ඉතිහාසය නැවත නැවතත් සිදුවේ කියන කතාව ප්‍රසිද්ධ කතාවක්. ඒත් ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕනේ. ඒ තමා ඉතිහාසය විටෙක ඒ ලෙසින්ම සිදුවන අතර විටෙක යම් යම් කොටස් සංශෝධන සහිතව වුවද මූලික සන්දර්භය තුළ නැවත සිදුවේ කියලා.
ඒක නිසාමයි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක වැදගත් කියලා කියන්නේ. මෑත කාලේ මම දැක්ක සිද්ධියකුත් ඊට අනුරූප ඉතිහාසයේ තියෙන සිද්ධියත් වර්තමාන කතා අතීත කතා දක්වලා පූර්වාපර සන්ධි ගළපලා කියන්නයි මේ සූදානම.
වත්මන් කතාව අපි හැමෝම හොඳට දන්න කියන කතාවක්. ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අසරණ වුණු විදිහයි. ඒත් දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක කතාව කියන්නම්කෝ.
2012 අවුරුද්දේ ලංකාවේ කටයුතුවලට මුදල් කටයුතු වෙන් කිරීම ගැන වගේ ඒවා තියෙන අයවැය වාර්තාව ඉදිරිපත් කරන මුදල් අමාත්‍ය ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය දවස පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ අය වැය වාර්තාව ජනාධිපතිතුමා කියවද්දී විපක්ෂයෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. විපක්ෂ මන්ත්‍රීවරු කෑ ගැහුවා වගේම බෝඩ් වගේකුත් ප්‍රදර්ශනය කළානේ. දැකපු උදවියට මතකනේ.
මේ වෙලාවේ තමා ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම විපක්ෂ මන්ත්‍රීවරු වාඩිවෙලා ඉන්න පැත්තට ගිහින් අත පය වන වන හිටියේ ( අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා කියන විදිහට ) මේ වෙලාවේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු ඉන්න පිටිපස්සේ පැත්තේ ඉදන් විපක්ෂේ පැත්තට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල වෙන්නේ. ඒත් මේක ජනාධිපතිතුමා ගාවට තමා වීසිවෙන්නේ.
අත පය වනපු හැටි කියන අමාත්‍ය ආචාර්ය මර්වින්
මේ අවස්ථාවේ ජනාධිපතිතුමා කියන එක හැමෝටම ඇහුණානේ. "ගැලරියෙන් වතුර බෝතලයක් ආවලු. පොඩ්ඩක් බලන්න. පොලිස්කාරයින්ට කියන්න" ඕකයි ජනාධිපතිතුමා කිව්වේ.
අන්තිමටම වුණේ ඒ දවසේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණු මේ කලහකාරී තත්වය ගැන නියෝජ්‍ය කතානායකතුමත් එක්ක එකතු වෙලා පරීක්ෂණයක් පවත්වපු කතානායකතුමා පාර්ලිමේන්තුවට යෝජනා කළා අය වැය කියෝපු දවසේ නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ගෞරවයට හානිවෙන විදිහට හැසිරිලා තියෙන නිසා එයාට පාර්ලිමේන්තු කටයුතු සතියකට අත් හිටවන්න කියලා.
මේ යෝජනාව පිළිගත්තු සභානායක නිමල් සිරිපාල ද සිල්වා ඒ තීන්දුව ඊට පහුවදා ඉදන්ම ක්‍රියාත්මක කිරීමට යෝජනා කළා. ඒක ස්ථීර කළේ මට මතක විදිහට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග
මෙතන හරියටම වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ එකක් කියලයි w3 lanka කියන්නේ
"මේ අසරණ සරණ ගුණවර්ධන වතුර බෝතලෙන් ගසා ඇත්තේ විපක්ෂ නායකවරයාට ය. එසේ ගසා ඇත්තේ ලොක්කාගේ කණ ළඟින් යන්නට ය. මූඩිය ගැලවුණු නිසා ලොක්කාගේ සරම ද තෙමමින් වතුර බෝතලය විපක්ෂ නායකවරයාගේ කකුල මුල වැටී ඇත."
මේ තීන්දුව දැනගත්තට පස්සේ අසරණ වුණු සරණ ඇමතිතුමා මෙහෙම කියලා කියනවා.
"එදා ඔය කලබලය සිදුවූ මොහොතේ මා සිටියේ පාර්ලිමේන්තුවේ උඩු මහලෙයි. ඔය කලබලය ටී.වී. වලින් පත්තරවලින් ප්‍රදර්ශනය කළා. ඔය එක ඡායාරූපයකවත් පෙනෙන්නට මා හිටියේ නැහැ. ටී.වී. දර්ශනවලින් මගේ රූපේ තිබුණේ නැහැ. ඒත් හුඟ දෙනකුට පෙනිලා තියෙන්නේ මා විතරයි. මා දන්නා තරමින් මම නම් වැරැද්දක් කරලා නැහැ."
වර්තමාන කතාව එහෙම වෙද්දී අතීත කතාව කියන්න උදව්වට ගන්නේ ඒ කාලේ හොඳ හොඳ කතා ගොඩක් තියෙන මහානාම හාමුදුරුවෝ ලියපු මහාවංසය. දැන් මේ යටගිය කතාව සිද්ධ වෙන්නේ ක්‍රි.පූ 161 දී විතර.
ලක්දිවේ උතුරු ප්‍රදේශ රැසක්ම අවුරුදු 44 ක් තිස්සේම පාලනය කරපු එළාර කියන සොළී රජතුමාගේ පාලනය අවසන් කරලා ලංකාව එක්සේසත් කරන්න රුහුණෙන් බිහිවෙන දුටුගැමුණු කුමාරයා සමත් වෙනවා. එළාර සහ එයාගේ පිරිස පරාජය කරලා සතියකට පස්සේ එළාරගේ ප්‍රධාන යෝධයෙක් වෙන දීඝජන්තුගේ බෑණා කෙනෙක් වෙන භල්ලුක කියලා දෙමළ යෝධයෙක් 60,000 ක සේනාවක් එක්ක ලංකාවට ආවා එළාරට ආධාර කරන්න.
ඒත් ඒ වෙනකොට එළාර සහ පිරිස ඉවරයිනේ. ඒක නිසා භල්ලුකත් පසුබසින්නේ නැතිව දුටුගැමුණුත් එක්ක යුද්ධයට එළඹෙනවා. කඬොල් ඇතාගේ පිටෙන් යුද්ධයට දුටුගැමුණු යද්දී එයාගේ පිටිපස්සෙන් දස මහා යෝධයන්ගෙන් එක් කෙනෙක් වුණු ඵුස්සදේව යෝධයාත් වාඩිවෙලා ගිහින් තියෙනවා side support එකට වගේ.
දැන් සේනා දෙකම යුද්දේ පටන් ගන්න face to face ඉද්දී භල්ලුක දුටුගැමුණුට අනම් මනම් කිය කියා අපහාස කළා කියලා තමා වංස කතාවේ තියෙන්නේ. ඒ ගමන්ම භල්ලුක try කරනවා දුටුගැමුණුගේ කටට ඉලක්ක කරලා ඊ තලෙන් විදින්න.
කොහොම නමුත් තමන්ගේ කට ඉස්සරහින් කඩුව තියාගෙන හිටිය දුටුගැමුණු ඊ තල පාරින් බේරෙනවා. ඒත් භල්ලුක මේක දකින්නේ නැතිව වැඩේ හරි ගියා කියලා හිතාලා fun එකේ කෑ ගගහා ඉන්නවා පොර දුටුගැමුණුගේ කටට ඊ තලෙන් විද්දා කියලා.
මෙච්චර වෙලා පිටි පස්සට වෙලා මේ ඔක්කොම බලාගෙන හිටපු ඵුස්සදේව මේ භල්ලුක තමන්ගේ රජතුමාට කරපු අපහාස ඒ වගේම දැන් මේ ඊතලෙන් විද්ද එක ඔක්කොම මතක් කරගෙන දෙන්නම් බැටේ කියලා හිතලා භල්ලුකගේ කට aim කරලා විදිනවා.
කොහොම හරි aim එක හරි ගිහින් භල්ලුක මැරෙනවා. ඒ යුද්දෙත් ඊට පස්සේ ඉවරයි. හැබැයි මෙතන ඊතලෙන් විදිද්දී දුටුගැමුණු රජතුමාගේ කනේ තිබුණු කුණ්ඩලාභරණෙක ගෑවීගෙන තමා ඊ තලේ යන්නේ. යුද්දේ වෙලේ රජතුමාට ඕක තේරුණේ නැහැ.
යුද්ධය ඉවර වුණාට පස්සේ තමන්ම හිතලා ඵුස්සදේව කන තුවාල කරගෙන ලේ අරගෙන රජතුමාට පෙන්නුවාම රජතුමා අහනවා මොකද මේ කියලා. එතකොට ඵුස්සදේව මෙහෙම කිව්වා කියලා මහානාම හාමුදුරුවෝ කියනවා
"රජුන් හා සමඟ එක් ම යානයෙක හිඳ රාජූපස්ථානයෙහි යෙදුණු ඇමතියෙකු විසින් ඔවුන් නොවිචාරා හීයක් විඳීමෙන් දඬුවම් ලැබිය යුතු වරදක් කර ලදී. මම එසේ කළෙමි. එසේ කරනුයේ ද ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණය ගටා හීය විද්දෙමි. එමතු ද නොව රජුන් නොවිචාරා ම එසේ කළෙමි. එහෙයින් මා වරදට අනුරූප වන සේ මා ගේ ලෙහෙ දැක්වීම කළෙමි"
ඊට පස්සේ රජතුමා කියනවාලු මෙහෙම "සෝවුර, මවිසින් සත්කාර ලැබීමට සුදුසුව සිටිමින් කවර හෙයින් මෙසේ කළෙහි ද ?"
අන්තිමට ඔක්කොම යුද්ධ ඉවර වෙලා අනුරාධපුරේ සිංහාසනාරූඪ වුණු දුටුගැමුණු රජතුමා ඵුස්සදේවගේ කාර්යය අගය කරලා ඒ විද්ද ඊතලේ කෙලින් අතට හිටවලා ඒක වැහෙනකම්ම රන්කාසි දාලා ඒවා ඵුස්සදේවට පිරිනැමුවා කියලා තමා මහානාම හාමුදුරුවෝ කියන්නේ.......
කතා දෙකේ summary ගත්තොත් ජනාධිපතිතුමාගෙ අය වැය කතාවට බාධා කරපු විපක්ෂයට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කරපු ඇමති සරණ සහ දුටුගැමුණු රජතුමාට අනම් මනම් කියලා අපහාස කරලා කටට ඊ තලේකින් විද්ද භල්ලුකට ඊ තලෙන් විද්ද සෙන්පති ඵුස්සදේව.
කතා දෙක කියලා අවසානයි. මේ කතාවල සමාන අසමානකම්, ඉතිහාසය නැවත වෙද්දී වෙනස් වුණු තැන්, ලබාගන්න පුළුවන් ආදර්ශ ගැන හිතන එක කියවන ඔයාලට භාරයි.

අපක්ෂපාතී ලෙස ඓතිහාසික කරුණු සමඟ නූතන කරුණු සංසන්දනය කරමින් පුවත් ඔබ වෙත ගෙන ආ මම කතා හසී
මේක මරු කතාව... අද කාලේ වගේ නම් විද්ද ඊතලේ කෙලින් අතට හිටවලා පුස්සදේවට වාඩි වෙන්න කියනවා... :D
ReplyDelete@ Beetle
Deleteඔව් එහෙම වෙන්නත් බැරිකමක් නැහැ :D
අර රජතුමාගේ ඇඟේ වහපු මැස්සාට නෙමේද ගහලා තියෙන්නේ?
ReplyDelete@ කතන්දර Kathandara
Deleteරජතුමා ගාව තව වඳුරෝ ඉන්න ඇති සමහර විට :D
"සෝවුර, මවිසින් සත්කාර ලැබීමට සුදුසුව සිටිමින් කවර හෙයින් මෙසේ කළෙහි ද ?"
ReplyDeleteඒ ඒකාලේ රජවරු ;)
@ මාලන්
Deleteඒකනේ. ඒ කාලෙනේ ඉන්න තිබුණේ අයි ඩෝන්ට් නෝ වයි :P
පට්ට ඉතිහාස කථාව. මන් මේක දැනන් හිටියෙ නෑ.. :) :)
ReplyDelete@ රත්නේ
Deleteදැන් හරි දැනගත්තානේ ලොක්කා
ඵුස්සදේවටත් තිස්ස කුමාරය එක්ක ඇයි හොඳයි කම් තියෙනව කියල ආරංචි වුණා නම් බලාගන්ට තිබුන වෙන හරිය...
ReplyDelete@ සපතේරු උන්නැහේ
Deleteඔව් ඒකත් වෙන්න පුලුවන්. හොඳ වෙලාවට තිස්ස කුමාරයා ඒ දවස්වල දිඟාමඩුල්ලට වෙලා හේනක් කුඹුරක් කරගෙන හිටියා
මේ ඉතුහාස කතාව නම් දැනගෙන හිටියේ නෑ මල්ලි. මාත් විශ්වාස කරනවා අතීතයේ සිදුවෙච්ච සිදුවීම් නැවත නැවතත් සිද්ද වෙනවයි කියන එක.
ReplyDelete@ මධුරංග
Deleteඅයියා හරි අයියේ :)
භල්ලුකට ඊතලය වැදුනට පස්සේ භල්ලුක දුටුගැමුණු මහරජතුමා දිහාවට පය දාල වැටෙද්දි ඵුස්සදේව යෝධයා තව ඊතලයක් භල්ලුක ගේ දණහිසට විදලා භල්ලුක මහරජතුමා දෙසට හිස ලා වැටෙන ආකාරයට සකස් කලාලු.
ReplyDelete@ තීර්ථ යාත්‍රිකයා
Deleteඔන්න රාජ සේවකයන්ගේ හිතේ රජතුමා වෙනුවෙන් තියෙන ගෞරවය
@මාලන්
ReplyDeleteNo record that says, Pussadeva tried to become king dethroning DutuGamunu..
නියම විග්‍රහය මචං.....
ReplyDelete@ මකුළුවා.....
Deleteතැන්කු :D
"මේක මරු කතාව... අද කාලේ වගේ නම් විද්ද ඊතලේ කෙලින් අතට හිටවලා පුස්සදේවට වාඩි වෙන්න කියනවා... :-D"
ReplyDeleteපළවෙනි කමෙන්ට් එකට සුදුසුම එක ලියලා තියෙන්නේ මේ පොස්ට් එකේද මන්ද? හිනාව නවත්ත ගන්න බැරි උනා.
අපරාදේ
අසරණ ගේ රෙද්දත් තෙමාගෙන ලොක්ක ලගට ගිහින් කියන්න තිබුණා "බොශ් බෝතල්පාර වැරදුනාට, ලොක්කගේ රෙද්ද තෙමුණට, බොශ් ගෙන් අහන් නැතුව බෝතල් ෆයිට් කලාට, හිලව් වෙන්න මගේ රෙද්ද මං තෙමා ගත්තා කියලා"
එතකොට බොශ් "උම්මා ඌම්...මා" කියලා දෙයි උම්මා.
@ Anonymous
Deleteබොස් උම්මා දීලා විතරක් නතර වෙන්නේ නැහැ හොඳ තානාන්තරයකුත් දේවි.... මේක නම් නියමම කතාවක් තමා :D
ඵුස්සදේවගේ නම කොහොමද ආවේ මල්ලි..ඒතේ තේරුම මොකක්ද?ප්‍රශ්ණය මේ කථාවට අදාළ නැහැ..දැනගන්නයි ඇහුවේ..
ReplyDelete@ සුජානි.......
Deleteමහාවංසයේ නම් තියෙන්නේ අක්කේ ඵුස්සදේව ගමේ විහාරයේ තිබුණු හක්ගෙඩියක් මහ හඬින් පිඹීමත් එක්ක උම්මාද ඵුස්සදේව කියලා ප්‍රසිද්ධ වුනා කියලා. ඵුස්ස කියන එකෙන් පිඹින වගේ අර්ථයක් එනවා කියලයි මට නම් හිතෙන්නේ.
වතුර බෝතලේ කෙලින් අතට හිටවලා ඒක වැහෙන්න රජතුමා මුකුත් දුන්නේ නැත්ද දන්නේ නෑ.
ReplyDelete@ sithuwilimandiya
Deleteඒක ඉතින් රජමැදුරේ කාගෙන් හරි තමා හරියටම දැනගන්නේ වෙන්නේ :D
@Anonymous
ReplyDeleteWhom are you talking about? Sarana Gunawardana or someone else? ;)
ඇනෝවාට පොඩ්ඩක් විතර පැටලිලා නේද?
ඒක මාර සිද්ධියක් නේ.. දැන් නේ ඒ කතාව දැනගත්තේ... ඒ වුණාට අය්යේ මේ පාර්ලිමෙන්තුවේ නම් වුණේ ආවර්ජනයක් නෙවෙයි කියල මට හිතෙන්නේ..
ReplyDelete@ රහස් පරික්ෂකයා
Deleteඔව් ඉතින් ඒකමත් නෙමේ. ඒක නෙමෙයිත් නෙමේ :P