Monday, April 25, 2011

කල් මැරූ අවුරුද්ද සහ 100


විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
බ්ලොග් අවකාශේ ආයි
සරන්නට කාලයයි

Campus එකේ අපිට තිබුණු දෙවෙනි අවුරුද්දේ පළමු අර්ධ වාර්ෂිකයේ විභාගේ මේ 23 න් ඉවර වුණා. තව auxilery unit එකක් විදිහට දාපු HRM paper එකක් ලබන මාසේ 7 වෙනිදා තියෙනවා. ඒක නම් ඉතින් එච්චර ගින්නක් නැහැ :))

ඉතින් exam එකක් කරපු කරදරයක් කියන්නේ නිසකලංක පාඩුවේ blog එකට මොකක් හරි ලියන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මේ ඔක්කොම ජරමර බර බර අස්සේ තමා මගේ බ්ලොග් කෙරුවාවට අවුරුද්දකුත් ගතවුණේ. මාර්තු 27 වෙනිදා තිබුණු 1st anniversary එක ගැන මාත් පොඩ්ඩක් වයර් මාරු කරගෙන පෙබරවාරි 27 එක anniversary party එක ගත්තනේ. පස්සෙයි මතක් වුණේ ඒක වැටෙන්නේ මාර්තු 27 වෙනිදාටනේ කියලා. ඉතින් මක්කා කියලා කරන්නද ???

කොහොම වුණත් blog එකට අවුරුද්දක් වගේම 100 වෙනි post එකත් නිමිති කරගෙන තමා මේ post එක ලියවෙන්නේ. පහුගිය අවුරුද්දේ මාර්තු විසි ගණන් වෙද්දී අපිට exams ඉවරවෙලා තිබුණු නිසා තමා මේ විදිහට blog එකක් අටෝගන්න පුලුවන් වුණේ. ඊට කලින් හොඳට blog කියවලා හොඳ හොඳ අදහස් ගොඩකුත් හිත පිරෙන්නේ ඇවිත් තිබුණේ.

ආන් ඒ විදිහට පටන් ගත්තු කෙරුවාවට අවුරුද්දක් වෙද්දී මම මොනවාද ලබාගත්තේ කියලා ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ තමා " හොඳ මිනිස්සු ටිකක්, හොඳ අත්දැකීම් ටිකක්"

එක අම්මාගේ දරුවෝ නොවුණත් තමන්ගේ සහෝදර සහෝදරියේ තරමට ලෙංගතු පිරිසකුත් තමන්ගේ දරුවන් විදිහට උපදෙස් දෙන වැඩිහිටියෝ පිරිසකුත් ඒ හොඳ මිනිස්සු ගොඩේ ඉන්නවා.

ඒ වගේම මේ බ්ලොග්කරණය කියන්නේ සිංහල බ්ලොග් අවකාශය කියන්නේ එක විදිහකට බලද්දී උප සංස්කෘතියක්. ඒකෙන් ලබාගත්තු අත්දැකීම් ජීවිතේට හරියට වටිනවා. ඒක නිසා මාත් එක්ක මනුස්සකම බෙදා ගත්තු හැමෝටමත් වටිනා කියන අත්දැකීම් ලබාගන්න උදව් වුණු හැමෝටමත් මගේ නිමක් නොවන ස්තුතිය.

ඒ වගේම නම් වශයෙන් කියන්න නම් හරී................. අමාරුයි ඒ තරමටම මේ බ්ලොගකරණය නිසා හිතවත් වුණු අය ඉන්නවා. මට මතක් වෙන විශේෂ සිද්ධි දෙක තුනක් මතක් කරන්නම්.

මාත් එකට රාජකීය විද්‍යාලයේ හිටිය යාළුවෝ දෙතුන් දෙනෙක් මේ බ්ලොග්කරණය නිසා හුඟාක් හිතවත් වෙලා තියෙනවා [උන් දෙන්නා තුන් දෙනාම මාත් එක්ක එකට කිසිම class එකක හිටියේ නැහැ හරිය. ඒකයි blog වලින් ෆිට් වුණා කිව්වේ :) ]

ඒ වගේම හසී පවුල කියලා අයියා කෙනෙකුත් අක්කා කෙනෙකුත් [ දැන් ඒකට තව සහෝදරියෙකුත් අයියා කෙනෙකුත් කියලා එකතු වෙන්න ඕනේ ] මල්ලී කෙනෙකුත් ලැබුණෙත් මේ බ්ලොග්කරණය නිසා.

ඒ වගේම මගේ පෙළක් නෑදෑ වෙන අය වගේම පෙළක් මගේ බ්ලොග් එක කියවනවා ඇති කියලා හිතන්නේවත් නැති අය හම්බුණු වෙලාවල්වලට "ආහ් ඔයාගේ බ්ලොග් එක හොඳයි නේ" කියලා කියනවා අහන්න ලැබෙන්නෙත් මේ බ්ලොග්කරණය නිසා මේ විදිහට බලද්දී බ්ලොග්කරණයෙන් ලැබුණු ප්‍රතිඵල, ප්‍රතිලාභ බොහොමයයි.

හුඟාක් දේවල් කිව්වානේ. දැන් මට ඉස්සර වගේ බයිලා කියවන්න බැහැ පැය ගණන් ඒක නිසා මේක අවසන් කරනවා. අන්තිමට මතක් කරන්න ඕනේ මෙහෙම blog එකක් පටන් ගන්න ඕනේ කියලා අදහසක් හිතේ ඇතිකරන්න දායක වුණු අපේ හිතවත් බ්ලොග්කරුවෙක් වෙන කතන්දරව. ස්තුතියි කසූ !!!

අදට කතා ඉවරයි මෙතෙක් කල් අසා සිටි බලා සිටි කියවූ ඔබ සැමට ස්තුතියි. ආයි පුරුදු විදිහට සයිබරේ කරක් ගහන්න පටන් ගත්තා ඕන්..............

ප.ලි. : කවියක් වගේ එකකින් පටන් ගත්තු එක නිසඳැසක් වගේ එකකින් ඉවර කරන්නයි හිතුවේ.

ලියන්න කම්මැලි හිතේවි
පාඩම් කරන්න ගොඩක් notes තියේවි

එක දිගට exams තියේවි

ඒත් blog එක ලියනවා සත්තයි


ප.ප.ලි. : exam is over කියලා google search කරද්දී හම්බුණු picture එක තමා උඩින්ම දාලා තියෙන්නේ :))

36 comments:

  1. එග්සෑම් එකක් ඉවර උනා කියන්නෙ නිවන් ගියා හා සමානයි නේද. කොච්චර කරත් අන්තිම සති දෙකේ ඇදගන්න තරමක් තමා මට නම්.

    ReplyDelete
  2. ආ.. මල්ලිව සෑහෙන කාලෙකින් දැක්කෙ. විභාගෙත් ඉවර නිසා ඉතින් ලියමු. අර e අටුවාව එහෙමත්. සුභ පැතුම් හොඳේ.....

    ReplyDelete
  3. ඔබට යා හැකි දුර බොහෝය. මගේ සුභ පැතුම්!

    ReplyDelete
  4. අපට මැයි 6 වෙනකම්... :( :( :(

    ReplyDelete
  5. මම කියෙව්වා ආයෙ එනවා කමෙන්ට් කරන්න

    ReplyDelete
  6. බ්ලොග් අවකාෂේ නිසා හමුවෙච්ච සහෝදර සහෝදරියෝ ගැන ඉතින් කියන්න වචන නෑ තමා.. කාලෙකින් ආගිය කථාවක් ඇහුවේ නෑ.. ඉක්මනින්ම එකක් ලියයි කියලා බලාගෙන ඉන්නම්..

    ReplyDelete
  7. නියමයි සහෝදරයා...ගින්නක් නැතුව ඉතුරු එකත් ගොඩ දාපන්...අපිට තව සති දෙකකින් ඔවැනිම අබග්ගයකට මූණ දෙන්න තියෙනවා....

    ReplyDelete
  8. ඒක තමයි බං ආගිය කතාවක් නැතුව අපි මාර පාලුවෙන් හිටියේ . මටනම් මේ බ්ලොග් එක අමතකවේගෙනත් ආවේ . යන්තම් ඇති ආයේ ලියන්න හිතිලා .. දැන් ඉතින් විවේක දිගට හරහට ආගිය කතා ලියන්නයි තියෙන්නේ ..

    අපි එනම් බලල යන්න ...

    ReplyDelete
  9. සෙන්චරියට සහ අවුරුද්දක් පිරීමට සුභපැතුම්....!!!!!

    ReplyDelete
  10. ජය වේවා..... 300 සමාජයට ඉක්මනින්ම යාමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

    මීට
    අලුත් කොල්ලා

    ReplyDelete
  11. Pulu Puluwan Welawata mamath Argiya katha Kiyewwa. Hithe paththaka Mata nodanima mage hitha ekata eda dunna. Enisha Mage web diviye ekh nawathumpalak Argiya Katha.
    Wasarak Pireema gana magen Suba Pethum. Thawath Digatama Ediriyata yanna Suba Pethum.

    Rasa Vidinnek.
    Bandula Wijesiiri

    ReplyDelete
  12. Hema semester ekakma ivara una gaman apith War is Over kivva. E unaata anthimata baladdi jeevithaya kiyanne patta yuddayak ne.. E nisaa, blog liyana eka atha arinna epa!

    ReplyDelete
  13. හසිත මල්ලි, ඔන්න සෙන්චරියට මෙගෙනුත් ලොකු විසිල් පාරක්.....! එක්සෑම් එකක් ඉවර උනහම දැනෙන සහනය කොච්චරද කියලා කියන්න වචන නෑ....! හරි හරි... දැන් ඉතින් නවත්තපු තැනින් පටන් ගත්තනම්.....!

    ReplyDelete
  14. ammo exam iwara wechcha ekanam lokuuuuuuu sahanayak... oyage blog1ta wasarak pereema gana magen unusum suba pathum!! yaluwa.. ewagema oyage padam wada walata badawak nowi idak labenawelawata blog1ta kathawak liyanna digatama apita asawen kiyawanna.... JAYAWEWA!!

    sashi..

    ReplyDelete
  15. අන්තිමට බ්ලොග් ලියන එක ඔයාම බයිලා කියවනවා කිව්වනේ අනේ...ඒත් මල්ලී ..මටත් මොනවා හරි ලියන්න හිතුණේ ඔයාගේ සීයා ගැන ලියපු බ්ලොග් එක කියවලයි මුලින්ම...දන්නවනේ හේතුව...එහෙම සියලා ආච්චිලා ලැබෙන්නේ පිනකට..බයෝ නොකර කලා විෂයන් කලා නම් හොදා කියලා හිතෙනවා හැම තිස්සේම...හැබැයි මම බයෝ කලේත් අපේ ආච්චි නිසා..ඒක වෙනම කතාවක්...ඔයාට සුභ පැතුම් මගෙනුත්...

    ReplyDelete
  16. දැන් ඉතින් සියළු දේ නිදහස් නිසා,,,, ඉදල හිටල බොගක් දාන්න. විදින්න පුලුවන් අඩවියක්......

    ReplyDelete
  17. හසිත....නියමයි අවුරුද්දයි 100යි.......
    ආගිය කතා කියන්නේ මම බ්ලොග් කියන්නෙ මොකද්ද කියල මුලකුරු කියවපු අඩවියක්.....
    උඹ තමයි මාව බ්ලොග් කියවන්න පුරුදු කරේ....

    අදටත් මුලින්ම එන්නෙ මේ පැත්තට තමා..........

    තවත් හොදට ලියන්න හැකි වේවා..........

    ඔබට ජය!!!!!!!!!!!

    ReplyDelete
  18. මගෙන් සුබ පැතුම්. අර අන්තිම ටික ලිව්වේ ගුරු ගීතය පොතේ තිබ්බ විදිහට නේ.ලස්සනයි.

    ReplyDelete
  19. @පිණිබිඳු...

    සහතික ඇත්ත. මගේ කතාව වෙන්නේ study leave කාලෙත් හුඟාක් ඇදගෙන ඊට පස්සේ exam පටන් ගන්න දවසද දෙකද තියෙන්නේ ඒ දවස් ටිකෙත් උපරිම පාඩම් කටයුතු කරන එක.

    exam දවසේ උදෙත් නරක නැහැ :))

    ReplyDelete
  20. @හරී - පිණිපළස

    ඇත්ත තමා අක්කේ ටික කාලෙකින් තමා මේ ආයේ ලියන්නේ. ඒ වගේම ඊ අටුවාව ගැනත් ඇහුවාට ස්තුතියි. ජනවාරි මාසෙන් පස්සේ ඒකේ මොකුත් ලියන්න වුණේ නැහැ.

    ආගිය කතා ලියනවා වගේ ඒක ලියන්න බැරි එකයි ප‍්රශ්නේ. කරුණු කාරණා හොයලා බලාලා නොවැ ලියන්න ඕනේ.... කොහොමත් තැන් දෙක තුනක් ගැන හිතේ තියෙනවා. ඉඩක් ලැබුණු ගමන් ලියනවා...........

    ReplyDelete
  21. @Kathandara

    බොහොම ස්තුතියි කසූ හෘදයාංගම සුභ පැතුමට :)

    ReplyDelete
  22. @රත්නේ

    අපිටත් ඉතින් ඉවරයි කිව්වට ඉවර නැහැ තව තියෙනවා. Auxilary unit එකක් විදිහට දාපු HRM paper එකක් තියෙනවා.

    ReplyDelete
  23. @බුද්ධි

    අනිවා අයියේ මම බලාගෙන ඉන්නේ. ආයි ආපුවාම කන්න දෙන්න බිස්කට් පැකට් එකකුත් ගෙනාවා ඕනේ :))

    ReplyDelete
  24. @හසී

    ඒක ඇත්ත අක්කේ.

    හුඟාක් අය සයිබරේ තියෙන මිතුරුකම් ගැන හුඟාක් අය සෘණ අදහස් තියාගෙන හිටියත් ඉලන්දාරියාට උදව් කරන එක වගේ වැඩවලින් සයිබරේ සහෝදරකම් ගැන හොඳටම පෙන්නලා තියෙන්නේ. :)

    ReplyDelete
  25. @මකුළුවා......

    හැමෝටම එකම ලෙඩේ තමා ඉතින්. exam එක එලකිරි වගේ ලියාගෙන ගොඩයන්න ලැබේවා කියලා පතනවා සහෝදරයා............... :)

    ReplyDelete
  26. @හිස් අහස

    ඇති යන්තම්. ඒ කියන්න අමතක වෙන්න ඔන්න මෙන්න කියද්දී මම වෙලාවට ඇවිත්. ඉස්සරහටා හොඳ හොඳ කතා ගොඩක් ලියන්න ඉන්නේ. රැඳිලා ඉන්න සඳරු සර් :)

    ReplyDelete
  27. @Observer


    බොහොම ස්තුතියි මහත්මයා හෘදයාංගම සුභ පැතුමට :)

    ReplyDelete
  28. @අළුත් කොල්ලා

    300 සමාජේ. ඇහුවාම බයත් හිතෙනවා වගේ. බලමුකෝ try එකක් දීලා. ස්තුතියි සුබ පතන්න එකතු වුණාට :)

    ReplyDelete
  29. @Bandula

    අහන්නත් සතුටුයි අයියා. ස්තුතියි ආගිය කතාවටත් ඉඩක් වෙන් කළාට.

    ඒ වගේම සුබ පැතුමටත් ස්තුතියි. ඉස්සරහටත් ආගිය කතා එක්ක රැඳිලා ඉන්න :)

    ReplyDelete
  30. @Chamara Sumanapala

    ඒක ඇත්ත. එක exam එකක් ඉවර වෙද්දී අනිකට ලැස්ති වෙන්න ඕනේ තමා. කොහොම නමුත් බ්ලොග් ලියවිල්ල අතාරින්නේ නැහැ නැහැ නැහැමයි :))

    ReplyDelete
  31. @දුමී

    අයියා මෙන්න ඔයාගේ විසිල් එකට මගෙන් අප්පුඩියක්!!!

    ලියන්නම්කෝ ඉස්සරහට. ස්තුතියි අයියා සුභ පතන්න එකතු වුණාට :)

    ReplyDelete
  32. @sashi

    ඒක තමා ළමයා. ස්තුතියි සුභ පතන්න එකතු වුණාට. කැම්පස් පටන ගත්තාම හම්බවෙමුකෝ :)

    ReplyDelete
  33. @මම සුජානි.......

    බ්ලොග් ලියන එකට නෙමෙයි මෙම බයිලා කියවනවා කිව්වේ අක්කේ.

    "හුඟාක් දේවල් කිව්වානේ. දැන් මට ඉස්සර වගේ බයිලා කියවන්න බැහැ පැය ගණන් ඒක නිසා මේක අවසන් කරනවා"

    topic එකක් නැතුව අනම් මනම් කියවන්න දැන් අමාරුයි. point එකට කතා කරන එක තමා දැන් හුගාක් පුලුවන්.

    අක්කගේ බ්ලොග් එකත් ලියාගෙන යන්න. අපි full sup එක දෙනවා :)

    ReplyDelete
  34. @මාතලන්

    කාලෙකට පස්සේ සයිබරේට ආපු මාතලන් ලොක්කාව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ස්තුතියි එලකිරි අදහසට :))

    ReplyDelete
  35. @Kasun Tharanga

    තැන්කු වේවා මචන්. අපේ පපුමා සෙට් එක තමා මම බ්ලොග් ලිව්වත් නැතත් මගේ ඉන්න හොඳම විචාරකයෝ සෙට් එක.

    උඹලාගේ පෙලක් comments වලට මට කේන්ති ගියත් උඹලාගේ comments මට හරියට වටිනවා.

    එදා වගේම අදත් මාත් එක්ක ඉන්න එක මට ලොකු හයියක් සහෝදරයා............

    ReplyDelete
  36. @මධුරංග

    ස්තුතියි අයියා. ඒ වගේම ඔයා හරි හපනෙක් නොවැ :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................