Saturday, September 25, 2010

ආගිය කතාව


Campus එකේ exam ඉවර වුණේ පෙරේදා. අන්තිම paper එකත් ලියලා hall එකෙන් එළියට බැස්ස වෙලේ පුදුම සැහැල්ලුවක් දැනුණේ. "ඒකත් එහෙමනම් ඉවරනේ" කියලා. Campus ඇවිල්ලත් අවුරුද්දක් ගෙවිලා ගියා කොහොමින් කොහොම හරි. ඉතින් ලබන මාසේ ඉදන් අපි 2nd Year කස්ටිය.

ඒ වෙලේ මට හිතුණු සිතුවිල්ලක් තමා මේ

විභාගය ඉවරයි
පුරුදු නිදහස ආවයි
සුපුරුදු පරිදි ආයි
සරන්නට කාලයයි

පෙරේදා හැන්දෑවේ ගියා කියවන්න හොඳ පොත් ටිකක් ගන්න. 2 ට විතර එකට පොත් අරගෙන එළියට බහිද්දී 7 විතර වුණා. මම ගත්ත පොත් ටික තමා මේ......

චිංගීස් ආයිත්මාතව්ගේ ගුරු ගීතය
මහගමසේකරගේ තුංමංහන්දිය
කුලසේන ෆොන්සේකාගේ ගිනි බිඳුම
ඛුෂ්වන්ත් සිංගේ අන්තිම දුම්රිය (කුලසේන ෆොන්සේකාගේ පරිවර්තනයක්)
භද්‍රජි මහින්ද ජයතිලකගේ ගෙත්සෙමෙනි සන්ධ්‍යාව
ෂ්‍යාම සෙල්වදොරේගේ අමුතු ඉලන්දාරියා (සුගතපාල ද සිල්වාගේ පරිවර්තනයක්)
උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ
නන්දසේන සූරියාරච්චිගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම්

ඉතින් මේ පොත් ටිකත් කියවන්න ඕනේ. ඒ වගේම පහුගිය දවස් ටිකේ මොකුත්ම බ්ලොග් එකේ ලිව්වෙත් නැහැනේ. ආගිය කතා ගොඩා......ක් තියෙනවා ලියන්න.

විශේෂයෙන් කියන්න තියෙන දෙයක් තමා මේ දවස් ටිකේ මගේ ජීවිතේ මම හිතන විදිහට තිබුණු හොඳම දවස් ටික තමයි ගෙවෙන්නේ. ඒක ඉදිරියටත් පවත්වාගෙන යන්න තමා උපරිම try එක.


ඉස්සරහට එන්න තියෙන සහ කරන්න තියෙන ඒවා බලද්දී ජීවිතේටම බලපාන තීන්දු තීරණ කීපෙකුත් ගන්න තියෙනවා. එකක් දෙකක් ගැන කිව්වොත් Campus එකේ 2nd Year එක පටන් ගත්තාම අපි තීරණේ කරන්න ඕනේ Special Degree එකක්ද General Degree එකක්ද අපි කරන්නේ කියලා.

Special Degree එක කරන අය තව අවුරුදු 3 ක් ඒ Special Degree එක කරන subject එක හදාරනවා. General Degree එක කරන අය තමන් 1st Year එකේ කරපු Subjects 3 හෝ 2 තවත් අවුරුදු 2 ක් හදාරනවා.......

අනිත් ජීවිතේටම බලපාන තීරණේ තවමත් ගනිමින් වගේම අවශ්‍ය පසුබිම සකස් කරමින් ඉන්නේ. බලමුකෝ ඒක කොයි විදිහට වෙයිද කියලා....

අන්තිමට එක දෙයක් කියන්න තියෙනවා මගේ exam එකට සුභ පැතුම් එක් කරමින් හයියක් වුණු සිංහල බ්ලොග් අවකාශේ වගේම මුහුණු පොතේ යාළු මිත්‍රාදීන්ට ස්තුතියි. මෙවන් මිතුරෝ මට වාසනාවන්

එහෙමනම් හොඳ හොඳ ආගිය කතා පොදියකුත් එක්ක හමුවෙමු

16 comments:

  1. If you can do the four year degree - then - there is no point in giving up the chance.

    ReplyDelete
  2. එළ එළ අයියේ.....දැන් ඉතින් ආයි ගේමට එන්ටර් වෙමු ;)

    ReplyDelete
  3. හරිම ලස්සනට ගලපලා තියනවානේ...මටත් හරි ආසයි ඔය විදියට ලියන්න.ඒත් තාම මට ලස්සන faculty ජීවිතයක් නෑනේ...

    ReplyDelete
  4. කකා කිව්වා වගේ අවුරුදු හතරම කළානං වටිනවා මලේ

    ReplyDelete
  5. මමත් හිතනවා අවුරුදු හතර හොඳයි කියලා...

    ReplyDelete
  6. හ්ම්ම්ම්,,,,,,,,,,,, අවුරුදු හතරට මගෙත් මනාපය,,,,

    ReplyDelete
  7. මලේ මමත් කියන්නේ අවුරුදු 4 පුලුවන්නම් ස්පෙශල් එකක් දාපන්. මොකද දැන් ඉතින් උපාධි කිව්වමත් නැති කෙනෙක් නැති වගේ මේ අපිට නැති උනාට හි හි....

    යාලුවො කියන කතා අනුව නම් ස්පේශල් එකක් කරන එක හුඟක් හොඳයි. ලියමු ලියමු කතා ටිකකුත්

    ReplyDelete
  8. oya Special Degree eka karana eka hondai oyata bari wennaneeeee....
    sashi

    ReplyDelete
  9. මේ හොඳම දවස් ටික ගෙවෙන්ට නොදී තවත් දිගටම පවතින්ට කියල ප්‍රාර්ථනා කරනවා.... උපාධි ගැනනම් මම දන්නේ නෑ මලෙ.. අර කවුද අන්කල් කෙනෙක් ඉබ්බට කිව්වලුනේ කරනවනම් ජාවා තමයි කරන්ට ඕන කියලා.. ඒ වගෙ මාත් කියන්නේ උඹට කරනවනම් ඉස්ම ඉස්පෙෂල් එකක් කරන්ට කියල තමයි...

    ReplyDelete
  10. අනේ වාසනාවං. පොත් ටික දැකලා කටට කෙලත් ඉනුවා. හොඳ නරක කියෝලා බලලා කිව්වනම්. ලබන සැත්තැම්බරේ වෙනකං කියවත හැකි වගේ. අපිට කොයිද අයිසිං කේක් කිව්වලු. අර තෝර ගන්න එක නරකද ඉස්තරං එක තෝර ගත්තොත්....3ක් කොහොමත් ඉන්න එකේ එකක් වැඩි පුර ඉන්න එක අපතේ යන්නේ නෑනේ මලේ.

    ReplyDelete
  11. පලක් ඇති ස්පෙෂල් එකක් කරහන් මලේ..දැන් දැන් කවුරු කවුරුත් ඩිග්‍රි ගන්න එකේ මේ පුද්ගලික කඩ වලට පින් සිද්ධ වෙන්න, ඕගොල්ලො එලියට එන කාලෙ වෙනකොට නිකම්ම නිකං ඩිග්‍රියක වටිනාකම බොහොම අඩුවෙයි. ගන්න එකත් උපරිමේන්ම ගොඩ දාගනින් කැලෑසියක් එක්කම, සුභ පැතුම්!

    අනික් කාරනේ ගැනත් කියන්න තීන්නෙ ඒකම තමයි. ස්පෙෂල් එකක්ම වෙන්ට ඕනි, හරියන පාට තීන්නත් ඕනි, සමනල තටු වගේ පේන්නත් ඕනි.
    මව් යානෙ ගති, පෙනුම සහ හැසිරීම ගැන පූර්ව අධ්යනයක් කරල ඕන හැබැයි ගොය්යො අන්තිම තීරනේ ගන්න. ඇයි මෙහෙම කිව්වෙ කියන එකටනං බ්ලොගග් ලියන්න කරුනු තීනව.

    ඔක්කොම තීරන හරියට ගන්න සම්ම දිඨ්ඨිය ඇතිවේවා..!

    ReplyDelete
  12. කතන්දරකාරයා,
    Hasitha ජයසූරිය,
    ප්‍රාර්ථනා,
    blog gadol,
    කාංචන දිනූක,
    හරී,
    පිස්සා පලාමල්ල,
    sashi,
    පුතා,
    Naදී,
    ඉන්දික උපශාන්ත,

    තමන්ගේ අදහස් දක්වලා ගිය අයියල, අක්කලා, නංගිලා, මල්ලිලා හැමෝටම ස්තුතියි. History special එකක් කරන්න තමා idea එක නම් තියෙන්නේ. Exam එකේ results අනුව තමා Special කරන එක තීරණය වෙන්නේ. 1st Sem එකේ නම් මගේ results අවුලක් නැහැ. මේ Sem එකෙත් මම හිතනවා results අවුලක් නැතිවෙයි කියලා. කොහොමත් නොවැම්බර් මාසේ මුල වෙද්දී ඉස්තීරෙන්ම ඒක ගැන දැනගන්න පුලුවන්

    ReplyDelete
  13. @ ප්‍රාර්ථනා :

    ඔයාටත් හොඳ talent එකක් තියෙනවා කියලා මම දැක්කා. තව ලියන්න එතකොට ඒ හැකියාව තව වැඩි දියුණු වෙයි. ඒ වගේම A/L results තාම ආවේ නැහැනේ. ඔයාටත් හොඳ faculty ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  14. @ Naදී

    අක්කා book fair පැත්තේ ආවේ නැද්ද? ලබන සැප්තැම්බර් වෙනකම් කියවන්න පුලුවන් කියලා කිව්වාට මේ වෙද්දීම මම පොත් 4 කියවලා ඉවරයි. මෙන්න මේ පොත් ටික

    මහගමසේකරගේ තුංමංහන්දිය
    කුලසේන ෆොන්සේකාගේ ගිනි බිඳුම
    උපුල් ශාන්ත සන්නස්ගලගේ සරසවි දියණියෝ
    නන්දසේන සූරියාරච්චිගේ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම්

    ReplyDelete
  15. දැං ඉතිං අළුත් ලමයි ටිකත් එනවා නේද හෙට අනිද්දම?? පිළිගන්න ලෑස්තිද? ;)
    මට නං කියන්න තියෙන්නෙ විශේෂ උපාධියක්ම කරන්න කියන එකයි. ඒ විතරක්ම මදි...
    රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න ශත්තිය ධෛර්යය ලැබෙන්න කියල පතනවා...!!

    ReplyDelete
  16. @Madhuranga Rathnayake

    අපේ කට්ටිය බරටම වැඩ තමා. අළුත් ළමයින්ව ආදරයෙන් සාදරයෙන් පිළිගන්න :)) ස්තුතියි සහෝ ඔයාගේ අදහසට

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................