Friday, November 26, 2010

හොරා පොලිස්


ඊයේ හැන්දෑවේ මම කාමරේට වෙලා නිවී සැනසිල්ලේ blogs කියෝ කියෝ ඉද්දී මට ඇහෙනවා මෙහෙම කතාබහක්........

"මම යන්න කලින් රාජගිරියේ ............... office එකට ගෙනිහින් දෙන්න කියලා ලියුමක් අයියාට දීලා ගියේ. එයා ඒක ගෙනිහින් දීලාද ?"

"මම නම් දන්නේ නැහැ තාත්තේ"


"එයාට කියන්න ඒක කරලා තිබ්බේ නැත්නම් ආයි මම ආපුවාම මාත් එක්ක කතා කරන්න එපා කියලා"


"හරි තාත්තේ මම අයියට කියන්නම්"


ඒ කතාබහ ගියේ අපේ තාත්තයි අපේ නංගියි අතර telephone එකෙන්. මෙතන අයියා කියල සඳහන් කරන්නේ මාව නිසා මාත් කන් ඇන්දා මොකක්ද කියන්නේ කියලා බලන්න.

කතාබහ ඉවර වෙද්දී මටත් මතක් වුණා තාත්තා පවරලා ගිය වැඩේ. අපේ තාත්තා මේ දවස්වල first aid training එකකට ගිහින් ඉන්නේ. ගිය සිකුරාදා තමයි ඒකට ගියේ එන්නේ අද. ඉතින් තාත්තා යන්න කලින් රාජගිරියේ office එකකට ගිහින් දෙන්න කියලා ලියුමක් දීලා ගියේ. මට මේ දවස්වල එක දිගට එක එක වැඩ set වුණු නිසා ඒ වැඩේ කරන එක සම්පූර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුණේ.


මේ දවස් ටිකේම හුස්මක් ගන්නවත් වෙලාවක් තිබ්බේ ඒ තරමටම වැඩ තිබුණා. දහම් පාසලේ වාර විභාගේ ප්‍රශ්න පත්තර ටික type කරන කොන්ත්‍රාත්තුව අපේ හාමුදුරුවෝ සුපුරුදු පරිදි බාර කළා.

ඒ මදිවට මේ දවස්වල යොවුන් පාර්ලිමේන්තුවක් පිහිටුවන්න යනවා. ඔයාලටත් සමහරවිට ඒකේ news එක එන්න ඇති. ඉතින් ඒ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණෙට අපේ යෞවන සමාජයේ ඉන්න පොඩි හාමුරුවෝ [අර කාමරේ ගිනිගත්තු පොඩි හාමුදුරුවෝ] අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙලා ඉන්නේ. හාමුදුරුවන්ගේ ලියුම් කියුම් වගයක් type කරන්නත් මට බාර වුණා.

ඒ ඔක්කොමත් එක්ක රහසිගතව වෙන්න ඕනේ විභාග ප්‍රශ්න පත්තරේකුත් type කරන්න set වුණා. මේ විදිහට ලියුම් කියුම්, කොටන වැඩේ නිසා බ්ලොග් ලිවිල්ල සම්පූර්ණයෙන්ම මගඇරිලා ගියා. ඒ වුණත් බ්ලොග් කියවිල්ල නම් අතපසු කළේ නැහැ.

මේ වෙද්දී ප්‍රශ්න පත්තර කෙටිල්ල ඉවරයි. ඒත් යොවුන් පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ඉවර නැහැ. මොකද හෙට තමා ඡන්දේ තියෙන්නේ. තාමත් එක එක ඒවා type කරන්න හම්බෙනවා. මාත් ඉතින් බැහැ නොකියා කරලා දෙනවා.

මේ විදිහට ලෝකෙට සමාජෙට මෙහෙවර කළාට තාත්තාගේ වැඩේ නොකරොත් ගෙදරින් පිටුවහල් වෙන්න තමා වෙන්නේ :)) "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" වෙලා බැහැනේ මම තීරණය කළා හෙට [ ඒ කියන්නේ අද ] අනිවා රාජගිරියේ ගිහින් තාත්තාගේ වැඩේ කරනවා කියලා.

ඉතින් උදේ අම්මයි නංගියි ඉස්කෝලේ ගියා [ අපේ අම්මා ඉස්කෝලේ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි උගන්වන්න :) ] ඊයේ හිතාගත්තාට රාජගිරි යන්න දැන් නම් කම්මැලියි කම්මැලියි වගේ නොගිහිනුත් බැහැ. මීට කලින් ඒ office එකට මම ගිහිනුත් නැහැ. අනික රාජගිරි යන්න බස් දෙක තුනක් යන්නත් ඕනේ. පයින් ඇවිදිල්ලකුත් තියෙනවා වගේ.

ඒවා මතක් වෙද්දී කම්මැලිකම double වෙනවා වගේ. ඕවා මොනවා වුණත් තාත්තා හැන්දෑවේ එන්න කලින් වැඩේ කරලා තිබ්බේ නැත්නම් තාත්තා එක්ක කතා කරලත් හමාරයි.

මේ තමා අපේ Motor bike රාජයා

මේ සියලු කරුණු කාරණා විශ්ලේෂණය කරලා කිරලා මැනලා ගත්තාට පස්සේ මම තීරණය කළා bus එකේ යන්නේ නැතිව motor bike එකේ රාජගිරි යන්න ඕනේ කියලා. එතකොට පැය ගණන් බස්වල යන්න ඕනෙත් නැහැ. පයින් ඇවිදිලි set වෙන්නෙත් නැහැ. ඒත් motor bike එකේ යන එකෙත් ප්‍රශ්න 2 ක් තියෙනවා. ඒවා ලෙහෙසි පහසු ප්‍රශ්න නෙමෙයි.

මෙන්න ප්‍රශ්න

ප්‍රශ්න අංක 1 : මට motor bike පදින්න licence නොතිබීම. Motor bike නෙමෙයි කොටින්ම මට විල්බැරෝව ඇරෙන්න වෙන කිසිම වාහනයක් පදවන්න ලංකාවේ වලංගු රිය පැදවීමේ බලපත්තරයක් නැහැ :))

ප්‍රශ්න අංක 2 : අපේ bike එකේ licence එක අප්‍රේල්වලින් ඉවරයි. එතකොට ඒකත් licence කරන එක මාස 7 කින් පරක්කුයි.

කොහොමද සෙල්ලම් ප්‍රශ්න 2ක් නෙමෙයි නේ. පොලිස් මාමලාට අහුවුණොත් අනිවා රුපියල් 10,000 කින් මෙහා ගොඩ ඒමක් නෑ. රුපියල් 10,000 කින් ෂේප් වුණොත් හොඳටම ඇති :))

ඒත් මොන ප්‍රශ්න තිබුණොත් පහුබහින එක සිංහලයගේ සිරිත නෙමෙයිනේ. ඉතින් මාත් අපේ පුතා අයියා දවසක් කිව්වා වගේ "ඕන .........." කියලා motor bike එකේ යන්න ලෑස්ති වුණා.

දෙයියෝ බුදුන් කාරියේ සිහිකරලා තමා කෝකටත් කියලා ගමන් ආරම්භ කළේ. සියඹලාපේ හන්දියෙන් [ඒක වඩාත් ප්‍රසිද්ධ බෙල්ල කපාපු හන්දිය කියලා] බණ්ඩාරවත්තට එතනින් පාලමෙන් කඩුවෙලට. පාලම ගාව Police Check Point එකක් තියෙනවානේ. එතනින් යද්දී බිත්තර තම්බන්න තරම් බොක්ක රත්වෙලා තිබ්බේ.

හොඳ වෙලාවට අවුලක් වුණේ නැහැ. මම හොඳට ඇඳලා කාරියේ jacket එකක් එහෙමත් දාගෙන ගියේ. පස්සේ කඩුවෙලින් මාලබේ හරහා කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය තමා මගේ ගමන් මග.

කඩුවෙලින් මාලබේ පැත්තට යද්දී මම එහෙන් මෙහෙන් දාගෙන තමා ගියේ. එහෙම යද්දී තමා දැක්කේ motor bike වලට යන්න වෙනම track එකක් තියෙනවා වම් පැත්තේ කොනටම වෙන්න. පස්සේ ඉතින් වහා ක්‍රියාත්මක වෙන පරිදි ඒකට පැනගත්තා. නැත්නම් පොලිස් මාමෙක්වත් දැක්ක නම් තමා.


ඔය හරියෙම පොලිස් මාමලා දෙතුන් දෙනෙක් motor bike එහෙම නවත්තලා licence check කරනවා මාම දැක්කා. මම පුලුවන් තරම් පාරේ මැදට වෙන්න ගිය නිසා ඒකත් එච්චරම අවුලක් වුණේ නැහැ.

පාරේ යද්දී මට හිතුණු දෙයක් තමා සමහර පොරවල් යන්නෙත් නැහැ. අනිත් අයට යන්න දෙන්නේත් නැතිව පාර මැද යනවා පාර තමන්ගේ බූදලේ කියලා හිතලා. ඒ වගේමයි සමහර පදිකයෝ ඒ කිව්වේ පයින් යන ඇත්තෝ පාරෙන් පුලුවන් තරම් අයින්වෙලා යන්නේ නැතුව පාරේ මැද යන්නේ. ඉතින් මේ ඔක්කොම අයත් එක්ක අපි පරිස්සමෙන් අපේ වාහනේ අරන් යන්න ඕනේ.

කොහොමින් කොහොම හරි රාජගිරිය හරියට ආවයි කියමුකෝ. පාරේ අඩියෙන් අඩිය පොලිස් මාමලයි, හමුදා මාමලයි. අද පාර්ලිමේන්තුව රැස්වෙන දවසක්. ඒක නිසා තමා එච්චර කට්ටිය නැතිව මාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්න එහෙම නම් නෙමෙයි :))

මගේ පපුව ගැහෙනවා අර මොකක්ද එකකට අහුවුණු ලා දල්ලක් වගේ. ඒත් දැන් ආපහු හැරිලා යන්නද ? ඔන්න ඔහේ යනවා කියලා මාත් ඉස්සරහටම ගියා. රාජගිරියට ආවට මාත් යන්න ඕනේ තැන හරියට දන්නේ නැති නිසා පාර ගාව හිටිය පොලිස් මාමෙක් ගාව bike එක නවත්තලා මම යන්න ඕන තැන address එක පෙන්නලා තැන ඇහුවාම ඒක ඉතාමත් කාරුණිකව ඒ පොලිස් මාමා මට කියාදුන්නා.

හොඳ වෙලාවට එයා දන්නේ නැහැ මටත් licence නැහැ, bike එකටත් licence නැහැ කියලා :))

තාත්තා කිව්ව office එකට ලියුම දීලා ආපු පැත්තෙන් යන්නේ නැතිව බොරැල්ල පැත්තෙන් යන්න මට හිතුණා. මොකද campus එක ගාවටත් යන්න පොඩි උවමනාවක් තිබුණු නිසා. ඉතින් බොරැල්ල හරියට එද්දී නා cutting වැස්ස. Bike එක පාරේ අයිනකින් නවත්තලා ටිකක් වෙලා වැස්ස පායනකම් හිටියා.


ආයි බේස්ලයින් පාරේ එද්දී වැස්සා. ආයි මුල්ලකට වෙලා ටිකක් වෙලා වැස්ස පායන්කම් හිටියා. අන්තිමට ගන්න දෙයක් නැහැ කලිසම හොඳටම තෙමිලා. හොඳ වෙලාවට jacket එක දාගෙන ආපු නිසා උඩ කොටස වැස්සෙන් බේරුණා. කමිස සාක්කුවේ තමා Phone එකත් දාලා තිබ්බේ.

හිරිපොද වැස්සේ campus එක ගාවට ඇවිත් අර මම කලින් කිව්වේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණේ ගැන ඒකේ ලියුම් කියුම් වගේකුත් print කරගෙන දවල් 12.30 විතර මගේ අඬු මොකවත් කඩාගන්නේ නැතිව, ඒ වගේම පාරේ හිටිය අයගේ අඬු මොකවත් කඩන්නේ නැතිව, ඒ වගේම bike එක හප්ප ගන්නේත් නැතිව යහතින් ගෙදරට වාර්තා කළා.

ගෙදරට ඇවිත් මුලින්ම කළේ ඉෂ්ඨ දේවතාවන්ට පින් දීපු එක මග තොටදී මොනම අතුරු ආන්තරාවක්වත් නැතිව ගෙදරට යහතින් එන්න ලැබුණු එකට.

මේ කතාවෙන් මම ගන්න ආදර්ශේ තමා licence නැතිව පැද්දා හොඳටම ඇති. ඉක්මණට licence ගන්න ඕනේ කියන එකයි.


කොටින්ම තව පොඩ්ඩෙන් මට අද මේක ලියන්න වෙන්නේ නැහැ කූඩුවේ කූරු ගැන ගැන තමා ඉන්න වෙන්නේ :))

ප.ලි.: ඉස්සරහට ආගිය ගමන් කීපයක් ගැන කතා දෙක තුනක් ලියන්න ඉන්නේ. තාම ඒකට වෙලාවක් හම්බුණේ නැහැ. වෙලාවක් හම්බුණු ගමන් ඒවා ලියන්න ඉන්නේ.

ඒවා අතරින් Campus එකේ ජෑම් ගහ යට සංගමෙන් සංවිධානය කරපු Zoo එකට ගිය ගමනත්, ඒ වගේම සාඩම්බර හසී පවුලෙන් මුද්දර කාර්යාංශයේ තිබුණු මුද්දර ප්‍රදර්ශනය බලන්න ගිය ගමන ගැනත් අනිවා ලියන්න ඉන්නේ..............

48 comments:

  1. වෙලාවට අහුවෙලා නෑ. ඉක්මනට mcq 40න් 40ම ගහලා ලයිසොං ගන්න. ඔය කීවට මටත් තාම නෑ :D

    ReplyDelete
  2. මදැයි ඔයින් ගියා. ආයෙ එහෙම ඔහොම ගමනක් යනවනම් අයියනායක දෙවියන්ට කොළ අත්තක් එල්ලල යන්න.

    ඒක නෙවෙයි තව අවුරුදු 10 කට විතර පස්සෙ අපිට අහන්න හම්බ වෙයිද දන්නෙ නෑ ප්‍රවෘත්තියක්

    " ලයිසන් නැතුව බයික් පැද්ද බව අන්තර්ජාලය හරහා ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයා හඳුනා ගැනීමට එම බයික් එකේ පින්තූරය මාධ්‍ය වලට නිකුත් කිරීමට පොලීසියේ මාමලා අධිකරණයෙන් අවසර ලබා ගන්නා ලදී" කියලා.

    ReplyDelete
  3. පොඩි ළමයිත් ඉන්න රටේ ඔහොම අසභ්‍ය වැඩ කරනවද මං අහන්නෙ.

    බාර වෙන්නයි කිව්වෙ... දුහ්.

    ReplyDelete
  4. බේරිලා ආපු එක මට නම් පුදුමයි අඩියෙන් අඩියට සුදු ඉරි මාමලා අපේ පැත්තේ නම් .. සමහර විට ඔයා ඉන්විසිබල් වෙන්න ඇති ඒ මොහොතේ ..නේද ? බේරිලා අපු එක ලොකු දෙයක්

    ජයවේවා !!

    ReplyDelete
  5. අහු උනානම් බඩුම තමා...

    ReplyDelete
  6. ඔයා බේරුන එක අහන්නත් දෙයක් යැයි
    දැන් පොලීසියේ ගොඩාක් මාමල නවත්තන්නේ ලයිසොන් ඉන්සුරන්ස් තියෙන හොඳ ලමයින්ව.
    ඊට පස්සෙ කියනව උදේ ඉඳන් තේ උගුරක්වත් බීල නෑ මල්ලි කියල.
    :D :D :ඪ්
    ඔය අතරේ හොඳ අවන්ක පොලිස් මාමලත් නැතුවාම නෙවෙයි හොඳේ......

    ReplyDelete
  7. ඔයා ඔයින්ගියා ....මම හුද කට්ටක් දුන්න දාවසක් අපේ පොලිස් මාම කෙනෙක් බඩකටපිරේන්න...අනෙ අම්මෙ උමට දුන්න .............zප

    ReplyDelete
  8. නරකද ලයිසන් කට්ටක් ගත්තනං...

    කතාව නම් අගේයි. ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  9. ඔබ කර ඇත්තේ වරදකි.
    නීති කඩන්න එපා. අපි නීති කඩ කඩා අනුන් ගැන බණ කියන්නේ කොහොමද?

    අර සාදු ඉල්ලන්නේ හෙල උරුමයෙන්ද?

    ReplyDelete
  10. ඔයින් ගියා මදැයි.ඉක්මනට ලයිසන් ගන්න.නැත්නම් හසි පවුලටම පොලෝසි එන්න වෙයි ඔයාව බේර ගන්න... :D

    ReplyDelete
  11. දැන් ලැයිසොම ගන්න එකත් ඉස්සරට වඩා කරදර වැඩක්නේ .කොහොම හරි ගත්තනම් තමයි ඕක හොඳ.

    ReplyDelete
  12. මේ පෝස්ට් එක පොලීසියෙන් දැක්කොත් එහෙම වහාම අත්අඩංගුවට ගන්න රහස් පොලීසියට නියමකරයි. :d

    ReplyDelete
  13. මගේ අඬු මොකවත් කඩාගන්නේ නැතිව, ඒ වගේම පාරේ හිටිය අයගේ අඬු මොකවත් කඩන්නේ නැතිව, ඒ වගේම bike එක හප්ප ගන්නේත් නැතිව යහතින් ගෙදරට වාර්තා කළා.

    මේ ටිකට තමයි මම කැමති.....සුඛාන්ත අවසානයක්.........
    ඉක්මනට ලයිසන් ගන්න යාළු.........

    ReplyDelete
  14. හෙ..හේ අයියා.. දැන් නම් හොඳටම ඇති තමා ... ඉක්මනට licence ගන්න... :D :D

    ReplyDelete
  15. හපොයි බොල කඩුවෙල ඉදන්ම ගොහින් ආව කියන්නේ උබට සියලු දෙවියො පිහිට වෙලා... පිස්සු වැඩ නොකර ලයිසන් කට්ට ගනින්... ඔය උලව්ව තිබිලත් අපි බයිසිකල් වලට පෙට්‍රල් ගහපු හැටි එහෙම මතකනේ... හික් හික්..

    ReplyDelete
  16. අත අරින්න එපා මල්ලි... 2500ක්ම දඩ ගැහුවට පස්සෙ තමයි මමත් ලයිසන් ගත්තේ....

    ReplyDelete
  17. බොලේ කොල්ල මාර ගේමක්නෙ දීල තියෙන්නෙ... එල එල
    දැන් බලන්ගියාම අයිය ලියුම් මහත්තයෙක් වෙලානෙ :D

    මෙහ් හසී පවුලෙ මීට් එක ගැනනන් ඉක්මනටම පෝස්ට් එකක් දාන්නකෝ

    ReplyDelete
  18. @තර්ඩ් මෑන් (SIDATH)

    MCQ 40 විතරක් නෙමෙයි practical එකකුත් තියෙනවානේ. ඒත් දැන් ඉස්සර වගේ නෙමෙයිලු හුඟාක් වෙලා පෝලිම්වල ඉදලා හෙණම කට්ටක් කන්න වෙනවාලු ලයිෂන් එක ගන්න.

    බලමුකෝ ඉස්සරහට නේද ? :)

    ReplyDelete
  19. @Chanaka Aruna Munasinghe

    අපේ අඩවියට අධිපති විභීෂණ දෙයියොනේ. කෝකටත් මම පිටත් වෙන්න කලින් දෙයියෝ බුදුන් සිහි කරලයි ගියේ. ආපු ගමන් ඉෂ්ඨ දේවතාවන්ට පින් එහෙමත් දුන්නා.

    තව අවුරුදු 10 කින් වෙනවා කියපු වැඩේ ගැන නම් දැන්ම තියා පරිස්සම් වෙලා ඉන්න වෙයි වගේ.............. :))

    ReplyDelete
  20. @Gayan Kalhara | ගයාන් කල්හාර

    බාර වෙන්න කිව්වේ දෙවියන්ටද ඒත් නැත්නම් පොලීසියටද ? :))

    ReplyDelete
  21. හික් හික්!! උඹත් මාර වැඩ තමයි කරන්නෙ බං

    ReplyDelete
  22. @හිස් අහස

    සරදියල් ගාව තිබ්බයි කියන ඉන්විසිබල් වෙන ක්‍රීම් එක ගාගෙන තමා මම ගමන ගියේ මගේ ඇඟේ වගේම බයික් එකේ :))

    කලිනුත් මම කිව්වා වගේ රාජගිරිය බත්තරමුල්ල හරියේ අඩියෙන් අඩිය වගේ පොලිස් මාමලයි හමුදා මාමලයි. මම හිතුවා දැන් නවත්ත ගනියි දැන් නවත්ත ගනියි කියලා. එහෙම එකක් වුණෙත් නැහැ.

    මම අර ඔෆිස් එක ගැන ඇහුවෙත් පොලිස් මාමෙක් ගෙන්නේ :))

    ReplyDelete
  23. @nohadunana

    අමූලික ඇත්ත. අහුවුණා නම් සදා සොත්ථි තමා :))

    ReplyDelete
  24. @raala

    ඒක ඇත්ත වෙන්න ඇති. කෝකටත් මම සපත්තු එහෙම දාලා ජැකට් එකක් ඇඳගෙන ටිකක් මනුස්ස පාටට ගියේ :))

    ReplyDelete
  25. @sudath

    ඔයාගේ කතාවත් අපිට කිව්වා නම් එළම එළ

    ReplyDelete
  26. @sameerausa

    හැමදාම ඔහොම ගමනක් ගිහින් ආපුවාම වගේම ගමන යද්දිත් ඕක හිතුණාට ගෙදර ආවාට පස්සේ ඕකට යන්න පට්ට කම්මැලිකමක් එනවා අයියා :)

    ReplyDelete
  27. @Kathandarakaraya

    ඒක ඇත්ත කසූ. මම කරලා තියෙන්නේ වැරැද්දක් නම් තමා.

    යොවුන් පාර්ලිමේන්තු මැතිවරණෙට ඡන්ද අපේක්ෂකයෝ ඉදිරිපත් වෙන්නේ පක්ෂ මොකවත් නැතිව ස්වාධීනව.

    ReplyDelete
  28. @හසී

    ඒක නම් ඇත්ත අක්කේ. බත් මුල් බැඳගෙනම කතා හසියව බලන්න එන්න වෙයි ඔයාලට :))

    ReplyDelete
  29. @sithuwilimandiya

    ඒක ඇත්ත අයියේ මටත් දැනගන්න හම්බුණු විදිහට හෙණම කට්ටක් කන්න වෙනවා දැන් ල‍යිෂන් එක ගන්න. ඒත් ඉතින් නොගෙන බැහැනේ..................

    ReplyDelete
  30. @Praසන්ன

    දැන් වෙන ජාතිත් එක්ක එහෙම එකක් වෙන්නත් බැරිකම නැහැ තමා අයියේ. මටත් ඉස්සරහට හැංගිලා ඉන්න වෙයිද දන්නේ නැහැ :))

    ReplyDelete
  31. @සිදංගනා (සුරංගනාවි)

    ඒක ඇත්ත තමා හැමදාම සුඛාන්ත අවසානයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ :)

    ReplyDelete
  32. @ප්‍රාර්ථනා

    ගමන යන්න පිටත් වෙද්දියි, ගමනේදියි, ගෙදර ආපුවාමයි එහෙම හිතුණාට ඊට පස්සේ එහෙම එකක් හිතෙන්නේ නැහැනේ නඟා.

    කොහොමත් ඉස්සරහට ඔය කඩදහියත් ගන්නවා. ඉවරයිනේ එතකොට.................

    ReplyDelete
  33. @පිස්සා පලාමල්ල

    ඒක ඇත්ත අයියේ. තිස්තුන් කෝටියම මාත් එක්ක ඉදලා තියෙනවා කියලයි මට හිතුණේ. ඔයාගේ කතාව මම ඒ දවස්වලම කියෙව්වා. ඒ කාලේ මම බ්ලොග් කියවනවා විතරයි කමෙන්ට්ස් මොකුත් දාන්නේ නැහැ :)) කොහොමත් අසරණයන්ට පිහිටවෙන එක හොඳයිනේ අයියා

    ReplyDelete
  34. @අභීත

    ඒත් දැන් කාලේ ඒ ප්ලෑන් එක ටිකක් සංකීර්ණයි අයියා. මම දන්න විදිහට ලයිෂන් නැතිව ඩ්‍රයිවින් කරලා අහුවුණොත් එයාට රුපියල් 5,000 වගේම එයාට වාහනේ දීපු කෙනාට රුපියල් 7,500 ක දඩයක් වදිනවා.

    බයික් එකේ ලයිෂන් එක කල් පැනලා තියෙන එකටත් ගාණක් එද්දී ඔක්කොම රුපියල් 15,000 ක් විතර වදියි :))

    ReplyDelete
  35. @Hasitha ජයසූරිය

    ඒක ඇත්ත මලේ ලියුමක් ගිහින් දෙන්න ලොකු අවධානමක් අරන් තියෙනවා තමා :)

    හසී පවුලේ චාරිකාවේ ෆොටෝස් ටික මූණු පොතට දැම්මා.

    පෝස්ට් එකත් ඉක්මණට දාන්නම්කෝ.............

    ReplyDelete
  36. ඕකනේ අපි ‍18 වෙච්ච ගමන්ම විනීත රියදුරු බලපත්‍රය ලබාගත්තේ...ඒත් පොඩි අවුලකට තියෙන්නේ දැන් මගේ ලයිසොන් එක අම්මා භාරයේ....
    කාර් එකේ හයිස්පීඩ් ඇල්ලුවේ පොලෝසියේ මැජික් මහත්තයා නෙවේ..
    ගෙදර එනකොට කන්න වගේ බලාගෙන අම්මයි තාත්තයි ඉන්නවා...මම හයිස්පීඩි ගියා කියලා (වැඩිය නෑ 70-80 වගේ) මොකෙක්ද බුරුවෙක් තමන්ගේ ෆෝන් එකේ සල්ලිත් නාස්ති කරන් කොල් කරලා කියලා....ඒදායින් පස්සේ අම්මා හරි තාත්තා හරි ඉන්න ඕනි මට වීසා කොහේහරි කාර් එකේ යනවනම්....

    කාර් එකේ පිකඅප් කොහොමද කියලා බලන්නවත් විදිහක් නෑ නේ...
    අම්මයි තාත්තටයි ඩ්‍රයිවර් වැඩේ ‍කොරන එක තරම් එපා කරපු දෙයක් මට නෑ...ලස්සන කෙල්ලෙක් පාරේ යද්දි පේඩ්ඩක් බලලා ඇහැක් ගහන්න තියා හෝන් ගහලා හෙඩ් ලයිට් පාරක් වත් ගහන්න විදිහක් නෑ....
    ලෝලේ ලොල්ස්....

    ReplyDelete
  37. hi..hi... noolenneda berila thiyenne ikmanatama licence ganna eka hondai... by the way jam gaha yata sangamen sanwidanaya karapu Zoo eke gamana mata yanna bari unaneee aparadee :( shokluneda.....:(
    sashi

    ReplyDelete
  38. අපේ පැත්තේ නම් රියදුරු බලපත්‍ර ගන්න දැන් 16000 විතර යන්වා,,,ඉට අමතරව උගන්වන කෙනාට සැහෙන්න ගුරු පඩුරු
    දෙන්න ඔනි.(පව් පුරව ගන්නත් ඔනි ) ඉට වඩා හොදයි බලපත්‍ර නැතුව යන 1ක

    ReplyDelete
  39. Ha ha Hasitha License nethuwa padina ekanag hodanee thama.....eeeth License nethuwa PEDAPU aya Licenses gaththahama parana wediya hodai kiyla hithila thiyana walu.....

    GW

    ReplyDelete
  40. @෴ හසියා ෴

    අනේ අයියෝ ජාති ජාතිත් හතුරෙක්ටවත් ඒ වගේ විපතක් වෙන්න එපා කියලා තමා මට නම් පතන්න තියෙන්නේ අයියේ :))

    ReplyDelete
  41. @Sashi

    ගන්න ඕනේ තමා. ඒත් කම්මැලිකම ඔක්කෝටම වඩා වැඩියි නේ :))

    ජෑම් ගහ යට සංගමේ ගමන් කොහොමත් ෂෝක් තමා. ඒක කතා 2 ක් නැහැ

    ReplyDelete
  42. @shani

    අම්මියෝ වාහනයක් ගන්න සල්ලි නේ [බොරුවට කිව්වේ :))]

    කොහොම නමුත් ලයිෂන් එක අරන් ඉන්න එකෙන් ශරීර සෞඛ්‍යයට හොඳයි නේ

    ReplyDelete
  43. @GW

    ආන් හරි බොස් ඔයාට තේරුණා. හොර වැඩ කරන එකෙත් අමුතුම ෆන් එකක් තියෙනවා කියන්නේ ඕක තමා :))

    මතකයි නේ අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ නේ

    ReplyDelete
  44. obathumala wage minissu nisa thama ara sinduwaka thiyenne "bima balan yanna yamu kaha irath raliwatila..." kiyala .jeewitha ekka sellan karannathiva license gaththoth hondha !!!

    ReplyDelete
  45. කාලෙකට පස්සෙ නිවාඩුවක් ලැබුණා බ්ලොග් කියවන්න.. අර ප්‍රශ්ණ අංක 1, 2 නම් මටත් පොදුයි ඒත් මදන ඇතුන් නෙලුම් හුයෙන් නවත්තන්න බෑවගේ,අපිටත් ඔවා ප්‍රශ්ණ යැ හි හි

    ReplyDelete
  46. @Thilina Chathuranga

    ඔයාගේ කතාව ඇත්ත තමා. මම ලයිෂන් නැතිව පදින එක ලොකු වැරැද්දක් තමා.

    මේ දක්වා මම බයික් එකේ යද්දී කාටවත් අනතුරක් වෙලා නැති බව ඇත්ත. ඒත් අනාගතේ ගැන කියන්න බැහැනේ

    ReplyDelete
  47. @රත්නේ

    කාලෙකට පස්සේ නිවාඩුවක් හම්බුණේ කියන්නේ බොස් මේ දවස්වල කැම්පස් නිවාඩුනේ.

    කොහොම නමුත් "මදන ඇතුන් නෙලුම් හුයෙන් නවත්තන්න බෑ" කියමන නම් පට්ටම පට්ට :))

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................