොයෙක් ලක්ෂ කෝටි ගණන් බුදුවරුන්ට ගෞරව පූජෝපහාර දක්වා උන්වහන්සේලාගේ තථාගත ධර්මය දරා පිළිපැද බෝධිසත්ව චර්යා ධර්මයත් සම්පූර්ණ කර පද්මප්‍රභා නමින් ...... සම්මා සම්බුදුවරයෙකු වන්නේය... "

      මේ ප්‍රකාශයෙන් පැහැදිලිවම බෝධිසත්ව චර්යා ධර්මය සම්පූර්ණ කිරීමක් එහෙමත් නැත්නම් පාරමිතා පිරීමක් ගැන නොවැ කියන්නේ :)

      //...ථෙර වාදයේ කියන්නේ බුදු වීමට පෙරුම් පිරීමට අවශ්‍ය බවත් නිවන් දැකීමට පෙරුම් පිරීමට අවශ්‍ය නැති බවත්ය....//

      ථේරවාද ධර්මය පිළිබඳව ඔබ තවත් අධ්‍යයනය කළ යුතු බවයි හැඟෙන්නේ. ථේරවාද ධර්මය අනුව නිවන් අවබෝධයට බුදු, පසේ බුදු, රහත් යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණිය යුතු වෙනවා. එහිදී බුද්ධත්වය සඳහා පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා යනුවෙන් දස පාරමිතාව ත්‍රිවිධාකාරයකට එනම් තිස් ආකාරයකට සම්පූර්ණ කළ යුතුයි. පසේ බුද්ධත්වය සඳහා පාරමිතා, උප පාරමිතා යනුවෙන් දස පාරමිතාව විසි ආකාරයකට සම්පූර්ණ කළ යුතු අතර රහත් තත්වයට පත්වීමට දස පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි.

      //..කුමන හෝ බෞද්ධයෙකු සතු විය යුතු මුලික ගුණාංගය ශ්‍රධාවයි දැනීම නොවේ...//

      මේ සටහනට අනිත් අය දක්වපු අදහස්වලට මම ප්‍රතිචාර දක්වද්දී මම පුන පුනා ශ්‍රද්ධාවේ වටිනාකම ගැන වගේම එය පදනම වන බව කියලා තියෙනවා. ඒ වගේමයි මේ සටහනට කලින් ලියූ සටහනේදී ශ්‍රද්ධාව මුල් වෙන ආකාරය පිළිබඳ කතා කරලා තියෙනවා. ඒක නිසා කරුණාකරලා ඒ සටහනත් කියවන්න

      //...ඇයි වජ්‍ර යානය ,තන්ත්‍ර යානය, එංගලන්තයේ science පුස්තකාලයේ තියෙන ලංකාවෙන් අරගෙන ගොස් තබාගෙන තියෙන පුස්කොල පොත් , වැඩිය ඕනෑ නැ කැලණිය kampus එකේ පුස්තකාලේ මකුළු දැල් බැඳිලා තියෙන පොත් ටික කියෙව්වමත් දැනීමක් එනවනේ...//

      එංගලන්ත පුස්තකාලයේ පොත් කියවන්න ඉදිරියේදී උත්සහ කරන්නම්. අපේ කැම්පස් එකේ මකුළු දැල් බැඳිලා තියෙන පොත් පතුත් කාලවේලාව ලැබෙන පරිදි කියවනවා. ඒ කියවීමෙන් තමා මේ ආකාරයේ ලිවීම් කරන්නේ...

      //...බුදු දහම ප්‍රගුණ කිරීමට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාව,චන්ද විරිය විමංසා යන ගුණාංගයි...//

      ඇත්ත. මම ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ නොවැ :)

      //...මම දන්නවා කියල අනික් අය ඉදිරියේ පොරක් වෙන්න ඕන නම් මේ වගේ ලිපි ලිව්වට කමක් නැ...//

      හැමදේම මම දන්නවා කියලා මම කියන්නේ නැහැ. මම දන්න දේ ගැන විතරක් මම ලියනවා. මම පොරක්ද නැත්නම් වෙන කවුරු හරිද කියලා තීරණය කරන එක කියවන අය තීරණය කරයි. බ්ලොග් ලියලා පොරක් වෙන්න තරම් මානසිකත්වයකුත් මට නැහැ.

      කොහොම වෙතත් කවුරු හරි ලියපු දේකට තමන්ගේ අදහස් එකතු කරලා පොරක් වෙන මානසිකත්වයේද ඔබ ඉන්නේ කියලා මම දන්නේ නැහැ :D

      Delete
    6. @සමරසේකර,

      //බික්ෂුන් වහන්සේ නමක් තමන් ධ්‍යානයෙන් යුක්තව භාවනාවේ යෙදී සිටියත් විදර්ශනාව නිසි අන්දමින් නොවැඩිම නිසා තමන් විසින්ම තම ගෙල කපාගෙන දිවි නසා ගැනීමට උත්සහ කරන අවස්ථාව ගැන විස්තරයක්. මෙහිදී එම බික්ෂුන් වහන්සේ තම ගෙල කපා ගන්නා වෙලාවේම විදර්ශනාව වැඩි රහත් වූ බව විස්තර වෙනවා.//


      //කුමන හෝ බෞද්ධයෙකු සතු විය යුතු මුලික ගුණාංගය ශ්‍රධාවයි දැනීම නොවේ.//

      දැනීම නොවේ????????

      මේව ඇහුවම හිනා යන්නේ කටින් නොවේ.

      //විඥානය ගමන් කල ස්ථානය සොයා ගැනීමට නොහැකිව ... විඥානයන් නිරුද්ධවී ඇති බැවින් නැවත භවයක් (විඥානය නැවත ඉපදීමක්) නොමැති බව පැහැදිලිය....//

      මම සොයන්නේ මේ වගේ අය නේ. අන්න මම යට ලිව්ව, රහත් අරහත් කියන්නෙ මොකක්ද කියල. ඔය විඥානය කියන්නේ ඥානය කියන එකේ විරුද්ධාර්තය නේද? තව කියනවා නම් ඥානය (ඥානම්) කියන්නෙ "දන්න" කියන සිංහල වචනෙ නේද? කියල වැඩක් නෑ. දෙමළ වචනෙට දීපු තේරුමේ මහත.

      බුද්ධ වෙන්න ගිය කල්. හැබැයි බුධ කියන වචනෙ නම් අර ජීවිත දැනුමේ (ජ්‍යෝතිෂයේ - හින්දු) එන දැනුම සංකේත කරන නම නෙ. දැන් බැලුවම සුළුදිය කියන සිංහල වචනය දෙමළට, හින්දුවලට ගියාම මහා බ්‍රහ්මයා පානය කරන අමෘතය වෙනවනේ. ඒක නිසාද ගවමුත්‍රා දිව්‍යපානය වුනේ?

      ඔයාගෙ කට්ටිය ලංකාවට ආවේ විජේ කුමාර් එක්කද? මම දැකපු, තමන් කියන වචනවත් නොදැන ලියපු එකම ප්‍රතිචාරය මේකයි. කාල වරෙන් කිව්වා.

      මම නැවත නැවත උපත වන/නොවන ආකාරය සොයාගත් එකෙක්. ඒකට ඔයා කියපු ගොන් විඥාන ක්‍රමයත් දැම්මම මග එරුනා. ඔය විඥාන ක්‍රමේ ගැන කියනවාද? ඔයා කියන විදියට ඕපපාතික වෙනවා. අනේද කිව්ව. මිනිස්සු කියන්නේ, විඥානෙ වගෙ අපි දැකල නැති සත්තු ජාතියක් නේ. එතකොට සතුනුත් විඥානේ දානවා නම්, උනුත් නිවන් දකිනවා. බොහොම සරල ස්වභාවික දෙයක් නොදැන අමන කතා කියන කොට බළලට අහුවුන නූල් පන්දුව මතක් වුනා. දැන් බෙලි කපාගත්තම ක්ෂණයකින් අරහත් වුනා වගේ, කෙප්ප කෙලියම ක්ෂණයකින් බුද්ධ වෙන්න බැරිද?

      Delete
  17. සැබෑ බෞද්ධ දර්ශනයට අනුව නිර්වාණය යනු උපත නැවැත්වීමයි.නිවන් ලද කෙනෙකුට නැවත උපතක් තිබිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. @ වර්ෂා ( Rain_Girl )

      මේ ලිපියේ එක් අරමුණක් ඔබත් වටහා ගෙන තිබෙනවා. ඒ තමා

      "...ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]..."

      Delete
  18. මැජික් තියනවනම් ඒක ධර්මයක් වෙන්න බෑ. මේක මහ අමු බොරු කතාවක්. මහායානය බිහි උනේ කොහොමද කියලත් ලිපියක් දැම්මනම් මේවට මිනිස්සු රැවටෙන එක නවතීවි. මේවා ප්‍රචාරය කරන අය මොනව බලාපොරොත්තු වෙනවද දන් නෑ. මම හිතන්නෙ බුදු දහම විකුනල හරි තමන්ගෙ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න වෙන්න ඇති... මීට කලිනුත් මෙහෙම බුදු දහමෙ නැති බොරු ලිපියක් මම මේ බ්ලොග් එකේම කියවල තියනව. හරියට ධර්මය ගැන දන්නෙ නැතුව මෙහෙම ලිපි පලකරන එකෙන් වලකින්න කියල මෙ දෙවැනි පාරට ඉල්ලන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 13, 2013 2:58 PM

      ඔබ දෙවෙනි වරටත් කරන ඉල්ලීමට පළමු පිළිතුරම ලබාදෙන්නම් :)

      මුලින්ම අදහස් පළකල ඇනෝ ඔබ වෙන්න පුලුවන් කියලා හිතනවා. ඒක නිසා //...මේවා ප්‍රචාරය කරන අය මොනව බලාපොරොත්තු වෙනවද දන් නෑ....// පිළිතුර මෙන්න

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      //..මම හිතන්නෙ බුදු දහම විකුනල හරි තමන්ගෙ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න වෙන්න ඇති...//

      බුදු දහම විකුණලා බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්නවාට වඩා කුණුහරුප ලියලා මේ බ්ලොග් එක ප්‍රසිද්ධ කරගන්න මට පුලුවන් :D

      //..මීට කලිනුත් මෙහෙම බුදු දහමෙ නැති බොරු ලිපියක් මම මේ බ්ලොග් එකේම කියවල තියනව...//

      ඒ ලිපිය මොකක්ද කියලා සඳහන් කරන්න පුලුවන් නම් අපිට මීට වඩා හොඳට ඒ ගැනත් කතා කරන්න පුලුවන් වේවි

      //...හරියට ධර්මය ගැන දන්නෙ නැතුව මෙහෙම ලිපි පලකරන එකෙන් වලකින්න කියල මෙ දෙවැනි පාරට ඉල්ලන්නෙ....//

      හරියට ධර්මය දන්නේ නැතුව කියලා ඔබ අදහස් කරන්නේ ථේරවාදී බුදු දහමද එහෙමත් නැත්නම් මහායාන බුදු දහම ගැනද කියලා පැහැදිලි කරන්න. ඒ වගේමයි ඒ ආකාරයේ ඉල්ලීමක් කරන්නේ ඇ‍යි කියන එක ගැනත් කරුණු පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා :)

      Delete
    2. ඔබ බොහොම ලාමක උත්තර ටිකක්නම් දීල තියනව... බහු ආගම් තියන ලෝකෙක අනිත් ආගම් ගැන දැනගැනීමෙන් ඇති වටිනාකම මොකක්ද?..පැහැදිලි කරන්නකො..

      තේරවාද බුදු දහම පිළිගන්න අයට අනිත් අගම්වල තියන සුරංගනා කතා ඕනිද පිළිගැනීම වැඩි කරගන්න? නැත්තම් සැක නැති කරගන්න?

      කුණුහරුප ළියන එක හොදයි මේ වගේ බුදු දහම විනාස කරනවට වඩා.

      මෙන්න මේක තමයි කලින් මම දැක්ක කියපු බොරු ලිපිය .. "රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා" කොහේද කියල තියෙන්නෙ බොධිසත්වයන් වහන්සේ මිනී මරල තියනව කියල. ධර්මය දන්න කෙනෙක් මේව ලියනව වෙන්න බෑ.

      ඔබ අහපු අන්තිම ප්‍රශ්නෙන්ම තේරෙනව දැනුමෙ තරම.
      //හරියට ධර්මය දන්නේ නැතුව කියලා ඔබ අදහස් කරන්නේ ථේරවාදී බුදු දහමද එහෙමත් නැත්නම් මහායාන බුදු දහම ගැනද //

      මහායාන කියන්නෙ බුදු දහමක් නෙමේ. ඔක දන්නෙ නැති නිසා තමයි කිව්වේ මහායානය බිහිවුන හැටි ලිපියක් දාන්න කියල.


      Delete
    3. @ Anonymous January 14, 2013 7:43 AM

      //...ඔබ බොහොම ලාමක උත්තර ටිකක්නම් දීල තියනව...//

      ඔබට හිතෙන්නේ එහෙම නම් මක් කරන්නද :D

      //...බහු ආගම් තියන ලෝකෙක අනිත් ආගම් ගැන දැනගැනීමෙන් ඇති වටිනාකම මොකක්ද?..පැහැදිලි කරන්නකො.. //

      සමය සමයාන්තර දැනුමෙන් වැඩක් නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඒකට මට කරන්න දෙයක් නැහැ. වෙනත් ආගමක කෙනෙක් වුණත් ඇසුරු කරද්දි එයාලගේ ආගම ගැන මට කිසියම් දැනුමක් තියෙනවා නම් ඒක මට පහසුවක් වෙලා තිබෙන බව ප්‍රායෝගිකව මම අත් දැකලා තියෙනවා

      //..තේරවාද බුදු දහම පිළිගන්න අයට අනිත් අගම්වල තියන සුරංගනා කතා ඕනිද පිළිගැනීම වැඩි කරගන්න? නැත්තම් සැක නැති කරගන්න?..//

      මහත්මයා සාපේක්ෂව යම් කිසි දෙයක් ගැන වටහා ගන්න එක වඩාත් සාපේක්ෂයි. බෝසතාණන් වහන්සේ පවා සත්‍යය සොයා ගියේ ඒ විදිහටයි

      //..කුණුහරුප ළියන එක හොදයි මේ වගේ බුදු දහම විනාස කරනවට වඩා...//

      බුදු දහම විනාශ කරනවා කියන එක ඔබේ මතය. ඒක මේ සටහන් ලියන මගේ මතයත් නෙමේ. ඒ වගේමයි මට ලැබුණු ප්‍රතිචාර අනුවත් ඒක එහෙම නෙමේ කියන එක මට පැහැදිලියි. මේ සටහනටම චන්දි සැපයූ පිළිතුරෙන් ඒක හොඳටම පැහැදිලි.

      "...මේ දේවල් පිලිගන්න අමාරුයි හසිත. ඔබේ ලිපිය කියවීමෙන් තව තව ශ්‍රී සද්ධරමය කෙරෙහි ඇති ශ්‍රද්ධාව වැඩි වුනා. මෙවැනි අද්භූත දේවල් නිසා ඔවුන් කවදාවත් ධර්මය වටහා ගන්නේ නෑ. මෙවැනි දේ කියවා තම තම නැණ පමණින් දැනගැනීම තමා කරන්න තියෙන්නෙ..."

      අනෙක් අතට තවත් කෙනෙක්ට අසභ්‍ය දෙයක් [කුණුහරුප] ලියන්න කියලා ඔබ කීමෙන්ම ඔබේ මනසේ සොබාවය තේරුම් ගන්න පුලුවන් :)

      //... "රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා" කොහේද කියල තියෙන්නෙ බොධිසත්වයන් වහන්සේ මිනී මරල තියනව කියල. ධර්මය දන්න කෙනෙක් මේව ලියනව වෙන්න බෑ....//

      මහත්මයා ඒක සිංහල ජාතක කතා පොත් වහන්සේගේ 262 වෙනි ජාතක කතාව වෙන චුල්ලපලෝභන [සංකප්ප] ජාතක කතා පුවත. ඒ සටහනට අදාළව ගිය සංවාදය හොඳින් කියවා බලන්න. එහි බෝධිසත්වයන් ප්‍රාණඝාතය කරනවාද කියන ප්‍රශ්නය ගැන කතා කොට තිබෙනවා

      //..ඔබ අහපු අන්තිම ප්‍රශ්නෙන්ම තේරෙනව දැනුමෙ තරම...//

      ඔබේ චින්තන මට්ටමේ සොබාවයත් පැහැදිලියි :D

      //...මහායාන කියන්නෙ බුදු දහමක් නෙමේ....//

      මහායානය කියන්නේත් බුදු දහමක් නෙමෙයි නම් මොකක් කියලාද ඔබ අදහස් කරන්නේ ? එහෙම නම් මහායාන බුදු දහම නමින් විශ්වවිද්‍යාලවල උගත් මහ තෙරවරුන් උගන්වනු ලබන විෂයත් වැරදිද එහෙම නම් ??

      //..ඔක දන්නෙ නැති නිසා තමයි කිව්වේ මහායානය බිහිවුන හැටි ලිපියක් දාන්න කියල...//

      ඉඩක් ලැබෙන හැටියට ඒ ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ සටහනෙත් හරීට දුන් පිළිතුරේ කිසියම් ආකාරයකට ඒ ගැන කතා කරලා තියෙනවා.

      Delete
  19. Replies
    1. @ Gayani Wedage

      ඒත් බලන්නකෝ ඉතින් අහන්න නොලැබෙන කතාවක් කිව්ව නිසා සමහරු රෙදි කරට අරන් ඇවිත් තියෙන හැටි :D

      Delete
  20. මහායාන ගැන වැඩිය මොනවත් දන්නේ නැහැ. මේකේ ගොඩ දෙනෙක් මහා පහත විදියට කමෙන්ට් කරලා තියෙන්නේ.ඒ එයාලගේ මානසික ප්‍රශ්න වෙන්න ඕනේ.

    මගේ 7 වසරේ බුද්ධාගම පොතෙත් හාස් කම් තිබුනා. දවසක් රුපියල් 7.50 තිබුනා පොත ඇතුලේ මමම හංගපු එකක් කාලෙකට පස්සේ ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      සමය සමයාන්තර අවබෝධයක් ලබාගන්න අවශ්‍යතාවක් ඒ අයට නැතුව ඇතියි කියලයි මගේ වැටහීම. ඒ වගේමයි සාහිත්‍ය රසය හෝ කතා රසය උදෙසා වුවත් අන්‍යාගමික පොතක් නොඇල්ලිය යුතුයි කියන අදහසේ බොහෝ බෞද්ධයන් ඉන්න බවක් පෙනෙනවා...

      බුද්ධ ධර්මය එක්ක සම්බන්ධ වෙන පොත් හුඟක් හාස්කම් කරන පාටයිනේ අයියා :)

      Delete
  21. රහත් වෙන කෙනෙක් නැවත ඉපදිලා බුදුවෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ඒක මහායානික පිළිගැනීම. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ රහතන් වහන්සේව හඳුන්වන්නේ මේ විදිහට. "... උන්වහන්සේලා [රහතන් වහන්සේලා] සසර ගමනේ අවසානයට ලංවී ඇති ලෞකික ආශාවන්ගෙන් මිදුණු භව පැවැත්මේ බැඳීම් අවසන් කිරීමේ පරමාර්ථය ඉෂ්ට කරගත් මනස නිදහස් කරගත් අය වූහ..."

      Delete
    2. මට ඇති වුනු ප්‍රශ්නයම තමයි කෝරලේ මහත්තය අහල තියෙන්නෙ

      Delete
    3. @ සමී

      කෝරලේ මහත්තයාට දීපු පිළිතුරම අදාළ කරගන්න පුලුවන්නේ එහෙමනම්. අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න

      Delete
  22. මේ රටවල මහායාන බලපෑම වැඩි නිසා මටත් හිතුන වෙනස මොකක්ද කියා කියවල බලන්න . ඒ වුනාට අන්තර්ජාලයේ මේවා හරිම සංකීර්ණයි . මතුපිටින් දැක්ක දේවල් වලට අනුව නම් බුදුන් දේවත්වයෙන් සලකන බව නම් පෙනෙනවා .

    ඕනෑම ආගමක් දර්ශනයක් ගැන සොයා බැලීම වරදක් නෙමේ . තමන්ට හරි වැරැද්ද තේරුම් ගන්න හැකියවනේ වැදගත් .

    ReplyDelete
    Replies
    1. @ Bindi

      මහායානිකයන් බුදුන්ට විතරක් නෙමේ බෝසත්වරුන්ටත් දෙවිවරුන් ආකාරයෙන් වන්දනා කිරීමක් සිදු කරනවා. ඔවුන්ගේ පදනමේ ඉදන් බලද්දී ඒ පිළිගැනීම හරිනේ. මොකද ඔවුන් විශ්වාස කරන්නේ ස්වර්ගීය ස්ථානයක බුදුන් වහන්සේ වගේම බෝසත්වරුන් වැඩ ඉන්නවා කියලානේ. විශේෂයෙන්ම අවලෝකිතේශ්වර බෝසතුන් ලෝවැසියන් සියලු දෙනාම දුකෙන් මිදෙන තාක් බුදු නොවීමට පවා අදහස් කරගෙන සිටින බවක් ඔවුන් කියනවා.

      ආගමක් දර්ශනයක් ගැන හොයා බැලීම ඒ ආගමික ග්‍රන්ථ කියවීමත් ඒ ගැන කතා කිරීම සමහරුන් සලකන්නේ ඒ ආගම වැළඳගන්න, ඒ ආගම ප්‍රචාර කරන්න යනවා කියලානේ අක්කේ :D

      Delete
  23. හ්ම්ම්....මහායාන ධර්මය ගැන මම නම් දන්නේ නෑ. ඒත් මේක මහා බොරුවක් කියල හිතෙනවා. ඔය කියන විදියට සැරියත් මුගලන් මහා රහතන් වහන්සේලාත් තවම නිවන අවබෝද කරලා නැත්නම් දෙයියනේ අපිට තව කොච්චර කාලයක් බලන් ඉන්න වේවිද? ඒ කාලේ රහත් වෙච්ච කොච්චර ප්‍රමාණයක් ඉන්නවද.... ඒ සියලු දෙනා බුදු වෙන්න තව සෑහෙන කාලයක් යාවිනේ.....

    කෝක වුනත් හොද ලිපියක් හසිත.... නොදන්නා දෙයක් දැන ගත්තනේ..... හැම දේ ගැනම දැනුවත්ව ඉන්න එක වටිනවනේ....

    හැබැයි හසිතට පොත කියෙව්වට පාඩුවක් වෙලා නම් නෑ....හික්....

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      මේ හරහා සාපේක්ෂව හිතා බලන්න ඉඩකඩ වගේම දැනුවත්බව ලබාදීමත් මගේ අරමුණු වුණා. කොහොමත් ඉතින් පොත් කියවන එක පාඩුවක් වෙන දෙයක් නම් නෙමෙයිනේ :D

      Delete
  24. වෙනදා වගේම වටිනා යමක් කියවන අපට ලබාදෙන්න ගත්ත උත්සාහය බොහොම අගය කරනවා... රැල්ලට දුවන සමාජයත් එක්ක ගිහිල්ලා හති වැටුනට පස්සෙ මිනිස්සු හොයන්නෙ අධ්‍යාත්මික සුවය...ඒ සදහා ඉඩහසර ලැබෙන්නෙ ධර්මයට අනුගත වීමෙන්... දියුණු රටවල බහුතරයක් අය දැන් එය හොයාගෙන පෙරදිග රටවලට එනවා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      දියුණු රටවල මිනිස්සු තමන්ගේ ලෞකික සාධනය අවසන් වුණාට පස්සේ තමා ලෝකෝත්තර සාධනයට යොමු වෙලා තියෙන්නේ. අපේ වගේ රටවල්වල තවමත් අපිට හොඳ ජීවන මට්ටමක් නැති නිසා තවමත් ලෝකෝත්තර පැත්තට යොමුවෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඒත් එහෙමයි කියලා මේක අත හැරලාත් බැහැ

      Delete
  25. ලිපිය වෙනද වගේම රසවත්...
    හපොයි... මේ තර්ක!

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      තර්ක නම් කවදාද ඉවර වෙන්නේ අයියා :)

      Delete
  26. මේ දේවල් පිලිගන්න අමාරුයි හසිත. ඔබේ ලිපිය කියවීමෙන් තව තව ශ්‍රී සද්ධරමය කෙරෙහි ඇති ශ්‍රද්ධාව වැඩි වුනා. මෙවැනි අද්භූත දේවල් නිසා ඔවුන් කවදාවත් ධර්මය වටහා ගන්නේ නෑ. මෙවැනි දේ කියවා තම තම නැණ පමණින් දැනගැනීම තමා කරන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. @ Chandi

      මගේ අරමුණ වටහාගත්ත ඔබතුමිය වැන්නවුන් ඉන්න එක ගැන සතුටුයි :)

      Delete
  27. බුදු හාමුදුරුවො යම් හෙයකින් නැවත් ආවොත් උඩ බලාගන කල්පනා කරයි යකෝ මොකක්ද " ථේරවාද" කියන්නෙ ! මොකක්ද "මහා යාන" කියන්නෙ !! කියලා.. "මම මෙහෙම ඒවා දේශනා කළේ නෑනෙ !" කියලා...

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      විශේෂයෙන්ම ලංකාවේ සංඝ සමාජයත් එක්ක තදින්ම බැඳිලා තියෙන තමන්වහන්සේ පිටු දැක්ක කුල ක්‍රමය ගැන තමා බුදුන් වහන්සේට වැඩියෙන්ම මෙනෙහි කරන්න වෙන්නේ.

      මට මතකයි 2001 එජාප රජයෙන් ශ්‍රී මහා බෝධිය වටා රන් වැටක් නිර්මාණය කරපු එක ගැන කසුරිගේ කොලමේ ගිය ලිපිය. ඒකේ විදිහට බුදු හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝත් එක්ක වැඩලා ඒ රන් ඉණි සියල්ලම බෙදලා දෙනවා රටේ සංවර්ධන වැඩවලට වගේම දිළිඳු ජනතාවගේ ප්‍රශ්න විසඳන්න

      Delete
  28. මේක කියවන් යද්දි හිතට ආව දෙයක් තමයි රහතන් වහන්සේ කෙනෙක් ආයෙම උපදින්නේ කොහොමද කියන එක.. ඒත් ඒකට උත්තරයක් කමෙන්ට් එකකම මං දැක්කා..

    අදත් වටින විස්තරයක් මලයා..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      කිසිම තැනක ගැටලුවක් තියෙලා ගිහින් නැහැ අයියා. පිළිතුරත් එකතු කරලා තමා තියෙන්නේ :D

      Delete
  29. ඔබ බොහොම ලාමක උත්තර ටිකක්නම් දීල තියනව හසිත ... බහු ආගම් තියන ලෝකෙක අනිත් ආගම් ගැන දැනගැනීමෙන් ඇති වටිනාකම මොකක්ද?..පැහැදිලි කරන්නකො..

    තේරවාද බුදු දහම පිළිගන්න අයට අනිත් අගම්වල තියන සුරංගනා කතා ඕනිද පිළිගැනීම වැඩි කරගන්න? නැත්තම් සැක නැති කරගන්න?

    කුණුහරුප ළියන එක හොදයි මේ වගේ බුදු දහම විනාස කරනවට වඩා.

    මෙන්න මේක තමයි කලින් මම දැක්ක කියපු බොරු ලිපිය .. "රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා" මේකෙ කියල තියෙන්නෙ බොධිසත්වයන් වහන්සේ මිනී මරල තියනව කියල. ධර්මය දන්න කෙනෙක් මේව ලියනව වෙන්න බෑ. ඒකයි කිව්වෙ ධර්මය දන්නෙ නැතුව මේ වගේ ලිපි පල කරන්න එපා කියල...

    ඔබ අහපු අන්තිම ප්‍රශ්නෙන්ම තේරෙනව දැනුමෙ තරම.
    //හරියට ධර්මය දන්නේ නැතුව කියලා ඔබ අදහස් කරන්නේ ථේරවාදී බුදු දහමද එහෙමත් නැත්නම් මහායාන බුදු දහම ගැනද //

    මහායාන කියන්නෙ බුදු දහමක් නෙමේ. ඔක දන්නෙ නැති නිසා තමයි කිව්වේ මහායානය බිහිවුන හැටි ලිපියක් දාන්න කියල.


    ReplyDelete
    Replies
    1. @ Anonymous January 14, 2013 7:58 AM

      ඔබ එකම අදහස කීප තැනක පළ කරන එකෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න අමාරුයි මහත්මයා. ඒ මොකක් වුණත් මෙන්න කලින් වගේම මගේ ප්‍රතිචාරය :)

      //...ඔබ බොහොම ලාමක උත්තර ටිකක්නම් දීල තියනව...//

      ඔබට හිතෙන්නේ එහෙම නම් මක් කරන්නද :D

      //...බහු ආගම් තියන ලෝකෙක අනිත් ආගම් ගැන දැනගැනීමෙන් ඇති වටිනාකම මොකක්ද?..පැහැදිලි කරන්නකො.. //

      සමය සමයාන්තර දැනුමෙන් වැඩක් නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඒකට මට කරන්න දෙයක් නැහැ. වෙනත් ආගමක කෙනෙක් වුණත් ඇසුරු කරද්දි එයාලගේ ආගම ගැන මට කිසියම් දැනුමක් තියෙනවා නම් ඒක මට පහසුවක් වෙලා තිබෙන බව ප්‍රායෝගිකව මම අත් දැකලා තියෙනවා

      //..තේරවාද බුදු දහම පිළිගන්න අයට අනිත් අගම්වල තියන සුරංගනා කතා ඕනිද පිළිගැනීම වැඩි කරගන්න? නැත්තම් සැක නැති කරගන්න?..//

      මහත්මයා සාපේක්ෂව යම් කිසි දෙයක් ගැන වටහා ගන්න එක වඩාත් සාපේක්ෂයි. බෝසතාණන් වහන්සේ පවා සත්‍යය සොයා ගියේ ඒ විදිහටයි

      //..කුණුහරුප ළියන එක හොදයි මේ වගේ බුදු දහම විනාස කරනවට වඩා...//

      බුදු දහම විනාශ කරනවා කියන එක ඔබේ මතය. ඒක මේ සටහන් ලියන මගේ මතයත් නෙමේ. ඒ වගේමයි මට ලැබුණු ප්‍රතිචාර අනුවත් ඒක එහෙම නෙමේ කියන එක මට පැහැදිලියි. මේ සටහනටම චන්දි සැපයූ පිළිතුරෙන් ඒක හොඳටම පැහැදිලි.

      "...මේ දේවල් පිලිගන්න අමාරුයි හසිත. ඔබේ ලිපිය කියවීමෙන් තව තව ශ්‍රී සද්ධරමය කෙරෙහි ඇති ශ්‍රද්ධාව වැඩි වුනා. මෙවැනි අද්භූත දේවල් නිසා ඔවුන් කවදාවත් ධර්මය වටහා ගන්නේ නෑ. මෙවැනි දේ කියවා තම තම නැණ පමණින් දැනගැනීම තමා කරන්න තියෙන්නෙ..."

      අනෙක් අතට තවත් කෙනෙක්ට අසභ්‍ය දෙයක් [කුණුහරුප] ලියන්න කියලා ඔබ කීමෙන්ම ඔබේ මනසේ සොබාවය තේරුම් ගන්න පුලුවන් :)

      //... "රතිකෙළියට ලොල්ව පිරිමින් මරන්න ගිය බෝසත් රජ කුමරා" කොහේද කියල තියෙන්නෙ බොධිසත්වයන් වහන්සේ මිනී මරල තියනව කියල. ධර්මය දන්න කෙනෙක් මේව ලියනව වෙන්න බෑ....//

      මහත්මයා ඒක සිංහල ජාතක කතා පොත් වහන්සේගේ 262 වෙනි ජාතක කතාව වෙන චුල්ලපලෝභන [සංකප්ප] ජාතක කතා පුවත. ඒ සටහනට අදාළව ගිය සංවාදය හොඳින් කියවා බලන්න. එහි බෝධිසත්වයන් ප්‍රාණඝාතය කරනවාද කියන ප්‍රශ්නය ගැන කතා කොට තිබෙනවා

      //..ඔබ අහපු අන්තිම ප්‍රශ්නෙන්ම තේරෙනව දැනුමෙ තරම...//

      ඔබේ චින්තන මට්ටමේ සොබාවයත් පැහැදිලියි :D

      //...මහායාන කියන්නෙ බුදු දහමක් නෙමේ....//

      මහායානය කියන්නේත් බුදු දහමක් නෙමෙයි නම් මොකක් කියලාද ඔබ අදහස් කරන්නේ ? එහෙම නම් මහායාන බුදු දහම නමින් විශ්වවිද්‍යාලවල උගත් මහ තෙරවරුන් උගන්වනු ලබන විෂයත් වැරදිද එහෙම නම් ??

      //..ඔක දන්නෙ නැති නිසා තමයි කිව්වේ මහායානය බිහිවුන හැටි ලිපියක් දාන්න කියල...//

      ඉඩක් ලැබෙන හැටියට ඒ ගැනත් ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ සටහනෙත් හරීට දුන් පිළිතුරේ කිසියම් ආකාරයකට ඒ ගැන කතා කරලා තියෙනවා.

      Delete
    2. "//..තේරවාද බුදු දහම පිළිගන්න අයට අනිත් අගම්වල තියන සුරංගනා කතා ඕනිද පිළිගැනීම වැඩි කරගන්න? නැත්තම් සැක නැති කරගන්න?..//

      මහත්මයා නිරපේක්ෂව පිළිගන්න එක වගේම සාපේක්ෂවත් යම් කිසි දෙයක් ගැන වටහා ගන්න එක වඩාත් හොඳයි. බෝසතාණන් වහන්සේ පවා සත්‍යය සොයා ගියේ ඒ විදිහටයි

      Delete
    3. හරියට හරි මල්ලි. අනිත් එක වෙන ආගම් වල සහ වෙන ජන කණ්ඩායම් වල ඇදහිලි හා විශ්වාස දැනගැනීමට කට්ටිය මෙච්චර විරුද්ධ මොකද කියලා හිතා ගන්න බෑ.

      Delete
    4. @ ලකී වික්‍රමසිංහ

      අන්තවාදයද මන්දා :(

      Delete
  30. මම නම් ඉතින් රසවින්දා. මහායානයෙ වගෙම ථේරවාදයෙත් අභව්‍ය කරුණු ඇතුලත් කතා බොහොමයි.. මූලික බුදු දහම වටහාගත්තාම හංසයා දියෙන් කිරි වෙන්කරගන්නවා වගේ ගන්න හැකි දේ අරන් ඉතිරිය ඉවත දාන්නයි තියෙන්නේ.. අනිත් ආගම් නොඉවසන්නන් ඉතින් මහායානය බුද්ධාගම නෙවෙයි කියලා මරාගන්න යන එකයි නරක.

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      අයියාගේ අදහසට මමත් එකඟයි. ඒත් හුඟක් අය එහෙම පිළිගන්න කැමති නැති එක නොවැ වැඩේ.

      Delete
  31. හොඳ ලිපියක්.. මේ වගේ පොත් තිබුනට ඒ ගැන නොදන්නා අය හුඟක් ඉන්නවා නේ. ඉතින් මෙහෙම දැනුවත් කලාම කැමති කෙනෙකුට ඒ පොත් හොයාගෙන කියවලා ගන්න තියන දේ ගන්න පුළුවන්. ස්තුතියි ලිපියට..! (පොත් කියවන අයට පොත් උනත් කැමති ඇති.. ඒකනේ සල්ලිත් ලැබිලා තියන්නේ :))

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ඇත්ත අයියා. සමය සමයාන්තර අවබෝධය පිණිසම ඒක හේතුවෙයි

      Delete
  32. අන්තෝ ජඨා බහිජඨා කිව්වලු..

    මහායාන කිව්වාම ගොඩක් දෙනෙක් ආපෝ කිව්වට ඒක සමහරක් තැන් වල ඇරෙන්න වරදක් දකින්නේ නෑ මං නං. මේ කතාවනං අනේ මංදා.. ගනං මිමි හදලා බැලුවාම මේක වෙන්ට අමාරුයිනේ කියලාත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. @ සුළඟිල්ල | pinkie

      මහායානය කියවලා බැලීමත් හොඳ නැති දෙයක් වගේනේ සමහරු අදහස් දක්වන්නේ. මම දන්න විදිහට අපවත් වී වදාළ ආනන්ද මෛත්‍රී මහානාහිමියනුත් මහායාන ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණු කෙනෙක්

      Delete
  33. @හසිත,

    අගේ ඇති කතාව. මේක මහා භාරත් නාට්‍ය කතාවෙ කීවෙනි පරිච්ඡේදයද?

    ඔයා අර හාස්කම් තියෙන කඩදාසි රෝලෙ, ආපහු රු 200 දාල පින් ගන්න. එතකොට පොත කියවන ඊ ළඟ එකාටත් හාස්කම පේනවනේ. මෙයා තාම හාස්කම් ගැන දන්නේ නෑ වගෙයි.

    දැන් බැලුවම මහායාන බෞද්ධයෝ කියන්නේ හින්දු කට්ටිය. ඒ කියන්නේ, කියන එකාත් අහන එකාත් උපතින්ම කෙප්ප කියන උන්. අර රාමායනේ මැරිච්ච උන්ට පණ දීල දිනෙව්වා. මහා භාරතේ අර්ජුන් අත පහලට දාල ඉර බස්සල ආයේ අත උස්සල ඉර උඩට ගත්ත. මේකෙ තියෙන මැජික් ඊට ප්‍රබලයි. අඩුවකට තියෙන්නේ පහල මගෙන් නෙළුම් මල් නාව කියපු එකයි. කටින් ගන්න ඒවා අර යූ ටියුබ් පුරුකෙ දැක්ක නේද? තව ඒ ගැන කියන්න බැරි, හන්තානේ ගිය කාලේ කියපු අසභ්‍ය දේවල් ලුණු ඇඹුල් එක්ක හිතට ආ නිසයි.

    වැරැද්දකට තියෙන්නේ හින්දු කාරයයි දෙමළයි උන්ගේ දහජරාව සිංහල එකාලගේ බොන ලිඳේ දාලා හෝදන එකයි. ඒ කිව්වෙ සිංහල භාෂාව යොදා ගැනීම ගැනයි.

    ඒ කාලේ දෙමළ හින්දු බෞද්ධයෝ උතුරු කරේ පැල් අටවගෙන හිටියේ විජේ කුමාර්ගේ තනි රකින්නනේ. දෙමළු ඇදහුවේ ඔය ථේරවාදී බෞද්ධ මතේනේ. දෙමළට මරණය අපට කජු වගේ තමයි. තමුන්ගෙ නොදැනුවත්කමට ප්‍රතිවිරුද්ධ අර්ථ දෙන රහත් හා අරහත් කියන වන දෙකම එක තේරුමක් දෙනවා කිව්වට, ඔය ථේරවාදී අයයි මහයාන අයයි දෙගොල්ලම දැඟලුවේ අරහත් වෙන්නනෙ. දෙමළ පැටව් ගහල ටික කලකට පසු හැඩි දෙමළ රජුන්ට කියල මහයාන හැත්ත නැසුවේ නැත්නම් අදත් මහයාන උන් කෙප්ප මවනවා. ඔය කට්ටිය දෙපැත්තට බෙදිල නටන කොට ජන්මෙත් සිංහල වෙස් මුහුණට යටින් පේනවා.

    මම බොහෝ කලක් රහත් අරහත් කියන වචන දෙකේ අරුත් දන්න මහායාන/ථේරවාද බෞද්ධයෙක් හෙව්වා. එකෙක් නෑනෙ. ඒකත් කෝඳුරු තෙල් හෙව්ව වගේ.

    බැරි තැන මම කිව්වා. ඔන්න නැවත කියන්නම්. රහත් වෙනවා කියන්නේ රහ දත් හෙවත් රහස් දත් කියන එකයි. අම්මා තාත්තගෙ වැඩ නිසා එළියට ඇවිල්ල මනුෂ්‍යයෙක් වුනාට අප ගැන අප දන්නවාට වඩා, ළඟපාත ඉන්න බල්ලන් ගැන අපි දනිමු. ඉතින් ඔය නොදන්න දේවල් සොයාගත්තම රහත් වෙනවා. ඉතින් අරහත් වෙනවා කියල හින්දු අයට ඕන වුනේ ඕකෙ අනිත් පැත්ත. ඉතිහාසය බැලුවම දෙගොල්ල හැමදාම ගියේ දෙපැත්තට. හරියට පවුලක ළමයි දෙපැත්තට යනවා වගේ. සිංහල උන් ජීවිතේ අගය කලා. රහත් වෙන්න හැදුවේ ජීවත්වීමට අවශ්‍ය කරන දැනුම ගන්නයි. හින්දු කට්ටිය ජීවිතේ නිවන්න තමයි දැඟලුවේ.

    ඔය මහායාන/ථේරවාද බෞද්ධයෝ සියල්ලන්ම අද වෙනකොට අරහත් වෙලා. ගිරව් වගේ එකම දේ කියවනවා. අතපය වකුටු කරගෙන ඉඳල, අනුන්ගෙන් හිඟා කාල, හුස්ම ගන්න එක ගැනම හිතුවම දන්න දේත් නැති වෙනවා. හැබැයි ඊටත් එහාට ඒ කට්ටිය තල්ලු වෙනවා. ඒ ටික දන්නවා නම් අරහත් වීම බල්ලට දානවා.

    මෙළෝ දෙයක් නොදත් අරහත් කෙනෙක් වීම සඳහා කැප නොවුන සිංහල උන්ට රහත් බව ලැබීමට මග මම පහත බ්ලොගේ කියනවා. උන් ගැන දැන ගැනීමට වැදගත් තොරතුරු කීපයක් දැනටම කිව්වා. හැබැයි මැජික් නෑ. අහසෙන් යන්න ඕන නම් කුරුල්ලන්ගේ දැනුම ගන්න උදව් කල හැකියි.

    ඔයා වුනත් මොකුත් නොකර හිටියොත් උපාධිය කැලේ නේද? ඒත් දැනුම අරන් උපාධිය ගැහුවම අඟක් දෙකක් ආවත් වෙන ලොකු වෙනසක් වෙන්නෙ නැහැ නේද? රහත්වීමත් ඒ ළඟින් යන්නේ.

    ඔයා දියසේන දකින්න බලං ඉන්නවා කිව්ව නේද? පහළ පුරුකේ එයාම එයා ගැන කියන ලිපියක් ළඟදී පල කරන්න බලන්නම්. එයාගෙන් තතු දැන ගන්නත් පුළුවන් වේවි.

    රහත් වීමටත්, දියසේනයන් හඳුනා ගැනීමටත් http://sinha-ali.blogspot.com.au/ බලන්න. අරහත් වීමටත්, නිවනට ස්වර්ගයට යාමටත් ඔය යන විදියට යන්න. ළඟදීම සිතුම් පැතුම් ඉටුවේ. මිනිස්කමට පිළිලයක් වූ නිර්වාණ, අරහත් (අරහං), ස්වර්ග කාරයන්ගෙන් තොර මනුලොවකට අඩිතාලම ළඟදී දැමෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. @ Anonymous One orig

      මේ සංවාදයට අඩුවෙලා හිටියේ ඔබ විතරයි. මම මග බලාගෙන හිටියේ මොකෝ පරක්කු කියලා :)

      //...අගේ ඇති කතාව. මේක මහා භාරත් නාට්‍ය කතාවෙ කීවෙනි පරිච්ඡේදයද?...//

      අගේ ඇති විහිළුව. මේක උපුටා ගත්තේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් කියලා මුලින තිබුණු සඳහන කියවන්න අමතක වුණාවත්ද :D

      //..ඔයා අර හාස්කම් තියෙන කඩදාසි රෝලෙ, ආපහු රු 200 දාල පින් ගන්න. එතකොට පොත කියවන ඊ ළඟ එකාටත් හාස්කම පේනවනේ. මෙයා තාම හාස්කම් ගැන දන්නේ නෑ වගෙයි...//

      අගේ ඇති විහිළුවක් අගේ ඇති කතාවක් විදිහට ගත්තේ ඇයි :)

      //..දැන් බැලුවම මහායාන බෞද්ධයෝ කියන්නේ හින්දු කට්ටිය. ඒ කියන්නේ, කියන එකාත් අහන එකාත් උපතින්ම කෙප්ප කියන උන්. අර රාමායනේ මැරිච්ච උන්ට පණ දීල දිනෙව්වා. මහා භාරතේ අර්ජුන් අත පහලට දාල ඉර බස්සල ආයේ අත උස්සල ඉර උඩට ගත්ත. මේකෙ තියෙන මැජික් ඊට ප්‍රබලයි. අඩුවකට තියෙන්නේ පහල මගෙන් නෙළුම් මල් නාව කියපු එකයි. කටින් ගන්න ඒවා අර යූ ටියුබ් පුරුකෙ දැක්ක නේද? තව ඒ ගැන කියන්න බැරි, හන්තානේ ගිය කාලේ කියපු අසභ්‍ය දේවල් ලුණු ඇඹුල් එක්ක හිතට ආ නිසයි.....

      මේවා කතාන්දර හැටියට හරි සත්‍යය හැටියට හරි භාරගන්න එක ඔබට භාරයි

      //..වැරැද්දකට තියෙන්නේ හින්දු කාරයයි දෙමළයි උන්ගේ දහජරාව සිංහල එකාලගේ බොන ලිඳේ දාලා හෝදන එකයි. ඒ කිව්වෙ සිංහල භාෂාව යොදා ගැනීම ගැනයි...//

      එතකොට දැන් සිංහල භාෂාවෙන් ලියන්න පුලුවන් සිංහල දේවල් විතරමද ?

      //..රහත් වෙනවා කියන්නේ රහ දත් හෙවත් රහස් දත් කියන එකයි...//

      අරහත් කියන එකත් මේ විදිහට සන්ධි කරලා පෙන්වන්න පුලුවන් නම් හොඳයි. රහත් අරහත් ගැන නොදැන සිටි විග්‍රහයක් දැක්වුවාට ස්තුතියි

      //...ඔයා වුනත් මොකුත් නොකර හිටියොත් උපාධිය කැලේ නේද? ඒත් දැනුම අරන් උපාධිය ගැහුවම අඟක් දෙකක් ආවත් වෙන ලොකු වෙනසක් වෙන්නෙ නැහැ නේද? රහත්වීමත් ඒ ළඟින් යන්නේ....//

      උපාධිය ගත් පමණින් වැඩ ඉවර වෙන්නේ නැහැ තව තවත් දැනුම ලබාගැනීම කරන්න ඕනේ. සමහරු නම් ඉන්නවා උපාධියක් ගත්තාම අං ආවා වගේත් ඉන්න :D

      //..ඔයා දියසේන දකින්න බලං ඉන්නවා කිව්ව නේද?...//

      ඔව් ඉතින් ඔයාමනේ කිව්වේ මේ අප්‍රේල් අලුත් අවුරුද්ද උදාවීමත් එක්ක දියසේන එනවා කියලා

      //..මිනිස්කමට පිළිලයක් වූ නිර්වාණ, අරහත් (අරහං), ස්වර්ග කාරයන්ගෙන් තොර මනුලොවකට අඩිතාලම ළඟදී දැමෙනු ඇත...//

      දියසේනගේ මූලිකත්වයෙන්ද ?

      Delete
    2. @හසිත,

      //අගේ ඇති විහිළුව. මේක උපුටා ගත්තේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් කියලා මුලින තිබුණු සඳහන කියවන්න අමතක වුණාවත්ද :D//

      නෑ. මම හිතට ආපු සිනහව වචනෙන් කිව්වා. මහා භාරත් නාට්‍ය කතාවෙත් මේ වගේ මැවීම් දැක්කා.

      රු 200 කතාව විහිළුවක් නොවෙයි. හැම ආගම් (ආකම්) කාරයෙක්ම ඔය පොත දානවා. මුල් තැන මම හින්දු බෞද්ධයන්ට දෙනවා.

      //මේවා කතාන්දර හැටියට හරි සත්‍යය හැටියට හරි භාරගන්න එක ඔබට භාරයි.//

      මම කිව්ව නේ කෙප්ප කියල. කවුරු හරි සත්‍යයය (ඇත්ත) කියනවා නම් කරන විදිය කිව යුතුයි.

      //එතකොට දැන් සිංහල භාෂාවෙන් ලියන්න පුලුවන් සිංහල දේවල් විතරමද ?//

      වැඩේ තියෙන්නේ, හින්දු දෙමළ කියන වචන දෙකත් සිංහල වචන වීමයි. විකෘර්ති වෙච්ච සිංහල වචන වලට අගක් මුලක් නැති විකාර අර්ථ දීල, ඒවා සිංහල දැනුම කියල දෙන කොට, ඔබ කරන්නේ සිංහල මිනිසුන් නොමග යැවීමක් නේද? යමක් සිංහල අකුරෙන් ලිව්වම ඒක සිංහල වෙන්නේ නෑ. ඒ මදිවිට සිංහල වචනේ දැන දැන, පර වචන දැම්මම ඒක මම කිව්ව ජාතියේ වැඩක්. දැන් බුධ කිව්වම සිංහල උන් දන්නවා. ඒත් ඒකම ඇදලා හින්දු කාරයෝ බුද්ධ කියල දැම්මම තුන් ලොවට අධිපති. අනේද කිව්ව. අද වෙන කොට සිංහල උන්ට උඩින් හින්දු කාරයෝ. අද සිංහල වෙස් ගත් හින්දූන් දෙමළුන් වගේම සිංහල වෙස් ගත් හින්දූ දෙමළ වචන කොච්චර තියෙනවාද?

      //අරහත් කියන එකත් මේ විදිහට සන්ධි කරලා පෙන්වන්න පුලුවන් නම් හොඳයි.//

      ඔයා දන්න සිංහල භාෂාවේ අ යන්න වචනයක මුලට දැම්මම මොකද වෙන්නේ? අරහත් කියන්නේ රහත් යන වචනේ විරුද්ධ පදයයි. සිංහල හින්දු කියන්නේ දෙපැත්ත ගත් අය. එය මවා ගත්තට වඩා ජන්ම ගතියක්.

      පුළුවන් නම් මෙළෝ දෙයක් කරන්න බැරි, මෙලෝ දෙයක් නොදන්න, කිසිම දෙයක් නොදැන ඔක්කොම දන්න බව පෙන්වන, මැරෙනකම් හිඟා කකා ඉන්න, මනුෂ්‍යකමට නුසුදුසු මනු ගතක් ඇති එකෙක් බිහි කරන විදිය කියන ලිපියක් ලියන්න. මහන්සි වෙන්න එපා. ඔය හින්දු බෞද්ධයෝ (හින්දු කාරයෝ) කරන කියන දේ එහෙමම ලියල ඒ වගේම වෙන්න. මේ විදියටත්, ක්‍රියාවෙන්, අරහත් කියන වචනය කුමක්දැයි කිව හැක. "බත් කනවා" කීවාම නොතේරේ නම් ක්‍රියාවෙන් අරුත කිව හැකි නේද?

      //දියසේනගේ ......//

      ඇයි වදේ හින්දු බෞද්ධයෙක් වගෙ හැම එකම අහන්නේ. ඉතිහාසය ගැන ඉගෙන ගන්නවා කිව්ව නේද? මාතර පැත්තට ගිහිල්ල අලවැල් හාරලම දියසේන ගැන කියන තොරතු හොයා ගන්න බැරිද? මම ලංකාවට ඇවිත් මාසයක් ම අල හෑරුවේ ඒකටමයි. මම ම කියන කොට අරහත් බෞද්ධයන් හිතන්නෙ මම මේ කියන ඒවා, එයාල වගෙ කොහෙන්ද අත දාල ඇදල ගන්නවා කියල නේ. හැබැයි මට පුළුවන් රහත් වීමට යන මග කියන්න. මොකද මම, මට වඩා දන්නවා කියපු අයත් නොදන්න තාලේ වැඩ කරපු නිසා, ඒක පුළුවන්. ඒත් නොදන්න දේවල් දැන ගත්ත කියල අං දෙන්න නම් බෑ. ජීවිතය නිවීම, ස්වර්ගයේ මිනිස් සැප දීම, මිරිඟු බව මගේ බ්ලොගෙ බැලුවම තේරේවි. මම ලියන්නෙ නම් ඇත්ත දේවල් ගැන. ඕන අභියෝගයක් භාර ගන්නවා.

      දැන් මම මෙතෙක් විද්‍යාගම් කාරයන්ද ඇතුළු හැම ආගම් කාරයම නොකී ස්වාභාවිකව ජීවීන් උපන් විදිය ලියනවා. ඒකෙදි උන්ගෙ රෙදිත් ගලවනවා.

      Delete
    3. @ Anonymous One orig

      //..මහා භාරත් නාට්‍ය කතාවෙත් මේ වගේ මැවීම් දැක්කා...//

      බොහොම කාලයකට කලින් මහාභාරතය කියෙව්වා. මේ වගේ මැවීම් ගැන ඒකේ තිබුණද කියලා මතකයන් නැහැ. ආගමික සාහිත්‍යයේ සමානකම් ගැන එහෙමත් කතා කරපු නිසා මහාභාරතයේ මැවීම් ගැන ඔබට කියන්න පුලුවන් හොඳයි

      //..රු 200 කතාව විහිළුවක් නොවෙයි. හැම ආගම් (ආකම්) කාරයෙක්ම ඔය පොත දානවා. මුල් තැන මම හින්දු බෞද්ධයන්ට දෙනවා...//

      රුපියල් 200 කතාව මම දැම්මා විහිළුවක් විදිහට තමා. ඒත් ඔබ කියන කතාවේත් ඇත්තක් තියෙනවා. අග විතරක් දැක්කොත් තමා ඒක මැජික් වෙන්නේ. මුල, මැදත් දකිනවා නම් ඒක මැජික් එකක් නෙමෙයි

      //..මම කිව්ව නේ කෙප්ප කියල. කවුරු හරි සත්‍යයය (ඇත්ත) කියනවා නම් කරන විදිය කිව යුතුයි....//

      ඔබේ පැත්තෙන් ඔබ හරි. මම කරුණු ඉදිරිපත් කරන්නා විතරයි විචාරකයාගේ කාර්යය කරන්නේ හැකිතාක් අඩුවෙන්. මේ කරුණු සත්‍යද කියලා කරුණු පැහැදිලි කරන්න නම් වඩාත්ම හොඳ මහායාන බෞද්ධයෙක්. බලමු එහෙම කෙනෙක්වත් සම්බන්ධ කරගන්න. එතකොට මේ සංවාදයේ සමබරතාවක් ඇතිවෙයි.

      //..ඒවා සිංහල දැනුම කියල දෙන කොට, ඔබ කරන්නේ සිංහල මිනිසුන් නොමග යැවීමක් නේද?...//

      සිංහල දැනුම කියලා විශේෂකරණයක් කරලා මම කියලා දෙන්නේ නැහැ. දැනුම කියන පොදු දේ සිංහල භාෂාව මාධ්‍ය කරගෙන බෙදා දෙනවා

      //..ද සිංහල වෙස් ගත් හින්දූන් දෙමළුන් වගේම සිංහල වෙස් ගත් හින්දූ දෙමළ වචන කොච්චර තියෙනවාද?..//

      වර්තමාන සිංහල භාෂාවට එකතු වුණු දෙමළ වචන වගේම යුරෝපීයන් නිසා එකතු වුණු යුරෝපීය වචනත් තිබෙනවා. ඒක භාෂාවේ හැටි.

      //..පුළුවන් නම් මෙළෝ දෙයක් කරන්න බැරි, මෙලෝ දෙයක් නොදන්න, කිසිම දෙයක් නොදැන ඔක්කොම දන්න බව පෙන්වන, මැරෙනකම් හිඟා කකා ඉන්න, මනුෂ්‍යකමට නුසුදුසු මනු ගතක් ඇති එකෙක් බිහි කරන විදිය කියන ලිපියක් ලියන්න...//

      මම විශ්වාස කරන විදිහට ඒ කාර්යය මටත් වඩා හොඳින් සාර්ථකව ඔබට කරන්න පුලුවන්

      //...ඇයි වදේ හින්දු බෞද්ධයෙක් වගෙ හැම එකම අහන්නේ. ඉතිහාසය ගැන ඉගෙන ගන්නවා කිව්ව නේද? මාතර පැත්තට ගිහිල්ල අලවැල් හාරලම දියසේන ගැන කියන තොරතු හොයා ගන්න බැරිද?...//

      මෙහෙමයි එක එක පුද්ගලයාගේ ආශාවන් වෙනස්නේ. ඉතිහාසය හොයන අය විදිහටත් තමන් වැඩියෙන් හොයන්න කැමති අංශ තියෙනවා. ඉතින් දියසේන ගැන ගැඹුරින් හොයලා බලන්න මගේ යොමුවක් නැහැ. අනෙක් අතට තව මාස කීපයකින් දියසේන පැමිණෙන නිසා [ඔබ කිව්ව විදිහට] සොයන්න දෙයක් නැහැනේ :)

      //..මම ලංකාවට ඇවිත් මාසයක් ම අල හෑරුවේ ඒකටමයි...//

      ගවේෂණයට තියෙන ඔබේ දැඩි කැමැත්ත ගැන හුඟක් සතුටුයි.

      //...ජීවිතය නිවීම, ස්වර්ගයේ මිනිස් සැප දීම, මිරිඟු බව මගේ බ්ලොගෙ බැලුවම තේරේවි. මම ලියන්නෙ නම් ඇත්ත දේවල් ගැන. ඕන අභියෝගයක් භාර ගන්නවා...//

      අනිවාර්යයෙන්ම ඔබේ බ්ලොග් එකත් කියවන්න එන්නම්. ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්නම්

      Delete
  34. මහායානයේ තියෙන කතා වස්තු/ ධර්ම කාරනා ආදිය ඇහුවම හිතෙනවා, ථේරවාදයට වඩා ඒවා කොතරම් වෙනස්ද කියල. කාලයත් එක්ක ඕනෑම දෙයක් වෙනස් වෙනවා කියන එකට හොදම උදාහරණයක් මේක. ශ්‍රී සම්බුද්ධ දේශනාව, අකාලික උනාට, අනුගාමිකයෝ ඒවා තමන්ට රිසි පරිදි වෙනස් කර ගන්නවා. කාලයක් යනකොට ථේරවාදයටත් මේදේම වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. @ de silva

      සම්බුද්ධ දේශනාව අකාලිකයි. පසුකාලීනව කිසියම් ආකාරයකට වෙනසක් වුණා නම් ඒවා වටහා ගෙන නිවැරදි දහම උකහා ගන්න විමසුම් නුවණ තියෙන ශ්‍රාවකයාට හැකිවෙන්න ඕනේ.

      Delete
  35. අපිට ශුද්ධ බුද්ධ වචනය ඇතුලත් ත්‍රිපිටකය තියෙද්දී මේ දේවල් මොකටද?

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      මෙන්න මේ කරුණු මත....

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      Delete
    2. හසිත ගේ මා දකින වරද මේ කතාව සමගම ඒ ගැන තමන්ගේ විවේචනය පල නොකිරීමයි.

      Delete
    3. @ Kathandara Karaya

      විවේචනය කිරීම කියන එකට මම ඒ තරම් එකතු වෙන්නේ නැහැ. කරුණු ඉදිරිපත් කර දැනුමට යමක් එකතු කිරීමයි මගේ අරමුණ. අනික ඉතින් මමත් කතන්දර කියන්නෙක් මිස රැඩිකල් විචාරකයෙක් නෙමෙයිනේ :)

      Delete
    4. මම දකින හසිතගෙ හොඳ ඒකයි! වෙනත් අය මෙහෙම විවෘතව ලියන්නෙ නෑ ධර්ම කරුණු ගැන. ආ.. තව හරී ලියනවා. මතවාදයයි කරුණුයි දෙකක් වෙන්න පුළුවන්නේ...

      Delete
    5. @ hare :-)

      ස්තුතියි රෙකමදාරුවට :)

      Delete
  36. හර්ෂ ,මගේ comment එකට ඔබ දුන්න පිළිතුරේ reply ලින්ක් දල නැති නිසා මෙහෙම ලියන්න වෙලා තියෙනවා.
    "කොහොම වෙතත් කවුරු හරි ලියපු දේකට තමන්ගේ අදහස් එකතු කරලා පොරක් වෙන මානසිකත්වයේද ඔබ ඉන්නේ කියලා මම දන්නේ නැහැ"
    ඔබේ ලිපියට comments දාල මට පොරක් වෙන්න උවමනාවක් නැ. මම පොරක්ම තමයි. ඔබ දැන් දෙවෙනි වසර ගත කරන කැලණිය විශ්ව විද්‍යාලයට මම ඇතුල් උනේ 1998 වසරේදී. ඒ පශ්චාත් උපාධියක් කරන්න. 1977 ඉඳල තවමත් මම ලියන්නේ පාකර් පැනෙන් දාන්නේ පාකර් තීන්ත. ජිවිතේ වැඩි හරියක් බස් එකේ ගමන් කලත් 1980 ඉඳල අද වෙන කල් මටම කියල කාර් එකක් තියෙනවා.18 සැරයක් අනුන්ගේ සල්ලි වලින් ගුවනිනින් ගිහිල්ලා තියෙනවා. මම computer අත ගෑවේ 1991දී. එතකොට computer එකට් mouse off කරන්නේ park කරලා. හැබැයි මම තවමත් ශිෂ්‍යයෙක් තවමත් ඉගෙන ගන්නවා.

    ReplyDelete
    Replies
    1. @ wmk

      //...හර්ෂ ,මගේ comment එකට ඔබ දුන්න පිළිතුරේ reply ලින්ක් දල නැති නිසා මෙහෙම ලියන්න වෙලා තියෙනවා....//

      පොඩි නිවැරදි කිරීමක් කරන්නම් මගේ නම හසිත. ඒ වගේමයි පිළිතුරු සඳහා reply ලින්ක් එක මම දමන්නක් නෙමෙයි. මේ පද්ධතියෙන් සැකසෙන්නක්. මම දැන් බැලුවාම නම් ඒ සඳහා reply ලින්ක් එකක් තිබුණා.

      //...ඔබ දැන් දෙවෙනි වසර ගත කරන කැලණිය විශ්ව විද්‍යාලයට මම ඇතුල් උනේ 1998 වසරේදී...//

      මෙතනත් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ මම දැන් තෙවෙනි වසර ගත කරන්නේ. තව මාසයකට පසුව මගේ සිව්වන වසර ඇරඹෙනවා.

      ඔබ දැන් සිටින වයස් මට්ටම අනුව ඔබ ලබා ගත් දේවල් සහ ඔබ සතු දේවල් එක්ක ඔබ පොරක්ම කියලා ඔබ හිතනවා ඇති. ඒත් ඒක සාපේක්ෂ දෙයක්.

      එහෙම බලද්දී වයස අවුරුදු 23 සරසවි ශිෂ්‍යයෙක් විදිහට මම ලබා ගත් දේවල් සහ මා සතු දේවල් එක්ක මටත් පොරක් කියලා හිතන්න පුලුවන් :D

      ඒ වගේමයි ඔබ කලින් දැක්වූ අදහසට මම එකතු කරපු අනික් ප්‍රතිචාරවලටත් ප්‍රතිචාරයක් ලබාදෙන්න....

      Delete
    2. මන් දන්න කෙනෙක් ඉන්නව 423 පාරක් අනුන්ගෙ සල්ලි වලින් ගුවනින් ගිහින් අතටත් ගානක් හම්බ වෙච්ච...Air Hostess කෙනෙක් :D

      Delete
  37. හසිත ,
    පසේබුදු කියන තත්වය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    අනික තමයි, රහතුන් වහන්සේලාට සත්‍ය දර්මය මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න පුළුවන් නේද. එහෙනම් රහතුන් වහන්සේලා ඉන්න කාලයේ නේ දර්ම සංගායනාවන් පැවැත්වුනේ එතකොට කොහොමද මේවගේ මේ වගේ විවිද කොටස් බිහිවුනේ.
    අදත් රහතුන් වහන්සේලා වැඩඉන්නවා කියනවා නේ. ඉතින් උන් වහන්සේලාට පුළුවන් නේ මේකෙන් සත්‍ය මොකද්ද කියල තේරුම් කරන්න ..

    ReplyDelete
    Replies
    1. @ සුජියා

      //...පසේබුදු කියන තත්වය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?...//

      නිර්වාණාවබෝධය කරගන්න උපකාරී වෙන මාර්ග තුනෙන් [තුන්තරා බෝධියෙන්] එකක් වෙන්නේ පසේ බෝධිය. පසේ බුද්ධත්වය ලොවුතුරා බුද්ධත්වයට දෙවෙනි වෙනවා වගේම රහත් බෝධියට වඩා උසස් වෙනවා.

      පසේ බුදු තත්වයට පත්වෙන්න දස පාරමිතාවන් පාරමිතා, උප පාරමිතා වශයෙන් 20 ආකාරයකට සම්පූර්ණ කරන්න ඕනේ. ලොවුතුරා බුදුවරයෙක් පහළ නොවන කාලවලදී පසේ බුදුවරුන් වැඩ සිටිනවා. සාමාන්‍යයෙන් එක කාලයක පසේ බුදුවරුන් කීප නමක් වුණත් වැඩ ඉන්න පුලුවන්

      පසේ බුදුවරුන්ගේ විශේෂත්වය වෙන්නේ සද්ධර්මය දේශනා කිරීම තුළින් තවත් අයෙක්ට නිර්වාණාවබෝධය ලබා දෙන්න එතුමන්ලාට නොහැකි වීම. ඒ වුණත් දහම් දේශනා කිරීමේ හැකියාව උන්වහන්සේලාටත් පවතිනවා.

      තමන් දන්න යමක් අනිත් අයවට වැටහෙන ආකාරයට කියා දෙන්න බැරි අයට අපි "එයා නම් පසේ බුදුවරයෙක්" කියලා කියන්නේ ඒ නිසා තමා

      //...අනික තමයි, රහතුන් වහන්සේලාට සත්‍ය දර්මය මොකක්ද කියල තේරුම් බේරුම් කරගන්න පුළුවන් නේද...//

      රහත් බවට පත්වන්නේ ලොවුතුරා බුදුන් වහන්සේ නමක් දේශනා කරන සද්ධර්මය මනාව වටහා ගෙන නිවන් අවබෝධ කරගැනීමෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේලාටත් උන්වහන්සේලාගේ අවබෝධ මට්ටම අනුව සත්‍ය ධර්මය මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න පුලුවන්

      //...එහෙනම් රහතුන් වහන්සේලා ඉන්න කාලයේ නේ දර්ම සංගායනාවන් පැවැත්වුනේ එතකොට කොහොමද මේවගේ මේ වගේ විවිද කොටස් බිහිවුනේ....//

      දස අකැප වස්තූන් කැපයි කියලා වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දෙවෙනි ධර්ම සංගායනාවට එරෙහිව තවත් සංගායනාවක් පවත්වපු සමය වෙද්දී ක්‍රමයෙන් රහතන් වහන්සේලාගේ තත්වය පහත් මට්ටමේලා සළකන්න කටයුතු කරපු පිරිසක් හිටි බව පෙනෙනවා. උදාහරණයක් විදිහට මහාදේව කියන හාමුදුරුවෝ පංච වස්තුව නමින් රහතන් වහන්සේ සම්බන්ධව කරුණු 5 ක් ඉදිරිපත් කරනවා.

      ඒවා තමා
      රහතන් වහන්සේට කාමය තිබිය හැකිය, රහතන් වහන්සේට යම් යම් කරුණු පිළිබඳව අවිද්‍යාව තිබිය හැකිය, රහතන් වහන්සේට සැකය [විචිකිච්ඡාව] තිබිය හැකිය, රහතන් වහන්සේට යම් යම් දේ අනුන්ගෙන් ඉගෙන ගත හැකිය, විමුක්තිය ලබන විට යම් කිසි වචනයක් ප්‍රකාශ කරමින් රහත්විය හැකිය.

      මේ වගේ අදහස් එක්ක රහතුන්ගේ තත්වය පහළ වැටෙන්න හේතු වුණා වගේම මේ අදහස් ඉදිරිපත් කරපු අයට සමාජයේ තිබුණු පිළිගැනීමත් එක්ක රහතන් වහන්සේලාටත් කළ හැකි දෙයක් නොතිබ්බා වෙන්න පුලුවන්.

      //...අදත් රහතුන් වහන්සේලා වැඩඉන්නවා කියනවා නේ. ඉතින් උන් වහන්සේලාට පුළුවන් නේ මේකෙන් සත්‍ය මොකද්ද කියල තේරුම් කරන්න...//

      උන්වහන්සේලා වැඩ ඉන්නවා වැඩ ඉන්නේ නැහැ කියාල දෙපැත්තටම අදහස් ඉදිරිපත් වෙනවා. මගේ අදහස නම් ඒ ආකාරයෙන් රහතන් වහන්සේලා වැඩ සිටියත් උන්වහන්සේලා බොහෝ වෙලාවට ආරණ්‍යගත වෙලා නිරාමිස සුවය විඳිනවා විනා මේ ආකාරයේ ගැටුම්වලට මැදිහත් වෙන්නේ නැහැ කියන එකයි

      Delete
  38. සද්ධර්ම පුණ්රීක සුත්‍රය පමණක් නෙවේ බුදුන්වහන්සේ දෙසූ සියලුම සුත්‍ර දේශනාවන් බොහොම අනුසස් ඇති දේශනා ඒවා ශ්‍රද්ධාවන්ත භක්තිකයන්ට දකින්න ලැබෙනවා. ඇත්තටම මේ සද්ධර්ම පුණුරික සූත්‍රය තෙරවාදි දහමෙත් හමුවෙනවා නේද?

    අර රුපියල් 200 දැක්කොත් කවුරු හරි හිතාවි බුදුදහම මැජික් එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      සූත්‍ර දේශනාවන්ගේ නියම අනුහස වෙන්නේ එයින් කියවෙන දහම වටහාගන්න එක කියලයි මගේ අදහස අයියා.

      සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ථේර්වාදීන් පිළිගන්න ත්‍රිපිටකය තුළ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒත් මහායානිකයන් පිළිගන්න ත්‍රිපිටකයට ථේරවාදීන් පිළි නොගන්න සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය විතරක් නෙමේ දශ භූමික සූත්‍රය, ප්‍රඥා පාරමිතා සූත්‍රය වගේ සූත්‍ර කීපයක්ම ඇතුළත්

      //...අර රුපියල් 200 දැක්කොත් කවුරු හරි හිතාවි බුදුදහම මැජික් එකක් කියලා...//

      ඒක හොඳ වෙලාවට මම විතරයි දැක්කේ අයියා :D

      Delete
  39. මල්ලි, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කොතන හරි තියෙනවද සැරියුත් මහරහතන් වහන්සේ දෝෂාභිමුඛයෙන් නැති නම් හඬමින් තමන්ට බුද්ධත්වය අවබෝධ කර ගන්නට නොහැකි වූ බව කීමක්?

    ReplyDelete
    Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      සැරියුත් හාමුදුරුවෝ එහෙම ප්‍රකාශයක් කරපු බවක් නම් හමුවුණේ නැහැ අක්කේ.

      ඒත් ආනන්ද, රාහුල හිමිවරු එහෙම ප්‍රකාශයක් කරපු බව තිබෙනවා. බුදු හාමුදුරුවෝ ප්‍රධාන ශ්‍රාවකයන් හැමෝටම වගේ විවරණ ලබාදීලා අවසාන වුණාට පස්සේ උන්වහන්සේලා දෙන්නා ඉදිරියට ඇවිත් හිස බිම තබලා කියනවා

      "තථාගතයාණෙනි, අපද බුද්ධත්වයේ කොටස්කරුවන් විය යුතුය. අපි ඔබවහන්සේ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ඇත්තෙමු. ආනන්දයෝ බුදුන්ට ඇප උපස්ථාන කරමින් බුදුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කර දරා සිටිති. රාහුල බුදුන්ගේ පුත්‍රයාණෝය. බුදුහු අපට අනුත්තර සම්බෝධියට විවරණ දෙත් නම් අපගේ පරමාර්ථ ඉෂ්ඨ වන්නේය" කියලා

      Delete
  40. පුළුවන් නම් සෙන් දහම ගැනත් ලියන්න. අපි දන්න එක තමා හරි කියල හිතන් ඉන්න අයට නිකමට හරි කියවල බලන්න.

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      සෙන් දහම ගැනත් සටහනක් ලියන්න තරම් කරුණු දැනගත්තාම ඒ ගැනත් යමක් ලියන්නම් අයියා. ඒත් මේ සටහන වුණත් විචාරශීලීව කියවන්නේ නැතිව සටනට ආපු අය දිහා බලද්දී ඒ සටහන නිකමට වුණත් කියවන්න එයි කියලා හිතන්න අමාරුයි :) ආවත් එන්නේ රෙදි කරට අරන් තමා :D

      Delete
  41. මෙවැනි මහායානික ලිපි කියවීමෙන් ථේරවාදී ධර්ම කරුණු ජනතාවට අමතක වී යාමට ඉඩ ඇති හෙයින් මින් මතුවට වත් මිත්‍යා මත වෙනුවට පිරිසිදු ථේරවාදී ධර්ම කරුණු ඉදිරිපත් කරන්න.

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 14, 2013 at 10:49 PM

      //...මෙවැනි මහායානික ලිපි කියවීමෙන් ථේරවාදී ධර්ම කරුණු ජනතාවට අමතක වී යාමට ඉඩ ඇති හෙයින්...//

      මේ වගේ සුළු ලිපියකින් ඒ වගේ විශාල දෙයක් වෙන්න පුලුවන් නම් අදාළ පුද්ගලයා හරි පුද්ගල කොට්ඨාශය හරි ථේරවාදී ධර්ම කරුණු හිතා දරාගෙන සිටි ආකාරය ගැන සිතා ගත හැකියි. ඔවුන් බෞද්ධයන්ද කියන එකත් සැක සහිතයි එහෙම නම් :)

      //...මින් මතුවට වත් මිත්‍යා මත වෙනුවට පිරිසිදු ථේරවාදී ධර්ම කරුණු ඉදිරිපත් කරන්න....//

      මෙය ලියන්නට අරමුණු වූ පහත කරුණු ගැන අවධානය යොමු කරන්න

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      Delete
  42. හසිත මල්ලි මගේ කොමෙන්ට් එකට දාපු රිප්ලයි එකටයි මේ..

    හසිත මල්ලි, මේ කරුණු ටික කියන්නේ ඔබ ගැනත් අනික් අය ගැනත් මහත් කරුණාවෙන්. ඔබට දොස් කියනවා නෙවේ මේ වැනි දේ කියවීමෙන් බොහෝ දෙනෙක් වැරදි මාවතකට යෝමුවිය හැකි කියල හිතෙන නිසයි මෙහෙම ලියන්නේ.

    //එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා.//
    අන් ආගම් ගැන වැටහීමක් ලබාගන්න නම් කුරාණය සහ බයිබලය කියවන්න ඕන. ඔය මහායාන කොටස වෙනත් සාස්තෘවරයෙක් විසින් ඉදිරිපත් කල දෙයක් නෙවේනේ. පසුකාලයේදී නිවැරදි බුද්ධ වචනය වෙනස් කිරීමෙන් හදාගත් නිකායක්. ඉතින් ඔය දේවල් කියවල ශ්‍රද්ධාව අඩු අය මහායානය පිළිගත්තොත්?

    ඔබගේ කලින් පොස්ට් එකක (බයිබලයෙන් ජාතක පොතට....) ආකාරවතී ශ්‍රද්ධාව සහ අමුලිකා ශ්‍රද්ධාව ගැන ඔබ තරමක් විස්තරයක් සැපයුවා. මහේ කොමෙන්ට් එක බලන්න ඒ ගැන. බොහොමයක් ඉන්නේ ඔය අමුලිකා ශ්‍රද්ධාව තියෙන අය, ඒ ගොල්ලෝ මේ දේවල් තුලින් වැරදි මගකට යොමුවෙන්න පුළුවන්. නමුත් යම් පමනක හෝ ආකාරවතී ශ්‍රද්ධාව තියෙන අය මේ දේවල් දැක්කම ශ්‍රී සත් ධර්මය ගැන තව තවත් පැහැදේවි.

    ඔබට මතක ඇති කාලෙකට පෙර ලිබර්ටි ප්ලාසා එකේ මේ නියාය පවත්වාගෙන ගියා. රුපියල් ලක්ෂ ගණන් සම-හරක් වියදම් කල බුදුවෙන්න. ඉතින් මේ දේවල් නැවත නැවත කියවන අය මේවට පෙලබෙන්න පුළුවන්. ඔබ කියන විදිහට ඔබේ අදහස මේ දේ ඉදිරිපත් කිරීම තුලින් ථෙරවාදයේ වටිනාකම පෙන්වන්න වෙන්න පුළුවන්.
    //අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. //

    හැබැයි හසිත ත්‍රිපිටකයේ කිසිම තැනක් තියෙනවද සැක අපි කරගන්න පුළුවන් වෙන විදිහේ? එක සුත්‍ර යක තියෙන දෙයක් ගැන වෙන සුත්‍ර යකින් සැක ඇති වෙනවද? ධර්මයේ තියෙන ස්වාක්කාත බව එය නේද? යම් දෙයක් පහදන්න ඕනෙනම් රේරුකානේ මහනායක හාමුදුරුවන්ගේ පොත් ඕන තරම් තියනවා.

    හසිත මල්ලි නිවන ගැන අපේ හාමුදුරුවෝ කෙකෙන් කියපු ලස්සන කතාවක් මේ

    එක පොකුණක මාළුවෝ ගොඩක් සහ එක ඉබ්බෙක් බොහොම සමගියන් හිටියා. එක දවක් මේ ඉබ්බා ගොඩට ඇවිත් දින කීපයක් ගත කරලා නැවතත් අර පොකුණට ගියා. එතකොට මාළු ටික වටවෙලා අහනවා
    "අනේ යාලුවේ කොගේද හැංගිලා හිටියේ අපි හැම තැනම ඔයාව හෙවුවත් හොයාගන්න බැරි උනා"
    "මම කොහොවත් හැඟුනේ නැහැ මාළුවනේ, මම ටික දවසක් ගොඩ ගිහිල්ල හිටියා"
    "ගොඩ ? ගොඩ කියන්නේ මොකක්ද?"
    ඔන්න ඔතන තමයි ඉබ්බාට ප්‍රශ්නය ඇති උනේ, මොන විදිහකින් වත් ගොඩ ගැන හැඟීමක් නැති මාළුවන්ට මේ ගැන පැහැදිලි කරන්න. ඔන්න ඕක තමයි නිවන ගැනත් වෙන්නේ.

    නැවතත් කියන්නේ මල්ලියේ මේ කොමෙන්ට් එකෙන් ඔයාට දොස් කියුව නෙවේ. අර අමුලිකා ශ්‍රද්ධාව තියෙන අය ගැන හිතලයි ලියුවේ.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      //..අන් ආගම් ගැන වැටහීමක් ලබාගන්න නම් කුරාණය සහ බයිබලය කියවන්න ඕන. ඔය මහායාන කොටස වෙනත් සාස්තෘවරයෙක් විසින් ඉදිරිපත් කල දෙයක් නෙවේනේ. පසුකාලයේදී නිවැරදි බුද්ධ වචනය වෙනස් කිරීමෙන් හදාගත් නිකායක්. ඉතින් ඔය දේවල් කියවල ශ්‍රද්ධාව අඩු අය මහායානය පිළිගත්තොත්?...//

      වෙනත් ශාස්තෘවරයෙක් ඉදිරිපත් නොකළාට මහායානය කියන්නේ කාලාන්තරයක් තිස්සේ විවිධාකාරයේ උගතුන් විසින් පෝෂණය කරපු දෙයක්. ඒ නිසාමයි ලංකාවේ පවා සමහර විශ්වවිද්‍යාලවල මහායානය විෂයක් විදිහටම උගන්වන්නේ. ඉතින් මේ දේවල් කියවලා ශ්‍රද්ධාව අඩු අයෙක් මහායානය පිළිගන්නවා කියලා උපකල්පනය කරන එකේ දෝෂ කීපයක් මම දකිනවා. එකක් තමා බුදු දහමේ ශ්‍රද්ධාව පමණක් නෙමේ ප්‍රඥාවත් අගය කරනවා. විමසුම් නුවණ නැත්තන් කරන දේවල් ගැන අනික් අයට කරන්න දෙයක් නැහැ. ඒ වගේමයි එහෙම ගැටලුවක් තියෙනවා නම් අනික් කිසිම ආගමික ග්‍රන්ථයක් කියවන්නත් බැහැනේ. ඒ ආගමක් වුණත් එවැනි පුද්ගලයන් විසින් පිළිගන්න මට්ටමට පත්වෙන්න පුලුවන්නේ.

      අලංකාර පෙනුමැති සුවඳින් යුක්ත පළතුරු තියෙන ගස් පෙනුනාට විමසුම් නුවණක් තියෙන්න ඕනේ ඒවා ආහාරයට ගත යුතුද නැද්ද කියලා හිතන්න.

      //...ඒ ගැන. බොහොමයක් ඉන්නේ ඔය අමුලිකා ශ්‍රද්ධාව තියෙන අය, ඒ ගොල්ලෝ මේ දේවල් තුලින් වැරදි මගකට යොමුවෙන්න පුළුවන්. නමුත් යම් පමනක හෝ ආකාරවතී ශ්‍රද්ධාව තියෙන අය මේ දේවල් දැක්කම ශ්‍රී සත් ධර්මය ගැන තව තවත් පැහැදේවි...//

      ආකාරවතී ශ්‍රද්ධාව ඇත්තවුන් අඩුවීමත් අමූලිකා ශ්‍රද්ධාව ඇත්තවුන් වැඩියෙන් සිටීම ලෝක සොබාවය. බුදුන් ජීවමාන කාලයේ දඹදිව සිටි සියලු දෙනාම බුදුන් සරණ ගිය අය නෙමෙයිනේ. අමූලිකා ශ්‍රද්ධාව ඇති අය තව තවත් ඉගෙන ගත යුතුයි. තව විදිහකට කිව්වොත් කුසලතාවය හුරු කරගත යුතුයි

      //..හැබැයි හසිත ත්‍රිපිටකයේ කිසිම තැනක් තියෙනවද සැක අපි කරගන්න පුළුවන් වෙන විදිහේ? එක සුත්‍ර යක තියෙන දෙයක් ගැන වෙන සුත්‍ර යකින් සැක ඇති වෙනවද? ධර්මයේ තියෙන ස්වාක්කාත බව එය නේද?...//

      අපි කෙතෙක් කීවත් අපි තුළ සැකය නැහැයි කියලා අප තුළ යම් පමණකට හරි සැකය පවතිනවා. සෝවාන් තත්වයට පත්වීමේදී සිඳ දමන විචිකිච්ඡා සංයෝජනයත් එක්ක තමා අපි තුළ තියෙන බුද්ධාදී අට තැන් පිළිබඳ සැකය නැතිවෙන්නේ.

      //..ඔන්න ඔතන තමයි ඉබ්බාට ප්‍රශ්නය ඇති උනේ, මොන විදිහකින් වත් ගොඩ ගැන හැඟීමක් නැති මාළුවන්ට මේ ගැන පැහැදිලි කරන්න. ඔන්න ඕක තමයි නිවන ගැනත් වෙන්නේ....//

      අනිවාර්යයෙන්ම. තම තමන්ගේ විමසුම් නුවණ අත්දැකීම් මත තමා මේ කරුණු වටහා ගැනීම රඳා පවතින්නේ..

      //..නැවතත් කියන්නේ මල්ලියේ මේ කොමෙන්ට් එකෙන් ඔයාට දොස් කියුව නෙවේ. අර අමුලිකා ශ්‍රද්ධාව තියෙන අය ගැන හිතලයි ලියුවේ...//

      ස්තුතියි අයියාට සංවාදය හරවත් කරන්න දායක වුණාට

      Delete
    2. @හසිත,

      //හසිත මල්ලි නිවන ගැන අපේ හාමුදුරුවෝ කෙකෙන් කියපු ලස්සන කතාවක් මේ.//

      ඒක උඩ ප්‍රතිචාරෙන් ගත්තේ. ඔය හාමදුරුවා නිවන් ගියපු කෙනෙක් ද? මමත් හොයන්නෙ නිවන් ගිය එකෙක්. උන්නාන්සේලා කීප දෙනෙක් මට කට දාල මගදි පැනලා ගියා. අර හාමදුරුවා නිවන් ගියපු කෙනෙක් නොවේ නම් මාළුවෙක් නේද? මිරිඟුවකින් වතුර බීපු එකෙක් ඉන්නවද?

      මම හාමදුරුවා කීවේ ඔය වචනය බිහිවුනු හැටි කියන්න. දෙමළු බණ කියන කොට ඉතින් හා කියල හූමිටි තියන්නම ඕන. ඉතිරි ටික එයාලගෙ චරිතෙ ගැන කීමක්. දෙමළ උන්නැහෙල ඕක උච්චාරණය කලේ උකාරෙන්. එතකොට හාමුදුරු වුනා.

      //වර්තමාන සිංහල භාෂාවට එකතු වුණු දෙමළ වචන වගේම යුරෝපීයන් නිසා එකතු වුණු යුරෝපීය වචනත් තිබෙනවා. ඒක භාෂාවේ හැටි.//

      මේක කලින් කතාවෙන්. මගේ බ්ලොගෙ සිංහල භාෂාව ගැන කථාවේ ඔය ගැන කීවා. හැම භාෂාවෙන්ම වචන කෑලි දැම්මම බස අච්චාරු වෙලා තේරුම නැසෙනවා. දැන් බුධ හා බුද්ධ කිව්වම විකාර වෙලා. කන බොන දේට වස දමා මිනිහෙක් මරන්න පුළුවන්. භාෂාව කියන්නේ ජාතියක පැවැත්ම. භාෂාවට පර වචන දමා අරුත නැසූ විට ජාතිය නැසේ. ඉතින් ඒක නේද කරන්නේ? පරෙස්සමෙන්. මම නම් ඒක සමූලඝාතනයකට වඩා බරපතල අපරාධයක් ලෙස දකිනවා. කාසිය පෙරළුනොත් ඔයාල සුම්මා.

      Delete
    3. @ Anonymous One orig

      //..ඔය හාමදුරුවා නිවන් ගියපු කෙනෙක් ද? මමත් හොයන්නෙ නිවන් ගිය එකෙක්...//

      මෙයට පිළිතුර Ayilas A ම සපයාවි. කෙසේ නමුත් ඒ කතාව කියපු හාමුදුරුවෝ නිවන් අවබෝධ කරගත් බවක් පෙනෙන්නේ නැහැ. උන්වහන්සේ නිවන සම්බන්ධව උපමා කතාවක් කියා තිබෙනවා පමණයි

      //..භාෂාවට පර වචන දමා අරුත නැසූ විට ජාතිය නැසේ. ඉතින් ඒක නේද කරන්නේ? පරෙස්සමෙන්. මම නම් ඒක සමූලඝාතනයකට වඩා බරපතල අපරාධයක් ලෙස දකිනවා...//

      එසේ නම් භාෂාවට ගැලපෙන නව වචන නිර්මාණය කළ යුතුයි නේද ??

      Delete
    4. හසිත හරි. එක නිවන පිළිබද උපමාවක් විතරයි.

      //ඔය හාමදුරුවා නිවන් ගියපු කෙනෙක් ද? මමත් හොයන්නෙ නිවන් ගිය එකෙක්. උන්නාන්සේලා කීප දෙනෙක් මට කට දාල මගදි පැනලා ගියා. අර හාමදුරුවා නිවන් ගියපු කෙනෙක් නොවේ නම් මාළුවෙක් නේද? මිරිඟුවකින් වතුර බීපු එකෙක් ඉන්නවද?//

      ඔබගේ ද්වේශය ඔය වචනවලින්ම පෙනෙනවා..

      Delete
    5. @ හසිත

      //වෙනත් ශාස්තෘවරයෙක් ඉදිරිපත් නොකළාට මහායානය කියන්නේ කාලාන්තරයක් තිස්සේ විවිධාකාරයේ උගතුන් විසින් පෝෂණය කරපු දෙයක්.ඒ නිසාමයි ලංකාවේ පවා සමහර විශ්වවිද්‍යාලවල මහායානය විෂයක් විදිහටම උගන්වන්නේ.//

      ඔන්න ඔතන තමයි බොහෝ දෙනෙක්ට වැරදුන තැන.. Bsc., Msc, Phd, ලැබුනහම සමහර අයට බුදුරජාණන් වහන්සේ ගේ සමබුධ්ධත්වයට වැඩ නුවක් ලැබුන කියල හිතෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල මහායානය විෂයක් විදිහටඉගැන්විමේත් කිසිම ගැටළුවක් මට පෙනෙන්නේ නැහැ.

      අවසානයට මේ දේ විතරක් කියන්නම්. ධර්මය ප්‍රචාරය කිරීම ඉතාම වටිනා කුසලයක් බව හසිත මල්ලි පිලිගන්නවා ඇති කියලා හිතනවා. එහෙනම් අසත්ධර්මය ප්‍රචාරය තුලින් වෙන්නේ කුමක්ද?

      Delete
    6. @ Ayilas A

      //...Bsc., Msc, Phd, ලැබුනහම සමහර අයට බුදුරජාණන් වහන්සේ ගේ සමබුධ්ධත්වයට වැඩ නුවක් ලැබුන කියල හිතෙනවා...//

      කාලාන්තරයක් තිස්සේ විවිධාකාරයේ උගතුන් විසින් පෝෂණය කළ මහායානය කියලා මම අදහස් කළේ Bsc., Msc, Phd උපාධිධාරී උගතුන් නෙමේ. අශ්වගෝෂ, නාගාර්ජුන, ආර්යදේව, ශාන්තිදේව, , වසුබන්ධු, අසංග වැණි උගතුන්.

      //...ධර්මය ප්‍රචාරය කිරීම ඉතාම වටිනා කුසලයක් බව හසිත මල්ලි පිලිගන්නවා ඇති කියලා හිතනවා. එහෙනම් අසත්ධර්මය ප්‍රචාරය තුලින් වෙන්නේ කුමක්ද?...//

      ධර්මය සහ සාහිත්‍ය කියන දෙක පටලවා ගෙන ඇති බවයි පෙනෙන්නේ. මම මීට පෙරත් සාහිත්‍ය මූලාශ්‍ර පාදක කොටගෙන ලියලා තියෙන්නේ බෞද්ධ කතා. ඒවායේ ධර්ම කරුණු ඇතුළත් වුණත් ඒවා කතා. ධර්මය නෙමෙයි. මෙයත් මහායාන ධර්මය නෙමෙයි මහායාන කතාවක්.

      මම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, චතුරාර්ය සත්‍ය ගැන ලියනවා නම් තමා ඒක ධර්මය ප්‍රචාරයක් කිරීමක් වෙන්නේ. මම මහායානයේ එන දශභූමි සංකල්පය, මහායාන දස පාරමිතා වගේ දේවල් ගැන ලියනවා නම් චෝදනා කරන්න පුලුවන් මහායාන ධර්මය ප්‍රචාරය කරනවා කියලා.

      ඒත් ඒ චෝදනාවත් මම හිතන්නේ සාධාරණයි කියලා. මොකද එහෙම නම් විශ්වවිද්‍යාලයක විෂයක් විදිහට මහායානය උගන්වන එකත් මහායාන ධර්ම ප්‍රචාරයක් විදිහට ගන්න පුලුවන්

      ධර්ම ප්‍රචාරයක් කියලා හඳුන්වන්න පුලුවන් වෙන්නේ ඒ ධර්මයේ ඇතුළත් සංකල්ප උගන්වලා විමුක්තිය හරි එහෙමත් නැත්නම් ස්වර්ගය හරි වගේ අරමුණක් සාධනය කරගන්න පුලුවන් ඒ ධර්මය තුළින්ම විතරයි කියලා වර්ණනා කිරීම නැත්නම් පෙන්වීම. මෙතැන එහෙම දෙයක් සිදුවෙලාද තියෙනවාද කියලා හිතලා බලන්න.

      මේක කියවලා කවුරුන් හරි මහායාන ධර්මයට රුචි වෙලා ඒක වැළඳ ගන්නවා නම් ඒක ඒ පුද්ගලයාගේ විමසුම් නුවණේ තිබෙන ගැටලුවක්

      Delete
    7. @Ayilas A (Does your name mean eyeless A?)

      //ඔබගේ ද්වේශය ඔය වචන වලින්ම පෙනෙනවා..//

      බොරු කියන එවුන්, තමනුත් නොදැන අනිත් නොදන්න උන්ට ගරහන උන්, නිවන ස්වර්ග පෙන්වලා පිනට කන මදුරුවන් පරසක්වල ගහන්න හිතෙන එක ද්වේශය නම් ඔබ හරි. නැත්නම් ඔබ වැරදියි.

      සිංහල උන් ජීවිතය උතුම් කියල සිතීමත්, දෙමළු උන්නත් එකයි මලත් එකයි සිතීමත්, හින්දි උන් ඉන්නවාට වඩා මළා නම් හොඳයි සිතීමත්, ජීවීන් බිහිවෙන ස්වාභාවික අවශ්‍යතා සපුරාලීමට තැනුනු මානසික තත්වයක් විතරයි. හින්දි උන් ජීවිතේ නිවන්න හැදුවේ බුද්ධලා ඉපදීමට බොහෝ පෙරය. එවැනි මානසික තත්වයක් ලෝකෙ තියන ළඟාවිය යුතුම කෙප්පය ලෙස හුවා දැක්වීම මිනිස්කමට නොගැලපේ. මා නොකී කොටස දනී නම් නිවනට ස්වර්ගයට පයින් ගසන බව කියමි.

      Delete
  43. මට නම් මහායාන සංකල්ප වැඩිය දිරවන්නෙ නෑ.. :(

    ReplyDelete
    Replies
    1. @ යසිත්ගේ සිතුවිලි

      ඔව් එහෙම වෙන්නත් පුලුවන්. දැනුවත්බව පිණිස මේවා කියවීමේ වරදක් නැහැ කියලා හැඟෙන නිසා තමා සටහනක් වශයෙන් ලිව්වේ :)

      Delete
  44. කතන්දර ටික පැත්තකින් තිබ්බොත් නිවන් මග අවබෝධ කරගැනීම ගැන මේ සුත්‍රයේ මොනවද කියන්නෙ හසිත..?

    ReplyDelete
    Replies
    1. @ රූ....

      හුඟක් සිදුවීම් වගේම උපමා කතා මේ සූත්‍රයේ බහුලව තියෙනවා අක්කේ. නිවන් අවබෝධ කරගැනීම කියලා විශේෂයෙන් යමක් තියෙනවා මම දැක්කේ නැහැ. ඒත් බෝධිසත්ව චර්යාව පිරීමෙන් බුදු වීම ගැන වරින්වර මතක් කරදීම සිදු කරලා තියෙනවා. [මහායානයේ අදහසක් තියෙනවානේ සෑම මනුෂ්‍යයෙක්ම බෝසත්වරයෙක් කියලා]

      Delete
  45. හසිත අයියා, ථෙරවාදය සහ මහායානය ඇතුළු අද වන විට තිබෙන බුදු දහම එදවස පටන් වෙනස් වෙමින්, වර්ධනය වෙමින් පැවතගෙන ආපු නිසා මට හිතෙන හැටියට නම් මේවා ගෞතම බුදුන් වදාළ නියම බුදු දහමෙන් සෑහෙන වෙනස් වී ඇති හැඩැයි. නමුත් ආගමක් ලෙස බුදු දහම සුරැකෙන්නටත් එයම හේතු වෙන්නට ඇති.

    විමසිල්ලෙන් අවබෝධ කරගමු... :)

    ReplyDelete
    Replies
    1. @ විසිතුරු

      ධර්මය අකාලිකයි. ඒත් බාහිරින් නොව අභ්‍යන්තරයෙන්ම වුණු යම් යම් ක්‍රියාකාරකම් නිසා වෙනස්කම්වලට ලක්වෙලා තියෙන්න පුලුවන්.

      ඒ බව දැනගෙන නිසාම වෙන්න ඕනේ බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේදී දේශනා කරන්නේ "විමසුම් නුවණින් වටහා ගන්න" කියලා. [ගුරුවරයා, දෙමාපියන්, වැඩිහිටියන්, අසවල් පොතේ තිබුණා කියා හෝ එක එල්ලේම පිළිගන්නේ නැතුව]

      Delete
  46. ලිපිය කියවලා පස්සෙ කමෙන්ට් එකක් දාන්නම් කියලා ගියා හසිත, ආයෙමත් අදයි ආවේ මේ පැත්තේ.. හපොයි, දැන් ඉතිං මේකෙ තව මොනවා කියන්ටද කියලා හිතාගන්ට බෑ බං..

    සමය-සමයාන්තර දැනුමක් ලබාගන්නට අකැමැති, යමක තියෙන සාහිත්‍ය රසය විඳලා නිකං ඉන්ට බැරුව රෙද්ද කරට අරං වාද-විවාද කරන්ට එන තලේබාන්ලා එක්කද බං අපි ජීවත් වෙන්නෙ.!? උඩ තියෙන සමහර කමෙන්ට්ස් දැක්කහම හිනාවෙන්ටද අඬන්ටද කියලාවත් හිතාගන්ට බෑ බං..

    ReplyDelete
    Replies
    1. @ Buratheno

      ඇත්ත ඇත්ත. ඔළු හදන set එකක් මේ විදිහට හුඟක් අයගේ ඔළු හදලා තියෙනවා වෙන්නේ ඕනේ. නැත්නම් මෙච්චර් අන්තගාමී බවක් කොහොම ආවද මන්දා

      Delete
  47. මේ පොත අරගෙන කියවන්න ආසයි හසිත...ඒත් හොයා ගන්න ඒක තමා ප්‍රශ්නෙ...
    මචන්,ශද්ධාවයි,ප්‍රඥ්ඥාවයි අඩු අය එක්ක වාදෙට යන්න එපා...මොකද ඌරො එක්ක සෙල්ලමට ගියාම ඒක ඌරට ආතල් එකක්, ඒත් අපේ ඇඟේ තමයි මඩ ගෑවෙන්නෙ.නොදන්න කාරණා ගෙඩක් කියෙවුව.බැහැර කළ යුතුදේ බැහැර කලා.අනිත් ටික ඔලුවට දාගත්ත.
    උඹට ස්තුතී.

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      ඕස්ට්‍රේලියාවෙත් මහායාන පන්සල් එහෙම තියෙන නිසා ඒකකින් හරි මේ පොත හොයාගන්න පුලුවන් වෙයි අයියා. ශ්‍රද්ධාව එක්කම ප්‍රඥාව සමබර නැති එක හුඟක් දෙනාගේ තියෙන ගැටලුවක් තමා :D

      Delete
  48. හැමදාම වගේ වටින ලිපියක්, කියවන්න එන්න ටිකක් ප්‍රමාදවුනා.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ප්‍රමාද වුණා කියලා අවුලක් නැහැ අයියා. පේනවනේ කෙරිලා තියෙන දීර්ඝ සංවාදේ තරම :D

      Delete
  49. මහායාන ධර්මය ගැන විතරක් නෙමෙයි. පුලුවන්නම් "වජිරයාන" ධර්මය ගැනත් ලියන්න. මම හිතන්නේ ථෙරවාදයට වඩාත් සමීප වජ්‍රයානය කියලයි. "පස් තාච්චියක්" ඇද්ද කියල මේ ලෝකේ තියෙන සේරම දන්නවා කියල හිතන 'කතන්දර' වගේ භෞතික වාදීන්ට පිළිතුරු දීම නිෂ්ඵල වැඩක්. මොකද ඒ ගොල්ලෝ භෞතිකත්වයෙන් එහාට තියෙන කිසිම දෙයක් පිළිගන්න සුදානම් නෑ. ඒ ගොල්ලෝ ඔය ප්‍රශ්න අහන්නේ පිළිතුරු බලාපොරොත්තුවෙන් නෙමෙයි, හුදෙක් උපහාසයක් ඇති කරන්නයි.
    ගොඩක් ස්තුතියි ලිපියට. මේලෝකේ තියෙන සෑම දේම ඉගෙන ගන්න එක වටිනවා. අවඥාවෙන් බැහැර කරනවට වඩා.
    ඒවා අතරින් සත්‍යය තෝරා බේරා ගැනීමට තමයි මනුෂ්‍යයන් වශයෙන් අපට බුද්ධියක් තියෙන්නේ. -ස්තුතියි නැවතත්.

    ReplyDelete
    Replies
    1. @ Saman Lankathilaka

      වජ්‍රයානය ගැන ටිබෙටයේ තියෙන ලාමා දහම ගැන ලියන්නත් හිතේ තියෙනවා. ලැබෙන වෙලාව වගේම කියවන්න හම්බෙන දේවලුත් එක්ක නිවැරදි තොරතුරු පදනම් කරගෙන ලියන්න හුඟක් මහන්සි වෙන්න එපැයි. ඒ පොත් පත්වල තියෙන දේවල් ලියලා මෙහෙම මෙහම තර්ක විතර්ක නම් ආවට ගියාට සටහනක් ලිව්වොත් කොච්චර නම් ඇද ඇල්ලිල්ලක් වෙයිද. ඒක නිසා ටික කාලයක් ගතවේවි මේ ලිපි ටික ලියන්න

      //..සත්‍යය තෝරා බේරා ගැනීමට තමයි මනුෂ්‍යයන් වශයෙන් අපට බුද්ධියක් තියෙන්නේ..//

      මේ බුද්ධිය කියන එක අමූලිකා ශ්‍රද්ධාවෙන් හරි අන්තවාදයෙන් හරි වහගෙන තමා හුඟක් අය ඉන්නේ :(

      ස්තුතියි අගය කළාට

      Delete
  50. කමෙන්ට්ස් ටිකයි පෝස්ට් එකයි කියවන්න සෑහෙන වෙලාවක් ගියා.. ඒ උනාට ඒ වෙලාව අපතෙ ගියෙ නෑ ගත්තු දැනුමත් එක්ක

    ReplyDelete
    Replies
    1. @ සමී

      අනිවාර්යයෙන්ම බ්ලොග් පෝස්ට් එකටත් වඩා හොඳම ටික තියෙන කමෙන්ට්ස් ටිකේ. පේනවනේ කතා කෙරිලා තියෙන දේවල් කන්දරාව :)

      Delete
  51. ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම, පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ. එම නිසා ථේරවාදය ද , මහායානයද යන ප්‍රශ්ණයේදී මෙහි සැලකෙන්නේ, ඒ ඒ සම්ප්‍රධායේ සෛධාන්තික වෙනස මිස, ඒවා හා බැදුනු හෝ පසු කාලීනව ඊට එකතු වුනු විවිද ඇදහිලි ක්‍රම, වත් පිලිවෙත් ආදිය නොවන බව සැලකිය යුතු වෙනවා. මෙම බොහෝ වත් පිලිවෙත් හෝ ඇදහිලි ක්‍රමයන් හී මූලාරම්භයන්, ඒ ඒ සමාජ හා බැදුනු ජනප්‍රිය විශ්වාස හෝ මිත්‍යාමත පදනම් වෙන බැවින් ඒවා මත පදනම්ව මෙම ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායන් යුගලයේ බර සසැදීම අනුවණ ක්‍රියාවක්. එය කැලණි ගඟ මුහුදට වැටෙන තැනෙන් වතුර බීලා, ගග පටන් ගත්ත තැනේ වතුර වල ගුණ දොස් සොයන ආකාරයේ බොලද උත්සහයක්.

    මෙම සම්ප්‍රධායන් දෙකෙහි මූලික සෛධාන්තික වෙනස 'අනාත්ම' තාවය මත පිහිටා තියෙනවා. සාරංශ වශයෙන් ගත් කල, ථේරවාදයේදී 'අනාත්මතාවය', පරමාර්ථ ධර්මයක් ලෙස සැලකෙන රූප පරමාර්ථයට යොමු වන අතර , මහායානයේදී එය 'ශුන්‍යතාව' දෙසට දිශාමුඛ වෙනවා.

    මේ න්‍යායාත්මක කරුණ පසෙකින් තිබියදී, භාරතයේදී භික්ශූන් නිකාය වශයෙන් බෙදී යෑමට හේතු වූ තවත් කරුණක් ද පවතිනවා. ඒ පලමු ධර්ම සංගායනාවේදී ඇති වූ සිද්ධියක්. බුද්ධ දේශනාවට අනුව සංඝයාවහන්සේ හට අවශ්‍යනම් තමන් වහන්සේ දේශනා කරන ලද සුළු විනය නීතීන් නොසලකා හැරිය හැකිව තිබුනා. නමුත් ප්‍රථම ධර්ම සංගායනාවේදී මෙම සුළු විනය නීතීන් යනු මොනවාදැයි ගැටලුවක් පැන නැගුනා. සුළු විනය නීතීන් යනු මොනවාදැයි නිවැරදිව පැහැදිලි කර නොගැනීම සම්භන්දයෙන් ආනන්ද රහතන් වහන්සේට චෝදනා කල ඇති බවක්ද පොත පතෙහි සදහන් වෙනවා. කෙසේ නමුත් මහා කාශ්‍යප රහතන් වහන්සේ ප්‍රමුඛ ප්‍රථම ධර්ම සංගායනාවේදී, බුදුරදුන් වදාල කිසිම විනය නීතියක් කිසිදු ලෙසකින් අත නොහැරීමට හෝ වෙනසක් නොකිරීමට තීරණය කෙරුනා. මෙම තීරණය පසු කාලයේදී 'මහා සාංඝික' හා 'ථේරවාද' ලෙස බෙදීමක් ඇති කීරීමට තරම් ප්‍රබල උනා. 'මහාසාංඝික' යනු මහායාන ලෙස පසුව වර්ධනය උන විවිධ නිකායන් ( මධ්‍යාමික, යෝගාකාර, සෙන්, ත්‍රන්ත්‍ර ආදී) සමූහයක මූලාරම්භයයි. මීට සියවස් ගානකට පසු 'මිලින්ද-නාගසේන' හමුවේද කාරණය ප්‍රශ්ණයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා

    තමන් වහන්සේ දෙසූ 'ධර්මය හා විනය', තම පරිනිර්වාණයෙන් අනතුරුව මූලික වන බව බුදුරදුන් දේශනා කලා. ඒ නිසාම "මහායානයද? ථේරවාදයද?" යන සෛධාන්තික ගැටලුව තේරුම් ගැනීමටද 'ධර්මය හා විනය' යන මිනුම් දණ්ඩ යොදා ගැනීම සාධාරණ කාරණයක්. එසේ ගත් කල ඊලග ගැටලුව වන්නේ 'ධර්මය' ලෙස ගත යුත්තේ කුමක්ද යන්න ය. අන්තවාදී වූ ථේරවාදීයෙක් 'ධර්මය' යනු ථේරවාදය ලෙසත්, ප‍ටු කල්පනා ඇති මහායානවාදීයෙක්, 'ධර්මය' මහායානයත් සලකතොත් පුදුම නොවිය යුතුය.එහෙත් සත්‍යය ඊට වෙනස් ය. බුද්ධ දේශනය එයට පිලිතුරු සපයා තියෙනවා.

    වරෙක, බුදුරදුන් ගේ සුළු මව වු මහා ප්‍රජාපතියන් විමසූවේ....'ධර්මය' හා 'ධර්මය නොවන දේ' හදුනා ගන්නේ කෙසේද යන්නයි. බුදුන් වහන්සේ සෘජුව පිලිතුරු දී තිබෙනවා.
    'ආශාව', ක්‍රෝධය' හා 'මිත්‍යාව' සමනය කෙරෙන දේ ධර්මය ලෙසත් එවැන්නක් දෙසට යොමු නොවෙන්නක් 'ධර්මය නොවෙන දේ' ලෙසත් සැලකිය යුතු බව උන්වහන්සේගේ පිලිතුර යි.


    මහායානිකයන් කර ඇති ආකාරයේ ධර්ම විශ්ලේශණයකට බුදුරදුන් කිසි විටක බදා පමුණුවා නෑ. බුදුරදුන් වරක දේශනා කලේ තම 'ධර්මය' පාවිච්චි කල යුත්තේ 'පාරුවක්' ලෙස බවය. ගගෙන් එගොඩ වීමට පාරුව උපයෝගී කර ගනු විනා පාරුව කර තබා ගෙන යාමක් උන්වහන්සේ අපේක්ශා නොකල බව ඉන් පැහැදිලිය. තවත් විටෙක උන් වහන්සේ දේශනා කලේ 'ධර්මය' යනු කපන්න කපන්න දිදුලන මැණිකක් මෙන් කියා ය. මෙය තමන්වහන්සේ දෙසූ 'ධර්මය' වඩ වඩා විශ්ලේශණයකිරීමට කරන ඇරයුමක් නොවේද?

    අවසාන වශයෙන් සදහන් කල යුත්තේ මහායාන වේවා, ථේරවාද වේවා, මෙම සම්ප්‍රධායන් දෙකම ගෞතම බුදුරදුන් ලෝකයා වෙත මහා කරුණාවෙන් දේශනය කරන ලද , 'අනිත්‍ය', 'දුක්ඛ' හා 'අනාත්ම' යන ත්‍රිලක්ශනය අවබෝධ කරගැනීම සදහා උපකාරී වන බවය. එය සමාන කල හැක්කේ,' හද' පෙන්වන 'ඇඟිල්ලක්' ලෙසය. අප දැකිය යුත්තේ ඇඟිල්ල නොව හද ය. කුමන ඇඟිල්ලකින් උව ද හද පෙන්විය හැක. වඩා වැදගත් වන්නේ එය අතෙහි කිනම් ඇගිල්ලද යන්න නොව එම ඇඟිල්ල යොමු වී ඇති දිශාව පමනෙකි.

    ReplyDelete
    Replies
    1. @ Mayya

      අයියාගේ පැහැදිලි කිරීම අතිශය වැදගත්. බොහොම ස්තුතියි ඒකට :)

      මොකද මේ මහායානික කතාව කියවලා ප්‍රශ්න නගපු කීප දෙනෙක්ටම මහායානයේ සංකල්පීමය පැත්ත ගැන ගැටලු ඇතිවෙලා තිබුණේ. අයියාගේ පිළිතුරෙන් ඒ ගැටලුව මග හැරෙයි කියලා හිතනවා. ඒ වගේමයි ථේරවාදය ගැන වගේම මහායාන ගැන මධ්‍යස්ථව අදහස් දැක්වීම කරපු එකත් හොඳයි.

      ඒත් ඒ මධ්‍යස්ථ පිළිගැනීමත් එක්ක තමන්ගේ විමසුම් නුවණින් හිතලා වටහා ගන්න කීයෙන් කීදෙනෙක් කටයුතු කරයිද කියලා නම් සැක සහිතයි [මේ සටහනට ආපු ප්‍රතිචාර එක්ක බලද්දී]

      Delete
    2. @මායියා,

      //ගෞතම බුද්ධ දර්ශනයේ න්‍යෂ්ටියට අත නොතබා, පරිධියේ පවතින, ඒ ඒ පුද්ගලයාගේ බුද්ධි මට්ටම් හා බැදුනු විවිද වත් පිලිවෙත් හා ඇදහීම ක්‍රම, පුහු පණ්ඩිතමානයෙන් විවේචනය කරන්නවුන් බ්ලොග් අවකාශයේ අඩුවක් නෑ.//

      උඩ බලාගෙන කෙල ගැහුවම මූණට වැටෙන්නේ. මේ ටික තමන්ටත් අදාළයි. ඔය අනාත්ම වාදී බෞද්ධයොත්, ආත්මවාදී ක්‍රිස්තියානි කාරයොත් අනුන්ගෙ දැනුම කියවල තමන්ට තේරුන විදියට අඩු තැන්වලට විජ්ජාවල් දාල අනාගෙන කෑවට, ඕවාට මුල් වුන දැනුම නියම ස්වාභාවික ලෝකෙ වෙන විදිය කිව්වා. තමන් අනාගෙන කෙලපු කෙප්ප වහන්න අනුන්ට නිග්‍රහ කරල බැහැ.

      තමුන් කියපු ගෝතම බුධ හිටියේ මීට අවුරුදු තිස්දාහකට විතර පෙර. ඒ තමයි මහසම්මත මනුට පසු නායක වුන විසිඅටවන කෙනා. ඒ ගැන හොඳ ලිපියක් මම ළඟදී බ්ලොගේ ලියනවා. තුන් ලොවට අධිපති මහා කාරුණික, ඒත් හිඟන, මනුෂ්‍යකම පිළිකුල් කරපු, සොහොන් වලට ආවඩු, සිදට් කියන්නේ අශෝක් අධිරජා කාලෙ වෙන කොටත් කවුරුවත් නොදන්න නිකමෙක්. අශෝකයා යුද්ධෙන් බැරි දේ මිනිසුන් රවටා ගන්න පිම්බුවෙ නැත්නම් හිටියදවත් දන්නේ නෑ. අගමුල නොදැන, අනුන්ගෙ දේවල් බදාගෙන, හොර ඔප්පු ලිව්වට, ඔය මහා දැනුම හිල්තියෙන මස්තබාල්දු වුන බාල්දියක් වගේ. හැමදාම අගමුල පැටළුන කසල ගොඩක්. සුවඳ පැන් ඉස්සට ගඳ වහන්න බැහැ.

      Delete
  52. සාහිත්‍යමය විදියට කිසියම් අගයක් තිබ්බත් මගේ දැනුමේ තරමට නම් මට හිතෙන්නෙ මහායානයේ ලොකු හරයක් නැහැ කියලයි. ඒ නිසා ඒ ගැන වැඩිය උනන්දු නූනත් ඒ ගැන දැනකියාගන්න නම් මේ ලිපිය වටිනවා. ස්තූතියි මල්ලි!

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      මහායානය පිළිබඳ අපේ තිබෙන අවබෝධයට සාපේක්ෂව එහෙම දෙයක් හිතෙන එක සාධාරණයි අයියා. ඒත් මයියා දක්වලා තියෙන ශූන්‍යතාව පිළිබඳ සංකල්පය වගේ දේවල් අශ්වඝෝෂ, නාගාර්ජුන වගේ මහායාන දාර්ශනිකයන් ගැඹුරින් කතා කරලා තියෙනවා

      Delete
  53. බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ....
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තවමත් සංසාරේ... :-(((((

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      ඔව් ඔව් වෙන්න පුලුවන්

      Delete
  54. Me satahana 100%k BORU. Meke saththya kiyala 0.00000000001% k wath na. Muge role eka thambi kristhiyani karayo karana deya thamai mu karanne.

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 7, 2013 at 12:18 PM

      මහත්මයා කරුණාකාර නිරවුල් මනසකින් සහ අවබෝධයක් මේ ලිපිය කියවා බලන්න. මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර නැහැ :)

      මෙය ලියන්නට අරමුණු වූ පහත කරුණු ගැන අවධානය යොමු කරන්න

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක.

      Delete
  55. මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර නැහැ
    Me prakashayata sthuthi

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 7, 2013 at 2:23 PM

      ස්තුති ඔබේ අගය කිරීමට. මගේ බ්ලොග් එකේ සටහනක් සම්බන්ධව ප්‍රශ්නයකදී වගේම ගැටලුවක් ඇතිවුණු අවස්ථාවක ඒකට පිළිතුරු දෙන්න මම බැඳිලා ඉන්නවා කියන එකයි මගේ විශ්වාසය.

      අතපසුවීමක් නිසා මග හැරුණොත් ඇරෙන්න අනිත් අයගේ ප්‍රතිචාර සඳහා මගේ අදහසත් එකතු කරලා තියෙන්නේ [මේ දවස්වල විභාගේ නිසා නම් වැඩිය ඒවා බලන්න වුණේ නැහැ. අහම්බෙන් මේක දැක්ක නිසා තමා තකහනියේ මේකට පිළිතුරක් එකතු කරන්න ආවේ]

      Delete
  56. මේ කරන ශාසනික විනාශයට ඔබට නම් යන්න අපායක් හදන්න වෙනවා.
    මේ වගේ මිත්‍යා දෘෂ්ටික දේවල් දැකල සමහරු comment කරලා තියෙනවා,
    ෂා හරි අපූරු කතාවක් , මේ පොත කොහෙද තියෙන්නේ , කීයක් වෙනවද , වගේ බලු කතා.
    ඒ කියන්නේ ඔවුන් මේ ටොම් පචය සතයක් බව තේරුම් අරන් තියෙනවා.
    එතකොට බූරුබෝ තොට හෙන නොගහ වෙන කට හෙන ගහන්නද ?

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 12, 2013 at 2:40 PM

      //..මේ කරන ශාසනික විනාශයට ඔබට නම් යන්න අපායක් හදන්න වෙනවා...//

      බුදු දහම පිළිබඳ ඔබ තුළ ඇති අවබෝධය වගේම දැනුම පිළිබඳව ඔබ තුළ ඇති ආකල්පය මේ ප්‍රකාශයෙන් පැහැදිලියි. කරුණාකර "බුදු දහම අධ්‍යනය" කරන්න

      //..ෂා හරි අපූරු කතාවක් , මේ පොත කොහෙද තියෙන්නේ , කීයක් වෙනවද , වගේ බලු කතා. ඒ කියන්නේ ඔවුන් මේ ටොම් පචය සතයක් බව තේරුම් අරන් තියෙනවා...//

      කතා රසය අගය කළ පමණින්, තිබූ පොත කුමක්දැයි විමසූ පමණින් ඔවුන් මෙය සත්‍යයක් යැයි පිළිගන්නවා යැයි ඔබ වටහා ගැනීම සැබවින්ම විහිළුවක්.

      //..එතකොට බූරුබෝ තොට හෙන නොගහ වෙන කට හෙන ගහන්නද ?...//

      ඔබ බෞද්ධයෙක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සම්මා වාචා යන්න ඔබ පිළිපදින ආකාරය අපූරුයි :D

      මීට පෙරත් මේ ලිපිය ගැන කරුණු නිසි පරිදි වටහා නොගෙන අදහස් පළ කළ කීප දෙනා වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරය ඔබ වෙනුවෙනුත් එකතු කරන්නම්. [ප්‍රතිචාර ප්‍රමාණය මදක් වැඩි නිසා හෝ සිහි නුවණින් මේ සටහන සහ ප්‍රතිචාර ඔබ නොකියවූ නිසා එය ඔබට මග හැරෙන්න ඇතියි කියලා හිතන නිසා]

      "...කරුණාකාර නිරවුල් මනසකින් සහ අවබෝධයක් මේ ලිපිය කියවා බලන්න. මෙය සත්‍ය සටහනක් කියා කිසිම තැනකදී මම ප්‍රකාශ කර නැහැ :)

      මෙය ලියන්නට අරමුණු වූ පහත කරුණු ගැන අවධානය යොමු කරන්න

      එකක් තමා බහු ආගම් පවතින ලෝකයක අන් ආගම් ගැනත් යම් තරමකින් හරි වැටහීමක් තිබෙන එක වටිනවා. ඒ වගේමයි බුදු සමයේම කොටසක් වෙන මහායානය සම්බන්ධව ථේරවාදය පිළිගන්න අයටත් යම් අවබෝධයක් තියෙන එක වටිනවා කියලා මම විශ්වාස කරන නිසා.

      අනික් කාරණය තමා ථේරවාදය පිළිගන්න අයට මේ වගේ කතා කියවීමෙන් මේ කතාවල තියෙන ගූඪ එහෙමත් නැත්නම් අත්භූත ස්වරූපය නිසාම ථේරවාදය පිළිගැනීම සම්බන්ධව කිසියම් හෝ සැක සංකාවක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න පුලුවන්. [සාපේක්ෂව ථේරවාදයේ වටිනාකම වටහා ගන්න පුලුවන්]

      අනික් කාරණය තමා හුදෙක්ම කතා රසය පමණක් හොයන අයට ආගමික සාහිත්‍යයේ තියෙන කතාවක් කියාදෙන එක...."

      Delete
  57. මේ සූත්‍රය මමත් අහපු පලවෙනි වතාව..බොරැ නැත්නම් ෂෝක්..
    අර නඩු කාරය තාම යහතින් ඉන්නවද බං

    ReplyDelete
  58. මම මේ ධර්මය ප්‍රගුණ කරනවා. මේක සත්‍යක්. මේ ධර්මය ඔබ පිළිනොගන්නවා වෙන්න පුලුවන් ඒත් අපහාස කරන්න එපා. මමත් මේ ධර්මය තරයේ ප්‍රතික්ෂේප කරලා පස්සේ අවබෝධ වෙනකොට ඒක පිලිගත්තා.

    තමන් හදාගත්තු සීමාවක් ඇතුලෙ ඉදන් පොරටෝක් දෙන්නෙ නැතුව ඇත්තටම උවමනාව තියෙන අය මේ ගැන හොයලා බලාවි. මහායාන ධර්මය තුළ ලෝකය දකින්න හොද වටිනා දේවල් තියෙනවා. පුහු මානයකින් ඉදිමෙන්නෙ නැතුව තමන් නොදන්නා දේවල් තියෙන බව පිළිගන්න.

    මීට පෙරත් මම හසිතගේ මේ වගේ මහායානික ලිපිවලට අදහස් පලකරලා තියෙනවා.

    ReplyDelete
  59. බුද්ධ පරිනිර්වානයේ සදහන් ධාතු පරිනිවානය හුදු මැජික් එකක් ලෙස හැගේ .. එය මහායාන දර්ෂණෙයෙන් අා දෙයක්ද? පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි

    ReplyDelete
  60. වනකාවෙනකාවෙනානොනෙකා‍ෙ

    ReplyDelete
  61. මේ සියලු දෙනාම අර මුඛය දුර්ගන්ධය වුණු ලස්සන මාලුවගේ කථාව බැලුවනම් කමා වටින්නේ

    ReplyDelete
  62. වංශ නාථ ධීරාභයTuesday, August 12, 2014 at 3:17:00 PM GMT+5:30

    අඩු දැන් මහයානය විතරයි

    ReplyDelete
  63. මොකෙක් හරි දෙයක් අහුවහම උත්තර දෙන්නෙ නැතුව ගොන් පාට් දාන එක නම් හරි නැහැ. දන්නෙ නැත්නම් දන්නෙ නැහැ කිව්වනම්.......

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................