Wednesday, September 1, 2010

විභාගේ පටන් ගන්නයි යන්නේ..........


මේ දවස්වල මට වැඩ ගොඩ වෙමින් තමා පවතින්නේ. Campus ගිහින් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්නත් ළඟයි. 1st Year එක ඉවර වුනේ අගෝස්තු 27 වෙනිදා. මේ දවස්වල Study Leave . Campus එකේ exam පටන් ගන්නේ සැප්තැම්බර් 14 වෙනිදා. ඊට කලින් IT paper එක තියෙනවා සැප්තැම්බර් 06. Exam පටන් ගන්න දවසේම හා හා පුරා කියලා මට පුරාවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ 21 ඉතිහාසය. 23 සමාජ විද්‍යාව. ඉංග්‍රීසි paper එකකුත් ඔක්තෝබර් 08 වෙනිදා තියෙනවා.

ඉතින් දැන් exam එකත් ළඟ නිසා පාඩම් කටයුතු උත්සවාකාරයෙන් පටන් ගන්න කියලා තමා හිතුවේ මේ සිකුරාදාට. වැඩ කටයුතු නිසා ඉස්සරහට බ්ලොග් කෙරුවාවට එන්න බැරිවෙයි.

සැප්තැම්බර් 23 ඉවර වුනාට පස්සේ මේ දවස්වලටත් හරියන්න ලියන්න තමා ඉන්නේ. කොටින්ම මේ දවස් ටිකට ආගිය කතා හුඟක් හොයා ගෙන තියෙන්නේ. ඒත් ලියන්න වෙලාවක් නැති එකයි තියෙන ගැටළුව. එහෙම නම් සැප්තැම්බර් 23 වෙනිදායින් පස්සේ නැවත හමුවෙමු.

හැමෝටම ජයවේවා !!!

21 comments:

  1. හොඳින් පාඩම් කරලා විභාගේ ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....... ඔන්න ආයේ ආවම අර එකතු කරගත්ත කථා ටික කියන්න ඕන හොඳද... :D

    ReplyDelete
  2. ඔය පාඩම් කරන ඒවායේ කෙටි සටහන් ලිවුවනම් . Specially පුරාවිද්‍යාව :D

    Good Luck for Exams !!!

    ReplyDelete
  3. එල කිරි වගේ එක්සෑම් ගොඩ දා ගන්න අයියෙ

    Best Luck for Exams!!

    ReplyDelete
  4. දන්නවනේ මගෙන් සුබ පැතුම්! ගොඩ දාගෙන මිසක්ක ආයේ මේ පැත්ත​ෙ පස් පාගනවා නෙමේ හොඳේ! බුද්ධි

    ReplyDelete
  5. oyatath jayaewa!!! Hasitha.. hondata padam karala hondata exam 1 liyanna labewa kiyala pathanawa...
    sashi

    ReplyDelete
  6. උඹට සමීපතම සුභ පැතුමක් මම එක්කරන්නම් මලේ...

    ‍යන යන තැන තැන ජය ජය වේවා.......... !

    ReplyDelete
  7. අහ් විබාගේ!!!!! මෙන්න ළම‍යාගෙනුත් සුබපැතුම්....!!! :))

    ReplyDelete
  8. හොදින් විභාගය කරන්න මල්ලී.සුහ පෑතුම්

    ReplyDelete
  9. Best of luck brother! Do your exams well and return with new bundle of ideas! waiting to hear you again!

    ReplyDelete
  10. එහෙනම් ඉතින් මේ exam එකත් හොඳට ගොඩදාන්න A+ A+ A+ මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  11. All the best for ur exams. Waiting for ur new stories...... :)

    ReplyDelete
  12. එහෙනම් ඕං මගෙනුත් සුභ පැතුම් හසිත... ජයවේවා...

    ReplyDelete
  13. හා හා එහෙනම් නැකත් එහෙම බලලා සුබ කටයුත්තට අත ගැහුවනම්. ඔන්න පුතේ ඇඳට වෛර කරන්න කාලේ හරි.
    ජය පතනවා එක හිතින්ම.

    ReplyDelete
  14. සුබ පතනවා මලේ... හොඳට කරගනින් වැඩ කටයුතු. ජය.

    ReplyDelete
  15. එන විභාගෙ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපට වෙච්චි දේ නම් වනේ වන හතුරකුට වත් වෙන්න එපා කියන එක තමා මගේ ප්‍රාර්ථනය.එහෙම එකක් වෙන එකක් නැහැ සහෝ!

    ReplyDelete
  16. ගොයියෝ..... එක්සෑම් එක ගොඩ ගියොත් අපිට එහෙම නෙමෙයි ඕන්.... තමුන්නැහෙටම තම්යි...... පුරාවිද්‍යාවට මමත් ආසයි.... එත් ඉගෙන ගෙනනම් නැහැ..... නරකෙයි පටන් ගත්තොත් ඔය පුරාද්‍යා ගවේශණ කරන්න යන එන තැන් වල ෆොටෝ ටිකක් එහෙම දාල බ්ලොග් එකකුත්.....

    ReplyDelete
  17. හසී,
    Chanaka Aruna Munasinghe,
    හරී,
    Shadow/හේමලයා,
    Unknown_User/හිඟන්නා,
    Hasitha ජයසූරිය,
    බුද්ධි,
    Sashi,
    අභීත,
    SACHIRA,
    NUWAN"s lane,
    ලකී වික්‍රමසිංහ,
    කාංචන දිනූක,
    Erandi,
    පුතා,
    Naදී,
    පිස්සා පලාමල්ල,
    leks' world,
    කංචු

    හැමෝටම බොහොම ස්තුතියි දීපු හයියට. හෙට ඉදන් නිකම් හිටපු ඒවටත් එක්ක හරි යන්න දොඹෙන් යන්න ලියන්න ඉන්නේ :)

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................