Wednesday, March 31, 2010

පබ්ලිකුටි නම් කරන්න එපා..........


මේ කතාව මගේ ගාව තියෙන කතා set එකෙන් ටිකක් hit කතාවක්. මගේ යාළුවෝ කීප දෙනෙක්ම කිව්වා මේ කතාව බ්ලොග් එකට දාලා පබ්ලිකුටි කරන්න කියලා. දැන් කට්ටිය බලනවාද දන්නේ නෑ මොකක්ද මේ පබ්ලිකුටි කියන්නේ කියලා. කතාවත් තියෙන්නේ ඒ ගැනම තමා.

මේක ඉස්කෝලෙකින් පටන් ගන්න කතාවක්.
එක පංතියක ළමයෙක් ඉන්නවාලු දක්ෂ. ඉංග්‍රීසිවලටත් මේ ළමයා හරි දක්ෂයිලු.
ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ළමයා City කියන වචනේ කියන්නේ කුටි කියලා. ඉතින් ටීචර් මේක හරිගස්සන්න try කලත් හරි නොගිය නිසා හිතුවා මේ ළමයාගේ තාත්තව ගෙන්නලා මේක ගැන දැනුවත් කරන්න.

ඉතින් ළමයා තාත්තව එක්කගෙන ආපුවාම ටීචර් තාත්තට කියනවාලු.
" බලන්න. Mister ගුණසේකර ඔයාගේ පුතා දක්ෂ ළමයෙක්. ඒත් මේ ළමය City කියන වචනේ කියන්නේම කුටි කියලානේ. ඔයාලා මේක ගැන දෙමව්පියන් හැටියට සැලකිලිමත් වෙන්න ඕනේ නේ" කියලා.
එතකොට තාත්තා කියනවාලු" ඒක තමයි ටීචර් අපි මේක ගැන හුඟක් සැලකිලිමත් වුණා. ඒත් ටීචර් මේක මේ ළමයාගේ කැපාකුටි [For Capacity] යේ ප්‍රශ්නයක් කියලා

ටීචර්ට දැන් හරිම upset ලු. ඉතින් ටීචර් හිතුවාලු මේ ළමයාගේ සීයාත් එක්ක මේ ගැටළුව ගැන කතා කරන්න.
ඉතින් ටීචර් දවසක් ළමයාගේ සීයා හම්බවෙලා කිව්වලු
" බලන්න Mister ගුණසේකර ඔයාගේ මුණුපුරා හරිම දක්ෂ ළමයෙක් ඒත් මේ ළමයා City කියන වචනේ කියන්නේම කුටි කියලා. පස්සේ මම ඒක ගැන ඔයාගේ පුතාව දැනුවත් කලා. එයා කියනවා Capacity කියන වචනේ කැපාකුටි කියලා. ඉතින් මේවා ඔයාලගේ වැරැදි. පොඩි කාලේදීම මේවා හදාගන්න තිබ්බානේ" කියලා.

අන්තිමට සීයා කියනවාලු " ටීචර්ගේ කතාව සහතික ඇත්ත. හැබැයි ටීචර් මේක පබ්ලිකුටි [For Publicity]නම් කරන්න එපා අපිට ගමේ ඉන්නවත් බැරිවෙයි" කියලා...

12 comments:

  1. කමෙන්ට්ස්වලට තැන්කු කිව්වා ඕන්

    ReplyDelete
  2. හිනා යනවා නම් එච්චරයි

    ReplyDelete
  3. නෑ නෑ බය වෙන්නෙපා පබ්ලිකුටි නොකර ඉන්නම්කො...... හිහ්....මරු..

    ReplyDelete
  4. මම පණ බයේ හිටියේ මේ කතාව පබ්ලිකුටි කරලා මේ පවුලේ අයගෙන් හොඳ කෑමක් කන්න වෙයිද කියලා. තැන්කු හා පැටික්කි..............

    ReplyDelete
  5. මේ දැන් මේ කථාව පබ්ලිකුටි කරන්න එපා කිව්වට ඔයාට සහ අර ටීචර් මැද්දේ මේ කථාව දන්න තව සෑහෙන සෙට් එකක් ඇති නේද? ඔන්න අපි නෑ ඕවට.... :)

    ReplyDelete
  6. ස්තුතියි මතක් කලාට,
    දැන් ඉතින් මාත් කියන්නේ මාත් නැහැ ඕවාට මේ ලාංකීය සිතුවිලි යි සිංහල බ්ලොග් කියවනය යි තමා ඔය කතාව පබ්ලිකුටි කළේ කියලා
    :) :) :)

    ReplyDelete
  7. මමත් ඔන්න කමෙන්ට් එකක් කොටලා පබ්ලිකුටි කළා :)

    ReplyDelete
    Replies
    1. @ Chandana

      අප්පේ අයියා පරණම කතාවක්නේ කියවලා තියෙන්නේ

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................