Wednesday, December 28, 2011

Bio Island First Sinhala Blogger කෙනෙක් ???


"අයියේ මේ Site එක බලන්න. මේ මම ලියන blog එක. http://nikamaa.blogspot.com/ "

ඒ විදිහට මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා ප්‍රමිත් මල්ලී මට facebook එකෙන් message එකක් එව්වා. ඉතින් මම ගිහින් blog එක බැලුවා වගේම ඒ ගැන comments එහෙමත් කළා.

ඊට පස්සේ එයාට ලියන්න අදහස් ටිකක් දෙන්න කිව්වාම මම කිව්වේ "ඒක ඔයාට භාර එකක්. හිතට එන කැමති දේවල් ලියන්න. ඒත් සීමාවක් තියාගෙන. කෝකටත් අනිත් අයගේ blogs ටිකක් කියවන්න. ඒකෙන් ඔයාගේ blog එකේ හැඩය ගැන ඔයාට අයිඩියා එකක් එයි" කියලා.

ප්‍රමිත්ගේ blog එක

එහෙම තමා ප්‍රමිත් එහෙමත් නැත්නම් අද ලංකාවම දන්න 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් පළමුවෙනියා වුණු රාජකීය විද්‍යාලයේ ප්‍රමිත් රුවන්පතිරණ ශිෂ්‍යයාගේ බ්ලොග් ආගමන කතාන්දරය.....

2002 ඉස්කෝලේ Scout Group එකට එකතු වුණු මට හම්බුණු අනේක විධ චරිත අතරින් විශේෂ ලක්ෂණ තිබුණු චරිතයක් තමා ප්‍රමිත් කියන්නේ. Scouting වලදිත් පොඩි පොඩි ජිල්මාට් වැඩ ප්‍රමිත් අතින් නොවුණාම නොවේ :))

ඒවත් එක්කම අනෙක් වැඩත් කරලා කාණ්ඩ නායකයෙක් විදිහට බාලදක්ෂ කණ්ඩායමේ ප්‍රමිත් වැඩ කළා කියලා තමා මට මතක. ඒත් ඉස්කෝලේ 8 හරි 9 හරි ඉද්දී ප්‍රමිත් accident වුණා වගේම කාලයක් නෑවිත් හිටියා කියන එකත් මගේ මතකේ තියෙනවා.

ඒ වගේමයි මම කලිනුත් කිව්වා වගේ ප්‍රමිත්ගේ ජිල්මාට් වැඩ වගේම කුතුහලය, දැනුම සොයන ආකාරයේ වැඩත් තිබුණා. ඒ අතරින් මට මතක් වෙන සිදුවීම දෙක තුනක් තියෙනවා. එකක් තමයි අපේ බාලදක්ෂ කණ්ඩායමෙන් සංවිධානය කරපු කියන "Shosoloza" බාලදක්ෂ දිනයේ souvenier එකට ප්‍රමිත් ලියලා තිබුණු article එක. ඒ වගේමයි දවසක් විද්‍යාලයේ සංවාද කවයෙන් සංවිධානය කරලා තිබුණු නවරඟහලේ තිබුණු සංවාදෙකදී අතීතයේ ඉදන්ම ලංකාවේ හැම ජන වර්ගයක්ම එකට එකතු වෙලා වැඩ කරපු හැටි ගැන අහපු ප්‍රශ්නේ.

පොඩි කාලේ ඉදන්ම ලොකු ලොකු දේවල් හොයන්න ලොකු ලොකු දේවල් ගැන ප්‍රශ්න අහන්න මේ ළමයා උනන්දුයි කියලා මට හිතුණු අවස්ථා තමයි ඒවා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ ඕකට තමා :)

2009 කැම්පරියේදී සහය බාලදක්ෂ නායකයින් සහ උපදේශකයින්. වම් පැත්තේ ඉදන් 4 වෙනියා ප්‍රමිත්

ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයෙක් වුණු ප්‍රමිත් එක්ක මම වැඩ කරපු අන්තිම camp එක තමා 2009 කොළඹ දිස්ත්‍රික් කැම්පෝරිය. මම සහය බාලදක්ෂ නායකයෙක් විදිහට කණ්ඩායම භාරව ඒ කඳවුරේ හිටිය. ඒ කඳවුරේදී තමා උපදේශකවරු විදිහට ප්‍රමිත් ඇතුළු batch එක පත් කෙරුණෙත්. ඒ කඳවුරේදීත් ප්‍රමිත් වගේම ඒ කණ්ඩායමත් යමක් කරන්න උත්සාහ කළා වගේම යමක් කළා.

ඊට පස්සේ A/L වැඩත් එක්ක ඇතිවුණු යම් යම් ප්‍රශ්නත් එක්ක ප්‍රමිත් නැවැත්තුවා කියලත් ආරංචි වුණා. මේ අවුරුද්දේ ජූලි මාසයේ තිබුණු ඉස්කෝලේ 2007/2008/2009 Prize Giving එකේ rehearsal ගිය වෙලාවක ප්‍රමිත් හම්බුණාම තවත් බාලදක්ෂ මිතුරෙක් වුණු ඉසුරු ප්‍රමිත් පෙන්නලා නියත විවරණ දුන්නේ "මේ ඉන්නේ මේ අවුරුද්දේ Bio Island First" කියලා.

කොහොම හරි පහුගිය දවසක A/L results out වුණානේ. මට රෑම sms එකක් එවලා ප්‍රමිත් කියලා තිබුණා "අයියේ මට A තුනයි" කියලා. ඒ වගේම එයා Bio වලින් Island first කියලා දැනගත්තාම ලොකු සතුටක් ඇතිවුණේ මාත් යමක් කියලා දීපු මගේ මල්ලී කෙනෙක් ලබාපු ඒ ජයග්‍රහණය ගැන හිතලා.

ඉතින් ප්‍රමිත් මල්ලී සියලු කටයුතු යහපත් විදිහට ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........... හොඳ දොස්තර මහත්තයෙක් වෙන්න.

ප.ලි.: 2008 අවුරුද්දේ Bio වලින් Isalnd First වුණු කවීන් වීරසිංහත් මගේ යාළුවෙක් තමා. අපි එකට Senior Prefects හැටියට හිටියා.

චානුක වත්තේගම දානවා වගේ මේවා තමා මගේ නේම් ඩ්‍රොපින් :))

හරි මැද ඉන්නේ කවීන්

18 comments:

  1. ප්‍රමිත් මල්ලිට අපිත් මුළු හඳින්ම සුභ පතනවා......

    ඒක නෙමෙයි හසිත අරක හැදෙන ගහ දෙ"පෙ"ත්තෙන් දැනේ නේද?

    ReplyDelete
  2. මමත් සුබ පැතුම් එක්කරනවා ඒ මල්ලිට!

    ReplyDelete
  3. එයාට හදවතින්ම සුභ පතනවා..

    ReplyDelete
  4. සුභ පැතුම්... හරිම සතුටුයි

    ReplyDelete
  5. අපේ සුභ පැතුමත් එක්කරන්න ,

    ReplyDelete
  6. ප්‍රමිත්ට සුබ පැතුම්. බලාගන ගියාම රාජකීය විද්‍යාලේ හැන්ඩියෝ ඉන්නවානේ. :D:D:D

    ReplyDelete
  7. ප්‍රමිත්තට අපි බ්ලොග් කරුවන් හැටියට එකාවන්ව සුබ පතමු. බ්ලොග්කරුවන් වන අපි හැමෝටම මෙය ආඩම්බරයක්.

    ReplyDelete
  8. සුභ පැතුම් ප්‍රමිත් මල්ලි...

    ReplyDelete
  9. සුභ පැතුම් ප්‍රමීත් මල්ලි....

    ReplyDelete
  10. bio කරපු හාදයෙක් විදිහට මම නම් කියන්නේ bio වලින් Island rank එකක් දාන්න පතාගෙනම එන්න ඔනේ..
    මගෙන් උණුසුම් සුබ පැතුම් මලයෝ හොද දෝස්තර මහත්තයෙක් වෙන්න..

    ReplyDelete
  11. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  12. සුබ නව වසරක් ( නව වසරේ ගැල්කරුවෙකු වේවා )

    ReplyDelete
  13. ඒ මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  14. යාලුවට මමත් සුභ පැතුවා කියන්න

    ReplyDelete
  15. හසිත අයියාටත් සුභ පතපු අයියලා අක්කලාටත් ගොඩක් ස්තූතියි.හසිත අයියා ගැනත් වචනයක් කියන්න ඕනේ. මොකද රාජකීය විද්‍යාලයේ හිටපු අනේකවිධ චරිත අතරෙ මම ආසම කරපු චරිතයක් තමයි හසිත චාමිකර ගුණසිංහ අයියා. අයියාව මට ඉස්සෙල්ලා හම්බෙනකොට අයියා 42 වන කොළඹ බාලදක්ෂ රන් කණ්ඩායමේ කාණ්ඩ නායකයෙක්. ඒ penguin කාණ්ඩයේ. අයියත් එක්ක සමීපව වැඩ කරන්න වෙන්නේ මම උප කාණ්ඩ නායකයෙක් කාලෙදි. එතකොට හසිත අයියා මගේ කාණ්ඩය භාර උපදේශක තුමා. ඒ වගේම අපේ කණ්ඩායමේ පදක්කම් ලේකම් වරයා. මේ කාලෙදි මගේ හිතෙත් තිබ්බා කවදා හරි හසිත අයියා වගේ වෙනවා කියන අදහසක්. අයියා වත් ඹය කාරනාව ගැන දන්නේ නැතුව ඇති. මට මතකයි ඒ පොඩි කොලුවා හසිත අයියා කතා කරන විදිහ, වැඩ කරන විදිහ එහෙම අනුකරණය කරනවා. (කුම්බලාවො මාලු කෑවා නම් විඳවාපන් බළලෝ).අයියා මගේ ලොග් පොත පරීක්ෂා කරලා මගේ අක්ෂර වින්‍යාසය නිවැරදි කරපු වාර ගණන එමටයි. (ඉස්සර මම ඖෂධ කියලා ලිව්වේ ඹෞෂධ කියලා).හසිත අයියා හැම දෙම විශ්ලේෂණය කරලා බලපු විදිහ මම හිතන විදිහ දියුණු වෙන්නත් ගොඩක් ඉවහල් වුනා. අනික අයියාගේ දේශන විලාසය,මම කතා කරන විදිහට ගොඩක් බලපෑවා. අයියා මාතලේ දන්කන්ද විද්‍යාලයේදී කරපු දේශනයත් මම අහං හිටියා කියලා අයියාට මතකවත් නැතුව ඇති. මගේ මේ ජයග්‍රහනයට විතරක් නෙමේ ජීවිතයේ අනික් පැති දියුණු කරන්නත් හසිත අයියා ඇතුලු අනෙක් බාලදක්ෂයින්ගෙන් ලැබුනු සහයෝගය සුලු පටු නෑ. ඉතින් හසිත අයියාටත් අනිත් අයියලාටත් ගොඩක් පින්. ඒ හැමොගෙමත් මේ බ්ලොග් අඩවිය කියවන හැමෝගෙමත් අනාගත පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ............
    ........
    නිකමා.

    ReplyDelete
  16. Oyata unusum subhapathum pramitha.... aadambarai ran kandayamatath..... nushen maths island 2nd ehemath ran kandayame baladakshayek neda..... eyatath subha pathum.....
    Jalitha Liyanage......

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................