Wednesday, October 6, 2010

මොකක්ද බොලේ මේ DELBOTC


දවස් 4, 5 කට පස්සේ තමා මේ පැත්තේ කරක් ගහන්න එන්න පුලුවන් වුණේ. හදිසියේම ගිය බ්‍රහස්පතින්දා පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණු නිසා වැඩ ඔක්කොම අවුල් වෙලා තිබ්බේ. කතාව මෙහෙමයි. අපේ A/L Logic Class එකේ ගුරුතුමිය හැම බ්‍රහස්පතින්දාම කැලණිය රාජ මහා විහාරෙදී බෝධි පූජාවක් කරනවා. අපිත් ඒකට පුලු පුලුවන් වෙලාවට සම්බන්ධ වෙනවා.

ඉතින් ගිය සතියේ බ්‍රහස්පතින්දා බෝධි පූජාවට සම්බන්ධ වෙන්න හිතාගෙන මම මිස්ලගේ ගෙදරට ගියා. බෝධි පූජාවට ඕන කරන බඩු මුට්ටු ටිකත් මිස්ලගේ car එකට පටවන්න එහෙමත් මම උදව් වුණා.[කට්ටියට මේ car එක ගැන මතක ඇති. මිස් තන්තිරිමලේ ගිහින් කුඹුරක් හාන්න ගියේ මේ car එකෙන් තමා :))]

අන්තිමට ඔක්කොම එළියට බැස්සාට පස්සේ මිස් ගෙදර දොර lock කරන්න ගියා. ඒ දොරේ පොඩි අවුලක් තියෙනවා හයියෙන් අදින්න ඕනේ. ඒ නැත්නම් හරියට lock වෙන්නේ නැහැ. මමත් ඉතින් මිස්ගේ උදව්වට ගියා දොර වහන්න. මිස් එක පාරක් ඇද්දට හරි ගියේ නැති නිසා මිස්ට පැත්තකට වෙන්න කියලා මම එක පාරක් හයියෙන් ඇද්දා. ඒත් දොර හරියට වැහුණේ නැහැ.

Lock එක මේ වගේම නෙමෙයි ඒත් ටිකක් මේ වගේ lock එකක්

මාත් ඉතින් ආයි පාරක් දොර ඇරලා full වීරියම දාලා දොර වැහුවා විතරයි Lock එකේ handle එකත් කඩාගෙන ඒක මගේ අතට ආවා. ඒ ගමන්ම දකුණු අතේ දබර ඇඟිල්ල හරියෙන් කඩියෙක් කනවා වගේ වේදනාවකුත් ආවා. බැලින්නම් දබර ඇඟිල්ලේ උඩ ඉදන් පහළට තීරුවක්ම කැපිලා. ටික ටික ලේ ගලනවා. මේ වෙලාවේ තමා මට මම St. John Ambulance එකේ කරපු First Aid Course එකෙන් තුවාලයක් වුණාම කරන්න කිව්ව වැඩ පිළිවෙල මතක් වුණේ.



මමත් කඩන් බිදගෙන Tap එක ගාවට ගිහින් තුවාලේ ගලාගෙන යන වතුරෙන් හේදුවා. පස්සේ බාහිරව තුවාලයක් වුණාම කරන treatment එකේ මුල් පියවරවල් ටික අනුගමනය කළා.

එක කෙටියෙන් හඳුන්වන්නේ DELBOTC කියලා


හැමෝගෙම අවබෝධයට ඒක කියන්නම්. මේ එක් එක් අකුරෙන් තේරුමක් එන්න තමා සකස් කරලා තියෙන්නේ.

D - Direct Pressure සෘජු පීඩනය
E - Elevation ඔසවා තැබීම.
L - Lay down හාන්සි කරවීම.
B - Bandage වෙළුමක් යෙදීම.
O - Other Injuries වෙනත් තුවාලවලට ප්‍රතිකාර කිරීම.
T - Treat for shock කම්පනයට ප්‍රතිකාර කිරීම.
C - Circulation චාක්‍රණය

මේ එකෙන් එක ගැන කතා කළොත් තුවාලයකින් ලේ ගලන එක වළක්වන්න දැන් ඉස්සර වගේ තිරිංග දැමීමක් කරන්නේ නැහැ. ඒ නිසා තුවාලය උඩ අත තියලා සෘජු පීඩනයක් ලබාදීලා ලේ ගලන එක නවත්තන එකක් තමා දැන් වෙන්නේ. ඒ වගේම තුවාලය තියෙන ස්ථානය හෘදය වස්තුවට වඩා ඉහළින් තබන්නත් කටයුතු කරනවා. ඉන් පසුව රෝගියාව පොළවේ දිගා කිරීමක් කරනවා.

ඊට පස්සේ තමා තුවාලය ආවරණය කිරීම කරන්නේ. පිරිසිදු රෙදි කඩකින් වුණත් මේ වැඩේ කරන්න පුලුවන්. මේ තුවාලයට අමතරව තවත් තුවාල තියෙන්න පුලුවන් නේ. ඒවා ගැනත් ඉන් පස්සේ අවධානය යොමු කරලා ඒවාට හැකි විදිහට ප්‍රතිකාර කරනවා.

මේ විදිහට වෙන ලේ ගලායාමක් නිසා මොළයට අවශ්‍ය ප්‍රමාණයට ලේ නොලැබීම නිසා කම්පන තත්වයකුත් ඇතිවෙන්න පුලුවන්. ඒකට අවශ්‍ය කරන පිළියම් එහෙමත් කරන්න ඕනේ. අවසාන වශයෙන් මේ ප්‍රතිකාර ඔක්කොම කරලා ඉවර වුණාට පස්සේ ලේ ගමනාගමනය හරියට වෙනවද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් කලින් කරපු වැඩ ටික ඔක්කොම ගඟේ මූදේ දැම්මා වගේ වෙනවා.

මේ සංකීර්ණ plan එකෙන් මම කළේ තුවාලේ හෝදගෙන ඇවිත් තුවාලේ උඩින් පිරිසිදු රෙදි කෑල්ලක් තියල තද කරලා [සෘජු පීඩනය] අත උඩට උස්සලා [පොඩි කාලේ පංතියේ නාම ලේඛනේ ලකුණු කරද්දී ඉන්නවා කියන්න අත උසන්නේ අන්න ඒ ගානට] පුටුවක වාඩිවෙලා හිටපු එක. ඊට පස්සේ ඉක්මණටම කට්ටිය මාව Doctor කෙනෙක් ගාවට අරන් ගිහින් තුවාලෙට බෙහෙත් දැම්මා. Doctor කිව්වා එච්චර ගැඹුරට කැපිලා නැහැ. ඒක නිසා මැහුම් දාන්න ඕනේ නැහැ කියලා.


හොඳම වැඩේ දොරේ Lock එකේ කැඩිච්ච handle එක මම මේ සිද්ධිය මතක් වෙන්නත් එක්ක සාක්කුවේ දාගෙන හිටියේ. ඒක සාක්කුවේ දාගෙන ආපු එක හොඳයි කියන්නේ Doctor ටෙට්නස් ගහන්න වෙයිද දන්නේ කියලා කියද්දී මම අමාරුවෙන් වම් අත සාක්කුවට දාලා handle එකේ කෑල්ල දුන්නා. පස්සේ Doctor කිව්වා මේක යකඩ නෙමෙයි නේ ඕනේ නැහැ ටෙට්නස් ගහන්න කියලා. අන්තිමට ඉතින් බෙහෙත් දාගෙන කැලණි පන්සලුත් ගියා බෝධි පූජාවට.

ඉතින් මේ දවස් ටිකේම හුඟක් වැඩ කටයුතු කළේ වම් අතින්. ඒක නිසා ඒකත් රිදෙන්න ගත්තා :)) කොහොම වුණත් අත් දෙකම එහෙමත් නැත්නම් එක අතක් නැති අය තමන්ගේ වැඩ කටයුතු කරගන්න කොච්චර මහන්සියක් වෙනවද කියන එක නම් යස අගේට මට තේරුණා.

හැමෝම වැඩ කටයුතු කරද්දී පරිස්සමෙන් කරන්න වග බලා ගන්න ඕනේ. හරිද ?

ප.ලි.: මේ ජරමරෙන් පස්සේ මම හිතා ගත්තේ ආයි නම් හයියෙන් දොරවල් වහන්න යන්නේ නැහැයි කියලා. මේ කතාවෙන් ඔයාලටත් ගන්න තියෙන ආදර්ශේ ඒක තමා. කොහොම වුණත් අර First Aid කරුණු ටිකත් කවදා හරි ප්‍රයෝජනවත් වෙයි. ඒවත් මතක තියාගෙන ඉන්න.


ප.ප.ලි.: අද මගේ උපන් දිනය. ඉතින් මම ජීවිතේ අවුරුදු 21 ක් නොදැවී බැට් කරලා තියෙනවා. ඉතුරු ටිකත් හිමින් සැරේ බැට් කරන්න තමා ඉන්නේ :))

අපේ සාඩම්බර හසී පවුලෙන් මට විශේෂයෙන්ම උපන් දින සුභ පැතුම් එක් කරලා තිබුණා. ඉතින් කොලු හසියා, කෙලි හසී, පොඩි හසියාට ගොඩා...................ක් ස්තුතියි :)

කොලු හසියාගේ හසියාගේ නවාතැන
කෙලි හසීගේ හසීගේ සිතුවිලි
පොඩි හසියාගේ හසිත කොල්ලගේ අවකාශය

29 comments:

  1. දුන්න උපදේශයට ස්තුතියි ... ඒවගේම සුභ උපන්දිනයක් වේවා ....

    ReplyDelete
  2. Hehehhehe This Is Great!!!! Logic class miss ekka thamath sambanda kama thiyenwa.. Good! ehema thami guruwarunata salakanna oni... Happy Bday and Happy Teachers Day!!! <3

    ReplyDelete
  3. සුභම සුබ උපන්දිනක් වේවා මිත්‍රයා!

    ReplyDelete
  4. Hasitha අයියා,අනේ අද ඔයාගෙ උපන්දිනේද....වෙලා ගිහින්හරි මම ඔයාට "සුභ උපන්දිනයක් "ප්‍රර්ථනා කරනවා.
    ඒ වගේම අතේ තුවාලෙත් ඉක්මනට හොඳවෙයි...!ඔයාගෙ Firstaid ටික නම් හරි වටිනවා.මම දැනං හිටියේ අත් උස්සන් ඉන්න ඕනෙ කියලා විතරයි.

    ReplyDelete
  5. අඩේ උඹට දැන් බය නැතිව ගිහින් කඩේ මුදලාලිගෙන් සිගරට් ඉල්ලන් බොන්න පුළුහන් නේද?
    හේහේහේ කොහෙමවුනත් ඔන්න මුළු හදවතිනම් සහ බොක්කෙන්ම සුභ පතනවා.....

    ReplyDelete
  6. "Doctor ටෙට්නස් ගහන්න වෙයිද දන්නේ කියලා කියද්දී මම අමාරුවෙන් වම් අත සාක්කුවට දාලා handle එකේ කෑල්ල දුන්නා. පස්සේ Doctor කිව්වා මේක යකඩ නෙමෙයි නේ ඕනේ නැහැ ටෙට්නස් ගහන්න කියලා"

    ටෙටනස් ගහන්නෙ යකඩ වලට තුවාල වුණාම විතරද ? :-o

    ReplyDelete
  7. දැන් උබ අර කඩපු අගුලට මොකද කලේ හි හි... ඈ බොල මොකේ අර අත වැඩියෙන් රිදෙනව කිව්වෙ ?? හික් හික්..


    ආයෙ මොකට සුබ පතන්නද... 21 ක් කියන්නේ අර කිව්ව වගී ලීගල් වයසනේ... හික් හික්.

    කලින් සුබ පැතුව නිසා ආයෙ සද්දෙ මොකටද කියල උන්නෙ. කේක් නම් අපිත් කනවා.

    ReplyDelete
  8. Happy Birth day bro. Couldn't call you because we had a swimming meet today.(eka gena ahanna epa. Inidia gihilla meeta wada hodata kala).Aren't we going to have a party. How about this saturday?

    KIUN

    ReplyDelete
  9. විස්තරේ නම් මාරම වටිනවා....... මේ තුවාලේ දැන් හොඳයිනේ...... :) :)

    සුභ උපන්දිනයක් සහෝ......... :)

    ReplyDelete
  10. sashi

    First Aid karunu tika dapu ekanam godaak hondai thanx for that..ewa kawadahari apitath onaweineee anika ayemath monawahari karanna yanakota parrissamin karanna....thuwalenam dan honda athineee...

    ReplyDelete
  11. අප්පේ මාර වැඩ කෑලිනෙ අයියත් දන්නෙ ;)

    අහ්....සුබ උපන්දිනයක් අයියේ

    මෙහ්.......ඒක නෙමේ..........කෝ බොල කේක්? හික්

    ReplyDelete
  12. Simple and useful .. thank u malli.

    Nice picture of "Kelani Pansala"

    I from Kelaniya too..

    Many Happy Returns..(from Vietnam)

    ReplyDelete
  13. very sorry

    "I am from kelaniya" hariya!!!

    pinak karanna hadanakotama maha badhawakne wela thiyenne.

    ReplyDelete
  14. @Unknown_User/හිඟන්නා

    ස්තුතියි මල්ලී සුභ පතන්න එකතු වුණාට..........

    ReplyDelete
  15. @Vathsala

    මගේ ජීවිතේ මට හම්බුණු සැබෑම ගුරුවරයෙක් කියලා කට ඇරලා කියන්න පුලුවන් කෙනෙක් තමා අපේ logic මිස්. ඒකයි තාමත් exam ඉවර වෙලා අවුරුදු 2 ක් ගිහිනුත් අපි ලෙංගතුකමින් මිස් එක්ක ඉන්නේ........

    ඒ වගේම සුබ පතන්න එකතු වුණාට ස්තුතියි අක්කේ...........

    ReplyDelete
  16. @ප්‍රාර්ථනා

    උපන් දිනයට සුභ පතන්න එකතු වුනාට ස්තුතියි නංගී. දැන් නම් තුවාලේ හොඳටම හොඳයි. ඔයාගේ දැනුමට යමක් එකතු කරන්න ලැබුණු එක ගැන සතුටුයි.

    මීට පස්සේ අත විතරක් උස්සලා පැත්තකට වෙන්නේ නැතුව තවත් යමක් ඔයාට කරන්න පුලුවන් නේ :)

    ReplyDelete
  17. @෴ හසියා ෴

    කොලු හසියටත් හිතෙන ඒවා තමා ඒවා. ඇයි තව බර වාහන එලවන්න ලයිෂන් ගන්නත් පුලුවන් නේ.... :)) මම සුරාවට නැහැනේ අයියා. ඒක නිසා කඩේ මුදලාලිට දුක තමයි

    ස්තුතියි අයියේ සුභ පතන්න එකතු වුණාට

    ReplyDelete
  18. @Chanaka Aruna Munasinghe

    මම කිව්වේ ඒ වෙලාවේ ඩොකා කිව්ව එක නේ අයියා.

    මම අහලා තියෙන විදිහට ෆුට්බෝල් මැච් එකකදී පිට්ටනියේ ලෙස්සලා වැටිලා තණකොලවලට හීරුණු කෙනෙක්ටත් පිටගැස්ම හැදිලා තියෙනවා.......

    ReplyDelete
  19. @පිස්සා පලාමල්ල

    කඩපු අගුල මම අරන් තිබ්බා මම මැරුණු කාලෙක මගේ අනුස්මරණ කෞතුකාගාරේ තැන්පත් කරන්න ගන්න :))

    අනික් අත වැඩියෙන් රිදෙන්නේ දකුණු අතෙන් මොකුත් වැඩක් කරන්නේ නැතුව හැම වැඩේම වම් අතෙන් කරන්න ගත්ත නිසානේ අයියා :))

    ආයි පාරක් සුබ පතන්න එකතු වුණාට තැන්කු අයියා............

    ReplyDelete
  20. @Anonymous

    තැන්කු වේවා මිත්‍රයා......
    ඔයාගේ නමත් මේ කොහෙන් හරි දැම්මා නම් මාරම වටිනවා :)

    ReplyDelete
  21. @KIUN

    ස්තුතියි මිත්‍රයා සුබ පතන්න එකතු වුනාට. අහන්න එපා කියන නිසා ප්‍රසිද්ධියේ අහන්න නැහැ. හම්බුණු වෙලාවක අහන්නම්කෝ :))

    අශානුයි මායි සෙට් වෙලා පාටි එක කරන්න හිතුවේ. ඉදිරි කාලේදී දැනුම් දෙන්නම්කෝ...............

    ReplyDelete
  22. @හා පැටික්කි (MS)

    දැන් තුවාලේ හොඳටම හොඳයි.....

    ස්තුතියි හා පැටික්කි සුභ පතන්න එකතු වුනාට :)

    ReplyDelete
  23. @Sashi

    ඒකනේ කවදා හරි මේ කරුණු ටික ප්‍රයෝජනවත් වෙයි. මතක තියන් ඉන්න.

    ආයි දොරවල් වහද්දී පරිස්සමෙන් වහන්නේ :))

    ReplyDelete
  24. @Hasitha ජයසූරිය

    ඒකනේ කියන්නේ මලයා.

    කේක් ඉදිරි කාලේදී බලාපොරොත්තු වෙන්න :))

    ReplyDelete
  25. @Anonymous

    පින් දහම් කරන්න යද්දී මාර පාක්ෂික බලවේග එනවා කියන්නේ ඒකනේ සහෝ.
    කැලණිය හරියේ වුනාට කමක් නැහැ ඓතිහාසික කල්‍යාණි පුරවරේ නේ.

    උපන් දිනයට සුභ පතන්න එකතු වුනාට ස්තුතියි. නමක් ගමක් දැම්මා නම් තවත් හොඳයි :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................