Sunday, March 18, 2012

අකාලයේ මිලින වුණු තවත් සරසවි කුසුමක්


Science faculty එකේ Dean ආරම්භක සංඥාව දීපු ගමන් campus එකේ මැරතන් ශූරයා එකම තියාගෙන Road race එකට start එක ගත්තා. මිනිහා කොච්චර දක්ෂයාද කියනවා නම් එදා අඟහරුවාදා තිබුණු fitenss test එකේදී අපි පිට්ටනිය වටේ භාගයක් දුවද්දී මිනිහා එක වටයක් complete කරලා ඊළඟ වටයෙන් ටිකක් දුර දුවලත් ඉවරයි.

Science faculty එකේ තියෙන post office එක ගාවින් ඇරඹුණු campus එකේ Sports Centre එකෙන් වාර්ෂිකව කරන Road Race එකට මේ පාරත් sports කරන අය වගේම දුවන්න කැමති අයත් ගැහැණු පිරිමි භේදයකින් තොරව ඇවිත් හිටියා.

Road race එකේ route එක තමයි science faculty එකේ post office එක ගාවින් පටන් අරන් තෙල් බැම්ම පහු කරන් පහළට ගිහින් Staff කැන්ටිම ගාවින් සයිබේ ground එකට ගිහින් එතනින් ආයි science faculty එකට ඇවිත් DH එක වටෙන් ආයි post office එක ගාවට. මේ විදිහට වට 5 ක් පිරිමි ළමයින්ටත් වට 2 ක් ගෑණු ළමයින්ටත් දුවන්න වුණා road race එක complete කරන්න.

Road Race එක පටන් අරගෙන මුල්ම වංගුව ගත්ත ගමන් ගෑණු ළමයෙක් මහී කාන්තාව සිප ගත්තා. මම ඉතින් මනුස්සකමට එයාව නැගිට්ටවන්න ගියාම එයා පටස් ගාද්දී නැගිටලා ආයි දුවන්න ගත්තා :) මම වටපිට බැලුවා මාත් එක්ක හිටපු නෝබයි ස්වීටයි කෝ කියලා. මුන් දෙන්නා පණ කඩාගෙන දුවනවා.

පස්සේ මට අමිලයාව සෙට් වුණා. ඉස්කෝලේ ෆිට් එකටත් එක්ක අපි දෙන්නා එකටම දුවගෙන ගියා. හති වැටෙන කොට ඉතින් අපි ඇවිදගෙන ගියා. හති නම් ඉතින් දුවන්න බැරි නම් මැරෙන්නද ?

සයිබේ හරියට වෙලා rugger කරන එවුන් සෙට් එක කියව කියවත් හිටියා දුවන්නේ නැතුව. උන්ගේ duty එක වුණේ දුවන එවුන්ට අනම් මනම් කිය කිය හිටපු එක :))

ඔය විදිහට ඉතින් මායි අමිලයයි වට 4 ක් විතර දුවද්දී මම නිකමට වගේ ඇහුවා check point එකක හිටිය ගෑණු ළමයෙක්ගෙන් "මම rounds කීයක් දිව්වද" කියලා.

එයා කියනවා "මේ ඔයාගේ අන්තිම round එක" කීයලා.

පස්සේ මම කිව්වා "ඔයා බොරු කියන්න එපා මේ 4 වෙනි එක. මට ටිකක් ෂුවර් මදි නිසා ඇහුවේ. ඔයා බොරු කියලා මාව නොමග අරින්න නේද යන්නේ" කියලා :))

5 වෙනි round එක එහෙම නැත්නම් අන්තිම එක දුවද්දී අපේ Wrestling team එකේ captain එහෙමත් අපිට සෙට්වුණා. මේ අල්ල පනල්ලේම අමිලයාට කික් එකක් ඇවිත් දකින දකින කෙල්ලට " I Love You" කිය කිය කෑ ගගහා යනවා :))

මූ DH එක ගාව තිබුණු tap එක ගාවින් රිංගන්නත් ගිහින් මව්බිම සිපගත්තා. මම නැගිට්ටවන්න යද්දී මූම නැගිටලා කඩාගෙන බිඳගෙන ආයි දුවනවා. බැලින්නම් අමිලගේ හාමිනේ ඉස්සරහට එනවා. :))

මේ අස්සේ මගේT-Shirt එකේ ගහලා තිබුණු අංකේ වැටිලා. බඩු බනිස් නේ ඉතින්. මම හිමින් සැරේ බිම බලාගෙන යද්දී තෙල් බැම්ම හරියේ අංකයක් වැටිලා තිබුණා 221. ඒක මගේ අංකේ. මට ෆුල් හැපි :)

ඒකත් අතේ තියාගෙන check pointsවලට පෙන්න පෙන්න අන්තිමටම ground එකට ඇවිත් race එක ඉවර කරපුවාම Sports එකේ සර් ඉන්නවා ඉස්සරහ අංක check කර කර.

සර් ඇහුවා "කෝ අංකේ" කියලා. මම ඉතින් අංකේ පෙන්නුවා.

සර් ඇහුවා "මේක ඔයාගේම අංකෙද" කියලා.

මම කිව්වා "ඔව් සර් 221 මගේ අංකේ තමා" කියලා.

පස්සේ සර් කියනවා "වෙන්න බැහැනේ" කියලා.

මම දෙලොව රත් වුණා. ඇයි දෙයියනේ අමාරුවෙන් වට 5 ක් දුවලා ආපුවාම අංකේ මගේ නෙමෙයි කියද්දී රත් වෙන්නේ නැද්ද

පස්සේ සර් කියනවා "අපි කහ කාඩ්වල නිල් පාටින් ලිව්වේ girlsලගේඅංක. boysලගේ අංක ලිව්වේ රතු පාටින්නේ" කියලා.

මගේ අතේ තියෙන කාඩ් එකේ 221 ලියලා තියෙන්නේ නිල් පාටින්. පස්සේ ඉතින් මම සර්ට කිව්වා අංකේ වැටුණා. හොයාගෙන යද්දී 221 හම්බුණා කියලා. පස්සේ සර් හිනාවෙලා රතු පාටින් 221 ලියලා දුන්නා box එකට දාන්න. ඒකෙත් වෙලාව කියන්නේ මට 221 ම හමුවුණු හැටිනේ :)

අන්තිමට ඉතින් wash room එකට ගියාම wash එකක් දාගන්න එතන පෝලිම පිරෙන්න. අපි ඉතින් හිමින් සැරේ wash එකකුත් දාගෙන lecture එකට ගියා.

දවල් කන්න ගිය වෙලාවේ news එකක් ආවා road race එකට ආපු 2nd year නංගි කෙනෙක් අන්ත්‍රා වෙලා කියලා. පස්සේ හොයලා බලද්දියි news එක හරියටම දැන්ගත්තේ Commerce එකේ 2nd year මල්ලී කෙනෙකුයි නැතිවෙලා තියෙන්නේ කියලා.


campus එකේ බේස්බෝල් team එකේ සාමාජිකයෙක් වුණු කඩ්ඩා මල්ලී වට 5 ත් complete කරලා බෝඩිමට ගිහින් ඒ වෙලාවේම නාලා තියෙනවා. ඊට පස්සේ පපුව රිදෙනවා කියපු නිසා යාළුවෝ සිද්ධාලේප එහෙමත් ගාලා තියෙනවා. මෙයාට වමනේ යන්න ගත්තු නිසා කිරිබත්ගොඩ hospital එකට අරගෙන ගියාට පස්සේ තමා නැතිවෙලා තියෙන්නේ.

මරණ පරීක්ෂණයේදී කියලා තියෙන්නේ හදවතේ නාලයක තියෙන හීනිබව මේකට හේතුවක් කියලා. ඉතින් සරසවි ජීවිතයක් අකාලයේ මිලින වුණේ එහෙමයි.

සමහර විට race එකේ ඉද්දිත් අමාරුවක් තියෙන්න ඇති. ඒත් යාලුවෝ සෙට් එකම දුවද්දී, කෙල්ලොත් දුවද්දී අමාරුවක් තිබුණත් නවත්තන්න හිතෙන්නේ නැහැනේ.

ඒ වගේමයි මහන්සි වෙලා ආපු ගමන් නාලා එහෙමත් තියෙනවානේ. කොහොමින් කොහොම හරි අද තමා ගෙදරට body එක ගෙනාවේ. අපිත් ගියා අද හවස මළ ගෙදර.

ජීවිතේ තමා ජීවිතේ. අද කඩ්ඩා මල්ලිගේ දවස, හෙට අපේ දවස වෙන්න පුලුවන්.....

ජීවන ගමනේදී campus එකට ආපු
උදේ හවස campus කන්ද නැග්ග
කඩ්ඩා මල්ලී,
campus එකේ road race එක
වේගයෙන් දුවන්න ගිහින්
ජීවිතයෙන් ඉක්මනින් සමුගත්තත්
අපි ආයේ ඉක්මනින් මේ සංසාරේදී හමුවෙයි

එතෙක් සුභ රාත්‍රියක් සුභ ගමන් මල්ලියේ...................

ප.ලි.: කෙටියෙන් හරි Road Race එකේ විස්තරේකුත් එක්ක මේ වියෝව ගැනත් සටහන් කළේ ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන්න වගේම මේ මරණය දඩමීමා කරගෙන තමන්ගේ පටු අරමුණු ඉටු කරගන්න දරන පුද්ගලයන්ගෙන් "කඩ්ඩා මල්ලිව" ගලවාගන්න..........

12 comments:

  1. Mage saatheeshaya sanwega obata puda karami,,,
    Niwan dakna jaathi dakwa mewan akal maranayak obata ath nowewa,,,,,,
    Kumari,,,

    ReplyDelete
  2. හරිම කණගාටුදායකයි ..ඔච්චර දුරක් ඇවිත් මග වැටෙන්න වුනේ ඇයි කියල හිතද්දී ..ජිවිතේ පුදුමයි

    ReplyDelete
  3. හරිම කණගාටුදායක සිද්දියක් නෙ මල්ලි...

    කඩ්ඩා මල්ලිට නිවන් සුව අත් වේවා....

    ReplyDelete
  4. දුක් සීන් එකක් නේ.... කඩ්ඩට නිවන් සුව !!!!

    ReplyDelete
  5. ජීවිතේ හැටි තමයි..

    බොහොම දුක්බර කතාවක්.. රේස් එකක් දුවලා මැරුනා කිව්වාම...

    ඒ මල්ලීට නිවන් සුව පතමි..

    ReplyDelete
  6. කඩ්ඩා මල්ලිට නිවන් සුව.........!

    ReplyDelete
  7. පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ කිව්වලු.

    කඩ්ඩා මල්ලිගෙ මතු ජීවිතය යහපත් එකක්ම වේවා !!

    ReplyDelete
  8. හරිම දුක්බරයි, තරුණ ජීවිතයක් නෙ. අපි ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
    හබැයි මමත් අහලා තියෙනවා ඔය මැරතන් වගේ තරඟ වලට දිව්වට පස්සෙ,නානව තියා වතුර වත් එක පාරට බොන්න හොඳ නැහැ කියලා.

    ReplyDelete
  9. සංසාරේ යලි මෙවන් අකල් මරණ සිදුනොවේවා!!
    කඩ්ඩා මල්ලියෙ උඔට නිවන් සුව!!!

    ReplyDelete
  10. හරිම පව්. ජීවිතේ කිසිම දෙයක් ස්තිර නැහැනේ නේද? ඒ උනත් අකාලේ මිලිනවෙන මේ වගේ මල් ගැන නම් ඇත්තටම දුකයි.

    ReplyDelete
  11. ඒ මල්ලිට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  12. කණගාටු දායක සිද්දියක් නේ....මල්ලියේ උඹට නිවන් සුව !!!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................