Saturday, January 21, 2012

සංගීතයෙන් ලොව දිනූ කල්ලන්


මේ ළඟදී දවසක මුහුණු පොතේ කරක් ගහද්දී රුක්මාල් නිරෝෂ් කියන කාලෙකට ඉස්සර ටෙලි නාට්‍යවලින් අපි දැකපු රංගන ශිල්පියා අධ්‍යක්ෂණය කරපු ”සුළඟ මත මොහොතක්” ටෙලි නාට්‍යයේ trailer එක දැකගන්න පුලූවන් වුණා. මේ තියෙන්නේ ඒ trailer එක.


Trailer එකේ background song එක විදිහට ගියපු song එක මොකක්ද කියලා හොයාගෙන යන කොටයි මෙහෙම post එකක් ලියන්න තරම් දේවල් එකතු වුණේ.


අඳුරු මහද්වීපය එහෙමත් නැත්නම් අපි‍්‍රකා මහද්වීපය තමන්ගේ නිජබිම කරගත්තු නීග්‍රෝ මිනිස්සු එයාලගේ පාඩුවේ කල් ගෙවද්දී සුදු මිනිස්සු ඇවිත් මෙයාලාව වහල්ලූ විදිහට තමන්ගේ රටවල්වලට අරගෙන ගියා. කලූ වහලූන්ව ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ "කළු ඇත්දළ" කියලා. වගේමයි අපි‍්‍රකානු භූමියත් මේ නූගත් නීග්‍රෝවරුන්ව මෝඩයෝ කරලා කොල්ල කන්න සුදු ජාතිකයෝ සමත් වුණා.

සුදු ජාතිකයෝ නිසාම ලෝකේ හුඟක් රටවල්වලට නීග්‍රෝවරු පැතිරිලා ගියා. කොටින්ම පෘතුගීසීකාරයෝ නිසා ලංකාවටත් මේ නීග්‍රෝවරු ආවා නොවැ. තවමත් එයාලගෙන් පැවැත එන අය පුත්තලමේ, කල්පිටිය පැත්තේ ඉන්නවා.


ලෝකය පුරාම තමන්ගේ වහල් මෙහෙයට මේ කලූ ජාතිකයින්ව සුදු ජාතිකයෝ අරගෙන ගිහින් දරුණු වද හිංසා එහෙමත් පමුණවලා තියෙනවා. කාලෙත් එක්කම ක‍්‍රමයෙන් මේවා වෙනස් වුණා. ඇමරිකාවේ හිටපු ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා මේ වහල් සේවය තහනම් කළා.
වගේම දකුණු අපි‍්‍රකාවේ නෙල්සන් මැන්ඩලා මේ වර්ණ භේදවාදයට විරුද්ධව සටන් කරලා ජය ගත්තා. මාටින් ලූතර් කිං වගේ කලූ ජාතිකයින් සුප‍්‍රකට ජන නායකයින් වුණා. අවසානයටම ගත්තොත් බැරැක් ඔබාමා කියන කලූ ජාතිකයා ඇමරිකාවේ මහ පුටුවෙත් වාඩි වුණා.

මේ මොනවා කොහොම වුණත් තවමත් කලූ ජාතිකයන්ට අවඥා කරන එක සුලූ සුලූ විදිහට හරි වෙනවලූ. මම කාලෙකට කලින් කිව්ව "පොත් ගැන කතාවක්" post එකේ රික් බ්‍රේත්වේට් කියන ගුරුතුමාටත් එහෙම තත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඉතින් අද කතාවට ආවොත් මොන වගේ කරදර ආවත් මේ කලූ ජාතිකයන් සතුටෙන් හිටපු කට්ටියක්. ලංකාවේ ඉන්න මේ කලූ ජාතිකයන්ගේ සංගීත ප‍්‍රසංගයක් පහුගිය කාලේ තිබුණා වගේම ජාතික රූපවාහිනියේ රිදම් චැට් වැඩසටහනිනුත් මෙයාලාගේ සිංදු වගයක් දවසක් පෙන්නුවා.

ඉතින් කලු ජාතිකයෙක් වුණත් තමන්ගේ සංගීත හැකියාවෙන් සුදු ජාතිකයන් වසඟ කරපු කලු ජාතික ගායකයෝ වගේම සංගීතඥයෝ කීප දෙනෙක් ගැනයි මේ කතා බහ


මේ post එකට මූල බීජය දුන්නු "What a Wonderful World" සිංදුවෙන්ම පටන් ගත්තොත් Louis Armstrong කියන 1901-1971 කාලේ ජීවත් වුණු ගායකයා තමයි මේ ගීතය ගායනා කරන්නේ.


දක්ෂ ට‍්‍රම්පට් වාදකයෙක් විදිහටත් මෙයාව හඳුන්වන්න පුලූවන්. ඒ වගේම නළුවෙක් විදිහටත් මෙයා කටයුතු කරලා තියෙනවා. මේ link එකෙන් ගිහින් එයාගේ තව සිංදු බලාගන්න පුළුවන්.



මීළඟට කතා කරන්නේ Ray Charles ගැන. පොඩි කාලේ ඉදන් හරියටම කිව්වොත් අවුරුදු 3 ඉදන්ම පියානෝ වාදනයට Ray දක්ෂ වෙනවා. ඒත් අවුරුදු 7 දී ඇස් පෙනීම නැතිවීමත් එක්ක ඒක තමන්ගේ සංගීත ගමනට බාධාවක් කර නොගත්තු Ray අන්ධ විද්‍යාලයකට ඇතුල්වෙලා බ්‍රේල් ක‍්‍රමයෙන් පියානෝ වාදනය තවදුරටත් ප‍්‍රගුණ කරනවා.

මෙයත් චිත‍්‍රපටි නළුවෙක් වුණා වගේම Ray ගේ කතාවෙන් චිත‍්‍රපටි පවා නිර්මාණය කරලා තියෙනවා. මේ Hit The Road Jack සිංදුව ගේ ප‍්‍රසිද්ධ සිංදුවක්.


Ray ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.

මෙයා තමයි Johnny Nash. මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙනවා. Nash ගේ ප‍්‍රසිද්ධම ගීතයක් තමයි මේ I Can See Clearly Now සිංදුව.


පස්සේ කාලේ තව තව අයත් මේ සිංදුව එක එක විදිහට ගායනය කළත් Johnny Nash තමයි මේ සිංදුවේ මුල් ගායකයා. Johnny Nash ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


Johnny Nashගේ I Can See Clearly Now සිංදුව තව ටිකක් රොක් කරලා ගත්තු කෙනෙක් තමා Jimmy Cliff කියන්නේ. මේ තියෙන්නේ ඒ සිංදුව.


මෙයත් නළුවෙක් විදිහට වැඩ කරලා තියෙන කෙනෙක්. Jimmy Cliff ගේ ප‍්‍රසිද්ධම සිංදුවක් තමා මේ Many Rivers to Cross සිංදුව.


මේ සිංදුවෙන් ලංකාවේ හුඟක් ප‍්‍රසිද්ධ සිංදුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි චිත‍්‍රාල් සෝමපාල ගායනා කරන ”නදී ගංගා තරණයේ” කියන සිංදුව.


ඒකෙම තනුව ටිකක් වෙනස් කරලා ඉරාජ් වීරරත්නත් මේ පද මාලාවෙන්ම සිංදුවක් කළා.ඒක කියන්නේ නදීක ජයවර්ධන. එයා ගැන මම දවසක් කිව්වේ.


Jimmy Cliff ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මේ හාදයා ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙයා තමයි Bob Marley. 1981 දී පිළිකාවක් නිසා මෙයා මියගියත් තාමත් ජනපි‍්‍රයත්වයේ කිසිම අඩුවක් නැහැ. රස්තාවරයෙක් විදිහට මෙයාව අනුගමනය කරන අය ඉන්නවා වගේම ලංකාවේ නම් විලාසිතාවක් වගේ Bob Marley ගේ තොප්පි, T-Shirts, Stickers ආදී එකී මෙකී නොකී ඒවා පැතිරිලා තියෙන්නේ.

Bob Marley ගේ ප‍්‍රසිද්ධ සිංදුවක් තමා මේ Buffalo Soldier සිංදුව .


අපි පොඩි කාලේ "මගේ සුදු හාවා, පැන පැන ආවා” කියලා කිව්වෙත් මේකේ තාලෙටම තමා :))

Bob Marley ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මේ Harry Belafonte. මෙයත් ගායකයෙක් වගේම නළුවෙක්. ඒ වගේම සමාජ කි‍්‍රයාකාරිකයෙක් කියලා කියන්නත් පුලූවන්. අපේ පරණ අය අතර ප‍්‍රසිද්ධ සිංදුව Jamaica Farewell සිංදුව කියන්නේ මෙයා තමයි.


ඒ වගේම Boney M සංගීත කණ්ඩායම ගායනා කරන ප‍්‍රසිද්ධ නත්තල් ගීතයක් වෙන Mary's Boy Child සිංදුව මුලින්ම කිව්වෙත් මෙයා තමයි.


Harry Belafonte ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


Boney M ලා ගැන කතාවට ආපු නිසා දැන් එයාලා ගැන කතා කරමුකෝ ටිකක්. එක කොල්ලෙක්ගෙනුත් කෙල්ලෝ තුන් දෙනෙකුගෙනුත් සමන්විත වුණු Boney M කණ්ඩායම 1980 සහ 1990 දශකයන්වල අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා.

මම කලින් කිව්වා වගේම මෙයාලා කියන ජනප්‍රිය ගීතයක් තමා මේ Mary's Boy Child සිංදුව


ඒ වගේම මෙයාලගේ තවත් ජනප්‍රිය ගීතයක් තමා මේ Daddy Cool සිංදුව.


මේ වෙන කොට සංගීත කණ්ඩායමේ පිරිමි සාමාජිකයා Bobby Farrell වුණු ජීවතුන් අතර නැතත් අනිත් තුන්දෙනා Liz Mitchell, Marcia Barrett, Maizie Williams තවමත් සංගීත කටයුතුවල යෙදෙනවා.

ඒ වගේම Boney M ලා කියන තවත් ජනප්‍රිය සිංදුවක් තමා මේ Rivers of Babylon සිංදුව.


ඒත් ඒක මුලින්ම කිව්වේ එයාලා නෙමෙයි The Melodians කියන ඒත් කලු කොල්ලෝ සෙට් එකක්. ඒ ගොල්ලෝ ගැන ඊළඟට

Boney M ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


The Melodians කියන්නේ ජැමෙයිකාවේ කොල්ලෝ තුන් දෙනෙක් 1960 දශකයේ පටන් ගත්තු සංගීත කණ්ඩායමක්. මේ තමා එයාලා මුලින්ම කිව්ව Rivers of Babylon සිංදුව.


මේ වෙද්දී ඒ කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්නේ දෙන්නයි. අනික් එක්කෙනා මිය ගිහින්

The Melodians ලගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි කියන දෙයක් තමා Don't Worry, Be Happy කියලා. ඒකෙන් පටන් ගන්න ප්‍රසිද්ධ සිංදුව Don't Worry, Be Happy කියන්නේ මේ Bobby McFerrin.


මෙයා දක්ෂ පියානෝ වාදකයෙක් වගේම බේස් ගිටාර් වාදකයෙක් කියලා තමයි කියන්නේ

Bobby McFerrin ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


තව දෙන්නෙක් ගැන විතරක් කියලා මේ කතාව නවත්තන්නයි හදන්නේ. එක් කෙනෙක් තමා Lionel Richie. Hello කියන සිංදුවෙන් හුඟාක් දෙනෙක් අතර ජනප්‍රිය වුණේ මෙන්න මෙයා තමයි.


මෙයත් නලුවෙක් විදිහටත් කටයුතු කරන කෙනෙක්.

Lionel Richie ගේ තවත් සිංදු මේ link එකෙන් ගිහින් බලන්න පුලුවන්.


අන්තිම එක්කෙනා ගැන අපි හැමෝම දන්නවා. එයා තමයි "පොප් රජු" විදිහට හඳුන්වපු මයිකල් ජැක්සන්. කලු ජාතිකයෙක් විදිහට 1958 දී ඉපදුණු මයිකල් ජැක්සන් ප්ලාස්ටික් සැත්කමකින් සුදු හමක් ලබාගන්නවා. තමන්ගේ ජීවිතේ හුඟාක් ජනප්‍රිය වුණා, ධනවත් වුණා වගේම හුඟාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න මෙයාට සිද්ධ වුණා අවසානයේදී සැකයක් ඉතිරි කරමින් මයිකල් ජැක්සන් මෙලොවින් සමුගත්තේ 2009 අවුරුද්දේදී.

මේ මයිකල් ජැක්සන්ගේ මම කැමතිම සිංදුවක්



තව මට අතපසු වුණු ගායකයෝ ගොඩක් ඇති. ඒ වගේමයි මේකට Akon, 50 cent වගේ අය නම් හිතාලමයි ඇතුල් කරලා නැත්තේ.....

හමෙන් කලු වුණත් සුදු මිනිස්සුන්ගෙන් නානා විධ කෙනෙහිලිකම්වලට ලක් වුණත් අවසානයේදී සුදු මිනිස්සු විතරක් නෙමෙයි සිංහල, දෙමළ, චීන, ජපන් ආදී මුලු ලෝකේම ජනතාව තාමත් තමන්ගේ හඬට ආසාවෙන් සවන් දෙන තත්වයට පත්වෙන්න මෙයාලට පුලුවන් වුණා...

සංගීතය විශ්ව භාෂාවක්ලුනේ :)

30 comments:

  1. ලස්සන වටින විස්තරයක්.......එළ....

    ReplyDelete
    Replies
    1. ඔබ නොදු‍ටු ලොවක්

      සිංදු ටිකත් අහලා බැලුවා නේද ? එහෙම නම් එළකිරි :)

      Delete
  2. හරිම වටිනා පෝස්ටුවක් හසිත... සමහර වෙලාවට මම තනියම හිතලා තියෙනවා සංගීත ලෝකයේ පෙරළියක් කරන්න කල්ලන්ට මේ තරම් පුළුවන් උනේ කොහොමද කියලා...

    Boney M ලගෙ සින්දු තවමත් අපේ මතකය හොරාගෙන තියෙනවා...ලයනල් රිචීගෙ hello සින්දුව කොයි තරම් ඇහුවත් ඇති වෙනවද ?

    එතන ඉඳන් අද අපි ආසාවෙන් අහන rihanna ,Chris Brown ,Bruno Mars ,Beyonce,Ni-yo ,වගේ අය වෙනකම්ම කල්ලන් ඒ තැන අරන් තියෙනවා වගේම එදා සුදු ජාතිකයින්ගෙන් ඔවුන්ට වෙච්ච අසාධාරණයට පාඩමක් උගන්නලා කියලත් හිතෙනවා
    ReplyDelete

    ReplyDelete
    Replies
    1. දිල්

      එයාලාට වුණු පීඩනයත් මේ වගේ සාර්ථක නිර්මාණ බිහිකරන්න වක්‍ර බලපෑමක් කරන්න ඇති

      තමන්ට වුණු ආසාධාරණකම්වලට සාධාරණයක් ගීතයෙන් ඉටුකරගන්න එයාලා මහන්සි වුණා වෙන්න පුලුවන්. ඒක අතිශය සාර්ථක වුනා කියන්න පුලුවන් ඒක මුලු ලෝකයෙන්ම ආදරයෙන් වැලඳගත්තු නිසා

      Delete
  3. බොනි එම් ලාගේ සිංදු වලට මාත් මාර ආසයි. අර 'බයි ද රිව ඔෆ් බාබිලෝන්' සිංදුවට එහෙම මාර ආසයි.

    කල්ලන් කිව්වම මම් බැලුවේ හොරෙක් ගැනවත් ලිව්වද කියලා. මොකද දෙමලෙන් කල්ලන් කියලා කියන්නේ හොරාට !!!

    ReplyDelete
    Replies
    1. මධුරංග

      මඩොල්දූවේ සුරංචියා කල්ලෙන් කියලා බංගලාවෙන් බඩු ටික අරන් පනින කතාව මතක් වුනා :)

      Delete
  4. සිංදු ඔක්කොම වගේ අහලා තිබුනාට නමින් දැනගෙන හිටියේ..
    මයිකල්වයි..බොබ් මාලිවයි විතරයි..

    ඒ ගමන් කතාවක් මතක් වුණා..
    මේ පැත්තේ ගෑණු ළමයෙකුට දාලා තිබුණා නමක්..
    සාමාන්‍යයෙන් දාන්නේ ලක්මාලි, සඳමාලිනෙ ..
    මේකි බොබ්මාලි..

    ReplyDelete
    Replies
    1. හරී

      කළු සංගීතඥයෝ කීප දෙනෙක් හඳුන්වා දෙන්න පුලුවන් වුණු එක ගැන සතුටුයි.

      අරේ මරේ ආතලා දෙන්නගේ කතාවෙත් මරේ ආතා හිතන් ඉන්නේ බොබ් මාලි කියන්නේ ගෑණු ළමයෙක් කියලා :))

      Delete
  5. හැමදාමත් වගේ ගොඩක් වටින් පෝස්ට් එකක් මිත්‍රයා .

    කල්ලෝ ගැන ඉතින් මම නම් වැඩිය විස්තර දැනගෙන තිබුනේ ඉංග්‍රීසි ෆිල්ම් වලින්ම තමයි හැබැයි ඉතින් ඒවාගේ හිටපු කලු ජාතිකයෝ නම් මහ ගනංකාර දාමරිකයෝ කොයිවෙලාවෙත් කටේ ෆක් කියන වචනේ තියාන ඉන්න එවුන් .. මේ පෝස්ට් එක කියෙවුවායින් පස්සේ කලු ජාතිකයින් ගැන හිතාන හිටි විදිහ මම වෙනස් කලා

    පස්සේ තමයි මතක් වුණේ අපිත් ටිකක් විතර කලුයි තමා කියලා ..

    ReplyDelete
    Replies
    1. හිස් අහස

      කල්ලෝ විතරක් නෙමෙයි සුද්දොත් පාවිච්චි කරන ෆ* කියන වචනේ දැන් හුඟාක් පාවිච්චි කරන්නේ ලංකාවේ ඉන්න අපිනේ.

      අපිට නම් සිය රට දේ සිරි සැප දේ. අපිට වටින්නේ හු**, ප** වගේ ඒවා තමා :))

      Delete
  6. සිරා මචං.. වීඩියෝ නිසා පේජ් එක ලෝඩ් වෙන්නේ ස්ලෝ.. එත් අවුලක් නැහැ වටිනවා !

    ReplyDelete
    Replies
    1. sAm (සෑම්)

      කොටින්ම ඔය ප්‍රශ්නේ මටත් තියෙනවා. පේජ් එක ලෝඩ් වෙන්න හොරයි. උත්තර බඳින්න පරක්කු වෙන්නත් එක හේතුවක් තමා ඒක :)

      Delete
  7. බොනී ඇම්ලගේ සිංදුවල පිරිමි වොයිස් එක ඔය පේන්න ඉන්න කෙනාගෙ නෙමේ කියලා මම අහලා තියෙනවා.

    ඔය ඉන්න පොරගෙ ඩාන්ස් ආකර්ෂණීය හින්දලු පොරව ඉස්සරට ගත්තෙ. ඇත්තටම පිරිමි වොයිස් එක බොනී ඇම්ලගේ ඩ්‍රම්ස් වාදකයගෙලු.

    මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ ටෝප් සික්‍රට් එකක් කියලා තමා මට කියපු පොර කිව්වෙ.

    මේ ගැන විස්තර හමුඋනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බුද්ධි

      ඒකත් එහෙමද ? බුද්ධිගෝෂතුමා දන්න දේවල්. දැන් කොහොමත් ඉතින් පොර මැරිලානේ. දැන් රහස එලිය ඒවි :)

      Delete
  8. හ්ම්ම් එක හුස්මට කියවගෙන ගියා. ගොඩාක් වටිනවා

    ReplyDelete
    Replies
    1. වර්ණා

      එක හුස්මට කියවන් ගිය නිසා දැන් ටිකක් නිස්කලන්කේ හුස්ම ටිකක් අරගෙන නිස්කලන්කේ වාඩිවෙලා සිංදු ටිකත් අහලා බලන්න :)

      Delete
  9. ගොඩක් වටින ලිපියක් මචන්.බොහොම ස්තුතී.

    ReplyDelete
    Replies
    1. කස්ස

      තැන්කු තැන්කු. මේවා තමයි මගෙ හයිය :)

      Delete
  10. සුපිරි බං... එක එක සින්දුව ගැන වෙන වෙනම කියන්න දේවල් හිතෙනවා. මොකද මේ දීල තියෙන සින්දු සේරම කීප වතාවක් අහල තියෙන ටොප්ම සින්දු. මම හිතන්නෙ කලු මිනිස්සුන්ගෙ සංගීතයේ ඉතිහාසෙ අනිත් හැම ශිෂ්ඨාචාරෙකටම වඩා පරණයි. ඒ රිද්මය තමයි ඔවුන් කරපු නිර්මාණ වල රහස. මේ කියපු හැමෝම අදත් හොඳින් රස විඳින සංගීතඥයො වෙලා ඉන්නෙ ඒකනේ...

    ReplyDelete
    Replies
    1. hare :-)

      අයියාත් දවසක් සිංදු ගැන ලියලා තිබුණු පෝස්ට් එකක් මේ පෝස්ට් එකට වක්‍රව බලපෑවා.

      කලු මිනිස්සුන්ගේ රිද්මය උපරිමයි ආයේ කතා දෙකක් නැහැ :)

      Delete
  11. ඉමිහිරි ලිපියක් හසිත..
    සුදු කලු බව නිර්මාණශිලිත්වයට කොහෙත්ම බලපෑමක් නෑ කියලා මේ පෝස්ටුවෙන් කියනවා..

    ReplyDelete
    Replies
    1. රූ....

      සුදු කලු විතරක් නෙමෙයි ජාති ආගම් කුල මල කිසිවක් නිර්මාණශීලීත්වයට බාධාවක් නෙමෙයි.

      කලාව තුළත් ඒ තත්වය තිබ්බොත් තමා සැබෑ කලාව එලිදකින්නේ කියලයි මගේ අදහස

      Delete
  12. ඇත්තම ඇත්ත,නිර්මානශිලිත්වයට පාට ප්‍රශ්ණයක් නෑ.. හැබැයි මයිකල් ජැක්සන් ඔය සැත්කම නොකර ගත්තනම් ඔච්චර ජනප්‍රය නොවෙන්නත් තිබ්බා !!

    ReplyDelete
    Replies
    1. රත්නේ

      කොහොම වුණත් තාමත් හුඟක් සුදු මිනිස්සුන්ගේ හිත් ඇතුලේ කළු ජාතිකයන් කෙරෙහි අධිපතිවාදී මානසිකත්වයක් තියෙනවා. ඒකේ බලපෑමෙන් මිදෙන්න ජැක්සන් සුදුවුණා කියලයි මම හිතන්නේ

      Delete
  13. හුඟක් වටිනවා විස්තර...දන්නැති නිසයි අහන්ෙන්.. "i just called to say " කියන Stevie Wonder.කල්ලන්ට අයිති ෙකෙනක් ෙනෙවයිද?

    ReplyDelete
    Replies
    1. සුජානි.......

      එයා කල්ලෙක් තමයි අක්කේ

      Delete
  14. නියම සෙට් එකක් ඉන්නවා... කල්ලන්ගෙන් බිහිවුනු සමහර සංගිත රටාත් නියමයි.. මයිකල් ජැක්සන් සුද්ද වගේ හිටියට කල්ලෙක්නෙ.

    ReplyDelete
    Replies
    1. රහස් පරික්ෂකයා

      කලු ජාතිකයින්ට ජයවේවා :))

      Delete
  15. වටිනා පෝස්ටුවක් හසිත.. බොබ් මාලී ගේ buffelo soilders ගීතයෙ සැඟවුනු තේරුමක් තියෙනවා.. එවා ගැනත් හොයල ලියන්න

    පොඩි විස්තරයක් මෙතන තියෙනව
    http://www.musicbanter.com/lyrics/Bob-Marley-Buffalo-Soldier.html

    ReplyDelete
    Replies
    1. @ පුබුදු

      ස්තුති මිත්‍රයා. මේ විස්තරය දුන්නාට.

      Delete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................