Saturday, December 1, 2012

නම් ගම් ටිකක මුල් සොයා

බුදු සිරිතත් එක්ක සම්බන්ධ වෙන විවිධ පුද්ගලයෝ වගේම විවිධ ස්ථාන රාශියක් තිබෙනවා. මේ විවිධාකාර පුද්ගලයන් වගේම ස්ථානවලට නම හැදුණු හැටි ගැන යම් යම් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල කතා කරලා තිබෙනවා. හැම ස්ථානයේම හරි හැම පුද්ගලයාගේම හරි නම සකස් වුණු හැටි නැතිවුණත් සාමාන්‍ය ප්‍රමාණයකට ඒ පිළිබඳ විස්තර තිබෙන නිසා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ කීපයක්ම කියවද්දී මට හම්බුණු ඒ වගේ දේවල් ටිකක් ගැන කියන්න තමා අද මම කල්පනා කළේ.

මීට කලින් සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු ශාක්‍ය වංශයට නම සකස් වුණු ආකාරය වගේම ශාක්‍ය ජනපදයේ අගනුවර වුණු කපිලවස්තුවට ඒ නම සකස් වුණු ආකාරයත් විශාලා මහනුවර මුල් කරගෙන වජ්ජි ජනපදයේ ගණ තන්ත්‍ර පාලනයක් ගෙනියපු ලිච්ඡවි රාජ වංශයට ඒ නම හිමිවුණු ආකාරය ගැනත් කතා කළා මතකයිනේ.

බරණැස ඉසිපතනය
මුලින්ම බුදු හාමුදුරුවෝ මංගල ධර්ම දේශනාව පවත්වපු බරණැස් නුවර පිහිටලා තිබුණු ඉසිපතනාරාමය එහෙමත් නැත්නම් ඉසිපතන මිගදායට නම සකස් වුණු ආකාරය බලමු. 

තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉතාමත් ඉහළ මට්ටමකට දියුණු කරගත්තු ඒ වගේමයි විශාල දැනුම් සම්භාරයක් තිබුණු පුද්ගලයන් කොට්ඨාශයක් භාරතයේ ඈත අතීතයේ ඉදලා තිබෙනවා. ඔවුන්ව හැඳින්වූවේ සෘෂිවරු එහෙමත් නැත්නම් ඉසිවරු කියලා. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය, ආයුර්වේදය, යෝග ශාස්ත්‍රය වගේ බොහොම පැරණි විෂයයන් රාශියක්ම බිහි කරලා තිබෙන්නේත් මේ සෘෂිවරු.

දෙවිවරුන් සමඟත් සම්බන්ධතා පවත්වන්න හැකියාව තිබුණු සෘෂිවරු බොහොම බලවත් පිරිසක්. මේ සෘෂිවරුන්ට විවිධාකාරයේ සෘද්ධි බල එහෙමත් තිබුණු බව තමා කියවෙන්නේ. ඉතින් තමන්ගේ සෘද්ධි බලයෙන් අහසින් යන සෘෂිවරු  බිමට බසින එක ස්ථානයක් තමා මේ බරණැස් නුවර ඉසිපතන නමින් හඳුන්වපු ප්‍රදේශය. ඉසිවරුන් බිමට බසින එහෙමත් නැත්නම් පතනය වෙන ස්ථානය කියන තේරුමෙන් ඉසිපතනය කියන නම ලැබිලා තිබෙනවා.

පස්වග තවුසන් සහ මුවන් මංගල ධර්ම දේශනය ශ්‍රවණය කරන අයුරු
මිගදාය කියලා හඳුන්වලා තිබෙන්නේ මේ ප්‍රදේශය මුවන් සඳහා අභය දානය දීපු ප්‍රදේශයක් එහෙමත් නැත්නම් අභය භූමියක් වශයෙන් නම් කරලා තිබිලා තියෙනවා. මුවන් සඳහා අභය දානය දුන් කියන අදහසෙන් තමා මිගදාය කියන නම හැදිලා තියෙන්නේ.මිගදායේ අදටත් මුවෝ ඉන්නවා වන්දනාවේ යන අයට දැකගන්න පුලුවන්.

රජගහ නුවර නටබුන්
ඊළඟට බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව වශයෙන් සැළකෙන්නේ බිම්බිසාර රජතුමා විසින් සිදුකරපු රජගහ නුවර පිහිටි වේළුවනාරාම පූජාව. බෞද්ධ සූත්‍රවල මේ ආරාමය හඳුන්වන්නේ වේළුවන කලන්දක නිවාපය කියලා. ඒ නම හැදුණේ මෙහෙමයි. 

උණ ගසට පාලියෙන් භාවිතා වෙන්නේ වේළු කියන පදය ඒ ආරාම භූමිය උණ ගස්වලින් පිරිලා තිබුණු නිසා වේළු වනය කියන නම යෙදිලා තිබුණා. කලන්දක නිවාපය කියන නම යෙදුණේ මේ වනය ලේනුන් සඳහා අභය භූමියක් වෙලා තිබුණු නිසා. පාලියෙන් ලේනාට කියන්නේ කලන්දක කියලා. නිදහස එහෙමත් නැත්නම් අභය දානය දුන් කියන අදහසෙන් නිවාප කියන කොටසත් එකතු වෙලා තමා කලන්දක නිවාප කියන නම ඇතිවුණේ.

කලින් කිව්වා වගේ වේළුවනාරාමය පිහිටලා තිබුණේ රජගහ නුවරනේ. මේ නුවර රාජගෘහ නමිනුත් හඳුන්වලා තියෙනවා. ඒකට නම හැදුණේ මේ නුවර රජවරු මහ ඇමතිවරුන්ගෙන් සමන්විත වෙන නිසාත්, නුවර වටේ වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලි, ගිජ්ඣකූඨ කියන විශාල පර්වත පහෙන් සමන්විත වෙන නිසාත්, බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය සඳහා ගෙයක් හා සමාන වෙන නිසාත් ඒ අර්ථයෙන් රාජගෘහ කියන නම අරගෙන තියෙනවා. 

 ශ්‍රාවස්ති නුවර නටබුන්
කෝසල දේශයේ අගනුවර වුණේ සැවැත් නුවර. ශ්‍රාවස්ති කියන නමත් මේ නගරයට භාවිතා වෙලා තියෙනවා. ශ්‍රාවස්ති කියන නම හිමිවෙලා තියෙන්නේ ශ්‍රාවස්ති කියන සෘෂිවරයාගේ අසපු භූමියේ මේ නගරය නිර්මාණය කෙරුණු නිසා. 

මහා ප්‍රජාපතී ගෝතමිය පැවිදිවීම
දැන් ඉතින් පුද්ගල නාම ටිකකුත් කිව්වා නම් හොඳයි වගේ. සිද්ධාර්ථ කුමාරයාගේ සුළු මව වුණු මහා ප්‍රජාපතී ගෝතමී දේවියට ඒ නම හිමිවුණේ එතුමියට නම් තබන දවසේ දේහ ලක්ෂණ බලපු බමුණෝ ප්‍රකාශ කරනවා මේ කුමාරිකාව අනාගතයේ පුතෙක් බිහි කළොත් එයා සක්විති රජෙක් වෙන බවත් දියණියක් බිහි කළොත් ඒ දියණිය සක්විති රජෙක්ට අග මෙහෙසිය වෙන බවත් ඒ වගේමයි වෙනත් ස්ත්‍රියකගේ කුසෙන් බිහි වුණත් මේ කුමාරිකාව විසින් රැක බලා ගන්නා පුත්‍රයෙක් දෙවියන් අතින් පවා වැඳුම් ලබන්න සමත් වෙනවා කියලා. 

මේ නිසා පුත්‍ර ප්‍රජාවට පති කියන අර්ථයෙන් ප්‍රජාපතී කියන නම යෙදෙනවා. ගෝත්‍ර නාමය තමා ගෝතමී කියලා එකතු වෙන්නේ. 

සිද්ධාර්ථ කුමාරයාගේ මෙහෙසිය වෙන්නේ යශෝධරා දේවිය. එයට ඒ නම හිමිවුණේ උපන් දවසේ ඉදන් මහත් යසසක් දරපු නිසා. ඒ අර්ථයෙන් යසස් දරන කියන අර්ථයෙන් යශෝධරා කියන නම හිමිවෙනවා. 

කලිනුත් කිව්වා වගේ බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කරපු මගධයේ අධිපති බිම්බිසාර රජතුමාට නම හැදුණේ මෙහෙමයි. ස්වර්ණමය පැහැයක් ගත්තු අලංකාර සිරුරක් තිබුණු නිසා එතුමාට බිම්බිසාර කියන නම ලැබිලා තිබිලා. විශාල සේනාවක් එතුමාට තිබුණු නිසා සේනිය බිම්බිසාර කියන නමිනුත් හැඳින්වෙලා තියෙනවා. 

බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වුණු පස්සේ කාලේ බිම්බිසාර රජතුමාව මරණයට පවා පත් කරවපු අජාසත් රජතුමාට ඒ නම හිමිවුණේ මව් බිසව ගැබ් ගත්තු කාලයේම බිසවට දොළ දුකක් හට ගන්නවා රජතුමාගේ උරහිස පළලා ලේ බොන්න. ඒ දොළ දුක කිසිම පැකිලීමක් නැතුව බිම්බිසාර රජතුමා ඉෂ්ට කරනවා. 

 අජාසත් රජතුමා

ඒත් නිමිත් දන්න අය ප්‍රකාශ කරනවා බිසවට ලැබෙන දරුවා පුත්‍රයෙක් වුණොත් රජතුමාට විරුද්ධ අයෙක් වෙනවා. ඒ කුමාරයා තාත්තාව මරා දමලා රාජ්‍ය බලය ලබා ගන්නවා කියලා. මේක අහපු බිසව දරු ගැබ පහ කරන්න කරපු උත්සහය හරියන්නේත් නැහැ. අවසානයේදී පුත්‍රයෙක් බිහිවුණාම මව් කුසෙන් බිහි වෙන්නත් කලින්ම පිය රජතුමාට සතුරු වූ කියන අර්ථයෙන් අජාතවම සතුරු වූ කියන අදහසෙන් අජාසත් කියන නම මේ කුමාරයාට තියලා තිබෙනවා.

අදට මේ ඇති. හැමදාම බරසාර කතා නැතුව සරල දේකුත් කියන්න එපැයි.

ප.ලි.: ඊළඟට පබ්ලිෂ් කරන පෝස්ට් එක තමා පෝස්ට් එක :D

94 comments:

  1. මේක නියමයි....ප්‍රජාපති නම හැදිච්ච හැටි නම් කලින් අහලම නෑ...

    ReplyDelete
    Replies
    1. @ මානවක

      ඉඩ ලැබෙන විදිහට තව නම් හැදුණු හැටි කියන්නම් :)

      Delete
  2. හැමදාම එකම දේ තමා කියන්න තියෙන්නේ. බොහොම පිං

    ReplyDelete
    Replies
    1. @ රාමා

      හැමදාම වගේ ඒ පින් අනුමෝදන් කරගෙන දැන් පින් එකවුන්ට් එක පිරිලා :)

      Delete
  3. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලයා හැමදාම වගේ දෙන හයියට :)

      Delete
  4. වැඩ ගොඩක් අස්සේ කියෙව්වේ ..ස්තුතියි නොකියා බැරි වුනා

    ReplyDelete
    Replies
    1. @ Bindi

      අක්කා දැන් හරියට කාර්යබහුල වෙලානේ. ඒකෙන් ඉක්මණින් මිදිලා ආසාවෙන් කියවන්න පුලුවන් ලිපි පෙළක් ගේනකම් අපි බලාගෙන ඉන්නේ :)

      Delete
  5. Malli Oya mee pinthura gattha than sandahan karnna .....

    ReplyDelete
    Replies
    1. @ Vathsala

      ඒ ඒ පින්තූරය යටින් ඒක ගත්තු තැන ලින්ක් එක දාලා තියෙන්නේ අක්කේ

      Delete
  6. ස්තූතියි මල්ලී.... හැමදාමත් වගේ වටිනා හරබර ලිපියක් !!!

    ReplyDelete
    Replies
    1. @ sansarasidu

      මදැයි හරබර ලිපියක් නැතුව සරල ලිපියක් ලියන්න ගියා :D

      Delete
  7. අද කථාවත් හොදයි...ඊළග කතාව කියවන්න නම් කුතුහලයක් ඇති වුනා...

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      ඊළඟ කතාව තමා කතාව කිව්වලු :D

      Delete
  8. Replies
    1. @ Naleen Dilruksha

      තව මේ වගේ ටිකක් ඉස්සරහටත් කොටන්න ඉන්නේ අයියේ

      Delete
  9. ඇයි එතකොට මෙච්චර කල් පබ්ලිෂ් කලේ කුණු ගොඩවල්ද??? :-P අනේ පලයන් බන් යන්න! :-D

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      කුණු ගොඩවල් කියලා කිව්වේ නැහැනේ අයියා. ඒවා බරසාර ඒවා. මේක හරි සරල කතා ටිකක් :)

      Delete
  10. අජාසත්ත කුමාරයාගේ උප්පත්තෛ කතාව මම මුලින්ම අහලා තිබුණේ අපේ අත්තම්මා කතන්දර කියන්කොටයි. ඇත්තටම හසිත මේ කතාව සදහන් වෙන කෘතිය මොකද්ද ?

    ReplyDelete
    Replies
    1. @ රතු රජරට

      මේ කතා ඔක්කෝම වගේ හොයාගත්තේ පූජාවලියේ තිබිලා

      Delete
  11. ඉසිපතනයට ඒ නම යෙදුනේ මොකක් හින්දද?

    මතක් කරන්න එපා!

    http://kathandara.blogspot.com.au/2010/05/blog-post_25.html

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      මදැයි ඉසිපතනෙට නම හැදුණු හැටි ගිය දුරක් :P

      Delete
  12. Replies
    1. @ Vathsala

      ඒක ගත්තේ ගයාන් චානුක විදානපතිරණගේ අසූ මහා ශ්‍රාවක පොත් පෙළෙන්. ඒ ගැන අමුතුවෙන් සඳහන් කළේ නම් නැහැ අක්කේ. මොකද ඒ රූපේ ගත්තේ කොහෙන්ද වගේම ඒ සම්බන්ධ කතා ගොඩක් මේ බ්ලොග් එකේ කලින් කියලා තියෙන නිසා සාමාන්‍යයෙන් මේ පැත්තේ එන අය ඒ ගැන දන්න නිසා

      Delete
  13. ඔන්න ඉතින් කුතුහලය අවුස්සලා තියල.. :)
    වටිනා ලිපියක්. "සෘෂිවරු" ගැන වෙනම පොස්ටුවක් දාන්න බැරි වෙයිද මල්ලි. සෘෂිවරු කිව්වම "ඉසින් බැස්ස ගල" කියන නම මතක් උනේ මට.

    ReplyDelete
    Replies
    1. @ Chandana

      සෘෂිවරු කිව්වාම මට නම් මතක් වෙන්නේ ඉස්සර ගිය ටීවී ඇඩ් එකක්. කුමාරිකාවක් භාවනානුයෝගීව ඉන්න ඉසිවරයෙක්ගෙන් ඉල්ලනවා "ස්වාමිනී මට ඡවි කල්‍යාණය දෙනු මැනව" කියලා :D

      සෘෂිවරු ගැනත් යමක් ලියන්න බලන්නම් අයියා

      Delete
    2. @චන්දන : මැදවච්චිය කිට්‍ටුව තියෙන "ඉසින්බැස්සගල" රජමහා විහාරයද???

      Delete
  14. හැබැයි ප්‍රජාපතිය ගැන කිව්ව අනාවැකිය වැරදුනා නේද ? ඊළඟට පබ්ලිෂ් කරන පෝස්ට් එක තමා පෝස්ට් එක :D බලමු බලමු එහෙනම්...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      අනාවැකි කියලා තියෙන්නේ එක්කෝ මේක නැත්නම් මේක කියන තියරියට වගේ. නන්ද කුමාරයාත් සක්විති රජෙක් වෙන්න තිබුණත් එයාවත් මහණ කෙරෙව්වානේ. හැබැයි ඉතින් මොකක් වුණත් දෙවෙනි අනාවැකිය ටිප් ටොප් එකට වුණානේ.

      ඊළඟ පෝස්ට් එක එනකම් බලා ඉන්න එක පාඩුවක් නැතිවෙයි අයියා :)

      Delete
    2. ප්‍රජාපති ගෝතමියට හිටියා නන්ද කුමාරයි නන්දා කුමාරියි දරු දෙන්නෙක් .දෙන්නම පැවිදි වෙලා රහත් වුනා.රහත් වීම සක්විති රජකමටත් වඩා උතුම් දෙයක් .

      Delete
  15. හොඳ ලිපියක් මල්ලි! හැබැයි මට නම් හැමදාම හිතුණෙ, අර අනාවැකියට පස්සෙ මව් බිසවම ගැබ විනාස කරන්න හදනකොට ඒකට විරුද්ධ වුණු, ඒ වගේම කුමාරයාට රිදිලා ඇහැරුණොත් නින්දට බාධා වෙයි කියලා සැරව ටික ඉවත නොදා ගිල ගත්තු තාත්තා කෙනෙක් පුතාට "නූපන් සතුරා" කියලා නම තියාවිද කියලා.
    මට හැම වෙලේම හිතුණෙ මේ කියන්නෙ " නූපන් සතුරන් ඇති" හෙවත් සතුරන් කිසිවෙක් නැති කියන තේරුම වෙන්නැති කියලමයි.
    කොහොම වුනත් "අජාසත්ත" කියන පුද්ගල නාමය තියෙන අය ලංකාවෙත් ඉන්නවා නෙ? :D

    ReplyDelete
    Replies
    1. @ ලකී වික්‍රමසිංහ

      සමහර විට අශෝකට මිනිස්සු දාපු චණ්ඩාශෝක නම ප්‍රසිද්ධ වුණා වගේ කුමාරයාට දාපු ඇත්ත නමට වඩා එයා කරපු දේවලුත් එක්ක මිනිස්සු දාපු අජාසත්ත කියන නම ප්‍රසිද්ධ වුණා වෙන්න පුලුවන් අක්කේ

      අජාසත්තලා කොයි කාලෙද නැත්තේ....

      Delete
  16. හැමදාම වගේ උඹේ පෝස්ට් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත...
    වෙනද වගේ ඇවිත කමෙන්ට් එකක් දාල යන්න බැරිවෙයි..වැඩ ගෙඩකට හිරවෙලා..සමාවෙයන්

    ReplyDelete
    Replies
    1. @ කස්ස

      අවුරුද්දේ අන්තිම වෙද්දී හැමෝටම වැඩ වැඩියි. කියෙව්වා නම් ඒ හොඳටෝම ඇති අයියා

      Delete
  17. හෙට නිවාඩුවේ කියවන්නම් කියලා හිතන ලිස්ට් එකට මේකත් දාන්න බැරි උනා ලියලා තියෙන දේ සෑහෙන රසවත් නිසා.. මේ දේවල් ලියන එකනම් වටිනවා මලයා..

    ReplyDelete
  18. niyamai yaluwa...
    aluth deewal hugak dana gaththa...

    jaya....!

    http://katumatige.blogspot.com/

    ReplyDelete
    Replies
    1. @ Lanka Kata Katha

      අලුත් දෙයක් දැනගත්තා නම් එය මාගේ සතුටයි :)

      Delete
  19. මෙහෙම පොඩියට කඩල ලියන එකත් හොඳා..හිතට වදිනවත් වැඩී බං එතකොට..!

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      හැමදාම නෑ හැමදාම නෑ :D

      Delete
  20. අද හොඳටම මදි වගේ.. කමක් නැහැ. ඊළඟ එක ටිකක් වෙනස් එකක් වගේ කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      මේකෙන් මදි වුණු ඒවාත් අල්ලලා මේ ඉරිදා පෝස්ට් එකෙන් ඇස්ටි හැලෙන්න දීලා තියෙන්නේ :D

      Delete
  21. හැම නමකටම වගේ ගැලපෙන අර්ථයක් තියනවානෙ. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      තේරුමක් තියෙන නමක් වගේම නමේ විදිහට ඉන්නත් එපායැ. දැන් කාලේ දාන නම්වල එහෙම තේරුමක් තියෙනවාද දන්නෙත් නැහැ. කියන්න ගියාම කට, දිව ඔක්කොම උලුක් වෙනවා :D

      Delete
  22. හැමදාම වගේ වටිනා ලිපියක් හසිත. ඉසිපතනෙ, මිගදාය හැමදෙයක්ම දඹදිව වන්දනාවේ දී දැනගත්තා. අනෙක් කරුණු අද දැනගත්තා. ස්තූතියි!
    http://piyumvila.blogspot.com/2012/12/5.html

    ReplyDelete
    Replies
    1. @ Chandi

      මම කලින් දවසකත් කිව්වා වගේ ඔබතුමී වාසනාවන්තයි අපි කතන්දරවලින් කියවන තැන් හැබැහින්ම දැකගන්න පුලුවන් වුණු නිසා

      Delete
  23. මල්ලි පුලුවන්නම් ලංකාවේ ගම්වලට, මිනිස්සුන්ට නම් හදුන හැටිත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. @ චාමර

      අදහස හොඳයි. ඒකත් ඉස්සරහට ලියන්න ඉන්න කතා ලිස්ට් එක දාගත්තා අයියණ්ඩි :)

      Delete
  24. nනම් ගම ඉස්සර අහාල් තිබුනට මෙච්චර විස්ටහ්රයක් දන්නේ අදනේ

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      මේවා ඉතින් පොත්පත්වල අහුමුළුවල තියෙන කතානේ

      Delete
  25. දැන් නම් අනිත් අයට නම් හැදුන විදිහත් දැනගන්න ආසයි..ඒත් හැමදාම සරල දේවල් ලියන්න කියලා ඉල්ලන්නත් බැහැනේ..

    ඊළඟ ලිපියට ඇඩ් එකක් දාලා නිසා අනිවාර්යෙන්ම බලනන්න එන්න එපැයි..:D

    ReplyDelete
    Replies
    1. @ රූ....

      අනිත් නම් ගම් ගැනත් ඉඩ ලැබෙන වෙලාවට ලියන්නම් අක්කේ. ඊළඟ ලිපියට දාපු ඇඩ් එක නිසා බලාගෙන ඉන්න අය ඉන්නවා වගේ :D

      Delete
  26. නියමයිනෙ. කොස් පොලොස්ම කාලා ෆෘට් සැලඩ් එකක් කෑවා වගේ. :D
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  27. වටිනා ලිපි පෙළක් ..ඊලග ලිපිය එනතුරු සිටිමි.බොහොම පිං

    ReplyDelete
    Replies
    1. @ sampath silva

      ස්තුතියි අගය කිරීමට :)

      Delete
  28. කපිලවස්තු පුරයට නම හැදුණු හැටිත් කියන්නකෝ අයියේ....

    ReplyDelete
    Replies
    1. @ අනූ

      ඒක ටිකක් දිග කතාවක් නඟා. මෙතනින්ම ඒක කියෙව්වා නම් පහසුයි

      http://aagiyakatha.blogspot.com/2012/11/blog-post.html

      Delete
  29. niyama lipiya aiye...godak dewal danagaththa

    ReplyDelete
  30. ගුරුගෙදර වෙබ් අඩවියෙහි දිනපතා යාවත්කාලින වන මෙම බ්ලොග් අඩවිය දිනපතා සෑම මොහොතකම දැනගන්නට අසන්නට ලැබෙන පුවත් එසැනින් මෙහි පල කරනු ලැබේ ඔබත් මෙම බ්ලොග් අඩවිය වෙත එකතු වන ලෙස ඉල්ලා සිටිනවා www.gurumag.blogspot.com

    ගුරුගෙදර වෙබ් අඩවිය නිදහස් e අධ්යාාපනයක් උදෙසා සියලු දෙනාටම විවෘතව පවතී. www.gurugedara.org මේ හා එක්ව ඉගෙන ගන්න ලෝකය දිනන්න.

    නොමිලේ දැන්වීමක් පල කර ගැනීමටනම් gurulugomi2014@gmail.com ඊ -තැපෑල වෙත යොමුවන්න.

    ReplyDelete
    Replies
    1. @ kottegoda veranga

      ස්තුතියි දැනුවත් කිරීමට :)

      Delete
  31. මම අහල තියෙන්නේ යශෝදරා දේවියගේ නම හැදිලා තියෙන්නේ යස උදර කියන දෙක එකතුවෙලා කියල. ළදරියක් කාලේ ඉඳලම ලස්සනට රැලි හයක් වැටුණු නොපිම්බුණු උදරයක් තියන නිසා මේ නම වැටුනා කියලයි මම අහල තිබ්බේ. හොඳ ලිපියක් මල්ලි. නරකද ලංකාවේ දැනට ඉතුරු පරණ කුල පරම්පරා ගැන ගවේෂණයක් කලොත්?

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      නමට කතා ගොඩයි වගේ :)

      ලංකාවේ කුල පරම්පරා ගැන ගවේෂණයක් කරනවා කියන එක නම් සංකීර්ණ වැඩක් අයියා. කෝකටත් කලින් ඉතිහාසයේ අප්‍රකට කතා ලිපි ලිව්වා වගේ ඒ ගැනත් යමක් කියන්න බැරිවෙන එකක් නැහැ

      Delete
  32. ඊළඟ ලිපිය මොකක්ද බොලේ?

    ඔය මොනා දැනගත්තත් හසිත දන්නෙ නෑනෙ ථූපාරාමයට නම වැටුනු හැටි.. :)

    ReplyDelete
    Replies
    1. @ හරී

      ඊළඟ ලිපිය මොකක්ද කියලා දැන් දන්නවානේ :D

      ස්ථූපක් නිර්මාණය කරපු තැනම ආරාමය නිර්මාණය කරපු නිසා ථූප ආරාමය ථූපාරාමය වුණා කියලයි අහලා තියෙන්නේ. ඒ කතාව හැර තවත් කතා තිබේද :P

      Delete
    2. නෑ.. නෑ..

      ථූපාරාමය හදපු රජ්ජුරුවන්ට (මට නම මතක නෑ) හිතුනළු අලුතින් විහාරයක් කරවන්න.. ඉතින් රජතුමා ඒකට සුදුසු තැනක් දැන නොහිටපු නිසා රාජපුරුෂයන්ව යැව්වලු තැනක් බලාගෙන එන්න.. ඉතින් සෑහෙන මහන්සියක් ගත්තු රාජපුරුෂයො දැන් තියෙන තැන හොයාගෙන ආවලු..

      ඉතින් රජ්ජුරුවන්ට තියෙන තැන විස්තර කරපු ගමන් රජ්ජුරුවන්ගෙ කටින් පිටවුනේ 'ටූ ෆාර් ටූ ෆාර්' කියලලු.. මොකද තමුන්ට උදේහවා වඳින්න විහාරයක් කරද්දි ළඟපාත හදන්න ඕනනෙ.. ඒකයි රජතුමා හුඟක් දුරයි කියලා තියෙන්නෙ.. මේක නොතේරුන රාජපුරුෂයො එතන විහාරයක් කරවලා රජතුමා දාපු 'ටූෆාර්' නමින් ටූෆාරාමය කියලා නම තිබ්බලු.. ඒක තමයි පස්සෙ ථූපාරාමය උනේ..

      Delete
    3. @ හරී

      //...ථූපාරාමය හදපු රජ්ජුරුවන්ට (මට නම මතක නෑ)...//

      මේ රජ්ජුරුවෝ දේවානම්පිය තිස්ස රජ්ජුරුවෝ

      බලාගෙන ගියාම ඒ කාලෙත් අද කාලේ වගේ හොඳ හොඳ රාජ පුරුෂයෝ ඉදලා තියෙනවා වගේ :D

      Delete
    4. @හරී : උබත් පද නිරුක්ත කරන්නෙ, "වර්ගපූර්ණිකාව" ලියන "මීවනපලානෙ ජයරත්න" වගේනි. :ඩී

      Delete
    5. @ හසිත,

      මතක් වුනා.. එතකොට මේක ලංකාවෙ පළවෙනි විහාරය වෙනවාද?

      එතකොට තපස්සු භල්ලුක හදපු ගිරිගඬුසෑය?

      @ de silva,

      :D

      Delete
    6. @ හරී

      //...එතකොට තපස්සු භල්ලුක හදපු ගිරිගඬුසෑය...//

      ඓතිහාසික මූලාශ්‍රය අතින් බලද්දී ලංකාවේ ඓතිහාසික වශයෙන් ප්‍රථම ස්ථූපය විදිහට සළකන්නේ ථූපාරාමය. මොකද ඒක කරවපු පුද්ගලය වෙන දෙවනපෑතිස් රජතුමා ගැන වගේම ඒ ස්ථූපය ගැනත් මූලාශ්‍රය රැසක් හම්බෙන නිසා.

      ගිරිහඬු සෑය ගත්තොත් ඒ ගැන මහාවංසය නිහඬයි. ඒත් තපස්සු භල්ලුක දෙපළ කළා යැයි සැලකෙන ගිරිහඬු සෑ කීපයක්ම ලංකාවේ තියෙනවා. ඒ වගේමයි ස්වෙදගොන් සෑයත් තපස්සු භල්ලුක කළ බව කියවෙනවා.

      ඒ හැරෙන්න මහාවංසය වගේ මූලාශ්‍ර පිරික්සද්දී බුදුන් වැඩ සිටි කාලයේදීම මහියංගණය, නාගදීපය, කැලණිය, කිරිවෙහෙර, මුතියංගණය වගේ ස්ථාන කීපයකම ස්ථූප කරවපු බව පේනවා.

      Delete
  33. @ shirani janaki

    ස්තුතියි දැනුවත් කිරීමට :)

    ReplyDelete
  34. "ඉසිපතනය මිගදාය", "බිම්බිසාර" වගේ නම්වල තෙරුම් නම් මීට කලින් දැනන් හිටියා. ඒත් අනිත් ඒවා දැන ගත්තෙ අද.
    හැමදාම වගේ වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. @ de silva

      යමක් කමක් දැනගත්තා නම් ඒක මගේ සතුටයි :)

      Delete
  35. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා..
    නාගර්ජුන ඍෂි තුමා ගැන පොඩ්ඩක් තොරතුරක් ලැබුනොත් දාන්න අයියේ.මම හොයනවා හොයනවා තාම හම්බුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      නාගාර්ජුන කියන ඉසිවරයෙක් නෙමේ නේද ?? ප්‍රසිද්ධ මහායානික භික්ෂුවක් නේද ??

      Delete
    2. දියසෙන් කුමාරයා සම්බන්ධව ග‍්‍රහ පිහිටීම් තියෙන කවියේ හැටියට කේන්දරයක් හැදෙන දවසක් බැලුවා. මෑත කාලීනව එහෙම දවසක් ආවෙ 2003 මැයි 01 දවසෙ. ඒත් එදා වෙච්ච විශේෂ සිද්ධියක් හොයාගන්න ලැබුණෙ නෑ. අපි බලමු එදා ඔය කියෙන කෙනා ඉපදලාවත්ද කියලා. එහෙම නැත්නම් මේ ග‍්‍රහ පිහිටීම් ගැන කතාව නිකන්ම හිතලුවක්ද කියලා.

      Delete
    3. දියසෙන් කුමාරයා සම්බන්ධව ග‍්‍රහ පිහිටීම් තියෙන කවියේ හැටියට කේන්දරයක් හැදෙන දවසක් බැලුවා. මෑත කාලීනව එහෙම දවසක් ආවෙ 2003 මැයි 01 දවසෙ. ඒත් එදා වෙච්ච විශේෂ සිද්ධියක් හොයාගන්න ලැබුණෙ නෑ. අපි බලමු එදා ඔය කියෙන කෙනා ඉපදලාවත්ද කියලා. එහෙම නැත්නම් මේ ග‍්‍රහ පිහිටීම් ගැන කතාව නිකන්ම හිතලුවක්ද කියලා.

      Delete
  36. දියසෙන් කුමාරයා සම්බන්ධව ග‍්‍රහ පිහිටීම් තියෙන කවියේ හැටියට කේන්දරයක් හැදෙන දවසක් බැලුවා. මෑත කාලීනව එහෙම දවසක් ආවෙ 2003 මැයි ස දවසෙ. ඒත් එදා වෙච්ච විශේෂ සිද්ධියක් හොයාගන්න ලැබුණෙ නෑ. අපි බලමු එදා ඔය කියෙන කෙනා ඉපදලාවත්ද කියලා. එහෙම නැත්නම් මේ ග‍්‍රහ පිහිටීම් ගැන කතාව නිකන්ම හිතලුවක්ද කියලා.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................