Tuesday, May 4, 2010

නූතන වප් මඟුල

දවස් ගාණකට පස්සේ තමා මේ පැත්තේ ආවේ. ඒත් අතරින් පතර පුලුවන් වුනු වෙලාවල්වල අනිත් අයගේ බ්ලොග් කියවලා comment එහෙම කලා. ඉතින් අලුත් post එකක් ලියන්න කතා ගොඩක් තිබ්බත් වෙලාවක් නැතිකම තමා ගැටළුව වුණේ. ඔක්කොටම මුල වුණේ නිවාඩුවෙන් පස්සේ campus එක ගිය මාසේ 26 පටන් ගත්ත එක. දැන් ඉතින් වැඩ ටික ටික වැඩිවෙමින් තමා තියෙන්නේ.

26 campus පටන් ගත්තත් 27 වැනිදා campus යන්නේ නැතිව හොඳ වැඩකට set වුණා. අපේ හිතවත් හාමුදුරුවෝ කෙනෙක් තන්තිරිමලේ ඉන්න ළමයි 10 දෙනෙක්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක් කලා එයාලගේ අධ්‍යාපන කටයුතුවලට උදව්වක් විදිහට. අපි කට්ටියකුත් ඒ ළමයින්ට දෙන්න පොත් වගයක් අරන් ගියා. මෙතන කෙටුවා නම් ඒකේ photos එහෙම බලන්න පුළුවන්.

ඉතින් අද කියන්න යන කතාවට අදාල සිද්ධිය වුනේ මේ ගමනේ අතරවාරයේදී තමා. මම මේ ගමන ගියේ අපේ ගුරුවරියකට අයිති වුණු car එකක. ගුරුතුමිය කිව්වට අපි කියන්නේ මිස් කියලා. ඒ නිසා ඉස්සරහට තියෙන්නේ මිස් කියලා. ඉතින් ඒ මිස්, එයාගේ මහත්තයයි, මායි, තව යාළුවෙකුයි තමා car එකේ ගියේ. Car එකත් මහ ලොකු car එකක් නෙමෙයි Micro Trend එකක්.

මිස්ට වාහන drive කරන්න තාම ලයිෂන් එහෙම නැහැ. කාලයක් වාහන drive කරන්න පුරුදු වෙන්න ලර්නර්ස් ගිහින් තියෙනවා. ඒත් අවුලකට තියෙන්නේ පාරේ කන්ටේනර් යද්දී මිස් අම්බානකුත් තව පොඩ්ඩක් බයවෙලා වාහනේ පාරෙන් අයිනකට ඉක්මනට ගන්න යන එක පස්සේ මිස් වැඩත් එක්ක වෙලාව අඩු නිසා වාහන කිරීමේ හීනේ අමතක කරලා තියෙනවා.

ඉතින් එදා තන්තිරිමලේ යද්දී පාරේ වාහන එහෙම අඩු නිසා [වාහන අඩුයි කියන්නේ හුඟක් වෙලාවට පාරේ යන්නේ Motor bike. ලොකු වාහනයක් යන්නේ එහෙමත් වෙලාවක] ආයි පාරක් වාහනේ drive කරන්න හිතලා මිස් සුක්කානම අතට ගත්තා. මිස්ගේ මහත්තයා ඉස්සරහ හිටියා, මායි යාළුවයි පිටිපස්සේ හිටියේ.

මේ තියෙන්නේ මිස් car එක drive කරන්න පටන් ගත්ත තැන

මිස් වාහනේ start කරලා ක්ලච් එක පාගන් ඉද්දී මිස්ගේ මහත්තයා ජියර් එක ෆස්ට් එකට දැම්මා. ඒ අතරවාරේ මිස් සුක්කානම දකුණු පැත්තට full කපන ගමන් ඇක්ස්ලේටර් එකත් full පාගන්න ගත්තා. අපි පිටිපස්සේ ඉදන් කිව්වා දැන් හිමින් සැරේ ක්ලච් එක අතාරින්න කියලා.

මේ තියෙන්නේ මිස් ඉස්සෙල්ලාම car එක start කරන් ඉන්න හැටි

මිස් ක්ලච් එක එකපාරටම අත ඇරියා. සුක්කානමත් දකුණට full කපලානේ තිබ්බේ වාහනේ පාරෙන් පිට පැනලා පල්ලම දිගේ ගියා. පල්ලෙහා තිබ්බේ කුඹුරු. හොඳ වෙලාවට වාහනේ කුඹුරට ගියේ නැහැ ඊට කලින් ගැට්ටක් තිබිලා ඒකේ හිරවුණා. මටයි යාළුවටයි මැරෙන්න හිනා. හිනාවෙලා වැඩිවෙලා කඳුළුත් එනවා. මිස්ටත් හිනා.

මේ තියෙන්නේ car එක කුඹුරට යන්න ඔන්න මෙන්න තියෙද්දී පස් කණ්ඩියේ හිරවෙලා නතර වෙලා තිබුණ හැටි

පස්සේ අපි මිස්ව වාහනෙන් අයින් කරලා උඩට පිටත් කලා. හොඳ වෙලාවට එතැනින් CTB බස් එකක් ගියා. ඒකේ Driver මහත්තයා මේක දැක්ක ගමන් බස් එක නවත්තලා බස් එකේ සෙනඟත් එක්ක ආවා. පාරේ motor bike එකක ගිය කොල්ලෝ දෙන්නෙකුත් අපේ උදව්වට ආවා. අන්තිමට කට්ටිය ඔක්කොම එකතුවෙලා පල්ලමේ ඉදන් වාහනේ පාරට තල්ලු කලා. car එකට අත තියන්න බැහැ හොඳටම රත්වෙලා. ඉතින් අත් පිච්චි පිච්චි අපි වාහනේ පාර උඩට තල්ලු කලා.


Car එක හිරවෙලා තිබ්බ තැන car එක උඩට ගත්තට පස්සේ

විදෙස් මාධ්‍යවේදියෙක් සිද්ධිය වාර්තා කරමින්

පස්සේ ඉතින් දීපු සප් එකට අපි ඒ මිනිස්සුන්ට ස්තුති කලා. එයාලා හිටියේ නැත්නම් ඉතින් සොරිම තමා. එයාලටත් අපි ඇත්ත කතාව කියන්න ගියේ නැහැ අනම් මනම් කියලා ෂේප් වුනා. එතනින් පස්සේ ඉදන් අපි ආපහු එනකම්ම ඉතින් ඒක මතක් වෙද්දිත් අපිට හිනා. එහෙම තමා අපේ මිස් නූතන වප් මඟුලේදී කුඹුරු හාන්න ගියේ.

හොඳ වෙලාවට පස් කණ්ඩියක හැපිලා හිරවුණා නැත්නම් කුඹුරටම ගියා නම් කුඹුර අයිතිකාරයට එක කන්නෙක දෙපාරක් තමන්ගේ කුඹුර සී සෑමේ භාග්‍යය හිමිවෙනවා. අනිත් කතාව තමා TV දෙරණින් කරපු ශූර ගොවියා Competition එක ඉවරවෙලා තිබ්බ එක. ඒක තිබ්බා නම් අපේ මිස්ටත් ඒකට apply කරන්න තිබ්බා. සෙල්ලම් වැඩක්ද car එකකින් කුඹුරක් හානවා කියන එක.

7 comments:

  1. macho photo tike noothana wap magule miss saha mahatthayai dekaganna puluwan......... ehema neda?????????

    ReplyDelete
  2. I was happy to see the place on our way back. I was so happy to see the video clip. Anyway they are very fortunate to avoid any harm.

    ReplyDelete
  3. ha ithin oya katha nayakoyo dennama api dannawa mama hithanneee(Kasun Tharanga)

    ReplyDelete
  4. Micro Trend is a "MAHALOKU CAR" because it is a Sri Lankan product.

    ReplyDelete
  5. Anonymous 1 ට
    ඔව් ඔව් දැක ගන්න පුළුවන්

    Seelagawesi Thero ට
    ප්‍රතිචාරයට ස්තුතියි හාමුදුරුවනේ. ඔබ වහන්සේ හරි කාටවත් කිසිම කරදරයක් නොවුණු එක ගැන ඇත්තටම සතුටු වෙන්න ඕනේ. Video clip එක upload කලේ නැත්තේ හාමුදුරුවනේ එකක් ඒකට සෑහෙන වෙලාවක් යන නිසා. අනිත් කාරණේ එකෙන් කට්ටියගේ අනන්‍යතාව හෙලිවෙන හින්දා.

    Kasun Tharanga ට
    ඔබ හරි. මම නිවැරදියි

    Anonymous 2 ට
    මේක ලංකාවේ වාහනයක් කිව්වට පිටරටින් ගේන මේකේ කෑලි ටික ලංකාවේදී සකස් කරන එක තමා වෙන්නේ මම දන්න විදිහට. ඒ වගේම මේ කාර් එකෙත් ලෙඩ ගොඩක් තියෙනවා. ඒවා Micro Company එකට කිව්වට එයාලත් හදන්න බැරි scene එකක් තියෙන්නේ.

    ඒ වගේම මේ car එක service කරන්න පෑලියගොඩ තියෙන Micro Company එකට ගියාම එතනදී හම්බෙන හුඟක් වාහන අයිතිකාරයෝ කියන්නේ Micro වාහනේ ගත්ත එක මෝඩ කමක් කියලා.

    ReplyDelete
  6. මේවා බ්ලොග් වලා දාලා මිස්ට් පොලීසි යන්න වෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
  7. @මධු වීරකෝන්

    හික්ස්. පොලිසියට ගිය ගෝල බාලයොත් මිස්ට ඉන්න නිසා බය වෙන්න දෙයක් නැහැ අක්කේ

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................