Wednesday, December 14, 2011

පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........


ගෙදර ඉන්න බැරිකමකට නෙමෙයි විද්‍යාර්ථීන් විදිහට අධ්‍යයන කටයුතුවලට තියෙන පරම උද්‍යෝගය නිසාම අපි තුන්දෙනා මම, ස්වීටා, මැදයා එදා කැම්පස් ගියා :) අපි මේ semester එකට දාලා තිබුණු සංස්කෘත auxilary unit එකේ lectures වගයක් exams ඉවර වුණාට පස්සෙත් තිබුණා.

ඉතින් එදා තමයි campus එකට අලුත් නැව එන දවසක. කැලණියේ harbour එකක් හැදුවේ නැහැ :)) සරසවි භාෂාවෙන් නවක සිසුන් campus එකට එන එක හඳුන්වන්නේ එහෙම තමා. අලුත් situationවල හැටියට seniorsලාට campus එකේ ඉන්නත් තහනම් කරලා තිබුණා.

ඒත් උදේ වරුවේ නම් එච්චර ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. අලුත් කොල්ලන්ට කෙල්ලන්ට අපේ පහළ batch එක කිරිබත් කවන්න ඇවිත් තිබුණා. අපිත් ඉතින් උදේ lectures ගිහින් ඒක ඉවර වෙලා ගෙදර යන්න පහළට ආවා.

වෙලාව දවල් 1 ට විතර ඇති. ඇඟ කිලිපොලා යන සිද්ධිය ආරම්භ වෙන්නේ දැන් තමා. තෙල් බැම්ම ගාව pavementඑකේ පොලිසියේ set එකක් හිටියා.

"ඔය තුන්දෙනා මෙහෙට එනවා"
එතන හිටිය SI අපිට කතා කළා.

මේ වෙලාව වෙද්දී කැම්පස් එක අපිට තහනම් ප්‍රදේශයක් වෙලා තියෙන්නේ. අනික ලංකාවේ පොලිසියනේ :( මොන කෙලියක්ද වෙයිද මන්දා. ලංකාවේ පොලිසියේ එක ගුටි බැට දීලා ඊට පස්සෙනේ ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි දෙගිඩියාවෙන් ගාවට ගියා.

"තමුසෙලා කාලද ඉන්නේ ?" ඊළඟට SI ඇහුවා.

මට හිතුණා හොඳ කෑමක් සෙට් වෙන්න තමා යන්නේ කියලා. මොකද ඉතින් ලංකාවේ පොලිසිය ඔය කෑම් බීමවලට හරි ප්‍රසිද්ධයිනේ :))

ඕ.පු වෙච්චාවේ කියලා මම කිව්වා "ඔව් සර් කාලා ඉන්නේ" කියලා.

ඇත්තටම ඒ වෙද්දී අපි මැදයා ගාව තිබ්බ බත් එක කාලා තිබුණේ. ඊළඟට SI එතන තිබුණු ත්‍රීවිල් එක ගාවට ගිහින් පෙට්ටියකින් කෑම පාර්සල් 3 ක් අරන් අපිට දුන්නා.


"ආ මල්ලිලා කෑම 3 ක්" කියලා

අපිට නිකම් මොකක්ද මොකක්ද වගේ පොලිසියෙන් කන එක.

"සර් අපිට කෑම එපා අපි කාලා ඉන්නේ"
කියලා මම ආයි කිව්වා.

"මොකක්ද ඕයි මේ හොඳට කන බොන කාලෙනේ. කනවා කනවා කාලා බීලා හැදෙනවා" SI කිව්වා.

පස්සේ man ත්‍රීවිල් එකේ තව පෙට්ටියකට අත දාලා කිරි පැකට් 3 කුත් දීලා කියනවා

"ආහ් මේකත් බොනවා. අපි ගාව තව කෑම තියෙනවා. තව යාළුවෝ ඉන්නවා නම් එන්න කියන්න" කියලා.

අපිත් ඉතින් "Thank you සර්" කියලා bench එකකට ගිහින් ඒක කාලා තමා ගෙදර ගියේ. ඕක තමා කතාව.

පොලිස් SI ට අපිට කෑම නොදී පොලිසියට අරන් යන්නත් තිබුණා එතන එවුන්ට හරි කන්න දෙන්න. කොහොම හරි manට හිතිලා අපිට දුන්නනේ. ඉතින් ලංකාවේ පොලීසියේ හොඳ පොරවලුත් ඉන්නවා කියලයි මට නම් හිතුණේ.

කොහොම නමුත් පොඩි හරි මනුස්සකමක් තිබුණු ඒ පොලිස් නිලධාරියාටයි මේ මල් මිට. මොකද ඇත්තටම බත් එකක් කාලා හිටියත් අපි තුන්දෙනා සුපිරි බඩගින්නක හිටියේ.

අපිට අහන්න ලැබෙන්නේම පොලිස් නිලධාරීන්ගේ කචල් බචල් නේ හොඳ එකකුත් තිබුණොත් ඉතින් කියන්න එපැයි ඒකයි මේ කතාව කිව්වේ.

ප.ලි.:
අපේ බැචෙක් වෙන රශ්මිකගේ තාත්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න වැඩ බලන පොලිස්පති විදිහට පත් කරලා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැනත් මගේ ප්‍රීතිය :)

ප.ප.ලි.: ඉරාජ් අයියා කියන ලංකාවේ පොලිසිය ගැන තියෙන සිංදුව අහලා තියෙනවාද ?? මෙන්න ඒක visual එකත් එක්කම බලන්න :))



19 comments:

  1. බත් එකට මනුස්සකම යටවෙන කාලයක් මේක....හික් හික් හික් ....

    ReplyDelete
  2. හහ්, හහ් , හහ් හොදයි හොදයි. රතු දත්ත පොතට දානන තරමේ දුලබ සිද්දියක්.



    frm;දූපත්

    ReplyDelete
  3. අඩේ වරෙන් මාත් බත් පැකට් දෙකක් දෙන්නම් උඹට.. මම ගැනත් ලියපන්කෝ මල්ලියේ....

    ReplyDelete
  4. පුතා උපන් රටේ රජෙක්
    එක බත් වේලකට හිසක්
    ගලවා දන් දුන් පුවතක්
    පෙන්වයි මොක්පුරට මඟක්

    ReplyDelete
  5. හොඳා හොඳා... බත් පැකට් එකට එහෙනං ලිව්වා බ්ලොග් පොස්ට් එකක්...පොලිසිය අතින් ගෙවලද, මුදලාලියෙක් මරලද, දන්නැහැ බත් පැකට් ගෙනාවෙ.

    ReplyDelete
  6. හොද අයත් ඉන්නවා, එත් බහුතරයක් හොරු..

    ReplyDelete
  7. උඹල තුන්දෙනාගෙ සයිස් එක දැකල රාළහාමිලට දුක හිතෙන්න ඇති! නැත්තං බත් එක්ක කිරි පැකට් දෙන්නෙ මොන මඟුලටද?

    ReplyDelete
  8. මටත් හිතෙන්නේ ඔයාල තුන්දෙනාගේ හැටි දැකල,දුකටම කෑම වේලක් දෙන්නැති :) :)
    මේ ගැන අගයල පොස්ට් එකක් දැම්ම එක හොඳ වැඩකි.

    ReplyDelete
  9. කූඩුවෙන් එලියට එද්දි එහෙම නෙමෙයි නේද බත් එක දුන්නෙ.

    ReplyDelete
  10. දෙවිවරු වගේ පොලිසියේ අයත් ඉන්නවා...

    ReplyDelete
  11. මාත් බැලුවේ බත් පැකට් එකට මනුස්සකම කියන්න මොකද කියල? :)
    කොහොම උනත් කියපු කතාවේ අත්තක් තියෙනවා...

    ReplyDelete
  12. හොද පොලිස් නිලදාරිනුත් නැතුවා නෙමෙයි..

    ReplyDelete
  13. පොලිසියෙන් කන්න දුන්න කතාවක් මේ ඇහුවමයි. මාත් අද හෙටම පොලිස් කාරයෙක් දැක්කම කන්න ඉල්ල ගන්න ඕනා. පොලිසියෙන් කන්න තියෙනවා නම් ආයේ ඉතින් වෙන මොනා ද.

    ReplyDelete
  14. ලොකු උන්ට මොලේ තියෙනවා බං.. ඔය ඉන්න හාල් කෑලිනේ නීතිය අතට ගන්න දගලන්නෙ..!

    ReplyDelete
  15. පොලීසියේ හොඳ මිනිස්සු ඉන්නව හැබැයි අතලොස්සක් විතර තමයි ඉන්නේ.ගොඩක් දෙනාගෙ වැරදි වැඩවලින් අර ටිකත් ඒ ගොඩටම නිකම්ම වැටෙනව මචන්

    ReplyDelete
  16. මං පත්තරේ දැක්කා පොලිසියේ කට්ටිය රෑට ඒ පාරෙ යන වාහන වලට තේ දෙන එකක්. ඒ පාරෙ කඩයක්වත් මුකුත් නෑ ලු.ඒ නිසා රියදුන්ට නින්ද ගිහින් අනතුරු වෙනවලු. ඒක නවත්තන්නලු ඒ වැඩේ කරන්නෙ. චික් මට පාරෙ නම මතක නෑ නෙ.

    ReplyDelete
  17. නිසුපා,

    මැදවච්චියෙ ඉඳං මන්නාරම් යන පාරෙ තිබ්බ පොළිසියක් ගැනනෙ ඔය විස්තරේ ලක්බිමේ දාල තිබ්බෙ.

    ReplyDelete
  18. මං හිතුවෙම ලඟට කතා කර කිව්වම පෝරියල් එකක් දෙන්න වෙන්න ඇති කියල.... එහෙම නෑනේ.? එකත් හොඳා....... :)

    ReplyDelete
  19. මම හිතුවා පැලෙන්න කාලා කියලා.. :)

    කුතුහලය එල.. ජය ශ්‍රී..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාලා යන්න. ඒක මට හයියක්....................