Sunday, December 30, 2012

අපේ රජවරු බයියන් කාපු හැටි


ජාතික රූපවාහිනියේ මේ දවස්වල විකාශනය වෙන සුජාත දියණි කියන කොරියානු නාට්‍යයේ පෙන්වන්නේ කොරියාවේ රජ කෙනෙක්ගේ රජ වාසළ මුළුතැන්ගෙයි පාලිකාවරියක්ගේ කතාවක්. මේ කතාව බලන උදවිය නම් දන්නවා ඇති මේ මුළුතැන්ගෙයි පාලිකාවන්ගේ වැඩේ රජතුමා, මව් බිසව සහ අග බිසවට විවිධාකාරයේ කෑම වර්ගය හදන එක කියලා. ඒ වගේමයි තානාපතිවරු ආපුවත් මෙයාල පෝෂණ ගුණය තියෙන ඒ වගේමයි රසවත් කෑම පිළියෙල කරන්න ඕනේ.

කොහොම නමුත් මේ නාට්‍යය බලන සමහර උදවිය නම් කරන්නේ මේ නාට්‍යයේ කෑම හදන එකයි, ආහාර තරඟ පවත්වන එකයි, රජ්ජුරුවෝ කන එකයි ඇරෙන්න වෙන මොනවද පෙන්නන්නේ කියලා.

මේ නාට්‍යයේ හදන එක එක ජාතියේ කෑම වර්ග දැකලා අපේ අයත් ඉස්සරහට බීමත් ඉස්සෝ වෑංජනය, කැස්බෑ සුප්, එළවළු කීටයෝ, සූකර මාංශ වගේ එක එක කොරියන් කෑම හදන්න පටන් ගත්තොත් පුදුමයක් නෙමේ කියලා තමා හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරියක් කිව්වේ.

ඉතින් කොරියාවේ රජවරු කෑවේ බිව්ව හැටි ගැන අපිට මේ නාට්‍යයෙන් හොඳ අවබෝධයක් ලැබුණත් අපි අපේ දේ ගැනත් වැටහීමෙන් ඉන්න ඕනේ නිසා අපේ රටේ රජවරු කෑවේ බිව්වේ කොහොමද කියලා අද ආගිය කතාවෙන් කියන්න ඕනේ කියලා තමා කල්පනා කළේ.

ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස්

අවුරුදු 19 ක් පමණ කාලයක් උඩරට රාජධානියේ II වෙනි රාජසිංහ රජතුමාගේ හිරකාරයෙක් විදිහට හිටිය ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියපු කෘතියේ රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැන කියලා තියෙනවා. ඩේවිඩ් කරුණාරත්න මහත්මයා එදා හෙළදිව කියලා සිංහලයට පරිවර්තනය කරපු ඒ පොතෙන් තමා මේ උපුටා ගැනීම කරලා තියෙන්නේ.

"..මේ රජ්ජුරුවෝ භෝජනයෙහි පමණ දනිති. කාම රසාස්වාදයෙහි දු පමණ දනිත්මය. රජුගේ රාජකීය වතු පිටිවලින් මහ වාසලේ පරිභෝගය සඳහා අසීමිත ආහාර වර්ග හා පළතුරු ආදිය ලැබෙතත්, රජතුමා විශේෂ ප්‍රීතියෙන් අනුභව කරන්නේ පලා කොළ වර්ග හා පලතුරු වර්ගය. ඒවා පවා අනුභව කරන්නේ දවසකට එක් වරකි. රජතුමා වෙත ගෙන එනු ලබන කවර දැයක් වුවද සුදකින් වසා ගෞරවපූර්වකව ගෙන ආ යුතුය. මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.

මෙලෙස දළදාවට දන් රැගෙන යන්නා සේම අතීතයේ රජුටද භෝජන ගෙන එන්නට ඇත

රජු භෝජනයද ගන්නේද විධිමත් ලෙසිනි. සුදු පාට පිළියෙන් වසන ලද මේසය, ඉදිරිපිට තබන ලද කුඩා පුටුවක හෙතෙම අසුන් ගන්නේය. නිල්වන් කෙසෙල් පතක් එලූ රත් රන් භාජනයක් මේසය මත වෙයි. රජු අහර වළඳන්නේ මේ කණමය භාජනයෙහිය. මේ මේසය මත, නොයෙක් ආහාර විශේෂවලින් පිරී ගිය තැටි තිස් හතළිස් ගණනක් වෙයි. රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. අහර උදවු කරන අවදියෙහි මේ බත් වඩන නිලමේද මුවෙහි මුඛවාඩම් බැඳගෙන සිටින්නේය....."

මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්.

"..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

"... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

II වෙනි රාජසිංහ රජතුමා

නොක්ස් කියන විදිහට උඩරට රජතුමාගේ රජ වාසළ මුළුතැන්ගෙයි සම්පූර්ණයෙන් සේවය කරලා තියෙන්නේ හොඳ පෙනුමක් තිබුණු කාන්තාවෝ. මුළුතැන්ගෙයි සේවයට කාන්තාවෝ බඳවාගන්න එක කාලෙකට රජතුමා අණ බෙරයක් පිටත් කරනවා. එතකොට රූමත්, තරුණ අස්වාමික වේවා සස්වාමික වේවා කාන්තාවක් මුළුතැන්ගෙයි රාජකාරියට තෝර ගත්තොත් ජීවිතාන්තය දක්වාම ඒ සේවයේ යෙදෙන්න ඕනේ. නොක්ස් උඩරට ජීවත් වූ කාලයේදී රූමත් පෘතුගීසි ජාතික කාන්තාවෝ කීප දෙනෙකුත් රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදිලා තිබෙනවා.

ජීවිතාන්තය දක්වාම රාජකීය මුළුතැන්ගෙයි සේවයේ යෙදෙන්න ඕනේ නිසා සමහර කාන්තාවන් සේවයෙන් පලා ගියොත් ඊට දඬුවම වශයෙන් දියේ ගිල්ලලා මරා දැමීම රජතුමා සිදු කරලා තිබෙනවා. එහෙමත් නැත්නම් සිරගත කිරීමත් සිදු කරලා තිබෙනවා.

මේ රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් වාසය කරලා තියෙන්නේ මහනුවර නගරය සහ ඒ ආසන්නයේ තිබුණු ගම්වල. ඒ ගම්වලට රාජකීය අවසරයක් නැතුව කාටවත් ඇතුල්වීම තහනම් කරලා තිබුණා. ඒත් කිසියම් වහලෙක් මේ ගම්මානයකට පලා ආවොත් ඔහුව නිදහස හිමිවීම ඒ කාලයේ සම්ප්‍රදායක් වෙලා තිබෙනවා.


නොක්ස්ගේ විමර්ශණයෙන් මග හැරුණු උඩරට රජුන්ගේ ආහාර සිරිත් කීපයක් පිළිබඳව මහාචාර්ය රැල්ෆ් පීරිස්ගේ සිංහල සමාජ සංවිධානය-මහනුවර යුගය කෘතියේ දක්වන විදිහට රජතුමා ආහාර ගන්නා ශාලාව හඳුන්වලා තියෙන්නේ "පාක ශාලාව" කියන නමින්.

ඒකේ ප්‍රධානියා වෙන බත්වඩන නිලමේ යටතේ මඩප්පුරාළ නමින් හැඳින්වුණු නිලධාරීන් දෙදෙනා සේවය කරලා තිබෙනවා. මඩප්පුරාළගේ රාජකාරිය වෙලා තියෙන්නේ රාජකීය මුළුතැන්ගෙයි සකස් කරපු රාජ භෝජනය පාක ශාලාවට ගෙනල්ලා රජතුමාගේ කෑම මේසය සකස් කරන එක. මඩප්පුරාළලාගේ රාජකාරියට රාජකීය මුළුතැන්ගෙයි පිහනරාළලා විදිහට හිටිය අයගේත් සහය ලැබිලා තියෙනවා.

උඩරට රාජධානියේ අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කාපු බීපු හැටි ගැනත් විස්තර අපට හමුවෙනවා. 1815 පෙබරවාරි 18 වෙනිදා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවසේදී ඉංග්‍රීසින්ගේ අත් අඩංගුවට පත් වුණු රජතුමාව 1816 ජනවාරි 25 වෙනිදා ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කෙරෙනවා.

කොළඹ වාසය කරන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා

වෙල්ලෝර් කොටුවේ පිටත් කෙරෙනකම් කොළඹ ගාලු මුවදොර ආසන්නයේ තිබුණු මන්දිරයක හිටපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා තමන්ට එක් වේලකට ලැබෙන හාල් සේරු 8 ප්‍රමාණවත් නොවන නිසා ඒක හාල් සේරු 12 දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරපු බව ජෝන් ඩොයිලි දක්වනවා. හිතලා බලන්නකෝ එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද

උඩරට රාජධානි සමයේ තිබුනු රජතුමාගේ ආහාර ගන්න චාරිත්‍ර කුරුණෑගල යුගයේදී විතර ඇතිවෙන්න ඇති කියලා අනුමාන කරන්න පුලුවන්. එහෙම අනුමානයකට එන්න පාදක කරගන්නේ කුරුණෑගල යුගයේදි දෙව්රද දම් පසඟිනාවන් විසින් රචනා කරපු දළදා සිරිත කියන ග්‍රන්ථයේ තිබෙන කරුණු කාරණා.

අතීතයේ ඉදන්ම ලාංකීය රජවරුන්ට තමන්ට ලැබුණු ගරු සත්කාරවල ආකාරයටම දළදා වහන්සේටත් පුද සත්කාර කරන්න හුරු වෙලා හිටිය නිසා දළදා සිරිතේ දැක්වෙන විදිහට දළදාවට දානය සකස් කරද්දී අරක්කැමියන් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් පිළිගැන්වීමේදීත් මුකවාඩම් බැඳගෙන සිටිය යුතු බවත් ආදී කරුණු තිබීම නිසා ඒ කාලේත් රජවරුන් උදෙසා ඒ වගේ චාරිත කෙරෙන්න ඇති කියලා හිතන්න පුලුවන්.
උඩරට කාලෙට කලින් හිටිය රජවරු කාපු බීපු හැටි ගැන තොරතුරු ටිකකුත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.
දුටුගැමුණු රජතුමා

දුටුගැමුණු රජතුමා කාපු බීපු හැටි ගැන කතා කීපයක්ම මහාවංසයේ තියෙන නිසා ඒ කතා කීපයක් කියන්නම්. දුටුගැමුණු සද්ධාතිස්ස දෙසොයුරන්ට තාත්තා වුණු කාවන්තිස්ස රජතුමා බත් පිඬු කවපු කතාව අහලා තියෙනවානේ. ඒ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඉඳුල් කරපු කිරිබත් රත්තරන් භාජනයකට දමලා ඒකෙන් කිරිබත් පිඬ බැගින් රත්තරන් තැටියකට දමලා තමා දරුවන්ට කවන්න කාවන්තිස්ස රජතුමා අරගෙන තියෙන්නේ.

ඊළඟට පියාගේ මරණයෙන් පස්සේ සද්ධාතිස්ස කුමාරයා කඬොල් ඇතාවයි විහාරමහාදේවියවයි දීඝවාපියට අරගෙන ගිය නිසා ඒකට විරුද්ධව දුටුගැමුණු රජතුමා සටනට පිටත් වුණු අවස්ථාවේදී මුල් වටයේ යුද්ධයෙන් දුටුගැමුණු රජතුමා පරාජයට පත්වෙනවා. ඒ අවස්ථාවේ පලා යද්දී දුටුගැමුණු රජතුමාට බඩගිනි වුණු අවස්ථාවේදී රජතුමා එක්ක හිටිය තිස්ස කියන ඇමතියා රන් තළියකට දමලා සළුවකින් ආවරණය කරලා තිබුණු බත් රජතුමාට පිළිගන්වනවා.

ළදරු කාලේ ඉදන්ම තමන් කන්න කලින් භික්ෂූන්ට අග්‍ර කොටස පුදලා අනුභව කරන්න රජතුමා පුරුදු වෙලා හිටිය නිසා තිස්ස ඇමතියාගේ කාල ඝෝෂණයෙන් එතැනට භික්ෂූන් වහන්සේලා වැඩම කරවනවා. රජතුමා තමන්ගේ බත් කොටසත් තිස්ස ඇමතිගේ සහ දීඝථූණිකා වෙළඹගේ බත් කොටසුත් ඔවුන්ගේ කැමැත්තෙන් රජතුමා විසින් භික්ෂූන්ට පූජා කරනවා.

මිරිසවැටිය දාගැබ

පසු කාලෙක රජතුමා භික්ෂූන්ට නොපිළිගන්වා අනුභව කරපු මිරිස් වෑංජනයක් ගැන සිහිපත් වෙලා තමන්ගේ ජය කොන්තය තැන්පත් කරලා මිරිසවැටිය දාගැබ සකස් කරනවා.

මේ කතා කීපය ඇරෙන්න මුල් යුගයේ හිටපු රජවරු කාපු බීපු හැටි ගැන නම් මට මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මහානාග යුව රජතුමාගේ අඹ කෑමේ ආශාවත්, සංඝතිස්ස රජතුමාගේ ජම්බු කෑමේ ආශාවත් වුණු හුටපට වගේම මහසෙන් රජතුමා මහා විහාරය විනාශ කරපු නිසා රජතුමා එක්ක යුද්ධයට ආපු මේඝවර්ණාභය ඇමති ඔහුට මලය දේශයෙන් ලැබුණු මිහිරි පානයක් සහ මාංශයක් රජතුමා එක්ක බෙදාගන්න ගිය කතාවත්, මහා විජයබාහු රජතුමා කැළයේ සැඟවෙලා හිටිය කාලේ කන්න කෑම ලබාගත්තු හැටි ගැන කියන කතාවත් ඕනේ නම් රජවරු කාපු බීපු හැටි කියලා ගන්න පුලුවන් වුණත් ඒක එච්චරම සෙට් වෙන්නේ නැහැ කියලයි මගේ අදහස.

මේ කතා ඇරෙන්න වෙන කතාවක් මතක් වුණොත් ඒක ඉස්සරහට කියන්නම්කෝ.

විශේෂ ස්තුතිය සරසවියේදී හොඳ හිතවතෙක් වුණු රුසිරු අයියාට. දවසක් මුහුණු පොතේ ගිය සංවාදෙකදී ලංකාවේ රජවරු කාපු බීපු හැටි ගැන ලියන්න කියලා යෝජනාව කළේ එයා තමා.  

මේ සටහන 2012 අවුරුද්දට ලියන අන්තිම සටහන නිසා මේ ගමන්ම උදාවෙන 2013 වසර සියලු දෙනාටම යහපත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 

142 comments:

  1. බලද්දි චංගුමීල කැලේ. . .
    වටිනා ලිපියක් හසිත ...
    කාලෝචිතයි... :-D

    ReplyDelete
    Replies
    1. @ Sampath

      චංගුමීලා කැලේදත් කියලා අහනවා :D

      Delete
  2. දිගටම ලියන්න. සුබ නව වසරක් වේවා ...

    ReplyDelete
    Replies
    1. @ Anonymous December 30, 2012 7:36 AM

      ඔබටත් එසේම වේවා. ස්තුතියි දිරි ගැන්වීමට.

      Delete
  3. නියම ලිපියක් හසිතයියේ...

    යහපත් නව වසරක් !

    ReplyDelete
    Replies
    1. @ වකා - WAKA

      එසේම වේවා, ස්තුතියි අගය කළාට

      Delete
  4. ඉදිරි වසරේත් හොද දේවල් ලියන්න ශක්තිය ධෛර්ය වෙලාව කලාව ලැබේවා

    ReplyDelete
  5. අනගි පෝස්ටුවක් මලයා. අදත් දළදා පූජාවට කැම හැදෙන්නේ රාජ භෝජනය අනුවම තමා.ඔබට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. @ Naleen Dilruksha

      ඔව් ඔව් උඩරට රජවරුන් නියම කරපු විදිහට තවමත් දළදා මාළිගාවේ රාජකීය බුද්ධ පූජාව සකස් වෙනවා. ඒ විතරක් නෙමේ රජ මාළිගාවේ ක්‍රියා පටිපාටිවලට හිටිය නිලධාරීන් ඒ විදිහට දළදා මාළිගාවේත් හිටියා විතරක් නෙමේ රජතුමාට හිටිය රාජකීය කවිකාර මණ්ඩපය ඒ වගේමයි ආලත්ති අම්මලා වගේ නිලධාරීනුත් "දළදාවේ ගුණ වරුණ" කියන්න පත් කරලා තියෙන්නේ. ඒ චාරිත්‍රත් තවමත් අඛණ්ඩව වෙනවා.

      Delete
  6. මුලින් එකතු කරන්න අතපසු වුණු කරුණු කීපයක් දැන් එකතු කළා ඕන්....

    මේත් රජතුමාගේ ආහාර ගැනීමත් එක්ක සම්බන්ධ වෙන නොක්ස් දක්වන කරුණු කීපයක්.

    "..රටෙහි කිසියම් ප්‍රදේශයක විශේෂ වැදගත්කමින් යුත් යම් පලතුරු වර්ගයක් වුවහොත් රටේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන මහ රජ්ජුරුවන්ගේ නිලධාරීහු පැමිණ, එම වෘක්ෂ වටා ලණු බැඳ ඒ ලණු කෙළවරෙහි ගැට තුනක් ගසති. මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. මෙසේ තහනම් කරන ලද ගස්වල පලතුරු පැසුණු විට, ඒවා නෙළා කද බැඳ සුදු පිළියෙන් ඔතා පළාතේ දිසාවේ තැන වෙත ගෙන යා යුතු වන්නේය. මේ දිසාවේ තැන විසින් පලතුරු පරීක්ෂා කර බලා නොකැළල් වූ පලුදු නොවූ ගෙඩි තෝරා ඒවා නැවත වරක් සුදු පිළියෙන් ඔතා රජ මාලිගාව වෙත යවන්නේය...."

    "... කීප වර්ගයක අඹද ලංකාවේ ඇත්තේය. ඇතැම් අඹ වර්ග ඉතා මිහිරිය. රජතුමා මේ අඹ බුදීමෙහි අතිශයින්ම ප්‍රිය වූයේ රටේ නොයෙක් පළාත්වලින් අඹ ගෙන්වා ගන්නේය..."

    ReplyDelete
  7. තවමත් දළදා වහන්සේ වෙනුවෙන් වෑංජන 42 සූදානම් වෙනවා... රජ්ජුරැවො කවදාවත් මේ ඔක්කොම දාගෙන කෑවෙ නැහැ...හීනැටි හාලෙ බත් හැන්දක් එක්ක වම්බටු හැන්දක්.. ඊට පස්සෙ ඒකෙන් කටක් කාලා...ඒක අයින් කරනවා..ආයෙ අත සෝදනවා..ආයෙ අලුත් තැටියකට දුන්තෙල් බත් හැන්දක් එක්ක මස් කෑල්ලක්.. එතනිනුත් කටක් කාලා ඒක අයින් කරනවා...ආයෙ අත සමන් පිච්ච මල් දාලා තිබ්බ වතුරෙන් හෝදනවා..ඒ වගේම රජ්ජුරැවෝ කෑම කන්න කලින් දුක්ගන්නා රාල කෑම සියල්ලම කනවා.. කාලා පැය දෙකක් ගියාට පස්සෙයි රජ්ජුරැවන්ට කන්න සුදුසුයි කියල බත්වඩන රාල කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙන්නෙ ඔය විදිහට වෙන වෙනම කන කතාව තමයි..

      Delete
    2. @ මනෝරම

      //...තවමත් දළදා වහන්සේ වෙනුවෙන් වෑංජන 42 සූදානම් වෙනවා...//

      ව්‍යංජන 32 ක් නේද අයියා.

      //..රජ්ජුරැවො කවදාවත් මේ ඔක්කොම දාගෙන කෑවෙ නැහැ...හීනැටි හාලෙ බත් හැන්දක් එක්ක වම්බටු හැන්දක්.. ඊට පස්සෙ ඒකෙන් කටක් කාලා...ඒක අයින් කරනවා..//

      රජුගේ ආහාර මේසයෙහි සේවයේ නියුතු බත් වඩන නිලම තෙමේ, ආහාර තැටිවලින් රජු කැමති දෙයක් සැන්දෙන් ගෙන රජුගේ රන් බඳුනට බෙදයි. මමත් මෙහෙම තමා කියලා තියෙන්නේ අයියා. ඒත් ටිකක් පැහැදිලි නැති ගතියක් තියෙනවා වගේ නේද ?

      //...ඒ වගේම රජ්ජුරැවෝ කෑම කන්න කලින් දුක්ගන්නා රාල කෑම සියල්ලම කනවා...//

      දුක්ගන්නා රාළලා කියන්නේ රජතුමා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්න බැඳිලා ඉන්න අය. 1664 කැරැල්ල වෙලාවේදී දෙවන රාජසිංහ රජතුමා වෙනුවෙන් සිරි යහනේ සැතපිලා මැරුම් කෑවේත් අලුවිහාරේ වනිගසේකර මුදියන්සේ කියන දුක්ගන්නා රාළ

      Delete
    3. මාත් කියන්න ආවේ ඔය මනොරම කියලා තියෙන කතාව තමා.. අපි වගේ අච්චාරු කරගෙන කාලා නෑ... හි හි

      Delete
  8. අපිත් කන බොන මිනිස්සු :)

    1. සූකර මාංශ කියන්නේ ඌරු මස්නෙ. ඕක අමුතුවෙන් උයන්න පුරුදු වෙන්න ඕනයැ..

    2. රාජකීය මුළුතැන්ගෙයි කාන්තාවන් විදිහට රූමත් අයව තෝරාගෙන ජීවිත කාලයේම තියාගත්තා කියන්නෙ ඒගොල්ලන්ව අන්තපුරය විදිහටත් පාවිච්චි කරාද? අනික කෑම හදන්න ගන්න ඕනේ හොඳට උයන්න දන්න අය මිසක් රූමත් අය නෙමේනෙ.

    3."එක වේලකට හාල් සේරු 12 ක් කනවා කිව්වාම සෙල්ලම්ද" ඒ සේරුව කියන්නේ අපි දැන් දකින සේරුවමද?

    4. උඩරට රජ්ජුරුවෝ කන හැටි මම කලින් අහලා තිබ්බෙ මෙහෙමයි.

    රජතුමාට වේලකට ව්‍ය්ංජන 32ක් එක්කලු බත් කන්නෙ. එක බත් පිඩක් පිඟානට අරන් එක හොද්දක් දාගෙන ඒක කනවලු. ඊළඟට තව බත් පිඩක් බෙදාගෙන ඒකට වෙන හොද්දක් දාගෙන කනවලු. ඔය විදිහට බත් කටවල් 32ක් කනවලු.

    5.ජය කොන්තය??

    6. Happy New Year 2012 + 1

    ReplyDelete
    Replies
    1. @ හරී

      බොන ??? :P

      1. අයියා සුජාත දියණි බලන්නේ නැහැ වගේ. රජතුමාට සූකර මාංශ කන්න දීලා සූකර මාංශ කිව්වාම එයා පුදුම වෙනවා. ඌරු මස්වල තියෙන තද ගතිය මේකේ නැහැ කියලා රජතුමා කියනවා. මෘදුවට හදන අලුත් සිස්ටම් එකක් එයාලා දන්නවා :D

      2. කෑම හදන්න නම් උයන්න දන්න අය ඉන්න ඕනේ බව හැබෑව. ඒත් ඉතින් ලස්සන කෙනෙක් උයද්දී තියෙන ප්‍රියමනාප බව නිසා වෙන්න ඇති මෙහෙම දෙයක් වෙන්න ඇත්තේ. බලන්නකෝ සුජාත දියණි නාට්‍යයේත් ඉන්න මුළුතැන්ගෙයි පාලිකාවෝත් ඔක්කොම ලස්සන අය තමා :P

      3. සේරු වගේ මිනුම් ක්‍රම හඳුන්වා දුන්නේත් ඒ කාලවලදීනේ. ඒ නිසා දැන් කාලේ තියෙන සේරුවම වෙන්න ඕනේ. රජතුමාට සේරු 12 ක් හැදුවට 12 ම කෑවේ නැති වෙන්නත් පුලුවන්. ඒත් හදනවා වෙන්න ඇති

      4. ඔව් ඔව් ඒක තමා විදිහ. මම ඒකට අකාල සන්ධ්‍යා නාට්‍යයේ සෙනරත් රජතුමා කන විදිහ පෙන්වන වීඩියෝ ක්ලිප් එකක් එකතු කරන්න බැලුවත් අන්තර්ජාලයේ කිසිම තැනක දැන් අකාල සන්ධ්‍යා නාට්‍යය හොයාගන්න තිබ්බේ නැහැ.

      5. ජය කොන්තය කියන්නේ රජතුමා පාවිච්චි කරපු හෙල්ල. දුටුගැමුණු රජතුමාගේ හෙල්ලේ සර්වඥ ධාතූන් වහන්සේලා පවා තැන්පත් කරලා තිබුණු බව තමා කියවෙන්නේ.

      6. wish u d same :)

      Delete
    2. ඇයි හසිත බොන්නෙ නැද්ද?

      1. සුජාත දියණි?? ඒක නම් නියම නාට්‍යයක්.. විශිෂ්ඨයි.. හැබැයි මේ ලෝකෙ වෙන නාට්‍යය තිබුනේ නැත්නම්..

      ඌරුමස් තදද?

      2. "බලන්නකෝ සුජාත දියණි නාට්‍යයේත් ඉන්න මුළුතැන්ගෙයි පාලිකාවෝත් ඔක්කොම ලස්සන අය තමා" ඒකනෙ ඔය සමහරු කෙළ හල හල බලන්නෙ.. :)

      මම දන්න තරමින් කාන්තාවන්ට වඩා විශිෂඨ පිරිමි කෝකි.

      Delete
    3. @ හරී

      මම බොනවා වතුර :P

      1. විශිෂ්ඨ බව නම් ඉතින් සාපේක්ෂයි නොවැ. ඌරුමස් තදද කියල දන්නේ නැහැ අයියා. මම මස් මාංශ කන්නේ නැහැනේ.

      2. ලස්සන දේට නම් කවුරුත් ආසයිනේ :D

      //..මම දන්න තරමින් කාන්තාවන්ට වඩා විශිෂඨ පිරිමි කෝකි...//

      ඇත්ත තමා අයියා. ටිබෙට් රටේ හිටිය ලාමා කෙනෙක් වෙන ලොබ්සෑං රැම්පා ලියපු ස්වයං චරිතාපදානයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. [දිබ්බ චක්ඛු නමින් පොත සිංහලයට පෙරළන්නේ සිරිල් සී. පෙරේරා]

      "...... අපේ රටේ [ටිබෙට් රටේ] කෑම පිළියෙල කරන්නෝ පිරිමිය. ගැහැණු හොඳට සම්පා [ටිබෙට් රටේ ප්‍රධාන ආහාරය] හැඳිගෑමට හෝ නියම මිශ්‍රණය සෑදීමට නොදනිති. අරකෙන් ටිකක් හා මේකෙන් ටිකක් ගෙන ගුලියක් සාදා වැඩේ හරි යැතැයි ඔව්හු බලාපොරොත්තු වෙති. නමුත් පිරිමි ගෑණුන්ට වඩා දක්ෂයෝ වෙති. ඔව්හු ගෑණුන්ට වඩා මහන්සි වෙති. එහෙයින් පිරිමි ගෑණුන්ට වඩා හොඳට ආහාර පිසීමට සමත් වෙති. ගෑණු ධූලි පිස දැමීමට, ගේ දොර අතුපතු ගෑමට, කතා බහට සහ වෙනත් වැඩ කීපයකට සමත් වුවද සම්පා සෑදීමට සමත් නොවෙති......"

      Delete
    4. සුජාත දියණි එකේ එක තැනක කියනවා ඒ පාලිකාවන්ට විවාහ වෙන්න පුළුවන් රජ්ජුරුවෝ එක්ක විතරයි කියලා... එහෙම තමයි එතනින් ගැලවෙන්න තියෙන එකම මඟ... ඉතිං කෙල්ලෝ පොරකනවා කියලා එක වයසක පාලිකාවක් කියනවා එක තැනක.. චංගුමීගේ හොඳම යාලුවව එහෙම රජ්ජුරුවෝ බිසවක් කරගන්නවනේ..

      මම ඒ කතාවට ආස ඒකේ තියෙන කෑම හැදිල්ලයි චංගුමීගේ කටයි හින්දා.. ඇයි අප්පා.. පාඩම් කරනවා කියලා ඔහොමත් පාලම් කරන්න පුළුවන්ද... පිස්සු හැදෙනවනේ ඒ කරුණු දැක්විල්ලට... හි හි...

      පිරිමින්ගේ කෑම හැදිල්ල ගැන කියනවා නම් පිරිමි හොඳට කෑම හදනවා තමා... හැබැයි මාසෙක බඩු එක දවසට පාවිච්චි කරනවා... නමුත් ගෑණු අරපිරිමැස්මෙන් වැඩ කරනවා... ඒකයි ගෙවල් වල ගෑණු අය උයන්න පුරුදු වෙලා ඇත්තේ... ( මොකද ඉස්සර හිටපු පිරිමි අයටත් හොඳට උයන්න පුළුවන් වෙන්න ඇති... හේන් කොටන, පැල් රකින කාලවල උණත් තනියම උයා පිහාගෙන කන්න පුළුවන් වෙන්න එපැයි..)

      Delete
    5. @ හිරු

      නිකම්ම රජ්ජුරුවෝ එක්ක විවාහ වෙන්න බැහැ මුලින්ම. රජ්ජුරුවන්ගේ බල්ලාව හුරතල් කරන්න යන්න ඕනේ :D චංගුමීගේ යාළුවාව රජතුමා බිසවක් බවටද පත් කරගන්නේ එහෙමත් නැත්නම් විශේෂ පාලිකාවක් විදිහටද පත් කරන්නේ? මට මතක නැහැ හරියට ඒක නම්.

      ටිබෙට් රටට නම් අක්කා කිව්ව කරුණු දැක්වීම අදාළ කරගන්න බැරි පාටයි :D

      Delete
    6. මටත් ඇති වුනු හාල් සේරු 12 ප්‍රශ්නය හරී අහල තියන්නේ ඔය.. සමහර විට සහල් වර්ග කීපයකින් වෙන වෙනම උයනවා ද දන්නෙත් නෑ නේ.

      Delete
    7. @ Chandana

      ඔව් අයියා එහෙම වෙන්නත් පුලුවන්.

      Delete
    8. ගෙදර උයන්නෙ අම්මා. හෝටල් වල උයන්නෙ පිරිමි කෝකියෝ.
      අම්ම උයන කෑමද වඩා රස? හෝටලේ කෝකියා උයන කෑමද?
      සමහර විට හෝටලේ කෝකිය උයන කෑම වේලක් දෙකක් රස කර කර කයි. නමුත් අම්ම උයන කෑම වගේ හැමදාම කන්න පුලුවන්ද?
      ලොබ්සාං රම්පා භික්ෂුවක්. ඒ පොතේම කියනවනේ මිනිහට වැඩිය ගෑණු රුස්සන්නෙ නැති බව. ඒ නිසා ඔය කතාව පක්ෂග්‍රාහී කියලයි මට හිතෙන්නෙ.

      Delete
    9. @ පොත් ගුල්ලා

      මේ කතාව අපි කියවන්නේ අපේ ලාංකීය ආකල්පයෙන් නේද අයියා ? ලොබ්සෑං රැම්පාට ගෑණු රුස්සන්නේ නැති බව නම් ඇත්ත තමා. ඒත් මිනිහා මහණ වෙන්න කලින් එයාගේ අනාගතේ කියන උත්සවයේ කෑම සකස් කිරීමක් ගැන කියන්න ගිහින්නේ හොඳට කෑම හදන්නේ පිරිමි කියලා කියන්නේ

      Delete
    10. @හරී,හසිත,
      සේරුව කියන්නේ කිලෝ එක වගේ ජාත්‍යන්තර සම්මත මිනුමක් නොවන නිසා හසිත කියපු කතාවට මමත් එකඟයි..
      හරී ප්‍රශ්නෙ අහපුවාමම මට එකපාරට මතක් වුනේ ඒ දවස්වල මිල්ක්මේඩ් තියෙන්න නැතිව ඇතිනේ කියලා...හික්ස්...මොකද අපේ ගෙදර හාල් හුණ්ඩුව මනින්න ගන්නෙ මිල්ක් මෙඩ් ටින් එකක්..:D

      Delete
    11. @ රූ...,

      දැන් කඩවල සේරු නැහැනෙ.. සේරු නැති එකත් හොඳයි නැත්නම් කඩකාරයාගේ ඇඟිලිවලටත් අපි සල්ලි දෙන්න එපායැ..

      Delete
    12. @ රූ....

      අපේ ගෙදරත් තාම හුණ්ඩුවට පාවිච්චි කරන්නේ මිල්ක්මේඩ් ටින් එකක් තමා අක්කේ :)

      Delete
    13. ඔය සේරු දොලහ රජතුමාට සහ ආවතේව කාරයෝ ඔක්කොටම වෙන්ට ඇති. දැන් කාලේ කොල්ලන් පිඟන් වලට බෙදාගන්න බත් කඳු දැක්කාම එක අතකට සේරු දොලහ මොනවද කියලා හිතෙනවා.:)))

      හැබෑට සේරුවක හාල් කොච්චර විතර ඇතිද?:D

      Delete
    14. @හරී,

      පිරිමි කෝකියෝ දක්ෂ ඇති. ඒත් හිත් අදින ලස්සන රූ සපුවක් තියෙන්නේ ගෑනු කෝකින්ටලු.:D

      Delete
    15. @ Podi Kumarihami

      සේරු 12 ප්‍රශ්නේ එක්ක ආපු විසඳුම් තමා මේවා....

      1. රජතුමාට සේරු 12 ක් හදන එක සිරිතක්. රජතුමා සේරු 12 ම කෑවා නැතුවා වෙන්න පුලුවන්.
      2. ඒ කාලේ මිනිස්සුන්ගේ හැටියට රජතුමා සේරු 12 ම කෑවා වෙන්නත් පුලුවන්.
      3. ඒ කාලේ සේරුවකයි අද කාලේ සේරුවකයි අතර වෙනසක් තියෙන්න පුලුවන්

      Delete
  9. Replies
    1. @ Vathsala

      බොහොම ස්තුතියි අක්කේ :)

      Delete
  10. නියම විස්තර ටිකක් හසිත.

    ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. @ Praසන්ன

      එසේම වේවා අයියණ්ඩි :)

      Delete
  11. අද කෑම කතාව නම් හරිම වැදගත්. ඔය සුජාත දියණි ගෙදර ගිය වෙලාවේ අම්මා බල බල ඉන්නකොට මාත් ඇහැ දාලා බැලුවා. අර කිව්වත් වගේ සූකර සුප් එකක් හදනවා පෙන්නුවේ...

    අපේ රජවරුත් කෑමට රුසියො වගේ. එක වේලකට හාල් සේරු දොළහක බත් කියන්නෙ සෙල්ලමක්ද ? ඔය රජවරු කන්න කලින් දුක්ගන්නාරාලලා කාලා බලන කතාව නම් මමත් අහලා තියෙනවා. දැන් උන්ත ඒකේ වෙනසක් නෑ මගෙ හිතේ...

    අපූරු පෝස්ටුවක්... ලබන්නාවූ 2013 අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරිණු සුබම සුබ වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. @ ළිහිණි

      එසේම වේවා එසේවා වේවා :)

      අම්මා සුජාත දියණි බලද්දී ඇහැ දැම්මා කිව්වා ඔයා ඒක බලන්නේ නැද්ද ? සූකර සුප් එකක් නම් හැදුව බවක් මතක නැහැ. හැබැ‍යි කැස්බෑ සුප් නම් හැදුවා.

      හිතවතෙක් කිව්ව විදිහට දැන් වුණත් ජනාධිපතිතුමාගේ කෑම බීම ගැන ආරක්ෂක අංශ හුඟක් පරිස්සම් වෙන බව තමා කියන්නේ. ජනාධිපතිතුමා පිට තැන්වලින් කෑවා බිව්වා කිව්වාට ඒවා විශේෂ ආරක්ෂාව සහිතව ජනාධිපතිතුමාටම හදන කෑමලු. ඒවා ඒ ඒ අවස්ථාවලදී අදාළ තැන්වල තියෙන බව තමා එයා කිව්වේ.

      Delete
  12. Replies
    1. @ Sanjaya සිතුවිලි

      තැන්කු තැන්කු :D

      Delete
  13. දුටුගැමුණු රජතුමා මුල් වටේ යුද්දෙන් පැරදිලා පලා යද්දි බඩගිණි වෙලා පාරෙ අයි‍නෙ තිබුණ පැල්පතකට ගියාම පැල්පතේ හිටපු ආච්චි අම්මා කෙනෙක් උණු උණුවෙන් බත් දුන්නලු. රජතුමා ඒක උණු‍ නිසා හත් අට පොලකින්ම අත දාගෙන පිච්චි පිච්චි කන්න ගත්තලු. ආච්චි අම්මට මේ අකරතැබ්බ තේරිලා 'අනේ පුතේ, උඹත් කන්නෙ අපේ ගැමුණු රජතුමා යුද්ද කරනව වගේනෙව. පොඩියක් නිවෙන්න දීලා එක තැනකින් පටන්ගන්න' කියලා කිව්වලු. පස්සෙ ඔය ක්‍රමේ යුද්ධ උපක්‍රමයක් විධියටත් පාවිච්චි කලාලු.

    මේ කතාව තිබුණෙ මම හෙන පොඩි කාලෙ 'විජය' කියන ළමා පත්තරෙත් එක්ක දීපු පුංචි පොත් පිංචක.

    ReplyDelete
    Replies
    1. @ hare :-)

      මේ කතාව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා එක්ක සම්බන්ධ කතාවක් කියලාත් කියවෙනවා. වළගම්බා රජතුමා එක්කත් සම්බන්ධ කතාවක් කියලාත් කියනවා.

      Delete
    2. මට මතක විදියට නම් මේ සීතාවක් රාජසිංහ රජතුමා ගැන කියන කථාවක්. කියලා තියෙන්නෙ රජතුමා පරංගි එක්ක සටන් කරන්නෙත් ඔය විදියට කියලයි. ඊට පස්සෙ තමයි රජතුමා සේනා සංවිධානය කරලා හතරවටින් පහරදීලා කොළඹ කොටුවට පහර දුන්නෙ. පහර දීලා දවස් ගාණක් කොටුව වටලලා තිබුණා කාටවත් ගොඩබිමින් එන්න යන්න බැරිවෙන්න. බළල් මසුත් ගිනි ගනන් ගියා කියන්නේ ඒකාලේ තමයි. නමුත් ඊටපස්සෙ පරංගින්ට ගෝවෙන් ආධාරක සේනා ලැබුණට පස්සෙ රජතුමාට පසුබහින්න වුණා...

      ……මමත් සුජාත දියණි රසිකයෙක් තමයි... ඔන්න පෙබරවාරි විතර ඒක ඉවරවෙන්න නියමිතයි ලු... ඔෂීන් ටත් වඩා ජනප්‍රිය වුණා ද මන්දා...

      මලයටත් ලබන්නාවූ 2013 අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරිණු සුබම සුබ වසරක් වේවා !

      Delete
    3. අශෝක රජතුමා කාලිංග දේශය එක්ක යුධ වදිද්දිත් ඕක උනා කියල කියනවා, මට මතක හැටියට අශොක කියන හින්දි ෆිල්ම් එකෙත් ඕක තියෙනවා.[කොහොම උනත් කතාව ඇත්ත]

      Delete
    4. @ ලහිරු

      එසේම වේවා අයියා.

      රජවරු කීප දෙනෙක්ම පාවිච්චි කරපු හොඳ war strategy එකක් වගේ මේකත්.

      සුජාත දියණි බලන්න ටීවී බලන්නේ නැති අයත් එකතු වුණා නොවැ අයියා. පෙබරවාරිවල ඒක ඉවර වුණත් ඒ වගේම තවත් කතාවක් විකාශනය කරන්න නියමිතයි කියලා අතුල රන්සිරිලාල් මෑතක වැඩසටහනකදී කිව්වා. ඒකේ නම " jewel in the crown"

      Delete
    5. @ uwiniran

      අසෝක කතාවේ නම් එහෙම එකක් තිබුණාද කියලා නම් මට මතක නැහැ අයියා. එහෙම බලද්දී නම් මේක ජාත්‍යන්තර war strategy එකක් වගේ. සමහර විට මේක හැදුවේ කෞටිල්‍ය වෙන්නත් බැරි නැහැ

      Delete
    6. උණු බත් කතාව මමත් අහල තියෙන්නෙ දුටු ගැමුණු රජු සම්බන්ධව.

      Delete
    7. @ හසිත,

      jewel in the crown කියන්නෙ අසූ ගනන්වල මැද භාගයේ ජාතික රූපවාහිනියේ ගිය බො‍හොම අපූරු ඉංග්‍රීසි ටෙලි වෘතාන්තයක්.. යටත් විජිත ඉන්දියාවේ ජීවත්වන චරිත කීපයක් වටායි කතාව ගොඩනැගෙන්නේ.. මේ කියන්නේ ඒ කතාවමනම් ඒක බලන්න වටිනා බොහොම අපූරු කතාවක්..

      Delete
    8. @ Buratheno

      ඒ කතාව නෙමෙයි අයියා මේක. මේකත් කොරියන් නාට්‍යයක්. සුජාත දියණි ටෙලිනාට්‍යය වගේම රජ කාලේ කතාවක්.

      http://www.hancinema.net/korean_drama_Dong_Yi.php

      Delete
  14. Replies
    1. @ MilindaW

      අපි කියන කතා එහෙම තමා :)

      Delete
  15. ඔය චන්ගුමි කතාව මම නම් බලන්නේ නැත. හැබැයි අපේ ගෙදර අනිත් අය බලනවා....
    වෙනද වගේම අපුරු පොස්ටුවක්..... ඒ වගේම ලබන්නා වූ නව වසර සුභම සුභ එකක් වෙන්න කියල පතනවා!

    ReplyDelete
    Replies
    1. @ සමනළී

      එසේම වේවා. ඉදලා හිටලා හරි පොඩ්ඩක් සුජාත දියණි බලන්න :P

      Delete
  16. රජ කැමක්නෙ ඉතින්... සතුට පිරි ඉතිරෙන සුබ නව වසරක් හසිත අයියෙ>>..

    ReplyDelete
    Replies
    1. @ සචිත්

      එසේම වේවා. රජ්ජුරුවන්ගේ වැඩ වගේම කෑමත් රජ කෑමක් වෙන්න එපැයි මලයා :)

      Delete
  17. වෙනද වගේම කතාව හොඳයි, ඒත් අර පින්තූරේ මිරිසවැටියමද?

    ReplyDelete
    Replies
    1. @ uwiniran

      අන්තර්ජංජාලෙන් තමා පින්තූරේ ඉස්සුවේ. මිරිසවැටිය කියලා තමා තිබ්බේ. මම තව පාරක් බැලුවා මිරිසවැටියම තමා අයියා

      Delete
    2. හරි හරි මට පොඩ්ඩක් වැරදුනා, සමා වෙන්න

      Delete
    3. @ uwiniran

      අවුලක් නැහැ අයියා. අපි අපිනේ :)

      Delete
  18. මේකටත් මේ සුජාත දියණියක් ගාව ගෙන නේ!මම තාම මේක බලලා නෑ! ඉක්මනට බලන්න ඕනේ...
    අපේ අතීත රජ්ජුරුවෝන්ගේ ආහාර සිරිත් විරිත් ඉතා සභ්‍ය විදිහට සැකසිලා තිබිච්ච බවක් නම් පේනවා! හැබැයි ටිකක් විතර "මමයි රජා" න්‍යාය ක්‍රියාත්මක වෙලා තියනවා වගේ..

    ReplyDelete
    Replies
    1. @ නාඩියා නාඩිරත්න

      මේ දවස්වල සුජාත දියණි උන්මාදෙත් එක්ක ඒක ගෑවෙන්නේ නැත්තේ මොකටද ? කොටින්ම අලුත් අවුරුද්දට ක්ලාස්වලට ළමයි අද්දගන්න ගහන හෑන්ඩ්බිල්වලත් ඉන්නේ චංගුමී :P

      රාජකීය භෝජනය සකස් වෙන එක ඉතාමත සභ්‍ය වගේම පිරිසිදු විදිහට වෙලා තියෙනවා. අද දක්වාම දළදා මාළිගාවේ ඒ චාරිත්‍ර කරන නිසා අවශ්‍ය නම් සජීවීව ඒක දැකගන්නත් පුලුවන්. මමයි රජා න්‍යාය ඉතින් රජවරු කරන්න එපායැ :D

      Delete
  19. හැමදාමත් වගේ හසිතගෙන් වටින ලිපියක්...

    මට මේක කියවද්දි මතක් උනා ඩිස්කවරි එකේද කොහෙද ගියා කාලම මැරිච්ච රජකෙනෙක් ගැන.. නම රට මතක නෑ.. ඒකා කෑවෙ හරියටම ජිම් පප්පා කෑව වගේ.. මුළු දවසෙම කෑව එක කලේ

    ReplyDelete
    Replies
    1. @ Mee Godayaa

      අයියා ඔය කියන්නේ එංගලන්තේ හිටිය 8 වෙනි හෙන්රි රජතුමා ගැන වෙන්න ඕනේ. ඔය ඩිස්කවරි වැඩසටහන මාත් බැලුවා වගේ මතකයි....

      Delete
  20. අඩේ ඒවද කෑම... මේවනේ කෑම. :D
    අපේ රජවරු කෑමේදිත් ආදර්ශවත් ..

    ReplyDelete
    Replies
    1. @ Prabhath Darshana

      අපේ රජවරු හැම තිස්සේම ආදර්ශවත්නේ බන් :P

      Delete
  21. ටෙලිය නම් මං බලල නෑ. ඔන්න මගේ ටී වී බැලිල්ලේ තරම. :)

    හසිත මල්ලිටත් ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. @ Chandana

      එසේම වේවා අයියා. මේ ටෙලියේ විශේෂත්වය තමා ටීවී බලන්නේ නැති අයවත් මේ නාට්‍යය බලන්න එකතු කරගත්තු එක.

      Delete
  22. //මේ ගැට ගැසූ ඉක්බිති ගස හිමියාට වුවද එම ගසට අතක් නොතැබිය යුතුය. ඉදින් අත තැබුවහොත් මරණ දණ්ඩනය හෝ ඒ හා සමාන දණ්ඩනයකට හෝ පාත්‍ර විය යුතුය. //
    ඕක දැක්කම "මග දිගට ජනකතා" පොතේ තිබුන නුවර යුගයේ ජනකතාවක් මතක් උනා. කතාව බොහොම කෙටියෙන් මෙහෙමයි.(කතාව කියෙව්වෙ ගොඩාක් කලින්. ඒක නිසා පොඩි පොඩි වෙනස් කම් ඇති)

    රටේ රජතුමාට බොහොම රසට වරාකා හැදෙන කොස් ගහක් ගැන ආරංචියක් ආවලු. රජතුමාත් තමන්ගේ රාජපුරුෂයෝ යවලා වැඩේ ඇත්තද කියලා හොයල බලපුවාම වැඩේ ඇත්තලු. ඊට පස්සෙ රාජ පුරුෂයොත් ඔය කිව්වා වගේ කොස්ගහ වට කරලා ලනුවක් ඇදලා රාජනියෝගයක් පැනෙව්වලු. අනික් කොස් ගස් වල මුල ඉදලා අගටම ගෙටි ආවත්, මේ ගහේ ආවෙ එකම එක ගෙඩියලු.
    කොස් ගෙඩිය ඉදෙන කාලෙ ලංවෙනකොට කොස්ගහ වටේ පිටේටම පුදුම සුවදක්ලු. කොච්චර උවමනාව තිබුනත් රාජ නියෝගය නිසා කවුරුවත් කොස් ගෙඩියට අත තිබ්බෙ නෑලු. ඒත් ඉවසගෙන ඉන්න බැරිම තැන එක පොරක් ගහට නැගට ගෙඩියෙන් බෑයක් කපාගෙන කෑවලු. මේක ආරංචි වෙච්ච රාජපුරුෂයෝ ඒ පොරව අල්ලගෙන රජුට ඉදිරිපත් කරාම රජු පොරව උල තියන්න නියෝග කරාලු. දැන් උල තියන්න ඔන්න මෙන්න ඉන්දෙද්දි පොර මහ හයියෙන් අඩ අඩා මෙහෙම කියනවලු;
    "අනේ.... අපේ මහරජතුමාට වෙන්න යන විපත මට උහුලන්න බෑ......"
    මේක වටේ පිටේ ඉන්න අයට වගේම රජුටත් මහ ප්‍රෙහේලිකාවක් නිසා ඒ කතාවෙ තේරුම් කරන්න කියල පොරට කිව්වලු. පොර එතකොට කියනවලු;
    "ඇයි රජතුමනි දැන් ඔබ වහන්සේ මාව උල තිබ්බම, රටේ මිනිස්සු කියයි අහවල් රජතුමා වරකා බෑයටත් මිනීමරපු කෙනෙක් කියලා. මම මලාට කමක් නෑ. ඒත් ඔබ වහන්සේට වෙන නිග්‍රහය උහුලන්නෙ නැතිව තමා මේ කෑ ගහන්නෙ...."
    මේක අහපු රජතුමත් ටිකක් කල්පනා කරලා,වැඩේ ඇත්තබව මීටර් වෙලා පොරව නිදහස් කරාලු.

    හසිතටත් සුභ නව වසරක්.......... 2013දි මීටත් වඩා ලිපි ලියවේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. @ de silva

      එසේම වේවා...

      කතාවේ විදිහට මේ වරකාව ඇවිත් තිබුණේ හඟුරන්කෙත දේවාලේ ගාව තිබුණු ගහක. රජවාසලේ රාජකාරියට ගිහින් එන ගමරාළ කෙනෙක් තව කෙනෙක් එක්ක දාපු ඔට්ටුවකට තමා වරකාව වහලා තිබුණු සුදු රෙද්ද අහක් කරලා වරකා කාලා ගෙදර යන්නේ.

      ඒත් රජතුමාට නිවුස් එක ගිහින් මිනිහාව මරන්න නියම කළාම තමා මේ හුටපට ටික වෙන්නේ :P

      Delete
    2. මේ ටික අමතක වුණා නොවැ. මරණ දඬුවමෙන් ගැලවුණු ගමරාළ මගදිගට තියෙන වරකා කන්නත් රජතුමාගෙන් අවසරයක් ලැබුණා. ඒ විතරක් නෙමේ ඔට්ටුවේ විදිහට හොඳ මී ගොන් නාම්බෙකුත් ඔට්ටුව ඇල්ලුව යාළුවාගෙන් ගන්න පුලුවන් වුණා.

      Delete
  23. රජෙකුට තිබුන සැලකිලි.. ඒ කාලේ රජ වාසලේ වැඩ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් නේ. හාල් සේරු 12 කතාව වෙන්නත් පුළුවන්.මොකද මම අහල තියෙනවා ඉස්සර මිනිස්සු ඒවගේ කන්න පුළුවන් අය හිටියා කියලා.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. @ අසරණයා

      එසේම වේවා අයියා :)

      මිනිසුන් අතරින් ඉහළින්ම හිටිය කෙනා නිසා තමා රජ්ජුරුවන්ට මෙච්චර සැලකිලි තිබුණේ. රජ වාසළේ වැඩ කරන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා. බෙල්ල යන්නේ කොයි වෙලාවේද කියලා කියන්න බැහැ.

      රජ්ජුරුවන්ගේ ශරීරය සළුවඩන, දියවඩන නිළමේවරුන්ට ඇරෙන්න [බිසෝවරුත් අයිතියි ඕන්] අනිත් අයට අල්ලන්නවත් තහනම් වෙලා තියෙද්දී හිතාගන්න පුලුවන්නේ රජතුමාගේ තිබුණේ මහේශාක්‍ය බව

      මේ ගැන කියන හොඳ සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා.

      අත්‍යාසන්නේ විනාශශ් ච - අතිදුරේ ච නිෂ්ඵලම්
      සේව්‍යා මධ්‍යම භාවේන - රාජා වහ්නිර් ගුරුඃ ස්ත්‍රියං

      රජු, ගින්න, ගුරුවරයා සහ ස්ත්‍රිය ඉතා සමීපයෙන් ඇසුරු කිරීමෙන් විනාශයක් සිදුවිය හැක. ඉතා දුරින් ඇසුරු කිරීමෙන් ප්‍රයෝජනයක් ගත නොහැක. එනිසා මධ්‍යම ප්‍රමාණයෙන් ඇසුරු කළ යුතුය :D

      Delete
  24. එක කටක් එක හොද්දක් එක්ක කාල අත හෝදල ආයේ කන එක ටිකක් විකාරයි වගේ නේද? අලුත්ම කෑම වර්ගයක් නම් එහෙම කෑවත් නිතර කන කෑම ජාති ඒ විදියට කන එක රජාට එපා උනේ නැද්ද දන්නෑ.. ඒක නෙවෙයි අපේ දැන් ඉන්න රජ්ජුරුවන්ගේ කෑම බීම ගැන මොකුත් විස්තර නැද්ද.. හික්...

    ReplyDelete
    Replies
    1. @ Pathum Herath

      එක වෑංජනයක් එක්ක එක බත් හැන්දක් කන එකේ අදහස වෙන්නේ ඒ වෑංජනේ රස විතරක් උපරිමෙන්ම විඳින එක. නිතර කන කෑම ජාතිත් ඒ විදිහටම කද්දී එපා වෙන්නේ නැද්ද කියන එක නම් ප්‍රශ්නයක් තමා අයියා. ඒත් රජ්ජුරුවෝ පුරුදු වෙලා ඉන්නේ ඒ විදිහට නම් ගැටලුවක් නැහැනේ.

      //...ඒක නෙවෙයි අපේ දැන් ඉන්න රජ්ජුරුවන්ගේ කෑම බීම ගැන මොකුත් විස්තර නැද්ද.. හික්...//

      දැන් රජ්ජුරුවන්ගේ කෑම බීම ගැන නම් දන්නේ නැහැ අයියා. දන්න එකම දේ තමා ජනාධිපතිතුමා පිට තැන්වලින් කෑවා බිව්වා කිව්වාට ඒවා විශේෂ ආරක්ෂාව සහිතව ජනාධිපතිතුමාටම හදන කෑමලු. ඒ නැතුව ea ස්ථානයේ තිබුණු කෑම නෙමෙයිලු. ඒවා ඒ ඒ අවස්ථාවලදී අදාළ තැන්වල තියෙන බව තමා මට මේ ගැන කිව්ව හිතවතා කිව්වේ.

      ජනපති ප්‍රේමදාසගේ කෑම බීම ගැන හිටපු ජනාධිපති ලේකම් කේ.එච්.ජේ.විජේදාසගේ පහන් සංවේග කෘතියේ තියෙන්නේ මේ වගේ විස්තරයක්.

      ඔහු කියන විදිහට උදේ ස්නානයෙන් පස්සේ උදේ 6 ට සුචරිතයේ බුදු මැදුරට ගිහින් බුදුන් වදින ජනාධිපතිතුමා උදේ 6.30 ට උදේ කෑම අරගෙන තියෙනවා. ඒ කඩල, මුං ඇට, ඉඳි ආප්ප වගේ සරල ආහාරයක් එක්ක පලතුරු. දවල්ටත් සරල එළවළු සහිත ආහාර වේලක් අරගෙන තියෙනවා. හැබැයි මේ වේලට අනිවාර්යෙන්ම අමු මිරිස් කරල් කීපයක් වගේම රතු ලූණු කීපයක් අරගෙන තියෙනවා. අතුරු පසට අරගන්නේ බොහෝ විට ගස්ලබු. ජනාධිපතිතුමා නිර්මාංශිකයි කියලත් ඔහු කියනවා.

      Delete
  25. හොඳ ලිපියක්, හසිත මල්ලි.
    රජ්ජුරුවෝ කෑම කාපු හැටි ගැන මම ඉස්සිස්සෙල්ලම කියෙව්වෙ ආර්.එල්. ස්පිට්ල් මහතාගේ සුදු වැද්දා කියන කෘතියෙන්. මං හිතන්නෙ එයත් ඕක ගන්න ඇත්තෙ සමහරවිට රොබට් නොක්ස් ගේ පොතෙන්ම වෙන්නත් ඇති.
    හාලි සේරු 12 කතාව ගැන මම නං හිතන්නෙ මෙහෙමයි; ඔය කියන්නෙ රජ්ජුරුවන්ගේ ආහාර සලාකය වැඩි කරන්න කියලනේ. එහෙම ඉල්ලන්න ඇත්තෙ එතෙක් නිකුත් කළ ප්‍රමාණය රජුටයි, එයාගෙ බිසෝ වරුන්ටයි, අරක්කැමියන්ටයි, වෙනත් අතවැසියන්ටයි ප්‍රමාණවත් නොවූ නිසයි. හිරභාරයට පත් උනත් මා දන්න තරමින් රජුට යම් පිරිවරක් තබා ගන්න අවසරය තිබිල තියෙනව. හසිත මේ පෝස්ට් එකේ දාල තියෙන පිංතූරෙත් ඒක පේනවනේ.

    හසිත මල්ලී අතුලු හෙළ බ්ලොග් අවකාශයේ හැමටම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. @ පොත් ගුල්ලා

      සුදු වැද්දා ඉන්නේත් දෙවන රාජසිංහ රජතුමාගේ කාලේ නිසා ස්පිට්ල් මහත්තයා අනිවාර්යයෙන්ම නොක්ස්ගේ පොත කියවන්න ඇති. මොකද ඒකෙනුත් කියවෙන්නේ මේ කාලේ ගැනම නිසා. නොක්ස්ගේ පොතෙත් තියෙනවා රජ්ජුරුවන්ගේ සත්තු වත්තට සුදු ගෝනෙක් අල්ලන් ආපු හැටි.

      //...හාලි සේරු 12 කතාව ගැන මම නං හිතන්නෙ මෙහෙමයි; ඔය කියන්නෙ රජ්ජුරුවන්ගේ ආහාර සලාකය වැඩි කරන්න කියලනේ. එහෙම ඉල්ලන්න ඇත්තෙ එතෙක් නිකුත් කළ ප්‍රමාණය රජුටයි, එයාගෙ බිසෝ වරුන්ටයි, අරක්කැමියන්ටයි, වෙනත් අතවැසියන්ටයි ප්‍රමාණවත් නොවූ නිසයි....//

      ඩොයිලි එංගලන්තේ මහ රජතුමාට යවපු ලියුමේ හැටියට ඒ වෙද්දී එක වේලකට රජතුමාට හාල් සේරු 8 කුත් රජතුමාගේ බිසෝවරු 4 දෙනාට සහ රජතුමාගේ මෑණියන්ට හාල් සේරු 4 කුත් ලැබිලා තියෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉල්ලීම වෙන්නේ වෙන්නේ හාල් සේරු 8 සේරු 12 දක්වා වැඩි කරන්න කියලා. ඒ නිසා සේරු 12 රජ්ජුරුවන්ගේ භෝජනේටම විතරයි.

      Delete
    2. බිසෝ වරු 4ක්?
      මම දන්නෙ නං දෙන්නෙක් හිටිය කියල විතරයි. කව්ද අනෙක් දෙන්න?

      රජ්ජුරුවො වේලකට හාල් සේරු 12ක් තනියම කෑව කියන එක නං විශ්වාස කරන්ඩ බෑනෙ. එහෙම කෑව නං රජ්ජුරුවො හරියට අර ඇමරිකාවෙ ඉන්න obesity කියන ලෙඩේ හදිච්ච මිනිහෙක් වගේ මහත් වෙන්ඩ ඕනෙ. අපි දකින පිංතූර වල රජ්ජුරුවො ඒ වගේ නැහැනෙ. ඒ කියන්නෙ ඔය හාල් සේරු 12 කතාවට අපි නොදකින පැත්තක් තියෙනව.
      නරකද, හසිත ඔය ගැන තව ටිකක් හොයල බැලුවොත්? ඩොයිලි ඇත්තම කියනව වෙන්න පුලුවන් ද?

      Delete
    3. @ පොත් ගුල්ලා

      රජතුමාගේ අග බිසව වුණේ වෙන්කත රංගම්මාල් බිසව, අනෙක් බිසෝවරු තමා මුත්තු කන්නම්මා, වෙන්කත ජම්මාල්. [අනෙක් බිසවගේ නම මතක නැහැ මට]

      රජතුමා හාල් සේරු 12 ක් ඉල්ලලා තියෙනවා විතරයි. ඒක අනුමත කරපු බවක් නම් හමුවුණේ නැහැ. කොහොම නමුත් රජතුමා හාලේ සේරු 12 හෝ 8 ම කෑවා වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. ඒත් එච්චර ප්‍රමාණයක් සිරිතක් විදිහට සකස් කළා වෙන්න පුලුවන්.

      ඩොයිලි කියන මනුස්සයා බොහොම දක්ෂ, බුද්ධිමත්, කපටි මනුස්සයෙක් තමා අයියා. එයා ගැන කලිනුත් ලිපියක් ලිව්වා...

      http://aagiyakatha.blogspot.com/2012/07/10.html

      Delete
  26. චංගුමිගෙ කතාව බල්ද්දි මටත් ..අපේ රජවරු කෑම කෑ හැටි ගැන මතක් උනා..
    ව්‍යංජන් තිස්ගානක් එක්ක එක ව්‍යංජනයක් එක්ක එක බත් කට ගානෙ කෑවා කියලනෙ ,කියවලා තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. @ වීපොකුරෙ වීයා

      ඔව් අයියා. අපේ රජවරු කෑම බීම අතිනුත් කිසිම රජ කෙනෙක්ට දෙවෙනි වෙන්නේ නැහැ :D

      Delete
  27. කෙහෙල්කොටුවේ රජතුමාට මේ දවස්වල කන්ඩවත් වෙලාවක් නෑ. ඒක නිසා මේක කියවන්න වෙන්නෙ පස්සෙ...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න වෙලාවකුත් නෑ..කන්න වෙලාවකුත් නෑ..හනේ මන්දා..මේවා කාට කියන්නද?
      බුද්ධි ලමයෝ දවසට පැය 24ක්ම දීලා තියෙන්නෙ ඕකට තමයි..

      Delete
    2. @ බුද්ධි

      සයිබර් යායේ බුද්ධි -> කෙහෙල් කොටුවේ චූටි මහත්තයා -> රොබින් හුඩ් -> අන්තිමට කෙහෙල් කොටුවේ රජතුමා වුණා ආහ් :P

      Delete
    3. @ රූ....

      අක්කේ එයා දැන් වැඩ ! වැඩ ! වැඩ ! :D

      Delete
    4. රූ, හසිත, කන්දක් අහුවෙලා තියෙන්නෙ..... අනිවා ඉදිරියේ පල්ලමක් අහුවෙයි කියලා හිතනවා. එහෙම උනොත් ටිකක් වේගෙන් පල්ලම බහින්න බැරියැ. දෙන්නටම කියන්නෙ - ආය මට ඕගොල්ලන් ව හම්බුවෙන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ තමා.

      Delete
    5. @ බුද්ධි

      පල්ලම ඉක්මණින් අහුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා....

      Delete
  28. කොරියන් කතා කොහොමත් ලස්සනයි..ඒත් ඒවායින් පෙන්න්නේ ඇත්තම නෙවි වෙන්න ඇති..
    කොහොම වුනත් මම බලපු කොරියන් කතා ඔක්කොගෙම ඒවයින් මම තේරුම් ගත්තෙ කොරියන් කාරයෝ ඉන්නෙ කන්නයි යටිගිරියෙන් කෑගහන්නයි කියලා විතරයි..හැබැයි බලාගෙන ගිහාම එයාලාත් අපි වගේම තමයි..

    රජතුමාගේ මේ කෑම වල විස්තරේ මමත් එදා හෙලදිව පොතේ කියවලා තියනවා...අකාල සන්ධ්‍යා එකේම නේද පෙන්නුවෙ අර නිලමෙලා පොල් ගෙඩිය අතින් මිරිකලා කුරක්කන් තලප කන හැටි?

    කොහොම වුනත් ස්තුතියි සංවාදයක් ඇති කලාට...

    හසිතටත් සුභ නව වසරත්..අළුත් අවුරුද්දේත් අපි නොදන්නා දේ ගැන ලියන්න හැකියාව ලැබේවා....
    (මේ අවුරුද්ද නේද සරසවියේ අවසාන අවුරුද්ද?)

    ReplyDelete
    Replies
    1. @ රූ....

      කොරියන්කාරයෝ කෑ ගහන එක නම් කියන්න දන්නේ නැහැ අක්කේ, ඒත් කොරියන් කරන අපේ යාළුවෙක්ගෙන් දැනගත්තු විදිහට නම් කොරියන්කාරයෝ නම් නොකන දෙයක් නෑලු :D

      නිලමෙලා පොල් ගෙඩි අතින් මිරිකන එක නම් අකාල සන්ධ්‍යා එකේද තිබුණේ කියලා නම් මතක නැහැ අක්කේ. ඒක අන්තර්ජාලයේ බැලුවත් ඒක තිබුණු හුඟක් සයිට්වලින් ඒක ඉවත් කරලා තිබුණේ.

      මේ අවුරුද්ද අන්තිම අවුරුද්ද නම් තමා අක්කේ. ඒත් තාම කලින් අවුරුද්දවත් ඉවර වුණේ නැහැ. මොකුත් කචල් ස්ට්‍රයික් නැති වුණොත් ලබන අවුරුද්දේ මාර්තුවලින් විශ්වවිද්‍යාල ජීවිතේ ඉවරයි

      Delete
    2. කොට්ට පොල් ගෙඩිය අතින් මිරිකලා කිරි ගත්තේ උඩරට හමුදාවේ සේනාධිනායක මෙන්ම සතර කෝරළ මහ දිසාවේ දිසාපති වූ මාවනැල්ලේ ලෙව්කේ දිසාවයි

      Delete
    3. @ Anonymous January 1, 2013 10:33 PM

      ස්තුතියි කරුණු එකතු කළාට :)

      Delete
  29. රාජ තේජසනේ බන් ඉතින්. ඔය කන්නෙත් අනිත් ඒවා කරනවා වගේනේ

    ReplyDelete
  30. ඔයා බලලා නැත්නං අය්යෙ මහනුවර රජගෙදර සූපශ්‍රාස්ත්‍ර පොත සහ සූපකලා පොත බලන්න‍කෝ.ආන් ඒකෙ තව හොදට තියෙනව රාජසිංහ රජතුමා එහෙම කෑම කාපු හැටි..))

    ලිපියට ස්තූතියි.ඒ වගෙම මගෙ අලුත් බ්ලොග් එක පැත්තෙත් ඇවිත් තිබුනා ඔයා.ඒකටත් ස්තූතියි.ඒ වගෙම මේ එක්ක 2013 නව අවුරුද්දට සුබ පතනවා.ඔයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන,සියලු යහපත් පැතුම් ඉටු වන වාසනාවන්ත වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. @ වර්ෂා

      එසේම වේවා නඟා :)

      ඔන්න ඔයා කියපු නිසා මම "මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කලා සාහිත්‍යය" කියන පොත හොයාගත්තා. දැන් ඒ පොත කියවමින් ඉන්නේ. බොහොම ස්තුතියි ඒ ගැන කිව්වාට.

      Delete
  31. රජවරු කාපු හැරියට අපි මොනාද කන්නේ කියලා හිතෙනවා.. අපේ ඉන්න රජවරු කියන අයත් මෙහෙමද දන්නේ නෑ.. :)

    කොම උනත් හසිත මලයට 2013 සුභම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මමත්..

    ReplyDelete
    Replies
    1. @ Dinesh

      එසේම වේවා අයියණ්ඩි :)

      වර්ෂා නංගී කියලා හොයාගත්තු "මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කලා සාහිත්‍යය" කියන පොතේ තියෙන විදිහට ඒ කාලේ මස් වගේ දේවල් පැණි රහටත් හදලා තියෙනවා. ඒ වගේමයි ඒකේ තියෙන විස්තරවල හැටියට අපි කන්නේ මොනවාද කියලා හිතෙනවා තමා.

      ප්‍රේමදාස රජ්ජුරුවෝ කාපු හැටි ගැන ලොකු විස්තරයක් තියෙනවා අයියා. මහින්ද රජ්ජුරුවෝ කන ඒවා ගැන නම් දන්නේ නැත :D

      Delete
  32. ඉතා රසවත් පෝස්ට්ටුවක්!!!

    රාජසිංහ රජ්ජුරුවෝ එක වරකට බතුත් එක්ක එක මාලුවක් පමනක් බෙදාගෙන වලඳලා (හී හී) ඊට පස්සේ තවත් මාලුවක් සමග බත් කන විදියක් ගැන මාත් අහලා තියනවා. මගේ යාලුවෙක් ඉන්නවා සාදවලට ගියාම ඒ වගේ කන. එයා එකපාරකට බෙදාගන්නේ බත් බොහොම පොඩ්ඩක් සහ ඊට ගැලපෙන මාලු ජාති. ඊට පස්සේ වෙනත් බතක් සමග ඊට ගැලපෙන මාලු ජාති. නැත්නම් නියම රහ දැනෙන්නේ නැතිලු. රජ දුවක් වගේම තමා...

    ඔබටත් යහපත් නව වසරක් වේවා.

    ස්වස්ති හසිත....:D

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      එසේම වේවා :)

      අනිවා යාළුවා කන විදිහ තමා හරි. ඒකෙන් නියම රහ එනවා තමා. ඒ යාළුවා ගිය ආත්මේ රජ්ජුරු කෙනෙක්ද දන්නේ නැහැ :D

      ස්වස්ති ස්වස්ති :)

      Delete
  33. රජවරු කන විදිහ දැනගත්තා. ස්තුතියි.
    අපෝ සුජාත දියණි ගැන නම් මතක් කරන්ඩම එපා.

    ReplyDelete
    Replies
    1. @ මධුරංග

      සමස්ත ලංකා සුජාත දියණි විරෝධි සංගමේ සාමාජිකයෙක්ද අයියත් ?? :D

      Delete
  34. හසිත මල්ලිටත් ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා!!!!!
    අළුත් අවුරුද්දේත් අපි නොදන්නා දේ ගැන ලියන්න,දෑන ගන්න හැකියාව ලැබේවා....!!!!
    එරන්දි අක්කා

    ReplyDelete
  35. හයියෝ සුජාත දියණි පරාදයි..
    ඇත්තටම එයකාලේ සේරුව කුරනිය, ලාහ වගේ මිනුම් ක්‍රම තිබුණනනේ. ඉත්න් අද සේරුව ඒකම වෙන් ඇති. ඉතින් සේරු 12 ක් කන රජතුමාගේ හැටි හිතාගන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. @ දයානන්ද රත්නායක

      සේරු 12 ප්‍රශ්නේට ආපු විසඳුම් තමා අයියා මේ.

      1. රජතුමාට සේරු 12 ක් හදන එක සිරිතක්. රජතුමා සේරු 12 ම කෑවා නැතුවා වෙන්න පුලුවන්.
      2. ඒ කාලේ මිනිස්සුන්ගේ හැටියට රජතුමා සේරු 12 ම කෑවා වෙන්නත් පුලුවන්.
      3. ඒ කාලේ සේරුවකයි අද කාලේ සේරුවකයි අතර වෙනසක් තියෙන්න පුලුවන්

      Delete
  36. නොදැන සිටි කරුණු කීපයක්ම දැන ගත්තා...

    බත් වඩන නිලමේ වගේම දිය වඩන නිළමෙත් රජුට සේවය කලා නේද ?

    ReplyDelete
    Replies
    1. @ සිරාගෙ කාමරේ

      "වඩන" කෑල්ල එන නිළමේලා තුන් දෙනෙක් රජතුමා ඉදලා තියෙනවා අයියේ. බත් වඩන නිළමේ රජතුමා ආහාර ගද්දී සහය වෙන්න, ආහාර බෙදන්න තමා හිටියේ. දියවඩන නිළමේ තමා රජතුමාව නෑවීම, හිස පීරීම වගේ කාර්යයන් කළේ. සළුවඩන නිළමේ තමා රජතුමාගේ ඇඳුම් පැළඳුම් භාරව ඉන්න එක වගේම රජතුමාට ඇඳුම් අන්දන එක කළේ.

      මේ රාජකාරි තුනම හරියට වෙන්න ඕනේ බරපතල රාජකාරි. ඒ වගේමයි මේ රාජකාරි කරද්දී රජතුමා සමීපයෙන්ම ඉන්න නිසා තමන්ගේ හුස්ම රජතුමාට නොවදින්න මුකවාඩම් පවා මෙයාලා දාගෙන ඉදලා තියෙනවා.

      ඒ වගේමයි රජතුමාගේ සියලුම නිලධාරීන්ගෙන් රාජකීය ශරීරය ස්පර්ශ කිරීමේ හැකියාව තිබුණෙත් දියවඩන සස සළුවඩන නිළමේවරුන්ට විතරයි. [බිසෝවරුන්ට ප්‍රශ්නයක් නැහැ] අනික් අය රජ්ජුරුවන්ව ඇල්ලුවොත් ඒක මරණ දඬුවම ලැබෙන්න තරම් බරපතල වැරැද්දක්

      Delete
  37. Replies
    1. @ ඉන්ද්‍රජිත්

      ස්තුතියි මලයා :D

      Delete
  38. //මෙම දැකුම් කඳ ගෙන එන්නෝද හුස්ම නොවදනා සේ මුඛවාඩම් බැඳ ගෙනම පැමිණෙති.//

    දැනුත් එහෙම තමයි මලයෝ. රජු කනකොට, ජහමනයා මුඛවාඩම් බැඳ ගෙනම සිටිය යුතුය.

    ReplyDelete
    Replies
    1. @ Ayilas A

      සමහර වෙලාවට ඒ මුකවාඩම් ඉල්ලාගෙනම දාගත්තුවා :(

      Delete
  39. සෑහෙන්න වැදගත් ඒ වගේම රසවත් ලිපියක්

    ReplyDelete
    Replies
    1. @ ❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀

      කෑම ගැන කියද්දී ඉතින් රසවත් නැද්ද :P

      Delete
  40. හැමදාමත් වගේ රසවත් වටින ලිපියක්!

    හසිතටත් සතුටින් පිරුන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. @ ගිමන් නිවන්නා

      එසේම වේවා අයියණ්ඩි :)

      බොහොම රසවත් කෑම ගැනනේ අයියා

      Delete
  41. නියම ලිපියක්,

    සහ

    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. @ මාටියා

      එසේම වේවා ලොකු මහත්තයා :D

      Delete
  42. හාල් සේරු තිස් දෙකකින් රජතුමා අනුභව කරන්නේ බත් පිඩවල් තිස් දෙකක් පමණි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 1, 2013 10:46 PM

      හාල් සේරු 32 ක් නෙමෙයි නේද ? ව්‍යංජන 32 ක් නිසා බත් පිඬවල් 32 ක් නෙමේ රජතුමා කන්නේ. ඒත් සමහර වෙලාවට හැම ව්‍යංජනේම කන්නේ නැහැලු.

      Delete
  43. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
    Replies
    1. @ Kathandara Karaya

      එසේම වේවා එසේම වේවා :D

      Delete
  44. බොහෝම වැදගත් ලිපියක්..

    රජෙක් උනත් වෙලාවකට හිරකාරයෙක් කියලයි මට හිතෙන්නේ. සිංහල රජවරු වැසිකිලි ගියාම හෝදන්නත් කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ මදිවට සුජාත දියණි එකේ එක තැනක තියෙනවා රජාගේ මළ අඩංගු භාජනයක් පුද්ගලයෙක් (දොස්තර විය හැකියි) පරීක්ෂා කරන හැටි.ඉතිං රජ කෙනෙකුටත් නිදහසේ ඒ වැඩේවත් කොරගන්න බැරි හැටි. :D

    ජාතික රූපවාහිණියේ දෙන්නේ ගොඩක් වෙලාවට වැදගත් පරිවර්ථන. මේකේ මුල් කොටස් ටික බැලුවේ නැත්තේ මේකත් තවත් එක කතාවක් කියලා. ටී.වී. එකෙන් ගොඩක් ඈත හිටපු මාත් 6.30ට ටී වී එක ලඟට ගෙනාවේ සුජාත දියණි.

    හසිත, ඔයාට මතකද වෝටර් මාර්ජින්? (water margin) 2003විතර ගියේ. නෙට් එකේ හැමතැනම හෙව්වා හම්බ උනේ නෑ. පුලුවන්නම් ටොරන්ට් එකක් දාන්නකෝ.

    ජයෙන් ජය!

    ReplyDelete
    Replies
    1. @ AKM

      රජා හිරකාරයෙක් වගේ තියාගන්නේත් රජාගේ පරිස්සමට තමා. ඒ නිසා බලය වැඩිවුණු තරමට නිදහස අඩුයි....

      වෝටර් මාර්ජින් මතකයි. හුඟක් ආසාවෙන් බලපු කතාවක් ඒක. ඊට පස්සේ කාලයක් ලංකාවේ ඉන්න චීන ජාතික සිංහල මහාචාර්යවර්යා ඒ කතාව සිංහලයට පරිවර්තනය කරලා සිළුමිණ පත්තරේ ගිය මට මතක විදිහට.

      මේ කතා මාලාව "All Men are Brothers" කියන නමිනුත් තියෙනවා. ඒකත් වෝටර් මාර්ජින් කතාවේම අලුත් නිපැයුමක්. එහෙමත් නැත්නම් චයිනීස්වලින් වෝටර් මාර්ජින් කියලා සර්ච් කරලා බලන්න.

      Delete
  45. නියම් විස්තර ටිකක්...
    සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  46. Suba Aluth Awuruddak Hasitha! Pahugiya kale loku katha bahak giya Rajathumage 'Sattambirala' kiyana thanathura gana, Meka aththenma thibuna thanathurakda naththam deshapaluwange thawath pralapayak witharada? Mama ahanne ithihasa pothwala kohewath me wage thanathurak gana kiyala thiyenawada? Thanks! Chaminda

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 2, 2013 10:54 PM

      එසේම වේවා :)

      ශට්ටම්බි නමින් තනතුරක් මහනුවර යුගයේ තිබුණා කියලා ලේඛන කීපයක තියෙන නිසා ඒක ප්‍රලාපයක් කියලා හිතන්න අමාරුයි. සිංහල සමාජ සංවිධානය මහනුවර යුගයේ කෘතියේ මහාචාර්ය රැල්ෆ් පීරිස් විස්තර කරන විදිහට මහ දියවඩන නිලමේ යටතේ රාජකීය උල්පැන්ගෙයට සම්බන්ධ වෙලා හිටිය පවුල් 500 ක් පමණ වුණු ජනතාවගෙන් තමා ශට්ටම්බිවරු පත් කරගෙන තියෙන්නේ.

      රජතුමාගේ අනුමැතියෙන් දියවඩන නිලමේවරයා ශට්ටම්බිවරු 10 ක් පත් කරලා තියෙනවා. හැමවිටම මහනුවර නගරය තුළ මෙයාලා නතර වෙලා හිටියා වගේම අනිවාර්යයෙන් මාළිගාවේ සේවය සඳහා දෙන්නෙක් මාළිගාවේම රැඳිලා තියෙනවා. රජතුමාගේ ස්නාන කටයුතුවලදී ජලය ගෙන ඒම වගේම සමහර අවස්ථාවලදී රජතුමාව නාවන එකත් ශට්ටම්බිවරුන් අතින් සිදුවෙලා තියෙනවා.

      ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත් අඩංගුවට ගැනීමත් එක්ක රජතුමාගේ වස්තුව හොයද්දී රජතුමා වස්තුව සඟවා දමන්න කියලා භාර දීපු ශට්ටම්බිවරුන් තමා වැල්ලේගෙදර අප්පුහාමි ශට්ටම්බි සහ අගලේකුඹුරේ ශට්ටම්බි. මොවුන් ළඟ තිබිලා රජතුමාගේ වස්තුවෙන් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසින් වගේම ඇහැලේපොළත් හොයාගන්නවා.

      Delete
  47. Awesome!!! Very Good Article.... Keep it up!!!!

    ReplyDelete
    Replies
    1. @ Anonymous January 3, 2013 8:00 AM

      බොහොමත්ම ස්තුතියි...

      Delete
  48. ඇත්තටම ඔය රොබට් නොක්ස්ගෙ පොත මම කියවපු මුල් කාලෙත් මම කේතියෙන් වෙව්ලමින් හිටියෙ අපේ රජවරුන්ගෙ කෙරුවාවයි, ලාංකිකයන්ගෙ නිවටකමයි ගැන.
    දැනුත් මට හිතෙනවා අපිට රජවරු පේන්න බැරි එක අරුමයක් නෙවෙයි මුන්ගෙ බඩජාරිකමයි, නාස්තියයයි, අහිංසකයන් පෙලීමයි ගැන හිතනකොට.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. @ Dude

      //...රොබට් නොක්ස්ගෙ පොත මම කියවපු මුල් කාලෙත් මම කේතියෙන් වෙව්ලමින් හිටියෙ අපේ රජවරුන්ගෙ කෙරුවාවයි, ලාංකිකයන්ගෙ නිවටකමයි ගැන...//

      නොක්ස්ගේ පොත මධ්‍යස්ථ පොතක් විදිහට ගන්න අමාරුයි. මොකද එයාව හිරකාරයෙක් බවට පත් කිරීම ගැන එයා රජතුමා එක්ක වගේම සිංහල මිනිස්සු එක්කත් හිතේ අමාරුවෙන් හිටියේ. ඒක නිසා සමහර තැන්වලදී එයාට නොදැනීම වගේම හිතාමතාම උපහාස අපහාස යොදලා තියෙනවා දැකගන්න පුලුවන්....

      //..මුන්ගෙ බඩජාරිකමයි, නාස්තියයයි, අහිංසකයන් පෙලීමයි...//

      හැම රජතුමාම නෙමෙයි කීප දෙනෙක්

      Delete
  49. //අපේ රජවරු බයියන් කාපු හැටි//

    - පොඩි අඩුවකට තියෙන්නෙ රට කාපු කන්නසාමි උන්නැහේල, අර වැසිකිළි සෝදපු රාමයියා මුත්තුලිංඟම්ගෙ ගෑණි හදපු තෝසයි, වඩායි, කොත්තුයි, ඉඩ්ලි අරිසි, අමු එළකිරිත් එක්ක මැටි අනනවා වගේ අනල කාපු හැටි නොකියපු එකයි. ඉතින් කන්නසාමිට පස්සේ "අපේ" රජ වුනු වික්ටෝරියා ජෝර්ජ් වගේ අපේ බයියන් රජවරු හරක් මස් පුච්චන් කාපු එකයි, ලුණු ගහල පල් වෙනකම් තියල අමුවෙන් කාපු ඌර ගාතයි ගැනත් කිව්ව නම් අපූරුයි.

    ඔය මාතෘකාව "අපේ බයියන් රජ වෙල රට කාපු හැටි" කියලවෙනස් කරල, මේ ලිපිය "අපේ" දෙමළ මව් බසින්ම ලියල, මස් පුච්චන් කාපුව "අපේ" මව් බස වන ඉංග්‍රීසියෙන් ම ලිව්ව නම් අපූරුයි. දැන් බැලුවම "අපේ" නොවෙන්නෙ මොනවද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. @ Anonymous One orig

      //..පොඩි අඩුවකට තියෙන්නෙ රට කාපු කන්නසාමි උන්නැහේල, අර වැසිකිළි සෝදපු රාමයියා මුත්තුලිංඟම්ගෙ ගෑණි හදපු තෝසයි, වඩායි, කොත්තුයි, ඉඩ්ලි අරිසි, අමු එළකිරිත් එක්ක මැටි අනනවා වගේ අනල කාපු හැටි නොකියපු එකයි....//

      කන්නසාමි එහෙමත් නැත්නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉපදුණු දා පටන් හැදුණේ උඩරට රාජධානියේ. ඒ වගේමයි සිංහල සිරිත් එක්ක. ඒ නිසා දෙමළ සිරිත් එතරම් තිබුණාය කියලා හිතන්න අමාරුයි.

      ඩොයිලිගේ වාර්තා වගේම රජතුමාව ඉන්දියාවට රැගෙන ගිය ග්‍රැන්විල් කියන සිවිල් සේවකයාගේ වාර්තා අනුවත් රජතුමා සිංහල ක්‍රමයේ කෑම ගත්තු බවයි පේන්නේ ඒ නිසා ඔබ සඳහන් කරපු ආහාර ලැයිස්තුව ප්‍රලාපයක් බවයි මගේ හැඟිම...

      //....ඉතින් කන්නසාමිට පස්සේ "අපේ" රජ වුනු වික්ටෝරියා ජෝර්ජ් වගේ අපේ බයියන් රජවරු හරක් මස් පුච්චන් කාපු එකයි, ලුණු ගහල පල් වෙනකම් තියල අමුවෙන් කාපු ඌර ගාතයි ගැනත් කිව්ව නම් අපූරුයි...//

      මෙයාලා අපේ රජවරු වුණාද කියන එක පිළිගන්න එක තම තමන් කරන්න ඕනේ එකක්. එයාලා ලංකාවේ පාලකයෝ වුණත් "අපේ" රජවරුද කියන එක නම් මට ගැටලුවක්. අනික ඉතින් සුද්දෝ කන බොන විදිහට ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ හුඟක් අය දන්න එකනේ. අනික නොදැන හිටිය අය වුණත් ඔබේ කරුණු දැක්වීමෙන් ඒ ගැන දැනගන්න ඇති :D

      "අපේ" කියන වචනය පිළිබඳව ඔවේ කියවීම සහ මගේ කියවීම පරස්පර වීම ගැන කරන්නට දෙයක් නැත :)

      Delete
  50. ස්තූතියි ලිපියට, දන්නෙ නැති බොහෝ දේ දැන ගත්තා.

    2013 වසර සර්වප්‍රකාරයෙන් සාර්ථක වී රාජ භෝජන, රාජ සම්පත් ලැබේවා කියා පතනවා.

    ReplyDelete
    Replies
    1. @ Gihan

      ඔබතුමාටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රාජ භෝජන කෙසේ වෙතත් රාජ සම්පත් ලැබෙනවා නම් ඒ හොඳටෝම ඇති :D

      Delete
  51. අලුත් අවුරුද්දට සුභ පතන්න බැරි උන හන්ද ඔන්න පරක්කුවෙලා හරි සුභ පහල යන්න ආව.
    චංගුමීට කෙල්ලො විතරක් නෙමෙ අම්මල හිටං පිස්සු වැටිල ඉන්නෙ :D

    අර හාල් සෙරු 12හෙ කතාවාඑත්ත වෙන්න පුලුවන්. අපෙ බාප්පලගෙ වැඩපළේ හිටිය මනුස්සයෙක් ඒ මිනිහට වෙලකට පාන් ගෙඩි 4ක් ඕනි.. අපිට ඉතින් කොයිල් වගෙ උනාට ඒ මනුස්සයට ඒකත් අර කැළනි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි. :D

    ReplyDelete
    Replies
    1. @ සමී

      චංගුමීට ටියුෂන් සර්ලත් පිස්සු වැටිලනේ :) එක දිගට හෑන්ඩ්බිල්වල ඉන්නේ චංගුමීනේ :P

      යෝධ මිනිස්සු කොහොමට කන්න ඇද්ද කියලා තමා හිතන්න තියෙන්නේ :)

      Delete
  52. පජාත දියණිය....
    හලේ...
    මමත් දවසකට හබුන් ගොඩක් කනවනේ.ඒ කියන්නේ මමත් රජෙක්.හි හි හි හි...
    අයියගේ පොස්ට් වලින් මගේ සිත් ගත් පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. @ Darshana Prabhath

      හබුන් කෑවට වැඩක් නෑ කන සිස්ටම් එකට කන්න ඕනේ :P

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................