Monday, September 26, 2011

ඇසි පිය මානෙන් නික්මුණු මහේෂ් අයියා


ඊයේ Facebook එකට ගොඩවුණු වෙලාවේ දැක්කා මහේෂ් හසන්ත සිල්වාට හුඟක් අය නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. මට පුදුමත් හිතුණා.

මහේෂ් අයියා ඉන්නේ අපේ ගෙවල් පැත්තේමයි. හරිම හිත හොඳ කෙනා. අපිත් එක්ක ඉස්සර 234 බස් එකේ යන එන එක්කෙනෙක්. ඉස්කෝලේ වුණත් විෂය සමගාමී වගේම විෂය බාහිර වැඩ කටයුතුවලට බොහොම තදින් සම්බන්ධ වෙලා වැඩ කරපු කෙනෙක්.

අන්තිමට එයා ඩී.එස්. සේනානායක විද්‍යාලයේ Head Prefect වුණා. ඉස්කෝලෙන් out වුණාට පස්සේ Higher Studiesවලට එයා Australia ගියා කියලා දැනගන්න ලැබුණා.

දැනට මාස දෙක තුනකට කලින් අපේ Campus එකේදී මට මහේෂ් අයියාව හම්බුණා. නිවාඩුවකට ඇවිත් ඉන්නේ අපේ කැම්පස් එකේ එදා තිබුණු drama එකක් බලන්න ආවා කියලා තමා එයා කිව්වේ.

පස්සේ දවසක මට සිංහල Blog එකක් කියවන්න හම්බුණා. ඇසි පියක මහිම කියලා. ඒකේ තිබුණේ දැකලා පුරුදු දෙන්නෙක්ගේ phtos . ආහ් මට කියන්න අමතක වුණා. මහේෂ් අයියාගේ Girl friend මාත් එක්ක ඉස්සර ඉස්කෝලේ ගිය මගෙත් හොඳ යාළුවෙක්.

ඉතින් මහේෂ් අයියා එයාගේ ආදරේ වෙනුවෙන් ලියපු blog එක මම කියවලා facebook එකෙන් message එකක් යැව්වා blog එක ගැන කියලා. මම ඒ blog එකට comment කරන්න ගියත් මොකක් හරි අවුලක් නිසා ඒක කරන්න බැරිවුණා.

මම ඒකත් කියලා message එකක් දැම්මා. ඒකටත් reply කරලා තිබුණා මහේෂ් අයියා. ඒක තමයි මහේෂ් අයියා ගැන මට මතක තියෙන අවසාන සිද්ධිය. ඒත් මාස 3 කට විතර කලින්.

ඉතින් ඊයේ මේ කතාව දැක්ක ගමන් මම කතා කළේ ඩී.එස්. එකේ හිටිය මගේ යාළුවෙක්ට. එයාගෙන් ඇහුවාම තමයි එයා කිව්වේ අද උදේ තැඹිලිගස්මුල්ල හන්දියේදී මහේෂ් අයියා ගිය bike එක ලොරියක් එක්ක accident වෙලා. ඒ වෙලාවෙම එයා නැතිවුණා කියලා. දැනට body එක රාගම Hospital එකේ තියෙන්නේ කියලා.

ඊයේ රෑ ගෙදරට body එක අරන් ඇවිත් තිබුණා.

අද උදේ හරියටම දැනගන්න ලැබුණා accident එක වුණේ කොහොමද කියලා. ඊයේ තිබුණු match එකකට මහේෂ් අයියා bike එකේ යද්දී එයාට bike එකේ side stand එක අකුලන්න අමතක වෙලා තියෙනවා.


කිරිබත්ගොඩ-මාකොළ පාරේ තියෙන තැඹිලිගස්මුල්ල හන්දිය හරියේදී bike එක ලොරියක් overtake කරගෙන යන්න යද්දී bike එක ඇලවුණු පාරට side stand එක අකුලලා තිබ්බේ නැති නිසා ඒකට බර වැටිලා bike එක කරකැවිලා පෙරලිලා තියෙනවා.

ඒ ලොරියෙම tyre එකකට මහේෂ් අයියාගේ ඔළුව ප්‍රදේශය අහුවෙලා දරුණු විදිහට තුවාල වෙලා. සිද්ධිය දැක්ක අය කියලා තියෙන්නේ මොළේ කොටස් එහෙමත් එළියට ඇවිත් තිබුණා කියලා.

හිත හොඳ හැමෝමත් එක්කම හොඳින් හිටිය හැමෝටම උදව් උපකාර කරපු අවංක ආදරයක් තිබුණු මහේෂ් අයියා කාටවත් නොකියාම යන්න ගිහින්……....................

ඉතින් සුභ රාත්‍රියක් මහේෂ් අයියා

මහේෂ් අයියා ලියපු ඇසි පියක මහිම බ්ලොග් අඩවියට

මහේෂ් අයියාගේ facebook account එකට


විශේෂයි : Motor Bike වල යන අය ඔය Side Stand එක අකුලලා ගමන යන්න පටන් ගන්න මතක තියාගන්න



ප.ලි.: පුද්ගලයෙක්ගේ වියෝවක් ගැන මේ මාසෙට ලියවෙන දෙවැනි post එක මේක. මේ වෙද්දී අපේ Blog සහෘදයෝ තුන් දෙනෙක් අපෙන් සමු අරගෙන.

මුලින්ම කුමුදු පින්තු මහත්මයා, ඊළඟට අපි හැමෝම හොඳට දැනගෙන හිටිය ඉලංදාරියා එහෙමත් නැත්නම් දිළුම්, අද මහේෂ් අයියා.........

මාරයා ලියලා තිබුණු කුජ මාරුව ගැන post එක කියෙව්වාද ? කෝකටත් අපි කවුරු කවුරුත් පරිස්සම් වෙන ඕනේ කාලයක් මේක. හෙට අපිද කියන්න බැහැනේ.

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ කියලනේ කියන්නේ.....

24 comments:

  1. විහඟ ගීතයේ හිමි කරුවාත් මේකට එකතු වෙන්න ඕන මල්ලි.... ඔබ සියලු දෙනාට සුභ ගමන්...

    ReplyDelete
  2. සොයුර ඔබට නිවන්සුව!!!

    ReplyDelete
  3. මහේෂ් අයියා ඔබට නිවන් සුව...!!!!!

    ReplyDelete
  4. ඇත්තටම ඔය ස්ටෑන්ඩ් එක ගොඩ දෙනෙක් අමතක කරන එකක්. අපේ තාත්තා කොච්චර පරිස්සම් උනත් මං බයික් එකට නඟින්න කලින් මාත් ආයෙම ස්ටෑන්ඩ් එක හදලයි නඟින්නේ. ඒත් පාරෙදි ඕනි තරම් අයට දැක්කම අපි කියලා ඇති. විශේෂයෙන් තරුණ අය හදිස්සියට පියාඹද්දි ඔව්වා අමතකයි. වැදගත් ඒකත් මතක් කරපු එක හසිත.....

    ඔවුන් සියළු දෙනාටම නිවන් සුව පතනවා......!!!!

    ReplyDelete
  5. අනේ මන්දා දැන් නම් මට මේ මරණ අහලා එපා වෙලා තියෙන්නෙ. ගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ ඉඳලා මරණ 15ක් විතර ඇහුවා දැක්කා ගියා ඔක්කොමලාම වගේ අවුරුදු 30 ට අඩු තරුණයෝ. ඔබ සියළු දෙනාම හැමෝගෙම ආදරේට පත් වුණ අය නිසා ඔබ වෙනුවෙන් අපි හැමෝම පින් අනුමෝදන් කරනවා. ඔබ සියළු දෙනාටම නිවන් සුව!

    ReplyDelete
  6. ඔහුට නිවන්සුව පතනවා....!

    ReplyDelete
  7. සොයුර ඔබට නිවන් සුව...

    ප/ලි - අම්මෝ බයික් පදින හැමකෙනාම දේව වාක්‍යක් වගේ මතක තියාගන්න ඕන දෙයක් තමා සයිඩ් ස්ටෑන්ඩ් එක අකුලන එක.

    ReplyDelete
  8. ඇත්තටම මට මේ සිද්ධිය අදහාගත නොහැකියි. අපේම මහේෂ් අයියා අපට නැතිවීම ගැන මහ දුකක් තියෙනවා. මට අද වගේ මතකයි අයියා අපිට කිව්ව දෙවල්. අපේ හොද නරක පෙන්නලා දුන්නේ මහෙෂ් අයියයි. මට දැනුත් අයියගේ කට හඩ ඇහෙනවා ... මට අන්තිමට අය්යාව හම්බවුනේ පසුගිය ඔස්ට්‍රේලියා , ශ්‍රි ලංකා තරගය දවසෙයි. එදා ඔහු අපි ලගටම ඇවිත් කථා කරලා ගියා... මැච් එක ඉවර වෙලා අපිත් අය්යාට යන්නම් කියලා ගියා . ඉතින් මහේෂ් අය්යේ ! ඔබ කල කී දෙවල් කවදාවත් අපිට අමතක වෙන් නෑ. ඔබට අජරාමර නිවන් සුව පතමි.. මීට ශෂිත මල්ලි (2008 කණ්ඩායම )

    ReplyDelete
  9. අයියෝ....මොන තරම් වටින ජීවිතයක්ද...එකමෙක පොඩි අමතක විමකින් විනාශ වුනේ මොන තරම් දුරක් ආපු තවත් ඒ වගේ දෙගුනෙකටත් වඩා දුර යන්න තිබ්බ ජිවිතයක් නේද..ඒ අම්මා තාත්තට ‍මොන දුකක් ඇතිද ඒ ජිවිතේ මෙච්චර දර ගෙනාපු....
    සිතු දේ නොම වෙයි..නොසිතු දෙයක් වෙයි..ලෝදම් කැරකෙනවා..

    සොයුර සුභ සිහින සමග සුභ නින්දක්!!

    ReplyDelete
  10. මේ කතාව විස්තරාත්මකව දාපු එක හොඳයි මොකද ගොඩ ද්නෙකුට මේ ස්ටෑන්ඩ් එක අකුලගන්න මතක වෙනවා ..

    ඉතින් මහේෂ් සහෝදරයා ඔබට නිවන් සුව...!!!!!

    ReplyDelete
  11. හද කම්පා කරවන සිදුවීම්.
    තරුන බ්ලොග් කරුවන් බොහොමයක්ම අවසන් ගමන් ගිහින්. මුලින්ම සිංහල බ්ලොග් වල පටන් ගැන්මේදිම යසරුවන් අපිව අතහැරලා ගියා.
    කුමුදු ලාල් සර් ගැනත් එහෙමයි.
    දිළුම් ගියේ හැම බ්ලොග් කරුවම හඬවල වෙන්න ඕනේ.
    මහේශ් ගේ සමු ගැනීමත් ඒ වගේ...

    හෙට අපි යාවි. ජීවිතේ කියන්නේ ඒක.
    ඒත් මේ දේවල් එක්ක සසල නොවී ඉන්න අපිට බෑ...
    සාමයේ සැතපේවා.

    ReplyDelete
  12. සොයුර.... ඔබට නිවන් සුව අත් වේවා.....!!!

    ReplyDelete
  13. මහේෂ්ට නිවන් සුව පතමු

    ReplyDelete
  14. සුවඳ මල් පරවූ පසුවයි දැනෙන්නේ
    ඒ මල් පිපී ලඟම සිටි බව ..

    ReplyDelete
  15. ඔබට නිවන් සුව මල්ලි.....

    ReplyDelete
  16. මිනිස්සු ඉපදෙනව..මිනිස්සු මැරෙනව...ඒක ලෝක ස්වාබාවය..ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්...බුද්ධාගමේ විදියට ඉක්මනට නිවන් දකින්න ලැබේව.

    ReplyDelete
  17. ඒ දෙමව්පියන්ත... අහිංසක කෙල්ලට... කොයි තරම් වේදනාවක් ඇත්ද කියල හිතා ගන්න බෑ.... ජීවිතෙ මහ පුදුම දෙයක්... කිසි දිනක දැන නොසිටියත්... කිසි දිනක ඒ බ්ලොග් අඩවියට ගොඩ වැදිල නැති උනත්... මේ සිදුවීම හිත හුඟක් කම්පා කලා...

    මහේශ්... මචන් නුඹ්ට නිවන් සුව.....

    ReplyDelete
  18. ඔය ඇසි පිය සදහටම පියා ගත්තේ කී දෙනෙක්ගේ ඇසිපිය වල කදුලු ඉතිරි කරලද මහේෂ් අයියේ....,
    ඇත්ත ජීවිතේදි ~mahesh4ever~ නොවුවත් අපේ මතතයන් අතර හැමදාටමත්ම ඔයා ~mahesh4ever~ ම වේවි...........

    ආදරණීය මහේෂ් අයියේ ඔබට නිවන් සුව ලැබේවා.....!!!!

    ReplyDelete
  19. Assemath Kanagatui. Ohuta Api Hoda Arthmayak prarthana karamu.

    ReplyDelete
  20. මනුස්සක හඳුනන ඔබ සැමට ප්‍රණාමය. මහේෂ් අයියාගේ අවමංගල්‍යයේ ඡායාරූප මෙන්න...........

    http://www.facebook.com/#!/media/set/?set=a.2503408988243.2142414.1343544107

    ReplyDelete
  21. හ්ම්ම්... අයියා ගැන මතක් වෙනකොට අදත් අඬන්න පුළුවන්.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................