Sunday, January 20, 2013

මරුටි කාර් එකට නම දාපු හනුමාන් දෙවියා


හනුමා, හනුමන්තා කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හනුමා වන්නම කියලා දේශීය නර්තන සම්ප්‍රදායේ නර්තන ශෛලියක් තියෙනවා වගේම පෙරහැරවල්වල හනුමන්තා විදිහට රඟපාන අයත් ඉන්නවා. ඒත් නැත්නම් මූණ ඉදිමිලා හරි පිම්බිලා හරි තියෙද්දී හනුමා කියලා කාඩ් එක දාන්නත් කොල්ලෝ පසුබට වෙන්නේ නැහැ.

ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරෙන්න ලංකාවේ හිටිය රාවණා රජතුමා එක්ක යුද්ධ කරපු රාම කුමාරයාගේ කතාව අහලා තියෙන අයටත් මතක ඇති ඒකේ රාම කුමාරයාට උදව් කරන වඳුරු නායකයාගේ නම හනුමන්තා කියන එක. 

රාම රාවණා යුද්ධයේදී රාමගේ සොයුරු ලක්ෂ්මණ රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත්ගේ පහරකින් සිහිය නැතුව ඉද්දී ඒකට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙන ඖෂධයක් ගේන්න හිමාලයට ගිහින් හිමාලයේ කොටසක් කඩාගෙන හනුමා ලංකාවට ගෙනාපු බවත් ඒ කොටස රූමස්සල කියන කතාව දන්න උදවියත් ඇති

එකී මෙකී නොකී හුඟක් ආකාරවලින් අහපු හනුමා ගැන ඇහුවත් හනුමා ඉපදුණු විදිහ වගේම රාම කුමාරයා එක්ක එකතු වුණු විදිහත්, ඒ වගේමයි රාම රාවණා යුද්ධයෙන් පස්සේ හනුමාට මොකක්ද වුණේ කියන එක දන්න උදවිය හරි අඩුයි කියලයි මගේ හැඟීම. ඉතින් ඒ අඩුව පුරවන්න තමා මේ වෑයම. 

ත්‍රිමූර්තිය

හින්දු දහමේ මූලික දේව ත්‍රිත්වය එහෙමත් නැත්නම් ත්‍රිමූර්තියෙන් විනාශ කිරීමේ කාර්යය පවරලා තියෙන්නේ ශිව එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට. ශිව දෙවියන්ගේ පියා තමා මහා බ්‍රහ්මයා. ශිවගේ බිරිඳ තමා පාර්වතී. මේ යුවළගේ දරුවන් තමා ගණ සහ ස්කන්ධ [කතරගම]

මේ ශිව දෙවියන්ගේ ස්වරූප කීපයක් තියෙනවා [හරියට විෂ්ණු දෙවියන්ගේ අවතාර තියෙනවා වගේ] එක ස්වරූපයක් තමා භාවනානුයෝගීව ඉන්න ස්වරූපේ. තව ස්වරූපයක් තමා නර්තන ඉරියව්වෙන් ඉන්න නටරාජා ස්වරූපය [නටරාජ් කවකටු පෙට්ටියේ තියෙන්නේ ඒ රූපේ තමා] ඉතින් ඒක නිසා කලාවට සරස්වතී දේවිය අධිපති වුණාට නර්තනය අධිපති වෙන්නේ ශිව දෙවියන්.

නටරාජා

ඒත් නර්තනයට අධිපති ශිව දෙවියන්ව වුණත් නර්තනයෙන් මෝහනය කරන්න පුලුවන් මෝහිනී කියලා දිව්‍ය අප්සරාවක් හිටියා. දවසක් මෝහිනීගේ නර්තනයෙන් මෝහනය වෙලා හිටිය ශිව කැමති වරයක් ඉල්ලන්න කියලා කිව්වා [රාවණා රජතුමා පවා බලවත් උණේ ශිව දෙවියන්ගේ වරයක් ලැබිලා] ඉතින් හම්බුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව මෝහිනී දිව්‍ය අප්සරාව ශිවගේ ශුද්ධ වූ ප්‍රජනන ශක්තියෙන් අංශුවක් ඉල්ලනවා.

වරය ඉටු කරන්න ශිව තමාගේ ශුක්‍ර ධාතුවක් මෝහිනීට දෙනවා [දැන් අනම් මනම් ප්‍රශ්න අහන්න එපා ඕන්] මෝහිනී දිව්‍ය අප්සරාව තමන්ට හම්බුණු මේ වටිනා කියන වස්තුව තමන්ගේ හොඳම මිතුරෙක් වුණු සුළඟට අධිපති වුණු වායු හෙවත් මාරුත දෙවියන්ට ලබා දෙනවා.

වායු දෙවියන් අංජානි කියල විවාහක වැඳිරියක් එක්ක ඒ කාලේ සම්බන්ධයක් පැවැත්වුවා. අංජානි කියන්නේ ඇත්තටම දිව්‍ය අප්සරාවක්. ඒත් ශාපයක් නිසා ඇය වැඳිරියක් වෙලා හිටියේ. කේසරී කියන වඳුරා එක්ක විවාහ වෙලා හිටිය අංජානි වැඳිරියට දරුවෝ හිටියෝ නැහැ. ශිවගේ ශුක්‍ර ධාතුවෙන් ඇයගේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් කියලා හිතපු වායු දෙවියෝ කඳු මුදුනකට වෙලා ශිව දෙවියන් නමස්කාර කරමින් හිටිය අංජානිගේ කනෙන් රිංහලා ශිවගේ ශුක්‍ර ධාතුව අංජානිගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.

අංජානිගේ කුසේ දරු ගැබක් හටගෙන ඒක වර්ධනය වෙද්දී ඒක දිවැසින් දැක්ක ශිව දෙවියෝ දේව සභාවේදී අංජානිගේ කුසේ ඉන්නේ තමන්ගේ දරුවෙක් කියලා ප්‍රකාශ කරනවා.

කේසරී, අංජානි සහ හනුමාන්

කල් ගත වුණාට පස්සේ අංජානි තමන්ගේ පුත්‍රයාව බිහි කරනවා. අංජානිගේ පුතා නිසා "අංජානි සුත" සහ "අංජනේය" කියන නම් හිමිවෙනවා. ඒ වගේමයි මේ පුතාට තාත්තලා තුන් දෙනෙක් ඉන්න නිසා තාත්තලා නිසාත් වෙන වෙන නම් හිමිවෙනවා. 

අංජානිගේ ස්වාමියා වුණේ කේසරී නිසා කේසරීගේ පුත්‍රයා කියන අර්ථයෙන් "කේසරී නන්දන" කියන නමත් අංජානිගේ ගර්භාෂයේ ශිවගේ ශුක්‍ර ධාතුව තැන්පත් කළේ වායු දෙවියෝ නිසා වායු දෙවියන්ගේ පුත්‍රයා කියන අර්ථයෙන් "වායු පුත්‍ර, පවත් පුත්‍ර, මරුති" කියන නම් කීපයත් ශිවගේ ශුක්‍ර ධාතුවෙන් උපන් නිසා ශිවගේ පුත්‍රයා කියන අර්ථයෙන් "රෞද්‍රේය" කියන නමත් හිමිවෙනවා. විශාල හනුවක් තිබුණු නිසා "හනුමත්/ හනුමාන්" කියන නමත් භාවිතා කරනවා.

මේ හැරෙන්න හනුමාන් කියන්නේ ශිවගේම අවතාරයක් කියන මතයත් ජනප්‍රියයි. ඒ වගේමයි අයෝධ්‍යාවේ දශරථ රජතුමාගේ බිසෝවරුන්ට දරුවන් නැති නිසා යාගයක් පවත්වද්දී එහි ගින්නෙන් පහළ වුණු පුරුෂයෙක් දීපු ආහාරයක් නිසා බිසෝවරුන් ගැබ් ගන්නවා. ඒ ආහාරයෙන් කොටසක් වායු දෙවියන් අංජානිට ගෙනත් දීලා ඒ නිසා ඇය ගැබ් අරගෙන හනුමාන් බිහි කළා කියලත් මතයක් තිබෙනවා. 

සූර්යයා ඇල්ලීමට යන හනුමාන්

හනුමාන් පොඩි කාලේ ඉදන්ම හරිම ක්‍රියාශීලී, නිර්භීත, බුද්ධිමත් කෙනෙක් වුණා. හැමදාම උදේ කැළේට වදින හනුමාන් ගස් සොලවමින් කඳු මුදුනෙන් කඳු මුදුනට පැන පැන ඉන්නවා. දවසක් හනුමාන් ඉදිණු පළතුරක් කියලා හිතලා සූර්යයාව අල්ලා ගන්නවා. ඒකත් එක්ක සූර්යය කිරණ විහිදෙන එක නතර වෙලා ලෝකය අඳුරු වෙනවා. 

 හනුමාන්ට පහර දෙන ඉන්ද්‍ර දෙවියා

මේක දැකපු දෙවියන්ගේ නායකයා වුණු ඉන්ද්‍ර දෙවියෝ ඓරාවණ ඇතා පිටේ ඇවිත් හනුමාන්ගේ අතේ හිරවෙලා තිබුණු සූර්යයාව ගලවා ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේ හනුමාන් ඓරාවණ ඇතගේ හොඬවැල මිරිකලා කලබල කරනවා. මේකෙන් කෝප වුණු ඉන්ද්‍ර තමන්ගේ වජ්‍රායුධයෙන් පහර දීලා හනුමාන්ව පොළොවට ඇදලා දානවා

මේ පහරදීම නිසා හනුමාගේ හනුවකුයි අතකුයි බිඳෙනවා. මේක නිසා කෝප වුණු වායු දෙවියෝ සුළං හමන එක නවත්තනවා. ඒකෙන් වෙන හානිය දැක්ක දෙවිවරු වායු දෙවියාට කන්නලව් කරද්දී එයා ඉල්ලා සිටිනවා මගේ දරුවාට කරපු වරද නිවැරදි කරලා එයාගේ අනාගතයට ආශිර්වාද කරන්න. ඊට පස්සේ සුළං මුදා හරින්නම් කියලා. 

 දෙවිවරුන්ගේ ආශිර්වාදයට ලක්වෙන හනුමාන්

ඒ නිසා සියලුම දෙවියෝ හනුමාන් ශෝභාසම්පන්න වේවා, මනස විදුලිය වගේ තියුණු වේවා, හනුමාන්ගේ අධිෂ්ඨානය කිසිම වෙලාවක චංචල නොවේවා, ලෝකයේ කිසිම කෙනෙක්ගේ ආයුෂ හනුමාන්ගේ ආයුෂ ඉක්ම නොයේවා ආදී විදිහට හනුමාන්ට ආශිර්වාද කරනවා. පස්සේ තමා වායු දෙවියෝ සුළං හමන්න පටන් ගන්නේ. ඒ සිද්ධියත් එක්ක හනුමාන්ව "බජ්‍රාංගබලී" කියලාත් හඳුන්වන්න පටන් ගන්නවා

අධ්‍යාපනය ලබන්න ඕනේ වයස ආපුවාම හනුමාන් කල්පනා කරනවා තමන්ගේ ගුරුවරයා තමන් විසින්ම හොයාගන්න ඕනේ කියලා. ඒකට සුදුසුම පුද්ගලයා වෙන්නේ මුළු ලෝකයම දකින සූර්ය දෙවියන් කියලා හිතපු හනුමාන් ඔහු නොදන්නා දෙයක් ලෝකේ තියෙන්න බැරි නිසා ඔහුගේ ශිෂ්‍යයා වෙන්න අවසර ඉල්ලනවා. ඒත් සූර්ය දෙවියෝ කියනවා තමන් නිතරම ගමන් කරමින් ඉන්න නිසා ඉගැන්වීම් කරන්න තරම් කාලයක් තමන්ට නැහැ කියලා. අ

ධිෂ්ඨානශීලී හනුමාන් කියනවා සූර්ය දෙවියන් එක්ක ගමන් කරන ගමන්ම තමන් ඉගෙන ගන්නවා කියලා. ඒ විදිහට සූර්ය දෙවියන්ගේ ශිෂ්‍යයා වුණු හනුමාන් සූර්යාත් එක්ක ලෝකය වටා ගමන් කරන ගමන්ම සියලුම දැනුම ලබාගන්නවා.

අවසානයේදී ඉගැන්වීම් අවසන් වුණාට පස්සේ හනුමාන් සූර්ය දෙවියන්ගෙන් ගුරු පඬුරු ගැන අහපුවාම සූර්ය දෙවියන් කියනවා තමන්ට ගුරු පඬුරු අවශ්‍ය නොවෙන බවත් කිෂ්කින්දයේ වාසය කරන තමන්ගේ පුතා වෙන සුග්‍රීව වඳුරු රජතුමාට අවශ්‍ය වෙලාවට පිහිට වෙන්න කියලා. හනුමාන් ඒකට එකඟ වෙනවා.

කිෂ්කින්දයේ වඳුරන් අතරේ දෙවියන්ට දාව ඉපදුණු වඳුරෝ දෙන්නෙක් හිටියේ. ඒ කලින් කිව්වා වගේම සූර්ය දෙවියන්ගේ පුතා වුණු සුග්‍රීව සහ ඉන්ද්‍ර දෙවියන්ගේ පුතා වුණු වාලි. හැබැයි ඒ දෙන්නාගේම මව වුණු එකම වැඳිරියක්. කිෂ්කින්දයේ රජු වුණේ වාලි. 

වාලි සහ සුග්‍රීව සහෝදරයෝ වුණත් ලොකු තරහකාරයෝ දෙන්නෙක් වුණා. එක දවසක් කිෂ්කින්දයට කඩා වැදුණු දුන්දුභී කියලා රාක්ෂයෙක් කලබල කරන්න වුණු නිසා ඒ රාක්ෂයාව ගල් ගුහාවකට කොටු කරගන්තු වාලි ද්වන්ද සටනකට මුල පුරනවා. ඒකට වෙන කාටවත් ඇතුල්වෙන්න බැරි විදිහට වාලි දොරටුව වසා දානවා. දින ගාණක් සිද්ධ වුණු මේ සටන අවසානයේදී වාලි මර හඬ නගනවා එළියේ හිටපු සුග්‍රීව ඇතුළු වඳුරන්ට ඇහුණු නිසා වාලි මියගියා කියලා හිතපු ඔවුන් කරන්නේ දුන්දුභීට එළියට එන්න බැරි විදිහට හොඳට ගල් ගුහාව වසා දානවා. පස්සේ වඳුරන්ගේ නව රජතුමා විදිහට සුග්‍රීව පත් කෙරෙනවා.  

ඒත් ඇත්තටම වෙලා තිවුණේ දුන්දුභීව වාලි විසින් මරා දමලා තිබුණු එක. සති ගාණකව පස්සේ ගල් දොරටුව පෙරළලා එළියට ආපු වාලි දැක්කේ සුග්‍රීව රජවෙලා ඉන්න එක. සුග්‍රීව තමාගෙන් රජකම ගන්න ගල් ගුහාවේ තමන්ව හිර කළා කියලා චෝදනා කරපු වාලි සුග්‍රීවට පහර දීලා කිෂ්කින්දයෙන් පිටමං කරනවා. 

 වාලි සහ සුග්‍රීවගේ ගැටුම

සුග්‍රීව සෘෂ්‍යමුඛ පර්වත ප්‍රදේශයට පැනලා යනවා. ඒත් සුග්‍රීවගේ දරුවන් මරා දාපු වාලි සුග්‍රීවගේ බිරිඳ වුණු රූමාව බලහත්කාරයෙන් තමන්ගේ බිරිඳක් බවට පත් කරගන්නවා. සුග්‍රීව මේ විදිහට අසරණ වෙලා ඉද්දී තමන් හනුමාන් සුග්‍රීවගේ පියා වුණු සූර්ය දෙවියන්ට දීපු පොරොන්දුවේ විදිහට සුග්‍රීවට උදව් කරන්න එන්නේ. 

වාලිගේ හැටි හනුමාන් කුඩා කාලයේ ඉදන්ම දැනගෙන හිටියේ. මොකද හනුමාන් ඉපදෙන්න ආසන්න කාලයේදී අංජානිගේ කුසෙන් බිහිවන වඳුරු රජෙක් නිසා වාලිට මියයන්න වෙනවා කියලා අනාවැකියක් ප්‍රකාශ වෙලා තිබුණු නිසා වාලි රන්, රිදී, තඹ, යකඩ, බෙලෙක් කියන ලෝහ පහෙන් ආයුධයක් හදලා අංජානි හුදෙකලාව නිදාගෙන ඉන්න අවස්ථාවක් බලලා දරු ගැබට අනිනවා. ඒත් ශිවගේ ශුද්ධ වූ ශුක්‍ර ධාතුවේ ආනුභාවයෙන් ඒ පස් ලෝ ආයුධය උණු වෙනවා. ඒ පංච ලෝහ හනුමාන්ගේ කන්වල තියෙන කුණ්ඩලාභරණ බවට පත්වෙනවා. ඒක නිසා හනුමාන් මව් කුසෙන් බිහිවෙද්දීම කන්වල කුණ්ඩලාභරණ තියෙනවා. 

හනුමාන්ගේ මැදිහත් වීමෙන් වාලි සහ සුග්‍රීව අතරේ සාම සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒකෙන් කිෂ්කින්දයේ අයිතිය වාලිට පැවරෙනව වගේම සෘෂ්‍යමුඛ පර්වතය නව රාජ්‍යයක් පිහිටුවන්න සුග්‍රීව එකඟ වෙනවා. කොහොම නමුත් දිගින් දිගටම වාලිගෙන් වුණු අකටයුතුකම් නිසා කිෂ්කින්දයේ වඳුරන් දිගින් දිගටම සෘෂ්‍යමුඛ රාජ්‍යයට එකතු වෙනවා. 

 රාම කුමරුට හනුමාන් හමුවීම

මේ කාලයේදී තමා රාම කුමාරයා රාවණා රජතුමා පැහැරගෙන ගිය සීතාව සොයාගෙන මේ ප්‍රදේශය හරහා එන්නේ. මෙතන ඉදන් කතාව දන්නවානේ...

ආයි පාරක් කතාවේ අග හරියට ආවොත් රාම රාවණා සටනින් රාම ජය අරගෙන නැවතත් අයෝධ්‍යාවේ රජකම භාරගත්තාට පස්සේ හනුමාන් රාම සමීපයේම වාසය කළා. සීතා විසින් හනුමාන් තමන්ට කරපු උදව් වෙනුවෙන් හනුමාන්ට මාලයක් පළඳවනවා. 

තම හදවතේ වෙසෙන රාම සීතා යුවළ පෙන්වන හනුමාන්

ඒක පළඳගත්තු හනුමාන් නිතරම ඒක දිහා බලන්න පටන් ගත්තු නිසා මිනිස්සු ඒක විහිළුවකට අරගෙන හැම තිස්සේම බලන්නේ මොකක් දිහාද කියලා ප්‍රශ්න කරනවා. ඒකට පිළිතුරු විදිහට හනුමාන් රාම සීතා දෙදෙනා දිහා කියලා ප්‍රකාශ කරලා පපුව දෙබෑ කරලා පෙන්වනවා. ඒ අවස්ථාවේ රාම සීතා යුවළ හනුමාන්ගේ හදවත තුළින් දිස්වෙනවා.

රාමගේ අවසානය ළං වෙද්දී රාම ඒ බව හනුමාන්ට ප්‍රකාශ කළාම හනුමාන් රාම සමඟ යන්න කැමති වෙනවා. ඒත් රාම ප්‍රකාශ කරනවා තව දුරටත් මිහිපිට රැඳෙමින් පූජනීය ජීවිතයක් ගත කරමින් රාම නාමය මතුරන්න, රාම ගුණ ගායනා කරන්න කියලා. 

 රාමගේ ගුණ ගයන හනුමාන්

එහෙම කියපු රාම සරයූ ගංගාවේ ගිලී යනවා. රාමගේ අවවාදය අනුවම හනුමාන් ගල් පුවරුවල රාම නාමය කොටමින්, රාම ගැන ගී ගයමින් තවමත් අප අතට ජීවත් වෙනවා කියලා තමා හින්දු විශ්වාසය වෙන්නේ.

හින්දූන් අතර හනුමාන් දෙවියාව ප්‍රශ්න නිරාකරණය කරන්නෙක්, සටන්කාමියෙක්, භක්තිකවන්තයෙක්, සංගීතඥයෙක්, බුද්ධිමතෙක්, බ්‍රහ්මචාරියෙක්, පරාර්ථකාමියෙක් විදිහට සළකනවා. ඒ වගේමයි මල්ලව පොරකරුවන්ගේ දෙවියා, තාරුණ්‍යයේ දෙවියා සහ ගමනාගමනයේ දෙවියා විදිහටත් හනුමාන්ව සැළකෙනවා. 


ඒ නිසා බොහෝ වෙලාවට මාර්ගාසන්නයේ හනුමාන් පිළිරූ ඉදි කරනවා. හනුමාන් ප්‍රවාහනයට අධිපති දෙවියා වගේම වායු දෙවියන්ගේ පුතා නිසා මරුති යන නම භාවිතා වෙන නිසා මේ සියල්ලම සැළකිල්ලට අරගෙන තමා ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ



මේ සටහන ලියන්න මට උපකාර වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියපු හනුමාන් නමැති වඳුරු දෙවියා පොත. ඒ හැරෙන්න විකිපීඩියාවෙන් සහ අන්තර්ජාලයෙන් තමා විස්තර ඡායාරූප සියල්ලම හොයා ගත්තේ 

ජය බජ්‍රාංගබලී !!!

ප.ලි: කැම්පස් එකේ දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගේ පෙබරවාරි 1 වෙනිදා පටන් ගන්නවා. ඒක නිසා පෙබරවාරි 16 වෙනිදා විභාගය අවසන් වෙනකම් අලුතෙන් මොකුත් ලියන්න වෙන්නේ නැහැ...... 

176 comments:

  1. නියමයි සහෝ විභාගේ කරල එන්නකෝ හොදින්

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      ස්තුතියි ස්තුතියි

      Delete
  2. වටින ලිපියක් හසිත.......
    විභාගේ හොඳට කර ගන්න.

    ReplyDelete
    Replies
    1. @ කේ.යූ.ජී. උදාර

      ස්තුතියි ස්තුතියි

      Delete
    2. තැන්ක්ස්. කැලණිය කැම්පස් එකේ දෙමළ ඩිප්ලෝමාවට උදව්වක් වූණා ඔයාගේ ආටිකල් එක

      Delete
  3. 1. ලංකාවෙදි හනුමන්තාගේ ප්‍රථිමා මම දැකලා තියෙන්නෙ කතරගම ලක්ෂ්මී දේවාලයේ

    2. ලක්ෂණද? ලක්ෂමණද? මම අහලා තියෙන්නෙ ලක්ෂමණ කියලා..

    3."හනුමා ඉපදුණු විදිහ වගේම රාම කුමාරයා එක්ක එකතු වුණු විදිහත්, ඒ වගේමයි රාම රාවණා යුද්ධයෙන් පස්සේ හනුමාට මොකක්ද වුණේ කියන එක දන්න උදවිය හරි අඩුයි කියලයි මගේ හැඟීම." ඒ උනාට දැන් අපි දන්නවා කතාව..

    4. අහන්නෙපා කිව්ව නිසා වැඩිය ප්‍රශ්න අහන්නේ නෑ. ඒත් ශිව දෙවියන්ගේ ලිංගයට වන්දනා කිරීම හින්දූන් අතර ප්‍රසිද්ධයි නේද?

    5."මෝහිනී දිව්‍ය අප්සරාව තමන්ට හම්බුණු මේ වටිනා කියන වස්තුව තමන්ගේ හොඳම මිතුරෙක් වුණු සුළඟට අධිපති වුණු වායු හෙවත් මාරුත දෙවියන්ට ලබා දෙනවා." ඒ මොකෝ ඒ?

    6. "අංජානිගේ ගර්භාෂයේ ශිවගේ ශුක්‍ර ධාතුව තැන්පත් කළේ වායු දෙවියෝ නිසා වායු දෙවියන්ගේ පුත්‍රයා කියන" මේකෙන් පේන්නෙ අංජානිගෙයි වායු දෙවියන්ගෙයි සම්බන්ධෙ රහසේ කෙරිච්ච දෙයක් නොවන වග..

    7. මේ කතාවෙ විශ්වාසය බිඳ වැටෙන්නෙ ස්වාභාවික වස්තු අසාමාන්‍යයව යොදාගෙන තිබීම නිසා.. උදාහරණයකින් කිව්වොත් ඉර දෙවියෙක් යැයි කීම වගේ එව්වා..

    8.වාලි සහ සුග්‍රීව ගැන කියන කොට මට මතක් උනේ 'පොම්ඹුලේ මගේ පොම්ඹුලේ' සින්දුව.. ඒකෙ පද හෙව්වත් ලැබුනේ නෑ.. ඒ සින්දුවේ තාරාදේවී කියන්නෙ කාටද?

    9."මොකද හනුමාන් ඉපදෙන්න ආසන්න කාලයේදී අංජානිගේ කුසෙන් බිහිවන වඳුරු රජෙක් නිසා වාලිට මියයන්න වෙනවා කියලා අනාවැකියක් ප්‍රකාශ වෙලා තිබුණු නිසා වාලි රන්, රිදී, තඹ, යකඩ, බෙලෙක් කියන ලෝහ පහෙන් ආයුධයක් හදලා අංජානි හුදෙකලාව නිදාගෙන ඉන්න අවස්ථාවක් බලලා දරු ගැබට අනිනවා." ඒ කියන්නෙ වාලි අංජානිව දැනගෙන ඉන්නවා..

    10."මේ කාලයේදී තමා රාම කුමාරයා රාවණා රජතුමා පැහැරගෙන ගිය සීතාව සොයාගෙන මේ ප්‍රදේශය හරහා එන්නේ. මෙතන ඉදන් කතාව දන්නවානේ..." රාමාට උදව් කරන්න හනුමන්තා පෙළඹෙන්නෙ ඇයි කියලා කිව්වානම් හොඳයි.. මම දන්නෙ නෑ..

    11.අද නම් පෝස්ටුව හදිසියෙන් ලියලා වගේ.. හැබැයි බොහොම හොඳට ලියලා තියෙනවා

    12. විභාගය හොඳින් කරන්න.. මටත් මේ දවස්වල කමෙන්ට්වලට උත්තරදෙන්න බැරිතරමට වැඩ.. ඒත් මේ පෝස්ටුව නොකියවා ඉන්න හිතුනේ නෑ..

    ReplyDelete
    Replies
    1. @ හරී

      1. ඒ හැරෙන්න කළුබෝවිල ශ්‍රී අංජනේයර් කෝවිලත්, නුවර එළියේ රම්බොඩ තියෙන ශ්‍රී භක්ත හනුමාන් කෝවිලත්, නුවර එළියේ සීතා එළියේ තියෙන සීතා අම්මාන් කෝවිලේත් හනුමාන් ප්‍රතිමාව තිබෙනවා. මුල් කෝවිල් දෙකම හනුමාන් උදෙසාම නිමවූ කෝවිල්

      2. ඔව් ඔව් ලක්ෂ්මණ තමා. ඒ වැරැද්ද නිවැරදි කළා. ස්තුතියි

      3. අපි එහෙම තමා :D

      4. ලිංග වන්දනාව හින්දූන් අතරේ අනාදිමත් කාලයක ඉදන් පැවතෙන චාරිත්‍රයක් වගේම ඊට පෙර ඉන්දියාවේ පැවති හරප්පා ශිෂ්ඨාචාරයේත් කිසියම් ආකාරයකට ලිංග වන්දනාවක් සිදුවුණු බවට සාධක හම්බෙලා තියෙනවා.

      හින්දූන් දේව පූජාවක් විදිහටත් දරුඵල ලැබීම අරමුණු කරගෙනත් ලිංග වන්දනාව සිදු කරනවා.

      5. දිව්‍ය අප්සරාවොයි දෙවිවරුයි අතරත් ඇයි හොඳයිකම් නැතෑ :D

      6. අංජානි වැඳිරියක් වෙලා හිටියට මුලින් දිව්‍ය අප්සරාවක් වෙලා හිටිය නිසා දෙන්නා අතරේ සම්බන්ධයක් කලින් ඉදන්ම තියෙන්න ඇති. ශිව දේව සභාවේදී අංජානිගේ කුසේ ඉන්නේ තමන්ගේ දරුවෙක් කියලා ප්‍රකාශ කිරීමත් එක්කම වායු දෙවියන් මේකට සම්බන්ධ වුණු ආකාරයත් ප්‍රකට වෙන්න ඇති

      7. සොබාවික වස්තුවලට දේවත්වය ආරෝපණය කරන එක ලෝකය පුරා තිබෙන සෑම ශිෂ්ටාචාරයකම වගේ මුල් අවධිවලදී දැකගන්න පුලුවන්. සූර්ය දිව්‍ය පුත්‍රයා නම් අයෙක් ගැන ත්‍රිපිටකයේ තිබෙන සූරිය පිරිතෙනුත් දැකගන්න පුලුවන්. සූර්යයාට අධිපති දෙවියන් සූර්ය දිව්‍ය පුත්‍රයා වශයෙන් හැඳින්වුණු බවයි පෙනෙන්නේ...

      8. තාරා දේවි කියන්නේ වාලිගේ බිරිඳ. රාම කුමරු වාලිව මරා දැමීමෙන් පස්සේ තාරා දේවිගේ කැමැත්ත ඇතිව සුග්‍රීව ඇයව තමන්ගේ දෙවෙනි බිරිඳ බවට පත් කරගන්නවා. [පළමු බිරිඳ රූමා]

      9. ඔව් ඔව්. අනාවැකියක් ඒ වෙද්දී ප්‍රකට වෙලානේ තිබුණේ

      10. හනුමාන් ඇතුළු වානර සේනාව රාමට උදව් කරන්නේ වානරයන්ව පීඩනයට ලක් කරපු වාලිව මරා දමන්න රාම එකඟ වෙන නිසා. ඒ විදිහට රාම වාලිව මරා දැමීමත් එක්ක වානර සේනාව රාමගේ කාර්යයට එකතු වෙනවා.

      11. එහෙමම හදිසියක් තිබුණෙත් නැහැ :)

      12. ස්තුතියි ස්තුතියි :)

      Delete
    2. @ Buratheno

      හොඳයි හොඳයි. දැන් ඒ අඩුවත් සම්පූර්ණයි :)

      Delete
  4. මමත් ඒක තමයි කල්පනා කලේ විභාගේ කට ළඟ තියාගෙන හසිත මලයා මොකද මේ දෙයියන්ගේ පවුල්වල සිද්ධි ගැන ලියන්නේ කියලා. :-P
    බලාගෙන ගියාම අපේ මිනිස්සුන්ට බනින්නත් බැහැ. දෙයියොත් කරලා තියෙන්නේ මහා අසික්කිත වැඩ නේ?

    මැස්ඩා කොම්පැනියට නම දැම්මෙත් දෙවියෙක්ගේ නමින්. ඒ පර්සියානු දෙවියෙක් වෙච්ච Ahura Mazda කියන දෙවියන්ගේ නමින්. සමහරවිට ඒ වගේ උදාහරණ තවත් ඇති. ඔයා දන්නවා ඇති. ඒ ගැන පස්සේ වෙලාවක ලියන්නකෝ.

    ඔන්න එහෙනම් විභාගෙට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. @ Chamara Sumanapala

      විභාගේ කට ගාව වුණත් මේ ප්‍රශ්නවලට උත්තර නොදා යන්න හිතෙන්නෙත් නැහැ අයියා :D

      දෙයියෝ කරන ක්‍රියා අසික්කිත වුණත් ඒවා දේව ක්‍රියා. මේවාට වඩා හොඳ දේව ක්‍රියා තියෙනවා. එක උදාහරණයක් කිව්වොත් මහා බ්‍රහ්මයාගෙන්ම තමා සරස්වතිය ඉපදෙන්නේ. ඒ කියන්නේ සරස්වතීගේ පියා මහා බ්‍රහ්මයා. ඒත් පස්සේ මහා බ්‍රහ්මයා සහ සරස්වතියගේ එකතුවෙන් තමා ශිව උපත ලබන්නේ. ශිව පාර්වතී යුවළගේ දරුවා තමා ගණ දෙවියෝ. ශිවට දාව විෂ්ණු ස්ත්‍රී වේෂයකින් ඉද්දී තමා ස්කන්ධ [කතරගම] උපදින්නේ..

      අහුරමස්දාගේ කතාව නම් අදම තමා ඇහුවේ අයියා. ස්තුතියි. අග්‍රාමන්යු කියලත් දෙවියෙක් පර්සියාවේ හිටියානේ.

      ස්තුතියි සුභ පැතුම්වලට අයියා :)

      Delete
  5. niyama lipiyak sahoo..
    Aththatama me tharam wistarayak danan hitiye na..
    Harii kyla tiyanawa wage prashna tikak nam matath mathu una..

    Balan yaddi dewiyoth maha epaa karapu un tikakne..
    Sil pada pahama kadanna athi...

    Wibage hodata karanna sahoo..
    Hamadetama wada adyapanaya watinawane..

    "Dana igena gaththama
    Thamai kenekuge wathkama
    Guna nuwana dakkama
    Obata salakai ratee okkoma"

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. @ Damith Sriyantha

      හරී අයියාගේ ප්‍රශ්නවලට උත්තර දීලා තියෙන නිසා ඔයාගේ ප්‍රශ්නත් විසඳගන්න පුලුවන් වේවි. දෙවියෝ කරන ක්‍රියා දේව ක්‍රියානේ. අසික්කිතම නැහැ :D

      ස්තුතියි සුභ පැතුමට

      Delete
  6. හින්දු දේව කථාත් සැහෙන්න රසවත් .

    ReplyDelete
    Replies
    1. @ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

      අනිවාර්යයෙන්ම අයියා. දේව ක්‍රියාත් හරිම රසවත් :D

      Delete
  7. බලහංකෝ ඉතින් ඒකෙත් හැටි නේද ?

    ReplyDelete
  8. ටික ටික අහල තිබ්බට පැහැදිලි විස්තරයක් කියෙව්වේ අදමයි. thankz යාළු.

    ReplyDelete
    Replies
    1. @ මිස්ටර් ඇනෝනිමස්

      තව විස්තර ඉදිරියට

      Delete
  9. මේවගේ දිගටම ලියන්න. හරිම ලස්සනයි. විශාල හනුමන් රුවක් සහිත හනුමන් දෙවොලක් තියනවා කොත්මලේ ගොඩක් ඇය එක දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. @ Kalpana Fernando

      ස්තුතියි විස්තරේට. මහාචාර්යතුමාගේ පොතේ තියෙන විදිහට ලංකාවේ ලොකුම හනුමාන් කෝවිල තියෙන්නේ රම්බොඩ.

      Delete
  10. හනුමා කියන්නේ හොඳ හිතෛෂීවන්තයෙක්..

    ස්තුතියි හසිත මලයා අමතක වුනු දේත් මතක කරලා දුන්නට.. :)

    ReplyDelete
    Replies
    1. @ රාමා

      ඇත්ත අයියා. හනුමාන්ට මිනිසුන් ආරෝපණය කරපු අන්වර්ථවල හැටියට භක්තිවන්තයා කියලාත් පිළිගැනෙනවා

      Delete
  11. නියම ලිපියක් හසිත.

    විභාගය සාර්ථකව කරගැනීමට ලැබේවා!

    ReplyDelete
  12. කතාව හරිම රසවත්. කියවන්න පුළුවන් එක හුස්මට. ඔය ශිව ලිංග වන්දනාව හින්දු බැතිමතුන් අතර ප්‍රසිද්ධයිනේ. මම අහලා තියෙනවා දරුවන් නැති අය ශිව ලිංග මූර්තිය සෝදලා බොනවලු. හි හි හී...ඒකටනම් හිනාත් යනවා. අන්ධ විශ්වාස තමයි.

    ReplyDelete
    Replies
    1. //මම අහලා තියෙනවා දරුවන් නැති අය ශිව ලිංග මූර්තිය සෝදලා බොනවලු. //

      මාත් අහල තියේ....හික්....

      Delete
    2. @ ♥ ♥ ළිහිණි ♥ ♥

      ලිංග වන්දනාව ඉන්දියාවේ හරප්පා ශිෂ්ටාචාරය පැවතුණු කාලේ ඉදන්ම තිබුණා කියන්න සාධක හමුවෙලා තියෙනවා. ශිව ලිංගය සෝදලා බීමෙන් ලිංගික ශක්තියේ වර්ධනය නොවැ අපේක්ෂා කරන්නේ. මේ කතාවේ විදිහටත් ශිවගේ ලිංගික ශක්තියේ ප්‍රබලවත්වය පැහැදිලියිනේ :)

      Delete
    3. @ සමනළී

      මෙයත් දන්න දේවල් :P

      Delete
  13. ෂහ් කථාවක් වාගේ ආසාවෙන් කියෙව්වා...

    කනෙන් රිංගලා අර වාගේ වැඩ කරන අය අදත් එමට!

    ReplyDelete
    Replies
    1. මන් කියන්න හිතන් ඒ ටික කොපියකුත් ගහන් පහලට එනකොට මෙන්න මේක කියල!

      Delete
    2. @ තිස්ස දොඩන්ගොඩ, ඉන්දික උපශාන්ත

      මේවා ඉතින් දෙයියන්ගෙන්ම ඉගෙන ගත්තුවා නේ :D

      Delete
  14. හසිත මුලින්ම විභාගයට සුභ පතනවා!!!
    මම මේ රාමායනය මේ වන විට 20 වතාවකට වඩා කියවල තියනවා. නමුත් මට තාමත් තේරුම් ගත නොහැකි තැන් තිබෙනවා. මේ කතාව කියවන නවීන විද්‍යා උඅගත්තෙකුට ඉතාම විශාල ප්‍රයෝජන ගත හැකියි.

    උදාහරණයක් හැටියට මම යමක් කියන්නම්. හසිත උපුටා ඇති ටිකෙන්ම.

    මෙහි තිබෙන දේව කතාව ඉවත් කර ඒ නම් සාමාන්‍ය පුද්ගලයන්ට ආදේශ කර මේ සංසිද්ධීන් විද්‍යාවේ නවීන දැණුමෙන් බලන්න. මඳ සරු අයට අද තිබෙන ප්‍රතිකාරත් මේ කියන කතාවේ ක්‍රමවේදයත් සංසන්දනය කරන්න. ඔබට යමක් වැටහේවි. ඉදිරි දිනක කාළ වේළාව ඇති විටක මම ලියන්නම් මෙහි ඌණ පූරණයක්. හසිතට ජය වේවා!!!
    ඉක්මනින්ම වි. වි. දී හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. නළ දරු උපත් වගෙ අදේවල් ගැනද වෙදමාම කියන්නේ....

      Delete
    2. වෙදමාමා නල දරු උපත් ගැනද මේ කියන්නේ....

      Delete
    3. නැහැ නල දරු උපත් නෙමේ.මේ ශුක්‍රාණුදායක (Sperm Donation) ක්‍රමවේදය ගැන මම විස්තර ඇතුව ලියන්නම්.

      Delete
    4. මට ඔය කතාව කියවද්දී මතක්වුනේ ඔබතුමාගේ මේ ගැන ලියවුනු ලිපිය. ඒ මතකය එක්ක පහලට එද්දී මෙන්න ඔබතුමාම කමෙන්ට් කරලා ඒ ගැන. :)

      Delete
    5. @ වෙද ගෙදර මහ වෙදනා

      ඔබතුමා හින්දූන්ගේ දස අවතාර සංකල්පය පැහැදිලි කරපු ආකාරය මතක් වුණා. හින්දු මූලාශ්‍රවලට මේ වගේ කරුණු ඇතුලත් වෙලා තියෙන එකෙන් අතීතේ ඉදන්ම වර්තමානේ භාවිතා වෙන සමහර දේවල් භාවිතා වුණු බවට උපකල්පනය කරන්න පුලුවන්

      ස්තුතියි සුභ පැතුම්වලට

      //..ඉක්මනින්ම වි. වි. දී හමුවෙමු...//

      අපේ කැම්පස් පැත්තේ එන්නද යන්නේ ??

      Delete
  15. // හනුමාන් ප්‍රවාහනයට අධිපති දෙවියා වගේම වායු දෙවියන්ගේ පුතා නිසා මරුති යන නම භාවිතා වෙන නිසා මේ සියල්ලම සැළකිල්ලට අරගෙන තමා ඉන්දියාවේ නිෂ්පාදනය කරන මෙන්න මේ කාර් ජාතියට මරුති කියන නම යොදලා තියෙන්නේ//

    කාරෙකට නම දාපු හැටි නම් නියමයි...:) මේ කතාව නම් අහලම තිබුනේ නෑ.

    //ටිකක් කරුණු කාරණා දන්න උදවිය දන්නවා හනුමා කියන්නේ හින්දූන් ගෞරවයන් වන්දනා කරන වානර සිරුරක් තියෙන දෙවියක් බව. ඒ හැරෙන්න ලංකාවේ හිටිය රාවණා රජතුමා එක්ක යුද්ධ කරපු රාම කුමාරයාගේ කතාව අහලා තියෙන අයටත් මතක ඇති ඒකේ රාම කුමාරයාට උදව් කරන වඳුරු නායකයාගේ නම හනුමන්තා කියන එක. //

    දෙන්නම එක්කෙනානේ.

    //වායු දෙවියන් අංජානි කියල විවාහක වැඳිරියක් එක්ක ඒ කාලේ සම්බන්ධයක් පැවැත්වුවා. //
    දෙවිවරු මේවා කලාම පව් සිද්ධවෙන්නේ නැද්ද දන්නේ නෑ නේද? ‘විවාහක වැඳිරියක්’ ??? :D

    //වායු දෙවියෝ කඳු මුදුනකට වෙලා ශිව දෙවියන් නමස්කාර කරමින් හිටිය අංජානිගේ කනෙන් රිංහලා ශිවගේ ශුක්‍ර ධාතුව අංජානිගේ ගර්භාෂයේ තැන්පත් කරනවා.//

    මම බලලා තියන ඉන්දියානු කතා සමහර ඒවායේ ('මහා භාරත' ) බවුන් වඩන සන්‍යාසියෝ කුමාරිකාවන්ගේ ඇස් දිහා බලාගෙන හිටපුවාම දරුවන් පිළිසිඳ ගන්නවා. නිකං හිතන්ට දැන් කාලේ මෙහෙම උනානම් ලෝකේ ජනගහණය කොහොමට තියෙයිද? :D:D

    ගොඩක් දන්නේ නැති දේවල් ඉගෙන ගත්තා. ස්තූතියි හසිත.

    ReplyDelete
    Replies
    1. "නිකං හිතන්ට දැන් කාලේ මෙහෙම උනානම් ලෝකේ ජනගහණය කොහොමට තියෙයිද"

      ඒ කාලෙ එහෙම උන නිසානෙ ඉන්දියාවෙ ඔච්චර මිනිස්සු තාම ඉන්නෙ නේද?

      Delete
    2. @ Podi Kumarihami

      ඔව් ඔව් දෙන්නාම එක්කෙනා තමා. ඒත් අපේ හිතේ නම රෙජිස්ටර් වෙලා තියෙන්නේ එක්කෝ හනුමා එහෙමත් නැත්නම් හනුමන්තා කියලනේ

      දේව ක්‍රියා ගැන එහෙම ගැටලු නැහැනේ. අනික අංජානි කියන්නේ කලින් දිව්‍ය අප්සරාවක් නිසා කලින් ඉදන්ම තිබුණු සම්බන්ධයක්ද දන්නේ නැහැනේ. අනික මේක හින්දු දේව කතාවලට විතරක් නෙමේ ග්‍රීක දේව කතාවලටත් ඔට්ටුයි. මතකනේ හර්කියුලිස්ගේ කතාව

      //..මම බලලා තියන ඉන්දියානු කතා සමහර ඒවායේ ('මහා භාරත' ) බවුන් වඩන සන්‍යාසියෝ කුමාරිකාවන්ගේ ඇස් දිහා බලාගෙන හිටපුවාම දරුවන් පිළිසිඳ ගන්නවා...//

      දරුවන් පිළිසිඳ ගන්න ආකාර 9 ක් ගැන බුදු හාමුදුරුවොත් දක්වල තියෙනවා.

      ඒවා තමා ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක් ලිංගිකව එක්වීමෙන්, ස්ත්‍රියක් පුරුෂ ශරීරයේ පහස ලැබීමෙන්, පුරුෂයා ඇඟිල්ලෙන් ස්ත්‍රියගේ නාභිය පිරිමැදීමෙන්, එකිනෙකාගේ මුහුණු රාගයෙන් බැලීමෙන්, පුරුෂයන් පැළඳි මල්වල සුවඳ බැලීමෙන්, පුරුෂයන් ඉතිරි කළ ආහාර කැමැත්තෙන් අනුභවයෙන්, පුරුෂයන් පැළඳි වස්ත්‍රාභරණ පැළඳීමෙන්, සෘතුභේදානු රාගයෙන්, පුරුෂයන්ගේ කට හඬ රාගයෙන් ශ්‍රවණය කිරීමෙන්


      Delete
    3. හපොයි මීට පස්සේ කිසිම පිරිමියෙක් දිහා බලන්නෙවත්, ගායකයන් ගයන ගී අහන්නෙවත් නෑ. ෆොටෝස් දිහා නම් බැලුවට කමක් නැතුව ඇති නේද? :D:D:D

      Delete
    4. @ Podi Kumarihami

      පිරිමි දිහා බැලුවාට, සිංදු ඇහුවාට අවුලක් නැහැ. ඒවා කරද්දී හිතේ තියෙන සිතුවිල්ලෙක්න් තමා අවුලක් වුණොත් වෙන්නේ :P

      Delete
  16. 1. හසිත මල්ලි හොඳට විභාගය කරන්න. ජය වේවා.!
    2. යකෝ, නිල් පාට කාර් එකක් දාපිය- මගේ ළඟ තියෙන්නේ ඒ පාට එකක්.
    3. \\ ශිවගේ ශුක්‍ර ධාතුවෙන් ඇයගේ ප්‍රශ්නේ විසඳන්න පුලුවන් කියලා හිතපු වායු දෙවියෝ .......\\ ඕක වෙන්න ඇති ලොව පළමු කෘතීම සංසේජනය... වායු දෙවියන්ට නොබෙල් ත්‍යාගය දෙන්න ඕනේ.
    4.\\ශිව තමාගේ ශුක්‍ර ධාතුවක් මෝහිනීට දෙනවා\\ මොකද මේ \\ [දැන් අනම් මනම් ප්‍රශ්න අහන්න එපා ඕන්] \\ ඕක තමයි වැදගත්ම, ඔය ක්‍රමේ කොහොම හරි අහලා පොස්ර් කරපන් මල්ලි.
    5. ඇයි ලොව පළමු නළ බබා කියලාත් මෙයාව හදුන්වන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      1. ස්තුතියි අයියා.

      2. අපි නිල් පාර විරෝධීන් :D

      3. වායු දෙවියන්ව කනෙන් රිංගන්නන්ගේ අධිපති දෙවියා විදිහට පුද පූජා පවත්වන්න ඕනේ. ලංකාවේ නම් මේ දේවාල හුඟක් හදන්න වෙයි :P

      4. ඕන් ඉඩ්තින් දන්නේ නැහැ වගේ අහනවා :D

      6. එහෙම කියන්න බැහැ නේද අයියා ? නළ දරු උපතේදී ශුක්‍රාණු සහ ඩිම්බ පිටතදී සංසේචනය කරලා ඒකනේ ගර්භාෂයේ තැන්පත් කරනේ

      Delete
  17. මරුටි හැදුන හැටිනම් අද්මයි ඇහුවේ... නියම ලිපියක්.... හොඳට විභාගය කරන්න සුභ පතනවා...

    ReplyDelete
  18. නියමයි හසිත හැමදාම වගේ වැදගත් විස්තරයක්. එලකිරි වගේ විභාගේ ගොඩදාගන්නකෝ.

    ReplyDelete
    Replies
    1. @ කෝරලේ මහත්තයා

      ස්තුතියි කෝරලේ මහත්තයා :)

      Delete
  19. හනුමා උපත අද හසිතගෙන් තමා දැනගත්තේ,,,, ස්තුතියි

    සුග්‍රීවගේ බිරිඳ.. චාලී පැහරගත්ත කෙනා තාරා දේවී නෙවෙයිද???

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      සුග්‍රීවගේ බිරිඳ තමා රූමා. සුග්‍රීව පලායාමෙන් පස්සේ වාලි බලහත්කාරයෙන් රූමාව බිරිඳක් කරගන්නාව. ඒ වගේමයි තාරා දේවි කියන්නේ වාලිගේ පළමු බිරිඳ. රාම වාලිව මරා දැමීමෙන් පස්සේ සුග්‍රීව තාරා දේවියගේ කැමැත්ත ඇතුව ඇ‍යව තමන්ගේ දෙවෙනි බිරිඳ කරගන්නවා

      Delete
  20. ඒකත් එහෙමයි නේ? කොහොමත් අපේ මාරුතය කියන වචනෙයි ඔය මාරුතී කියන වචනෙයි සම්බන්ධයක් තියෙනවනෙ නේද හසිත?

    ReplyDelete
    Replies
    1. @ Dude

      වචනවල සමානකම් නම් එමටයි අයියා. මූලය එකම තැන නොවැ. උදාහරණයක් ගමුකෝ පියා, පිතා, පිතු, පපා, ෆාදර් - පුෂ්පය, පූලේ, පුප්ඵං, ෆ්ලවර්

      Delete
  21. ඉස්තර්ම් වර්ගයේ ලිපියක් අයියෙ. දේව කතා නම් ටිකක් අමාරුයි. ඒත් ඉතින් කියවන්න කියවන්න ආසයි. අයියා ලියන ලිපි කියවන්න ආස හිතෙන්නෙ අයියා ලියන ක්‍රමය නිසා.

    විභාගය හොදින් කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි පෙබරවාරි 16 වෙනකන් විතර කල් දෙන්නෙ ඕන්....

    ReplyDelete
    Replies
    1. ** "දේව කතා නම් විශ්වාස කරන්න ටිකක් අමාරුයි"

      Delete
    2. @ Danula Wickramaarachchi

      මේ කතා ඉතින් කාලාන්තරයක් තිස්සේ පැවත ගෙන ආපු කතා නොවැ මලයා. විශ්වාස කරන්න නම් ඕනේ නැහ කියලයි මගෙත් අදහස. ඒත් කතා රසය නම් උපරිමයි.

      ස්තුතියි සුභ පැතුම්වලට :)

      Delete
  22. පොත කියෙව්වාට වඩා ඉක්මණින් සහ අභිරුචියෙන් මේ පෝස්ටුව කියෙව්වා.
    අගය කිරීමක් ලෙස මේ කෙටි සටහන තබනවා.

    ReplyDelete
    Replies
    1. @ Indranatha Thenuwara

      බොහොම ස්තුතියි ඔබතුමාට කෙටි සටහනක් තබන්න කාලය වෙන් කළාට :)

      Delete
  23. වෙනද වගේම සෑහෙන්න දෙයක් ඉගෙන ගත්තා...සමහර දේවල් නම් අහලවත් නෑ..
    විභාගේ හොදට කරන්නකෝ අයියා! ඊට පස්සේ බැරිය තව කතා ලියන්න
    ජය වෙවා!

    ReplyDelete
    Replies
    1. @ රත්ගමයා

      ස්තුතියි මලයා. කමින්[ග්] සූන් කතා ගොඩක් තියෙනවා :D

      Delete
  24. විභාගය හොඳින් කරන්න හැකිවෙන්න කියලා සුභ පතනවා හසිත..ඔයාටත් ජය බජ්‍රාංගබලී !!!

    මේ මරුති කතාව නම් මම දැනං හිටියේම නැහැ..ස්තුතියි ඔන්න

    ReplyDelete
    Replies
    1. @ රූ....

      ස්තුතියි ස්තුතියි

      ජය බජ්‍රාංගබලී !!!

      Delete
  25. මම බැලුවෙ මේ හින්දු දෙවි වරුත් නිකන් අපේ නෑදෑයෝ සෙට් එක වගේ. කාගෙ කව්ද කියල මතක තියාගන්න ගියාම මොලේ කොලොප්පන් වෙනව. මම නං ඔය නළ දරු සීන් එක විස්වාස කරන්නෙ නෑ. මම හිතන්නෙ threesome එකක් සැර බාල කරල ලියලද කොහෙද!!! :D :D

    හොඳ විස්තරයක් හසිත. හැබැයි මේ දෙවියොන්ගේ නෑදෑකම් ආයෙ අමතක වෙනව ෂුවර්. විභාගයට සුභ පතනව!

    ReplyDelete
    Replies
    1. @ මුහුදු කොල්ලකාරයා

      දෙවිවරු කියන්නේ අපේම අය තමා ඉතින්. කාගේ කව්ද කියලා වෙන පැටලිලි ලිහන්න ඊළඟ පාරක චාර්ට් එකක් දාන්නම්කෝ..

      //..මම හිතන්නෙ threesome එකක් සැර බාල කරල ලියලද කොහෙද..//

      දේව කතා විමසිල්ලෙන් බලද්දී Gay, Animal sex වගේ එකී මෙකී නොකී කතා ඔක්කොම වගේ දැකගන්න පුලුවන් :P

      ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  26. විභාගයත් මේ වගේම ලියවේවා!!

    වාලි මැරුණු විදිය වගේම රාම සමග වුනු එකඟතාව ගැනත් රාමට හනුමාන් එකතුවූ විදියත් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

    පිළිතුරු බලන්න පස්සේ එන්නම්.

    ReplyDelete
    Replies
    1. @ Alexander Cage

      වාලි කියන පීඩාකාරී වානර රජතුමාගෙන් වානරයන්ව බේරා ගන්නවා නම් රාවණාගෙන් සීතාව ගලවාගන්න සහය දෙන්න සුග්‍රීව, හනුමන්තා ඇතුළු වානර පිරිස පොරොන්දු වෙනවා. ඒකට කැමති වෙන රාම කිෂ්කින්දයට ගිහින් කැලේ සැඟවිලා ඉදලා වාලිට ඊතලේකින් විදලා මරලා දානවා. පස්සේ හනුමා ඇතුළු පිරිස තමන් වුණු පොරොන්දුවේ විදිහට රාමට සහය දෙනවා

      ස්තුතියි සුභ පැතුමට අයියා

      Delete
  27. බුදු අම්මෝ....මුන් මහ වස මිනිස්සුනෙ... මමනම් ආයෙ කටක් ඇරලා මුකුත් කියන්නෑ.. හනුමා පල්ලා...

    මම ඇත්තටම හිතාගෙන හිටියෙ "මරුති" කියන්නෙ ජපන් වචනයක් කියලා..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      //..මම ඇත්තටම හිතාගෙන හිටියෙ "මරුති" කියන්නෙ ජපන් වචනයක් කියලා...//

      මම හිතාගෙන හිටියේ Mazda කියන්නේ ජපන් නමක් කියලා. චාමර අයියා කියන විදිහට පර්සියන් දෙවියෙක් වෙන අහුර මස්දාගෙන් ගත්තු එකක්නේ..

      ස්තුතියි අයියා සුභ පැතුමට :)

      Delete
  28. වාලි කියනකොටම මටත් මතක් උනා අර හරී අයියා කිව්ව වගේ පොම්බුලේ මගේ පොම්බුලේ සින්දුව.
    හින්දු දේවකතාවල පිලිගන්න බැරි ගොඩක් දේවල් තිබුනත් ඒවත් හරිම රසවත්.

    විභාගෙ හොඳින් ලියන්න ලැබේවා කියල මමත් ඔන්න ප්‍රාර්තනාකරනවා.ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. @ සමී

      හින්දු වගේම අනෙක් දේව කතාවලත් රසවත් බව නිසාම තමා මාත් ඒවා කියවන්නේ. පොම්බුලේ සිංදුවත් බුරා එකතු කරලා තියෙන්නේ

      ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  29. අම්මෝ ඇඩෙනවා...
    මාරයි ආහ්...
    විභාගයට සුභ පැතුම් අයියේ.. හොදිං කරන්න...
    අර හනුමට රාමව හම්බවෙච්ච වෙලාවේ හෑන්ඩ්ෂේක් කරන එක තමා පට්ට... :ඩී

    ReplyDelete
    Replies
    1. @ තරියා

      අඬන්න එපා මලේ ජය බජ්‍රාංගබලී !!!

      හනුමා රාමව බොක්කේ fit එකෙන්ම පිළි අරන් වගේ :D

      Delete
  30. බොලා ලියන කථා කලින් අහලා නැති ඒවා...ඒ දැනුම බෙදාහදා දෙනවාට බොහොම පිං...ඒ පිනෙන් විභාගය හොදින් ලියන්නට හැකි වේවා !

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      යහපති යහපති අයියණ්ඩිය. ඔබටත් තුති :)

      Delete
  31. ස්තුතියි හසිත.
    ජය බජ්රංගබලී කියල තමයි මටත් කියන්න තියෙන්නේ
    :)

    ReplyDelete
    Replies
    1. @ Tiraj Adikari

      මාත් එහෙම නම් ආයි කියනවා ජය බජ්‍රාංගබලී !!!

      Delete
    2. ඔකේ තව කෑල්ලක් තියෙනවා නෙව ...
      ජය බජ්රංගබලී ...
      තෝඩෝ දුෂ්මන්කි ගලී ....
      කියල වගේ එකක්
      එක්කෝ ඕනෙත් නැහැ
      :D

      Delete
    3. @ Tiraj Adikari

      වලියකට එන්න වගේ යන්නේ :P

      Delete
  32. විභාගෙට මගෙනුත් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      තැන්කු තැන්කු. මේල් එකත් ලැබුණා ඕන් :D

      Delete
  33. හනුමා කාගේ කවුද කියන විස්තර රසවත්ව අද දැනගත්තා. ගොඩාක් ස්තුතියි මේ විස්තරයට.

    විභාගෙට සුභ පතනවා.

    ReplyDelete
  34. මම ඇහුවමයි ඔය කතාව... ස්තූතියි ...

    ReplyDelete
    Replies
    1. @ prasanna86k

      නොදන්නා කතා තේරෙන සිංහලෙන් තේරෙන විදිහට :)

      Delete
  35. ඒකත් එහෙමයි නේ? කොහොමත් අපේ මාරුතය කියන වචනෙයි ඔය මාරුතී කියන වචනෙයි සම්බන්ධයක් තියෙනවනෙ නේද හසිත?

    කොහොමද හනුමාන්ගෙ සික්ස් පැක් එක විතරක්! ඒක නම් එයිට් පැක්ද මන්දා! :D

    පෙබරවාරියේ පටන් ගන්න අර්ධ වාර්ෂික විභාගය ඉහලින්ම ජය ගන්න අපේ හසිතයාට හැකි වේවා. සුබ පැතුම් හසිත.

    ReplyDelete
    Replies
    1. @ Dude

      වචනවල සමානකම් නම් එමටයි අයියා. මූලය එකම තැන නොවැ. උදාහරණයක් ගමුකෝ පියා, පිතා, පිතු, පපා, ෆාදර් - පුෂ්පය, පූලේ, පුප්ඵං, ෆ්ලවර්

      //..කොහොමද හනුමාන්ගෙ සික්ස් පැක් එක විතරක්! ඒක නම් එයිට් පැක්ද මන්දා! :D..//

      ඒකනේ මල්ලව පොරකාරයන්ගේ අධිපති දෙයියා වුණේ. ෆයිට් එකට කලින් හනුමාන්ට වැඳලා තමා එයාලා වැඩ අල්ලන්නේ :)

      සුභ පැතුම්වලට ස්තුතියි අයියා

      Delete
  36. දේවකතා! මමත් කැමතිම area එකක්! :) විශාගය සම්බන්ධයෙන් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. @ තනි අලියා

      තැන්කු තැන්කු. මේ කමෙන්ට් එකට මග ඇරුණේ කොහොමද මන්දා :(

      ඉස්සරහටත් දේව කතා කීපයක්ම ලියන්න තමා ඉන්නේ. එන්නකෝ කියවන්න

      Delete
  37. හනුමන් දැන් හිටියා නම් මිස්ටර් ඔලිම්පියා නග්ගන්න තිබ්බ කතා නැතිව.. :D

    ඒ උඹට පට්ට පින් බන අපිත් එක්ක මේ වගේ රස කතා බෙදා ගන්නවට.මේවත් එක්තරා විදියක සුරංගනා කතා නේ..

    ReplyDelete
    Replies
    1. @ මානවක

      ඒකනේ හනුමාන්ව මුල් කරගෙන ඉන්දියාවේ මල්ලවපොරකාරයේ වැඩ කරන්නේ.

      මේ කතාවල කතා රසය උපරිමයි. ඒක තමා පැණි රහ දේ බෙදනවා වගේ බෙදන්නේ :)

      Delete
  38. රසවත් විස්තරයක්. මරුටි කියන නම ඔහොම හේතුවකට දාපු එකක් කියල නිකමටවත් හිතුනේ නෑනේ.

    විභාගයෙන් ජය ලැබෙන්න කියා පතනවා..!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      ස්තුතියි ස්තුතියි අයියා :)

      Delete
  39. මං නම් මේ විස්තර ඇහුවමයි. ස්තූතියි!

    හොඳට විභාගෙ කරල එන්නෝ...

    ReplyDelete
    Replies
    1. @ යසිත්ගේ සිතුවිලි

      ස්තුතියි ස්තුතියි :)

      Delete
  40. මරේ මරු! රාම කුමාරයයි හනුමන්තයි ෂේක් හැන්ඩ් කරල නේද?

    විභාගේ තමයි අපේ...

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      දෙන්නා ඉතින් බොක්කේ ෆිට් එකෙන්නේ හිටියේ :)

      Delete
  41. delhi town area eketh hamnuman ge pathaaka piliru thiyenawa godak

    ReplyDelete
    Replies
    1. @ Xpress (SiS™ )

      ඔව් ඔව් ප්‍රවාහන ක්ෂේත්‍රය භාර හනුමාන්ට නොවැ

      Delete
  42. හනුමා ගැන ලොකු විස්තරයක් දැනගත්තා,,ලිපිය කියවන්කොට හිනාත් ගියා,,හසිතගේ සියලු වැඩ කටයුතු සාර්ථක් වේවා!!

    ReplyDelete
    Replies
    1. @ ItalyDilan

      හිනා ගියා නම් කතා රසය උපරිමේටම විඳලා වගේ :)

      ස්තුතියි සුභ පැතුමට :)

      Delete
  43. හනුමා ගැන අහලා තිබ්බ විස්තර වල ගොඩාක් ගැඹුරට හුගක් දේවල් මේකෙන් දැන ගත්තා.. එතකොට මරුටි කියන එක ආවෙත් එහෙමයි..

    විභගේ හොදට කරන් වරෙන් මලයා.. ජය!!

    ReplyDelete
    Replies
    1. @ දිනේෂ් උමගිලිය ♥ සිහින මදාරා

      මරුටි විතරක්ද ඔන්න මැස්ඩා ගැනත් දැනගත්තනේ

      ස්තුතියි සුභ පැතුමට අයියා :)

      Delete
  44. කාලෙකින් මේ පැත්තේ ආවේ. කියවන්න ලිපි තියෙනවා වගේ. ගොඩක් තොරතුරු දැනගත්ත මල්ලිගේ විභාගයට ජය පතනවා..!!!

    ReplyDelete
  45. පට්ටයි බං. මමනං බුක් මාර්ක් කරා.. හිතෙනවා තුන්පාරක් වත් කියවන්න ඕන කියලා... ජය වේවා විභාගේ අර කිව්ව වගේ මේ විදියටම ලියපං.. බොට මරුති සරණයි!!

    ReplyDelete
    Replies
    1. @ දේශක යා

      තුන් පාරක් කියවන්නේ ඇ‍යි ලොක්කා. කටපාඩම් කරන්නද යන්නේ :D

      ස්තුතියි සුභ පැතුමට. අපි බුදුන් නොවැ සරණ යන්නේ. ඒක නිසා මරුති පිහිට තමා ලැබෙන්නේ :)

      Delete
  46. රාමාට උදවුකල හනුමන් එහෙ දෙවි උන එක මට පිලිගන්න පුලුවන් .. ඉන්දියන් කාරයෝ ඉතින් නොවඳින තිරිසනෙක් ඇතැයි.. ඒත් රාවනාට වින කරල ළංකාව ගිණි තියන්න යටි කූට්‍ටු වැඩ කල විභීශන දෙවි කෙනෙක් කරගෙන අපේ උං වඳින එකයි මට නොදිරවන්නේ.

    ReplyDelete
    Replies
    1. @ සරත් ලංකාප්‍රිය

      විභීෂණ දේවත්වයෙන් පුදන පොයින්ට් එක තමා රාවණා කියන දුෂ්ට පාලකයාව [?] මරා දාලා යහපත ස්ථාපනය කරන්න විභීෂණ ලබාදුන්නු දායකත්වය අගය කරන්න

      Delete
  47. අපොයි මන් දනන් හිටියේ නැහැනේ මරුති කියන්නේ හනුමාන්ට කියල . ඉන්දියන් අය මාර විදිහට අදහනවනේ .

    ඔය කතා ලිව කෙනා මාර දක්ෂයෙක් . අනියම් සම්බන්ධකම් හෙම හින් නුලෙන් සාධාරණ කරලා ..කනෙන් රිංගලා ..අය්යෝ .

    විභාගෙට ජය වේවා

    ReplyDelete
    Replies
    1. @ Bindi

      ඇත්ත ඇත්ත කතා ලිව්ව අය නම් සුපිරිම දක්ෂයෝ තමා. කතාව නියමෙටම ගොඩනගලා තියෙනවානේ.

      ස්තුතියි අක්කේ :)

      Delete
  48. එක හුස්මට කියවගෙන කියවගෙන ගියා... එක කතාවක් ඇතුලෙ කතා පොදියක්!! හැම එකක්ම එක එකට සම්බන්ධයි!! මට ළඟකදි ඉදන් ඉතිහාස කතා කියවන්න පුදුම අසවක් ඇති වෙලා තිබ්බා. එකක් මේ රාවණාගෙ කතා හින්දා, අනික මගෙ ඉතිහාස කතා පිළිබඳ දැනුම අඩු හින්දා.

    නියමයි !! හුඟක් පිං මෙහෙම ලස්සනට කියවන්න ආස විදියට ලියනවාට!!

    ReplyDelete
    Replies
    1. @ හිතුවක්කාරි

      එක කතාවක් ඇතුළේ කතා ගොඩක් ලියන ස්ටයිල් එක හොඳා වගේ.

      //..මට ළඟකදි ඉදන් ඉතිහාස කතා කියවන්න පුදුම අසවක් ඇති වෙලා තිබ්බා. එකක් මේ රාවණාගෙ කතා හින්දා, අනික මගෙ ඉතිහාස කතා පිළිබඳ දැනුම අඩු හින්දා...//

      ඉතිහාස කතා කියවන්න ආසාව එන එක කොච්චර නම් දෙයක්ද. ඉතිහාස කතා කියවලා බලන්න. පොත් පත් නම් එමට. ඒත් නිවැරදි දේවල් තියෙන පොත් කියවන්න. රාවණාගේ කතා ගැන නම් මම මොකුත් කියන්නේ නැහැ. ඒ මාතෘකාව මම වාරණය කරගත්තු මාතෘකාවක්

      පිං දෙන්න අවශ්‍ය නැහැ. මේක මගේ යුතුකමටත් වඩා වගකීම

      Delete
  49. නොදන්න දේවල් කොච්චරද කියලා හිතුණා......ඇත්තමයි වටින පොස්ට් එකක්...ඉන්දියාවේ ගොඩක් අය මේ හනුමා දෙවියන් අදහනවා.

    ReplyDelete
    Replies
    1. @ සිත්තමී

      නොදන්න දේවල් නම් එමට තමා. ඒත් පුලු පුලුවන් විදිහට කියවලා දැනුවත්කම වැඩි කරගමු

      Delete
  50. හසිත විභාගෙ ඉවර උනාට පස්සේ හින්දු දේවකතා ගැන ලිපි පෙළක් ලියන්ඩ පුළුවන්ද?ඒවා හරි සිරා.ඒ උනාට ඒවයේ එක එක වර්ෂන් තියෙනවනේ.

    ReplyDelete
    Replies
    1. @ දිනුක

      අනිවාර්යෙන්ම අයියා. හින්දු සහ ග්‍රීක දේව කතා එකතුවක් ලියන්න අදහසක් හිතේ තියාගෙන ඉන්නේ

      Delete
  51. මම අදමයි මේ විස්තරේ දැන ගත්තේ......

    විභාගයට ජය හසිත......

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      ස්තුතියි ස්තුතියි :)

      Delete
  52. දැනගන්න ගොඩක් කැමැත්තෙන් හිටිය මාතෘකාවක්. විභාගය සාර්ථකව කරන්න.

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      ස්තුතියි අයියා :)

      Delete
  53. හාන්ස් ක්‍රිස්ටියන්ගෙ කතා වගේම තමයි මෙව්වත්. විභාගෙට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. @ ඉන්දික උපශාන්ත

      ඔව් අයියා. මේවායේ කතා රසය උපරිමයි

      ස්තුතියි සුභ පැතුමට

      Delete
  54. රැජිනි කාන්ත් මෙච්චර ජනප්‍රිය ඇයි කියලා ඕන් දැන් තමයි තේරුනේ..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා

      මොකක්ද මේ රැජිනිකාන්ත්ගේ කතාව ?

      Delete
    2. මේකනෙ හසිත, ඒ දවස්වල ඉන්දියාවට හනුමා දීපු ආතල් දැන් දෙන්නෙ රැජිනි කාන්ත් තමා.. අර ඉර අල්ලනවා වගේ ඒවා.. අපරාදෙ කියන්න බෑ මිනිහා හනුමගෙ අඩුව හොඳට පුරවනවා හෙහ් හෙහ්...

      Delete
    3. @ සෙන්නා

      රැජිනිකාන්ත් ගාවින් කමලහසන්වත් තියෙන්න පුලුවන් වෙයි වගේ :D

      Delete
  55. අද තමයි හනුමා කියන්නෙ කවුද කියල හරියටම දැනගත්තෙ.......වටින ලිපියක්.....

    එක්සම් හොඳින් කරන්න අයියෝ...ජය...!

    ReplyDelete
    Replies
    1. @ අග්නි ධාරා...

      ස්තුතියි නඟා :)

      Delete
  56. හසිත විභාගයට සුභ පතනවා!!!
    විභාගය ඉවර වෙලා තව ලියන්න

    ReplyDelete
    Replies
    1. @ සම්පත් සිල්වා

      ස්තුතියි ස්තුතියි :) විභාගේ ඉවර වුණු ගමන් ලියන්න කතා එමටයි

      Delete
  57. Very good one. Thank you. Best wishes for the exam.

    ReplyDelete
  58. මමත් මහඇදුරු සුනිල් ආරියරත්නයන් ලියපු "හනුමාන් නමැති වඳුරු දෙවියා" පොත කියවන්න කියලා මාස කීපයක ඉදන් හිතාගෙන ඉන්නවා. එතමාගේ මේ පොත ඉ.ා වටිනා කෘතියක් කියලයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      අනිවාර්යෙන්ම කියවලා බලන්න අයියා. එතුමා බොහොම පර්යේෂණාත්මකව තමා කෘතිය ලියලා තියෙන්නේ. විශේෂයෙන්ම වානර වන්දනාව ගැන හුඟක් ගැඹුරින් එතුමා හොයලා තියෙනවා

      Delete
  59. සුපිරි ලියවිල්ල..හසිත.

    ඉන්දියාවෙ අය රාම ගල්ගුහාව නරඹන්න වාර්ශිකව එන නිසා ඔය ගැන ලිපි පලවෙලා තිබිල කියොල තියෙනව. ඒත් ඕයාගෙ පැහැදිලි කිරීම සිත්ගන්නා සුලුයි.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      කොහෙද මේ රාම ගල් ගුහාව තියෙන්නේ අයියා ?

      Delete
  60. නියම විස්තරයක් මල්ලී.. කතා ලෝකයක්.. ඔය ඉන්දියානු දෙවිවරුයි ග්‍රීක රෝම දෙවිවරුයි එකට සෙට් වෙච්ච අවස්ථා නැද්ද? එකම කාලෙක හිටපු අය නෙවෙයි ද? (එක්තරා කාලයක ඔහොම අය ඉන්න ඇති කියල හිතුවොත්).. ඉන්දියාව තාම ඔය දේව ඇඩ්වෙන්චර් මූලික කරගෙන ෆිල්ම්ස් හදන වැඩේට බැස්සෙ නැත්තේ මොකෝ දන්නෑ.. එහෙම වුණා නම් ඔය වැඩකිඩ ටික බලාගන්න තිබ්බ නේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      ඉන්දියානු දෙවිවරුයි ග්‍රීක රෝම දෙවිවරුයි එකට සෙට් වුණු සිද්ධි නම් මම දන්න තරමින් නැහැ අයියා. අනික ඉතින් එකම කාලෙක හිටියද කියලාත් හිතන්නත් බැරි ඒවා මිනිස්සුන්ගේ විශ්වාස මතත් ගොඩ නැගුණු ඒවා කියලාත් කියවෙන නිසා.

      ඉන්දියාව පොඩියට දේව කතා හදනවා ඇරෙන්න ලොකුවට හදන බවක් පේන්නේ නම් නැහැ. ඒකට හේතුව වෙන්න ඕනේ ඉන්දියානු දෙවිවරු තවමත් වන්දනාවට ලක් වෙන නිසා වගේම ෆිල්ම් එකේ මොකක් හරි හුටපටයක් ගියොත් අන්තවාදී ආගමික කණ්ඩායම්වලින් හොඳ කෑමක් සෙට් වෙන නිසා වෙන්න ඕනේ.

      Delete
  61. ජය බජ්‍රාංගබලී.... හින්දි ෆිල්ම් වල කොයි වෙලේ හරි ඇහෙන වචනයක්....

    අපේ අයියටත් තිබ්බ නිල් පාට මරුතියක්‌....

    විභාගෙ හොඳට කරන්න අයියා....

    ReplyDelete
    Replies
    1. @ අනූ

      ඔව් ඔව්. ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා හනුමාන් බැතිමතෙක් නම් මේක කියලා කෑ ගහලා තමා ගහගන්න යන්නේ. මට මතක විදිහට ගෝවින්ද ඉන්න හුඟක් ෆිල්ම්වල මිනිහා මේක කියලා කෑ ගහනවා.

      සුභ පැතුම්වලටත් ස්තුතියි :)

      Delete
  62. ඵෝර්ඩ් දෙවියන්, තම නමැති රථය මැව්වේ ගෙය පිටුපස තිබූ මඩුවේදීය.

    මරුති වැනි බාල බඩුවක ගියේ නැති වුවද, චන්ඩි මාරුතය ගැන ඇසුවෙමි. වඳුරන් ගස් උඩ හිටපු කාලේ, මාරුතය මරුවා සිහිකරමින් අතු කඩා ගස් පෙරලන කොට, දෙවියන් සිහි කලා වත්ද? මහාචාරී තුමා හිටවන කවි කියා දේශපාලුවන් නැලවීමට පමණක් නොව, පරිවර්තනය කිරීමේදී, පිටපත් කිරීමටද අතිදක්ෂ හනුමාන් දෙවියෙක් බව පෙනේ.

    ඇත්ත නැත්ත මෙතරම් සුමටව ගෙතීමට හනුමාවරුන් තරම් රුසියන් තව නැත.

    අද ශිව, එදා සිහ නම් සිංහල දෙවියෙකි (නායකයෙකි). දරු ඵල ලැබීමට නොහැකි පිරිමින් බිහි වූ කලක, ඔහු මනුෂ්‍ය වර්ගයා රැකීමට කල මහඟු සේවයට අදත් වැඳුම් පිදුම් කෙරේ. එදා සිහ කල කාරිය, අද, ශිව දේවාලයේ රැඳෙන කතුන්ට ඉටු කරනුයේ දේව නියෝජිතයන් වන ඵූසාරීන් ය.


    විභාගයට සුභ පැතුම්. කලින් නොලීවේ බොග ක්‍රෑමෙකු ලෙස සිතමිනි. අද එම වචනය ශබ්දකෝෂයෙන් ගිලිහිලාද?

    (මගේ අදහස ලීවේ මේ ලිපියට සම්මාදම් වී රක්ෂිතයේ ගාල් කිරීමටය.)

    ReplyDelete
    Replies
    1. @ Anonymous One orig

      //..ඵෝර්ඩ් දෙවියන්, තම නමැති රථය මැව්වේ ගෙය පිටුපස තිබූ මඩුවේදීය...//

      හෙන්රි ෆෝර්ඩ් හදපු කාර් එක ෆෝර්ඩ් වුණා වගේම කාල් බෙන්ස් හදපු කාර් එක බෙන්ස් වුණා. එහෙම නම් කොච්චර ඒවා කියන්න පුලුවන්ද :D මෙතන වෙලා තියෙන්නේ ඒ සෙක්ෂන් එක භාර දෙවියන්ගේ නම දාපු එකනේ. මැස්ඩා නම ආවෙත් අහුරමස්දා කියන පර්සියානු දෙවියාගෙන් කියලා ඉහළින් කියලා තිබුණා දැක්කද ?

      //..වඳුරන් ගස් උඩ හිටපු කාලේ, මාරුතය මරුවා සිහිකරමින් අතු කඩා ගස් පෙරලන කොට, දෙවියන් සිහි කලා වත්ද? ...//

      වඳුරන්ගේ හිතේ දෙවියෙක් හිටියාද කියලා දන්නේ නැහැනේ..

      //..මහාචාරී තුමා හිටවන කවි කියා දේශපාලුවන් නැලවීමට පමණක් නොව,..//

      මේත් මහාචාරීතුමත්, බොහෝ මහාචාරීවරුත් තවත් බොහෝ දෙනෙක් මේ කාර්යය මැනවින් කරන බව දැන් හොඳටම පේනවනේ :)

      //..ඇත්ත නැත්ත මෙතරම් සුමටව ගෙතීමට හනුමාවරුන් තරම් රුසියන් තව නැත...//

      තව ටිකක් මේ ගැන පැහැදිලි කරමුද ?

      //..අද ශිව, එදා සිහ නම් සිංහල දෙවියෙකි (නායකයෙකි). දරු ඵල ලැබීමට නොහැකි පිරිමින් බිහි වූ කලක, ඔහු මනුෂ්‍ය වර්ගයා රැකීමට කල මහඟු සේවයට අදත් වැඳුම් පිදුම් කෙරේ...//

      හරප්පා සභ්‍යත්වයෙන් වර්තමාන ශිව වන්දනයට සමාන ලිංග වැනි දේවල් වගේම ශිවගේ මුල් කාලීන ස්වරූපය කියලා අනුමාන කෙරෙන පශුපති වන්දනාව ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි

      //..එදා සිහ කල කාරිය, අද, ශිව දේවාලයේ රැඳෙන කතුන්ට ඉටු කරනුයේ දේව නියෝජිතයන් වන ඵූසාරීන් ය...//

      මේ වගේ දේවල් ගැන කතා කීපයක්ම ඒබ්‍රහම් ටී. කොවූර්ගේ කෘති කීපයකම තියෙනවා මාත් දැකලා තියෙනවා.

      //..විභාගයට සුභ පැතුම්. කලින් නොලීවේ බොග ක්‍රෑමෙකු ලෙස සිතමිනි. අද එම වචනය ශබ්දකෝෂයෙන් ගිලිහිලාද?...//

      ස්තුතියි සුභ පැතුමට. තවමත් විභාගේ ඉවර නැහැ. 14 තමා ඉවර වෙන්නේ. බොග ක්‍රෑම, ජංගල් ක්‍රෑම හෝ මෙන්ඩිස් ක්‍රෑම දමන්න තරම් අවශ්‍යතාවක් නැහැ. අපි නිස්කලන්ක්ගේ පාඩමක් කරනවා විතරයි :) තවමත් නවක සිසුන්ට මේවා ගැන කියලා තිබුණත් දැන් ක්‍රමයෙන් මේවා අභාවයට යන වචන වෙලා ඉවරයි.

      රක්ෂිතයේ ගාල්වීමත් නරකම නැහැ :D

      Delete
  63. අපූරු විස්තරේ කොල්ලෝ.. නොදැන හිටපු බොහෝ දේ දැන ගත්තා. විභාගයෙන් ඉහලින්ම සමත් වේවා කියලා පතනවා ..!

    ReplyDelete
    Replies
    1. @ ගාමිණී විජිත් සමරකෝන්

      ස්තුතියි ස්තුතියි. අයියාගේ මොනරවිල පොත ගැනත් යමක් කියන්න ඒ පැත්තේ විභාගේ ඉවර වෙලාම එන්නම් :)

      Delete
  64. බොහොම ස්තූතියි හසිත, මේක කියෙව්වට පස්සේ තමා දැනගත්තේ මේ ගැන.

    විභාගයට සුභ පැතුම්.

    ප.ලි.: Mazda ගැනත් කියලා තිබ්බ හින්දා පොඩ්ඩක් search එකක් කළා තව නම් වලට. එතකොට මේ list එකම ආවා.

    http://thanasis.com/modern/biz.htm

    ReplyDelete
    Replies
    1. @ Gihan (ගිහාන්)

      ස්තුතියි සහෝදරතුමා සුභ පැතුමට වගේම මේ ලිස්ට් එක ගැන කිව්වාට. මම හෙමින් සැරේ කියවලා බලන්නම් :)

      Delete
  65. කතන්දරයක් වගේ එක දිගටම කියවගෙන ගියා. නියම විස්තරයක්. විභාගෙට සුබ පතනවා හොඳින් කරන්න ලැබෙන්න කියලා...

    ReplyDelete
    Replies
    1. @ ලහිරු

      සන්තෝසයි සන්තෝසයි. ස්තුතියි සුභ පැතුමට අයියා :)

      Delete
  66. හරි අපූරු සාහිත්‍යක්. බොහොම ස්තූතී මචෝ මෙච්චර ලස්සනට,සරලව ලිව්වට...
    විභාගෙ ගොඩයන්න අපෙනුත් ගට.. ජයවේවා !!!!!

    ReplyDelete
    Replies
    1. @ de silva

      අනිවාර්යෙන්ම. අපේ ආගමික මතවාද පැත්තකින් තියලා ආගමික සාහිත්‍ය කියවන එක රස විඳින එක මාරම මාරයි. ස්තුතියි සුභ පැතුමටත් :)

      Delete
  67. හරිම ලස්සනයි.. විභාගය හොදින් කරගන්න ලැබේවා..!!!

    ReplyDelete
    Replies
    1. @ පුංචි කුමාරිහාමි

      හනුමාන් ද ලස්සනයි කිව්වේ එහෙමත් නැත්නම් කතාවද :D

      ස්තුතියි සුභ පැතුමටත් :)

      Delete
    2. හනුමාන් නම් ලස්සන නෑ කියලා දන්නවා. ඔයාට කිව්ව කියලද හිතුවේ..:D
      නෑ කතාව ලස්සනයි..

      Delete
    3. @ පුංචි කුමාරිහාමි

      හනුමාන් කොහෙද ලස්සන නැත්තේ :P

      Delete
  68. සමහර දේවල් මං දැනගත්තෙත් මේක කියවලා.
    බොහොම සතුටුයි.
    සුබපතනවා විභාගයට (කන්ග්‍රැජුලේෂන්ස්)

    ReplyDelete
    Replies
    1. @ Mobileman

      නොදන්නා දෙයක් දැනගත්තා නම් ඒක ගැන ගොඩක් සතුටුයි

      ස්තුතියි සුභ පැතුමටත් :)

      Delete
  69. හනුමාන් ගැන මට අහන්න ලැබිලා තියෙන්නේ අමුතුම කතා ටිකක්.අපේ ගමේ ගොඩාක් වයසක සියා කෙනෙක් ඉඳලා තියෙනවා.1890 ඉපදුනු කෙනෙක්.මැරිලා තියෙන්නේ 1964 මැයි 12.මේ සියා මන්තර ගුරුකම් පිළිබඳව හිනි පෙත්තටම අපු කෙනෙක්.ඒ කාලේ එයා මැරිච්ච බල්ලෙක් මන්තර වලින් ඇවිද්දවලා ගමේ ගොඩක් ප්‍රසිද්ද උනාලු.මේ සියා ගාව අඳුනක් තිබිලා තියෙනවා.එක එයා පව්ලේ අයගේ කරදර වලදී විතරයි පාවිච්චි කරලා තියෙන්නේ.මේ අඳුන ඒ සියට පෙන්නේ නෑලු.අඳුන පෙන්නේ මනුස්ස ගනේ කෙනෙක්ට විතරලු.ඒ නිසා අඳුන පෙන අය හොයල සියා එයාව නවත්තගන්නවලු අඳුන බලන්න.මට හම්බුනා එහෙම අඳුන බලන්න හිටපු කෙනෙක්.එයා ගොඩක් පොඩි කාලේ තමා අඳුන බලන්න ඉඳලා තියෙන්නේ.තාමත් එයාට ඒවා මතකයි.ඒ අන්දුනට හනුම එනවලු.අපි දකින දේව ඇඳුම් නෙවෙයිලු ඇඳගෙන ඉන්නේ.ගෝරිල්ලෙක් වගේලු එන්නේ.. දේව වෙස් ගන්න කිව්වම දෙවියෙක් වගේ පේනවලු.හනුම අර සියට ගොඩක් මන්තර ගුරුකම් අන්දුනෙන් කියල දෙනවලු.ඒවා ලියාගන්නවලු ඉතින්.ලෙඩ්ඩු සනීප කරන්නම බැරි උනාම එලය ඇරලා හනුමගෙන් බෙහෙත් අහගන්නවලු.මාර සීන් තමයි ඉතින්.හනුම තාමත් ඉන්නවා මමත් හිතන්නේ..
    පොස්ට් එක නියමයි අයියේ.. මම අකුරක් නෑරම කියෙව්වා.අයියා නේද සමන් දේවාලේ දේවාභරණ ගැන ඇහුවේ.මම ඒවා ගැන ටිකක් හොයාගත්ත.බ්ලොග් එකී දාන්නම්කො මම..
    එක්සැම් හොඳට කරන්න අයියේ.සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා....!

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      //..ඒ අන්දුනට හනුම එනවලු.අපි දකින දේව ඇඳුම් නෙවෙයිලු ඇඳගෙන ඉන්නේ.ගෝරිල්ලෙක් වගේලු එන්නේ.. දේව වෙස් ගන්න කිව්වම දෙවියෙක් වගේ පේනවලු...//

      ඔව් ඔව් හනුමාන් කියන්නේ වානරයෙක් නිසා ගෝරිල්ලෙක් වගේ පේනවා ඇති. ඒ වගේමයි මේ අඳුන එහෙමත් නැත්නම් අංජනම් කියන වචනේ හැදිලා තියෙන්නේ හනුමාන් මේ කාර්යය සඳහා එයාගේ අම්මා වෙන අංජානි දේවියවත් සම්බන්ධ කරගන්න නිසා. ඒකයි අංජනම් දේවි කියලා කෙනෙකුත් අඳුන් බැලීමත් එක්ක කියවෙන්නේ.

      //..හනුම තාමත් ඉන්නවා මමත් හිතන්නේ...//

      ඒකත් හරි. රාමගේ ගුණ ගායනා කරමින් ලෝකයේ මිනිස්සු හැමෝටම වඩා ආයුෂ ඇතිව හනුමාන් ජීවත් වෙනවා කියලා තමා කියවෙන්නේ. මොකද හනුමාන් මියගිය ආකාරයක් ගැන මොකුත් විස්තරේකුත් නැහැනේ.

      ස්තුතියි සුභ පැතුම්වලට මලයා. විභාගේ ඉවර වෙලාම ඒ පැත්තෙත් එන්නම්කෝ :)

      Delete
  70. රාමයා වගේම උගෙ ගෝලයත් මහා වනචරයෙක්..

    ඒකට රාවන රජතුමා .අනුන්ගෙ ගෑනියක් බලෙන් ගෙනල්ලත් ඒ ගෑනිට අතවත් තිබ්බෙ නෑ.අන්න නියම පිරිමි [ඉහත සියලු අදහස් රාමානයනට අනුව]

    වලත්ත රාමයාගෙ සහ උගෙ ගෝල හනුමාගෙ නම් ඉතිහාසයෙන් මැකී යේවා .ස්ත්‍රීත්වයට ගරු කළ රාවණ රජතුමාගේ නාමය සදාකල් පවතීවා .

    ජය ශ්‍රී රාවණ !!

    - Kishan -

    ReplyDelete
    Replies
    1. @ - Kishan -

      //..රාමයා වගේම උගෙ ගෝලයත් මහා වනචරයෙක්...//

      හනුමා මහා වනචරයෙක් වුනේ කොහොමද ?

      //..ඒකට රාවන රජතුමා .අනුන්ගෙ ගෑනියක් බලෙන් ගෙනල්ලත් ඒ ගෑනිට අතවත් තිබ්බෙ නෑ.අන්න නියම පිරිමි [ඉහත සියලු අදහස් රාමානයනට අනුව]..//

      මට තියෙන ගැටලුව රාවන රජතුමා නියම පිරිමියෙක් නම් තමන්ගේ සොයුරියට කරපු හිංසාවට පළිගැනීමක් විදිහට හෝ වෙන හේතුවක් මත හරි සතුරාගේ බිරිඳව පැහැරගන්නේ ඇයි කියන එක ? නියම පිරිමියෙක් වගේ [තේරෙන භාෂාවෙන් කියනවා නම්] "ෆේස් ටු ෆේස්" ගේමට ගියේ නැත්තේ ඇයි ?

      //...වලත්ත රාමයාගෙ සහ උගෙ ගෝල හනුමාගෙ...//

      රාම වලත්තයා වුණු විදිහත් පැහැදිලි කරමු බලන්න

      //..ස්ත්‍රීත්වයට ගරු කළ රාවණ රජතුමාගේ...//

      ස්ත්‍රිත්වයට ගරු කළ රාවණ කියලා ඔබ කියන්නේ අනුන්ගේ ගෑණියෙක් බලෙන් ගෙනල්ලත් අත නොතියපු නිසානේ. එතකොට අනුන්ගේ ගෑණු බලෙන් ගේන එක ස්ත්‍රිත්වයට ගරු කිරීමක්. ලෝක සම්මත චාරිත්‍රවලට ගරු කිරීමක්ද ?

      Delete
    2. හසිත,

      රාමායන ප්‍රබන්ධය ඇත්ත කියල හිතල රාවණාට මඩ ගහනවා වගෙයි. ඔබ හින්දු යන සිංහල වචනයේ තේරුම දත් දින, හින්දූන් කට ඇරියොත් කියන්නෙම බොරුවක් බව ජීවවිද්‍යාත්මකව ඔප්පු වේවි. සමහර සතුන් වගේම මිනිසුන් ද රැවටීමෙන් බොරුවෙන් රැකෙනවා. මම කලින් කී ලෙස දියසේන ගැන ලිපියක් ලිව්වා. ඒ අතරෙ කාලින තොරතුරු (3) යටතේ ඇති අනාවැකි කාරයෙක් කියපු කතාවක් නිසා සමහර දේ ලිව්වෙ නෑ. ඔබේ ලිපියෙන් අතිරේක තොරතුරු ලෙස විස්තර එකතු කලා.

      රාවන ගැනත් ලිපියක සැබෑ තොරතුරු දුන්නා. කියන දේ කියනවාට වඩා වෙනස් දේ දැනගැනීම හොඳයි නේද? මලී ටෙලිනාට්‍යයයේ ඉන්න උක්කුවා, පබා ගේ උක්කුවා තුලින් ගමේ ඉන්න සැබෑ උක්කුවාගෙ චරිතය නිරූපණය නොවේ.

      Delete
    3. @ Anonymous One orig

      //..රාමායන ප්‍රබන්ධය ඇත්ත කියල හිතල රාවණාට මඩ ගහනවා වගෙයි. ..//

      ප්‍රබන්ධය ඇත්ත කියලා කියනවා නෙමෙයි. කිෂාන් දක්වා තියෙන අදහස්වලින්මයි පරස්පරතා ඔහු මතු කරතිබෙන්නේ. ඒ වගේමයි යම් දෙයක් පිළිබඳව ඔහු කරුණු දක්වනවා නම් ඒ ගැන පැහැදිලි කිරීමකුත් ඔහුගෙන් විය යුතුයි. මම අපේක්ෂා කරන්නේ එයයි.

      //..හින්දූන් කට ඇරියොත් කියන්නෙම බොරුවක් බව ජීවවිද්‍යාත්මකව ඔප්පු වේවි...//

      බොරු කියන්නෙක්ව බොරු කියන්නෙක් බව කියන්න ජීව විද්‍යාත්මක සාක්ෂි අවශ්‍යමද ?

      //..රාවන ගැනත් ලිපියක සැබෑ තොරතුරු දුන්නා. කියන දේ කියනවාට වඩා වෙනස් දේ දැනගැනීම හොඳයි නේද?...//

      වෙනස් දේ දැනගැනීම හොඳයි. ඒත් වෙනස් දේ කියලා කියන කරුණු නිවැරදි ආකාරයකට තහවුරු කරන්නේ නැත්නම් ඒක හරියට ඔබ දැක්වූ උදාහරණයේ එන ගමේ ඉන්න සැබෑ උක්කුවා කියන පල්හෑලිවලට සමානයි :) (මලී හෝ පබා නොබලන නිසා උක්කුවා යනු කවුද කියන්න දන්නේ නැහැ. ඒත් තියෙන විස්තරේ අනුව ගමේ ජීවත් වෙන මනුස්සයෙක් කියලා තේරුණා )

      Delete
    4. වෙනස් දේවල් දිහා, දන්න දේවල් දිහා බලන විදියට බලන්න බෑ. මාත් කතා කලේ තවත් උක්කුවෙකුට වගෙයි. ලියන හින්දු බහුභූත වලට වඩා යමක් කී ටෙලි නාට්‍ය තුලත් තියෙනවා. භාෂාව වෙනස් කිරීමෙන් ජාතිය වෙනස් වේ නම් අද බහුතරය ඉංග්‍රීසීන් ය. තමන්ටම ගැලපෙන අධ්‍යාපනයකුත් තියෙන එකේ, මේ ජරාවල් හින්දි වලින් ලීවා නම් අපූරුයි.

      Delete
    5. @ Anonymous One orig February 16, 2013 at 7:50 AM

      //...වෙනස් දේවල් දිහා, දන්න දේවල් දිහා බලන විදියට බලන්න බෑ....//

      එහෙනම් කියමුකෝ බලන්න කොහොමද බලන්න ඕනේ කියලා.

      //..මාත් කතා කලේ තවත් උක්කුවෙකුට වගෙයි...//

      උක්කුවා කියන දේ කට පියාගෙන අහගෙන ඉදලා නියමයි කියලා කිව්ව නම් ඔය උක්කුවාට සතුටු ඇති නේද :P

      //..ලියන හින්දු බහුභූත වලට වඩා යමක් කී ටෙලි නාට්‍ය තුලත් තියෙනවා....//

      හින්දු බහුභූත වේවා මම ලියන දේ මට හොඳයි. ඔයා කියන ටෙලි නාට්‍යවල යමක් ඇති. ඒත් ඒවා බලන අයගේ මානසිකත්වය හිතා ගත්තැහැකි

      Delete
    6. @ Anonymous One orig February 16, 2013 at 7:50 AM

      //..භාෂාව වෙනස් කිරීමෙන් ජාතිය වෙනස් වේ නම් අද බහුතරය ඉංග්‍රීසීන් ය...//

      දේශපාලන විද්‍යා සංකල්පයන් තුළ ජාතිය සහ ජාතිකත්වය කියලා සංකල්ප දෙකක් තිබෙන බව නොදන්නවා නම් කණගාටුයි.

      උදාහරණයක් විදිහට කිව්වොත් සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක් වුණත් එයාගේ ජාතිකත්වය වෙලා තියෙන්නේ ඉන්දියානු ජාතිකත්වය. ඒ කිව්වේ ඇය අඳින්නේ පළඳින්නේ, කතා කරන්නේ, කන්නේ බොන්නේ, පිළි පදින්නේ ඉන්දියානු ජාතිකයෙක් කරන දේවල්. ඒක තමා ජාතිකත්වය කියන්නේ.

      ඒ නිසා දෙයක් ගැන නොදැන කෑගහන්න එපා. කරුණු නිවැරදිව සොයා බලා කතා කරන්න කැමති නම් කෑ ගහන්න.

      //..තමන්ටම ගැලපෙන අධ්‍යාපනයකුත් තියෙන එකේ, මේ ජරාවල් හින්දි වලින් ලීවා නම් අපූරුයි....//

      ස්තුතියි ඔබේ යෝජනාවට. මම දැනට සිංහල යුනිකෝඩ්වලින් සිංහල බ්ලොග් එකක් ලියන්නේ. ඒ වගේමයි මගේ මව් බස සිංහල නිසාත් සිංහල බ්ලොග් කියවන්නන්ට ලියන නිසාත් මම සිංහල බ්ලොග් එකක් ලියනවා. හින්දි බසින් හින්දි කියවන්නට බ්ලොග් එකක් ලියන්න ඕනේ කියලා හිතුණොත් මම එහෙම ලියන්නම්. ඒත් දැනට මට මේක ප්‍රමාණවත්

      Delete
    7. //උදාහරණයක් විදිහට කිව්වොත් සෝනියා ගාන්ධි ඉතාලි ජාතික කාන්තාවක් වුණත් එයාගේ ජාතිකත්වය වෙලා තියෙන්නේ ඉන්දියානු ජාතිකත්වය. ඒ කිව්වේ ඇය අඳින්නේ පළඳින්නේ, කතා කරන්නේ, කන්නේ බොන්නේ, පිළි පදින්නේ ඉන්දියානු ජාතිකයෙක් කරන දේවල්. ඒක තමා ජාතිකත්වය කියන්නේ.//

      ඔය විදියට තමයි තමුසෙල සිංහල වුනත්. මම ඉතාලිකාරයෝ ගැන හොඳට දන්නවා. නොදන්න එවුන්ගෙ ගොන් කතා අහල හිනායනවා.

      Delete
    8. @ Anonymous One orig February 16, 2013 at 5:32 PM

      //..ඔය විදියට තමයි තමුසෙල සිංහල වුනත්...//

      අනුන්ගේ සිංහල වුණේ කොහොමද කියලා නිගමනවලට නම් හැටි නම් අපූරුයි :)

      //..මම ඉතාලිකාරයෝ ගැන හොඳට දන්නවා. නොදන්න එවුන්ගෙ ගොන් කතා අහල හිනායනවා....//

      යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ මේවාට තමා. මම ඉතාලිකාරයෝ ගැන විග්‍රහයක් කරන්න ගියේ නැහැ. මම ඒක ගත්තේ උදාහරණයකට.

      ඒකවත් ඔබට නොතේරෙන එක ගැන මම නම් හිනාවෙන්නේ නැහැ. මොකද අනුන්ගේ අඩුපාඩුවලට හිනාවෙන එක හොඳ දෙයක් කියලා මම නොහිතන නිසා

      Delete
  71. නොදකින් මූට හරි හමන් ජතකයක්වත් නැති එකෙක්

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 13, 2013 at 5:37 PM

      ඔබේ අදහස පැහැදිලි මදි :(

      Delete
    2. @ Anonymous February 13, 2013 at 5:37 PM,

      කියල වැඩක් නෑ. මේ කට්ටිය දිව්‍ය ඖෂධේ කියල ගව මුත්‍ර බීපු අය නේ. කතා කරන භාෂාව වෙනස් වූවාට ජාතිය වෙනස් වෙන්නේ නැහැනෙ. ඒ වුනාට කතාවෙන් පියාඹන්න හදනවා. දන්න ලබ්බක් නෑ. ගිරවා වගේ කොපි කරනවා, අලවනවා. පිනට වමාරන්න බ්ලොග් පහසුකමුත් තියෙනවා නෙ.

      Delete
    3. @ Anonymous One orig February 16, 2013 at 7:55 AM

      ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට ජය මඟුල් කියන්නේ මේවට තමා :P

      //..දන්න ලබ්බක් නෑ...//

      ලබ්බවල් ගැන නම් දන්නේ නැහැ. ඒ වගේමයි සියල්ල දත් කියලාත් මම කියලා නැහැනේ. ඒත් ඔබ නම් අදහස් දක්වන්නේ හැම ලබ්බම දන්නවා වගේ :D

      //...ගිරවා වගේ කොපි කරනවා, අලවනවා....//

      ගිරව් කවද්ද කොපි කරලා ඇලෙව්වේ ? වෙන ලෝකෙක ගිරවෙක් වෙන්න ඇති නේද :P

      //...පිනට වමාරන්න බ්ලොග් පහසුකමුත් තියෙනවා නෙ....//

      නොමිලේ වෙබ් පහසුකම් ලබාදෙන නිසා තමා ඉතින් ලියන්නේ. ඒක ඇත්ත. මුදල් ගෙවලා වෙබ් අඩවියක් කරන්න තරම් වත්කමක් නැහැ. කොහොම වෙතත් මට බනින ඔබත් පිනට වමාරන්න බ්ලොග් පහසුකම් තියෙන නිසා තමා මෙච්චර වමාරන්නේ :D

      Delete
    4. හසිත,

      මම තමුසෙට යමක් කියන්නයි මෙච්චර දුර ආවේ. අවුරුදු 4000කට පස්සෙත් තමුසෙලගෙ ජන්ම ගතිය වෙනස් වෙලා නෑ.

      තමුසෙ වගෙ බූරුවෙක් මගේ බ්ලොගේ ලිව්ව ඒවා මම දැක්කා. මම පිනට නොවෙයි සල්ලි දීලයි ලියන්න හැදුවේ. ඒත් මගේ නීතිරීති වලටයි.

      තමුසෙ අර දියසේන ගැන ලියපුව ගැන හිතෙන ඒවා කියන්න හිතෙනවා. මීට කලිනුත් තමුසෙ වගෙ එකෙක් මට හම්බවෙලා තියෙනවා. ඌ අනිත් පිරිවෙනේ. නම් වෙනස් වුනාට පන්සලේ උපස්ථායක කමට නම් අපූරුයි.

      //ඒත් වෙනස් දේ කියලා කියන කරුණු නිවැරදි ආකාරයකට තහවුරු කරන්නේ නැත්නම් ඒක හරියට ඔබ දැක්වූ උදාහරණයේ එන ගමේ ඉන්න සැබෑ උක්කුවා කියන පල්හෑලිවලට සමානයි.//

      තාමත් උඹලට සිංහල උන් ගැන කියන ඇත්ත පේන්නේ පල්හෑලි වගෙයි නේද? ටිකක් පරෙස්සම් වෙනවා. සිංහල උන්ට ඔච්චම් කිරීම නැවැත්වුවේ නැත්නම් කප්පරක් ගව මුත්‍ර දිව්‍යපානෙ බොන දවස ඈත නොවෙයි.

      Delete
    5. @ Anonymous One orig February 16, 2013 at 5:27 PM

      //...මම තමුසෙට යමක් කියන්නයි මෙච්චර දුර ආවේ...//

      ස්තුතියි මෙච්චර දුර ආවට. ඒත් මට හැඟෙන විදිහට තව දුර එන එක නිෂ්ඵලයි.

      //..අවුරුදු 4000කට පස්සෙත් තමුසෙලගෙ ජන්ම ගතිය වෙනස් වෙලා නෑ...//

      අවුරුදු 4000 ක් තිස්සේ ජන්ම ගති අධ්‍යයන කරලා වගේ :) අවුරුදු 4000 කට කලින් තිබුණේත් මේ වගේ කියලා හොයාගන්න ඔබ වුණු මහන්සිය අගය කරනවා.

      "තමුසෙලා" කියලා ඔබ අදහස් කරපු කුලකයේ මම හැරෙන්න තව කවුරු ඉන්නවද කියලා මම දන්නේ නැති නිසා අනිත් අය ගැන නම් කියන්න මම දන්නේ නැහැ. දැනට මේක තමා මගේ විදිහ. ඉදිරිය ගැන කියන්න දන්නේ නැති නිසා ඉදිරියට වෙනස් වේවිද කියලා කියන්න දන්නේ නැහැ

      //...තමුසෙ වගෙ බූරුවෙක් මගේ බ්ලොගේ ලිව්ව ඒවා මම දැක්කා....//

      ප්‍රශ්න කිරීම කරනවා නම් අගය කරනවා කියන මනුස්සයාද මේ කමෙන්ට් කරන්නේ කියලා මට සැකයි. ඔබ ඉදිරිපත් කරපු දේවල් ගැන මට තිබුණු ප්‍රශ්න ඉදිරිපත් කළාම ඒවාට ඔබ දීපු උත්තර අමතකද ? ඉතින් ඒ නිසා වලිගේ පෑගුණාම සතෙක් කෑ ගහන විදිහට කෑ ගහන එක නවත්තගන්න. සංවරව කතා කරන්න. ෂාහ් නියම පෝස්ට් එක වගේ කමෙන්ට්වලට නම් ඔබ ආසා කරන්නේ ඒ ගැන කණගාටුයි මට ගැටලුවක් තියෙන පෝස්ට්වලට මම එහෙම ලියන්නේ නැහැ. මට තියෙන ගැටලුව කියනවා ඇරෙන්න.

      //..මම පිනට නොවෙයි සල්ලි දීලයි ලියන්න හැදුවේ. ඒත් මගේ නීතිරීති වලටයි....//

      ඔබ සල්ලිවලටද ලියන්නේ පිනටද ලියන්නේ, තමන්ගේ නීතිරීතිවලට අනුවද ලියන්නේ කියන එක මට ගැටලුවක් නෙමේ වගේම ඒක මට අදාළත්වයකුත් නැහැ. මම ඒක කිව්වේ මොකක් නිසාද කියන එක ඉහත ප්‍රතිචාරයෙන් නැවත වරක් හොඳින් කියවා අවබෝධ කරගන්න.

      //..තමුසෙ අර දියසේන ගැන ලියපුව ගැන හිතෙන ඒවා කියන්න හිතෙනවා....//

      ගැටලුවක් නැහැ කියන්න. මොකද මේ දක්වා මේ බ්ලොග් එකේ අසභ්‍ය වචන කීපයක් කියපු කෙනෙක්ගේ ප්‍රතිචාරයක් හැරෙන්න අනික් කිසිම ප්‍රතිචාරයක් ඉවත් කරලා හෝ වාරණයකට ලක් කරලා නැහැ.

      //...මීට කලිනුත් තමුසෙ වගෙ එකෙක් මට හම්බවෙලා තියෙනවා. ඌ අනිත් පිරිවෙනේ. නම් වෙනස් වුනාට පන්සලේ උපස්ථායක කමට නම් අපූරුයි...//

      අනිත් කෙනෙක් ගැන මට අදාළ නැහැ. ඒත් මේ පන්සල්වල උපස්ථායකකමට කට්ටිය යෝජනා කරන්න ඔබට හරි උනන්දුවක් තියෙන හැඩයි

      //...තාමත් උඹලට සිංහල උන් ගැන කියන ඇත්ත පේන්නේ පල්හෑලි වගෙයි නේද?...//

      ඔබ කියාගෙන යනවා. ඒවා ගැන ප්‍රශ්න අහන්න බැහැ. ප්‍රශ්න නැතුව පිළිගන්න ඕනේ. ඒවාට "පල්හෑලි" කියන නම ගැලපෙන්නේ නැත්නම් වෙන නමක් ඔබම යෝජනා කරන්න. එහෙමත් නැත්නම් ඔබ ඉදිරිපත් කරන ආකාරයේ වෙනසක් සිදු කරන්න.

      [මගෙන් ඔබට ගැටලු නැගෙන්නේ නැහැ. ඔබේ බ්ලොග් අඩවියේ තිබුණු පෝස්ට් එකකට මම ප්‍රශ්න වගයක් යොමු කළාම ඔබ දක්වපු //..ඔබ, ලෝකයේ දැනුමෙන් ඉහලම තළයට ගියාම, මම කවුද කියල තේරුම් ගනීවි. මම කියන ඒවා මීට කලින් නොදත් ඒවා. මම අභියෝග කරන්නේ තමන්ගෙ ක්ෂේත්‍රයේ මුදුනට ගියා යයි සිතන අයට...//

      ප්‍රතිචාරයට මම //..එසේ නම් මේ බ්ලොග් අඩවිය මම කියවන අවසන් වතාව මේක විය යුතුයි. මගේ ක්ෂේත්‍රයේ මුදුනට මම ගියා කියලා මම හිතන දවසට මම නැවත එන්නම් මේ සංවාදයට. එතෙක් ආයුබෝවන්...// මේ ප්‍රතිචාරය එකතු කරපු නිසා. ඒත් ඔබ මගේ බ්ලොග් අඩවියට එකතු කරන ප්‍රතිචාර සම්බන්ධව මට ගැටලුවක් තිබෙනවා නම් මම ඔබට ප්‍රශ්න යොමු කරනවා. ඒකට පිළිතුරු දීම හෝ මේ විදිහට ප්‍රතිචාර සැපයීම ඔබගේ කැමැත්තක්]

      //..ටිකක් පරෙස්සම් වෙනවා. සිංහල උන්ට ඔච්චම් කිරීම නැවැත්වුවේ නැත්නම් කප්පරක් ගව මුත්‍ර දිව්‍යපානෙ බොන දවස ඈත නොවෙයි...//

      මම දැනුවත්ව සිංහලයන්ට ඔච්චම් කළේ නැහැ. එහෙම වුණා නම් ඒ ගැන මගේ කණගාටුව. ඒත් මම ඔබට අවධාරණය කරනවා මෙතන "තර්ජනය කිරීම්, බිය වැද්දීම් කරන්න වගේම ප්‍රචණ්ඩත්වයක්" ඇති කරන්න ලෑස්ති වෙන්න එපා කියලා.

      මොකද බ්ලොග් ත්‍රස්තවාදයක් අවශ්‍ය නැහැ. තේරුණාද ?

      ඒ වගේමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ බ්ලොග් එක පොර පිටියක් කරගන්න මට අවශ්‍ය නැති නිසා මින් ඉදිරියට ඔබ මේ වගේ ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාර සපයනවා නම් ඒවාට මම පිළිතුරු බඳින්නේ නැහැ කියන එක.

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................