සඟ රස බස් කියලා මම කතා දෙකක් ලිව්වා කාලෙකට ඉස්සර. ඒවා ඉතින් උපුටා ගත්තු කතානේ. අද කියන්න යන්නේ මමම අහපු සඟ රස බස් කීපයක්.
මම කාලයක් කඩවත පැත්තේ තිබුණු ඉංග්‍රීසි පංතියකට ගියා. ඒකේ හාමුදුරුවරු දෙනමකුත් හිටියා. Class එක පටන් ගත්තු මුලම දවස්වල වගේ interval එකකදී ආගිය තොරතුරු කතා කර කර ඉද්දී හාමුදුවරුන්ගේ නිකාය මොකක්ද කියන ප්‍රශ්නේ ආවා.
එක හාමුදුරු නමක් කිව්වා තමන් අමරපුර නිකායේ බව.
අනිත් හාමුදුරුවෝ හිනා වෙවී කිව්වා තමන් ඛුද්දක නිකායේ කියලා.
ඒක කියපු විදිහට අපි කීප දෙනාටත් හිනාගියා.
අනිත් හාමුදුරුවෝ ඇහුවා "මොකක්ද හාමුදුරුවනේ ඒ නිකාය. ලංකාවේ තියෙන්නේ අමරපුර, සියම්, රාමඤ්ඤ කියන නිකාය තුන විතරනේ" කියලා.
පස්සේ ඛුද්දක නිකායේ හාමුදුරුවෝ තමන්ගේ නිකාය ගැන විස්තරේ කළේ මෙන්න මෙහෙමයි."පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ බුද්ධ ධර්මේ නිකාය 4 කට බෙදුවනේ දීඝ නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය, මජ්ඣිම නිකාය කියලා. ඒවාට දාන්න බැරි ඉතුරු වුණු ජාතක කතා පාලිය, ධම්මපදේ, ථේර ථේරී අපදානේ වගේ ඒවා දැම්මේ ඛුද්දක නිකායටනේ.
ඒ වගේ මම ඉන්න පන්සලෙත් හැම නිකායේම වගේ හාමුදුරුවරු ඉන්නවා. ඒ නිසා අපි එකතු වෙලා අළුත් නිකායක් හදාගත්තා ඛුද්දක නිකාය කියලා :))
-----------------------------------------------------------------------------------------------
මෙන්න අනිත් කතාව. අපේ පන්සලේ දාන ශාලාවේ ඔරලෝසුව දැන් කාලයක් තිස්සේ ඉදන් වැඩ කරන්නේ නැහැ. කවුරුත් බැටරියක් දාන පාටකුත් නැහැ.
මම දවසක් ඕක පොඩි හාමුදුරුවන්ගෙන් අහපුවාම පොඩි හාමුදුරුවෝ කියනවා "හසිත අයියා දැක්කද ඔරලෝසුව නතර වෙලා තියෙන්නේ කීයටද කියලා මම බලලා කිව්වා 11.25 ට.
එතකොට හසිත අයියේ ඕන වෙලාවක අපිට දාන ශාලාවට ඇවිත් දානේ ගන්න පුලුවන්නේ. 11.30 කලින්නේ දානේ ගන්න ඕනේ. එතකොට කැපයි. අපි විද්‍යානුකූලව හිතලයි එහෙම කරලා තියෙන්නේ " කියලා
-------------------------------------------------------------------------------------------------
අපේ දහම් පාසලේ පහුගිය අවුරුද්දේ තිබුණු ත්‍යාග ප්‍රදානෝත්සවේ කතාවක් මම මීට කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේකත් ඒ උත්සවේදීම සිදුවුණු සිද්ධියක්.
උත්සවේ ආරම්භ වෙන්න කලින් ධජ එසවීමක් තිබුණා. ඒකෙදී ජාතික කොඩිය ඔසවන්න අපේ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හාමුදුරුවන්ටත් බෞද්ධ කොඩිය ඔසවන්න ලේඛකාධිකාරී හාමුදුරුවන්ටත් භාරවෙලා තිබුණේ.
ඉතින් සම්භාවනීය අමුත්තෝ ඔක්කොම වට කරගෙන ඉද්දී සභාපති හාමුදුරුවොයි, ලේකම් හාමුදුරුවොයි ධජ ඔසවන්න පටන් ගත්තා. සභාපති හාමුදුරුවෝ ජාතික කොඩිය ඔසවලා ලණුව කොඩි ගහේ ගැටගහන්න ගත්තා විතරයි කොඩිය කඩාගෙන බිමට වැටුණා.
හාමුදුරුවෝ හයියෙන් ඇද්ද නිසා නම් නෙමෙයි ඕක වුණේ. මම හිතන විදිහට අපේ දහම් පාසලේ අප්පුහාමිලා ගහපු බුලක් නිසා තමයි ඕක වුණේ :)
කොහොම හරි ලේකම් හාමුදුරුවෝ පරිස්සමට බෞද්ධ කොඩිය එසෙව්වා. අන්තිමට ජාතික කොඩිය නැතත් ජාතික ගීය ගායනා කරලා අමුත්තෝ උත්සව ශාලාවට පිටත් වුණා. නායක හාමුදුරුවරු උත්සව ශාලාවට වඩින ගමන් ලේකම් හාමුදුරුවෝ ඔක්කෝටම ඇහෙන්න හයියෙන් කිව්වා.
"අපේ සභාපති හාමුදුරුවොත් වාරියපොළ සුමංගල හාමුදුරුවෝ වගේනේ. සුමංගල හාමුදුරුවෝ ඉංග්‍රීසි කොඩිය කඩලා ගත්තා වගේ සභාපති හාමුදුරුවොත් සිංහ කොඩිය හයියෙන් ඇදලා කඩලම දැම්මා නේද ?" :))
------------------------------------------------------------------------------------------------
සම්බුද්ධත්ව ජයන්තිය තිබුණනේ. හැම පන්සලේම හරි හරියට පින්කම් කළානේ. අපේ පන්සලෙත් සතියෙම පින්කම් තිබුණා.
නායක හාමුදුරුවන්ටත් බරටම වැඩ. වෙසක් පෝය දවසේ උදේ ඉදන් පන්සලේ වැඩ බලන ගමන් ධර්ම දේශනා කීපයකටත් වඩින්න වුණා. හවස භක්ති ගීතයක් තිබුණා.
ඒකෙත් වැඩ බලන්න ආපු ගමන් නායක හාමුදුරුවෝ හොඳටම මහන්සි පිට මට කියනවා "බලනවා හසිත මේ දවස් ටිකේම එක දිගටම පින්කම්, බණ, පිරිත්. හරියට නිදාගන්නවත් වුණේ නැහැනේ. අනේ ඇත්තටම සිදුහත් බෝසතාණන් වහන්සෙත් බුදු වුණානේ" කියලා

මේ කතා දෙක නම් කට්ටිය දන්නවත් ඇති. දවසක් හවස පන්සල් ආපු උපාසක අම්මා කෙනෙක් පොඩි හාමුදුරුවෝ ගැන චෝදනාවක් නායක හාමුදුරුවන්ට කරන්න ගත්තා.
"බලන්න නායක හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ පේර ගහට වඩිනවා, පොකුණට වඩිනවා. එහෙම හොඳද මම අහන්නේ" කියලා.
ටියුබ් ලයිට් කට්ටියට කියන්නේ පොඩි හාමුදුරුවෝ පේර ගහට නැගලා පොකුණට පනිනවා කියන එක තමා උපාසක අම්මා අර විදිහට කිව්වේ. හාමුදුරුවෝ සම්බන්ධ කටයුතුවලදී භාවිතා කරන්නේ වඩිනවා කියන වචනේ නිසයි මෙහෙම වුණේ :))

මේත් ඒ වගේම කතාවක්. අලුත මහණ වුණු පොඩි හාමුදුරුවෝ කතා කරද්දී හුඟාක් වෙලාවට කනවා, ආවා, ගියා වගේ වචන පාවිච්චි කරන නිසා නායක හාමුදුරුවෝ අවවාද කළා.
"පොඩි නම දැන් හාමුදුරු නමක් නිසා කතා කරන්න ඕනේ ගිහි කාලේ වගේ නෙමෙයි. කනවා කියන එකට කියන්න ඕනේ වළදනවා කියලා, ආවා ගියා වගේ ඒවාට පාවිච්චි කරන්නේ වඩිනවා කියන එක. තේරුණාද පොඩි නම" කියලා.
ඔය සිද්ධියෙන් දවස් දෙක තුනකට පස්සේ පොඩි හාමුදුරුවෝ පන්සලට හයියෙන් දුවගෙන [වැරදීමක්... හයියෙන් වැඩගෙන] එනවා.
නායක හාමුදුරුවෝ ඇහුවා "මොකෝ පොඩි නම ?" කියලා.
පොඩි හාමුදුරුවෝ මෙහෙම කියනවා "ලොකු හාමුදුරුවනේ, මම පන්සලට වඩිද්දී බල්ලෙක් වැඩියනේ [ආවා] මාව වළදන්න [කන්න]. මමත් ඉතින් හයියෙන් වැඩගෙන වැඩගෙන එද්දී බල්ලත් හයියෙන් වැඩගෙන [දුවගෙන] එනවා. කොහොම හරි මම හයියෙන් වැඩිය නිසා සිවුරත් පාරට වැඩියා [ගියා] " කියලා
ප.ලි.: මේ කතා අපහාසයක් පිණිස නොව හුදෙක් කතා පිණිසම ලියූවක් බව පහන් සිත් ඇත්තෝ වටහා ගනිත්වා...............

අප්පේ හාමුදුරුවරුනුත් කියන කතා....:))
ReplyDeleteපස්ට කතා සෙට් එක. අර බල්ලා හාමුදුරුවන්ව වලඳන්න ආපු කතාව නම් ගොඩක්ම පස්ට !!!!! :)
ReplyDeleteනියම කතා ටික අයියේ....
ReplyDeleteගමේ පන්සලේ රස කතා ගොඩක් වෙලා තිනවානේ,
මාත් අවාම බලන්න පුලුවන්නේ?
:)හික් හික්
ReplyDeleteඋඹ මගේ කට අවුස්සගන්නයි හදන්නේ..:D
ReplyDelete:D :D :D :D
ReplyDeleteදාන ශාලාවෙ ඔරලෝසුවට බැටරියක් එවන්නම් මෙහෙන් හරි,,
ReplyDeleteමොකද අර මාරයට තද වෙලා.
ReplyDeleteහික් හික්!! හාමුදුරුවො බ්ලොග් එක බලන්නෙ නැද්ද?
ReplyDeleteජාතික කොඩියයි බෞද්ධ කොඩියයි උස්සද්දි කොයිකද ඉහළින් තියන්නෙ ?
ReplyDelete@ මකරා, ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ
ReplyDeleteකිව්වෙ එස්. මහින්ද හිමි ;D
හොඳටම හිනා වුනා මල්ලි . මේ කතා ටික නම් ඉතිහාස ගත වෙනවමයි.
ReplyDeleteඅර අන්තිම කතාවෙ අග ටික අපි අහල තීන්නෙ " මම වැඩ්ඩ වැඩිල්ලක් හාමුදුරුවනේ සිවුල වෙලේ" කියල. ඒත් මේක ඊට වඩා ගති වගේ!
ReplyDeleteහරී,
දැං එතකොට මිනිපහනද රන් විමනද උසස්?
හනේ කවුද දන්නෙ, රන් විමන ඇතුලෙ වෙන්ටැ මිණි පහන ඇත්තෙ
ReplyDelete@නිසුපා
ReplyDeleteඑහෙම තමා ඉතින්. හාමුදුරුවොත් පෘතග්ජනයි නොවැ
@..ChAnDiKa..
ReplyDeleteපෙරලා සිනා :))
@මධුරංග
ReplyDeleteඋත්කෘෂ්ටයි :))
@රහස් පරික්ෂකයා
ReplyDeleteඑහෙම හැමෝටම පේන්න ඒවා වෙන්නේ නැහැ. ඉදලා හිටලා හිතවත්ම අයත් එක්ක තමා මෙහෙම කතා කියන්නේ :)
@හසී
ReplyDeleteයහපති පින්වතිය :)
@මාරයාගේ හෝරාව
ReplyDeleteඅනේ කොච්චර දෙයක්ද මෙහෙම දේවල්වලින් හරි අපේ මාරතුමාගේ කට ඇවිස්සෙනවා නම්. කට්ටිය දොහොත් මුදුනේ තබා, ඇස් කටේ දමාගෙන එයි මාරයාගේ හෝරාව කියවන්න :))
@හා පැටික්කි (MS)
ReplyDeleteමේ දැරිවිත් හිනාවෙලා නොවැ :)
@හරී - පිණිපළස
ReplyDeleteඔන්න ඔන්න ඉතින් හාමුදුරුවන්ගේ විද්‍යානුකූල වැඩේ හරී අක්කා වළදන්නයි සමාවෙන්න කන්නයි යන්නේ :))
@Praසන්ன
ReplyDeleteඑහෙම තමා තමන් හොඳට දන්න දෙයක් ගැන කතා කරද්දී ඒ ගැන දන්න සුපිරි පොරවල්ගේ කට කහනවාලු :))
@blog gadol
ReplyDeleteතාම නැහැ අයියේ. එහෙම වෙන දවසක් හාමුදුරුවෝ අපේ ගෙදරට වැඩලා මගේ ඔළුව වළදයි මුලින්ම :))
@Chanaka Aruna Munasinghe
ReplyDeleteදෙපැත්තකට තර්ක කරන්න පුලුවන්. ආගමට වඩා දේශය ඉහළින් ඉන්නවා කියලා. ඒක නිසා සිංහ කොඩිය ඉහළින් තියෙන්න ඕනේ කියලා.
ඒත් අනිත් පැත්තට තවත් ගැටළුවක් එනවා ජාතික ගීය ගායනා කරද්දී භික්ෂූන් වහන්සේ නැගිටින්න ඕනෙද නැද්ද කියලා. එතනත් මතභේදකාරී තත්වයක් තියෙන්නේ....
ඔය ඔක්කොම එක්ක බලද්දී සමහර අයට හිතෙන්නේ පුලුවන් ජාතික කොඩියයි බෞද්ධ කොඩියයි එකම උත්සවේක ඔසවන එකත් ලෝක ප්‍රශ්නයක් කියලා :))
මට හිතෙන විදිහට හොඳම විසඳුම දෙකම එක සමාන උසකින් ඔසවන එක.
ඒකෙදී ජාතික කොඩිය වම්පසින් තිබුණා නම් හරි.
@Bindi
ReplyDeleteඅනේ මන්දා අක්කේ. මම නම් බයේ හිටියේ මටත් කවුරු හරි කියයි කියලා මූලධර්මවාදීයා පන්සල් වනසන ක්‍රිස්තියානි පල්ලියේ පිල්ලිය කියලා :))
@ඉන්දික උපශාන්ත
ReplyDelete21 වෙනි සියවසනේ අයියේ. කතා ටිකක් මොඩිෆයිවෙලා මට හිතෙන්නේ.
අනිත් දේ මම හිතන්නේ රන් විමනයි මිණි පහනයි දෙකම වටිනවා. ආගමක් නැතුව රටක් තිබිලත් වැඩක් නැහැ, ආගමක් තිබිලා රටක් නැතුවත් වැඩක් නැහැ
කදිම රස කතා ටිකක් විසිස්ටයි..
ReplyDelete