පහුගිය දවසක අපේ Campus එකේ මල්ලී කෙනෙක් ලියපු පොළඟෙක් දෂ්ඨ කරලා පොඩි ගැහැණු ළමයෙක් මියගිය කතාවක් "සුදු නෙළුම කෝ...." කියලා මම publish කළ කට්ටියට මතක ඇති. ඒක ඇත්ත කතාවක්. ඒකත් එක්කම අපේ හිතවත් ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් එක ලියන අභීත අයියාත් නයෙක් සහ පොළඟෙක් ගැන නයෙක් ඇරියා කට්ටියට මතක ඇති. ඒ post එකේම සර්පයෙක් දෂ්ඨ කළාම කරන ප්‍රතිකාර ගැන ලියලා තිබුණා.
ඉතින් මමත් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට වැඩ කරන නිසා අපිට උගන්වලා තියෙන මේ වෙන කොට නිවැරදි කියලා පිළිගන්න සර්පයෙක් දෂ්ඨ කලාම කරන ප්‍රතිකාර ගැන ඔයාලා දැනුවත් කරන්නයි මේ සූදානම.
මේ වෙන කොට නිවැරදි කියලා භාවිතා කරලා තියෙන්නේ ප්‍රථමාධාර කියන විෂය නිරන්තරයෙන්ම වගේ අලුත් වෙන විෂයක් නිසා. ඉස්සර කරපු සමහර ප්‍රතිකාර මේ වෙනකොට අහිතකරයි කියලා බැහැර කරලා පවා තියෙන නිසා. හරි අපි ආයි කතාවට එමු.
මුලින්ම අපි ලංකාවේ සර්පයෝ ගැන කෙටියෙන් දැනගමු. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඉන්න විවිධ සර්පයෝ වර්ග 93 ක් විතර හඳුනාගෙන තියෙනවා. ඒ සර්පයන්ගෙන් වැඩි දෙනෙක් දෂ්ඨ කරන්නේ නැහැ. සමහර සර්පයන් දෂ්ඨ කළත් එච්චර විෂක් නැහැ. විෂ සහිත දෂ්ඨ කිරීමක් වුනත් මාරාන්තික වෙන්නේ නැහැ.
ඒක නිසා ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන සර්ප දෂ්ඨ කිරීම්වලින් හුඟක් අය මරණයට පත්වෙන්නේ ඒ වෙලාවේ ඇතිවන අධික බය එහෙමත් නැත්නම කම්පනය නිසා.
ලංකාවේ මේ වෙනකොට හඳුනා ගෙන තියෙන උග්‍ර විෂ සහිත කට්ටිය තමා මෙයාලා
නාගයා [Cobra]
කුණකටුවා [Humped Nosed Viper]
මෙයාලා සෙට් එකෙනුත් මාරාන්තික විෂ සහිත වෙන්නේ මෙයාලා විතරයි
නාගයා
තිත් පොළඟා
තෙල් කරවලා
වැලි පොළඟා
මූදු කරවලා
සර්පයෙක් දෂ්ඨ කළා කියලා දැනගත්තම ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඒ ස්ථානයට ළඟා වෙන්න කලින් තමන්ගේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න ඕනේ. මොකද දෂ්ඨ කරපු සර්පයා ඒ අවට ඒ වෙද්දිත් ඉන්න පුළුවන් නිසා. එහෙම සැළකිලිමත් වුනේ නැත්නම් ඊළඟට මට සර්පයෙක් දෂ්ඨ කළෝ කියලා කෑ ගහන්න වෙන්නේ ප්‍රථමාධාර දෙන්න ආපු ප්‍රථමාධාරකාරයාට :)
පරිස්සමෙන් සර්පයා දෂ්ඨ කරපු මනුස්සයා ගාවට ගියා කියමුකෝ. ඊට පස්සේ හැකි ඉක්මනින් ඒ මනුස්සයාව ආරක්ෂාකාරී ස්ථානයකට අරන් යන්නත් වග බලා ගන්න ඕනේ. ඒක එයාට වගේම ප්‍රථමාධාරකාරයාටත් හොඳයි. මොකද අර සර්පයාගෙන් නැවත දෂ්ඨ කිරීමක් වුණත් වෙන්න පුළුවන් නිසා.
සාමාන්‍යයෙන් සර්පයෙක් දෂ්ඨ කරපු මනුස්සයෙක්ගේ මේ වගේ ලක්ෂණ දැකගන්න පුළුවන්
- සර්පයෙක් දෂ්ඨ කරපු සළකුණු හෝ සීරීමක්
- ඔක්කාරය, වමනය හෝ පාචනය
- හිසරදය
- පෙනෙන රූප බොඳවෙලා පෙනෙන එක
- ඇස් පිහාටු මලානික වීම, එල්ලා හැලීම
- ශ්වසන අපහසුතා
- නිදිමත ස්වභාවය, කරකැවිල්ල, ක්ලාන්තය
- ගිලීම හෝ කතා කිරීම අපහසු වීම.
- පපුවේ සහ උදරයේ වේදනාව හෝ තද ස්වභාවය
- ශ්වසනය දුර්වල වීම හෝ නතරවීම.
එතකොට දැන් මොනවද කරන ප්‍රතිකාර. මෙන්න මේවා තමා කරන්න ඕනේ ප්‍රථමාධාර ටික
- මානසිකව සනසන්න, බිය දුරුකරන්න.
- තුවාලකරු නිශ්චල කරන්න.
- ඇවිදීමට ඉඩ නොදෙන්න.
- දෂ්ඨ කළ ස්ථානය සබන් දමා මෘදු ලෙස හෝදන්න.
- තෙත තුවායකින් පිසදමන්න.
- වේදනාව සමනය වීමට පැරසිටමෝල් පෙති 2 ක් බීමට දෙන්න.
- වහාම රෝහලට ගෙන යන්න.
ඒ වගේම පුළුවන්කමක් තියෙනවා නම් විතරක් දෂ්ඨ කරපු සර්පයා පණ පිටින් හරි මරලා හරි රෝහලට ගෙනියන එක හොඳයි. ඒකෙන් සර්ප විෂ මොකක්ද කියලා හරියට හඳුනාගන්න පුළුවන් වෙන නිසා ඒක ප්‍රතිකාර කරන්න පහසුවක් වෙනවා වෛද්‍යවරුන්ට. හැබැයි සර්පයා අල්ලන්න ගිහින් අනිත් අයත් දෂ්ඨ කරගන්නවා එහෙම නෙමෙයි.
ඒ වගේමයි සර්පයෙක් දෂ්ඨ කළාම ඉස්සර කරපු ඒ වගේම ගමේ ගොඩේ කරපු මේ වගේ ප්‍රතිකාර තියෙනවා. ඒවා නම් කරන්න හොඳම නැහැ. ඒවායින් ලොකු හානියක් රෝගියාට වෙන්න පුළුවන්
- තුවාලය කපා විෂ ඉරීම.
- පීඩන තිරිංග දැමීම.
- තෙල් නස්න දියර නාසයට වත් කිරීම.
- මධ්‍යසාර බීමට දීම.
- තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පළතුරු යුෂ බීමට දීම.
- ඇස්ප්‍රීන් බීමට දීම.
- අධික ලෙස කලබල වීම වගේම රෝගියා කලබල කිරීම.
මේවා තමා සාමාන්‍ය අවබෝධය පිණිස දැනගන්න ඕනේ ඒවා. කෝකටත් හැමෝම වගේ ප්‍රථමාධාර ගැන සුළු හරි අවබෝධයකින් ඉන්න එක වටිනවා. මොකද සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත අනතුරකදී පහසුවෙන් බේරාගන්න පුළුවන් වුණත් ප්‍රථමාධාර නොදන්නකම නිසා ඒ ජීවිත නැති වෙන්නත් පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමා 2004 දී ලංකාවට සුනාමි ව්‍යසනය ආපු වෙලාව
ඉතින් ඒක නිසා පුළුවන් නම් ප්‍රථමාධාර පාඨමාලාවක් හඳුන්වන්. මේ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රථමාධාර සේවා 3 ක් තියෙනවා. ඒව තමා
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව
රතු කුරුස සංවිධානය
සෞඛ්‍ය දාන ව්‍යාපාරය
ඔය උග්‍ර විෂ සහිත අය අතරින් වැඩිම මරණ සිද්ධ වෙන්නෙ කරවලා නිසා. හේතුව නින්දෙදි දෂ්ව කලොත් දැනගැනීම අපහසුව. සර්පය අල්ලගෙන යෑමත් වැදගත්. නැත්තං ඉස්පිරිතාලෙදි ප්‍රථිකාර පරක්කු වෙනව.
ReplyDeleteහොඳ ලිපියක්....
ReplyDeleteගමේ වෙද මහත්වරු දූත ලක්ෂණයෙන් කාපු සර්පයා මොකාද කියලා කියන්නේ කොහොමද?
@රාජ්
ReplyDeleteසර්පයා අල්ලාගෙන යාම වැදගත්ම තමයි. ඒකෙන් සර්පයාගේ විෂ හඳුනාගෙන ඒක නසන්න ප්‍රතිවිෂ සකස් කරන්න වෛද්‍යවරුන්ට පහසුයි. කොහොම වුණත් ඒ වැඩේ කරන්න යද්දී හුඟාක් ප්‍රවේසම් වෙන්න ඕනේ
@හරී
ReplyDeleteඒක ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. සාම්ප්‍රදායිකව පැවත එන ක්‍රම තියෙනවා නූතන විද්‍යාවෙන් පැහැදිලි කරන්න අමාරු. ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද සහ මොකක් හරි ශාස්ත්‍රයක් ඒකට ගන්නවා වෙන්න ඇති
සහෝදරයා,
ReplyDeleteදාලා තියන නයා නම් ලංකාවෙ ඉන්න එකා (Naja naja) නෙවේ ඌ නම් අවුලක් නෑ,
ඒත් වැලි පොළඟට වෙන ෆොටෝ එකක් දාන්න,
මොකඩ නැත්තං මිනිස්සු රැවටිලා අහිංසක මාපිල්ලු මරයි,
මොකද මේ ෆොටෝ එකේ ඉන්නෙ මාපිලෙක් වගේ පේන්නෙ,
මොකද මාපිල්ලු තමා මේ වගේ පරිසර වල ඉන්නෙ.
වැලි පොළඟා ඉන්නෙ වැලි සහිත වියළි පරිසර වල,
මේ ෆොටෝ එක ලස්සන කරන්න ගත්තු එකක්,
මූව අඬුනගන්න පුළුවන් ඔළුවෙ තියන කුරුස සළකුණෙන්,
ත්ව මේ උග විෂ සෙට් එකට දැන් කුණකටුව සහ පළා පොළඟත් දාල,,,
කොහොම වුනත්,
වැදගත් ලිපියක් සහෝදරයා,
නියමයි,
දිගටමලියන්න :)
ජය වේවා!
ප්‍රථමාධාර ගැන ලියපු එක හරිම වටිනවා..
ReplyDeleteමේ වගේ ප්‍රථමාධාර ගැන ලිපි පෙළක් ලියන්න පුළුවන් නම් හොඳයි මලේ..
ප්‍රථමාධාර ගැන ලියපු එක හරිම වටිනවා..
ReplyDeleteමේ වගේ ප්‍රථමාධාර ගැන ලිපි පෙළක් ලියන්න පුළුවන් නම් හොඳයි මලේ..
@Gordonia ceylanica
ReplyDeleteස්තුති කරපු නිවැරදි කිරීම්වලට. ඒවා මම හරි ගැස්සුවා. පලා පොළඟාගෙයි කුණකටුවාගේ කතාවයි මාත් ටිකක් හොයලා බලන්නම්.
ඒ වගේමයි දිරි ගැන්වීමටත් ස්තුතියි :)
@රූ....
ReplyDeleteමගේ හිතෙත් පොඩියට අදහසක් තිබුණා ප්‍රථමාධාර ගැන ලියන්න. ස්තුතියි යෝජනාවට. ඉස්සරහට ප්‍රථමාධාර ගැන සරලව ලිපි පෙළක් ලියන්නම් එහෙම නම් :)
සිරා බොල.. අපේ රාජ් මහත්තයත් මෙහෙ රිංගනවද ?
ReplyDeleteමචං පැරසිටමෝල් දුන්නට කමක් නැහැ ඒත් ඇස්ප්‍රින් දෙන්න එපා කියල තියෙනවා. පැරසිටමෝල් වල ඇස්ප්‍රින් තියෙනවා නේද බං?
ජය ශ්‍රි.. ! වටිනා පොස්ටුව. මම ගැරඩියටත් බයයි බොල..
sAm sRi
Deleteපැරසිටමෝල් සහ ඇස්ප්‍රීන්වල අඩංගු වෙලා තියෙන ජාති වෙනස්. ගැරඬියාටත් බයවෙලා හරියන්නේ නැහැ. සතා අඳුරගෙන කටයුතු කලා නම් හරි :)
හුහ් සිංහල මුණියට උයල කන්නයි බැදල කන්නයි...යේක අපිට තමා පූෂ්පූෂ්...කිව්වලු.
ReplyDeleteඉන්දික උපශාන්ත
Deleteපරණ කතාවක් මතක් කළාට තැන්කු වේවා :))
@ඉන්දික උපශාන්ත : මොකක්ද ඒ කතාව...
ReplyDeleteහරී
Deleteඒක ඉන්දික මුනියාගේ පරණ කතාවක්. බ්ලොග් රෝල අවුස්සලා බලන්න මුල හරියෙම කතාව ඇති
සර්පයින්ට ඉන්න තැනක් නැතුව දැන් උනුත් නාගරීකරණය ෙවලා නිසා ෙම් ලිපිය ෙගාඩක් වැදගත්
ReplyDeleteසුජානි.......
Deleteඋනුත් වර්ගීකරණය වෙලා ගෝලීයකරණය වෙලා නාගරීකරණය වෙලා අන්තිමට වාණිජකරණය වෙලා තියෙන්නේ :))
මනම්පිටියේ ඉදලා වැලිත් එක්ක කොළඹ ආපු වැලිපොලගකු ගැන කථාවක් මමත් ඇහුවා බොහෝම ලගදී.
ReplyDeleteවැදගත් මාතෘකාවක්..
පෙදරේරුවා නොහොත් මේසන් බාස්
Deleteආහ් ඔබතුමාගේ වෘත්තියත් එක්ක බලද්දී එහෙම නම් පරිස්සම් වෙන්න වෙනවා සර්පයන්ගෙන්
මමත් නාග ගැරඩියෙක් මැරුවා එක දවසක් බයටම......
ReplyDeleteවිසකුරු නොවන නිර්විෂ සතුන් නොදැනුවත්කම නිසා මිය යනවා. ඒකට මහජන දැනුවත්බව වැඩිකරන්න ඕනේ
Deleteමම ලඟදී ඇහුවා එක සර්පයෙක් හැම ජාතියකමපැටවු දානවලු (ගැරඬියද පොළඟද මන්දා)...මම නම් පිලිගත්තෙම නෑ...ඒත් ගැමියෝ එහෙම කියනවා...දන්න කෙනෙක් ඉන්නවා නම් ඇත්ත පැහැදිලි කරන්න...අනික ඒගොල්ලෝ ඔය ගැරඬි නයි කතාවත් කිව්වා...
ReplyDeleteහරී
Deleteගැරඬියා කියලා තමයි ගැමියන් විශ්වාස කරන්නේ මට මතක විදිහට නම්. ඒත් ඒක ජීව විද්‍යාත්මකව වෙනන් බැහැ නේද ???
Obathumage lipiya hari wedagath thanks
ReplyDeleteAnonymous
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට
හොඳ ලිපියක් මචං...වටිනා කරුණු ටිකක්...
ReplyDeleteජංජාල චාමර
Deleteමීට පස්සේ සර්පයන්ට බයවෙන්න එපා පුතා :)
Thanks Hasitha.
ReplyDeletehenryblogwalker the Dude
Thanx 4 ur comment Mr. Henry :)
Deleteඅම්මෝ ඇග හිරි වැටුනා
ReplyDeleteවර්ණා
Deleteඇයි ඇත්තට සර්පයෙක් දැක්කද ? නැත්නම් සර්පයෙක් දෂ්ඨ කළාද ?
නියම පෝස්ට් එකක්.
ReplyDeleteඒකයි මං ආයෙත් ආවා ඔන්න.
වර්ෂා..
Deleteඔව් ඔව් සර්ප සෙල්ලම් හැමදාම නැහැ හැමතැනම නැහැ :))
එල එල. මේකත් බලන්න sithama.blogspot.com
ReplyDeleteනිර්මාල්
Deleteතැන්කු තැන්කු. එන්නම්කෝ ඒ පැත්තෙත් :)
methanadi kala youthu thawa wedagath deyak thamai...sarpaya dashta kala sthanaya heart ekata pahalin sitina se thaba rohalata gena yama. Paracetamol dena eka gena nam thawa duratath hithala balanna oni.....mokada beheth deema first Aid walata adala nehe. kohoma unath wede hondai....digatama karagena yanna
ReplyDelete@ Lalith
Deleteඔව් ඔබ හරි. ස්තුතියි කරුණු එකතු කිරීමට