Saturday, January 28, 2012

ආශ්චර්යයේ මාවතෙන් විසාකාවියන් වෙතට

සටහන සංශෝධනය කර නැවත පළ කර ඇතිබව කරුණාවෙන් සළකන්න


හීනයක්ද කියලා බලන්න අත පොඩ්ඩක් කොනිත්තලා බලන්න උවමනා කළේ නැහැ. මේ ඇත්තම ඇත්ත. Toyota Primeo car එකක මමයි අපේ දුලානි මිසුයි පිටිපස්සේ එකේ. මිස්ගේ මහත්තයා අපේ හේමන්ත සර් ඉස්සරහ seat එකේ. අපේ ආරක්ෂාකාරී, ධාවකයා ගිහාන් driving seat එකේ.

අපි යන්නේ ලංකාවේ තියෙන දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ. පිස්සු හැදෙයි සඳ බැබළෙයි කිව්වලූ :))

කතාවට මුල ඉදන්ම එමු. කොළඹ විසාකා විද්‍යාලයේ තියෙන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ගරු අගමැතිතුමිය ඇතුළු මන්ත්‍රීවරියන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක් බණ්ඩාරගම මොරොන්තුඩුවේ Owinka Lake Resort එකේ තිබුණා.


අන්න hotels කිව්වලූ. පුලූවන් දවසක ගිහින් බලන්න. සුපිරි. කන්නද බොන්නද නාන්නද එකී මෙකී නොකී ඕන එකකට නියමම spot එක. මෙන්න hotel එකේ web site එක.

ආයි කතාවට ආවොත් අපේ දුලානි මිස්ටත් මේ වැඩමුළුවේ ආරම්භක දවසේ උදේ වරුවේ නායකත්වය ගැන කතා කරන්න ප‍්‍රායෝගික සැසියක් භාරවෙලා තිබුණේ. ඒකට ඕන කරන activities හදන්න අපි දවස් කීපයක් මහන්සි වුණා.

පස්සේ මිස් නිකමට වගේද මන්දා මගෙන් ඇහුවා "හසිතටත් එදාට අපිත් එක්ක යන්න එන්න පුලූවන්ද ? මේ කරන්න එහෙම එතකොට ලේසියිනේ" කියලා.

මට එදාට දහසකුත් එකක් වැඩ තිබුණු දවසක්. මගේ හිතවතෙක් වුණු ශෂිත හෙට්ටිආරච්චිගේ කුළුදුල් පොත එළිදක්වනවා කියලා ඒකට මට invite කළා. ඊටත් හපන් අපේ මාසේ පිං පඩිය ගන්න අත්සන් කරන්න තිබුණෙත් එදා.

ඒ මොනවා වුණත් පුරාණ සෘෂිවරු කට කහනවට වගේ කියපු "නාස්ති ස්ත‍්‍රී සමො රසඃ" ඒ කියන්නේ ස්ත‍්‍රිය හා සමාන රසයක් නැත. කාල බලලද දන්නේ නැහැ :)) ඕවා ඔක්කොම නිසා මම ඉබ්බා දියට දාද්දී ඇන්නෑවේ කිව්වා වගේ අකමැත්තෙන් වුණත් කැමති වුණා මේකට යන්න.

ඊට පස්සේ ඉතින් සුපුරුදු කතාවක්. අපි ඔක්කොම වෙලාවට ලෑස්ති වුණා. මිස් ලෑස්ති වෙන්න පරක්කු වුණා. ඒක නිසා අපිට highway එකෙන් බණ්ඩාරගමට යන්න සිද්ධ වුණා ප්‍රමාදය මග හරහා ගන්න. එහෙන් මෙහෙන් shortcut වලින් දාගෙන ගිහාන් අපිව කොට්ටාවට අරන්ආවා.

Highway එක පටන් ගන්න කොට්ටාව හරියට එද්දී නිකම් වෙසක් පෝයට හදන මහා තොරණ් රාජයෙක්ගේ පිටිපස්ස වගේ බම්බු හිටවලා structure එකක් නෙමෙයි කීපයක්ම තියෙනවා. ඒ කොළඹටම උඩින් දාන්න යන highway එකේ ඉදිකිරීම්.


පස්සේ ඉතින් highway එකට ඇතුල්වෙද්දී entrance එකේ හිටිය Man "Good Morning Sir" කියලා ටිකට් එක දුන්නා. ඕන් අපි highway එකේ යන්න පටන් ගත්තා. අපේ ගිහානයාට හයියෙන් යන්න බැහැනේ :))

අන්තිමට කොහොම හරි ගැලණිගම පිටවීමට එන්න විනාඩි 5 කටත් අඩු කාලයක් තමා අපිට ගතවුණේ. හොඳ දේට හොඳයි කියන්න එපැයි. මේ වැඩේ නම් චින්තනෙන් කරපු හොඳ වැඩක්.


ගැටළු නැතිවා නෙමෙයි. කුඹුරු මැද්දෙන් තමා highway එක ගිහින් තියෙන්නේ. එක පැත්තක ලියදි ටික කරලා අනිත් පැත්තේ ලියදි ටික කරන්න ගොවිරාළ ගාණක් වියදම් කරන් එහා පැත්තට යන්න ඕනේ වගේ පොඩි පොඩි scene තියෙනවා. ඒත් ඉතින් මේක ආරම්භයනේ කියලා හිත හදාගමුකෝ.

වැරදි වෙනවනේ කොටින්ම හම්බන්තොට වරාය හැදුවටත් පස්සේලූනේ ලොකු ගලක් තිබිලා කැඩුවා කියන්නේ.



මම සිංගප්පූරුවෙයි, මැලේසියාවෙදියි highway වල ගියාට මේ ලංකාවේ highway එකේ ගිය මුල් පාරනේ. ඉතින් ලංකාවෙත් මේ වගේ ඉදිකිරීම් වෙන එක ගැන ලාංකිකයෙක් විදිහට ආඩම්බරයි.

කතාව අවසානයි. අපි සුන්දර විසාකාවියන් එක්ක සුන්දර හෝරා කීපයක් ගත කරපු හැටි බලන්න කැමති අය ඉන්නවා නම් මෙන්න ඒකට පාර. කෝකටත් මම මේකටත් photos දෙක තුනක් දානවා. ඔයාලා අඳුරන අය එහෙම ඉන්නවාද කියලා බලන්න :))


ඔයාලත් highway එකේ ගිහින් බලන්නකෝ. අපේ දේවල් වටින්නේ අපිටනේ.

ප.ලි.: ගොන්කමට සීමාවක් තිබිය යුතුය. ඇනෝනිමස් අදහස් කීපයකින් සහ තවත් සහෘදයන් කීප දෙනෙක්ගේ අදහස්වලින් ඒ සීමාව වටහා ගත්තෙමි. මාහට එය වටහා දීමට උත්සුක වූ සැමට ස්තුතියි. දැන් කළ හැකි අන්දමට එය නිවැරදි කළෙමි. එයද විනිශ්චය කිරීම ඔබට භාරය

කිසිම අදහසක් වාරණය කිරීමට මා උත්සහ නොදරා ඇත්තේද මෙවන් වූ පාඨක අදහස් බලාපොරොත්තුවෙනි. හුරේ නොදමා හරි දේට හරි යැයිද වැරදි දේට වැරදි යයිද කියන මෙවන් පාඨකයන් බ්ලොග්කරුවන් නිවැරදි මාර්ගයේ ගෙනයාමට දායකවීම ගැන නැවතත් ස්තුතිය :)

සටහන සංශෝධනය කර පළ කර ඇති බව කරුණාවෙන් සළකන්න

39 comments:

  1. Mekata awama nam, comment ekak noda yandama bari una..Pionts keepayak thiyanawa..

    1.Guruwaru 2k(post eke hatiyata), wahane athule indagenat ,leadership work shop ekakata yamin gaman, Rate neethiyata patahaniwa wahana daawanaya karapu eka.ethakota ,e hitapu aya guruwaruda kiyana sakaya mathuwenawa, e wage ayada leadership work shop ekak lead karanne...ane manda.Deiyangema pihitai...

    2.1.8cc da, 2.0 cc da car eka.samahara wita car eka manual eka nam asawata kiyawala nathuwa ati.mokada, wahanayaka speed meter eka thibunu paliyata yanna ba..eka tolerence ekak thiyanawa.max power walain godak wela wada karanda honda ne.Techometer eka baluiwada aasawata.5000+RPM, engine eke heat eka naginawa ambaaanaka.anika man hithanne oya car eka nam brand new, 50000km wath duawala nam nethuwa ati.samanyen cruse(normal top gear drive eka) total power eken 75% pawchchi karanda.eka thama bahutharayak manufacter s lage advice eka.

    3.police yata baya wen epa, mokada baya wenda one neethiyatai.Thamunge deciple ekak thiyaganna,anit aya waradi karanawa nam ewa diha balan nikan inna ayat waradi..e waradda harigassannda.

    4.oya wage loku purajeruwak wge e dewal net eke post karala, thamuntama neda lajja karaganne..samahara pirisak athi ouuwata udagedi dena.eth hari yai mata hangena dei man kiwwe.oyalage driver gen nikamata ahanda tyre wal hulan kochchara thibbada eda kiyala..sure eya danne ne.
    eya kiwwot 30 k thibba kiyala, nikamata ahandakoo 30 kajuda kos da kiyal.30psi. psi kiyanne mokakdawat dan nethuwa athi.
    itin e wage driver lata driver la kiyandat lajjai.mokada edrver ge responsiblity eka hamogema jeewitha gana waga kiyana eka.

    ada rate prvate bus driver sampradaya thiyanne.vinayagaruka aya bohoama aduii.e nisa poddak hithata ganda...

    me serama mata hanguna de.Test ekak wage ewa kara nam ,aulak ne.habai awa bodayak athuwa..
    GD bless.

    ReplyDelete
    Replies
    1. ඔබ කවුරුන් වුවත් ස්තුතියි අදහස් දැක්විමට

      Delete
  2. මේපාර නිවාඩුවට මාතර යන්න ඉන්නේ හයිවේ එකෙන්..බලන්න ඕනේ 100ටවත් යන්න.....

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න ආශ්චර්යයේ තරම :)

      Delete
  3. මමත් 170ට ගියා කිව්වම හිතුවා මේක විවෘත කරන්න කලින් ගිය ගමනක් කියලා.

    විලි ලැජ්ජයි කරල තියෙන වැඩේ. අත පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උනානම් පර ලෝකෙට යන්න තිබ්බ ලේසියෙන්ම. වෙන මිනිස්සුන්ගෙ ජීවිත තමන්ගෙ ආතල් එකට උකස් තියන උන් එහෙම ගියත් කමක් නෑ.

    තව මහ ලොකුවට නෙට් එකෙත් දාලා

    ගොන්කමේ සීමාවක් නෑ

    ReplyDelete
    Replies
    1. ලැජ්ජයි

      ගොන්කමේ තරම දැනගතිමි

      Delete
  4. හසිතගෙන් බලාපොරොත්තු උනේ නැති ලිපියක්.

    කෝ දැං හයිස්පීඩ් අල්ලන්න ලක්ෂ ගණං වැයකරලා ගෙනාපු යන්ත්‍ර වලට මේවා අහුවෙන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. හයිස්පීඩ් අල්ලන්න යන්තර ඕනි නැත. ආපු දුර වේලාවෙන් බෙදල ලේසියෙන්ම ගිය වේගේ ගන්න පුළුවන්. ඔය වේගේ 110 විතර පන්නල නම් දඩයක් ලීවාට වරදක් නෑ නේද.. ගාල්ලට පැය බාගෙන් ගියොත් දඩ කොලයක් ගේට්ටුවෙන්ම දෙන්න පුළුවන්. ඕකට යන්තර ඕනිමද.....

      Delete
    2. යන්ත්‍ර වල අවශ්‍යතාවය තියෙන්න ඕනේ වේගය මනින්න ඉන්න කට්ටියට. ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙත් ඒ ගොල්ල. යන්තර ඇතුව හරි නැතුව හරි වැඩේ වෙන්නෙ නෑ වගේ.... යන්තර ගැන මම කිව්වෙ, නිවුස් වලට හයිවේ එකේ නිළධාරියෙක් කිව්වා 100 පැන්න ගමන් ඒ ගොල්ලන්ට දැන ගන්න පුලුවන් යන්තර ගෙනල්ලා තියෙන්නෙ කියලා, නම්බර් ප්ලෙට් එකේ පොටෝ එකත් එක්කම ඡායාරූපගත වෙන.

      Delete
    3. දැන් පිටවීමේ දොරටුවෙන් වෙලාව ගනනය කර දඩ කොලය දෙනවා කියලා තමා කියන්නෙ. යන්තර නැති උනාට මොකෝ

      Delete
    4. බුද්ධි

      හයි ස්පීඩ් යන්තර දුටුවේ නැත

      Delete
    5. දූපත් වැසියා

      ඔයා කිව්ව ක්‍රමය තමා සාර්ථක. ඒත් එහෙම එකක් කරන්න තරම් නුවණක් තිබිලා නැති හැඩයි.

      Delete
    6. නිශ්

      අපි ගිහින් ආවට පස්සේ වෙන්න ඕනේ මේ ක්‍රමය පටන් ගන්න ඇත්තේ :)

      Delete
  5. කෙලින් තැන් වල 160 ට යන්න පුළුවන්. මගේ ගාන 120.
    //හොඳ දේට හොඳයි කියන්න එපැයි. මේ වැඩේ නම් චින්තනෙන් කරපු හොඳ වැඩක්.
    අන්න වැරදියි. මේක හදන්න අදහසත්,ප්ලෑන ගැහුවෙත්, පටන් ගත්තෙත්, සල්ලි හොයල දුන්නෙත් රනිල්ගෙ කාලෙ. ඒ දවස්වල ගහපු සමර පලක කඩල අළුතින් චින්තනෙන් කරපු වැඩක් කියල හයිලයිට් කරල ITN, රූපවාහිනියේ කීවට කතාව අරක.
    කොහොම හරි කොට්ටාවේ ඉදන් කොලබට යන්න ඉස්සර ගාල්ලට යන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක නම් ඇත්ත..චින්තකයා උඩ දා ගන්න ගොඩක් අයිඩියාස් උගෙ නෙමෙයි..සමහර එව්වා ජේ. ආර්.ගෙ කාලෙටත් එහා එව්වා..සමහර එව්වා ශක්‍යතා අධ්‍යයන වලින් පස්සෙ නවත්තපුවා..

      --
      හරී
      http://dreamsofharee.blogspot.com/
      --

      Delete
    2. දූපත් වැසියා, හරී

      ඔබතුමාලා දෙන්නාගෙම කතා මම පිළිගන්නවා. චින්තනෙන් අවසන් කරපු නිසයි ඒක චින්තන මහත්තයාගේ ගිණුමට බැරවුණේ.

      නෙළුම් පොකුණ රඟහලත් චන්ද්‍රිකා සමයේ පටන් ගත්තු එකක්ලුනේ

      Delete
  6. ගොන්කමට සීමාවක් තිබිය යුතුය. ඇනෝනිමස් අදහස් කීපයකින් සහ තවත් සහෘදයන් කීප දෙනෙක්ගේ අදහස්වලින් ඒ සීමාව වටහා ගත්තෙමි. මාහට එය වටහා දීමට උත්සුක වූ සැමට ස්තුතියි. දැන් කළ හැකි අන්දමට එය නිවැරදි කළෙමි. එයද විනිශ්චය කිරීම ඔබට භාරය

    කිසිම අදහසක් වාරණය කිරීමට මා උත්සහ නොදරා ඇත්තේද මෙවන් වූ පාඨක අදහස් බලාපොරොත්තුවෙනි. හුරේ නොදමා හරි දේට හරි යැයිද වැරදි දේට වැරදි යයිද කියන මෙවන් පාඨකයන් බ්ලොග්කරුවන් නිවැරදි මාර්ගයේ ගෙනයාමට දායකවීම ගැන නැවතත් ස්තුතිය

    සටහන සංශෝධනය කර පළ කර ඇති බව කරුණාවෙන් සළකන්න

    ReplyDelete
  7. ඔච්චර කියන එකේ වටයක් ගිහිං බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න ගිහින් බලන්න. තව පරක්කු වුණොත් ගේ ගාවින්ම හයි වේ එකක් වැටිලා තියේවි :))

      Delete
  8. දූපත් වැසියා කිව්වා වගේ මේක රනිල්ගේ කාලේ ප්ලැන් කරපු අන්තර්ජාතික සම්මේලනයකට සම්බන්ධ වැඩක් (මුලු ආසියාව හයිවේ වලින් යා කරන්නද මොකක්ද මගුලක් ) , චින්තන ලොක්කා කලේ ඒක තමන්ගේ නමට ලියා ගත්ත එක , හම්බන්තොට වරායෙත් නෙලුම් පොකුනෙත් මුල් සැලසුම් චන්ද්‍රිකා නෝනගේ හැබැයි නම යන්නේ චින්තන ලොක්කගේ . ඔය සංශෝධනය කලා කීවේ උඹ ගිය වේග සීන් එකක්ද (කමෙන්ට් අනුව හිතෙන්නේ එහෙම ) , තව කට්ටියක් ඉත්දි අනවශ්‍ය වේගයෙන් ගිය නාම් වැරදියි තමයි , ඒත් චින්තන ලොක්කට 140ට යන්න පුලුවන් නම් (චූටි චින්තනමයි කියන්නේ ) , ප්‍රවාහන ඇමතිට 180ට යන්න පුලුවන් නම් (ඒක්ත් පොරමයි කියන්නේ ) , උඹට යන්න නරක ඇයි (තනියම ගිය ගමනක් ලෙස උපකල්පනය කලොත් )

    ReplyDelete
    Replies
    1. චින්තන මහත්තයාගේ කාලේ අවසන් කරපු නිසානේ ඒවා චින්තන මහත්තයා කළා කියලා ගිණුමට බැර වෙන්නේ :))

      නිශ්ශංකමල්ලලා හිටපු රටේ ඕවත් වැඩද කිව්වලු

      Delete
  9. Ovinka එකට මමත් ගිහින් තියෙනව,. ඒත් ඔය කියන තරම්ම නම් හොදයි කියල කියන්න අමාරුයි. ඕකෙ පහසුවෙන්ම ඉන්න පුලුවන් උපරිම 100 වගේ තමා.. අනික කබානා 4ක් තියෙනව. පූල් එකත් ලොකු එකක් නෙමෙයි..

    ඒත් පරිසරය නම් හොඳයි. බොල්ගොඩ වැවට මායිම් කරල තියෙන්නෙ.. යන්න එන්න පාරවල් 2ක් තියෙනව. එකක් බොල්ගොඩ ගඟ හරහා බෝට්ටුවෙන්, අනික ගෝනදූව පන්සල ගාව තියෙන පාරෙන්...

    ඉන්න කට්ටිය දැක්කම හිතුන ඉඩකඩ ඇති උනාද කියල :)

    ReplyDelete
    Replies
    1. 'සුළඟ&#39

      අපිත් outdoor activities කළේ. ඒක නිසා හොටෙල් එකේ මමත් හොඳයි කියලා අගය කළේ වටපිටාව වගේම කෑම බීම වගේ දේවල්.

      rooms නම් කොහොමද දන්නේ නැහැ. ගැහැණු පරාණ ඒවයේ හිටපු නිසා ඔළුව දාලවත් බලන්න වුණේ නැහැ

      ඉන්න කට්ටියට ඉඩකඩ නම් ඇතිවෙන්න ඇති මයේ හිතේ :))

      Delete
  10. දවසක හයිවේ එකෙන් යන්න ආසාවක් තියෙනවා. ඒත් කොයි ?
    බස් එහෙකවත් යන්න ඕනා

    ReplyDelete
    Replies
    1. මධුරංග

      ආහ් දැන් හරිනේ අයියේ. CTB බස් නම් CTB බස්. Private බස් නම් Private බස්. පොලිසියෙන් දාන බස් නම් ඒ බස්. බස් ජාතිම කීයක් හයි වේ එකේ යනවද :))

      Delete
  11. බලමුකෝ ලංකාවට ආවම හයිවේ එකේ යන්න හිතාගෙන ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. Dinesh

      සිය රට දේ සිරි සැප දේ කියලා හිතාගෙන යන්න අයියා

      Delete
  12. පාර high way උනත් යන වාහනය අධිවේග ධාවනයට සුදුසුද කියල බලලම යන්න. මොකද ගොඩක් වාහන heat වෙනවා තව ටයර් damage වෙනවා. මම කියන්නෙ අත්දැකීමෙන්.

    ReplyDelete
    Replies
    1. Anonymous

      ඒක නම් ඇත්ත. පරණ වාහන හයි වේ එකට දාන්න කලින් චෙක් කරලා බලන කතාවක් අහන්න ලැබුණා. ඇත්තද දන්නේ නැහැ

      Delete
  13. සමහර රටවල තියෙනවා 200 ට යන්න හැකි හයි වේ . ජර්මනියේ දී එහෙම එකක ගිය බව කෙනෙක් කිව්වා .

    ReplyDelete
    Replies
    1. Bindi

      ඒ රටවල් මේ වෙද්දී ආශ්චර්ය පහු කරලා ඇති ඒ තරම් හයියෙන් ගිහින් :))

      Delete
  14. ape parliment set eka nam godak fun eke e dawas 2 hitiya aiye thamath kiyawanawa eka gana.:) thnx help kalata.:)

    ReplyDelete
    Replies
    1. අනූ

      ගරු මන්ත්‍රීතුමියනි,

      ඔබතුමිය බ්ලොග් අවකාශයෙන් හඳුනා ගැනීමට හැකිවීම ගැන සතුටු වෙමි. ඔබතුමිය සිටි කණ්ඩායම දක්වන්නේ නම් ඔබතුමියව හඳුනාගැනීමට මට පහසු වේවි :)

      Delete
  15. ඇවිල්ලා ගිහින් බලනකල් කමෙන්ට් කරන්ට බෑ. හැබැයි පින්තූරු නම් ලස්සනයි.:D

    ReplyDelete
    Replies
    1. Podi Kumarihami

      අපරාදේ කියන්න බැහැ ලංකාවේ මිනිස්සු තරම් ෆොටෝ ගහන්න ෆොටෝ හදන්න දක්ෂ මිනිස්සු වෙන කොහෙවත් නැහැ. මතකයිනේ :))

      Delete
  16. දවසක ඕකෙ ගිහින් බලන්න ඕනා..හැබැයි පාරෙ බස් එකේ තමයි..අපිට කොහෙන්ද බූල් බල්ලො..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. හරී

      මේ ජනතාවාදී ජනතා හිතැති රජය හයි වේ එකේ බස් සුලභ කරලා කියලා ආරංචියි. කවුරු හරි ආණ්ඩුවේ ලොක්කෙක් ඔයාගේ comment එක කියවලා තියෙනවා වගේ :))

      Delete
  17. විශාකාවියෝ නම් ලස්සනයි !!! අදුරන කවුරුත් නෑ ඒත් ඔක්කොම අදුර ගන්න නම් ආසයි ;) :D :D

    ReplyDelete
    Replies
    1. අඳුරන කවුරුත් ඉන්න විදිහක් නැහැනේ. මෙයාලා ඔක්කොම පාසල් සිසුවියෝ.

      මාත් අඳුරගන්න ට්‍රයි කලත් එච්චර හරි ගියේ නැහැ. මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා නොවැ :))

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................