Sunday, June 19, 2011

අද කාලේ අන්දරේලාට

අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.

කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ඒ වගේම ඒ විහිළුවලින් මහජනතාවට හානියක් වුණෙත් නැහැ. ඒත් අද කාලේ රජ වාසල්වල ඉන්න සමහර කවටයන් කරන විහිළු නිසා හුඟාක් වෙලාවට මහජනතාවට හිරිහැරයක් වෙනවා කියන එකත් කියන්න ඕනේ.

කොහොමින් කොහොම හරි අන්දරේ ගැන මට මතක් වුණු කතන්දරේ මේකයි.

දවසක් අන්දරේ රජතුමා මුණගැහෙන්න ගිහින් රජතුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි තමන්වත් ඇමතියෙක් විදිහට උසස් කරන්න කියලා. අන්දරේ ඒ වෙනකොට රජ වාසල කවටයා කියන post එකේනේ හිටියේ. සමහර විට අන්දරේගේ wife කියන්න ඇති ළමයින්ට ඒකට ලැජ්ජ හිතෙන්න පුලුවන් කියලා. ඇමතියෙක් වුණාම ඊට වඩා place නේ. වෙන මොකුත් ඕනේ නැහැ අද කාලේ ඇමතිවරුන්ට තියෙන place එක පේනවානේ :))

මේ කතාව අහපු රජතුමා එක පාරටම අන්දරේව ඇමතියෙක් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒකට අද කාලේ නම් හුඟාක් අයව ඇමතිවරු කරන්නනේ රජවරු කරන්නේ :)) රජතුමා අන්දරේට පොඩි test එකක් දුන්නා.


Test එක තමයි වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියන එක. අන්දරේත් ක්ෂණිකයෙන් වරායට ගිහින් පුලුවන් තරම් ඉක්මණින් ආපහු රජ වාසලට ඇවිත් රජතුමාව බැහැදැකලා කිව්වා "දේවයන් වහන්ස වරායේ නැව් නම් ගොඩාක් තිබුණා, මිනිස්සුන්ත් ගොඩාක් හිටියා, මොකුත් විශේෂයක් නම් දැක්කේ නැහැ" කියලා.

මේක අහන් හිටපු රජතුමා අන්දරේගෙන් ඇහුවා "නැව් තිබ්බා කියලා කිව්වා නේද ? ඒ නැව් කොහෙන් කොහෙන්ද ඇවිත් තිබුණේ, ඒවායේ මොනවද තිබුණු බඩු මුට්ටු" කියලා.

අන්දරේ කිව්වා "දේවයන් වහන්ස මට ඒක නම් බලන්න වුණේ නැහැ. මම ආයි ගිහින් ඒක බලන් එන්නම්" කියලා. ආයි පාරක් ඇද්දා වරායට.

ඒක බලාගෙන ආපු අන්දරේ රජතුමාට ඒ ගැනත් report එකක් දීලා කිව්වා මේ මේ රටවල්වලින් තමා නැව් ඇවිත් තියෙන්නේ, මේ මේ බඩු තමා තිබ්බේ කියලා.

ඊට පස්සේ රජතුමා අන්දරේගෙන් ඇහුවා "අන්දරේ මේ බඩු මුට්ටුවලින් අපිට මිලදීලා ගන්න පුලුවන් ඒවා තියෙනවද ? අපේ බඩු මුට්ටුත් එක්ක හුවමාරු කරගන්න පුලුවන් ඒවා තියෙනවද ? මොන මොන බඩු ගත්තොත්ද අපිට ලාභ" කියලා

අන්දරේට කට උත්තර නැහැ. අන්දරේ ඉතින් දන්නේ නැහැ කියලා ආයි පාරක් වරායට ඇදලා ඒකත් බලාගෙන ඇවිත් රජතුමාට කිව්වා.

කොහොමින් කොහොම හරි අන්දරේට මේ ඇමතිකම ගන්න test එකට වරායට තුන් හතර පාරක් යන්න වුණා. අන්දරේටත් පට්ට මහන්සියි. මෑන්ට හිතුණද දන්නේ නැහැ ඇමතිකම් ඉල්ලන්න ආපු මෝඩකම් කියලා.

අන්තිමට රජතුමා ඇමති කෙනෙක්ටත් එන්න කියලා ඇමතියාටත් අන්දරේට කියපු විදිහටම වරායට ගිහින් එතන විස්තරේ බලන් එන්න කියලා.

ඇමතියාත් වරායට ගිහින් ඇවිත් රජතුමාට කිව්වා. "දේවයන් වහන්ස, වරායේ නැව් මෙච්චර තිබුණා. බෝට්ටු මෙච්චර තිබුණා. ඒ නැව් මේ මේ රටවල්වලින් ඇවිත් තිබුණේ. ඒ නැව්වල මේ මේ බඩු මුට්ටු තිබුණා. මේ මේ බඩු හොඳයි වටිනවා. මේ මේ ගණන්වලට ඒවා අපිට ගන්න පුලුවන්. අපේ මේ මේ බඩුවලට ඒ නැව්වල තියෙන මේ මේ බඩු හුවමාරු කරගන්න පුලුවන්" කියලා. [මෙතන හැම එකකටම මේ මේ කිව්වට ඒවට ඇමතියා එහෙම කිව්වේ නැහැ. ඕන කරන විස්තරේ තමා කිව්වේ]

අන්දරේට දාඩියත් දැම්මා තමන් තුන් හතර පාරක් වරායට ගිහින් රජතුමා එක එක ඒවා අහද්දී ඒවා මතක් වෙලා කරන්න ගියාට මේ ඇමතියා එක පාරින්ම ඔක්කොමට ටික හොයාගෙන ඇවිත්නේ කියලා. හරියට one shot knockout වගේ :)

පස්සේ රජතුමා අන්දරේට කිව්වා "පේනවද අන්දරේ ඇමතිකම් කරන එක ලේසි නැහැ. අන්දරේට ඒක හරියන්නේ නැහැ. තව ටිකක් අපි බලමුකෝ" කියලා.

ඉතින් අන්දරේට උසස්වීමක් හම්බුණෙත් නැහැ. අන්දරේ ඊට පස්සේ ගෙදර ගියා. අන්දරේගේ wife මොනවා කිව්වද කියලා නම් දන්නේ නැහැ.

ඕක තමයි අන්දරේගේ කතන්දරේ. මීට අවුරුදු 400 කට විතර ඉස්සෙල්ලා අන්දරේ කළා වගේ වැඩ අද කාලේ ඉන්න අන්දරේලත් කරනවා. ඒ කාලේ අන්දරේ කරපු මේ වැඩෙන් කාටවත් පාඩුවක් හානියක් වුණේ නැතත් අද කාලේ අන්දරේලා කරන මේ වගේ වැඩවලින් වෙන පාඩුව හානිය අපමණයි.

ඒක නිසා අද කාලේ ඉන්න අන්දරේලට වගේම කාට කාටත් ආදර්ශයක් ගන්නයි මේ කතාව කිව්වේ. වැඩක් කරද්දී පිළිවෙලකට මනා සංවිධානාත්මක බවකින් කරන්න අපි කවුරුත් පුරුදු වෙන්න ඕනේ.

අන්දරේගේ photo එකක් හොයන්න යද්දී අන්දරේගේ කතා තියෙන බ්ලොග් එකක් හම්බුණා. කැමති නම් blog එක කියවන්න මෙතන කොටන්න

ප.ලි.: සමහර විට රජතුමා මේ වැඩේ කලින්ම plan කරලා තිබ්බද දන්නේ නැහැ අන්දරේව අන්නන්න. ඇමතියාව රෙඩි පිට තිබ්බාද දන්නේ නැහැ :))

ප.ප.ලි: අපේ දහම් පාසලේ හැම ඉරිදාම උදේ රැස්වීමේදී ළමයෙක්ගේ කතාවක් වගේම ගුරුවරයෙක්ගේ කතාවකුත් තියෙනවා. ගිය සතියක හදිසියේම ඒ කතාව මටත් වැටුණා. බැහැයි කියන්න විදිහකුත් නැති නිසා මේ කතාවෙන් තමා මම කතාව කරගෙන ගියේ. මොකද දහම් පාසලෙත් අන්දරේලා වෙන්න හදන කීප දෙනෙක් ඉන්න නිසා :))

17 comments:

  1. Den kale rajathuma laga inna minister kenek oya wedata giyoth andare denagena apu tikawath denagena nemai enne ....

    ReplyDelete
  2. අන්දරේ ඉතින් රජතුමා එක්ක තරහ වෙලා විපක්ෂෙට ගියෙත් නැහැ. පුරුදු රාජකාරිය කරගෙන ඉන්න ඇති. තමන්ට බැරි දේ ගැන තේරුම් ගන්න උන්දැට මොළෙත් තිබුනනේ.

    ReplyDelete
  3. දැන් කවටයොත් ඉන්නව.. කේවට්ටයොත් ඉන්නව.

    ReplyDelete
  4. කතාව ඇත්ත තමයි. ඇමතිකම් කරන එකත් ලේසි නෑ. ඒක අපේ මේ ඉන්න අමති වරුන්ට තේරෙන්නේ නැති හැටි. උන්දැලා හිතන් ඉන්නේ ඒක ලේසියි කියලා. :)

    ReplyDelete
  5. ඔහොම නෙමේ බ්‍රහ්මදත්ත කාලේ වෙන්නේ.

    අන්දරේ ලා ටිකක් හොයලා ඇමතිලා කරනවා.

    උන් ඇමති වැඩ නොකර ජෝක්ස් රටටත් ලෝකයටත් විහිළු සපයමින් ඉන්නවා.

    බ්‍රහ්මදත්ත රජතුමා දැහැමෙන් සෙමෙන් භාණ්ඩාගාරය තර කර ගන්නවා.

    ඊලඟ පැන්ටම් එනවා!

    ReplyDelete
  6. දැං ඇමතිලත් මෙහෙම්මමයි අයියෝ,, කිසී වෙනසක් නැහැලු, විචාර බුද්ධියත් උතුරන්ට තියේලු

    ReplyDelete
  7. තමං කල වැරැද්දට තමන්වම ගස් බැඳ ගෙන දඬුවන් විඳින්ඩ තරං සාධාරණ මිනිස්ස ඉන්න රටේ අන්දරේල ඇමති කන් කොලාම මක්කෙය් වෙන්නෙ?

    ReplyDelete
  8. අද ඔහොම නොවෙන්නෙ අන්දරේල රජ වෙලා හින්දනෙ මලේ!

    ReplyDelete
  9. දැං ඉන්න අන්දරේලා ගැනනම් කතා කරලා වැඩක් නැහැ මල්ලි

    ReplyDelete
  10. අපරාදේ අන්දරේ අද කාලේ හිටියේ නැත්තේ.. හිටියා නම් අඩු‍ගානේ උපදේශක කමක් වත් ෂුවර්!

    ReplyDelete
  11. අන්දරේගෙ කාලෙ හිටිය පාලකයෝ නම් ගොඩාක් හොඳයි.දැන් කාලෙත් ඒ වගේ පාලකයෝ බිහි උනා නම් අපේ රට මීට වඩා උසස් තත්ත්වෙකට ගන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.දැන් ඉන්න දේශපාලකයෝ හැමෝම වගේ තමන්ගෙ වාසියට වැඩ කරන අය නෙ.වගකීමකින් වැඩ කරන්නැහැ.අපේ රට දියුණු නොවෙන්න ප්‍රධානම හේතුවක් ඒක :(

    ReplyDelete
  12. මමත් හිතන්නේ රජතුමා ප්ලෑන් කරලා තමයි අන්දරේ කාරයාව අන්දලා තියෙන්නේ . නැත්තම් අන්දරේ කියන්නේ පරදින මිනිහෙක් නෙවෙයි නේ .

    අන්දරේ ඇමති උනානම් ටික කාලෙකින් රජකමත් අරගෙන තමා නවතින්නේ

    ReplyDelete
  13. මේ විදියට බැලුවොත් අද කාලේ නම් ඉන්නේ අන්දරේලම තමා සහෝදරයා...එකෙක්වත් හරියට වැඩක් කරගන්න තේරෙන එකක්යැ...පේනවනේ උසස් අධ්‍යාපනේ....

    ReplyDelete
  14. අන්දරේට ඇමති කෙනෙක් වෙන්න කිවුවෙ අන්දරේගෙ නෝනට ශොපිං යන්න වාහනයක් ගන්න ඕන හින්දද දන්නෑ. :d

    ReplyDelete
  15. මල්ලි මම අහලා තියෙන විදිහට මේක අන්දරේගේ කතා ලැයිස්තුවේ තියෙන කතාවක් නෙවෙයි. මේක හරිම ප්‍රසිද්ධ දමිළ ප්‍රස්තාපිරුලක්. මගේ යාළුවාගේ කටේම තියෙන්නේ මේ ප්‍රස්තාපිරුළ තමයි (ඒ කියන්නේ ඉතින් අපි ඉන්න පරිසරයේ ගොඩක් මේ වගේ අය ඉන්න නිසා තමයි :) )
    මට මතක විදිහට මේ කතාව ඉන්දියානු සම්භවයක් තියෙන එකක්.

    ReplyDelete
  16. apo dan kale inna andarelatanam meka hoda padamak... ada kale inna amathila, manthreela oya andareeta wadiya hapanne.. waradda pennala denakota paththa maru karanawa.. :)

    sashi

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................