Sunday, March 28, 2010

පුටු වරක් චක්කරේ


ආගිය කතාවලට කියන්න පුළුවන් නියම කතාවක් අද උදේ පාන්දරම මතක් වුණා. කතාව නම් කැම්පස් කතාවක්. වැල් වටාරම් ඕනේ නෑ නේ මම කතාව පටන් ගන්නම්.

චක්කරේ තියෙන්නේ......... මට මතක විදිහට හරි සිංහලෙන් ඕකට කියන්නේ ගුණන වගුව කියලා. ඉතින් අපි උදාහරණයක් ගත්තොත්

2 X 1 = 2
2 X 2 = 4

මේක කියද්දී කියන්නේ දෙවරක් එක දෙකයි. දෙවරක් දෙක දෙකයි කියලා එහෙමනේ.
ඉතින් 2 ඉදන් මට මතක් විදිහට අභ්‍යාස පොත්වල 13 වරක් චක්කරේ වෙනකම් තියෙනවා.

කවුද දන්නේ පුටු වරක් චක්කරේ ??? කැම්පස්වල රැග් කාපු අය නම් දන්නවා ඇති. කෙසේ වෙතත් "බහුජන හිතාය, බහුජන සුඛාය" කියලා කියන්නම්කෝ.

පුටු වරක් එක පුටු
පුටු වරක් දෙක පුටු පුටු
පුටු වරක් තුන පුටු පුටු පුටු
පුටු වරක් හතර පුටු පුටු පුටු පුටු

ඕන් ඕක තමා පුටු වරක් චක්කරේ.

ඉතින් කතාව තමා කැම්පස් එකේ රැග් කාලෙදී මායි තව මගේ යාළුවෙකුයි. උදේ පාන්දරම අක්කලා කට්ටියකට මාට්ටු වුණා. ආගිය තොරතුරු කතා කරලා එක අක්කා කෙනෙක් මගේ යාළුවට කිව්වා. " මල්ලී, උඹ පුටු වරක් චක්කරේ කියපන් " කියලා.
අපේ බුවා පටන් ගත්තා.

පුටු වරක් එක පුටු එකයි.
පුටු වරක් දෙක පුටු දෙකයි.
පුටු වරක් තුන පුටු තුනයි.
පුටු වරක් හතර පුටු හතරයි.

මේ අතර වාරේදී අක්කලා බුවා චක්කරේ කියන එක නැවත්තෙව්වා. "කවුද උඹට ඕක කියාදුන්නේ" කියලා අක්කා කෙනෙක් ඇහුවා. බැලින්නම් අපේ බුවා ඕක ඌම හිතලා තමා එහෙම කියලා තියෙන්නේ. පස්සේ ඉතින් අක්කලා පුටු වරක් චක්කරේ හරියට කියාදීලා අපිව පිටත් කෙරෙව්වා.

මමත් එදා තමයි ඕක මුලින්ම ඇහුවේ. ඇහුව ගමන් මාත් හිතුවේ පුටු [වාඩිවෙන එව්වා] කියලා. අපේ යාළුව හෙණම creative පොරක් නේද ???

14 comments:

  1. ඕක කියනකොට ඔය පුංචි කාලෙ පුටු පුටු ගගා බයිසිකල් යනව වගේ ඇති නේ????? word verification අයින් කරමුද අයියේ.....

    ReplyDelete
  2. මෙව්වා තමා campus එකේ තියෙන සිඟිති ආතල් වැඩ. තව කතා තියෙනවා. ඉදිරියේදී බලාපොරොත්තු වන්න. කොහොමද word verification අයින් කරන්නේ. මට ඒක කියාදෙන්න පුළුවන්ද ???

    ReplyDelete
  3. හරි නංගි මම ඒක හැදුවා. ස්තුතියි ඒ ගැන දැනුවත් කලාට

    ReplyDelete
  4. වාඩිවෙන පුටු නෙවෙයිනම් වෙන අහවල් පුටු ගැනද ඔය කියන්නෙ ??

    ReplyDelete
  5. මම හිතන විදිහට ඒකෙන් කියන්නේ අපි ඔය කටින් sound එකක් දාන්නේ පුටු පුටු පුටු කියලා ඒක වෙන්න ඕනේ.

    ReplyDelete
  6. මම අද http://wasanthaya0.blogspot.com/ කියන බ්ලොග් එකෙන් දැක්කේ වෙනත් විශ්වවිද්‍යාලවල මේ පුටු කියන එකට අසභ්‍ය වචන දාලා චක්කර හදලා තියෙනවා කියලා.

    ReplyDelete
  7. ඇයි බක වරක් චක්කරේ?

    බක වරක් එක බකයි
    බක වරක් දෙක බක බකයි
    බක වරක් තුන බක බක බකයි...

    ReplyDelete
  8. අනේ අප්පා පැතුම් සහෝදරයටත් හිතෙන දේවල්. කොහොම වෙතත් අසැබි වදන් නැත්නම් කැමති විදිහකට චක්කර හැදුවට කමක් නැහැ.

    ස්තුතියි අදහසට.

    ReplyDelete
  9. @Anonymous

    ස්තුතියි මිත්‍රයා. නමත් දැම්මා නම් තවත් අගෙයි නේ........

    ReplyDelete
  10. නියම කතාව තමා. මටත් අපේ ර්‍ග් කාලේ ඔහොම කතා සෙට් එකක්ම මතක් උනා. ඒකත් වෙලාවක ලියන්න ඕනේ.

    ReplyDelete
  11. @මධුරංග

    අනිවාර්යයෙන්ම ලියන්න අයියේ. අපි කියවන්න බලාගෙන ඉන්නේ....

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................