අපේ ජීවිතේ අපි නොයෙක් විදිහේ උපයා ගැනීම් කරනවා. ඒ උපයා ගැනීම්වලින් අපි කරන්න ඕනේ හොඳම උපයා ගැනීම විදිහට ඔයාලා හිතන්නේ මොකක්ද ? මට නම් හිතිලා තියෙන්නේ අපි කරන උපයා ගැනීම්වලින් හොඳම උපයා ගැනීම වෙන්නේ විශ්වාසය උපයා ගැනීම කියලා.
ඒ ගැන මම පොඩි කතාවක් කියන්නම්.
මම දොරක් වහන්න ගිහින් දොරේ එක කැඩිලා මගේ අත කැපුණු කතාව ඔයාලට මතක ඇති. අන්න ඒ දවසේ තමා මේ කතාවත් වුණේ. එදා මගේ අතේ වුණු තුවාලෙට බෙහෙත් දාන්න කට්ටිය මාව එක්කගෙන යන ගමනේදී මගේ phone එකට call එකක් ආවා මාත් එකට අපේ first aid team එකේ ඒ කියන්නේ St. John Ambulance Brigade එකේ වැඩ කරන මල්ලී කෙනෙක්ගෙන්.
අතේ අමාරුවත් තියාගෙන මේ රෑ ජාමේ මෙයා මොකද කතා කරන්නේ කියලා බලන්න මම call එකට answer කළා. මෙන්න ඒ මල්ලියි මායි අතර ඇතිවුණු දෙබස.
මම : "........... මල්ලී කියන්න මොකද මේ රෑ ජාමේ"
මල්ලී : "පොඩි හදිස්සියකට තමා හසිත අයියේ කතා කළේ"
මම: " හරි හරි කියමුකෝ බලන්න මොකක්ද කියලා"
මල්ලී : "මගේ computer එක කැඩිලා හදන්න දාලා තියෙන්නේ අයියේ. ඒක දැන් හදලා ඉවරයි. Shop එකේ ඕක තිබ්බොත් මොන මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ගන්න පොඩි සල්ලි ප්‍රශ්නයක් තියෙනවා අයියේ. තාත්තා අතෙත් නැහැ සල්ලි. ඒකයි ඔයාට කතා කරලා බැලුවේ"
මම : "කීයක් විතර වගේද මල්ලී ?"
මල්ලී : " රුපියල් තුන් දාහක් විතර "
මම : " මේකයි මල්ලී කාරණේ [මම එහෙම කියද්දී හිතුවාද දන්නේ නැහැ මම නැහැ කියන්න තමා යන්නේ කියලා] මගේ අතේ මේ වෙලාවේ නම් එච්චර ගාණක් නම් නැහැ. බැංකුවෙත් එච්චර ගාණක් නැහැ මට මතක විදිහට. ඒත් මල්ලී ඔයා තව පැය භාගෙකින් call එකක් ගන්න. මම කියන්නම් මොකද වෙන්නේ කියලා"
මල්ලී : "හරි හසිත අයියේ මම තව පැය භාගෙකින් call එකක් ගන්නම් ඔයාට"
ඒ වෙලාවේ මං ගාව සල්ලි නැති නිසා මට කෙලින්ම කියන්න තිබ්බා "මල්ලී මං ගාව එච්චර ගාණක් නැහැනේ. වෙන කෙනෙක්ගෙන් බලනවාද" කියලා. ඒත් මට එහෙම කියන්න හිතුණේ නැහැ. මොකද ඒ මල්ලීගේ හිතේ මම ගැන තිබුණු විශ්වාසය නිසා.
ඒ කියන්නේ ඒ මල්ලීගෙන මම උපයා ගෙන තිබුණු විශ්වාසය තමා "හසිත අයියාගෙන් හදිසියකදී උදව්වක් ඉල්ලුවොත් එයා මට ඒක කරලා දෙයි" කියන එක. ඒක ආරක්ෂා කරන එක මගේ වගකීම කියලයි මට හිතුණේ.
හරි ඉතින් දැන් රුපියල් 3,000 මම කොහෙන්ද හොයන්නේ. මම ඒ වෙලාවේ හිටියේ මිස් එක්කනේ [මම A/L Logic වලට Tution Class ගිය ගුරුතුමිය] එක්කනේ. මම මිස්ගෙන් රුපියල් 3,000 ක් ඉල්ලුවා. මිස් ඇහුවා මොකද කියලා. මම ඉතින් A-Z විස්තරේ කිව්වා.
පස්සේ මට මිස්ගෙන් රුපියල් 3,000 ක් හම්බුණා. පැය භාගෙකින් පස්සේ මල්ලී කතා කළාම මම කිව්වා.
"වැඩේ හරි. මම ඔයාට උදේට සල්ලි දෙන්නම්. මේ සල්ලි මගෙත් නෙමෙයි මාත් කෙනෙක්ගෙන් loanඑකක් දාලා තමා සල්ලි හොයාගත්තේ ඒක නිසා හැකිතාක් ඉක්මණට මේක බේරන්න ඕනේ" කියලා.
මම එහෙම කිව්වේ මම සාමාන්‍යයෙන් ණය වෙලා ඉන්න හරිම අකමැති නිසා. මල්ලිත් කිව්වා "දවස් 5 ක් ඇතුළත මේක බේරන්නම් අයියේ" කියලා.
අන්තිමට දවස් 5 ක් ගියා. මෙයාගෙන් මොකුත් ආරංචියක් නැහැ. මම දවස් 7 ක් විතර ගියාට පස්සේ මල්ලිට call කළා. ඒත් answer කරන්නේ නැහැ. මම යැව්වා message එකක් "මල්ලී දැන් දවස් 5 ක් නෙමෙයි දවස් 7 ක්ම ගියා" කියලා.
මම ඇත්තට හරිම අපහසුතාවයෙන් හිටියේ ඇයි මෙහෙම වෙන්නේ කියලා. අන්තිමට සති 2 ක් විතර ගියාට පස්සේ මල්ලී ඇවිත් පරක්කු වුණාට කණගාටුව ප්‍රකාශ කරලා සල්ලි දීලා ගියා. මම පරක්කු වුණාට මොකවත් කියන්න ගියේ නැහැ.
මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණු දෙයක් තමා ඒ මල්ලීගෙන් මම විශ්වාසය උපයාගෙන හිටියා "මුදල් හදිසියකදී හසිත අයියාගෙන් සල්ලි ඉල්ලුවොත් ඒක එයා කරලා දෙයි" කියලා. මම ඒක ආරක්ෂා කරන්න කටයුතු කළා. අතේ සල්ලි තිබ්බේ නැතත් කොහෙන් හරි හොයලා ඒක කරලා දුන්නා.
ඒ වගේම ඒ මල්ලී මගෙන් විශ්වාසයක් උපයා ගෙන තිබ්බේ "නියමිත දවසට සල්ලි බේරයි" කියන එක. ඒත් ඒ මල්ලී ඒක් රැකගන්න කටයුතු කළේ නැහැ. නියමිත් දවස පහු වෙද්දී ඒක ගැන කිව්වෙත් නැහැ. මගේ Call, SMS වලට උත්තරයක් දුන්නෙත් නැහැ.
මේවගේ දේවල්වලින් කණගාටුවට පත් වුණත් අනුන්ට උදව් කරන්න ඕනේ, උපයා ගත්තු විශ්වාසය රැකගන්න ඕනේ කියන හැඟීම මගේ හිතෙන් තාම ඉවත්වෙලා නැහැ.
ඔයාලා තාපසතුමා හා නාගයා ගැන කතාව අහලා තියෙනවාද ?
දවසක් නාගයෙක් ගඟේ පාවෙලා යනවා දැක්කාලු තාපසතුමෙක්. නාගයා හිටියේ කොටේක. තාපසතුමා ඒ කොටේ ගොඩට අරන් නාගයාව බේරගන්න උත්සාහ කරද්දී නාගය තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු. තාපසතුමාත් උත්සාහය අත අරින්නේ නැතිව ආයි කොටේ ගොඩට ගන්න යනවාලු. නාගයාත් කලින් විදිහටම තාපසතුමාට දෂ්ඨ කරන්න යනවාලු.
මේක කීපවතාවක්ම සිදුවෙනවා බලන් හිටිය තවත් තාපසතුමෙක් මුල් තාපසතුමාට කිව්වාලු "ඔබතුමාට පේන්නේ නැද්ද ? ඒ නාගයා ඔබතුමාට දෂ්ඨ කරන්න යන්නේ. ඔය වැඩේ තවදුරටත් කරන්න බැහැ නේද ? " කියලා.
එතකොට තාපසතුමා කිව්වාලු "නාගයාගේ ගතිය තමා දෂ්ඨ කරන එක. ඒත් මගේ ගතිය තමා අනුන්ට උදව් කරන එක" කියලා.
මෙතන තාපසතුමා තමන්ගේ ජීවිතේට හානියක් වුණත් අනුන්ට උදව් කරන්න යන කෙනෙක්. අපි හැමෝටම එහෙම කරන්න අමාරුයි නේ.
ඒ වුණත් අපිට පුලුවන් හැම අවස්ථාවේදීම අපි අනුන්ගෙන් උපයා ගත්තු විශ්වාසය ආරක්ෂා කරන්න කටයුතු කරමු. ඔබට යහපතක්ම වේවි.
මේ කතාව කියන්න හිතුණේ මාධව හබරකඩ අයියා ලියපු "විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]" කතාව කියවන්න ලැබුණාට පස්සේ. ස්තුතියි මාධව අයියා :)

අදත් ගොඩක් වටිනා කතාවක් කියලා තියෙන්නේ..
ReplyDeleteඕක දැක්කම මට මතක් වුනේ අද මුහුණු පොතේ වැලන්ටයින් අයියා ලියලා තිබුන කියමන..
TRUST is the base of any relationship
always be careful before doing any little act becouse just a missing "T" can RUST the relationship
ඇත්ත නම් ඒකයි.. විශ්වාසය ගොඩනඟා ගන්න අමාරුයි.. ඒත් පළුදු උනොත් අයේ හරි ගස්ස ගන්න බොහෝම අමාරුයි..
good post bro!
ReplyDeleteමමත් ඔහොම උදව් කරන්න ගිහින් අන්තිමේ නවමටම .....ගත්තු අවස්ථා තියෙනවා.දෑන් විස්වාසේ රකින පුද්ගලයො නම් හරිම අඩුයි.අර අවස්ථාවාදියො කියන අය වෑඩියි
ReplyDeleteහ්ම්ම්ම්ම්ම ඇත්තටම වැදගත් ලිපියක්....
ReplyDeleteකෙනෙක්ගේ අපි කෙරේ තියෙන විශ්වාසය බිදගන්න ලේසියි හැබැයි නැවත ඒ බිදිච්ච විශ්වාසය ගොඩනගන්න හුගක් අමාරුයි.
අද කාලේ ගොඩක් පෙම්හබ වගේම පවුල් ජීවිත කියක් මේ විශ්වාසය නැති කමින් විශ්වාසය බිදීමෙන් කැඩී බිදී යනවද...
මාත් ඉස්සර අනන්තවත් යාළුවෝ විශ්වාස කරලා අනන්තවත් අමාරුවේ වැටිලා තියෙනවා....මං ගැන දන්න අය ඒ ගැන මටත් වඩා හොදින් දන්නවා.තාමත් දුක්වෙන වෙලාවල් තියේ ඔය හේතුව නිසා....
නියමයි සහෝ....ඇත්තටම අනර්ඝ ලිපියක්....
විස ඝෝර සර්පයි අල්ලනවා නම් අල්ලන්න ඕනේ ඔළුවෙන්ලු!
ReplyDeleteඒ කොහොම වුනත් විසාකා සිටු දියණියට, ඇගේ පියා දුන්නු අවවාද වලින් 3ක් මට මතක් වුනා:
1.දෙන්නන්ට දෙන්න
2.නොදෙන්නන්ට නොදෙන්න
3.දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න
ඔතන දී කියලා තියෙන්නෙ පුද්ගල වර්ග 3ක් ගැන. පටලවා ගත්තොත් නම් වැඩ වරදී
හසියා මලේ, උඹේ කතාව කිව්වම මට මතක් උනේ යාළුවන්ව විශ්වාස කරන්න ගිහිල්ල මමත් ලොකු අකරතැබ්බයකට මුහුන දීල තියෙන කතාවක්. දැනට මාස කීපයකට කලින්, මාත් එක්ක කලින් වැඩ කරපු යාළුවෙක් මට හදීසියේ කතා කරලා , "ලොකු හදිසියක් මචං . . " කියලා මගෙන් ණය මුදලක් ඉල්ලුවා. ඒක ලංකාවෙ හැටියට ටිකක් ලොකු ගාණක්. මගේ ඉතා වැදගත් අවශ්‍යතාවයකට මාස කිහිපයක් එකතු කරලා මගේ සන්තකයේ හරියටම තිබුනු ඒ ගාන මම දෙපාරක් හිතන්නෙ නැතිවම "හා මචං මම උඹට දෙන්නම් !" කියලා කිව්ව. හරි මචං මම එක උඹට සති දෙකකින් පියවනවා කියලා ඌ ඇවිත් ඒක අරගෙන ගියා. දැන් සති දෙකක් නෙමෙයි, මාස හයක් ගිහිල්ලා මිනිහගෙන් කිසිම ආරංචියක් නැහැ. මගේ කෝල් වලට, එස්.එම්.එස් වලට කිසිම ප්‍රථිචාරයක් නැහැ. අපි විශ්වාස කරන යාළුවෝ අපිව අමාරුවේ දාන්නෙ ඔන්න ඔහොමයි. මේ වගේ සිද්ධි හින්දා හොඳම අවංක යාළුවෙක්ව උනත් අන්තිමේදි විශ්වාස කරන්න කලින් දෙපාරක් තුන් පාරක් විතර හිතන්න වෙනවා.
ReplyDelete@දුමී
ReplyDeleteඒක ඇත්ත දුමී අයියේ....
කොච්චර අපි විශ්වාස කලත් කෙනෙක්ව ඒ කෙනාගේ හිත කියවන්නේ නැතිව බෑ අපිට ඒ කෙනාගේ හිතේ තියෙන දේ කියන්න....
ආදරයේදීත් අපි අනිත් කෙනාව තමන්ටත් වඩා විශ්වාස කරන්න ගිහන් තමයි දුක ඇතිකරගන්නේ....
අර මල්ලි මේක කියවන්වද?? එහෙම උනොත් මිනිහට ලැජ්ජ හිතෙයිනේ..
ReplyDeleteකියල වැඩක් නැ අයියා!!!!! මගේ ජීවිතේ ම්ට හදාගන්න දේවල් ගෝඩාක් තියෙනව!!!
ReplyDeleteමමත් ඔහොම උදව් කරන්න ගිහිල්ලා අනන්ත කෙළ වීම් වල සුවය විඳලා තියෙනවා.හැබැයි අදටත් මම කාට හරි උදවුවක් ඕනෙ කියලා කිව්වොත් දෙපාරක් හිතන්නෑ......
ReplyDeleteමමත් ඔහොම උදව් කරන්න ගිහිල්ලා අමාරුවෙ වැටිල තියෙනවා. වැදගත් ලිපියක්.
ReplyDeleteහපෝ,කියල වැඩක් නැහැ,අපේ මහත්තයා නම් හොඳටම මට්ටු වෙලයි ඉන්නෙ ඔය වැඩෙන්
ReplyDeleteTrust is the base upon which love is built,
ReplyDeleteLove is nothing without trust,
මෙතන ආදරය වෙනුවට මිත්‍රත්වය කියලත් බොහොම පහසුවෙන් ආදේශ කල හැකියි,
හසිත මල්ලි,
අගේ ඇති ලිපියක්, ස්තූතියි ඔබට,
විශ්වාසය නිදන් කෙරුව සිතක් බිඳුණු පසු
ReplyDeleteකල්පයක්ම සොයා ගියත් නොවේ කිසිම ඔසු
විශ්වාසය අතට අරන් දීලා රන් මසු
ReplyDeleteමට්ටු වෙලා බව පේනව අයියා අපෙ "කසු"
විශ්වාසය කියන්නේ වීදුරු භාජනයක් වගේ .කැඩුනොත් ආයෙ හදනව බොරු. මලේ සල්ලි ගනු දෙනු වලදි නම් මිනිස්සුන්ව බොහොම අමාරුයි අද කාලේ විශ්වාස කරන්න.
ReplyDeleteප්‍රාර්ථනා,
ReplyDeleteblog gadol,
NUWAN"s lane,
෴ හසියා ෴,
ඇමෙරිකන් හෙළයා,
දුමී,
රතනේ,
කසුන් කොස්වත්ත- Kasun Koswattha,
මකුළුවා......,
Praසන්ன,
හරී - පිණිපළස,
Ravi,
කතන්දරකාරයා,
පිස්සා පලාමල්ල,
යනාදී වශයෙන් අදහස් දක්වපු අයියලා අක්කලා නංගිලා මල්ලිලා හැමෝටම ස්තුතියි.
ඒ වගේම හුඟාක් අය අනිත් අයට උදව් කරන්න ගිහින් මටත් වඩා මට්ටු වුණු බවත් ඒත් ඒ වගේ දේවල් වුණත් මම අන්තිමට කියපු කතාවේ තාපසතුමා වගේ අනුන්ට උදව් කරන සිරිත අත් හැරලා නැති බවත් පේනවා. ඒක ගැන මට සතුටුයි.........
අපි මිනිස්සු අපේ වෙනස තමයි එකිනෙකාට උදවු කරගැනීම ...
ReplyDeleteඔයා හරි ! මම එහෙමනම් සල්ලි දෙන්න බෑ කියනවා ! Hasithaසහෝදරයගේ හිත හොඳයි !!
ජයවේවා !!
ඇත්තමයි අයියෙ...
ReplyDeleteහිස් අහස, Hasitha ජයසූරිය
ReplyDeleteසහෝදරවරු දෙන්නාටම ස්තුතියි කිව්වා ඕන්
වැදගත් කතාවක්. වටිනා පාඩමක් ජීවිතේට කියල දෙනව. ඔව් අපි කොච්චර අපේ මිතුරන්ව වශ්වාස කරගෙන හිටියත්, ඒ අයගෙන් සමහරු, අපි එයාල ගැන තියෙන විශ්වාසෙ කඩල බිඳල දාන අවස්ථා තිබෙනවා. මටත් පෞද්ගලිකව එහෙම ලොකු හානියක් වෙලා තිබෙනවා මම පණ වගේ විශ්වාස කරගෙන හිටි කෙනෙක්ගෙන්. :(
ReplyDeleteමගෙ නම කිව්වටත් ස්තුතියි මල්ලි. සුභ පතනවා ඔයාට හොඳ අනාගතයකට...
:)
ReplyDelete@Madhawa Habarakada
ReplyDeleteඅපේ වටිනාකම් හැමදාමත් හොඳ මට්ටමෙන් තියාගන්න උත්සාහ කරන එක තමා අපිට කරන්න තියෙන දේ.
ස්තුතියි අයියේ අදහස දක්වන්න ආවාට............... :)
18 wenida thamai mama me blog gana dhana gaththe.....sinhalen adahas liyanna kamathi unath download karaganna bari una podi udauwak denna puluwanda lesiyenma sinhala akuru type karana vidiha............
ReplyDeletehasi paule katha walin eka dawasata godak dhewal jeevitheta ekathu kara gaththa ........ thank you
Anonymous ට
ReplyDeleteබොහොම ස්තුතියි අදහස්වලට. මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න සිංහලෙන් ටයිප් කරන එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් වෙයි :)
http://www.sinhalabloggers.com/type-sinhala