Wednesday, March 31, 2010

මහප්‍රාණ අල්ප ප්‍රාණ


අද දවසට දාපුවා ඇතියි කියලා තමා හිතන් හිටියේ. ඒත් කීප දෙනෙක්ම comments දාලා තිබුණ නිසා හිතුනා තව කතාවක් ලියන්න. මේකත් ඉස්කෝල කතාවක්.

ඉස්කෝලෙක පොඩි පංතියකට එදා කියලා දීල තියෙන්නේ සිංහල හෝඩියේ තියෙන මහප්‍රාණ අකුරු ගැන. ඉතින් ඔය පංතියේ හිටපු ළමයෙක් එදා හැන්දෑවේ ගෙදර ගිහින් එයාගේ බාප්පාට ලියුමක් ලිව්වාලු. ලියුම තිබ්බේ මෙහෙමලු.

භාඵ්ඵේ භාඵ්ඵේ,
භාඵ්ඵාඝේ භල්ලා භථුථ් ඛාලා ලිභ්භොඛ්ඛේ භුධි.

මීඨ,
භාල ඵුථා.

කොහොමද මහප්‍රාණවල වැඩ.............

4 comments:

  1. බාප්පේ බාප්පේ,
    බාප්පගේ බල්ලා බතුත් කාලා ලිප්බොක්කේ බුදි

    මීට
    බාල පුතා

    ReplyDelete
  2. අන්තිමට බාප්පා තමන්ට එවපු ලියුමේ තිබ්බ වැරදි ටික හදලා පුතාට ලියුමක් එව්වලු. ඉහතින් දක්වා ඇත්තේ එම ලිපියයි.

    ස්තුතියි ඔබේ සහයෝගයට.............

    ReplyDelete
  3. read this as well:
    http://kathandara.blogspot.com/2010/03/blog-post_04.html

    ReplyDelete
  4. නියම කතාව කතන්දර සූරීනි

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................