"පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ" කියන කියමන තදින්ම හිතට දැනුන දවසක් තමා අද. ඒ අවුරුදු 6ක් වයසැති පුංචි මලිති නොඑන ගමන ගිය හැටි ඇහැව්වම.
පුංචි මලිති මේ ඉල් පෝය දා අම්මයි තාත්තයි එක්ක කැලණි පන්සල් ගිහිල්ල එහෙම ගෙදර එද්දි රෑ වුණා. මහන්සි නිසාම රෑ කෑම කන්නෙත් නැතුවම එයා නිදා ගත්ත.
මහ රෑ මලිති කෙඳිරිගාන සද්දෙට තාත්ත නැඟිටල බලනකොට බල්ලෙක් හපා කාල වගේ මලිතිගේ කකුළෙන් ලේ ගලනව දැකල. අම්මයි තාත්තයි මැද නිදන් හිටිය මලිතිගෙ කකුළ කාළ තිබුණෙ පොළඟෙක් !
මදුරු දැල ඇඳ මෙට්ටෙට යටකරල තිබිලත් ඒ කාලකණ්නි සතා මලිති හොයා ගෙන ආපු හැටි තමා කාටත් පුදුමෙ.....
කොළඹ මහ රෝහලට මලිතිව ඉක්මනටම ඇතුළු කළා.
ඒ පුංචි කෙල්ලගෙ වෙලාව !!! පොළොං විස නසන්න දීපු එන්නත් එයාට ඔරොත්තු දුන්නෙනෑ. ඇඟ ඉදිමිලා, ඇස් විකෘති වෙලා ගොඩක් දුක් වින්ද. දවස් 13ක් ම උහුලගත්ත වේදනාව තවත් උහුලගන්න බැරිව, අද උදේ පුංචි මලිති එයාගෙ සිරුර අතහැරල යන්න ගියා.....
මීට පැයකට විතර කලින් මං මලිතිගෙ මුලින්ම ගන්න වුණ අවසන් මංගල්ලයට යද්දි, මුළු ගමේම අය එයාගෙ ගෙදරට ඇවිත්. කතා නායිකා පුංචි මලිති සුදු ළමා සාරියක් ඇඳන් සාලෙ මැද සුදු මලින් සරසපු, ජීවත්ව ඉන්න කෙනෙක් නිදන්නෙනැති සයනයක නිදන් උන්න.
ඒ මූණෙ තිබුණෙ පුදුම පැහැපත් ගතියක්.හැබැයි විස නිසා වූ ඉදිමුම නම් එහෙම්මම තිබුණ.
ඇත්තමයි මේ කියන්නෙ, කවමදාකවත් මං ඒ වගේ ජීවී බවක් තියෙන මෘතදේහයක් දැකළ නෑ. අවසන් කටයුතු හැකිතාක් ඉක්මනට කරන්න කියන්න ඇත්තෙ ඒ ලස්සන වැඩි වෙලා තියෙන්නෙ නැති නිසා......
පුංචි මලිතිට නිවන් සුව පතන කොට මට මතක් උණේ සොරබොර වැවේ නෙළුම් මල් කඩද්දි දියේ ගිලී අකලට වියෝ වූ පුංචි දැරිවියක ගැන රත්න ශ්‍රී විජේසිංහ මහත්තය ලියපු කවිය
සුදු නෙළුම කෝ සොරබොර වැවේ...
මල් සුවඳ දුන් මහියංගණේ...
පුන් පෝය දා පාලොස්වකේ...
මල් නෙළා විකිණූ පන්සලේ..........
මල් සුවඳ දුන් මහියංගණේ...
පුන් පෝය දා පාලොස්වකේ...
මල් නෙළා විකිණූ පන්සලේ..........
පසු සටහන : කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ධනූෂ ප්‍රේමරත්න සොයුරා ලියන ලද මේ කතාව ඔහුගේ අවසරය ඇතිව මෙලෙස පල කරන ලදී.
ස්තුතියි ධනූෂ මල්ලී :)
දුක හිතෙන කතාවක්.
ReplyDeleteමං මේ වගේ තව කතාවක් කියෝලා තියෙනවා. දුර පලාතක පොඩි කෙලි පැටික්කියෙක් ගැන. දෙමව්පියෝ හේනට ගිහින්. මල්ලිව බලාගෙන ගෙදර ඉන්ණ අතරේ නයෙක් ගහලා.
මේ පොඩි ළමයා මල්ලිවත් වඩා ගෙන මල්ලකුත් අරගෙන හේන ට යන පාරේ වැටිලා ඉඳලා හමුවෙලා. මල්ලේ තිබිලා තියෙන්නේ එළියට යන කොට අඳින ගවුම. මොකද ගෙදරට අඳින ගවුමෙන් බෑනේ බේත් ගන්න යන්න!
දුකයි, ඇඬෙනවා. ඒත් මක් කරන්නද?
අනේ දෙය්යනේ . හරිම අපරාධයක් . මොනවා කියන්නද කියල හිතා ගන්නවත් බැහැ. මිනිස්සු ඔය සත්තු දුටු තැන මරණ එක සාධාරණයි කියන්න වෙන්නේ මේ වගේ වෙලාවට . දරුවෙක් නැති වෙනවා කියන එක මේ ලෝකේ ලොකුම දුක . ඒ අම්ම තාත්ත ගැන හිතා ගන්නත් බැහැ
ReplyDeleteදෙවියනේ,. ඒ පොඩි කෙල්ල ජීවිතේ හුරතල්ම කාලෙදි මේ ලෝකේ දාලා යන්න ගිහින්,. හරිම දුකයි,. අම්මා තාත්තට ඒ වේදනාව කොච්චර දැනෙනවා ඇත්ද?
ReplyDeleteදුක හිතෙන කතාවක්. දුක හිතෙන විදියට ලියලා තියෙන්වා. කතා ගේ කතාව ඊටත් දුකයි...
ReplyDeleteගොඩක් දුක හිතෙන කතාවක් හසිත...
ReplyDeleteමට මතකයි අපි පොඩි කාලේ අම්මලා නිදාගන්න කලින් ඇඳ ගසලා ඇඳ යට බලලා තමයි නිදා ගන්නෙ..අපේ ජීවිත රටාවත් එක්ක දාහකුත් දේවල් ඔළුවෙ තියාගෙන එන නිසා මේ පුරුද්ද මටත් අමතක වෙලා..
අම්මයි තාත්තයි මැද නිදාගෙන හිටිය පුංචි මලිති පොළගෙක් කෑව කිව්වම ඊටත් වඩා දුකයි..ඇත්තටම ජීවිතේ තණ අග පිණිබිදු වගේ තමයි..
දුක හිතෙන කතාවක් මල්ලි.මොනවා කරන්නද මලිතිගෙ ආයුෂ ඉවර වෙන්න ඇති.අර සින්දුව අහනකොටත් දුක හිතෙනවා.අදහසට ගැලපෙන්නම සංගීතයත් තියෙන නිසා දැනෙනවා වැඩියි.
ReplyDeleteහ්ම්ම් හිතට ගොඩාක් වැදුනා.. :(((
ReplyDeleteමම හිතුව සිරාවටම වෙච්ච එකක් කියල.හොඳටම දුක හිතුන
ReplyDeleteදරුවෙක් නැති වෙන එක මොනතරම්ම දුකක් වෙනවා ඇතිද දෙමව්පියන්ට...මේ ලඟදි දැක්කා තාප්පය කඩාගෙන ඇව්ත් ගෙදර ඉස්තෝප්පුවේ හිටපු අයියා මල්ලි දෙන්නම යටවෙලා මැරැණු සිද්ධියක්...ඒත් ඒ අම්මටයි තාත්තටයි හිටපු දරුවන් දෙන්නා..එක්කෙනෙක් උපාධියත් අරන් !වෙඩින් එනටත් ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නේ...තාප්පෙට යටවෙලා ඉඳගෙනත් අම්මේ මල්ලිව බලලා ඉන්න කියලලු කිව්වේ...එහෙම අකල් මරණ වෙන්නේ හුඟක්ම විශේෂ අයටවිමත් පුදුම සහගතයි නේද?
ReplyDeleteසංවේදි සටහනක් මල්ලි...
ReplyDeleteමාවත් දවසක් දා ලොකු පත්තෑයෙක් කෑවා නෙට් එක යට කරලා තියෙද්දී ඇතුලට රිංගලා ඇවිත්....!
දුක හිතෙන කතාවක් මල්ලි.
ReplyDeleteමේක ඇත්තම කතාවක්ද මල්ලි ? අම්මෝ ගෙවල් අස් පස් කරලා දාන්න ඕනා.
ඔය සිංදුවේ ලින්ක් එකක් දැම්මනම් පට්ට. අමරදේව මහත්තයගේ අප්‍රකට ඒත් ගොඩක් අය අහන ගීයක්...
ReplyDeleteඇත්ත ජීවිතය ගැන කියලා තියෙන කතාව නම්. පුංචි මලිති වැඩිහිටියෝ හැමෝටම හොඳ පාඩමක් කියලා දීලා යන්න ගිහින් නේද?
ReplyDeleteලස්සනයි
ReplyDelete