මීට කලින් දවසක මම ලියපු බුදුන්, ජේසුස්, විෂ්ණු, මහ්දි, දියසේන මේ ඔක්කොම අනාගතයේ පහළ වෙනවද ලිපිය ලියන කාලයේදී අනෙක් ආගම්වලට අයිති පොතපත් එහෙමත් කීපයක්ම කියෙව්වා. ඒවායිනුත් වැඩියෙන් කියෙව්වේ ක්‍රිස්තියානි ආගමට අයිති පොත්පත්.
ඒ
පොත්පත් අතරින් ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ තිබුණු කතාවක් නිසා මට බෞද්ධ
සාහිත්‍යයේ තිබෙන ජාතක කතාවක් වගේම මහ රහතන් වහන්සේ නමක් සම්බන්ධ කතාවකුත්
මතක් වුණා. ඒ කතා කීපය අතරේ තියෙන සමානකම නිසා තමා ඒ ගැන අනික් අයටත්
කියන්න හිතුණේ.
මුලින්ම ශුද්ධ බයිබලයේ නව ගිවිසුමේ ශුද්ධවර මතෙව්තුමාගේ සුබ
අස්නේ තියෙන කතාව කියන්නම්.
මුහුද
මත ඇවිදීම කියන මාතෘකාවෙන් ශු.මතෙව් 14:17-32 තියෙන්නේ ජේසුස් වහන්සේ
තමන්ගේ දේශනාවක් අහන්න ආපු ජනතාවට දේශනාව පවත්වලා ඊට පස්සේ 5000 ක් පමණ
වුණු ඒ පිරිසගේ කුසගින්න නිවන්න පොඩි පාන් ගෙඩි 5 ක් හා මාළු දෙන්නෙක්ව
ප්‍රාතිහාර්යයක් මඟින් වැඩි කරලා අවසානයේදී ජනතාව විසිර යද්දී තමන්ගේ
ශ්‍රාවකයන්ටත් ඔරුවට නැඟලා තමන්ට කලින් එගොඩට යන්න නියම කරනවා.
හුදෙකලා
වුණු ජේසුතුමා කන්දට පිටත් වෙලා යාඥා කරනවා. මේ අතර වාරයේදී ජේසුතුමාගේ
ශ්‍රාවකයන් පිටත් වුණු ඔරුව තද සුළඟටකට අහු වෙනවා. මේ වෙද්දී රළ පහරත්
වේගවත් වෙලා තිබුණේ. මේ වෙලාවේදී ජේසුතුමා මුහුද මතින් ඇවිද ගෙන ශ්‍රාවකයන්
හිටිය ඔරුව දිහාවට එනවා.
ඒත් ජේසුතුමාගේ ශ්‍රාවකයෝ නම් මේ එන්නේ අවතාරයක් කියලා කලබල වෙලා බය වෙනවා. ඒත් ජේසුතුමා කතා කරලා කියනවා "බය වෙන්න එපා, ධෛර්යය ගන්න. මේ මම" කියලා.
ඒ වෙලාවේදී ජේසුතුමාගේ ප්‍රධාන ශ්‍රාවකයා වුණු පේදුරුතුමා ජේසුතුමාට කියනවා "ස්වාමිනි මේ ඔබ වහන්සේම නම් වතුර මතින් ඔබ වහන්සේ සමීපයට එන්න මට අණ කරන්න" කියලා.
ඒකට පිළිතුරු විදිහට ජේසුතුමා කියනවා "පැමිණෙන්න පේදුරු" කියලා.
ජේසුතුමාගෙන්
අණ ලැබීමත් එක්ක පේදුරුතුමා ඔරුවෙන් වතුරට බැහැලා වතුර උඩින් ජේසුතුමා
ගාවට ඇවිදගෙන යනවා. එහෙම යද්දී සුළඟ වේගවත් වුණු බව දැකපු පේදුරුතුමා බය
වෙනවා.
ඒත් එක්කම තමන් වතුරේ ගිලෙන්න පටන් ගත්තු නිසා පේදුරුතුමා හයියෙන් කෑ ගහනවා "ස්වාමීනී මාව බේරගන්න" කියලා.
ජේසුතුමා එතනට ඇවිත් පේදුරුතුමාගේ අතින් අල්ලාගෙන අහනවා "කෝ ඔබේ ශ්‍රද්ධාව ? ඔබේ ශ්‍රද්ධාව හීන වුණා නේද ? සැක කළේ ඇයි ?" කියලා
පස්සේ පේදුරුතුමාවත් අතින් අල්ලාගෙන ජේසුතුමා ඔරුවට නගිනවා. ඊට පස්සේ කුණාටු සුළඟ නැතිවෙලා ගිහින් සියල්ල සන්සුන් වෙනවා.
ඒ
කතාවේ කියවෙන විදිහට ජේසුතුමා ගැන පේදුරුතුමාගේ හිතේ ඇතිවුණු ශ්‍රද්ධාව
හේතු කරගෙන පේදුරුතුමා වතුර උඩත් ඇවිදිනවා. ඒත් ශ්‍රද්ධාව හීනවීමත් එක්කම
දියේ ගිලෙන්න ගියා.
මේ වගේම කතාවක් බෞද්ධ සාහිත්‍යයේ තියෙන්නේ පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ තුළ තියෙන 189 වෙනි ජාතක කතාව වෙන ශීලානිසංස ජාතකයේ.
ඒ
ජාතක කතාවේ නිධාන කතාව තමා බුද්ධ කාලයේ ජීවත් වුණු එක උපාසකයෙක් බුදුන්
වහන්සේව බැහැ දකින්න හිතාගෙන සැවැත් නුවර ජේතවනාරාමයට එන්න පිටත් වෙනවා.
ගමන එන අතර වාරයේදී මේ උපාසකයාට අචිරවතී ගංගාව තරණය කරන්න වෙනවා.
ගඟේ ඔරු පාරු පදින තොටියෙකුත් දැක ගන්න නොහිටපු නිසා උපාසකයා "ඔරු පාරු නැති වුණාට කමක් නැහැ බුද්ධාලම්භන ප්‍රීතියෙන් යනවා" කියලා හිතලා ගල් තලාවක් මතුපිට ඇවිදිනවා හා සමානව අචිරවතී ගංගාවේ දිය කඳ මතින් ඇවිදගෙන යනවා.
ගඟ
මැදට එද්දී හයියෙන් වතුර ගලන නිසා මේ උපාසකයාගේ හිතේ බය ඇතිවෙලා
බුද්ධාලම්භන ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න යනවා. ඒත් ආයි පාරක්
බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගත්තු ඒ උපාසකයා ආයි පාරක් ගල් තලාවක් උඩ
ඇවිදිනවා හා සමානව ගංගාව උඩින් ඇවිදගෙන ගිහින් අවසානයේදී ජේතවනාරාමයේදී
බුදුන් වහන්සේව බැහැ දකිනවා.
මේ
කතාවේ විදිහටත් බුදුන් වහන්සේ ගැන තමන්ගේ හිතේ ඇතිවුණු අසීමිත ශ්‍රද්ධාව
[බුද්ධාලම්භන ප්‍රීතිය] හේතු කරගෙන වතුර උඩ ඇවිදපු උපාසකයා බුද්ධාලම්භන
ප්‍රීතිය අඩුවීමත් එක්ක දියේ ගිලෙන්න ගියත් ආයි පාරක් බුද්ධාලම්භන ප්‍රීතිය
ඇති කරගෙන වතුර උඩින් ඇවිදගෙන ගිහින් ගංගාව තරණය කරනවා.
මේ
කතා දෙකත් එක්කම මේ කතාවත් නොකිව්වත් අඩුවක් කියලා හිතලා තමා මේ කතාවත්
කියන්න හිතුවේ. බුද්ධ කාලයේ සැවැත් නුවර බමුණු කුලේක ඉපදුණු වක්ඛලී කියන
තරුණයා බුදුන් වහන්සේගේ ශෝභාව දැකලා හැමදාම බුදුන් වහන්සේව බැහැ දකින්න
පටන් ගත්තා. ඊට පස්සේ මහණ වුණොත් හැම වෙලාවේම වගේ බුදුන් වහන්සේව දැකගන්න
පුලුවන් කියලා හිතලා මහණත් වෙනවා.
වක්ඛලී හාමුදුරුවන්ගේ මේ ක්‍රියා කලාපය දැකපු බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්ට දේශනා කරනවා "මේ
කුණු කය දිහා බලාගෙන ඉන්න එකේ ප්‍රයෝජනය මොකක්ද ? යමෙක් බුදුන් දකීද ඔහු
ධර්මය දකිනවා ඒ වගේමයි යමෙක් ධර්මය දකිනවාද ඔහු බුදුන් දකිනවා" කියලා.
ඒත්
මේ අවවාදයත් වක්ඛලී හාමුදුරුවෝ පිළිගත්තේ නැති නිසා තමන් වහන්සේ වැඩ සිටිය
ස්ථානයෙන් වක්ඛලී හාමුදුරුවන්ට පිටමං කරනවා. බුදුන් වහන්සේ තමන්ව පිටමං
කරපු නිසා හුඟක් කම්පා වුණු වක්ඛලී හාමුදුරුවෝ සිය දිවි නසාගන්න හිතාගෙන
ගිජුකුළු පව්ව මුදුනට නැගලා බිමට පනින්න උත්සහ කරනවා.
ගිජුකුළු පව්ව
මේ
සිදුවීම බුදු ඇසට හසු වීමත් එක්ක බුදුන් වහන්සේ වක්ඛලී හාමුදුරුවන්
ඉදිරියේ බුදු රැස් කදක් විහිදවලා "වක්ඛලිය, යමෙක් අසීමිත බුද්ධාලම්භන
ප්‍රීතියෙන් වෙසෙනවාද ඔහු බුදු සසුන ගැන පැහැදීමෙන් වෙසෙනවා. අනික්
සිතුවිලිවලට හිතේ ඉඩක් නොමැති නිසා විමුක්තිය සාක්ෂාත් කරගෙන ඉපදීම නැති
කරනවා" කියලා දේශනා කරනවා.
ඊට
පස්සේ එතැන මැවුණු බුදු රුව අත දිගු කරනවා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා
ගිය වක්ඛලී හාමුදුරුවෝ බුදු රුවේ අත අල්ලාගෙනම ගිජුකුළු පව්වේ ඉදන් පහතට
වැටෙන කාලය අතරතුරේදීම රහත් භාවයට පත් වෙනවා. බුදුන් වහන්සේ පස්සේ
ශ්‍රද්ධාධික භික්ෂූන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය වක්ඛලී හාමුදුරුවන්ට
ප්‍රදානය කරනවා.
ඒ
කතාවේදීත් කලින් කතාවේ වගේම අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ගිජුකුළු
පව්වෙන් පහතට වැටෙද්දීත් සිත එකඟ කරගෙන රහත්බව සාක්ෂාත් කරගන්න වක්ඛලී
හාමුදුරුවන්ට පුලුවන් වෙනවා.
මේ
කතා පිරික්සද්දී ශ්‍රද්ධාව කියන එක වැදගත් සාධකයක් බව පැහැදිලියි. හැබැයි
අවශ්‍ය වෙන්නේ ආකාරවතී ශ්‍රද්ධාව. එහෙමත් නැත්නම් කරුණු නිවැරදිව වටහාගෙන
අවබෝධයෙන් ඇති කරගන්නවා වූ පැහැදීම. එහෙම නැතුව අමූලිකා ශ්‍රද්ධාව නෙමෙයි.
ඔය අමූලිකා ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ තමා හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිද්දී මිදුල
අතු ගගා හිටිය ඉදල හාමුදුරුවන්ගේ ඇඟෙන් හේත්තු කරලා හාමුදුරුවන්ට දණ ගහලා
වඳිනවා වගේ වැඩ කරන්නේ.
//ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?//
ReplyDeleteකාලය දිහා බලලා ඕක තීරණය කරගන්ට බැරිවෙයිද?
හරීගේ අලුත් පෝස්ට් එකෙත් (ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස) මම දැක්කා 'අවි ගත්තෝ අවියෙන්ම නසිති' කියන කියමනට සමාන 'කඩු ගත්තෝ කඩුවෙන් නසිති' කියලා කියමනක් ක්‍රිස්තියානි ආගමෙත් තිබෙන බව.
'දස පනත' දිහා බලන්ට. අපේ සිල් පද කීයක් ඒකේ තියනවද කියලා.:)
අද මම එක වෙලාද කොහෙද… :D
+
Delete+++
Delete@ Podi Kumarihami
Deleteකාලය දිහා බලලා අනුමාන කිරීමක් කරන්නත් පුලුවන්. ඒත් මේ කතාවන්වල සමානකම පෙන්වන එක විතරයි මගේ අරමුණ වුණේ. මොකද සමාන කරුණු රැසක්ම අපිට විමසිල්ලෙන් බලද්දී දැකගන්න පුලුවන් වෙන නිසා.
//..අද මම එක වෙලාද කොහෙද… :D..//
තරඟ නොකරන්නාට තරඟයක් නැත :P
@ Anonymous January 6, 2013 8:07 AM, Mee Godayaa
Delete:D
තරඟ කරන්නා තරඟයෙන්ම නැසේ :-)
Delete@ සෙන්නා
Deleteඅනිවා ඩෙෆා :D
යමක් කියන්න ආවත් ඒ සියල්ල ඉතා පැහැදිලිව නිරවුල්ව කෙටියෙන් ඉහත කමෙන්ටුවේ පොඩ්ඩි ලියල තියනවා.... මට අහන්න තියෙන්නෙත් ඒ හා සමාන ම දේ තමා.
ReplyDelete@ Naleen Dilruksha
Deleteපොඩ්ඩීට මම දීපු පිළිතුර අයියාටත් අදාළ කරගන්න පුලුවන් ඕන් :)
මේ වගේ තවත් කතා බුදු දහමේ තියනවා,
Deleteඅනාතපිණ්ඩික සිටුවරයා බුදු සමිඳුන් දකින්ට ගිය පළමු දිනේ ගැන බලන්න,
මම ඔය සාහිත්‍ය කියා හැඳින්වීමට එකට අකමැතියි,
මොකද සාහිත්‍ය කියන ඒවා ගොතපු ඒවා යන මතයේනේ මිනිස්සු ඉන්නේ,
@ Anonymous January 6, 2013 8:21 PM
Delete//...අනාතපිණ්ඩික සිටුවරයා බුදු සමිඳුන් දකින්ට ගිය පළමු දිනේ ගැන බලන්න,...//
ඒ කතාව මේ කතාවට අදාළ වෙන හැටි ගැන පැහැදිලි මදි
සාහිත්‍ය කියනේ ගොතපු ඒවා කියන මතයේ මිනිස්සු හිටියත් බුදුන් වහන්සේ හා සම්බන්ධව පවතින කතාන්දර බෞද්ධ සාහිත්‍ය ගණයේ ලා තමා ගන්න වෙන්නේ. චුල්ල වග්ග පාලිය, මහා වග්ග පාලිය, ඒ වගේමයි ධම්මපද කතා, ජාතක කතා, ථේර ථේරි අපදාන මේවා හැරෙන්න ලංකාවේදී ත්‍රිපිටක ග්‍රන්ථ මූලාශ්‍රය කරගෙන රචනා වුණු පූජාවලිය, සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාකරය, සද්ධර්මරත්නාවලිය වගේ ග්‍රන්ථ සියල්ලම බෞද්ධ සාහිත්‍ය නොවැ...
ගොතපු කතාවලට "ප්‍රබන්ධ" කියන නම භාවිතා කරන්න පුලුවන් නොවැ :)
ඉතින් එක තමා ජාතක කතා පොත සාහිත්‍යමය එකක් වුනාට ජාතක කතා ත්‍රිපිටකය යටතේත් තියනවනේ,
Deleteඅනාථ පිණ්ඩික සිටුවරයාගේ කතාව හොයාගෙන කියවන්න,
එතුමාටත් හිතේ ඇතිවුන බුද්ධාලම්භන ප්‍රීතිය නිසා ඔය වගේම පුදුම දෙයක් වුනා.
@ Anonymous January 7, 2013 5:09 PM
Deleteස්තුතියි විස්තරයට. මම හොයාගෙන කියවන්න බලන්නම් :)
මම කියන්න ආපු දේ පොඩි කුමාරිහාමි කියලා. :) තව කොටසක් තියෙනව
ReplyDeleteMatthew 15:14
"Leave them; they are blind guides. If a blind man leads a blind man, both will fall into a pit."
බුදුන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ඨිය හරියට අන්දයන් පෝලිමක් වගේ කියලා. මුලින් යන කෙනත් මැදින් යන කෙනත් අන්තිමට යන කෙනත් තමං යන්නෙ කොහේද කියල දන්නෑ කියල...
@ දසුන් සමීර වීරසිංහ
Deleteමෙතන බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳව හරි එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිබඳ සංවාදයක් නෙමේ සිද්ධ වෙන්නේ. බෞද්ධ සාහිත්‍යයේ සහ කිතුණු සාහිත්‍යයේ තිබෙන කත කීපයක් පිළිබඳවයි කතා කෙරෙන්නේ....
ඩාවින්සි කෝඩ් චිත්‍රපටයේ අන්තිමට සොෆී නෙවියු අර පොකුණට කකුල තියලා බලන්නෙ තමුන්ටත් ජලය මත ඇවිදීමේ හැකියාව තියෙනවද කියලා.. (සැ.යු. : මේ ඩාවින්සි කෝඩ් ඇත්ත කියනවා නෙමෙයී )
ReplyDeleteමෙතනදී හසිත ජේසුස් වහන්සේගේ මුහුද මත ඇවිදීමේ කතාවෙදි පේදුරුතුමාගේ විශ්වාසය බිඳ වැටීමත් උපාසකයාගේ ශ්‍රද්ධාව බිඳවැටීමත් අතර පරස්පරයක් තියෙනවා නේද? කතෝලික ධර්මය විශ්වාසය මත පදනම් වුවත් බෞද්ධ දර්ශනය විශ්වාසය මත පදනම් වූවක් නෙමෙයි නේද?
විස්තරයට ස්තුතියි..
මටත් කියවද්දී මේක හිතුන
Deleteඇත්ත සිද්ධිය සහ ලියවුන දේ දෙකක් විය හැකියි නේ. ජේසුස් (ඉසා) යනු බෞද්ධ භික්ෂුවක් කියලත් කතාවක් තියෙනවා. ඒ වේගම ලෝකයේ පැරණිම බයිබල් පිටපතේ කවරය ලී වලින් නිර්මාණය කරල තියෙනව. එහි අඩංගු කැටයම තුල භිකුෂවකගේ රුවක් ඇති බව මම අසා තියෙනව (පිටපතක් දැකලත් තියෙනව) නමුත් හරියටම ඇත්තද කියලා තහවරු කරගෙන නෑ.
Delete@ හරී
Deleteමේ සටහන ලිව්වාට පස්සේ පහුගිය දවසක ආයි පාරක් ඩාවින්සි කෝඩ් ෆිල්ම් එක බැලුවා. ඕකත් මතක් වුණත් ඔන්න ඔහේ හැම එකම ලියන්න ඕනේ නැහැ කියලා අතෑරලා දැම්මා.
//...මෙතනදී හසිත ජේසුස් වහන්සේගේ මුහුද මත ඇවිදීමේ කතාවෙදි පේදුරුතුමාගේ විශ්වාසය බිඳ වැටීමත් උපාසකයාගේ ශ්‍රද්ධාව බිඳවැටීමත් අතර පරස්පරයක් තියෙනවා නේද?..//
මේ ගැන මගේ අදහස තමා බුදුන් වහන්සේගේ තිබුණු උත්තරීතර මිනිස් ගුණාංග නිවැරදිව වටහා ගැන උන්වහන්සේව විශ්වාස කරන එක [මේ විශ්වාසය කියන එකෙන් අදහස් කරන්නේ තමන්ගේ විමුක්තිය බුදුන් වහන්සේ ගාව වගේ දෙයක් නෙමේයි] තමා ආකාරවතී ශ්‍රද්ධාව වෙන්නේ. ඒ ශ්‍රද්ධාව බලවත් වෙලා උපාසකයා ජලය මත ඇවිදිනවා.
ඒ වගේමයි පේදුරුතුමාත් ජේසුස් වහන්සේ සතුවුණු උත්තරීතර මිනිස් ගුණාංග නිවැරදිව වටහා ගෙන ජේසුස් වහන්සේව විශ්වාස කරන එක [මෙතනදී ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වගේම විමුක්තිය එතුමා ගාව තියෙන නිසා එතුමාව විශ්වාස කරන්න ඕනේ කියන එකත් කිතුණු පිළිගැනීම අනුව එකතු කරගන්න පුලුවන්. ඒත් මම කැමතියි හුදෙක්ම ජේසුතුමාගේ තියෙන උතුම් ගුණාංග නිසා එතුමාව විශ්වාස කරනවා කියලා කියන්න] ශ්‍රද්ධාව කියලා ගන්න පුලුවන්. ඒ මත පදනම් වෙලා ජේසුතුමා ගැන අධික ශ්‍රද්ධාවෙන් පේදුරුතුමා ජලය මත ඇවිදිනවා. [ඒකට දේවානුභාවය කියලා කිතුණුවන්ට කියන්න පුලුවන්]
දෙන්නාගේම ශ්‍රද්ධාව හීන වෙලා විචිකිච්ඡාව ඇතිවීමත් එක්ක දෙන්නාම ගිලෙන්න යනවා. පස්සේ ආයි ශ්‍රද්ධාව බලවත් වීමත් එක්ක නිරුපද්‍රිත වෙනවා.
අනෙක් අතට බෞද්ධ පිලිගැනීම ලොව ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බුදුන් වහන්සේ කියන එක. කිතුණු පිලිගැනීම ජේසුතුමා කියන එක.
දෙවියන් වහන්සේ කියන සාධකය අයින් කරලා උතුම්ම පුද්ගලයා බුදුන් හෝ ජේසු කියලා පිළිගන්න කොන්දේසිය මත මේ කතා දෙකම සමානයි කියලා ගන්න පුලුවන් කියලයි මගේ අදහස.
@ මිස්ටර් ඇනෝනිමස්
Deleteමම එක් කරපු අදහස ගැන යමක් ඔබටත් කියන්න පුලුවන් වේවි.
@ දසුන් සමීර වීරසිංහ
Deleteසැබෑ සිද්ධිය වගේම ලියවුණු සිද්ධි අතර ලොකු වෙනසක් තියෙන්න පුලුවන්. ඒක හැබෑව. කොහොම නමුත් කලින් කිව්වාත් වගේම මේ කතාවන්ගේ තියෙන සමානකමත් එක්ක කිතු දහම බුදු දහමෙන් උත්පන්න වූ බවක් කියන එක නෙමේ මේ ලිපියේ අරමුණ. සාහිත්‍යයේ තියෙන සමානකම පෙන්වීම පමණයි.
@ දසුන් සමීර වීරසිංහ,
Deleteමගේ කමෙන්ටුවට මේ පිළිතුර අදාළවෙන්නේ කොහොමද කියන එක මට නම් වැටහෙන්නේ නෑ.. :)
@ Hasitha,
Deleteපැහැදිලි කිරීම නිරවුල්.. හරියටම තේරුනා.. බුදුන් වහන්සේගේ ධර්මය විශ්වාස කිරීම හා ජේසුස් වහන්සේව විශ්වාස කිරීම..
"කිතුණු පිලිගැනීම ජේසුතුමා කියන එක. " නෑ.. නෑ.. එහෙම පිළිගැනීමක් දන්න තරමින් නෑ.. ජේසුස් වහන්සේ කියන්නෙ දෙවියන් වහන්සේ කියලනෙ අපි විශ්වාස කරන්නෙ.. ඉතින් ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද? කියලා දෙයක් නෑ.. අනික ජේසුස් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියන එක වැරදියි.. මතකද ශු.ත්‍රිත්වය..
පිළිතුරු වලට ස්තුතියි! :)
පෞද්ගලිකව ආගම මොකක් උනත් මම නම් පිළිගන්නවා බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් බව..
@ හරී
Deleteආහ් ඔව් ඔව් ඒ කොටස ශුද්ධ වූ ත්‍රිත්වය කියලා සංශෝධනය කරගමුකෝ අයියා :)
@ දසුන් සමීර වීරසිංහ,
Deleteඔබ සඳහන් කරන පැරණිම බයිබලය ගැන වැඩිපුර විස්තර දක්වන්න පුළුවන්ද? දැනට සොයාගෙන තිබෙන පැරණිම බයිබල් වන්නේ Codex Vaticanus සහ Codex Sinaiticus වේ. ඒවායේ පිටකවරයක් ගැන සඳහන් වන්නේ නෑ. මේවා රචනා වී ඇත්තේ ක්‍රි.ව. 4 වන සියවසේදි කොන්ස්තන්තීනු අධිරාජ්‍යයාගේ ඉල්ලීමක් මතයි.
මේ දේ පැහැදිලිව ලියල තියෙනවා හසිත පුතා. නමුත් ධර්මය ඒ හා සමානව ගලපන්න බැහැ. බුදු නුවණින් කල්ප කාලයක දේ දැක්ක. ඒ දේවල් ලොකෙ කිසිම කෙනෙක් දුටු දේට සමාන කරන්න බැහැ. ජාතක කතා පොත අප මහා බොසතාණන් වහන්සේ පෙර ආත්ම වල ජීවිතේ ගෙවපු විදිහයි ලියවිලා තියෙන්නෙ, ඒ නිසා සමාන කරන්නට බැහැ. බොහෝ ලෝක ධර්ම ආගම් දෙකේම තියෙනවා. ඒවා බුදුහාමුදුරුවන් ලොව පහල වීමට පෙරත් ලොව තිබූ බව අපි දන්නවා නේ. බුදුන් වහන්සේම මේ ලෝක ධර්ම තිබුන බව දේශණා කලා. මේ අවිද්‍යා අන්ධකාරයෙන් අප මුදවාගන්නට තමයි බුදු කෙනෙක් ලොව පහල වෙන්නෙ.
ReplyDelete@ Chandi
Delete//...නමුත් ධර්මය ඒ හා සමානව ගලපන්න බැහැ. බුදු නුවණින් කල්ප කාලයක දේ දැක්ක....//
බුදු දහම හෝ කිතු දහම ගලපන්න හෝ එහෙමත් නැත්නම් කිසියම් දහමක් ඉහළ කරන්නත් අනෙක පහළ කරන්නත් නෙමෙයි මේ ලිපිය ලිව්වේ. හුදෙක්ම සාහිත්‍යන්ගේ තියෙන සමානකම පෙන්වන්න පමණමයි. බුදුන් වහන්සේ පිළිබඳව ඔබතුමිය දක්වපු පිළිගැනීම තමා මගේට් පිළිගැනීම බෞද්ධයෙක් විදිහට.
ඒ වගේමයි කිතුණුවන් තුළත් දෙවියන් වහන්සේ සහ ජේසුතුමා ගැන මේ වගේම පිළිගැනීමක්නේ තියෙන්නේ.
ඔව්, ඒක ඇත්ත හසිත පුතා. ඒ ආගමෙත් බොහෝ හොඳ දේ තියෙනවා. අපි කොයි ආගමටත් ගරුකරන්න පුරුදු වෙන්න ඕනෙ. ඒ ආගමේ විශ්වාස වලට ගරහන්න හොඳ නෑ. මගේ පවුලේ මේ හැම පැත්තෙම අය එකට බොහොම සාමයෙන් ඉන්නවා. මම පැත්තක් ගෙන කිව්වේ නෑ. පැහැදිලි කිරීමක් පමණයි. ආගම වාදය පිණිස නොවේ.
Delete@ Chandi
Delete:)
ඕනෑම ආගමක ශ්‍රද්ධාව කියන දේ වැදගත් කරුණක්. ඉතිං එහි වැදගත් දෙකේම විස්තර කර තිබීම වෙන්න පුලුවන්.
ReplyDelete@ ගිමන් නිවන්නා
Deleteශ්‍රද්ධාව වුණත් ආකාරවතී ශ්‍රද්ධාව වෙන්න ඕනේ. නිවැරදිව කරුණු වටහා ගෙන කරන විශ්වාසය. අනික් අතට කරුණු ඒ ආකාරයෙන්ම පිලිගැනීම අමුලීක ශ්‍රද්ධාව. ඒක අතිශය හානිකරයි.
හොද විස්තරයක් හසිත..
ReplyDeleteහැම ආගමකම කියන්නේ ධර්මය, ආගම අනුව ජීවත් වෙන්න කියල. එහෙම හැම එකාම කරනව නම් ආගම් භේද නැහැ නේ.
@ sAm (සෑම්)
Deleteඅනිවා. මිනිස්සු තමන්ගේ ආගම වෙනුවෙන් කතා කරනවා, වාද කරනවා, මුදල් වියදම් කරනවා, ඔක්කොම හරියන්නේ නැත්නම් සටන් කරනවා. ඒත් නොකරන්නේ ඒ අනුව ජීවත් වීම විතරයි :(
හැම ආගමකම කියන්නේ ධර්මය, ආගම අනුව ජීවත් වෙන්න කියල. එහෙම හැම එකාම කරනව නම් ආගම් භේද නැහැ නේ.
Deleteමේවා ඉතින් සිහින තමා,
සමහර ආගම් වල තියන විදිහටම ජිවත් වුනොත් අනිත් ආගම් වල අය ලෝකේ ඉතුරු වෙන්නේ නෑ.
හැම ආගමම එක නෑ.
මනෝ පුබ්බංගමා ධම්මා-මනෝ සෙට්ඨා මනෝමයා කියල බුදු හාමුදුරුවො දේශනා කළේ වර්තමානයෙ චිත්ත ධර්ම විද්‍යාඥයන් හිතෙන් හැම දෙයක්ම පාලනය කරන්න පුලුවන් කියා කියන්න කලිනුයි.ශ්‍රද්ධාව කියන්නෙ හිතේ ඇති වෙන තදබල විශ්වාසය.ඒ බව නේද ඔය කතා දෙකෙන්ම පැහැදිලි වෙන්නෙ.
ReplyDeleteබයිබලය ලියවුණු කාල වකවානුව ගැන මං මුකුත්ම දන්නෑ.ඒත් ජාතක පොත කුරුණෑගල යුගයෙ ඒ කියන්නෙ 1400 පමණ කාලයෙ නේද ලියවුණේ.(වැරදි නම් හසිත අය්යා නිවැරදි කරන්න) ජාතක පොතේ තියෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ පෙර ආත්ම භවයන්හි කතා බවත්,බුදු හාමුදුරුවො ජේසුස් වහන්සේට පෙර පහළ වූ බවත් කියලා අපිට ජාතක පොතට මුල් තැන දීලා තර්කයක් ගොඩනගන්න පුළුවන්.නමුත් ඊට වඩා වටිනවා ඔයා මේ අහලා තියෙන ප්‍රශ්නය,"ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?" බුදු හාමුදුරුවො දේශනා කලේ ඒහිපස්සිකෝ කියලා මිසක සියල්ලේදී ආගමට මුල් තැන දීල කටයුතු කරන්න කියල නොවෙයිනේ.බෞද්ධ දර්ශනය තරම් ප්‍රබල ඉගැන්වීමක් මෙතෙක් බිහි වී නැති බව ඇත්තක් වුණත් එය ආගමක් බවට හරවගන්න අපිට අයිතියක් නැහැ.අන්න ඒ නිසා මේ ගොඩනගපු කතාබහට මං නං බොහොම කැමතියි.
@ වර්ෂා...
Delete//...ශ්‍රද්ධාව කියන්නෙ හිතේ ඇති වෙන තදබල විශ්වාසය....//
හැබැයි කරුණු නිවැරදිව වටහා ගැනීමෙන් ඇතිවෙන ආකාරවතී ශ්‍රද්ධාව තමා නියම ශ්‍රද්ධාව වෙන්නේ.
//..බයිබලය ලියවුණු කාල වකවානුව ගැන මං මුකුත්ම දන්නෑ....//
බයිබලය ජේසුතුමාගේ උත්ථානයත් එක්ක කාලාන්තරයක් තිස්සේ ලියවුණු කෘතියක්. කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ කාලෙදී ඒක අවසන් වරට සංස්කරණය වුණා මම දන්න විදිහට. ඒ කියන්නේ ක්‍රි.ව 300 ගණන්වලදී.
//..ඒත් ජාතක පොත කුරුණෑගල යුගයෙ ඒ කියන්නෙ 1400 පමණ කාලයෙ නේද ලියවුණේ...//
සිංහල ජාතක කතා පොත් වහන්සේ කුරුණෑගල සමයේදී ලියවුණාට බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පස්සේ වුණු පළමු ධර්ම සංගායනාවේදී ඛුද්දක නිකාය කියන කොටසට ජාතක කතා පාළිය එකතු කරලා තිබෙනවා. ඒ නිසා බුද්ධ කාලයේ පටන් ජාතක කතා පැවතුණා. කුරුනෑගල සමයේදී ඒ පාලි ජාතක කතා සිංහල පොතක් වශයෙන් ලියවුණා පමණයි.
//...."ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?"..//
මේ මාතෘකාව හුදෙක් පාඨක අවදානය පිණිස විතරමයි. ඒ හැරෙන්න මුල් කෘතිය එහෙමත් නැත්නම් මූලය කුමක්ද කියලා හොයන එක මේ ලිපියේ අරමුණ නෙමෙයි. ඒ බව ලිපිය කියවද්දී වැටහෙන්න ඇති කියලා හිතනවා නඟා....
//...බෞද්ධ දර්ශනය තරම් ප්‍රබල ඉගැන්වීමක් මෙතෙක් බිහි වී නැති බව ඇත්තක් වුණත් එය ආගමක් බවට හරවගන්න අපිට අයිතියක් නැහැ....//
ඒත් කණගාටුව දැන් බුද්ධාගමක් කියන එක තදින්ම තියෙන එකයි :(
බුද්ධාගම කියන්නේ ආගමක් තමා,
Deleteඒත් අනික් ආගම් වල වගේ අන්ධ භක්තියකින් අදහන එකක් නෙවේ,
බුද්ධිමත් අය නුවනින් විමසලා තේරුම ගන්න එකක්,
අනික ආගම කියන වචනය අතීතයේ වත්මනේ නිකාය ලෙස එන ඒවටත් කියල තියනවා,
උදා:ඛුද්දක නිකාය = ඛුද්දක ආගම.
ඒත් ආගම කියන දෙය අර්ථ දක්වන ආකාරය අනුව (බහුලව) බුදු දහම ආගමක් නෙවේ.
@ Anonymous January 6, 2013 8:18 PM
Delete//...බුද්ධාගම කියන්නේ ආගමක් තමා,ඒත් අනික් ආගම් වල වගේ අන්ධ භක්තියකින් අදහන එකක් නෙවේ...//
බුද්ධාගම කියන්නේ අන්ධ භක්තියක් නැතුව වුණත් ඇදහීමක් නොවේ. ඇදහිමක් තියෙනවා නම් එතැන ආගමක් තියෙනවා කියලා කියන්න පුලුවන්. බුදු දහමේ තියෙන්නේ ඉගැන්වීමක්, කරුණු වටහා ගැනීමක්.
//...උදා:ඛුද්දක නිකාය = ඛුද්දක ආගම....//
මේ විදිහේ කරුණක් ඉදිරිපත් කරන්න පදනම් කරගන්නේ මොකක්ද කියලා දැනගන්න කැමතියි
@ හසිත සහ වර්ෂා...
Deleteබයිබලය කියන්නේ තනි පොතක් නෙමේ, එය පොත් සහ ලිපි කිහිපයක එකතුවක්. මෙම එක් එක් පොත් සහ ලිපි ලියන ලද රචකයන් දැනගෙන හිටියේ නෑ ඒගොල්ලෝ ලියන මේ දේවල් තනි පොතකට ඇතුලත් කරයි කියලා. ඒනිසා ඔවුන් ලියන ලද්දේ ඔවුන් ඉලක්ක කරන පාඨක පිරිසට වගේම එම කාල වකවානුවේ පැවති සමාජ තත්ව පදනම් කරගෙනයි.
බයිබලයේ මුලින්ම ලියවී ඇතැයි සැළකෙන්නේ 'ජෝබ්' පොතයි. එය ලියවී ඇත්තේ ක්‍රි.පූ. 2000-1500 අතරයි.
@ Gihan
Deleteස්තුතියි සහෝදරතුමා පැහැදිලි කිරීමට. එතකොට මේ සියල්ල එකට එකතු කිරීම මුල්වරට සිද්ධ වෙන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජයාගේ කාලයේදීද ?
ශු. බයිබලයේ පුරාණ් ගිවිසුමේ පොත් ජේසුස් වහන්සේටත් කළින් භාවිතයේ තිබුනා. නව ගිවිසුමේ පොත් එකතු වන්නේ මෙම කාලයේ දී තමා, ඒ කියන්නේ 325 පැවති නිසියානු මන්ත්‍රණ සභාවෙන්. (මන්ත්‍රණ සභාවක් කියන්නේ යම් යම් ගැටළු සහගත තැන් නිරාකරණය කර ගන්න පවත්වන කතිකාවක්. මෑතම පැවැත්වුනේ 2වන වතිකානු මන්ත්‍රණ් සභාවයි.)
Deleteඒවා අද තිබෙන පිළිවෙලට සකස් වන්නේ 16 වන සියවසේ පමණයි.
@ Gihan
Deleteස්තුතියි සහෝදරතුමා. මන්ත්‍රණ සභාවක් පවත්වන්නේ යම් යම් ගැටලු සහගත තැන් නිරාකරණය කරගන්න කියලා කියපු නිසයි මේ ප්‍රශ්නය ඇතිවුණේ. මෑතක පැවැත්වුණු 2 වතිකානු මන්ත්‍රණ සභාව පවත්වන්න හේතුවුණු ගැටලුව/ගැටලු මොනවාද ?
@ හසිත,
Delete2 වන වතිකානු මන්ත්‍රණ සභාව පවත්වනු ලැබුවේ, එම කාලයේ ඇතිවුන දේශපාලන, සමාජීය, ආර්ථීක සහ තාක්ශනීක වෙනස්කම් සමඟ සභාව කොහොමද ඉදිරියට යන්නේ කියලා. එය 1962 ඔක්තෝබර් 11 ආරම්භ කර 1965 දෙසැම්බර් 8 දින අවසන් කළා. මෙහිදී එක් එක් පැතිකඩ පිළිබඳව සාකච්ඡා කර ලේඛණ ලෙස ඉදිරිපත් කළා.
විකිපීඩියාවේ මේ පිළිබඳව හොඳ ලිපියක් තියෙනවා.
http://en.wikipedia.org/wiki/Second_Vatican_Council
@ Gihan
Deleteස්තුතියි සහෝදරතුමා. මම මේක කියවලා බලන්නම් :)
තම තමන් ජීවත් වෙච්ච කාලයේ සහ දේශයේ තිබුණු සමාජ පසුබිම අනුව මිනිසුන්ව යහමඟට ගන්න අදාළ දේවල් බුදුහාමුදුරුවෝ,ජේසුතුමා,නබි නායක තුමා වැනි අය දේශනා කළා කියලයි මම හිතන්නේ. ඔවුන් හැමෝම සොබාදහමේ ස්භාවය නිවැරදිව තේරුම් අරගෙන ඒක මිනිස්සුන්ට දේශනා කළා. බුදුහාමුදුරුවෝ මිනිසුන්ව යහමඟට ගන්න අදාළ දේ පමණක් නෙවෙයි මේ සියළු දේට හේතුව සහ ඒ හේතුව නැති කිරීමේ මඟ මොකක් ද කියන එකත් දේශනා කළා.ඒ තම තමන් ඒ ලෝක සත්‍යයන් අවබෝධ කර ගත්ත ප්‍රමාණය අනුව.
ReplyDeleteමට හිතෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙන විදියට සෝවාන්,රහත් වැනි තත්ව වලට පත්වෙන අයගේ අවබෝධ මට්ටම වෙනස් වගේ සමහර විට ජේසුස් වහන්සේ කියන්නේ එවැනි මට්ටමකට සිත දියුණු කරගත්ත සෘද්ධි ප්‍රාතිහාර්‍යය පාන්න හැකි කෙනෙක් වෙන්න බැරි ද? ඒනිසා ඔය කතා කවුරුන් කාගෙන්වත් කොපි නොකරපු එකිනෙකට ස්වායක්තව ලෝකයේ ප්‍රදේශ කිහිපයක විවිධ කාල වලදී ඇති වෙච්ච සිද්ධි වෙන්නත් පුලුවන් කමක් තියෙනව කියලයි මම නම් හිතන්නේ.
@ Pathum Herath
Deleteමේ වගේ නිවහල් අදහස් තමයි මේ ලිපියෙන් බලාපොරොත්තු වුණේ. ඒ වගේමයි මේ සාහිත්‍යයන්ගේ තියෙන සමාන කතා කියාදීමයි මගේ අරමුණ වුණේ. ඒක තේරුම් ගත්තු කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි අයියා..
වැදගත් පැහැදිලි කිරීමක්....
ReplyDelete@ ඉන්ද්‍රජිත්
Deleteස්තුතියි මලයා...
බයිබලයත් ජාතක කතා පොතත් සාහිත්‍යමය වශයෙන් ඉතාම වැදගත් පොත් දෙකක් ලෙසයි මානම් දකින්නේ . හුඟක් හොඳ ලිපියක් හසිත . ආගම් ,දර්ශන , සංස්කෘතීන් , භාෂාවල් එකට මිශ්‍ර වුන ලෝකයක් නේ මෙය . ඒවා ගාන සොයා බැලීමත් රසවත්
ReplyDelete@ Bindi
Deleteඅනිවාර්යයෙන්ම අක්කේ. ආගමික ග්‍රන්ථවල කරුණු අල්ලාගෙන වාද කරනවාට වඩා ඒවායේ තියෙන සාහිත්‍යමය පැත්ත වගේම කතාන්දර රස විඳීම නිවහල් මනසකින් කරන්න ඕනේ. කොච්චර නම් රසවත්ද ඒක....
ඉතා වැදගත් ලිපියක් හසිත..... මොන ආගමද වඩා වැදගත් කියලා හොයනවට වඩා හැම ආගමකින්ම ගත හැකි හොද අපේ ජිවිතයට එක් කර ගත හැකි නම් වටිනවා කියලයි මට හිතෙන්නේ....
ReplyDelete@ සමනළී
Deleteඇත්ත... සමාජයේදී අපි හැම මනුස්සාගෙන්ම ගන්න පුලුවන් හොඳ දේ ගන්නවා වගේ ආගමික ශාස්තෲවරුන්ගෙන් වුණත් අපේ ජීවිතයට ගන්න පුලුවන් හොඳ දේ ගන්න ඕනේ. ඒ වගේමයි බින්දි අක්කාත් කිව්වා වගේ ඒ ඒ ආගමික ග්‍රන්ථ කරුණු පැත්තෙන් හිතන්නේ නැතුව සාහිත්‍යමය පැත්තෙන් කියවන එකත් හරිම රසවත්
ආගම දෙකේ දන්න ඉතිහාසය අරන් බැළුවාම ජේසු ඉපදෙන්න වසර 500කට පමණ පෙර නේද බුදුන් මෙලොව වැඩ වසන්නේ. කොහොම උනත් ඉතිහාසේ පොදු සාධක ඕනෑ තරම් තියෙනවා.නැද්ද?
ReplyDeleteකැළණිය විශ්ව විද්‍යාල පුස්තකාලේ තිබිලා මං කියවලා තියෙනවා පොතක් මට මතක හැටියට ඒක ලිව්වේ අභය හේවාවසම් මහත්තයා. බොහොම කුඩා පොතක්. ඒකේ තියෙනවා බයිබලයේ කතාවයි අද පලස්තිනය හා යුදෙව්වන්ගේ කතාවයි අතර යම් කතිකාවතක් ගොඩනංවලා. එහෙම බලද්දි එදා ඉදන් අද වෙන තෙක් යුදෙව්වන්ට වෙච්ච දේ දිවැසින් දැකලා වගේ ලියලා තියෙනවා අපුරුවට.ඔබ ආගම් ගැන කියවපු පොත් ගොඩේ ඒ පොත තිබුණාද?
තවත් පොතක් තියෙනවා බුදු දහම ගැන ලියපු පොතක්. ඒකත් පුංචි පරණ පොතක්. ගැහැණු කෙනෙක් ලියලා තිබ්බේ.. දයාසීලි වගේ නමක් තමයි මට මතක. හරියටම මතක නෑ.එයාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලියපු එකක්. ඒකේ තියෙනවා බුදු දහම කොයි තරම් දුරට ඉන්දියාවේ අනෙකුත් ආගම්වලින් පන්නරය ලැබුවාද කියන එක. ඒක ටිකක් විවේචනාත්මක දෘෂ්ටියකින් රචනා කරලා තියෙන්නේ. නමුත් ඒ කරුණු නැවත විමසා බලන්න තරම් සුදුසුයි. ඒ පොත ඔබට හමු උනාද?
මේ පොත් දෙක ගැන කිව්වේ මට ඒ දෙකේ නම් සහ කතුවරුන් (පොතේ අංකේ වත්) ඔබෙන් අහගන්න ඕනා නිසායි. මතක නෑ මං ගත්තේ විමර්ෂන අංශයෙන්ද නැත්නම් බැහැර දෙන අංශයෙන්ද කියලා. මට කියන්නම නෙමේ ඔබ කියවලා නැත්නම් ඒ පොත් දෙකත් කියවන්න. සමහර විට ඔබට තවත් අළුත් ලිපියකට කමටහන් ඉන් සොයා ගත හැකියි. මේ විස්තර ටික කියලා අපේ පුස්තකාලේ වැඩකරන අර පොත් අස් කරන අංක්ලගෙන් ඇහුවොත් අනිවා කියවි කියලාත් මට විශ්වාසයි.
සුබ දවසක්!
@ PM
Delete//...ආගම දෙකේ දන්න ඉතිහාසය අරන් බැළුවාම ජේසු ඉපදෙන්න වසර 500කට පමණ පෙර නේද බුදුන් මෙලොව වැඩ වසන්නේ....//
ඔව් ඔව්.
මේ ආගමික සාහිත්‍යයේ තියෙන සමානකම වගේම කතා රසය බෙදා දෙන්න වගේම නිවහල් මනසකින් මේ දිහා බලන්න හුරු කිරීමක් කරන්න තමා මේ ලිපියෙන් අරමුණු කළේ...
ඒ වගේමයි ස්තුතියි තවත් වටිනා පොත් දෙකක් ගැන කිව්වාට. ඒ පොත් දෙක නම් මට කියවන්න වුණේ නැහැ. ඒත් අනිවාර්යෙන්ම කියවලා බලන්න ඕනේ කියලා හිතා ගත්තා. තව සති දෙකකින් විභාගේ පටන් ගන්නවා. ඊට පස්සේ මේවා කියවලා බලන්න ඕනේ...
"ඒකේ තියෙනවා බුදු දහම කොයි තරම් දුරට ඉන්දියාවේ අනෙකුත් ආගම්වලින් පන්නරය ලැබුවාද කියන එක"
Deleteමේක මෙහෙම නොවුනනම් තමා පුදුම. මොකද සිදුහත් හය අවුරුද්දක් එක එක ගුරුන්ගෙ දහම් අනුව යමින් විමුක්තිය හොයන්න උත්සාහ කරා වගේම ගිහි ගෙයින් නික්මෙන්න පෙර ලබාපු බමුණු අධ්‍යාපනයත් අමතක කරල අමුතු දහමක් හොයා ගත්ත නෙමෙයිනෙ. මේ සියල්ලෙම තර්කාණුකූල සංකලනයක් තුලින් වඩා නිවැරදි මගක් හොයා ගත්තු එකනෙ කරේ. එතකොට බුදු දහමෙ අනික් සමකාලීන ආගම් වල හෙවනැලි පෙනෙන එක අනිවාර්‍ය ලක්ෂනයක්.
@ ඉන්දික උපශාන්ත
Deleteඅයියාගේ කතාවෙන් මට මතක් වුණේ කවුරු හරි කරපු ප්‍රකාශයක්. ඔහු කියන විදිහට බුදු දහම කියන්නේත් පරණ වයින්ම නිවැරදි ආකාරයට නව හැඩයේ අලුත් බෝතලයකට දැමීමක් කියලා.
බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ තිබුණු විශ්වාස පාදක කරගෙන නව චින්තනයක් ඇතිකළා...
බුදු රජාණන් වහන්සේ සොයා ගත්තේ සත්‍ය. එතකොට මේ ආගම් තුලත් යම් මට්ටමකට සත්‍ය තිබිය හැකියි. බුද්ධ ධර්මය මිදී යායක් නම්, මේ ආගම වල තියෙන කොටස් හරියට ෆ්‍රුට් සැලඩ් එකක් තියෙන මිදී කෑල්ලක් වගේ. සමහර කප් එකක කෑල්ලක් දෙකක් තියෙනවා. සමහර ඒවාගේ කොහෙත්ම නෑ. අපේ අන්‍යාගමික මිත්‍රයන් මගේ මේ ප්‍රකාශයත් එක්ක තරහ නොවෙයි කියල මම විශ්වාස කරනවා. අපේ ආගම-ධර්මය හැටියට අපිට පේන විදිය තමයි ඔය.
ReplyDelete@ සු දී ක
Deleteඅයියාගේ උදාහරණය විශිෂ්ඨයි. මේක බෞද්ධයන් විදිහට අපේ පිළිගැනීම. ඒකේ අනිත් පැත්ත හින්දූන් මේ උදාහරණය ගත්තොත් එයාලා කියන්නේ මේ උදාහරණයේම අනිත් පැත්ත. තම තම නැණ පමණින් ආගම්, දර්ශන පිළිබඳ ගැටලු විසඳා ගන්න ඕනේ..
ස්තුතියි අයියාගේ කරුණු එකතු කිරීමටත් :)
වටින ලිපියක්.....
ReplyDeleteමේ වගේ සමානකම් බොහොමයක් ගැන මාත් අහල තියෙනවා.
@ කේ.යූ.ජී. උදාර
Deleteකතා රසය තියෙන සාහිත්‍යමය සමානකම් පාඨකයන්ගේ කතා රසය උදෙසා ඉදිරිපත් කරන්න තමා මගේ කල්පනාව වුණේ. මොකද මේ බ්ලොග් එකේ නමත් ආගිය කතානේ :D
ඇත්තෙන්ම එහෙම සමානකම් තියෙනවා කියන එකත් අමුතු අතදැකීමක්...
ReplyDeleteසමහර විට තව බොහෝ තැන් ඇති. මේ හැමදෙයකින්ම පෙන්නන්නේ ශ්‍රද්ධාව නිසා අසාමාන්‍යදේ කරන්න පුලුවනි කියන එකයි.
සහ නියමාකාර ශ්‍රද්ධාව [ආකාරවතී ශ්‍රද්ධාව] නිසා රහත් බව පවා ලබන්න හැකි බවයි.
අදකාලෙට ගැලපුවොත්..අමූලිකා ශ්‍රද්දාව තම්යි හැමතැනම තියෙන්නෙ. මල් වට්ටියක් ගෙන..පන්සල් ගියාට දන ගහල සංඝරත්නයට නමස්කාර කලාට...ආකාරවතී ශ්‍රද්දාව තියෙනවාද කියන එකයි ප්‍රශ්නෙ.
@ වීපොකුරෙ වීයා
Delete//...ශ්‍රද්ධාව නිසා අසාමාන්‍යදේ කරන්න පුලුවනි කියන එකයි....//
හැබැයි ඉතින් මේක ඒ පැත්තට යොමු කරන්නේ නැතුව විමුක්තිය සාක්ෂාත් කරගන්න යොදාගන්න එක තමා වියයුත්තේ..
දැන් කාලේ කරපු හුඟක් ජාති සංදර්ශන ගණයේ ඒවා නොවැ :(
මට නම් බුද්ධාගමේ කියන ශ්‍රද්ධාව තේරෙන්නෑ හසිත. කාලාම සූත්‍රයේදී හැම දේම විමසලා බලලා බුද්ධියට ගෝචර නම් විතරක් පිළිගන්න කියනවා නේද ? එතකොට මොකක්ද මේ ශ්‍රද්ධාව කියන්නෙ ? ධර්මය විශ්වාස කිරීමද ? ඇයි ශ්‍රද්ධාවක් අවශ්‍යය වෙන්නෙ ? ධර්ම අවබෝධය විතරක් තිබුනම මදිද ?
ReplyDelete@ සෙන්නා
Deleteමගේ අවබෝධය අනුව මෙහෙම කියන්නම්. බුද්ධියට ගෝචර වීම සහ විමසා බැලීම අනුව පිළිගැනීම කරන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එකෙන් කියවෙන්නේ අන්ධ භක්තිය නොමැතිව කරුණු නිවැරදිව වටහා ගැනීම මත හිතේ ඇතිවෙන පැහැදීම, ගෞරවය...
උදාහරණයක් විදිහට කිව්වොත් ගුරුවරයෙක් උගන්වන දෙය අපිට වැටහෙනවා නිවැරදි දේ කියලා. අපි ඒක විමසුම් නුවණින් පිළිගන්නවා. ඒත් අපේ හිතේ ඒ ගුරුවරයා ගැනවත් උගන්වන දේ ගැනවත් ගෞරවයක් පැහැදීමක් නැත්නම්.... [මේ උදාහරණය හොඳ මන්දා. ඒත් මට මතක් වුණු එක තමා මේ]
බුද්ධාගමේ කියන ශ්‍රද්ධාව ගැන විස්තර වෙන්නේ මෙහෙමයි
Delete"සද්දාහති තථාගතස්ස බෝධි. " ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය (අවබෝදය) ගැන තියෙන විශ්වාසය. (හසිත මල්ලිගේ උදාහරණය තරමක් දුරට හරි.) මේ විදිහට තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය (අවබෝදය) ගැන තියෙන විශ්වාස තමයි ශ්‍රද්ධාව කියල හදුන්වන්නේ. මේ ශ්‍රද්ධාවත් තම තමන්ගේ නැණ පමණින් වෙනස් වෙනවා. හසිත මල්ලි පුන පුනා කියපු ලෙස ආකාරවතී ශ්‍රද්ධාව තමයි වැදගත් වන්නේ. නමුත් මේ ශ්‍රද්ධාව උපරිමයෙන් ඇතිවන්නේ කාටද? එයට අපි කියනවා අචල ශ්‍රද්ධාව කියලා. මෙය ඇතිවෙන්නේ සොවහන් පලයට පත් උන් උත්තමයට පමණයි. ඒ උතුමන් තමියි මුලින්ම නිසි ධර්ම අවබෝධය ලබන්නේ.
චුල්ල හත්ති පදෝපම සුත්‍රය කියවල බලන්න. එහි පැහැදිලිවම දක්වල තියෙනවා ඇතෙක් අල්ලන කැලේට යන පුද්ගලයා දකින දකින සටහන් වලින් ඒ ඇතා ගැන යම් යම් හැගීම් ඇතිකරගන්නා ආකාරයත් අවසානයේදී ඇතා දැකීමෙන් පසු පමණක්ම නියමාකාරයෙන් ඇතා ගැන අවබෝධ කරගන්න බව. මෙහිදී ඇතා ලෙස තථාගතයන් වහන්සේත්, කැලේට යන මිනිහා මේ ධර්ම මාර්ගයේ ගමන් කන්නා ලෙසත් අවසානයේ ඇතා දැකීම අරහත් භාවය අත්කරගැනීමත් ලෙස දක්වනවා.
ඒ කාලේ හැටියට සරළව මිනිස්සුන්ට පැහැදිලි කරන්න සමාජයේ තියන දේවලින්ම උදාහරන අරගෙන පැහැදිලි කිරීම නිසා මේ වගේ සමානකම් ඇති වෙන්න හේතු වෙන්න ඇත්ද?
ReplyDelete@ ItalyDilan
Deleteමේක නම් එච්චරම පැහැදිලි නැහැ අයියා. සමාජයේ තියෙන දේවල්වලින්ම කියන්නේ මේ වගේ දේවල් ඒ කාලේ සමාජයේ සාමාන්‍යයෙන් වුණා කියන එකද ? ඒක නම් පොඩ්ඩක් ගැටලු සහිතයි
උම්මග්ගේ ළමයව යකින්නයි අම්මයි දෙපැත්තට ඇදපු කතාවයි බ්‍රෙෂ්ට්ගේ හුණු වටයේ කතාවයිත් ඒ වගේ නේද?අනේ මන්දා මචං.උං කියනවා කතාව උංගේ කියලා.මුං කියනවා මුංගේ කියලා.
ReplyDelete@ දිනුක
Deleteඋම්මග්ග ජාතකයේ එහෙම එකක් තියෙනවාද කියලා නම් මතක් වෙන්නේ නැහැ අයියා. ඒත් බුදු හාමුදුරුවෝ නම් මේ වගේ ගැටලුවක් විසඳුවා කියලා මතකයි.
රට වෙනස් වුණත් මිනිස්සුන්ගේ හිත් ක්‍රියාකරන විදිහ එක නිසා මේ වගේ සමාන දේවල් වුණා වෙන්නත් පුලුවන්
@හසිත
Deleteඋම්මග්ග ජාතකයේ එහෙම සිද්ධියක් තියනවා මල්ලි. මහෞෂධ පණ්ඩිතයෝ ප්‍රශ්න ටිකක් විසඳනවා නේ. පුත්‍ර ප්‍රශ්නය කියල තියන කොටසේ තමයි ඔය සිද්ධිය තියන්නේ. කාන්තාවක් නාන අතරේ ගොඩ හිටපු දරුවා අරන් යනවා මිනිස් වෙස් ගත් යකින්නක් විසින්. ඒ කාන්තාව යකින්න පස්සේ ගිහින් දරුවා ඉල්ලලා පස්සේ දෙන්නම දරුවත් අරන් යනවා මහෞෂධ පඬි තුමා ලඟට. එතැනදී දරුවාගේ අත් දෙකෙනුයි පා දෙකෙනුයි අදින්න කියල දෙන්නට නියම කලාම සැබෑ මව දරුවා අත හරිනවා දරුවට රිදෙයි කියල.
@ Chandana
Deleteස්තුතියි අයියා විස්තරේ කිව්වාට :)
බුද්ධාගමේ උනත් තියන දේවල් වැරදියට අල්ලගත්තොත් යන්නේ මිත්‍යාව දිගේ තමයි
ReplyDelete@ අවතාර්
Deleteවැරදියට යමක් ග්‍රහණය කරගන්න එක විෂගෝර සර්පයෙක්ව වලිගයෙන් අල්ලා ගන්නවා හා සමාන ක්‍රියාවක්
හරී සහ හසිත තකට තක හයනු දෙකක්... ඔබ දෙපලගෙන් තමයි මෙවැනි ඝණයේ පෝස්ටුවක් කියවන්න ලැබෙන්නෙ.... බොහොම පිං ආයුබොවන්....
ReplyDelete@ සිරාගෙ කාමරේ
Deleteසුසංයෝගය කදිමයි නොවැ... ස්තුතියි අගය කළාට අයියණ්ඩි :)
නියමයි හසිත. මටත් ගොඩක් දේවල් හිතට එනවා ලියන්න. විශේෂයෙන්ම මේ කමෙන්ට් කියෙව්වහම දැනුම වගේම හිතන්න දේවල් තව වැඩි වෙනවා.
ReplyDeleteමේ වගේ සමානකම් ගැන තව උදාහරණ තියෙනවා.
බුදුදහම ඉන්දියාවේ අනික් දහම්වලින් දේවල් ගත්තා කියන එක (කමෙන්ට් එකක තියෙන්නේ) මම කෙලින්ම පිළිගන්න කැමති නැහැ. එහෙම කියන අය එක දෙයක් අමතක කරනවා. බුදුදහමේ කියවෙන නිවන කියන දේ අනික් ආගම්වල නැහැ. සමහරවිට ඒ වචනේ ඇති. සංකල්පය නැහැ.
@ Chamara Sumanapala
Delete//..බුදුදහම ඉන්දියාවේ අනික් දහම්වලින් දේවල් ගත්තා කියන එක (කමෙන්ට් එකක තියෙන්නේ) මම කෙලින්ම පිළිගන්න කැමති නැහැ....//
බුදු හාමුදුරුවෝ එවකට ඉන්දියාවේ තිබුණු ආගම්වලින් ලබාගත්තු කරුණු පදනම් කරගෙන නව චින්තනයක් බිහිකළා. ඒවාට අර්ථයක් ලබාදෙන්න කටයුතු කළා කිව්වොත් නිවැරදියි කියලයි මගේ හැඟීම. උදාහරණයක් විදිහට සිඟාල තරුණයා කරපු සදිසා නමස්කාරයට බුදු හාමුදුරුවෝ දුන්නු අර්ථාන්විත විග්‍රහය දක්වන්න පුලුවන්..
//..එහෙම කියන අය එක දෙයක් අමතක කරනවා. බුදුදහමේ කියවෙන නිවන කියන දේ අනික් ආගම්වල නැහැ....//
බුදු දහමේ පදනම වෙන්නේත් ඒක නොවැ
බුදුහාමුදුරුවෝ ලෞකික අර්ථයෙන් මිනිස්සු කරපු සමහර හොඳ දේවල්වල ඊට වැඩිය ගැඹුරු ලෝකෝත්තර අර්ථයක් පෙන්නා දුන්නා කිව්වොත්....
Delete@ Chamara Sumanapala
Deleteලෝකෝත්තරම කියලා වෙන් කරන්න අමාරුයි නේද අයියා? මොකද බුදු හාමුදුරුවෝ නිවැරදි ලෞකික අර්ථයක් පෙන්වා දෙන්නත් කටයුතු කරපු අවස්ථා තියෙනවා. කලින් උදාහරණෙම ඒකම ගමුකෝ. සිඟාලගේ සදිසා නමස්කාරය
සියල්ලනී,
ReplyDeleteඅප හිතවත් විචාරක මහතා ඩෙංගු රෝගයෙන් ඔත්පලව රෝහල් ගත කොට ඇති බවත්, එබැවින් ඔහුගේ නවතම ලිපියෙහි ප්‍රතිචාර වලට පිළිතුරු දීම අතපසු වන බවත් ඔහු විසින් සියළු බ්ලොග් සහෘදයින් වෙත දන්වා සිටී.
අපි ඔහුට ඉක්මන් සුවය පතමු !
විචාරක මහතාට ඉක්මන් සුවය ලැබේවා..!
Deleteවිචාරක මහතාට ඉක්මන් නිදුක් නීරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි
Deleteආගමික පොත පත ආගමටම විතරක් සීමා නොවී සංස්කෘතිය හා බද්ධ වුනු තැන් තමා ජාතක පොත හා බයිබලය කියන්නේ..ඒවායින් ආගම් වල තියන වටිනාකම් මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්...
ReplyDeleteඉතින් මේ වගේ පොත් නිතරම ජනතාව අතර ගැවසෙන නිසා වෙනස් කම් වෙන්න එකතු කිරීම් වලට ලක් වෙනවා වැඩියි..ඒ නිසා මේ ආගමික පොත් වල බොහෝ සමානතා තියනවා...උදාහරණයකට සේන් බුදු දහමේ කතාත් ජාතක කතා පොතේ ඒවාට සාමානකම් පෙන්නනවා..
ඉතින් මේවායික් වැදගත්ම දේ අපේ ජීවිත වලට එකතු කර ගන්න පුළුවන් නම් ඒක තමා වැදගත්කම..
ප/ලි: විචාරක මහතාට ඉක්මන් සුවය පතනවා...
@ රූ....
Deleteඑකඟයි අක්කේ.
කොහොමත් සෙන් බුදු දහමට පදනම සපයන්නේ බුදු දහම නිසා කතාන්දරවල සමානකමක් තියෙන්න එපැයි. අනික් අතට සිංහල ජාතක කතා පොත් වහන්සේ තුළ අන්තර්ගත නොවෙන ජාතක කතා අග්නිදිග ආසියාතික රටවල තියෙනවාලු. ඒ කතාත් හඳුන්වන්නේ ජාතක කතා කියන නමින්මයි.
සිත දියුණු කරපු අයට හුඟක් දේවල් කරන්න පුළුවන් කියනවා නේ. කාලෙන් කාලෙට ලෝකයේ අභිවෘද්ධිය උදෙසා පහල වන ශ්‍රේෂ්ඨ උතුමන්ට සහ විශේෂිත පුද්ගලයින්ට එවැනි අසහාය හැකියාවන් පිහිටනවා ඇති කියලයි මට හිතෙන්නේ.
ReplyDelete@ Chandana
Deleteහැබැයි අයියේ මේ කතාවලින් කියන්නේ සිත දියුණු කරපු උතුමන් විසින් සිදු කරපු වැඩ ගැන නම් නෙමෙයි. ඒ උතුමන් ගැන නිවැරදි ආකාරයට ශ්‍රද්ධාවක් ඇති කරගත්තු ශ්‍රාවකයන් විසින් කරපු කාර්යයන් පිළිබඳව.
මං හිතනවා ඔබ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන එක කොහේ හරි අර්ථ දැක්වුවොත් හොඳයි,
ReplyDeleteඅනිත් එක සියලු දහම් එක බව කියන එක ගැනත් ඔබේ අදහස ලියන්න,
කමක් නෑ මොකක් ලීවත් නිසි දේ හොයල ලියන්න මේ වගේ,
බයවෙන්න දෙයක් නෑ බුදු දහම ඉස්මතු වෙනකොටයි බබළන්නේ,
ජයවේවා!
@ Anonymous January 6, 2013 8:27 PM
Deleteමීට කලින් ප්‍රතිචාරයකත් මගේ වැටහීමේ හැටියට ශ්‍රද්ධාව කියන එක මම අරුත් ගන්වලා තියෙන්නේ. මෙන්න ඒක..
//...බුද්ධියට ගෝචර වීම සහ විමසා බැලීම අනුව පිළිගැනීම කරන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එකෙන් කියවෙන්නේ අන්ධ භක්තිය නොමැතිව කරුණු නිවැරදිව වටහා ගැනීම මත හිතේ ඇතිවෙන පැහැදීම, ගෞරවය... //
//..අනිත් එක සියලු දහම් එක බව කියන එක ගැනත් ඔබේ අදහස ලියන්න,..//
සියලු දහම් එක බව හරි එහෙමත් නැත්නම් එක හා සමාන හරි කියන එක නෙමෙයි මගේ අරමුණ. ඒ ඒ දහම් සාහිත්‍යයන්ගේ තියෙන සමාන බව පෙන්වන එක, ඒ වගේම මේ සිද්ධි ගැන විචාරශීලීව බලන්න පොළඹවන එකයි මගේ අරමුණ. ඒ ඒ දහම් ඒ ඒ දහම්වලට ආවේණික වන ලක්ෂණවලින් යුක්තයි. ඒත් සමාන වන තැනුත් නැත්තේම නොවේ...
//...බයවෙන්න දෙයක් නෑ බුදු දහම ඉස්මතු වෙනකොටයි බබළන්නේ,...//
බෞද්ධයෙක් විදිහට බුදු දහම ඉස්මතු වීමක් ගැන හරි එහෙමත් නැත්නම් බැබළීමක් ගැන හරි මට බයවෙන්න දෙයක් නැහැ :)
හසිත,
ReplyDeleteසුනාපරන්තය කියන්නෙ සවුදි අරාබිය කියල කියනවනෙ සමහරු. ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයා කියන පොතී බොහොම තර්කානූකූලව කියන්න හදනව ජේසු කියන්නෙ බෞද්ධ භික්ෂුවක් බවත් පස්සෙ තම්න්ගෙ රටට ගිහින් එයට ගැලපෙන විදියට දහම වෙනස් කරගත් අයෙක් කියලත්. ඒ කොහොම වෙතත් එදා ඉඳලම ඔය සේද මාවත දිගෙ සංස්කෘතීන් උඩ පහල ගිය එක සිද්ධ වුනා. නසෘදීන්ගෙ කතා වගේම අරාභි නිසොල්ලාසෙ එන කතාත් අපේ අන්දරේගෙ කතාවල ඉන්දියානු ජනකතා වල "ලෝකල්" වෙලා තියෙනව. ඉතින් එහෙව් එකේ පොදුජන විඥ්ඥානය හදන්න ගොතපු ( කියල මම විස්වාස කරන ) ජාතක කතාවල ඔය සෙවනැලි එහෙ මෙහෙ වෙන්න බැරි මොකද?
සුභ 2013 ක් වේවා.!
@ ඉන්දික උපශාන්ත
Deleteයේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කෘතිය වගේම ඒ කතුවරුන්ම ලියපු අල්ලාහු අක්බර් කියන කෘතියෙනුත් අයියා කියන කරුණු කාරණා ගොඩක් විස්තර කරලා තියෙනවා...
ඒ වගේමයි නස්රුදීන්, ඊසොප්, අන්දරේ, සෙන් කතා ඔක්කෝම වගේ සමහර වෙලාවට එක ආකාරයකට ගලාගෙන යනවාත් දැකගන්න පුලුවන්..
ආගමික සාහිත්‍යයේ තියෙන සමානකම ගැන කියන්න හදපු දේ අයියාට තේරිලා තියෙනවා.... 2013 අයියාටත් පවුලේ සැමටත් සුභම වේවා :)
ඇත්ත. යේසුස් වහන්සේ ආසියාවට ආවත්, නාවත්, බුදුදහම ගැන ඒ රටවල මිනිස්සු නොදැන හිටියා වෙන්න බැහැ.
Deleteයේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ පොත නම් හොඳට ලියලා තියෙනවා. අනිත් පොත නම් එක තැනකින් පටන් අරන් වටවන්දනාවේ ගියපු පොතක්.
@ Chamara Sumanapala
Deleteසේද මාවත හරහා වුණු ජාත්‍යන්තර වෙළදාමත් එක්ක ආසියාවේ සංස්කෘතිය යුරෝපයටත් යුරෝපයේ සංස්කෘතිය ආසියාවටත් එක හා සමානවම හුවමාරු වුණු බව හිතන්න පුලුවන්. ඒක නිසා බුදු දහම කියන එක යුරෝපයට අමුත්තක් වෙන්න බැහැ..
අල්ලාහු අක්බර් පොතේ මුල් පරිච්ඡේද කීපය පොතේ මාතෘකාවට අදාළව කතා කරලා ඊට පස්සේ ටික වල්පල්නේ තියෙන්නේ. වල්පල් කිව්වත් ඉතින් වැඩක් තියෙන දේවල්. ඒත් ඒ නම තියෙන පොතට අදාළම නැහැ :)
Hoda Lipiyak. Argam Deke Sasadeem Kala ekath hodaiy. Apita Bauddayan lesa sathutu wennata puluvan Budun Vahanse prathamayen Meme prathiharyaya kala eka gena. Before (Jesus Crisis. Me hema deyakma prthamayen apita desana karala thibenawa.
ReplyDeleteJesus kala sevayath api manussayo lesa agaya karamu. Hari Weradi penwa niweradi magata minisun yomukala uththamayekune.
@ Bandula
ReplyDeleteආගම් දෙකේ සැසඳීමක් කරන්න නෙමෙයි මගේ බලාපොරොත්තුව වුණේ. ආගම් ඇසුරෙන් ගොඩනැගුණු සාහිත්‍යයේ තිබෙන සමානකමක් පෙන්වීම පමණයි. ඒ වගේමයි බුදුන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ මේ කතාවල හිටියාට ප්‍රාතිහාර්යය සිදුවෙන්නේ ශ්‍රාවකයන් අතින්.
මම මේ පිටුව බැලුවේ මෑතකදී දියසේන ගැන ගෙතූ කතාව නිසා විපරමෙනි. දැන හෝ නොදැන සුදු හුණු ගෑමත්, තමන් බදාගත් ආකම් පැසසීමත්, සිංහලකරණය වූ හින්දු හා දෙමළ වචන බහුතරයක් සිංහලෙන් ලියා ඇති නිසාත්, එමගින් නොදැනුවත්වම කරන මුලාකිරීමත් නිසා මෙය ලියමි.
ReplyDeleteසිංහලකරණය වූ හින්දු හා දෙමළ වචන වලට මුල් වූ සිංහල වචනවල ඔය කියන අමුතු අදහස් කිසිවක් නැත. ඉංග්‍රීසි වචන දමා නොදන්න දේ කීමෙන් දන්න බව පෙන්වීම වැනිය.
ඔය දිය මතු පිට යාම අන්ධ භක්තියන් මුලා කිරීමකි. බැඳ තැබීමකි. එය උන් නැසීමටද පරික්ෂාවක් ලෙස ගත හැක. තමන්ගේ ආකමට ගැති වීමෙන්, කල නොහැකි දේ කල හැකියයි කීම නිසා රැවටෙන උන් බොහෝය. ඒවා හුදු මිථ්‍යාවන්ය. එයට දායක වූ ඇත්ත කතාව දනී නම්, තම නොදත්කම ගැන පසු තැවෙනු ඇත. සමහරුන් සිතේ බලෙන් අහසෙන් යනවා යයි කීවේ සිංහලුන් රැවටීමටය. තාක්ෂණයෙන් අහසෙන් ගිය සිංහලයන් ඉදිරියේ මොකුත් නැතිව සිතෙන් යාම, තමන් දෙවැනි නොවීමට ගෙතුවකි.
ශ්‍රද්ධාව කියනවාට වඩා මුලාව යන වචනය ක්‍රියාවන්ට මනාව ගැලපේ.
//බුදුදහමේ කියවෙන නිවන කියන දේ අනික් ආගම්වල නැහැ. සමහරවිට ඒ වචනේ ඇති. සංකල්පය නැහැ.//
මේවා ලිංමැඩි කතාය. හින්දූන් නිර්වාණය (ජීවිතය නිවීම) නම් මිථ්‍යාවේ ගිලුනේ සිදට් ඉපදීමට වසර දහස් ගණනකට පෙරය. මැරෙණවුන් පිලිස්සීම, ජීවිතය පිළිකුල් කිරීම, ඇටකටු වන්දනාව හින්දු උරුමයකි. නිර්වාණය (ජීවිතය නිවීම) නමැති මිථ්‍යාවට දායක වූ සැබෑ සිංහල උපමාවක් ඇත. එය මේ විරූපිවීමට දායක වූයේද කනාට කිරේ පාට කීමෙන් වූ විපත ලෙසමය.
ආකම් සියල්ල සමාන යයි කියන්නේ කිසිවක් නොදත් උන් ය. ආකම් යහපත් නම්, ජීවිතය නසා නිවීමක් කිරීමද, මිනීමස් කා, ලේ බී කරන දේව පූජාවද, ගැහැණුන් තලා පෙලා ගල් ගසා මැරීමද ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ය. සිහි බුද්ධියෙන් විමසා දැන ගත යුතු යයි කියමින් අන්ධභක්තිකයන් කරන්නේ විගඬමකි.
මෙහි සඳහන් කිසිදු ආකමික නායකයකුට තමන්ට කියා අයිතිය කිව හැකි දැනුමක් නැත. ඒ දැනුම සංකේත කරන කිසිදු වචනයක් ඔවුන් බිහි නොකල නිසාය. මුලා කිරීමට එහෙන් මෙහෙන් පටලා අරුත් සුන් කල දැනුම ඊට බොහෝ කලකට පෙර හිරු නම් නායකයා දුන් බව ඔප්පු කල හැක. ඒ සඳහා කල යුත්තේ මුලාවෙන් මිදී දැනුමේ ඇරඹුම සොයා යාමය. අද වන විට සිදට්, ජේසුස්, මොහොම්මට් කී දෑ ලෙස ඇත්තේ උන් කී දෑ නොව පසුව එකතු කර පැවරූ දේවල්ය. අශෝක් ට පෙර හිටිය බවටද කිසිදු සාක්ෂියක් නැති සිදට් බුද්ධ වී ලංකාවට තෙවරක් අහසින් වැඩි කතාවද දෙමළ කෙප්පයකි. වැඩි යන වචනය සිංහල නොවේ.
කියන දේ ගිරවුන් සේ නැවත කියමින් මිනිසත්බව කෙලසන උන්ගේ යහපතට ලීමි. මිනිසකු වී ඉපදුන විට අනෙක් අය කියන දේ තමන්ගේ දේ නොවන බව දැනීම ඔය කිසිදු මිරිඟුවකට වඩා අඟනේය. බෞද්ධයන්ට මෙය කියමි. සියලු ජීවත් වීමට ඇති ආශාවන් අතහැර නිවන නම් තමන් නොදත් දෙයකට ඇළුම් කිරීම, බැංකු පොලිය බැහැර කර, අධික පොලියක් ගත හැකි පිරමිඩ් උගුලකට මුදල් යොදනවා වැනි නොවේද? දිව්‍ය සැප සොයන උන්ට: සිරුරක් ඇතිව කිසිදා කිසිවෙකු නොගිය දෙව්ලොවේ ලැබෙන ගත සනසන දිව්‍ය සැප පැතීමට ජීවිතය කැප කිරීම, එවැනිම මිරිඟුවක් නොවේද?
"පර පණ" නැසීමෙන් වලකින ලෙස දෙමළුන් කීවේ අපේ පණ නසමින් උන්ගෙ පණ රැකුමට නොවේද? ආදි සිංහලයන් කීවේ ගිනි දළුවක් වැනි "පණ රැකීම" මිස නැසීම නොවේ. දළුව යනු පැවැත්ම උදෙසා වැඩෙන කොටසය. ආකමිකයන් මිනිස්කමට නුසුදුසුය. උන්ට දිය සුළියක් උඩින් ගොස් භක්තිය පෙන්වීමට සැලසීම, අවි පෙන්වීමට ගොස් නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා සියදහස් වරක් අඟනා මනුෂ්‍ය සේවයක් යයි සිතමි. වැඩිවිස්තර: miniskamaඇට්ජීමේලඩොට්කොම්.
හින්දු, බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ආකම් වල මව් ආකම මෙම වීඩියෝවේ රඟ දැක්වේ.
Deletehttp://www.youtube.com/watch?v=GEpJdHS1pV0
සිංහලකම ගැන ලියන බ්ලොගය මෙන්න.
http://sinha-ali.blogspot.com.au/
@ Anonymous One orig
Delete//...මම මේ පිටුව බැලුවේ මෑතකදී දියසේන ගැන ගෙතූ කතාව නිසා විපරමෙනි...//
මගේ මතකය නිවැරදි නම් මීට පෙරත් මේ බ්ලොග් අඩවියේ පළවුණු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සම්බන්ධ ලිපියකටත් ඔබ ප්‍රතිචාර එකතු කළා.
//...දැන හෝ නොදැන සුදු හුණු ගෑමත්, තමන් බදාගත් ආකම් පැසසීමත්,...//
සුදු හුණු ගෑම හෝ ආගම් පැසසීමක් කරන්නේ නම් මේ අයුරින් නොව ඊටත් වඩා සාර්ථක අන්දමින් මට එය කිරීමට හැකි බව විශ්වාස කරනවා :)
//...සිංහලකරණය වූ හින්දු හා දෙමළ වචන වලට මුල් වූ සිංහල වචනවල ඔය කියන අමුතු අදහස් කිසිවක් නැත. ඉංග්‍රීසි වචන දමා නොදන්න දේ කීමෙන් දන්න බව පෙන්වීම වැනිය....//
භාෂාවක් හැසිරවෙන ආකාරය ගැන තවත් සොයා බලන්නේ නම් වටී
//...ඔය දිය මතු පිට යාම අන්ධ භක්තියන් මුලා කිරීමකි. බැඳ තැබීමකි. එය උන් නැසීමටද පරික්ෂාවක් ලෙස ගත හැක. තමන්ගේ ආකමට ගැති වීමෙන්, කල නොහැකි දේ කල හැකියයි කීම නිසා රැවටෙන උන් බොහෝය....//
දිය මතුපිට යාම වැනි ක්‍රියා පරමෝත්තම ක්‍රියාවක් ඝණයේලා සළකන්නන්ට මෙය අදාළ වන අතර භක්තිය වෙනුවට ආදේශ විය යුතුයි නිවැරදි කරුණු දැනීමයි
//...සමහරුන් සිතේ බලෙන් අහසෙන් යනවා යයි කීවේ සිංහලුන් රැවටීමටය. තාක්ෂණයෙන් අහසෙන් ගිය සිංහලයන් ඉදිරියේ මොකුත් නැතිව සිතෙන් යාම, තමන් දෙවැනි නොවීමට ගෙතුවකි....//
ඒකත් එහෙමද ? සිතේ බලයෙන් මොකුත් කරන්න බැරිද එතකොට ?
//...ආකම් සියල්ල සමාන යයි කියන්නේ කිසිවක් නොදත් උන් ය. ආකම් යහපත් නම්, ජීවිතය නසා නිවීමක් කිරීමද, මිනීමස් කා, ලේ බී කරන දේව පූජාවද, ගැහැණුන් තලා පෙලා ගල් ගසා මැරීමද ශ්‍රේෂ්ඨ ක්‍රියාවන්ය. සිහි බුද්ධියෙන් විමසා දැන ගත යුතු යයි කියමින් අන්ධභක්තිකයන් කරන්නේ විගඬමකි....//
ගත යුතු යහපත් ගුණාංග ගැන වෙන්න ඕනේ කතා බව ඇතිවුනේ. ඒ හැරෙන්න මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා ගැන නම් නෙමේ...
//..මුලා කිරීමට එහෙන් මෙහෙන් පටලා අරුත් සුන් කල දැනුම ඊට බොහෝ කලකට පෙර හිරු නම් නායකයා දුන් බව ඔප්පු කල හැක. ඒ සඳහා කල යුත්තේ මුලාවෙන් මිදී දැනුමේ ඇරඹුම සොයා යාමය....//
හොඳයි. එය ඔප්පු කිරීමට ඔබට කළ හැකියි.
//..ශෝක් ට පෙර හිටිය බවටද කිසිදු සාක්ෂියක් නැති සිදට් බුද්ධ වී ලංකාවට තෙවරක් අහසින් වැඩි කතාවද දෙමළ කෙප්පයකි....//
බුදුන් ලංකාවේ වැඩ සිටියාය කියා කතාවකුත් තියෙනවානේ...
//..වැඩි යන වචනය සිංහල නොවේ....//
එහෙනම් ඒ වචනය උපන් හැටි ගැනත් යමක් කියන්න
ඔබ මීට පෙර පැවසූ පරිදිම දියසේනයන් මේ වසරේ අප්‍රේල් පැමිණීමෙන් පසු මේ තත්වය මීට වඩා යහපත් වේයැයි විශ්වාස කරනවා....
හරීගේ බ්ලොග් එකේදී සාත් කිව්වා මට දැනුන විදිහට මේ ආගම් දෙකේ යම් සමීපයක් තිබෙනවා කියලා.ශ්‍රද්ධාව සම්බන්ධයෙන් අහන්නයි උන්නේ.ඒත් දැන් අහන්නේ නෑ.ජය වේවා !
ReplyDelete@ ධමිමික සදරුවන්
Deleteහොඳයි හොඳයි :)
මේ කතාව කියවනකොට මට මතක් උනේ ඉර්දිබලය බුදුන්වහන්සේ පිලිකෙවු කල අවස්තාවක්. එක බමුනෙක් බොහොම කාලයක් භාවනාකරලා වතුරෙ ඇවිදින්න හැකියාවක් ඇතිකර ගත්තාලු. ඊට පස්සෙ ඒක බුදුපියානන්ට පෙන්නුවාම උන්වහන්සේ මෙහෙම කීවා.. " මේ තරම් ව්‍යායාමයක් කලේ වතුරෙ ඇවිදින්න නම් ඊට වඩා ලෙහෙසි නැද්ද අර තොටියාගේ ඔරුවෙ නැගලා එතෙර වෙන එක ?
ReplyDeleteබෞද්ධ සාහිත්‍යයෙ එන ඇතැම් කතා වලින් බුද්ධ චරිතය වරදවා ඉදිරිපත් කෙරෙනවා කියලයි මම හිතන්නෙ.
@ සරත් ලංකාප්‍රිය
Deleteඇත්ත අයියේ. පිණ්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ගේ සිද්ධියේදිත් බුදු හාමුදුරුවෝ මතු කළේ ඒ කාරණයම තමා. කොහොම නමුත් බෞද්ධ සාහිත්‍යය වුණත් විචාරශීලීව කියවන්න ඕනේ කියලායි මගේ අදහස
බයිබලයේ කතාව දැනගෙන උන්නට ජාතක කතා පොතේ කතාව දැනගත්තේ අදයි..
ReplyDelete//ජාතක කතා පොතෙන් බයිබලයටද බයිබලෙන් ජාතක කතා පොතටද ?// හොද මාතෘකාවක් හසිත යොදාගෙන තියෙන්නේ..
බයිබලයේ අතීත සිදුවීම් ලියවිලා තියෙන්නේ ජේසුස් ගෙ ඒ කාලයේ සිටිය අනුගාමිකයන්ගෙන් සොයාගිය තොරතුරු අනුව .. කාලයක් වාචිකව පැවතුනු කරුණු එක් කරලා පසු කාලෙක පොතක සටහන් වෙලා තිබෙනවා ..
ජේසුස් කියන්නේ විශේෂ බලයක් තිබුන කෙනෙක් එහෙම නැතිනම් වසර තුනක් වැනි කාලයක් ඇතුලත (ප්රකසිද්ද ජීවිතය වසර තුනකට අඩුයි ) මුළු ලෝකයක් අදහන පුද්ගලයෙක් වෙන්න බැහැ ..
බයිබලය සිංහලට පරිවර්තනය කාරණා කාලයේදී ඒ සදහා භාෂාව සම්භන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා එයාලගේ සහයෝගය තමයි වැඩියෙන් ලැබිලා තියෙන්නේ
එතකොට බෞද්ධ සාහිත්යවයෙ ආභාෂය ක්රිෝස්තියානි කාතාවලටද එක් වෙලා තියෙනවා ...
මේ වගේ ලිපි බොහොම වටිනවා හසිත ස්තුති !!!
@ චමී4යූ~chami4u
Deleteහරී අයියා බයිබලය ගැන මේ දවස්වලම ලියපු එක හොඳා. එතකොට බයිබලය ගැන අපේ අවබෝධය තව පුළුල් වෙනවා.
//...ජේසුස් කියන්නේ විශේෂ බලයක් තිබුන කෙනෙක් එහෙම නැතිනම් වසර තුනක් වැනි කාලයක් ඇතුලත (ප්රකසිද්ද ජීවිතය වසර තුනකට අඩුයි ) මුළු ලෝකයක් අදහන පුද්ගලයෙක් වෙන්න බැහැ ...//
ඒක එතුමා තුළින්ම ඇතිවුණු බලයක් කියලා තමා බෞද්ධ පිළිගැනීම අනුව බෞද්ධයන්ට පිළිගන්න වෙන්නේ.
//..බයිබලය සිංහලට පරිවර්තනය කාරණා කාලයේදී ඒ සදහා භාෂාව සම්භන්ධයෙන් කටයුතු කරලා තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා...//
ඒක ගැනත් දවසක් අපේ හිතවතෙක් එක්ක ලොකු කතා බහක් ඇතිවුණා. මාගේ ස්වාමි දරුවාණෝ වගේ යෙදුම් බොහෝ කාලයක් තිස්සේ බෞද්ධ සාහිත්‍යයේ තිබුණු ඒවා බවත් බයිබලය සිංහලයට පෙරලද්දී ඒවා භාවිතා වුණා කියලත් එයා පැහැදිලි කළා
@ සෙන්නා
ReplyDeleteබුද්ධාගමේ කියන ශ්‍රද්ධාව ගැන විස්තර වෙන්නේ මෙහෙමයි
"සද්දාහති තථාගතස්ස බෝධි. " ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය (අවබෝදය) ගැන තියෙන විශ්වාසය. (හසිත මල්ලිගේ උදාහරණය තරමක් දුරට හරි.) මේ විදිහට තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය (අවබෝදය) ගැන තියෙන විශ්වාස තමයි ශ්‍රද්ධාව කියල හදුන්වන්නේ. මේ ශ්‍රද්ධාවත් තම තමන්ගේ නැණ පමණින් වෙනස් වෙනවා. හසිත මල්ලි පුන පුනා කියපු ලෙස ආකාරවතී ශ්‍රද්ධාව තමයි වැදගත් වන්නේ. නමුත් මේ ශ්‍රද්ධාව උපරිමයෙන් ඇතිවන්නේ කාටද? එයට අපි කියනවා අචල ශ්‍රද්ධාව කියලා. මෙය ඇතිවෙන්නේ සොවහන් පලයට පත් උන් උත්තමයට පමණයි. ඒ උතුමන් තමියි මුලින්ම නිසි ධර්ම අවබෝධය ලබන්නේ.
චුල්ල හත්ති පදෝපම සුත්‍රය කියවල බලන්න. එහි පැහැදිලිවම දක්වල තියෙනවා ඇතෙක් අල්ලන කැලේට යන පුද්ගලයා දකින දකින සටහන් වලින් ඒ ඇතා ගැන යම් යම් හැගීම් ඇතිකරගන්නා ආකාරයත් අවසානයේදී ඇතා දැකීමෙන් පසු පමණක්ම නියමාකාරයෙන් ඇතා ගැන අවබෝධ කරගන්න බව. මෙහිදී ඇතා ලෙස තථාගතයන් වහන්සේත්, කැලේට යන මිනිහා මේ ධර්ම මාර්ගයේ ගමන් කන්නා ලෙසත් අවසානයේ ඇතා දැකීම අරහත් භාවය අත්කරගැනීමත් ලෙස දක්වනවා.
(මේ කොමෙන්ට් එක සෙන්නා ගේ කොමෙන්ට් එක ලගින් දැම්මට පොස්ට් උනේ ඇති නිසා අපහු දැම්මා)
@ Ayilas A
Delete//...නමුත් මේ ශ්‍රද්ධාව උපරිමයෙන් ඇතිවන්නේ කාටද? එයට අපි කියනවා අචල ශ්‍රද්ධාව කියලා. මෙය ඇතිවෙන්නේ සොවහන් පලයට පත් උන් උත්තමයට පමණයි...//
අයියා කිව්ව මේ දේට යමක් එකතු කරන්නම්. අචල ශ්‍රද්ධාව සෝවාන් ලාභීන්ට ඇතිවෙන්න හේතුව තමා සෝවාන් වෙද්දී විචිකිච්ඡාව කියන සංයෝජනය සිඳ දැමෙන නිසා. විචිකිච්ඡාව කියන්නේ බුද්ධාදී අට තැන් පිළිබඳ ඇතිවන සැකය. සෝවාන්ලාභීන්ට එවන් සැක නැති නිසා අචල ශ්‍රද්ධාව ඔවුන් තුළ පවතිනවා...
ඔබ හරියට හරි
Deleteබුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ටත් රහත් බව ප්‍රමාද වුයේ බුදු රදුන් කෙරෙහි තිබු ශ්‍රද්ධාව නිසා නේ ..බුදු රදුන්ට කල්පයක් කල් ජීවත්වීමට ආරාධනා කරන්න බැරි වුනෙත් ශ්‍රද්ධාවෙන් කම්පාවට පත් වූ නිසානේ ..
ReplyDeleteචිත්ත ශක්තීන්ගෙන් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් චිත්ත ශක්තිය දියුණු කරගත් විට !
ඔබේ ප්‍රකාශ දෙකම සම්පුර්ණයෙන් වැරදියි.
Delete@ රෙහානි
Deleteආනන්ද මහා තෙරුන් වහන්සේ පිලිබඳ ඔබගේ අදහස් වැරදියි රෙහානි. එය කොමෙන්ට් එකකින් මගින් නිවැරදි කිරීම අපහසුයි. ඔබ උගත් ස්වාමින්වහන්සේ නමක් හමු වී ඔබේ අදසස් නිවරදි කරගන්න. එය ඔහේ යහපත පිණිස හේතු වේවි.
තවද ඔවැනි ලෞකික ප්‍රාතිහාර්ය පෑම භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකළ අතර, ප්‍රාතිහාර්ය පෑම වෙනුවෙන් විනය නීතියක්ද පනවන ලදී. භාග්‍යවතුන් වහන්සේ අනුමත කලේ දේශනා ප්‍රාතිහාර්යයයි. එනම් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම, පැහැදිලි කිරීම මගින් මිනිසුන් ධර්ම මාර්ගයට යොමුකරවීමේ ප්‍රාතිහාර්යයයි.
@ රෙහානි
Delete//...බුදු රදුන්ගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ටත් රහත් බව ප්‍රමාද වුයේ බුදු රදුන් කෙරෙහි තිබු ශ්‍රද්ධාව නිසා නේ...//
මේකට හේතුව තමා ආනන්ද හාමුදුරුවෝ දිවා රාත්‍රී මුළුල්ලේම බුද්ධෝපස්ථානයට කැප වී සිටි නිසා උන්වහන්සේට වීර්යය වැඩීමට භාවනාවට වෙන් කරන්න තරම් කාලයක් නොතිබුණු එක. බුදුරදුන් කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව නිසා රහත් බව ප්‍රමාද නොවන බවට හොඳ උදාහරණයක් තමයි වක්ඛලී තෙරුන්ගේ කතා වස්තුව
//..බුදු රදුන්ට කල්පයක් කල් ජීවත්වීමට ආරාධනා කරන්න බැරි වුනෙත් ශ්‍රද්ධාවෙන් කම්පාවට පත් වූ නිසානේ...//
මේ ප්‍රශ්නය සම්බන්ධව පළමු ධර්ම සංගායනාවේදීත් කතා කෙරෙනවා. බොහෝ මූලාශ්‍රයවල මේ ගැන දක්වන්නේ ආනන්ද හිමියන්ට මාරයා ආවේශ වී සිටි නිසා ඒ ඉල්ලීම කරන්න බැරිවුණා කියලා.
ඒත් ඒ ගැන තියෙන තවත් මතයක් තමා ආනන්ද හිමියන් අපහසුතාවයට පත් කරන්න ඒක ගොතපු කතාවක් කියන එක.
කෙනෙක් ධර්ම මාර්ගය තුල යන විට තිය පළවෙනිම ස්ථාවර පියවර වන්නේ ශ්‍රද්ධාව තුල පිහිටීමයි,
Deleteඉතින් ඒ ශ්‍රද්ධාව වැඩි වීමෙන් රහත් වෙන්න නොහැකි වෙන්නේ කොහොමද?
ශ්‍රද්ධාවෙන් කම්පාවුන කෙනෙක් (මාර්ගඵල නැතත් වයසක අත්තම්මා කෙනෙක් වුනත්)පළවෙනියට ඉල්ලා සිටින්නේ "අනේ භාග්‍යවතුන් වහන්ස තව බොහෝකල් වැඩ සිටින සේකවා" කියලා නොවේද?
ඇත්තෙන්ම වුනේ ඕක නොවේ,
ධර්මය අවබෝධ කරනවා කියන ඒක අපි හිතන විදිහේ දෙයක් නොවේ,
ඒක වෙන්නේ කෙනෙක්ගේ සිත මෝරා යන ආකාරය අනුව,
සමහරුන්ගේ සිත ඉතාම අඩු වයසින් මෝරලා,
මේ දේවල් කර්මානුරූපව සහ වෙනත් බොහෝ දේ මත රඳාපවතින දේවල්.
දැන් බලන්න සීවලී මහරහතන් වහන්සේ පැවිදි වෙන්න කෙස් කපා ඉවරවෙනකොට රහත් භාවයට පත වෙලා.
එතකොට චුල්ල පන්ථක මහරහතන් වහන්සේ බුදු රජාණන් වහන්සේගේ අවවාද ලැබෙන්න පෙර පේලි හතරක ගාථාවක් මතක නැතුව ගෙදර යන්න ගියේ.
පැවිදිවෙලා හිටියේ තමන්ගේ අයියා ගාව, උන්වහන්සේ අසූ මහා ශ්‍රාවකයන්ට අයත් මහා රහතන් වහන්සේ නමක්,
ඒත් උන්වහසේට බැරි වුනා තමන්ගේ මල්ලිට අවබෝධ වෙන විදිහට ධර්මය දෙන්න,
ඒත් බුදු රජාණන් වහන්සේ අවවාද කළේ එක්වරයි,
චුල්ල පන්ථක ස්වාමින් වහන්සේ මනෝමය කය මැවිය හැකි භික්ෂුන් අතර අග්‍ර තත්වයට පත්වෙන රහතන් වහන්සේ වෙනවා.
මෙයට කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ආසවානුසය ඥාණය කියලා,
ඒ කියන්නේ එක් එක් අයගේ ගුණ ධර්ම දියුණු වෙන ආකාරය උන්වහන්සේට පෙනෙනවා, ඒ නිසා ඒ අයගේ හැකියාවන් අඳුරාගෙන ධර්මය දේශනා කළ විට ඔවුන් පහසුවෙන් අවබෝධ කරනවා.
@ Anonymous January 13, 2013 10:25 AM
Deleteඔබ දක්වලා තියෙන කරුණු ඉතා වැදගත්. ස්තුතියි ඒ සම්බන්ධව. සප්තාර්ය ධනය කියන සංකල්පයේදී බුදුන් වහන්සේ මුල්ම ධනය විදිහට දක්වන්නේ "ශ්‍රද්ධාව" ඒකෙන්ම ශ්‍රද්ධාවේ තියෙන වැදගත්කම පැහැදිලි වෙනවා. හැබැයි ආකාරවතී ශ්‍රද්ධාව
ඔව්, ශ්‍රද්ධාව ධනයක්, සේඛ බලයක්, විදිහටත් විස්තර වෙනවා.
Delete@ Anonymous January 14, 2013 1:04 PM
Deleteඇත්ත ඇත්ත
බුදුන් වහන්සේගේ කතාවනම් අහලා තියනවා ජේසුස් වහන්සේගේ කතාව ඇහුවේ අද..
ReplyDelete@ තරුවා
Deleteනිකම් ඉන්න වෙලාවකට බයිබලයක් එහෙම කියවමු ලොක්කා..
ගොඩාක් වටිනා ලිපියක් මේ දෙකේ ඇති සමාන කම් දැනගත්තා ස්තුතියි..
ReplyDelete@ අසරණයා
Deleteස්තුති ස්තුතියි :)
ස්තූතිය්! පුලුවන්නම් Davinci Code පොත කියවන්න.ෆිල්ම් එක පොතට අලගු තියන්නත් මදි...
ReplyDelete@ Anonymous January 9, 2013 10:47 AM
Deleteබලමු බලමු. අන්තර්ජාලයෙන් තමා හොයාගෙන කියවන්න වෙන්නේ
ශ්‍රද්ධාව/විශ්වාසය කියන දේවල් සම්පූර්ණයෙන්ම බැහැර කරලා ජීවත් වෙන්න උත්සාහ කරන එක තරමක් භයානක දෙයක්. මොකද යමෙක් තමන්ගෙ ජීවිත කාලය තුල ඉංද්‍රියන්ට ගෝචර වනදේ, තමන්ගෙ නුවණින් විමසලා පමණක් කටයුතු කරන්න යන එන බුද්ධිමත් නෑ. ඒකට හේතුව තමා සියල්ල ග්‍රහනය කරගැනීමට තරම් ඉංද්‍රීය දියුණුවකුත්, ඒවා නිවැරදිව ගලපා ගැනීමට තරම් උසස් බුද්ධියකුත් සාමාන්‍ය මනුශ්‍යයෙකුට නොමැති වීම. ඒනිසා මනුෂත්වය ඉක්මවාගිය අයෙකු කෙරේ ශ්‍රද්ධාව/විශ්වාසය තබා ගැනීම වැදගත්.
ReplyDeleteබොහොම වටින ගවේෂණයක්
@ de silva
Deleteඇත්ත. තමන්ගේ ඉන්ද්‍රීයන්ට ගෝචර නොවූ පමණින් කරුණු කාරණා බැහැර කරන එකත් ඒ වගේමයි ඒවා හිස මුදුනේ තබා පිළිගැනීමත් අහිතකරයි. තම තම නැණ පමණින් වටහා ගැනීමයි වැදගත්. ඒකෙදී තමන්ට වඩා උසස් බුද්ධි මට්ටමක් තිබුණු පුද්ගලයෙක් කියපු දෙයක් පිළිගන්නත් පුලුවන්
හොඳ උත්සාහයක්. ඔබෙන් සහ හරී ගෙන් සිදුවන සේවය විශිෂ්ටයි.
ReplyDelete@ Gihan
Deleteස්තුතියි සහෝදරතුමා අගය කිරීම ගැන :)
බුද්ධාලම්බන ප්‍රිතියත්. කතෝලික දහම කෙරේ ඇති අධික භක්තියත් නිසාවෙන්ම සමහර වෙලාවට ආගම පිළිබද සාහිත්යදි අතිශයෝක්තිය කියන දේ යොදාගැනෙනව.. මොන දේ උනත් ධර්ම කරුනු ජීවිතයට ලංකරගැනීමයි වටින්නෙ
ReplyDelete@ සමී
Deleteආගමික සාහිත්‍යය කියන ඒවා ලියවෙද්දීම අතිශයෝක්තිය කිසියම් ප්‍රමාණයකට එකතු වෙන්න පුලුවන් තමා. කියවන්නා බුද්ධිමත් වෙන්න ඕනේ තාර බර ඇරලා කියවන්න :)
සාහිත්‍යය වෙනුවෙන් ඒ වගේ ඇහෙන් බලන එක තමයි වඩාත් ම සුදුසු මේ දිහා ආගමික කණ්ණාඩියකින් බලනවට වඩා. එතකොටයි මේ වගේ සටහනක් රස විඳින්න පුළුවන්. එහෙම නේද මලයෝ...
ReplyDelete@ ලහිරු
Deleteඑකඟයි අයියා
බුදු දහමත් නියම කිතුනු දහමත් වැඩි වෙනසක් ඇති කියලා මම හිතන්නේ නෑ.දැන් ඉන්න අය තමන්ගේ වාසියට කිතුනු දහම වෙනස් කරලා කියලා මට හිතෙනවා.කාගේ හැරී හිත රිදුනානම් සමාවෙන්න.මේ මට හිතුන හැටි.
ReplyDelete@ Darshana Prabhath
Deleteහුඟක් ආගම්වලට මේ තත්වය පොදුයි මල්ලි